අපි කියු පරිද්දෙන් අගරදගුරුට චෝදනාවක් sriavtvnetwork

අගරදගුරුට චෝදනාවක්...!!

 මීට පෙර කතෝලික සභාවේ ගරු රදගුරුතුමන්ලාවත් ගරු පියතුමන්ලාවත් කිසවෙක් ප්‍රසිද්ධියේ දේශපාලනය නොකළ බව දක්වමින් ලංකාවේ කතෝලික සභාවේ නිල පුවත්පතේ වසර 5 සහය කතෘ වරයෙකු වූ ලකිත් ශ්‍යාමන් චෝදනා කරයි. ඒ සම්බන්ධව ඔහු සිදුකර ඇති විග්‍රහයක් අප වෙත ලැබී ඇති අතර අප එය සංස්කරණයකින් තොරව මෙසේ පළකරමු. "මැතිවරණයක් පැමිණියාමත් කිසිම පූජක පුතෙකුට තම තමන්ට රිසි පක්ෂයකට ඡන්දය භාවිතා කරන්න කතෝලික සභාව තුල අවසර තිබුණේ නෑ. මැතිවරණයක් පැමිණියාම රදගුරුතුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා ඒ ඒ රදගුරු වසම් තුල රැස්ව සාකච්චා කොට තීරණයකට එනවා මෙවර සියළු දෙනා මොන පැත්තකට ඡන්දය භාවිතා කල යුතුද යන වග. ඒ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් මිසක එතුමන්ලාට වාසි වෙන ආකාරයකට නොවේ. ඒ එන තීරණය අනුව තම ඡන්දය භාවිතා කරන්න රදගුරු තුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා වගකීමෙන් බැදී සිටිනවා සේම කිසිම ආකාරයෙන් එම තීරණය කිසිම අයෙකුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ ඒ තීරණය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව පෙල ගැස්වවීම සපුරා තහනම් වෙනවා. එහෙත් දැන්..... කාදිනල්තුමා..... ලෝගු ඇදගෙන ප්‍රසිද්ධියේ දේශපලනය කරනවා. කාදිනල්, ඔයා මහින්දගේ ගජයා බව ඇත්ත. ඔයා ඔයාට හිමි වරප්‍රසාද බාවිතා කරලා මහින්දගේ කළු සල්ලි එහා මෙහා ගෙනයපු බවත් ඇත්ත. එහෙත් ඔයාගේ මජිරි තක්කඩි දේශපාලනයට ලංකාවේ කතෝලික සභාව ඈදා ගන්නවත් ඒ තක්කඩි දේශපාලනය කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය මතට ගෙනෙන්නවත් ඔබට අයිතියක් නැති බව කරුණාකර සිහි තබා ගන්න. ඔබට එසේ කරන්නට බැරි නම් ලෝගුව ගලවා මහින්ද සරණ ගොස් ඕනා තකතීර දේශපාලනයක් ඔහුත් සමග කොර ගත්තා වුවද අපට කම් නැත. කරුණාකර කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය කෙලසන්න එපා. අනික ඔබ කොළඹ අගරදගුරු පදවියේ නායකයා මිස සමස්ත ලංකාවේම කතෝලික සභාවේ නායකවයා නොවන බව මතක් කරගෙන ඔබ සිටිනා සිහින අට්ටාලයෙන් බිමට බසින්න. ඔබට අයිති වපසරිය ඇත්තේ කොච්චිකඩේ තෝප්පුව පාලමත් බෙන්තර පාලමත් අතර කොටසේ පමණි. ඊට එහා කිසිම කතෝලිකයෙකුට ඔබගේ අණ බල නොපැවැත්වෙන බව තරයේ මතක තබා ගන්න. (කතෝලික පරිපාලනය ගැන නොදන්නා අය මේ ගැන තර්ක කල හැක. එහෙත් අගරදගුරු කාදිනල්ට අයත්ව ඇත්තේ කොලඹ පදවිය තුල නායකත්වය මිස ලංකාවේ සමස්ත කතෝලික සභාවේ නායකත්වය නොවේ. ඒ ඒ පදවි සදහා ඒ ඒ රදගුරු හිමිපාණන් සිටිනා අතර ඔවුන්ගේ බලතල හා කාදිනල් ගේ බලය පරිපාලනය තුල සමානය. ඇත්තේ පදවියේ තානාන්තරය තුල පාප්වහන්සේ තෝරන ඡන්දයක් කාදිනල් හිමිපාණන් කෙනෙකු හට පමණක් හිමිය යන වරප්‍රසාදය පමණි) එදා රතුපස්වල මිනිසුන් වතුර ඉල්ලා වෙඩිකද්දී, සරණ සොය පල්ලියට ගිය මොහොතේ මහින්දගේ ඝෝටාගේ මිනීමරු කුලී හේවායන් දේවස්ථානයට පැමිණ එහි සිටි කතෝලික ජනතාවට පමණක් නොව ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ වැඩසිටිනාවූ මණ්ඩපයට පවා වෙඩි තබන විට නෑරුනු ඔබේ කට, ධීවර කටයුතුවලට තෙල් ඉල්ලා වෙඩි කන විට සරණ සොය හලාවත ආසන දෙව් මැදුරට ගිය මොහොතේ මහින්දගේ කුලී හේවායන් පැමිණ ආසන දෙව් මැදුරු භූමියේ පවා වෙඩි තබන විට නෑසුනු ඔබේ කට, මහින්දට වාසි තකා මහින්ද වෙනුවෙන් වෙනත් එක පාලකයෙකු පමණක් ඉලක්ක කරමින් ඔහුට එරෙහිව පමණක් ඇරෙන විට හරි ගඳයි. එනිසා කතෝලික සභාවට අපහාස නොකර, සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවියන්ට අයිති දේ දෙවියන්ටත් ලබා දී, කරුණාකර ගෙදර යන්න. ලකිත් ශ්‍යාමන් (ලංකාවේ කතෝලික සභාවේ නිල පුවත්පතේ ප්‍රධාන අතිරේකයේ වසර 5ක් සහය සංස්කාරක)


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සිංහලයන් ලෙස සියලු දෙනා එක්විය යුතුයි - මැල්කම් රංජිත් හිමිපාණෝ ඇමති රංජන්ගේ පලු අරී sriavtvnetwork

සිංහලයන් ලෙස සියලු දෙනා එක්විය යුතුයි - මැල්කම් රංජිත් හිමිපාණෝ ඇමති රංජන්ගේ පලු අරී

සාෆි වෙනුවෙන් උසාවියේ යකා නටපු ජ්විපි නීතිවේදියා
විත්තිකාර වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති නඩුවක් බැවින් භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පිරිස් නඩු විභාගය අවසානයේ පිටතට ගොස් මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හරහා සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිතා මතා සිදුකරන එවැනි ප්‍රකාශ නිසා විශාල අගතියක් ඇති වන බැවින්, මෙම නඩුවේ පාර්ශ්වකරුවන් හැර අනෙකුත් පිරිස් අධිකරණ පරිශ්‍රෙයන් ඉවත් කර නඩු විභාගය සිදුකරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අගතිතයට පත්වූ මවක්වේ නම් නඩු විභාගයේදී පළවන අදහස් දැන ගැනීමට ඇයට අයිතියක් ඇති බැවින් සෙසු පාර්ශ්ව ඉවත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙහිදී යළිත් අධිකරනය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කියා සිටියේ අගතියට පත් පාර්ශ්වය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කවුරුන්ද යන්න දැනගැනීමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවයි.

එහිදී විත්තිකාර පාර්ශ්වය සහ අගතියට පත් පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අනවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි.

මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ ගෞරවනීයව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණයට සහාය වන ලෙසයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බදුර්දින් ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරු 07 දෙනෙක් හෙට ඇමතිධුරවල දිවුරුම් දෙයි sriavtvnetwork

බදුර්දින් ඇතුළු මුස්ලිම් මන්ත්‍රිවරු 07 දෙනෙක් හෙට ඇමතිධුරවල දිවුරුම් දෙයි 


අමාත්‍යධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු හෙට (26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දිමට නියමිත බව රජයේ ආරංච් මාර්ග සදහන් කර සිටිනවා.
රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් අමාත්‍යවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසත් අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මන්ත්‍රිවරුන් ඔවුන් කලින්ම දැරූ අමාත්‍යධුරයන්හි යළි දිවුරුම් දෙනු ඇති බව සදහන්.
මෙම මන්ත්‍රිවරුන්ට අමාත්‍ය පදවි ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල අදාල නිර්දේශයන් මිට දින කිහිපයකට ඉහතදි ජනාධිපතිවරයාට යවා තිබෙනවා.
කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා පසුගිය ජුනි මස 19 වෙනිදා ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දෙනු ලැබුවා.
අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු  ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණවලට සහය පළ කිරීම සදහා ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් ඇමැතිවරු 09 දෙනෙක් ඉකුත් ජූනි මස 03 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වුවා.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගෝටාභය ඇමරිකා පුරවැසිකම අතහැරීම 100%කින් සනාථයි.. ඔහුගේ නම පුරවැසිකම අත්හල අලුත්ම ලයිස්තුවේ.. හිරේ දැම්මත් අපේක්‍ෂකයා ගෝටා sriavtvnetwork

ගෝටාභය ඇමරිකා පුරවැසිකම අතහැරීම 100%කින් සනාථයි.. ඔහුගේ නම පුරවැසිකම අත්හල අලුත්ම ලයිස්තුවේ.. හිරේ දැම්මත් අපේක්‍ෂකයා ගෝටා




