රතු තොල් *** කොල්ලාගෙන් තවත් ලිපියක්.. එජාපයේ තවත් රහස් එළිවේ sriavtvnetwork news

රතු තොල් *** කොල්ලාගෙන් තවත් ලිපියක්.. එජාපයේ තවත් රහස් එළිවේ..


සුදත් චන්ද්‍රසේකර වන මේ ලියුම්කරුත්,මේ ලියුම්කරුගේ කණ්ඩායමත් රට පුරා ගම් නියම්ගම් සිසාරා ගොස් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කිරීමේදී එම පාක්ෂිකයින් අපගේ වචනය විශ්වාස කොට,පිළි ගෙන ඒ අයගේ දරුපවුල්, රැකී රක්ෂා, ව්‍යාපාර අමතක කොට, දිවි හිමියෙන් එකා වගේ අප සමග අත් වැල් බැද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්හ.
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් මේ ලියුම්කරු ගමින් ගමට ගොස් පාක්ෂිකයා එක් රැස් කරමින් සංවිධානය කළ ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අප පාක්ෂිකයින් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැප කිරීම්වලට කෘතගුණ සැලකීමක් හෝ නිසි ඇගයීමක් සිදු නොවූ බැවින් මේ ලියුම්කරු සිය සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූවද ඒ අය වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටීම සිය වගකීමක් බව මේ ලියුම්කරු අමතක නොකරමි.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකින් පරාජය වූ විගසම අසන්නට ලැබෙන පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ අපට තවත දුරටත් කිසිදු අපූර්වත්වයක් ගෙන නොදේ.එක්සත් ජාතික පක්ෂය 1994 සිට පරාජය වූ සෑම මැතිවරණයකින්ම පසුව, මෙම පක්ෂ ප්‍රථිසංවිධානය ඉදිරියට දමා පරාජයේ විලි වසා ගැනීමට නායකත්වය උස්සාහ දැරීය.
මෙවර පැවැත්වූ පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසුව නැවත වරක් සුපුරුදු පරිදි ප්‍රතිසංවිධාන නාටකය කරළියට පැමිණ ඇත.මේ නාටකය අවසානයේ සිදු වන්නේත් ඉතිහාසයේ සිටම සිදු වූ පරිදි නටපු තොවිලයකුත් නැතිවම බෙරේ පඵව ද නැතිවීමය.ඒ අනුව මේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ ද තවත් පුස් වෙඩිල්ලක් වනවා නිසැකය.
එක්සත් ජාතික පක්ෂයේ 2018 ප්‍රතිසංවිධාන නාටකයේ අවසානය පිළිබදව අනාවැකියක් පළ කළ හොත් එම නාටකය මෙසේ අවසන් විය හැකිය.
එක්සත් ජාතික පක්ෂයේ නායක,රනිල් වික්‍රමසිංහ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස.එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්.එක්සත් ජාතික පක්ෂයේ සභාපති තලතා අතුකෝරාළ.එක්සත් ජාතික පක්ෂයේ භණ්ඩාගාරික ඉරාන් වික්‍රමරත්න.එක්සත් ජාතික උප නායකවරුන් රවි කරුනානායක,මංගල සමරවීර,සරත් ෆොන්සේකා,රාජිත සේනාරත්න,රංජිත් මද්දුම බණ්ඩාර.එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සුජීව සේනසිංහ.එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යොෂ්ඨ උප සභාපතිවරුන් ලක්ෂ්මන් කිරිඇල්ල,දයා ගමගේ,නවීන් දිසානායක.එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරුන් සාගල රත්නායක,අජිත් පී පෙරේරා.එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම්වරුන් රුවන් විජයවර්ධන හර්ෂ ද සිල්වා.
