ඡන්දෙන් පරාදයි.. නායකකම අතරිනු.. හකීම් රනිල්ගේ ඇගට ගොඩවේ.. පුටුව අතහරින්නැයි එජාප හමුවේදී රනිල් බිත්තියට හිර කරති sriavtvnetwork news

ඡන්දෙන් පරාදයි.. නායකකම අතරිනු.. හකීම් රනිල්ගේ ඇගට ගොඩවේ.. පුටුව අතහරින්නැයි එජාප හමුවේදී රනිල් බිත්තියට හිර කරති..



එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉතාමත් දැඩි සංවාදයක් එම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර පත් කරන්නේ කවුදැයි නමක් වශයෙන් නිශ්චිතව යෝජනා වී නැත.

මෙම සංවාදයේදී දැඩි අදහස් දැක්වීමට නිරතවෙමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පෙන්වා දී ඇත්තේ මේ තත්ත්වය යටතේ කිසිසේත්ම මැතිවරණයකට යා නොහැකි බවත් මැතිවරණයකට මුහුණ දෙන්නට දෙන්නේ නම් අනිවාර්යයෙන්ම නවක මුහුනක් ඉදිරිපත් කළ යුතු බවත්ය.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇත්තේ ඉදිරි මැතිවරණයකදී අගමැති අපේක්ෂකත්වය සහ පක්ෂ නායකත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු වුවත් මේ මොහොතේදී බල හුවමාරුවක් වෙනුවෙන් ගැටුම් ඇති කරගෙන පොදු සතුරා අමතක නොකළ යුතු බවත්ය.

මේ අතර වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට මෙම සංක්‍රාන්ති මොහොතේ පක්ෂ නායකත්වය භාර නොගන්නැයි ඔහුගේ සමීපතයන් උපදෙස් දී ඇති බවකි.

තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත්කර අගමැතිවරයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියද ප්‍රශ්නයක් නැති බවයි.

මේ අතර චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් විසින් යෝජනා කරන නායකත්ව මණ්ඩලයක් පිහිටුවීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ එතරම් ප්‍රසාදයක් නොමැති බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හිටපු අගවිනිසුරුවරියගේ නීලකාස සොර දෙටු සැමියා ගිය මගම කතානායකටත්.. ඒ සමානම නඩු විභාගයක් sriavtvnetwork news

හිටපු අගවිනිසුරුවරියගේ නීලකාස සොර දෙටු සැමියා ගිය මගම කතානායකටත්.. ඒ සමානම නඩු විභාගයක්..



හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වූ ප‍්‍රදීප් කාරියවසම් රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්ව සිටිමින් කරන ලද නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් වසර 5ක සිරදඬුවමක් නියම කර ඇත්තේ තමනට අයිති නැති බලයක් ආරෝපණය කරගෙන වැඩ කිරීම නිසා බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මෙම චෝදනා යටතේ ම පාර්ලිමේන්තුව අවභාවිත කළේ ඇයි වත්මන් කතානායක කරු ජයසූරිය මහතාට ඒ හා සමාන ම නඩුවක් ගොනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙරට බදු ගෙවන ජනතාවගේ බදු මුදලින්ය නඩත්තු වන පාර්ලිමේන්තුව අවභාවිත කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රචාරක හොරණෑවක් බවට පත් වීම මත කථානායකවරයාට මෙම නඩු විභාගයට මුහුණ දීමට සිදු වනු ඇති බව ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය





 
https://www.youtube.com/watch?v=Vfwa4e5P_uY
ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ද කරනු.. ජනපති නියෝග කරයි.. මහ බැංකු හොරු හෙලි වෙයි sriavtvnetwork news

බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ද කරනු.. ජනපති නියෝග කරයි.. මහ බැංකු හොරු හෙලි වෙයි.



මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සිංහල සහ දෙමළ පරිවර්තනයන් සති දෙකක් තුළ ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් උපදෙස් දී තිබේ.

කොළඹදී මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය රජයේ හිටපු අගමැතිවරයා මුදල් ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයකට මෙම චෝදනා එල්ල වන්නේ යයි වාර්තා පළ විය.

මෙම වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට රටින් පලාගොස් සැඟවී සිටී.