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර ඇති බව 100% වගකීමෙන් තහවුරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තමන් ඊට අදාළ ලේඛන දෑසින් දුටු බවද ඒ මහතා කියා සිටියේය.
ඇමරිකානු පුරවැසිභාවය අත්හරින පුද්ගලයන් සදහන් ‘ෆෙඩරල් රෙජිස්ටර්’ හි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුලත්ව නැති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් පළකළේය.
ඔහු කියා සිටියේ මේ වන විට එළිදක්වා ඇත්තේ මාර්තු 31 දක්වා වූ පළමු කාර්තුවේදී පුරවැසිකම අත්හල ලේඛනය බවයි.
රාජපක්ෂ මහතා සිය පුරවැසිකම අතර ලද්දේ මැයි මාසයේදී බවත් ඔහුගේ නම ඇතුළත් වන්නේ ජූනි මාසයෙන් අවසන් වන කාර්තුවට අදාල ලයිස්තුවේ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ අනුව මීලග ලයිස්තුවේ ස්ථිර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් පවතින බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අධිකරණය හමුවේ පවරා ඇති කිසිදු නඩුවක් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නැතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කෙළේය.
යම් ලෙසකින් රාජපක්ෂ මහතාට සිර දඬුවම් නියම කළ ලංකාවේ ජනාධිපතිවරණ පනත සහ ආන්ඩුකම ව්‍යවස්තාව අනුව සිරදඬුවම වීම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොවන බවද ඔහු පැවසීය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්.. එක් කන්ටේනරයකට ලංකාවේ ව්‍යාපාරිකට ඩොලර් 1500ක් ගෙවයි sriavtvnetwork

ප‍්‍රංශයෙනුත් කසල කන්ටේනර් 150ක්.. එක් කන්ටේනරයකට ලංකාවේ ව්‍යාපාරිකට ඩොලර් 1500ක් ගෙවයි



පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කල නිවේදනයක් මෙහි දැක්වෙයි.
ප්‍රංශයේ මුලස්ථානය පිහිටි DAT-Arbantis සමාගමත් ලංකාවට කසළ එවූ බවට සාක්ෂි ඇති නිසා ඒ පිළිබදව වහා පරීක්ෂණයක් කලයුතුයි!
ප්‍රංශයේ මූලස්ථානය පිහිටුවා ඇති  DAT-Arbantis සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා වන  Chris O’Donnell  2018 නොවැම්බර් මස 21 වන දින මෙරට ව්‍යාපාරිකයෙකුට එවන ලද විද්‍යුත් පනිවිඩයක සදහන්වන්නේ මෙරටට යකඩ මෙට්ට සහිත කන්ටේනර් එන බවයි.
ඊට පෙර එම ව්‍යපාරිකයා සමග විද්‍යුත් පනිවිඩ හුවමාරැවෙදී සදහන් කරන්නේ ඩොලර් 1400 ක් එක් කන්ටේනරයක් සදහා සිය සමාගමට ගෙවිය හැකි බවයි. එහෙත් මෙරට ව්‍යාපාරිකයා පවසන්නේ මෙරටට කසල ගෙන ඒම නීතිවිරෝධී බවයි. වෙනත් යෝජනාවක් තමන්ට කළ හැකි බව පවසන දේශීය ව්‍යාපාරිකයා ඒ සදහා එක් මෙට්ටයක් සදහා ඩොලර් 45 ක මුදලක් අවශ්‍ය බව කියයි.
පසුව ප්‍රංශ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා පවසන්නේ එම මුදල වැඩි බැවින් ලංකාවේ වෙනත් සමාගමකට අදාල කසල ලබා දීමට කටයුතු කරන බවයි.
මෙම විද්‍යුත්පනිවිඩ දෙස බැලීමේදී පෙනීයන්නේ මෙරටට ප්‍රංශයෙන් කසල කන්ටේනර් 150 ක් පැමිණ ඇති බවයි.
මේ පිළිබදව අප විසින් පොලිස් මූළස්ථානයට පැමිණිලි කිරීමට බලා පොරොත්තු වන අතර එම කසළ කන්ටේනර් මෙරටට ගෙන ආවේ කුමන සමාගද? යන්න සොයාගත යුතුව ඇත.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වෛද්‍ය ෆාෂි ඇප මත නිදහස් කෙරේ.. කුරුණෑගල අධිකරණයට දැඩි ආරක්‍ෂාව.. කැරලි මර්ධනය කැදවයි. Sriavtvnetwork

වෛද්‍ය ෆාෂි ඇප මත නිදහස් කෙරේ.. කුරුණෑගල අධිකරණයට දැඩි ආරක්‍ෂාව.. කැරලි මර්ධනය කැදවයි..


මීට සුළු මෙනාහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.
අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා එල්ලවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තෙවැනි දිනටත් කැඳවීය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෂාෆි වෛද්‍යවරයා ද නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේදීයි.
අද පස්වරු 1.30 ට පමණ නඩු විභාගය ආරම්භ වූ අතර විත්තිකාර වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති නඩුවක් බැවින් භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පිරිස් නඩු විභාගය අවසානයේ පිටතට ගොස් මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හරහා සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිතා මතා සිදුකරන එවැනි ප්‍රකාශ නිසා විශාල අගතියක් ඇති වන බැවින්, මෙම නඩුවේ පාර්ශ්වකරුවන් හැර අනෙකුත් පිරිස් අධිකරණ පරිශ්‍රෙයන් ඉවත් කර නඩු විභාගය සිදුකරන ලෙසයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අගතිතයට පත්වූ මවක්වේ නම් නඩු විභාගයේදී පළවන අදහස් දැන ගැනීමට ඇයට අයිතියක් ඇති බැවින් සෙසු පාර්ශ්ව ඉවත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
මෙහිදී යළිත් අධිකරනය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කියා සිටියේ අගතියට පත් පාර්ශ්වය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කවුරුන්ද යන්න දැනගැනීමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවයි.
එහිදී විත්තිකාර පාර්ශ්වය සහ අගතියට පත් පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.
ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අනවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි.
මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ ගෞරවනීයව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණයට සහාය වන ලෙසයි.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුනු දක්වමින් වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සී අයි ඩී යට ලැබුණු පැමිණිලි 615 අතරින් වඳභාවය සම්බන්ධයෙන් සැකයක් සහිත පැමිණිලි සංඛ්‍යාව 147ක් පමණක් වන බවත්, සෙසු පැමිණිලි සිසේරියන් සැත්කමින් පසුව නැවත දරු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොඉක්මවූ මව්වරු විසින් සිදුකළ ඒවා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සැකයට තුඩුදෙන පැමිණිලි 147ක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ දරුණු තුවාල සිදුකිරීමේ වරද යටතට ගැනෙන බවද, ඔහු සඳහන් කළේය.
වෛද්‍ය ෂාෆි අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක 03 අංශයට යොමු කර ඇති බවද වන්ද්‍යකරණය සම්බන්ධයෙන් වෙනම පරික්ෂණ සිදුකරගෙන යන බවද සඳහන් කළ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තහවුරු කිරීමට කරුණු නොමැති බවයි.
එමෙන්ම වන්ද්‍යකරණය සිදුකර ඇත්තේද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා සිදුකිරීමට නියමිතව තිබූ එස් එච් ජී පරික්ෂණ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ශන කටයුතු ඇනහිට තිබෙන බවද නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ කාසල් සහ ද සොයිසා රෝහල්වල ඉකුත් වසර 05ක කාලය තුළ එස් එච් ජී පරික්ෂණවලට ලක්වූ මව්වරුන්ට සංකූලතා ඇති වී තිබේද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට එම රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලෙසයි.
එමෙන්ම ඉකුත් ජුනි මස 27 වන දින පැවති නඩු විභාගයෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයට කළ ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝපටවල පිටපත් සී අයි ඩී යට ලබාදෙන ලෙස දෙරණ හා හිරු මාධ්‍ය ආයතන වෙත නියෝගයක් කරන ලෙසද අධිකරණයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම් දෙකටම අධිකරණය අවසර ලබා දුන්නේය.
විත්තිකරු රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මේ වනවිට විත්තිකාර වෛද්‍ය ෂාෆි දැඩි තුවාල සිදුකිරීමේ වරද යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වන වගන්තිය ප්‍රකාරව රඳවාගෙන සිටින අතර එය ඇප ලබාදිය හැකි වරදක් බැවින් විත්තිකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.
විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති හෙයින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳව කිසිදු වාර්තාවක් සී අයි ඩී ය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
එමෙන්ම වෛද්‍ය ෂාෆි ඇප මත මුදාහැරියහොත් මව්වරුන්ට විවිධ බලපෑම් එල්ල කර මුදල් ලබාදී විමර්ශන කටයුතු අඩපණ කිරීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට තමන් විරුද්ධ බවද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන් සඳහන් කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් යළිත් වරක් නීතිපතිවරයාගේ මතය විමසා සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ විමර්ශනවල කරුණුවලට අනුව ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.
ඒ අනුව විත්තිකරුට ඇප ලබා ලබා දී ඇත.
– adaderana

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංකාව වසර 7කින් ආපස්සට  sriavtvnetwork news

ලංකාව වසර 7කින් ආපස්සට ?

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඊයේ (15) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 5,199.98 ක් දක්වා පහලට වැටිණි. මෙය 2012 අගෝස්තු 30 දිනෙන් පසු, සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ අවම අගය ලෙසින් වාර්තා වෙයි.

මේ අතර ඊයේ දිනය තුළ දී පමණක් ඒකක 23.71 කින් සියලු කොටස් මිල දර්කය පහල ගිය අතර එය අඛණ්ඩව මිල දර්ශක පහළ ගිය 10 වෙනි දිනය ලෙසින් සටහන් වෙයි.

දිනය තුළ ගනුදෙනුවලින් වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 388.62 කි. 2019 වසරේ මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 555.9 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 වසරේ දී රුපියල් මිලියන 834 ක් ලෙසින් වාර්තා විය.



ලංකාවේ අයි එස් ත්‍රස්‍ත මධ්‍යස්ථානයක් වටලයි.

ලංකාවේ අයි එස් ත්‍රස්‍ත මධ්‍යස්ථානයක් වටලයි...