ඉහත ආකාරයට හෝ ඊට සමාන ලෙසට තනතුරු බෙදා ගැනීමක් සහ ඔඵ ගෙඩි මාරුවක් හැර පුළුල්,සාධනීය සහ ජනතාව ඉල්ලා සිටින සබැ ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තු විය නොහැක.ඉහත සදහන් තනතුරු සදහා වගකීම් බෙදා හැරීමක් හෝ බලය බෙදා හැරීමක් නම් මේ ලියුම්කරු දන්නා ආකාරයට කිසි දිනෙක සිදු නොවිණි.
එම තනතුරු හුදෙක්ම නාමමාත්‍රික තනතුරුම පමණක්ම වූ අතර එහෙයින් එම තනතුරුවලින් එක්සත් ජාතික පක්ෂයට සහ අසරණ පාක්ෂිකයාට නම් සිදු වූ සිදු වූ සේවයක් නොමැත.එදා සිට සියලුම තීන්දු තීරණ ගනු ලැබුවේ රාජකීය ගජ මිතුරු කැළ විසිනි.
එම නිසා මෙවරවත් තනතුරු භාර ගැනීමේදී වගකීම් සහ බලය සහිත තනතුරක් භාර ගෙන එක්සත් ජාතික පක්ෂයටත් පාක්ෂිකයාටත්, ජනතාවටත් රටටත් සේවය කරන ලෙස තනතුරු හිමි වන අයගෙන් මේ ලියුම්කරු ආයාචනය කර සිටියි.
එසේ නොමැතිව ලබා ගන්නා තනතුරෙන් එක්සත් ජාතික පක්ෂයට, පාක්ෂිකයාට, ජනතාවට රටට, ඔබට කළ හැකි සේවය කුමක්ද?
අපි අවුරුදු විස්සකට වැඩි කාලයක් විපක්ෂයේ සිටිමින් අනන්ත දුක් කම්කටොඵවලට මුහුණ දුන්නෙමු. විපක්ෂයේ සිටි අප එක්සත් ජාතික පක්ෂය, 2015 ආණ්ඩු බලය ලබා ගත්තද, තවමත් සිටින්නේ විපක්ෂයේ සිටියාටත් වඩා අන්ත අසරණ තත්වයක බව අමුතුවෙන් කිය යුතුව නැත.
මෙසේ තවදුරත් ඉදිරියට ගිය හොත් 2020 දී යළිත් විපක්ෂයට යන්න එක්සත් ජාතික පක්ෂයට සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.එතැන් සිට නැවතත් 2030 වන තුරු, තවත් අවුරුදු දහයක්වත් විපක්ෂයේ සිටීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වනු ඇත. එවිට ඔබගේ ජීවිතයෙන් අවුරුදු තිස් පහකට ආසන්න කාලයක් ඔබ විපක්ෂයේය.
එනම් මෙම පරම්පරාවම විපක්ෂයේය.මීට පෙර පැවති ප්‍රතිසංවිධානවලින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයා ලබා ගත්තේ මොනවාද? තව දුරටත් මේ අන්ත අසරණ එක්සත් ජාතික පාක්ෂිකයින් මේ ආකාරයෙන් රැවටීම යුක්ති සහගතද? එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස අප තවදුරටත් රැවටීම්වලට අසු විය යුතුද? ඒ ගැන දේශපාලන වශයෙන් සහ ගැඹුරින් ද මනසින් සහ හදවතින්ද සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. තීරණය ඔබ අප සතුය.ඔබට ජය..!
සුදත් චන්ද්‍රසේකර
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගනිති sriavtvnetwork news