මෙම වංචාවේ සමස්ථ අලාභය වසර 30ක් පුරා දිවෙන බවත් එය රුපියල් ට‍්‍රිලියනයද ඉක්වමන බවත් එවකට රජයේ ඇමතිවරුන්ම පැවසූහ.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අගමැතිකම ලැබෙන්නේම නෑ.. අරලිය මන්දිරය අතහැර පලායමු..- එජාපය රනිල්ට කියයි sriavtvnetwork news

අගමැතිකම ලැබෙන්නේම නෑ.. අරලිය මන්දිරය අතහැර පලායමු..- එජාපය රනිල්ට කියයි..



අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය තව දුරටත් අල්ලාගෙන හිදීමේ තේරුමක් නැති බැවින් එය අතහැර දැමිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත.

එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් හා මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් පෙන්වා දී ඇත්තේ තව දුරටත් එහි රැුදී සිටිමෙන් අත්වන්නේ පක්‍ෂයටත් නායකත්වයටත් බලවත් අපකිර්තියක් බවයි.

එමෙන්ම කිසි ලෙසකින් අගමැති ධුරය යලි ලබා නොදෙන්නේ යයි ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදීම දන්වා ඇති නිසා දැන් සුදුසුම දෙය වන්නේ අරලිය මන්දරිය අතහැරීම බවත් ඔවුන් පෙන්වා දී ඇත.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඥාණසාර හිමිට ජනාධිපති සමාව..? Sriavtvnetwork news

ඥාණසාර හිමිට ජනාධිපති සමාව..?



වසර 6ක සිර දඬුවමක් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව එම සාකච්චා සදහා සහභාගී වූ භික්‍ෂුන් වහන්සේලා කියා සිටිති.

ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින් ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයෙන් පසු ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලත් හිමිවරුන් මේ බව කියා සිටියහ.

ඊයේ දිනයේ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කරන ලද්දේ තම අනුදැනුමකිින් තොරව බවත් ඊට වගකිව යුකත්තන් ගැන පරීක්‍ෂණ කරන බවත් ජනාධිපතිවරයා සදහන් කර තිබින.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල් දෙනියායේ යන්න හෙලිකොප්ටර් බිල කෝටි 69යි.. වහා පරීක්‍ෂණ ඉල්ලයි.. sriavtvnetwork news

රනිල් දෙනියායේ යන්න හෙලිකොප්ටර් බිල කෝටි 69යි.. වහා පරීක්‍ෂණ ඉල්ලයි..



අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කාර්යාලයේ සිට පාර්ලිමේන්තු එන්නේ හෙලිකොප්ටරයෙන් බවත් ඒ එක් ගමනකට රුපියල් දස ලක්‍ෂයක් වැයවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සරත් ෆොන්සේකා මහතා විසින් ප‍්‍රකාශ කර ඇති බවත් ඒ න්‍යාය අනුවම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙලිකොප්ටරයෙන් දෙනියායට යාමට එක් ගමන් වාරයක් සදහා රුපියල් කෝටියක් වැය කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ සිට කොල්ලුපිටියට ඇති දුර කිලෝ මීටර 10ක් බවත් කොළඹ සිට දෙනියායට ගුවනින් කිලෝ මිටර 100ක් ඇති බවත් පවසන ඔහු හිටපු අගමැතිවරයා 69 වතාවක් හෙලිකොප්ටරයෙන් දෙනියායට ගොස් ඇති බවට එකල මාධ්‍ය වාර්තා කල බවද සදහන් කරයි.

එනම් එම ගමන් සදහා කොටි 69ක මුදලක් වැය කර ඇති බවත් සදහන් කරන ඔහු එතරම් සුවිශාල මුදලක් වියදම් කර දෙනියායට ගොස් කලේ කුමක්දැයි වහා පරීක්‍ෂා කල යුතු යයිද සදහන් කලේය.

කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී හෙලි වූයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරයෙන් පැමිණ නැති බවත් වෙනත් කටයුත්තක් සදහා දුර ප‍්‍රදේශයකට යාම සදහා අගමැතිවරයා රැගෙන යාම හෙලිකොප්ටයර එහි පැමිණි බවත්ය.