 දැවැන්න මරාගෙන මැරෙනඋ උපකරන නිශ්පාදනාගරයක් හමුවේ.පිපිරීම් තුනක් දැනට වාර්තා වේ. විශේෂ කාර්‍ය බලකාය සුපිරි ආක්‍රමණයක.. උපුටනය.. කල්මුණේ, සායින්ද මර්දූ, ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.. යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම සඳහා යෙදී සිටි බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි 'රුවන් ගුණසේකර' මහතා පවසයි.. විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මරාගෙන මැරෙන බෝම්බ කට්ටල #නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී, මෙම ගැටුම සිදුවූ බවයි..මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සකසන්නට ඇති බවට සාධක ද හමුව ඇත.. සයින්දමාරු ප්‍රදේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා වේ.. එම ප්‍රදේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කරන්නට පෙර, මෙය සිදු කරගෙන ඇත.. ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවේ.. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අම්පාර පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව සිදුකරන ලද මෙම මෙහෙයුමේදී, සමන්තුරය ප්‍රදේශයේදී නිවසක් තුළ තිබී සැකකටයුතු දේපල රැසක් සොයා ගෙන ඇති බව, පොලිසිය දැනුම් දෙන ලදී.. පසුගිය දින සිදුවූ බෝම්බ ප්‍රහාරවල මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැකකරන පිරිසක් නිකුත් කළ බවට සැකකරන වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන එම පුද්ගලයන් ඇඳ සිටින ඇඳුම් වලට සමාන ඇඳුම් කට්ටලයකුත්, එමෙන්ම එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරය බවට සැකකරන තිරයකුත්, ජෙලයිට් කූරු 150කට අධික ප්‍රමාණයකුත්, කුඩා යකඩ බෝල ලක්ෂයක් පමණ ප්‍රමාණයක්, සැකකටයුතු වෑන් රථයක්, ඩෝන කැමරාවක්, ලැප්ටොප් පරිඝණක 01ක් ඇතුළු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය දන්වයි...

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී… sriavtvnetwork

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…


මඩකලපුව ශාරියා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබී පිපිරීම් සඳහා යොදා ගන්නා කූරු 200ක් සහ වයර් තොගයක් සොයා ගෙන තිබේ.
ඊයේ යුධ හමුදාව විසින් එම පරිශ්‍රයේ සිදු කරන ලද සෝදිසි කිරීමේදී එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී විශ්ව විද්‍යාලයේ සිටි පුද්ගලයන් පවසා ඇත්තේ එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා එම ද්‍රව්‍ය යොදාගන්නා බවයි.
කෙසේවෙතත් එම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුදා භාරයට ගෙන තිබේ.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැන සිටි ඇමති හරීන් හා තාත්තා අත්අඩංගුවට ගන්නැයි දන්නයි sriavtvnetwork news

පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැන සිටි ඇමති හරීන් හා තාත්තා අත්අඩංගුවට ගන්නැයි දන්නයි..


21 දින එල්ල වූ ප්‍රහාරයන් පිලිබද තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පැමිණිලි කර තිබේ.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (24) පැමිණිල්ල ගොනු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද එක්

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා මරා දමා 25 වසරක් ගතවීම නිමිත්තෙනි sriavtvnetwork news

මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා මරා දමා 25 වසරක් ගතවීම නිමිත්තෙනි


මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා මරා දමා 25 වසරක් ගතවීම නිමිත්තෙනි

ඒ, අනූව දශකයේ අගභාගයයි. හැම විටම පෙබරවාරිය උදා වූයේ රිචඞ් ද සොයිසා ගැන මතකයන් අවදිකරමිනි. ඔහුගේ මාධ්‍ය භාවිතයන් විමර්ශනය කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කියවමින්, ඔහු ගැන සමරු සම්මන්ත‍්‍රණ, වැඩසටහන් පැවැත්වීම සඳහා මිතුරන් සමඟ වෙහෙසෙමින් ගෙවූ ඒ කාලය වේගයෙන් ඉපැරණිව ගොස්ය. යළිත් පෙබරවාරියක් පැමිණ තිබේ. ශ‍්‍රියන්ත වල්පොල විසින් ගන්නා ලද, කාලයක් තිස්සේ පොත් රාක්කය මත වන, රිචඞ් ද සොයිසාගේ ප‍්‍රසිද්ධම සේයාරුව දෙස හැරී බලමි. දෑත් නිකටට තබාගත් රිචඞ්, වම්පස බලා හිඳින ආකාරය සටහන් වූ ඒ සේයාරුව ඔහුගේ ජීවිතය පිළිබඳ බොහෝ දෑ නිහඩව දරා හිඳිනු වැනිය.

මීට වසර 25 කට පෙර, එනම් 1990 පෙබරවාරි 18 වැනි දා අලූයම පොලිස් කණ්ඩායමක් විසින් රිචඞ් ද සොයිසා පැහැරගෙන යනු ලැබිණි. ඉන් පැය කිහිපයකට පසු මොරටුව, කොරලවැල්ල මුහුදු වෙරළේ දී රිචඞ් හමුවිණි. එහෙත් ඒ, වධ දී හිසට හා ගෙලට වෙඩි තබා ඝාතනය කරන ලද රිචඞ්ගේ මළ සිරුරය.

1990 පෙබරවාරි 20 වැනි දින පෙරවරුවේ කළුබෝවිල රෝහලේ දී එක් මවක් තම පුතුගේ මරණ පරීක්ෂණයේ දී මෙසේ කියා සිටියාය.

”17 වැනි සෙනසුරාදා රාතී‍්‍ර 10.00ට පමණ මා නින්දට ගියා. ඉරිදාට එළිවීමට පෙර අලූයම 3.00ට පමණ නිවසේ සීනුව නාද කරනු ලැබුවා. මා ඒ අවස්ථාවේ නැ`ගිට නිවසේ කවුළුවෙන් බලන විට අවිගත්, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් කෙනෙකුත් කළු ටී ෂර්ට් එකක් හා දිග කලිසමක් ඇඳගත් කෙනෙකුත් සිටිනු දුටුවා. ඒ සමඟ තවත් හතර දෙනෙකුත් සිටි අතර ඔවුන් සියලූ දෙනාම ආයුධ අතැතිව සිටියා. මා ඒ අවස්ථාවේ සිටියේ නිවස තුළයි. පිටස්තර කවුරුවත් නිවස තුළ සිටිනවාදැයි අසා නිවස පරීක්ෂා කරන්න ඕනෑ යැයි ඔවුන් කීවා. මා එවිට ඔවුන්ගෙන්

හැඳුනුම්පත් ඉල්ලා සිටියා. ඒවා දෙන්න වුවමනාවක් නැහැයි ඔවුන් කීවා. හැඳුනුම්පත් නැතිනම් ඔවුන්ට ගෙට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බව මා කියා සිටියා. මා එසේ කී විට ඔවුන් වෙඩි තැබීම සඳහා ගිනි අවියක් සකස් කළා. ඉන් ඇතිවූ බිය නිසා මට දොර අරින්න සිදුවුණා. එයින් කිහිප දෙනකු මගේ කාමරයට ගොස් සෝදිසි කළ අතර, අනෙක් අය පුතාගේ කාමරයට ගොස් ඔහු පිටතට රැුගෙන ආවා. පුතාට පහළට එන්නැයි ඔවුන් කීවා. පුතා ඔවුන්ට කිවුවා ‘පහළට යන්න ඕනේ නැහැ, මෙතැනදී ප‍්‍රශ්න කරන්න කියලා. එවිට ඔවුන් මගේ පුතාව පහළට ඇදගෙන ගියා. එසේ ගෙන ගොස් ජීප් රථයකට නංවා ගත්තා. පැමිණි අයගෙන් දෙදෙනකු මට හඳුනාගන්නට පුළුවන්. පුතා රැුගෙන ගිය කොළපාට ජීප් රථයේ අංකය 32 ශ‍්‍රී 4748 වශයෙන් සඳහන් වුණා. මා වහාම වැලිකඩ පොලිසියට ගොස් සිද්ධිය ගැන පැමිණිලි කළා. සඳුදා රාත‍්‍රී 8.00ට පමණ පොලිසියෙන් පැමිණ මගේ පුතාට සමාන මළ සිරුරක් කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තිබෙන නිසා එය හඳුනාගැනීමට ඉදිරිපත්වන ලෙස මට දැන්වූවා. ඒ අනුව මා රෝහලට පැමිණ එම මළ සිරුර මගේ පුතාගේ බව හඳුනාගත්තා. මෙම මරණයට කවර කරුණක් හේතුවුණාද කියා කියන්න මම දන්නේ නැහැ. පුතා පුවත්පත් කලාවේදියකු හා රූපවාහිනී නිවේදකයකු හැටියට කටයුතු කළා. එපමණයි…”

රිචඩ්ගේ මව වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මහත්මිය

ඒ අම්මා මනෝරාණී සරවනමුත්තුය. ඒ රිචඞ්ගේ අම්මාය.

ඉනික්බිති අපේ රටේ සිය දහස් ගණනක් මව්වරුනට රිචඞ් සිය පුතා බඳු විය. තමන් වෙතින් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු තම පුතා බඳු විය.