ශ‍්‍රීලනිප පෙරලිකාරයෝ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගනිති..



ආණ්ඩුවේ ඇමති ධුරයන් අතහරිනු ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා මීලග පාර්ලිමේන්තු සැසිවාරයේ සිට පාර්ලිමේන්තුවේ විපක්‍සයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බව ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල හා ජනාධිපතිවරයාගේ නායකත්වයට යටතේ කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.
ඒ අනුව එළැඹෙන 18 වැනිදා ඇරඹෙන මීලග පාර්ලිමේන්තු සැසියේදී මෙම පිරිස විපක්‍ෂයේ අසුන් ගනු ඇත.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බල පොරය අස්සේ ආර්ථිකය හොම්බෙන් යයි.. රුපියල වැටීමෙන් ගෙවිය යුතු විදේශ ණය ඩබල් වෙයි sriavtvnetwork news

බල පොරය අස්සේ ආර්ථිකය හොම්බෙන් යයි.. රුපියල වැටීමෙන් ගෙවිය යුතු විදේශ ණය ඩබල් වෙයි !


ඇමෙරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාවේ විදේශ ණය කන්ද දින කිහිපයක් තුළ අති විශාල ගණනකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
2018 ජනවාරි 01දා වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 3080කි. (ඩොලර් බිලියන 30.8කි) ඩොලරයක වටිනාකම රුපියල් 155/- ලෙස සැලැකූ විට එහි වටිනාකම රුපියල් බිලියන 4774ක් විය.
ඩොලරය ඉදිරියේ රුපියල දිගින් දිගටම බාල්දුවීමේදී එක් රුපියලකින් ඩොලරයේ වටිනාකම ඉහළ යනවිට අපේ විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 3080කින් ඉහළ යයි. පසුගිය දිනවල ඩොලරයේ වටිනාකම රුපියල් දෙකකින් පමණ වැඩිවීම නිසා රටේ මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 6160කින් පමණ ඉහළ ගියේය. මෙය අපේ ආර්ථිකයේ බලවත් කම්පනයකට හේතුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
දේශය
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැංකු හොරා රැක්කේ ඇමති සැප විදින්නද ? අගමැති සමග රහස් හමුවක්.. හිටපු ඇමති විජේදාසටත් ඇමතිකමක් ?? Sriavtvnetwork

අගමැති සමග රහස් හමුවක්.. හිටපු ඇමති විජේදාසටත් ඇමතිකමක්



ඉකුත් සතියේ දිනකදී විජයදාස රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදුව ඇති බවද සදහන් වේ.
විජයදාස රාජපක්ෂ මහතා මීට පෙර වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරය දැරූ අතර කැබිනට් සාමුහිකත්වය කඩ කළේ යැයි චෝදනා කරමින් එජාප යෙන් එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ ඒ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඉන්දීය සාගරයේ මුතු ඇටය අවසන්… ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය’ (Money Laundering Paradise) ලෙස ශ‍්‍රි ලංකාව නම් කරයි

ඉන්දීය සාගරයේ මුතු ඇටය අවසන්… ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය’ (Money Laundering Paradise) ලෙස ශ‍්‍රි ලංකාව නම් කරයි..