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත

අනුර-විජිත වැඩ කරන්නේ පක්‍ෂයේ මතය අනුව නොවේ.. තීරණයක් ගන්න සූදානම්..- ලාල් කාන්ත



පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ගැන අනුර කුමාර දිසානායක හා විජිත හේරත් මන්ත්‍රීවරුන් ක්‍රියා කරන්නේ පක්ෂයේ බහුතර මතය අනුව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසූ බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම ප‍්‍රශ්ණය අදාල කරගත යුතු නැති බවත් ධනපති පක්ෂවල ගැටලු සදහා ජවිපෙ මැදිහත් නොවිය යුතු බවත් ඔහු කියා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

මේ සම්බන්දයෙන් දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බව අනුරාධපුරයේදී පැවති ජන හමුවකදී ඔහු කියා සිටි බවත් සදහන්ය.

හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමින් ඇමති දයාසිරි ජයසේකර මහතාද මෙම පුවත තහවුරු කලේය.




ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි sriavtvnetwork news

Exclusive : විශ්වාස භංගයක් අලුතෙන් ‘‘විධිමත්ව’’ සම්මත කලොත් පිලිගන්න බව ජනපති දන්වයි.. විධිමත් ක‍්‍රමය මෙන්න.. එජාපය නන්නපෝල්..



පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් එය තමනට නියමානුකූල ආකාරයෙන් පෙන්වා සිටින්නැනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇත ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම පෙරමුණේ නායකයන් සමග පැවති පැවති සකච්ඡාවේදිය.
පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ යැයි කියන විශ්වාසභංගය තමන් පිළිනොගන්නා බවත් ඒ වෙනුවට වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර විධිමත් ක්‍රමවේදයක් අනුව සම්මත කර ඉදිරිපත් කළහොත් කමන් එහිදී ව්‍යවස්ථානුකූල කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
නව විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා ඇත.
කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක‍්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම කතානායකවරයාට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීමටයි.
එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායක වරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතුද වෙයි.
ඉන් අනතුරුව ස්ථාවර නියෝග අනුව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයට ඉදිරිපත් කල හැකි අතර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඊට ඇතුලත් කල හැක.
විශ්වාස බංගය ගැන කටයුතු කිරීමට පක්‍ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත යුතු අතර  පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා විවාද කිරීම සඳහා ද සැලකිය යුතු දින ගණනක් ලබාදීමෙන් පසු ඡන්ද විමසීමට ගත හැක.
පාර්ලිමේන්තුවේ විධිමත් පිළිගත් ක්‍රමවේදය වන්නේ එයයි. ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේද එම ක‍්‍රමයටයි.


ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා sriavtvnetwork news

එජාප ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති වෙන්නැයි ජනපති ආරාධනා කරලා..?



බහුතරය පෙන්විය හැකිනම් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයන් තිදෙනෙකුට අගමැති ධූරය සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආරාධනා කර ඇති බව එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති කර ඔහු සමග කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැතැයි ජනාධිපතිවරයා දන්වා ඇති බවද එම වාර්තාවන්හි සදහන්ය.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ එවන් කිසිම ආරාධනාවක් ජනාධිපතිවරයා විසින් කර නැති බවයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ එකම අදහස වී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ හෝ කරු ජයසුරිය යන මහත්වරුන්ට අගමැති දුරය ලබා නොදීම බවත්ය..




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි. Sriavtvnetwork news

අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..


නව අගමැතිවරයෙක් පත්කිරීම සඳහා සදුසු අයෙක් යෝජනා කරන්නැයි එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා කිසිසේත්ම අගමැතිධුරය පත් නොකරන බව ජනාධිපතිවරයා අවදාරණය කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා යලිත් එම ධුරයට පත් නොකරන්නේ බැඳුම්කර වංචාව, රාජ්‍ය දේපල විකිණීම, ජනාධිපතිවරයා ඝාතනයට රෝ ඔත්තුසේවය කුමන්ත්‍රණය කළේ යැයි ජනාධිපතිවරයා විසින් කැබිනට්ටුවේදී පැවසූ බව ඉන්දීය නාලිකාවක් හා සිදු කරමින් රාජතාන්ත්‍රිකව තමන් හා ඉන්දියාව බිඳවැටීමට කටයුතු කිරීම ආදී හේතු නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි සදහන්ය.

කරු ජයසූරිය මහතා මෑතකදී සීඝ්‍ර ලෙස තම විශ්වාසය නැති කරගෙන තිබෙන බවත් තමාට විශ්වාස කළ හැකි අගමැති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලතල ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එජාප-ජවිපෙ එක්ව ඉදිරි මැතිවරණයට නව සන්ධානයකින්..? Sriavtvnetwork news

එජාප-ජවිපෙ එක්ව ඉදිරි මැතිවරණයට නව සන්ධානයකින්..?


ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින්ව තවත් පක්ෂ එක්කරගත් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් මෙම නව සන්ධානය බිහි කරන බව එක්සත් ජාතික පක්ෂයේ සඳහන් කරයි.

එම නව සන්ධානය සඳහා ජනතා විමුක්ති පෙරමුණද කොන්දේසි සහිතව එක්වීමට සූදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය සඳහන් කරන්නේ එජාප ශ‍්‍රිලනිප පොහොට්යු සියළු පාර්ශවයන්ට විරුද්ධව තමන් නව බලවේගයක් ගොඩනඟන බවය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෛත‍්‍රි-මහින්ද අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න sriavtvnetwork news

මෛත‍්‍රි-මහින්ද අලුත් පෙරමුණේ යෝජිත නම, ලකුණු මෙන්න..



ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙරෙමින් පවතී.

ආරංචි වන තොරතුරු අනුන එම පක්‍ෂ දෙක හා සෙසු පක්‍ෂ ගණනාවක් එක් වී පිහිටුවන නව පෙරමුණේ නම ලෙස යෝජනා වී ඇත්තේ ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යි.

මේ සදහා වන මැතිවරණ සලකුණු ලෙස ‘මල’ හෝ ‘මල් වට්ටිය’ යොදා ගැනීමට සාකච්චා මට්ටමේ පවතින්නේ මැතිවරණ සලකුණු යොදාගත යුතුව ඇත්තේ මැතිවරණ කොමිසමේ මග පෙන්වීම් හා කොන්දේසි අනුව නිසාය.

කෙසේ හෝ පිහිටුවන නව පෙරමුණේවිධායක සභාවේ සාමාජික ප‍්‍රමාණයෙන් 52%ක පමණ ප‍්‍රමාණයක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණටත් ඉතිරි 48% ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙල උරුමය ආදී සෙසු පක්‍ෂ අතරේ බෙදී යාමට නියමිතය.

නව පෙරමුණේ ලේකම් සභාපති ධුරයන්ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙනු ඇති බව පැවසෙයි.

මේ සියළු තොරතුරු අවසන් තොරතුරු නොවන අතර තව දුරටත් සාකච්චා මට්ටමේ පවතින ඒවා වෙයි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල් ඇටවූ උගුලේ ඔහුම වැටේ.. අර්බූදය හමුවේ අගමැති තෝරන්නේ මෙහෙමයි.. sriavtvnetwork news

රනිල් ඇටවූ උගුලේ ඔහුම වැටේ.. අර්බූදය හමුවේ අගමැති තෝරන්නේ 



අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය දවස් 15 පුරාම එක්සත් ජාතික පක්ෂය හොටු පෙරාගෙන හඩමින් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අපි දැන් මදි නොකියන්නම එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව, NGO නඩය, එක්සත් ජාතික පක්ෂ, ජවිපෙ, දෙමළ සන්ධාන හවුල දිගින් දිගටම ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවා මහජන නියෝජිතයන්ට අගමැතිවරයා තීරණය කරන්නට ඉඩ දෙන්න කියලයි.  මහජනතාව සිටියදී මොකටද මහජන නියෝජිතයන්ට දෙන්නේ.  ඒ නිසා ජනාධිපතිතුමා තීරණය කළා මහජන නියෝජිතයින්ට වඩා ගැලපෙන්නේ මහජනතාවයි කියන කාරණය. මොකද පාර්ලිමේන්තුවට තේරී පත් වී පැමිණෙන නියෝජිතයා මහජනතාවගේ මතයම නියෝජනය කරනවාද කියා ගැටළුවක් තිබෙනවා.

පසුගිය කාලයේ මහ බැංකුව දෙවරක් බිඳලා ඒ සල්ලි තිබෙන්නේ එජාපය සමඟයි. දෙමළ බෙදුම්වාදී බලවේග අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟයි. ඒ වගේම බටහිර සමහර රටවල් 2015 ආණ්ඩු පෙරළියට මුදල් වියදම් කළ බව සෘජුවම පිළි අරගෙන තියෙනවා. බටහිර රටවල සල්ලි තියෙන්නෙත් එක්සත් ජාතික පක්ෂය සමගයි. එහෙම නම් සල්ලි මලු අතේ තියන් ඉන්න අයගේ සල්ලි වල බලය පෙන්නන්නට අවස්ථාව දෙනවද? එහෙමත් නැත්නම් රටේ ජනතාවට තමන් කැමති අගමැතිවරයා තෝරාගැනීමට ඉඩ දෙනවද ?