රිචඞ් ද සොයිසා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පාසල් අවධියෙහි ඔහු සුවිශේෂී දක්ෂතා රැසක් සහිත ශිෂ්‍යයකු වූයේය. ඒ අවධියේ ඔහුගේ කැපී පෙනෙන දක්ෂතා එළිදුටුවේ කථික, කාව්‍ය නිර්මාණ හා ර`ගපෑම යන අංශ තුනෙනි. එවක විද්‍යාලය මඟින් ඉංගී‍්‍රසි සාහිත්‍යය සඳහා පිරිනැමුණු විදුහල්පති සාහිත්‍ය ත්‍යාගය, පීරිස් සිරිවර්ධන රන් පදක්කම හා ආර්න්ඞ් ත්‍යාගය යන ත්‍යාග තුනම දිනාගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා වූයේ රිචඞ්ය. එමෙන්ම, ඔහු විද්‍යාලයීය සාහිත්‍ය ස`ගරාවේ සම සංස්කාරකවරයා ද වූයේය. එසේම, අන්තර් පාඨශාලයීය ෂේක්ස්පියර් නාට්‍ය තරගාවලියේ හොඳම නළුවාට හිමි සම්මානය දෙවරක්ම (1973 හා 1975 වර්ෂවල දී) දිනාගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා වූයේ ද රිචඞ්ය. විද්‍යාලයීය විවාද කණ්ඩායමෙහි නායකයා වූ ඔහු, විද්‍යාලයේ ක‍්‍රියාත්මක කෙරුණු ආදර්ශ පාර්ලිමේන්තුවෙහි නිදහස් සමාජවාදී පක්ෂයේ නායකයා වශයෙන් ද කතානායකවරයා වශයෙන් ද ඇමැතිවරයකු වශයෙන් ද කටයුතු කළේය. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන මධ්‍යම පාන්තික සිසුනට බොහෝවිට නොපිහිටන, ලාංකේය සමාජය පිළිබඳ වෙනස් මානයක දැක්මක් ඔහු තුළ එවක පටන්ම වැඩෙමින් තිබිණ.

ඉන්පසු ඔහු බි‍්‍රතාන්‍ය මණ්ඩලය සමඟ නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය ගණනාවකින් ද ‘යුගාන්තය’ හා ‘සත්‍යග‍්‍රහණය’ යන සිනමා නිර්මාණවලින් ද ‘යශෝරාවය’ ටෙලි නාට්‍යයෙන් ද සිය රංගන කුසලතා විදහා දැක්වීය. එමෙන්ම, ඉංග‍්‍රීසි පුවත්පත් කලාවේදියකු ලෙසත් රූපවාහිනී නිවේදකයකු ලෙසත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිය භූමිකාව අනන්‍යතාවක් සහිතව ගොඩන`ගා ගැනීමට ඔහු සමත් විය. රිචඞ් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ ජාතික තලය ඉක්මවා ජාත්‍යන්තර තලයට ද ප‍්‍රවිෂ්ට විය. රෝමය මූලස්ථානය කරගනිමින් ස්ථාපිත, ‘ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ’ ශ‍්‍රී ලංකාවේ හා ආසියානු කලාපයේ නියෝජිතයා වශයෙන් සේවය කළේ රිචඞ්ය. ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ රෝමයේ ඉංග‍්‍රීසි සේවා සංස්කාරක හා රිචඞ්ගේ මුල්ම වෘත්තීය පුහුණුකරු වූ ෆිල් හැරිස් රිචඞ්ගේ මරණයෙන් පසු මෙසේ පවසා තිබිණි.

”ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ වැඩකරන කිසිවෙකුත් ලෝකයේ ලොකු වැටුප් ලබන්නේ නැහැ. රිචඞ් මේ ප‍්‍රවෘත්ති සේවයට බැඳුනේ මේ ආයතනය තුන්වැනි ලෝකයේ ඕනෑ එපාකම් ගැන කටයුතු කරන බව ඔහු විශ්වාස කළ නිසයි.”

සැබැවින්ම රිචඞ්ට සිය ජනමාධ්‍ය වෘත්තිය වෙනස් හා පුළුල් ක්ෂේත‍්‍රයක දියත් කරන්නට සමාජ දේශපාලන පසුබිමක් ඒ වනවිට ශ‍්‍රී ලංකාවෙහි නිර්මාණය වී තිබිණි. එ.ජා.ප. ආණ්ඩුව විසින් මුදා හැරුණු රාජ්‍ය ත‍්‍රස්තවාදය මෙරට සමාජය බිහිසුණු තත්වයකට ඇද දමා තිබිණ. අත්අඩංගුවට ගැනීම්, අතුරුදන්වීම්, ඝාතන දස දහස් ගණනින් සිදුකෙරෙමින් පැවතිණි. රිචඞ් සිය සම්බන්ධතා සූක්ෂ්ම ලෙස යොදාගනිමින් ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියකු ලෙස එවක ආණ්ඩුවේ අත්තනෝමතික ක‍්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කරමින් සිටියේය. විශේෂයෙන්ම, මෙරට තුළ සිදුවෙමින් පැවැති මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ඔහු තොරතුරු වාර්තා කළේය. ඔහු ‘ඉන්ටර්ප්‍රෙස්’ ප‍්‍රවෘත්ති සේවය වෙත 1990 පෙබරවාරි 15 වැනිදා සැපයූ වාර්තාවෙහි, පරීක්ෂණයක් නොපවත්වා මළ සිරුරු බැහැර කිරීමට අවසර දෙන 55 වැනි හදිසි අවස්ථා රෙගුලාසිය ආණ්ඩුව විසින් ඉවත්කරනු ලැබීම සම්බන්ධව ලියමින් මෙසේ සඳහන් කළේය. මෙය රිචඞ් සැපයූ අවසන් වාර්තාවයි.

”… එහෙත් ජනවාරි 10 වැනි දින පනවන රෙගුලාසි තවමත් බල පවත්වයි. ගැටුම්වලින් පීඩාවට පත් රටේ, නැවත සාමාන්‍ය තත්වය උදා කරන බවට දෙන ලද පොරොන්දුව පරිදි ආණ්ඩුව කි‍්‍රයා නොකරන්නේය යන චෝදනා ඉන් ඉස්මතු වෙයි.

වැඩකරන ස්ථානවල හෝ අධ්‍යාපන ආයතනවල හෝ යථා කි‍්‍රයාකාරීත්වය කෙරෙහි හානිකර අන්දමින් බලපැවැත්වීමට ඉඩ ඇති දේශපාලන හෝ වෙනත් සියලූ කි‍්‍රයාකාරකම් හෝ 1990 අංක 01 දරන (හානිකර දේශපාලන කටයුතු වැළැක්වීමේ) හදිසි අවස්ථා රෙගුලාසියෙන් තහනම් වෙයි. එසේම ඉන් මෙම ස්ථානවල සියලූ අන්දමේ රැුස්වීම්, ඒකරාශීවීම් පෙළපාළි, පෙරහැර හෝ පෝස්ටර් ප‍්‍රදර්ශනය ද තහනම් වෙයි.

දේශපාලන හෝ වෙනත් සියලූ කි‍්‍රයාකාරකම් යන්නෙහි ‘වෙනත්’ යන පදයට සාමාන්‍ය වෘත්තීය සමිති කටයුතු ද ඇතුළත් වෙතැයි, සමිති ක‍්‍රියාකාරීහු චෝදනා කරති. මෙම නීතිය සම්මත කිරීමේ දී ආණ්ඩුවට සහයෝගය දක්වන අතළොස්සක් හැර, අන් සෑම වෘත්තීය සමිතියක්ම වාගේ විරෝධය පළ කළේය.”

(උපුටා ගැනීම- ‘රිචඞ් ද සොයිසා: ඝාතනය, පරීක්ෂණය හා නිගමනය’- බැටී වීරකෝන්)

ඒ වන විට රිචඞ් ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ යුරෝපීය සේවාවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ තිබූ අතර, නොබෝ දිනකින් එම තනතුරෙහි වැඩ භාරගැනීම සඳහා ඔහු ලිස්බන් නගරය වෙත යාමට නියමිතව තිබිණ. ඔහු එසේ ගියහොත්, තම රජයට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තත්වය පිළිබඳව පේ‍්‍රමදාස ජනාධිපතිවරයාටත් ඔහුගේ සමීපතමයන්ටත් වැටහී තිබුණා නිසැකය. රිචඞ්ගේ මාධ්‍ය භාවිතය තමන්ට හීලෑ කරගත හැකි එකක් නො වූයෙන්, රිචඞ් ඝාතනය කිරීමෙන් මෙපිට ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් ගැලවීමේ ම`ගක් තමන්ට නොමැති බව පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇතුළු පිරිස වටහා ගන්නට ඇත. ඔවුහු ඉස්සර වූහ. රිචඞ් ඝාතනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවුණු අතර, එහි ප‍්‍රධානියා වූයේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහය. මෙම කාර්යය සඳහා ඔහු විසින් තෝරාගනු ලැබූ කණ්ඩායමට කොටුව පොලිසියේ ස්ථානභාර නිලධාරී පොලිස් පරීක්ෂක රංචාගොඩ, කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පොලිස් පරීක්ෂක දේවසුරේන්ද්‍ර සහ සරත්චන්ද්‍ර යන පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අයත් වූහ.

රිචඞ්ගේ මව මනෝරාණී සරවනමුත්තු මහත්මිය, 1990 ජූනි මස 05 වැනි දින පොලිසියට ප‍්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කළාය.

”මා පළමුවෙන් ඔහු දුටුවේ 1990 මැයි 10 වැනි දින රූපවාහිනී ප‍්‍රවෘත්තිවලින්. ඉන්පසු අයි.ටී.එන් ප‍්‍රවෘත්තිවල දීද ඔහු දුටවෙමි. සුදු පාට ටී ෂර්ට් එකක් හා සුදුපාට කොට කලිසමක් හැඳ සුදු පාට කැප් එකක් ද දමාගෙන එම අවස්ථාවේ මගේ නිවසට පැමිණි පුද්ගලයා ඔහු බවට මට සැකයක් නැත. රූපවාහිනියේ දැක මවිසින් හඳුනාගනු ලැබූ එම පුද්ගලයා රොනී ගුණසිංහ මහතාය. ඔවුන් මගේ පුත‍්‍රයා ගෙනයාමට උත්සාහ කරද්දී, එක් අවස්ථාවක මම මගේ පුතාත් ඔහුත් අතර සිට ගත්තෙමි. එවිට ගුණසිංහ මහතාත් මාත් සිටියේ මුහුණට මුහුණ ලා ගෙනය. ඔහු අත හරස් කොට මගේ පිටුපසින් සිටි පුතා මෑතට ඇද ගත්තේය. මට ඔහු හොඳින් හඳුනා ගැනීමට පුළුවන. රූපවාහිනියෙන් ඔහු දුටු හැටියේම, මගේ නිවසට පැමිණ මගේ පුතා රැගෙන ගිය පුද්ගලයා ඔහු බව මම හඳුනාගත්තෙමි. ඔහු තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ සිටින ඡායාරූපයක් ද පුවත්පතක මම දුටුවෙමි.”

රිචඞ් ඝාතනය කරනු ලැබීම ජාතික හා අන්තර්ජාතික වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඔහු ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය හා සම්බන්ධව සිටීම ඊට විශේෂයෙන්ම බලපෑවේය. රිචඞ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීම සම්බන්ධව 1990 අපේ‍්‍රල් 23 වැනිදා ‘TIME’ සගරාවේ ලිපියක් පළවිය. වහාම කි‍්‍රයාත්මක වූ මෙරට රජය ශී‍්‍ර ලංකාව තුළ ‘TIME’ සගරාව අලෙවි කිරීම තහනම් කළේය. එම ‘TIME’ සඟරාවේ පළවූ ලිපියෙහි මෙසේ සඳහන් වේ.

”ආණ්ඩුවේ ඝාතක කල්ලිවල කටයුතු විදහාපාන ප‍්‍රවෘත්ති ලිවීම මෙන්ම විදේශවල මානව හිමිකම් සංවිධාන සඳහා තොරතුරු රැුස්කිරීම ද කළ, ද සොයිසා බලවත් තර්ජනයක් ලෙස සැලකිණි. තවත් දින කිහිපයකින් ඔහු අලූත් තනතුරක වැඩ භාරගැනීම සඳහා ලිස්බන් බලා පිටත්ව යාමට සිටි බවත් ඔහු මරා දමනු ලැබුවේ ඊට පෙර විය හැකි බවත් ඔහුගේ මිතුරෙක් අනුමාන කරයි. එසේ ගියේ නම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වඩාත් හොඳින් ලෝක අවධානයට යොමු කිරීමට ඔහුට හැකි වනවා ඇත.

… ද සොයිසා තවත් ආකාරයකින් අනතුරුදායක තත්වයක සිටියේය. පේ‍්‍රමදාසගේ පෞද්ගලික කෝපයට හේතුවන අන්දමේ වැඩපිළිවෙළකට ඔහු සම්බන්ධ විය. ඔහු කළේ වාර්තා කිරීම හා ලිවීම පමණක් නොවේ. ‘මේ කවුද? මොනවද කරන්නේ? නමැති වේදිකා නාට්‍යයේ රචකයා ද ඔහු විය. එය පේ‍්‍රමදාසගේ පාලන කලාව හා සම්බන්ධව ගෙතුණු දේශපාලන උපහාසාත්මක නාට්‍යයකි. පෙබරවාරියේ දී නාට්‍යය මුලින්ම පෙන්වීමට බලාපොරොත්තු වූ දිනට පෙරදින එහි නිෂ්පාදකයා පැහැරගෙන යන ලදී. ඔහු, ද සොයිසාගේ මිතුරකු විය. ඔහු මියයන්නට ඇතැයි සිතනු ලැබේ. සති තුනකට පසු ද සොයිසා ඝාතනය කෙරිණි.”

මෙම ඝාතනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත‍්‍රීවරුන් කතා කරන විට, ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු රිචඞ් සමලිංගිකයකු, කුඩුකාරයකු යැයි ඔහුට පරිභව කරමින් ඝෝෂා කළහ. ඔහු ඝාතනය කිරීමෙන් නොනැවතී ඔහුට නින්දිත ලෙස අපහාස කරන්නට ද එජාප ආණ්ඩුව කටයුතු කළේ ය. රිචඞ් ද සොයිසා ඝාතනය කරනු ලැබීම සම්බන්ධව කොමිසමක් පත් කළ යුතු බවට විපක්ෂය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ එවක ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න හා ශී‍්‍ර ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා අතර සංවාදයක් ඇති විය. එය 1990 මාර්තු 20 වැනි දින හැන්සාඞ් වාර්තාවෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

”සිල්වා මහතා : මගේ ප‍්‍රශ්නය මේ පිළිබඳව කොමිසමක් පත් කරනු ලැබේද යන්නයි.

විජේරත්න මහතා : සෑම මිනී මැරුමකටම කොමිසමක් පත් කරන්න බැහැ.

සිල්වා මහතා : නමුත් මා අසා සිටියේ මේ මරණය ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරනවද කියන එකයි.

විජේරත්න මහතා : එම කාරණය ගැන වෙහෙසවීම වැඩක් නැහැ. මේ රටේ බොහෝ මරණ සිදුවී තිබෙනවා. ඒ ඔක්කොම විශේෂ ලෙස සිදුවූ මරණ. එකක් අහුලාගෙන, මට මේකට කොමිසමක් ඕනෑ කියන්න ඔබට බැහැ. රිචඞ් ද සොයිසාගේ මිනී මැරුමත් එයින් එකක් විතරයි…”

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධව සොයාබැලීමට කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ඒකාබද්ධ යෝජනාවක් 1990 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්වීම වැළැක්වීමට ආණ්ඩු පක්ෂය දැඩි උත්සාහයක් ගත්තේය. අවසානයේ එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වූ නමුත් ඒ කිසිදු කි‍්‍රයා මාර්ගයකින් යුක්තිය ඉටු නොවීය. වැරදිකරුවන් හඳුනාගැනීමට හෝ ඔවුන්ට දඩුවම් පැමිණවීමට හෝ අවශ්‍ය පසුබිමක් පවා නිර්මාණය නොවීය.

රිචඞ් ඝාතනය කිරීමට සම්බන්ධ පොලිස් කණ්ඩායමේ ප‍්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ, 1993 මැයි 01 දා ආමර් වීදියේ දී පිපිරූ බෝම්බයෙන් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාත් සමඟම මරණයට පත්විය.

රිචඞ් ද සොයිසාගේ මරණය සම්බන්ධව සොයා බැලීම පිණිස විපක්ෂය විසින් ඉල්ලා සිටි ස්වාධීන පරීක්ෂණ කොමිසම, එවක පැවැති එ.ජා.ප. ආණ්ඩුව 1994 දී බිඳ වැටෙන තුරුත් පත් කෙරුණේ නැත. එ.ජා.ප. ආණ්ඩුව පරාජය කොට පොදු ජන එක්සත් පෙරමුණට බලයට පත්වීම සඳහා රිචඞ්ගේ ඝාතනය විශාල ඉල්ලමක් වූ අතර, රාජ්‍ය නොවන සංවිධාන ද විදේශ අරමුදල් ගරාගැනීම සඳහා රිචඞ්ගේ ඝාතනය ඉවහල් කොට ගත්හ.

රිචඞ්ගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණයක් කරන්නන් වාලේ සිදු කෙරෙමින් පැවැති අතර, අදාළ සැකකරුවන්ගෙන් කිහිප දෙනකුම ඒ කාලය ඇතුළත මියගොස් තිබිණ. රිචඞ්ගේ මව වූ මනෝරාණි සරවනමුත්තු මහත්මිය ද දැනට වසර කිහිපයකට ඉහත දී මිය ගියාය. අවසානයේ රිචඞ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණය නවතා දමන්නට තීරණය කර ඇති බවට පුවතක් වසර කිහිපයකට පෙර පුවත්පතක පළ වී තිබිණි.

1993 පෙබරවාරියේ මනෝරාණී අම්මා මෙසේ කීවා ය.

”මුහුද මගේ පුතා ආපහු මා ළගට ගෙනාවා. සමහරක් විට ? ජාමෙට මම හිතනවා දෙවියන්ට මගේ පුතාව බේරගන්න බැරි වුණත් මහ මුහුද මගේ පුතා මා ළගට ගෙනාවේ මට සටන් කරන්න හැකි වෙන්න කියලයි.”

සැබැවින්ම ඇය සටන් කළාය. ඇගේ සටනින් ඵල නෙළාගත් දේශපාලකයෝ බලයට පත්වූහ. නමුත් රිචඞ් ඝාතනය කරනු ලැබූ ඝාතකයන්ට දඩුවම් නොලැබිණි.

මැතිවරණ වේදිකාවලදී, රාජ්‍ය නොවන සංවිධානවල මාධ්‍ය සංදර්ශනවලදී අදටත් රිචඞ්ගේ මරණය යහමින් වෙන්දේසි වේ.

රිචඞ්ගේ සේයාරුව දෙස යළිත් වරක් හැරී බලමි. රිචඞ් විසින් ලියන ලද Parting Gift (සමුගැනීමේ තිළිණය) නමැති කවියෙහි අවසානය මගේ සිහියට නැගෙයි.





ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ප‍්‍රභාකරන් ඝාතනයට දඬුවම් කරනු.. ගෝටාභයට එරෙහිව ඇමරිකා අධිකරණයේ තවත් නඩුවක් sriavtvnetwork news

ප‍්‍රභාකරන් ඝාතනයට දඬුවම් කරනු.. ගෝටාභයට එරෙහිව ඇමරිකා අධිකරණයේ තවත් නඩුවක්..


එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විත්තිකර...
 සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විත්තිකරුවෙක් යැයි පවසමින් ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරීමට සූදානම් වන්නේ යැයි වාර්තා වෙයි.