මේ තීන්දුව ගන්න ජනතාවට බාර දුන් විට ඇයි, අපිට ජනතාව ඉදිරියට යන්නට බැරියෝ. අපි උසාවි යනවෝ කියලා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කෑගසන්නේ. ඇයි ජනතාව ඉදිරියට යන්නට නොහැකිව එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ කකුල් වෙව්ලන්නේ. ජනාධිපතිතුමන් ගත්ත තීන්දුව වැරදි නම් අප ක්‍රියා කළ ආකාරය වැරදි නම් ජනතාව අපට දඬුවම් කරාවි. එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර කිහිපය පුරාවට මේ රට පාලනය කරපු ආකාරය වැරදි නම් ජනතාව ඔවුන්ට දඬුවම් කරාවි.

අප ආත්ම විශ්වාසයෙන් ජනතාව ඉදිරියට යන්නේ අප කළ දේ නිවැරදි බවට අපේ හෘද සාක්ෂිය විශ්වාස කරන නිසයි. ඒ වගේම අපේ මතය ජනතාව පිළිගන්නා බවද අප විශ්වාස කරන නිසයි. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ස්වාමියා වන ජනතාව ඉදිරියට යාමට බිය වන්නේ ඔවුන්ගේ පාලන සමයේ ජනවරමට පටහැනිව කටයුතු කළ බව ඔවුන්ම දන්නා නිසයි. ජනතා අයිතිවාසිකම් යටපත් කරමින්, කප්පාදු කරමින් කටයුතු කළ බව ඔවුන් දන්නා නිසයි.

රාජිත සේනාරත්න මැතිතුමා කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයේ තේරුම තමයි ප්‍රජාව විසින් පාලනය කිරීම. එහෙමත් නැත්නම් ජනතාව විසින් පාලනය කිරීම. මැතිවරණය තමයි ‍ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය.

ඒ වගේම ඉතාම කනගාටුදායක ලෙස ඇමරිකානු තානාපති කාර්යාලයත් මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවිරෝධී කාරණයක් ලෙස සඳහන් කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය එතුමන්ලාට තේරෙන්නේ නෑ කියල හිතමු. නමුත් Democracy කියන එක ඔවුන්ට තේරෙනවනේ. එම වචනය ගොඩ නැගීමට ඉවහල් වූ ග්‍රීක වචන දෙකේ තේරුම ජනතාවගේ පාලනය කියන එකයි. ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන්නේ කෙසේදැයි අපට ඔවුන්ගෙන් අසන්නට වෙනවා.

ජනාධිපතිතුමා විධායකයේ ප්‍රධානියා විදියට අග්‍රාමාත්‍යවරයෙක් ව්‍යවස්ථානුකූලව පත්කළ විට වත්මන් කථානායකතුමා ප්‍රකාෂ කරනවා එතුමා අලුතින් පත් කළ අගමැතිතුමන් පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළා, එතුමා පිළිගන්නේ හිටපු අගමැති තුමන් බව. කථානායකතුමන් ලිඛිත ප්‍රකාශයක් මගින් තමයි මේ බව සදහන් කළේ. එමගින් රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.

එම අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ දී ජීවිත දෙකක් අහිමි වුණා. තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලැබුවා, අපේ රටේ කළබලකාරී වාතාවරණයක් ඇති වේවි කියලා රටවල් ගණනාවක් සංචාරකයන්ට ලංකාවට යන්න එපා යැයි අනතුරු ඇඟෙව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග ඉහලට යන්න ගත්ත කොටස් වෙළඳපල රටේ මේ ඇති වූ අවිනිශ්චිත භාවය නිසා නැවතත් අස්ථාවර වෙන්න ගත්තා. ශක්තිමත් වෙන්න පටන් ගත් රුපියල නැවතත් අස්ථාවර වෙන්න පටන් ගත්තා. කතානායක තුමන්ගේ මේ පක්ෂග්‍රාහී හැසිරීම සමස්ත රටම දැඩි අස්ථාවර භාවයකට ඇද දැමුවා. විධායකය විසින් පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙක් සහ ව්‍යවස්ථාදායකය සින් පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙක් වශයෙන් අගමැතිවරුන් දෙදෙනෙක් සිටින නිසා විධායකයට, ව්‍යවස්ථාදායකයට යන දෙකටම බලය ලබාදුන් ජනතාවටම අගමැති කවුරුන්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදීම හැර වෙනත් විසඳුමක් අපට තිබුණේ නැහැ. මොකද මේ දෙපාර්ශවයම නියෝජනය කරන්නේ ජනතා නියෝජිතයන්.