මෙම නඩුව සිවිල් නඩුවක් ලෙස දිස්ත්‍රික් අධිකරණයක පැවරීමට සූදානමක් ඇති බවත් ඊට අදාල සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවත් තොරතුරු ඇත. මෙම නඩු පැවරීම සදහා උපදෙස් මෙරට දේශපාලනඥයෙකු විසින් ලබා දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ දිසා අධිකරණයේ මේ වන විටත් සිවිල් නඩු දෙකක් ගොනු කර තිබේ



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජොන්ගේ වීඩියෝව මෙන්න මකන්න කලින් බලන්න jone video


  1. ජොන්ගේ වීඩියෝව මෙන්න මකන්න කලින් බලන්න jone video 
  2. ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න



අප දිවි පුදා රට නිදහස් කළේ හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ. අවසන් සටනට සූදානම් sriavtvnetwork news

අප දිවි පුදා රට නිදහස් කළේ හොරකම් කිරීමට හෝ කුඩු ජාවාරම් කිරීමට නොවේ. අවසන් සටනට සූදානම්



හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු වැන්න බියගම සනාරා පිළිගැනීම් ශාලාවේදී පවැත්විණි.

මෙම සම්මන්ත‍්‍රණයේදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පල කල අදහස් මෙසේය.

රට ගැන හැඟීමක් තිබෙන හමුදා නිලධාරීන්ට කකියන ලේ තිබෙනවා. අපි රටේ වසර තිහක් තිස්සේ පැවති යුද්ධය කෙටි කාලයකින් අවසන් කළා. වසර තුනකට අඩු කාලයකදී යුද්ධය අවසන් කරන්න හමුදා සාමාජිකයන් පන්දහසකට අධික පිරිසක් ජීවිතය පූජා කළා. තවත් විසිපන්දහසකට අධික පිරිසක් තුවාල ලැබුවා. එහෙම කළේ ඉදිරි පරම්පරාවට ගෞරවාන්විත ලෙස රටේ ජීවත් වීමට පරිසරය සකස් කිරීමටයි. ඒ සත්කාරය කිරීමට කැප කළ විශාල පිරිසක් තවමත් ඇඳන්, රෝද පුටු උඩ ඉන්නේ. අපි අපේ තරුණ ජීවිතයෙන් බහුතරයක්ම කැප කළේ ත‍්‍රස්තවාදීන් සමඟ සටන් කිරීමටයි. අපේ සෙබළුන් මුළු තරුණ ජීවිතය කැපකළේ එදා ප‍්‍රභාකරන්ට උණ්ඩයෙන් ලබා ගැනීමට නොහැකි වූ ඊළාම් රාජ්‍යය ඔබේ ඡුන්දයෙන් බලයට පැමිණි අයට ලබා දෙන්න නෙමෙයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් කියන ජාතීන් අපේ රටේ ජීවත් වෙනවා. නමුත් ඒ ජාතීන් පස්සට ගිහින් අද ඉන්නේ ජාතීන් දෙකයි. ඒ තමයි මවුබිමට ලැදි ජාතීන් හා මවුබිමට ද්‍රෝහීන් කියන ජාතියයි. එද මෙතැන ඉන්නේ මවුබිමට ලැදි ජාතියක්. මේ රජය සංහිඳියාවේ නාමයෙන් ඩයස්පෝරාව සමඟ එකතු වෙලා දෙමළ ජාතික සන්ධානයේ වුවමනාවට අනුව කටයුතු කරනවා. අපි එදා ලබාගත් නිදහස අහිමි කිරීමට කිසිවකුටත් ඉඩ දෙන්නේ නැහැ. එක ජාතියකට වැඩි බලතල දුන්නාම අනිකුත් ජාතීන්ට කළකිරෙනවා. අද වාමාංශික යැයි කියන ජවිපෙ සමාජය කෙරෙහි වෛරය වපුරනවා. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිවෙක් පියවරක් ගන්නේ නැහැ.

උතුරු පළාත් සභා හිටපු මන්ත‍්‍රී ශිවාජිලිංගම් ජිනීවාවලදී අපේ නියෝජිත කණ්ඩායමකට තර්ජන එල්ල කළා. රට දෙකඩ කඩන්න ඔබට වඩා බොහොම බලගතු පුද්ගලයෙක් ආවා. අපි පාමංකඩ හරහා අලිමංකඩ, කිළිනොච්චිය හරහා නන්දිකඩාල්වලදී 2009 දී ප‍්‍රභාකරන්ව නැත්තටම නැති කළා. රටට ආදරය කරන අපේ හුස්ම තිබෙනකම් මේ රට දෙකඩ නෙවෙයි හතරකඩ කඩන්න හදන සිහිනය සැබෑ කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මවුබිම තස්ත‍්‍රවාදයෙන් බේරා ගැනීමට කටයුතු කිරීම වරදක් නම් වැලිකඩ නෙමෙයි ඕනෑම හිරගෙදරක ගත කරන්න අපි ලෑස්තියි. රටට මෙතරම් සේවයක් කළ වරදට අන්තර්ජාතික සහ දේශීය වශයෙන් මෙවැනි රණවිරු දඩයමක් කිරීම සාධාරණද? පාවාදීම් ගැන අපි හොඳට දන්නවා. අතීතයේ වූ හොඳම පාවාදීම තමයි වත්මන් රජය ජිනීවාහිදී කළා. ජිනීවා යෝජනාවලට එදා අපි සමඅනුග‍්‍රහය දැක්වූවා. එදා කළ දුෂ්ඨ ක‍්‍රියාව මේ පාරත් කළා. විදේශ විනිසුරුවන් මෙරටට ගෙන ඒමට කටයුතු කිරීම වත්මන් රජය කළ විශාලතම පාවාදීමයි.

අපි මේ රට නිදහස් කළේ රට ස්වයංපෝෂිත කරන්නටයි. එහෙම නැතිව අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නඩයට හොරකම් කිරීමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට නෙමෙයි. දැන් අපට එළැඹ තිබෙන්නේ අවසාන අවස්ථාවයි. ලබන දෙසැම්බර් වන විට පැවැත්වීමට ජනාධිපතිවරණයේදී රටට හොඳ නායකයෙක් අවශ්‍යයි. රටට ආදරය කරන, මනුස්සකම හඳුනන නායකයෙක් අපේ රටට අවශ්‍යයි. අපේ අනාගත පරපුර ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතු කාලය එළැඹ තිබෙනවා.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පා.චම්පික රනවකගේ තවත් බොරුවක් මෙන්න. Sriavtvnetwork news

ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථාකැබිනට් අනුමැතිය සහිතව 
කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2014 මැයි මාසයේදීය


ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙ

මෙම විවෘත කිරීමත් සමග ආරම්භයේදී මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ දුම්රිය සහ බස්රථ නතර කෙරෙන අතර මාලඹේ දක්වා දැනට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ගයද මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා අනාගතයේදී දීර්ඝ කිරීමට සැලසුමක් ඇතැයි වාර්තා වේ.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර කරන බස්රථ මෙහි නතර කිරීමට සැලසුම් කර තිබෙන අතර කොට්ටාව බස් නැවතුම්පොළින් කොටසක්ද මෙම ස්ථානයට ගෙන එනු ඇත.

අළුතින් ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ කොළඹට ඇතුළු වීමට තිබෙන පිවිසුම් ස්ථාන දෙක වන්නේ කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන පිවිසුම් ස්ථාන දෙකයි.

මේ අනුව, දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, ඉදිකරමින් තිබෙන මහනුවර අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන මගීන්ට මෙම පිවිසුම් ස්ථාන දෙක ඔස්සේ කොළඹට ඇතුළු වීමට පුළුවන.

මේ නිසා, අනාගතයේදී කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ සංවර්ධනයක් සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

මේ වනවිටත්, මෙම ප්‍රදේශ රජයේ මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ විවිධ සංවර්ධන කටයුතු සඳහා හඳුනාගෙන තිබෙන කලාපයකි.

මේ අනුව බලන විට, කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැදගත්කම අනාගතයේදී වඩාත් වැඩිවනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය සහිතව කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2014 මැයි මාසයේදී වන අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 845 කි. සම්පූර්ණ භූමිය සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 140 ක් වැයකර ඇත.

මේ සඳහා 50% ක අරමුදල් ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවෙන් ලැබී තිබෙන අතර ඉතිරිය දේශීය වශයෙන් ලබා ගත් අරමුදල් වේ.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වසා දැමූ පෞද්ගලික බලාගාරයක් වෙනුවෙන් ආණ්ඩුව ඇමති මලික්ගේ යාළුවා ජෙහාන්ට රු. කෝටි 117ක් ගෙවලා! 2018 ලංවිම පාඩුව කෝටි 5000යි! Sriavtvnetwork news

වසා දැමූ පෞද්ගලික බලාගාරයක් වෙනුවෙන් ආණ්ඩුව ඇමති මලික්ගේ යාළුවා ජෙහාන්ට රු. කෝටි 117ක් ගෙවලා! 2018 ලංවිම පාඩුව කෝටි 5000යි!



උතුරට විදුලි බලය සැපයීම සඳහා ආරම්භ කළ චුන්නාකම් පෞද්ගලික විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකක්වත් ලබා නොගන්නා පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලය එම බලාගාරයට අයත් MTD Walkers PLC නම් සමාගමට රු. බිලියන 1.01ක් ලබා දී ඇතැයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර මූල්‍ය ලේඛනයක් මගින් අනාවරණය වී තිබේ.

වසර කිහිපයකට පෙර ආරම්භ කළ මෙම විදුලි බලාගාරය පරිසර ප්‍රශ්නයක් නිසා අධිකරණ නියෝග මත 2015 ජනවාරි මස සිට පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. ඒ අනුව එතැන් සිට මෙම විදුලි බලාගාරය එකදු විදුලි ඒකකයක් හෝ නිෂ්පාදනය කර නැත.

එහෙත් 2017-2018 වසරවල දී ලංකා විදුලිබල මණ්ඩලය රු. කෝටි 68 සහ රු. කෝටි 49ක් වශයෙන් රු. කෝටි 117ක් MTD Walkers PLC සමාගමට ගෙවා තිබේ. මෙම සමාගමේ උපසභාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙහාන් අමරතුංග එකල මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද කටයුතු කළ අතර මෙම සමාගම පාඩු ලබන පසුබිමක මහජන බැංකුව රු. බිලියන 10කට අධික ණයක් ලබා දුන් බවට ද චෝදනා එල්ල වෙයි.