නමුත් ඇතැම් රටවල් හිතුවත්, ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිතුමන් කියනවා වගේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අඩපණ වීමක් සිදු වී නැහැ. මේ මොහොතේත් බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලීන් 9000කට අධික පිරිසක් ක්‍රිකට් තරඟ නරඹමින් රට පුරා සංචාරය කරමින් තමන්ගේ රටවලින් කරන අනතුරු ඇඟවීම් ද නොසලකා ලංකාවේ රැඳී සිටිනවා.  වගේම හෝටල් හිමියන් ප්‍රකාශ කරන්නේ සංචාරකයන්ගේ පැමිණීමේ කිසිම අඩුවක් නොමැති බවයි. ඒ නිසා නැති ප්‍රශ්නයක් ඇති කරලා මේ රටට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය දැරූ උත්සාහය මේ මැතිවරණයට යාමත් සමගම පරාජයට පත්වී තිබෙනවා.

ජනතාව ඉදිරියට යාම ප්‍රජාතන්ත්‍රවිරෝධී යැයි යම් රටක් හෝ පුද්ගලයෙකු  කියනවානම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එකවත් දන්නේ නෑ කියන එකයි අපට ප්‍රකාශ කරන්නට වෙන්නේ.

– අරවින්ද අතුකෝරල





ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අපි පැරදෙන්නයි යන්නේ.. අරලිය මන්දිරයේ තවත් ලගින්න බෑ.. කුණු බැනුම් බණිමින් එජාප මන්ත‍්‍රීවරුන් පිටවති.. අරලිය මැදුරේ තනිවූ රනිල් පසු බැසීමට නියමිතයි.. sriavtvnetwork news

අපි පැරදෙන්නයි යන්නේ.. අරලිය මන්දිරයේ තවත් ලගින්න බෑ.. කුණු බැනුම් බණිමින් එජාප මන්ත‍්‍රීවරුන් පිටවති.. අරලිය මැදුරේ තනිවූ රනිල් පසු බැසීමට නියමිතයි



පාර්ලිමේන්තුව විසුරුවා දෙදිනක් ගතවන්නටත් පෙර අරලියගහ මන්දිරයේ රැඳී සිටි හිටපු එජාප මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ආධාරකරුවන් පිරිස් සීඝ්‍රයෙන් අඩු වීමට පටන් ගෙන තිබේ.

ඔවුන් සිය ආසනය වල මැතිවරණ සංවිධාන කටයුතු සඳහා පිටත් වී යමින් සිටින්නේ යැයි අරලියගහ මන්දිරයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම තත්ත්වය මත තවදුරටත් එය අල්ලාගෙන සිටීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි තත්වයක් උදා වී ඇති බව ද වාර්තා වෙයි.

හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පමණක්ම සැලකිය යුතු පිරිස් නොමැතිව ඔහු අසල සිටිය ද එය කොතෙක් කාලයක් කළ හැකිද විශ්වාසයක් නැත.

මේ අනුව ඉතා ඉක්මනින් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පසුබැස ඉවත් වනු ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි හිටපු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මන්දිරයෙන් ඉවත්ව යමින් සිටින්නේ මැතිවරණයෙන් ආසන හා තමන් පරාජය වෙන්නට යද්දී අරලිය මන්දිරය අල්ලාගෙන සිටීමට කිසිම උවමනාවක් නැති බව පවසමිනි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල් ඉවත් නොවුනොත් මං මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. හරීන් නැගිට යන්න යයි..? Sriavtvnetwork news

රනිල් ඉවත් නොවුනොත් මං මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. හරීන් නැගිට යන්න යයි..?