එම මුදල නැවත අයකරගත්තේ ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. ජෙහාන් අමරතුංග යනු අමාත්‍ය මලික් සමරවික්‍රමගේ සමීපතම ව්‍යාපාරික සගයාය.

මේ අතර 2018 වසරේ විදුලිබල මණ්ඩල පාඩුව කෝටි 5000ක් බව ඇමති මනෝ ගනේෂන් හෙළිකර තිබිණි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විදුලි අර්බුදයට මුවාවී කෝටි ගණන් ගසා කෑමේ ‘පාවෙන බලාගාර සැලැස්ම’ ගැන හෙළිදරව්ව..! Sriavtvnetwork news

විදුලි අර්බුදයට මුවාවී කෝටි ගණන් ගසා කෑමේ ‘පාවෙන බලාගාර සැලැස්ම’ ගැන හෙළිදරව්ව..!

රට වලපල්ලට ගියත් සිය පුද්ගලික වාසිය සඳහා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරන විදුලිබල අමාත්‍යංශයේ ඉහළම නිලධාරියාගේ තවත් මහාපරිමාණ මූල්‍ය වංචාවක් පිලිබද තොරතුරු අනාවරණය වී තිබේ.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ දූරය එම ධූරය දැරූ පසුගිය වසර පහ හතර පුරාම මෙගාවොට් එකක හෝ විදුලියක් අලුතින් ජාතික පද්ධතියට එක් කිරීමට විදුලිබල අමාත්‍යංශය අපොහොසත් විය. එය සිතාමතාම කරන ලද බරපතළ ගණයේ වංචාවකි.

මෙසේ සිතාමතාම නව බලාගාර ඉදිකිරීම වැලැක්වීම නිසා දැන් විදුලි ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් ජනන හැකියාවක් විදුලිබල මණ්ඩලයට නැත. ඊට පිලියම් ලෙස අමාත්‍යංශ ලේකම්වරයා බොහෝ කැමැත්තෙන් හදිසි විදුලිය මිලදී ගැනීම සදහා ක්‍රියාකරයි.

පසුගිය වසර දෙකේදීම හදිසි විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩර හිමිවූයේ විදුලිබල ලේකම් බටගොඩගේ අතිජාත මිත්‍රයෙකු වන සුරේෂ් සුබ්‍රමනියම්ගේ ඇග්‍රිකෝ සමාගමටයි. සෑම ටෙන්ඩරයකම රහසිගත තොරතුරු සියල්ල ඇග්‍රිකෝ සමාගම වෙත සපයා එම සමාගමටම ටෙන්ඩර් පුජා කරමින් සිටියදී අවසන් වරට කැදවූ ටෙන්ඩරයේදී අර්බුදයක් හටගෙන ඇත. එනම් එම ටෙන්ඩරයේදී අවම මිලක් ඉදිරිපත්කර ඇත්තේ චීන සමාගමක් වීමයි. ඔවුන්ගේ එම අවම මිල හමුවේ ඇග්‍රිකෝ සමාගමට ටෙන්ඩරය හිමි නොවන බව දැනගත් බටගොඩ එම ටෙන්ඩරය වහාම අත් හිටුවනු ලැබුයේ ඒ මොහොතේදී විදුලිය අවශ්‍ය නොවන බව පවසමින්. ඔහු එම ටෙන්ඩරය අවලංගු නොකලා නම් මේ වනවිට රටට අවම අලාභයක් සහිතව හදිසි විදුලිය මිලදීගෙන අර්බුදයෙන් මිදෙනු ඇත. විදුලිය විසන්ධිවීම් සිදු නොවනු ඇත.

නමුත්ඔහු එසේ නොකර ටෙන්ඩරය අවලංගු කලේ ඉතා කූඨ සැලසුමක්ද සකස් කරගනිමින් ය.

දැන් අමාත්‍යංශ ලේකම් බටගොඩ සිය ව්‍යාපාරික ගජ මිතුරා වන සුරේෂ් සුබ්‍රමනියම් හරහා පාවෙන ඩීසල් විදුලි බලාගාරයක් ගෙන්වීමට සැලසුම් කරමින් සිටියි.

මෙම පාවන ඩීසල් බලාගාරය දැනටමත් කොළඹ වරාය වෙත සමීප වෙමින් සිටින අතර දැන් අවශ්‍ය වන්නේ බොරු කතන්දර දෙසා බාමින් එම පාවෙන බලාගාරය හිමි ඒජන්තයා වන සුරේෂ් සුබ්‍රමනියම් සහ විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කිරීම පමණි.

මෙම කූඨ ගණුදෙනුව පසුපස ලේකම් බටගොඩගේ උපදේශකයා මෙන්ම සුරේෂ් සුබ්‍රමනියම්ගේ සමීප හිතවතෙකු වන විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කල වික්‍රමසේකර (විකී) නමැති විශ්‍රාමික නිලධාරියාද සිටියි.

මෙම පාවෙන බලාගාරය තුර්කියේ නිශ්පාදනය කල බලාගාරයක් වන අතර ඔවුන් පසුගිය සමය පුරාම එය මියන්මාරයට සහ බංග්ලාදේශයට අලෙවි කිරීමට උත්සාහ කලද, එම බලාගාරයේ විදුලි ඒකක මිල ඉහළ නිසා එම රටවල් එම ගණුදෙනුව ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම බලාගාරය ඩීසල් වලින් ධාවනය වන අතර ලංකාවට කිසිදු බදු ආදායමක් ලබා නොදී සෘජුවම ජාත්‍යන්තර මිලගනන් යටතේ මෙම නැවට තෙල් සැපයෙනු ඇත.

පසුගිය වසරේදී විදුලිබල මණ්ඩලයේ ලේකම්වරයා එක්වරම තුර්කියේ සංචාරයක නිරත වූ අතර තුර්කියේ සිට පැමිණි දා පටන් ඔහුගේ අරමුණ වූයේ මෙම පාවෙන බලාගාරය ශ්‍රී ලංකාවට ගෙන ඒමයි.

විදුලිබල පණත අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිබලාගාර ඉදිකිරීමට අවසර දීමට විදුලිබල අමාත්‍යංශයට හැකියාවක් නොමැත. එසේ සිදුකල හැක්කේ විදුලිබල අර්බුදයක් පවතින හදිසි අවස්ථාවකදී පමණි.

ඒ බව හොදින් දන්නා අමාත්‍යංශ ලේකම්වරයා දැන් රට තුල චේතාන්විතවම විදුලි අර්බුදයක් නිර්මාණය කර ඇත. හදිසි තත්වයක් නිර්මාණය කර ඇත.

සිදුවන පාඩුව

මෙම පාවෙන බලාගාරයෙන් නිශ්පාදනය කරන මෙගාවොට් 100ක විදුලිබලය 220KV ධාරිතාවයකින් ජාතික පද්දතියට සම්ප්‍රේෂණය කිරීමට කොළඹ වරායේ හෝ ලංකාවේ කිසිදු තැනක සම්ප්‍රේෂණ කේබල් නැත. එසේ කේබල් පද්දතියක් ඉදිකිරීමට අවම වශයෙන් මාස 5-6 අතර කාලයක් ගතවනු ඇත. එතරම් කාලයක් ගත කර විදුලිය සැපයීමේදී වර්ශාව ආරම්භ වී ජනන හැකියාව වර්ධනය වී තිබෙනු ඇති අතර අමතර මෙගාවොට් 100ක පාවෙන බලාගාරයේ විදුලිය අවශ්‍ය නොවනු ඇත.

නමුත් මෙම බලාගාරය ලංකාවේ නැංගුරම් ලෑ දිනයේ සිටම විදුලිබල මණ්ඩලයට එම බලාගාරයේ ධාරිතා ගාස්තුව ගෙවීමට සිදුවනු ඇත. ජාතික පද්දතියට විදුලිය සැපයූවත් නැතත් රුපියල් කෝටි ගණනක ධාරිතා ගාස්තුවක් සුරේෂ් සුබ්‍රමනියම්ගේ සාක්කුවට වැටෙනු ඇත.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් බටගොඩ විසින් සිය අතිජාත මිත්‍රයා සමඟ එක්ව කෝටි ගණනක මූල්‍ය පාඩුවක් රටට කරන්නේ මේ රටේ ලක්ෂ ගණනාවක් පවුල් අදුරේ ගිල්වමින් ය. රට කෝටි ගණනක් ණය කරමින් ය.

මේ නඩු විමසන්නට මේ රටේ දේශපාලකයින්ට කොන්ද පණ නැත. රටේ මිනිස්සුන්ට වුවමනා නැත.

ඒ නිසා සැමදාම රට අදුරේය..