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්‍ෂය නව නායකත්වයක් සමඟ නව මුහුණුවරකින් ගමන් නොකරන්නේ නම් තමන් මැතිවරණයට තරග නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා ඇති බව එජාප හිතවාදදී සමාජ ජාලා පිටු වාර්තා කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එජාප කණ්ඩායම් රැස්වීමේදී යයිද එම අදහස් පල කිරීමෙන් පසු ඔහු ඉන් පිටව ගොස් ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

මෙහිදී හරීන් ප‍්‍රනාන්දු මහතා දැක්වූ අදහස් ගැන එහි සිටි පිරිසක්ද පිලිගත් නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ තීරණය මේ වන තෙක් දන්වා නැතැයිද වාර්තාවන්හි සදහන්ය.

මේ සම්බන්දයෙන් විමසීමට අප හරීන් ප‍්‍රනාන්දු මහතා සම්බන්ද කර ගැනීමට කිහිප වරක් දරන ලද උත්සාහය සාර්ථක නොවීය.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල් එලවන්න පක්ෂේ අතුලේ කැරැල්ලක්...සජිත් - නවීන් රනිල් රකින්න ඉදිරිපත් වේ.. sriavtvnetwork news

රනිල් එලවන්න පක්ෂේ අතුලේ කැරැල්ලක්...සජිත් - නවීන් රනිල් රකින්න ඉදිරිපත් වේ..
==================================

රටේ උද්ගතවූ දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය සිකුරාදා (9) මධ්‍යම රාත්‍රීයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා.ඒ අනුව හදිසි මහ මැතිවරණයක් වෙනුවෙන් සියළු දේශපාලන පක්ෂ මේවන විට ලහි ලහියේ සූදානම් වෙනවා.මේ හදිසි මැතිවරණය සමග කාලයක් අළුයට තිබූ එජාපයේ ගිනි නැවත් උඩ ඇවිල්ල.වසර ගනනාවක් තිස්සෙ එජාපය අභ්‍යන්තරයේ නායකත්වය ගැන තිබූ කඹ ඇදිල්ල ආණ්ඩු බලය ගිලිහී යාමත් සමග නැවතත් ඉස්මතු වෙලා.

හදිසි මැතිවරණයට මුහුණ දීමට නම් පක්ෂයේ නායකත්වය වෙනස්වී තරුණ නායකත්වයක් යටතේ නව දේශපාලන මුහුණුවරකින් ඉදිරිපත් විය යුතු බව පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහසයි.මේ පිළිබද ඉතාම රහසිගත සාකච්ඡාවක් ඊයේ සවස කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවැත්වූ බවට ආරංචි වෙනවා.

එම රැස්වීම ඊයේ සවස 6.45 පමණ සිට පැය දෙකක පමණ කාලයක් පැවැත්වී තිබෙනවා.එයට එජාපේ තරුණ මන්ත්‍රී වරුන් වන හරීන් ප්‍රනාන්දු ,සුජීව සේනසිංහ,හර්ශ ද සිල්වා,අජිත් පී පෙරේරා සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රී වරුන් සහභාගීවී ඇති බව ආරංචි වෙනවා.එහිදී එජාප රජයේ හිටපු අමාත්‍ය වරයකුවූ අජිත් පී පෙරේරා මහතා ඉතාම උද්වේගකර ලෙස අදහස් දක්වා තිබෙනවා.ඔහුගේ මතයවී ඇත්තේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය අතහරින්නෙ නැත්නම් බලහත්කාරයෙන් හෝ ඉවත් කර සජිත් ප්‍රේමදාස හෝ නවීන් දිසානායක වැනි තරුණ දේශපාලකයකු පක්ෂ නායකත්වයට පත් කල යුතු බවයි.සමහර අවස්ථා වලදී ඔහු අසභ්‍ය වචනවලින් පවා වික්‍රමසිංහ මහතාට බැන වැදී තිබෙනවා.

"... මේ ##ගෙ පුතා පක්ෂෙ කෑවා..පක්ෂෙ විතරක් නෙවෙයි රට ,අපේ දේශපාලන අනාගතය සියල්ල විනාස කරා...මම නම් තවත් ඉවසන්නෙ නෑ..දැං ඉවසුවා හොදටම ඇති.අවුරුදු ගානක් දුක් විදල විදල ඇමති පුටුවක වාඩි උනා.ඒකෙන් වැඩ කරන්න තියා හැරෙන්නත් කලින් මේකා ආණ්ඩුව අතෑරියා.."

ඒ අවස්තාවේ අනෙකුත් මන්ත්‍රී වරුන්ද ඔහුගේ අදහස අනුමත කර තිබෙනවා.

"...රාජපක්ෂ රෙජීමය පරද්දන්න බෑ කියල හැමෝම පස්සට වෙද්දි මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා පලාත් සභාවට ඉල්ලල ඒක දිනවල දුන්න.එතනින් තමයි මේ ගමන පටන් ගත්තේ.අපි කරපු කැපකිරීම් නිකන් ගගට ඉණි කැපුවා වගේ..." යැයි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.

".. මම පී.එම්ට කිව්වා අරූව ගවනර් කරන්න එපා කියල.තඹ සතේකට ගනන් ගත්තෙ නෑ.දැක්කනෙ ඇරපු ඇරිල්ල.ඕකෙන් උනේ අපිටත් ගමට යන්න බැරි උන එක.ඒ නිසා අපි කරපු එක හොදක් වත් ජනතාව වැලදගත්තෙ නෑ.රවීට උනෙත් රනිල් බේරගන්න නිකං කෝච්චියට බෙල්ල දෙන්න.." යැයි කොළඹ දිස්ත්‍රික් එජාප හිටපු පා.ම හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව ආරංචි වෙනවා.

මෙම සාකච්ඡාව පැවති මොහොතේ විශාල වශයෙන් දුරකථන සංවාද ඇතිවී තිබෙනවා.එම එක දුරකතන සංවාදයක් අතරතුර සුජීව සේනසිංහ මහතා පැවසූවේ
"..අර එච්.ඊ කිව්ව වගේ අපේ ලොක්ක වටේට තියන් හිටියේ සමණල් රංචුවක්නෙ.උන් තමයි ලොක්කව කෑවෙ.මංගල දන්න රෙද්දෙ ආර්ථිකය.නොදන්න රෙද්ද්වල් කතා නොකර දන්න ටේලර් ජොබ් එක කරගෙන ඉන්න ඕනෙ.." බවයි.

"..විජේදාසල,වසන්තලා අපේ පක්ෂෙ හිටිය බල කණු..මේ කොහෙවත් යන එවුන් උඩට අරන් නායකතුමා අර මිනිස්සුන්ට කැපුවා...නැත්තං ඒ මිනිස්සු පක්ෂෙ දාල යන්නෙ නෑ..දැං බලන්න අනිත් පැත්තෙ ඉන්න දයාසිරි ,ජොන්සන් ,ලොකුගේ,බන්ධුල ,ඉන්දික, මහින්ද සමරසිංහ මේ ඔක්කොම අපේ ඉදල ගිය අයනෙ.මේ හැම එකම ලොක්කගෙ වැරදි.." යැයිද අජිත් පී පෙරේරා වැඩිදුරටත් මහතා පවසා තිබෙනවා..

මෙලෙස පැය දෙකක් පමන පැවති සාකච්ඡාවේදී ඔවුන් එකග වී ඇත්තේ වික්‍රමසිංහ මහතාට නායකත්වය අත්හරින ලෙස බල කිරීමටත්,එසේ නොකරන්නේ නම් පක්ෂය තුල කැරැල්ලක් නිර්මාණය කර සජිත් හෝ නවීන් යන දෙදෙනාගෙන් එක් අයකුට නායකත්වය ලබාදීමටත් ය.

නමුත් මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා සහ නවීන් දිසානායක මහතා නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.ඔවුන් පවසන්නෙ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේ ඇති මහ මැතිවරණය ජයගන්නා බවයි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පොහොට්ටුව අත වෙන්ව තරග කර පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යෝජනා. Sriavtvnetwork news

පොහොට්ටුව අත වෙන්ව තරග කර පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න 


ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ දෙක වෙන් වෙන්ව තරග වැදී යුතුයැයි යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

මෙම පක්ෂ දෙක එක ලයිස්තුවක් යටතේ තරග කළහොත් මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි විශාල පිරිසකට තරග කිරීමේ අවස්ථාව අහිමි වන බව ඔවුන්ගේ අදහසයි.

පක්ෂ දෙක වෙන වෙනම තරග කර පසුව පාර්ලිමේන්තුවේදී පක්ෂ දෙක එක්ව ගිවිසුමක් මගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි බවත් ඔවුනගේ අදහසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පළමු ස්ථානය දිනා ගනු ඇති බවත් ඔවුනගේ පුරෝකථනයන් වී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත්තේ පක්‍ෂ දෙක එක්ව තරග කිරීම සඳහා වන සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network