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විදුලි බිල ඉහළ දමන්නයි - ඩීසල් විදුලි බලාගාර මාෆියාවට වැඩියෙන් ගෙවන්නයි මේ ආණ්ඩුව හදන්නේ sriavtvnetwork news

විදුලි බිල ඉහළ දමන්නයි - ඩීසල් විදුලි බලාගාර මාෆියාවට වැඩියෙන් ගෙවන්නයි මේ ආණ්ඩුව හදන්නේ



 - ජාාතික නිදහස් පෙරමුණ කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් ‘පැය 24ම විදුලිය ලැබෙනවානම් බිල වැඩි වුවත් කමක් නැහැ’ කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා විදුලි බිල වැඩි කිරීමත් එසේම ඩීසල් විදුලි බලාගාර මාෆියාවෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි ජානිපෙ පෙන්වා දෙයි. අද (28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය. “විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා කියනවා, ‘වැඩිවන විදුලිය ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමට ගෙවී ගිය වසර 04 තුළ ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ’ කියා. මේ සතියේ රැස්වුණු කැබිනට් මණ්ඩලය මේ විදුලි අර්බුදයට පිළියමක් ලෙස අපූරු යෝජනාවක් සිදු කර තිබෙනවා. එනම්, ‘එක් නිවසකින් විදුලි පහන් දෙකක් නිවා දමන්න’ කියා. ඊළඟ සතියේ තවත් දෙකක්. එහෙම සති දෙක තුනක් ගියාම කියාවි, ‘මේන් ස්විච් එකෙන් ඕප් කරන්න’ කියලා. මේ අනුව පෙනී යනවා, ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු කැබිනට් මණ්ඩලය අද ජනතාවට විහිළු සපයන ස්ථානයක් බවට පත්ව තිබෙන බව. එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදුලි අර්බුදය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණු අවස්ථාවල දී තීන්දු කළේ නොරොච්චෝලේ, කෙරවලපිටිය, සම්පූර් වැනි ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කෙරෙන නව විදුලි බලාගාරය ඉදිකිරීමටයි. ‘රට යළි කුප්පි ලාම්පු යුගයට’ දිනකට අමතරව අවශ්‍ය මෙගාවොට් 340ක විදුලිය ධාරිතාව සම්පූර්ණ කර ගැනීමට ගෙවී ගිය වසර 04 තුළ මේ ආණ්ඩුව කිසිවක් සිදුකර නැහැ. ආර්ථිකය බිඳ වට්ටපු, සංවර්ධනයට අඩ තියපු මේ ආණ්ඩුව අද මේ රට යළි කුප්පි ලාම්පු යුගයකට ඇදගෙන යනවා. ‘සූර්ය බල සංග්‍රාමයට මොකද වුණේ?’ ගෙවී ගිය වසර හතර තුළ මේ ආණ්ඩුව බොරු කයිවාරු ගැහුවා. ‘හිරුඑළිය යොදා විදුලිබල ප්‍රශ්නයට විසඳුම් දෙනවා’ කියා. නමුත් අද ඒක පුස්සක් බව පෙනී යනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ෆෝම් ගොඩගැහුණු එක විතරයි අවසානයේ සිදු වුණේ. කිසිම බැංකුවක් මේ සඳහා ණය ලබා දුන්නේ නැහැ. ‘ඩීසල් විදුලි බලාගාර මාෆියාව’ අද විදුලි බල මණ්ඩලය තනිකරම පාලනය වන්නේ ඩීසල් විදුලි බලාගාර මාෆියාවට වුවමනා අන්දමට. නව විදුලි බලාගාර, සූර්ය බලශක්තිය යොදා ගැනීම් වැනි නව ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජල විදුලි බලාගාරවල සැපයුම් අඩාල වූ වහාම තම හිතවතුන් සතු ඩීසල් විදුලි බලාගාරවලින් ඉතාමත් අධික මිලට විදුලිය මිලදී ගෙන කෝටි ගණනින් කොමිස් ගිලීමයි මේ මාෆියාව සිදු කරන්නේ. ‘එක ගලෙන් කුරුල්ලෝ දෙකයි’ මේ ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නේ විදුලිය කපමින් ඉදලා ‘එක පැත්තකින් වැඩි මිලට හෝ පැය 24ම විදුලිය ලැබුණට කමක් නැහැ’ කියන මතය විදුලි පාරිභෝගිකයා තුළ හදන්න. එවිට ඒ මුවාවෙන් විදුලි බිල වැඩි කරන්න. අනිත් පැත්තෙන් ඩීසල් විදුලිබලාගාරවලින් මිලදී ගන්නා විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල වැඩි කර දෙන්න. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරන්නයි මේ අය හදන්නේ. ‘නව ජාතික ආණ්ඩුවක්’ රටම අඳුරේ තබපු මේ ආණ්ඩුව ආයෙත් ජාතික ආණ්ඩුවක් සඳහා සූදානම් වෙනවා. පැවති ජාතික ආණ්ඩුව රටට ලබාදුන් ‘අපූරු ප්‍රතිලාභ’ ඔබ දන්නවා. ඒ ආණ්ඩුව ණය බරතාව 2014 අග සිට 2018 දක්වා 71% සිට 91% දක්වා ඉහළ දැම්මා. රට කුප්පි ලාම්පු යුගයට ගෙන ආවා. ආර්ථිකය බිඳ වැට්ටුවා. ටැබ්, ෆ්‍රී වයි-ෆයි ලැබීම තියා අද පාසල් දරුවන්ට විභාගවලට පාඩම් කරන්න, පෙළපොත බලන්න වෙලා තියෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. එහෙම තැන්කට රට ඇදලා දාපු ජාතික ආණ්ඩුවක් ගැන අඳුරු මතකයක් රටට තිබියදී දැන් යළිත් එවැන්නක් ගැන කතා කරන්න පටන් අරන්. දැන් තොණ්ඩමන් මහතාගේ පක්ෂය එක්ක එකතුවෙලා හරි ජාතික ආණ්ඩුවක් අටවා ගන්නයි මේ ආණ්ඩුව හදන්නේ. එජාපයේ ගැටුම් ගොඩයි. ඒ ගැටුම් නිරාකරණය කරගන්නේ ඇමති සැප දීලා. රංගේ බණ්ඩාරලාට, සරත් ෆොන්සේකාලාට ඇමති සැප දීලා හරි බලය රැකගන්නයි රනිල් වික්‍රමසිංහ හදන්නේ. විදුලි අර්බුදය විසඳන්න, ඡන්ද තියන්න එයාට උවමනාවක් නැහැ.” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ 2019/03/28

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජේ.වී.පී. ලාල් කාන්ත අත් අඩංගුවට sriavtvnetwork news

ජවිපෙ ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට ගනී… බීමතින් රිය පදවා හප්පලා..

 පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අනුරාධපුර ප‍්‍රදේශයේදී සිදු කරන ලද රිය අනතුරක් සම්බන්ධයෙනි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බීමතින් රිය පදවා ඇති බවයි. ලාල් කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයක් යතුරුපැදියක ගැටීම නිසා කාන්තාවක් හා ඇගේ ඥාති දියණියක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.  

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කිරිපිටි පමනක් නොවේ සබනුත් දැන් පිලිකා හදයි sriavtvnetwork news

කිරිපිටි පමනක් නොවේ සබනුත් දැන් පිලිකා හදයි

වො‌ෂින් පවුඩර් ඇ‌ඟ ගාලා හායි හායි…


යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝ‌යි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යො‌දා නො‌ව වො‌ෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යො‌දාගෙන බව පසුගියදා කො‌ළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගො‌නුකළ නඩුවක් පැමිනිලිකරුටම පාරාවලල්ලක් වූයේ මේ සමගිනි.

පෙරකී වෙළඳ දැන්වීම මගින් තමාට පාඩුවන බවත් ඒ‌ අනුව ඒ‌ වෙළඳ දැන්වීම තහනම් කරන ලෙසත් යුනිලීවර් සමාගම වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා තිබු අතර එම වාරණ නියෝ‌ගය අධිකරණය විසින් නිකුත් කර තිබුනේ මුල් අවස්ථාවේදී යුනිලීවර් විසින් ඉදිරිපත් කළ කරුණු පමනක් සළකා බලමිනි. පසුව දේශීය සමාගම සියලු තො‌රතුරු සහිතව කරුණු ඉදිරිපත් කරමින් ඒ‌ වාරණ නියෝ‌ගය ඉවත් කරන ලෙසට කල ඉල්ලීම පිළිගත් වාණිජ මහාධිකරණය තම නියෝ‌ගය ප්‍රකාශයට පත් කර ඇ‌ත.

බාල කුණු කන්දල් අපට විකුනා අපේ පරම්පරා ගණනාවක් පිළිකා, වකුගඩු වැනි රෝ‌ගවලින් වනසන මේ බහුජාතික මාෆියාවන්හි ඉහළ තනතුරැවල සේවය කරන ලාංකිකයිනි. රැකියාවට එහා ගො‌ස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන (මම අවධාරණය කරමි- “රැකියාවට එහා ගො‌ස් මේ සමාගම් වෙනුවෙන් මරාගෙන මැරෙන භූමිකාව ගැන” දෙවරක් සිතන්න. ඔබේ දරුවා ද මේ ව්‍යසනයේ ගො‌දුරකි.

පිට ඔපයටත්, වෙළඳ දැන්වීම් හරහා පතුරන දහසක් අසත්‍යයන්ටත් රැවටී මේ දහදරාව හිස්මුදුනින් ගෙන භාවිතා කරන පාරිභෝ‌ගිකයිනි. දැන්වත් සිහිනුවනින් කටයුතු කරන්න. ඉන්දියාවේ නිලියන් පස්ස හේදීමටවත් නො‌ගන්නා මේ රෝ‌ගකාරක විෂද්‍රව්‍ය වෙනුවට ඔබත් පරිසරයත් දේශීය ආ‌ර්ථිකයත් ආ‌රක්ෂාවන විකල්පයන්ට වහා මාරැවන්න. (වැඩිදුර තහවුරැව සඳහා පහත දැක්වෙන අධිකරණ නියෝ‌ගයේ උපුටනයන් හො‌ඳින් කියවන්න.)






ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි sriavtvnetwork news

වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජවර්ධනය මහතා අද (28) ඉවත් වූයේය.

මෙම පෙත්සම අද අගවිනිසුරු නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සම මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී ප‍්‍රියන්ත ජවර්ධන විනිසුරුවරයා පෞද්ගලික හේතූන් මත තමන් එම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බවයි අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප‍්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප‍්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.

ඒ හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මාර්තු 07 වැනිදා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

කෝට්ටේ බැද්දගාන අංක 99 /3 දරණ ස්ථානයේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ.

නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයෙකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප‍්‍රදානියාට උපදෙස් ලබා දුන්නේය.

තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.

මෙම ප‍්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප‍්‍රකාශයක් ලබා දුන්නේය.

මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට‍්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප‍්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.

මෙම ප‍්‍රකාශයන් සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.

පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network