දැන් රටේ විදේශ ආයෝජන අතරින් 65%ක්ම තනි පුද්ගල ආයෝජන බවත් බොහෝවිට ඒවා කළු සල්ලි සුදු කරන ආයෝජන බවත් එනිසාම අද ලංකාවට ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය’ (Money Laundering Paradise) : යන නම පටබැඳී අවසන් බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා පැවසීය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ කපිල ගමගේ මහතා මෙසේ ද සඳහන් කළේය.
“ලබන්නා වූ අවුරුද්ද සමඟ අපට ලැබෙන අවුරුදු තෑගි ගැන අනාවැකි කියන්නයි අද මේ සාකච්ඡාව කැඳවූවේ. අපට මේ ලබන්නේ අබුද්ධස්ස අවුරුද්දක්. මේ අවුරුද්ද ලබන්නේ මීට වසර තුනකට පෙර 7.5%ක තිබූ ආර්ථික වර්ධන වේගය 2.5%ට බැහැපු නැකතක. එහෙම වෙලා තියෙන්නේ ඇයි ? රටක ආයෝජනය කරන විදේශ මූල්‍ය ප්‍රභව කියන්නේ යම් අරමුදල්. හරියට අපේ EPF/ETF වගේ. ඒ අරමුදල් කළමනාකරණය කරන විශ්ලේෂකයින් තමයි තීරණය කරන්නේ මොන රටේ, මොන කොන්දේසි යටතේ ද තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ කියලා. මීට වසර තුනකට පෙර අපේ රටේ විදේශ ආයෝජන අතුරෙන් සාතිශය බහුතරයක් හෙවත් 70%ක් පමණ මේ වර්ගයේ ආයෝජන. නමුත් මුදල් විශුද්ධිකරණ චෝදනා තියෙන කෙනෙක් රටේ මුදල් ඇමති වුණාාම, රටේ මහ බැංකුව, එහි භාරකාරයා විසින්ම මංකොල්ල කෑවා, කියලා ප්‍රචලිත වුණාම, දේශපාලන අස්ථාවරභාවය පේන්න ගත්තාම, රටේ ආර්ථික ප්‍රතිපත්තිය ගමන් කරන්නේ නුහුරට කියලා දැනුණාම මේ විශ්ලේෂකයින් ලංකාවේ ආයෝජනය කිරීම තාවකාලිකව නතර කරනවා.
දැන් රටේ විදේශ ආයෝජන අතරින් 65%ක්ම තනි පුද්ගල ආයෝජන. බොහෝවිට ඒවා කළු සල්ලි සුදු කරන ආයෝජන. එනිසාම අද ලංකාවට ‘කළු සල්ලි සුදු කරන පාරාදීසය (Money Laundering Paradise) කියන නම පටබැඳිලා ඉවරයි. මේ තත්ත්වය යටතේ රටේ ආර්ථිකය සියයට 2.5%ට බහින එක අරුමයක් නොවේ. ඒ අඩුව පුරවන්න රටේ ජනතාවට බදු ගහන එක අරුමයක් නෙවෙයි.
දැන් රටේ ජනතාව අහන්නේ, ‘මේ අලුත් බදු ගහන්නේ අපට අලුතෙන් මොන සේවාවක් සපයලා ද?’ කියලයි. එහෙමත් නැත්නම් ‘මොන සහනයක් ලබා දෙන්න ද?’ කියලයි. රටේ ජනතාව දන්නවා මේ බදු ගහලා එකතු කරගන්න සල්ලි ඒ අයට ප්‍රතිලාභ ලැබෙන වැඩවලට යොදවන්නේ නැහැ කියලා. ඒ වෙනුවට එක් එක් ඇමතිතුමාට වඩාත් සැපපහසු අලුත් වාහන ගන්නයි මේ බදු ගහන්නේ කියලා රටේ ජනතාව දන්නවා.
ඊයේ තිබුණු බස්නාහිර මහනගර අවුරුදු උත්සවය කවුරු පුම්බන්න ද? කාගේ හීන හැබෑ කරන්න ද? මේක ජනතාවගේ ද ? නැහැ. වෙනදා ගමේ තියන අවුරුදු උත්සව කරන්නවත් මෙදා ඒ මිනිස්සුන්ට හයියක් නැති නිසා ඇමතිතුමා අවුරුදු උත්සවයකුත් තියලා, ඇමතිතුමාම අවුරුදු කුමාරයා වෙලා, ඇමතිතුමාම සැඟවුණු අමුත්තාත් වෙනවා. මොකටද? කවදා හරි දවසක ලිස්සන ගහේ නැගලා කොඩිය කඩා ගන්න තියෙන ජාගර බලාපොරොත්තුව නිසා.
‘අවුරුදු තෑගි දැන්මම පාර්සල් කරලා ඉවරයි’
මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ තමයි මෙවර අවුරුදු ලබන්නේ. මේ අවුරුද්දේ අපට ලැබෙන්න නියමිත අවුරුදු තෑගි දැන්මම පාර්සල් කරලා ඉවරයි. පළමු එක, ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැමති නංගි පෙන්වා රට ෆෙඩරල් කිරීම නමැති අක්කා දීග දෙන’ අවුරුදු තෑග්ග. මේකට පූර්ණ සාදර අනුග්‍රහය ජනතා විමුක්ති පෙරමුණෙන්. දෙවැනි එක, වැඩි වැඩියෙන් මුදල් ඉපයීම මන්දෝත්සාහි කිරීම නැමති අවුරුදු තෑග්ග. මේක ලැබෙන්නේ නව බදු සංශෝධන හරහා. දේශීය ව්‍යාපාරිකයන් වැඩි වැඩියෙන් මුදල් ඉපයීමට උනන්දු කරනවා වෙනුවට මේ හදන්නේ ඔවුන්ට මුදල් ඉපයීම එපා කරවන්න. දැන් වැඩි වැඩියෙන් මුදල් ඉපයීම මේ බදු සංශෝධන යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්. එතකොට ජාතික වශයෙන් ආර්ථිකය ගොඩනැගෙන එක නතර වෙලා විජාතික කොම්පැනිවලට ඒ අවස්ථාව ලැබෙනවා. මොකද ඔවුන්ගෙන් බදු ගන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි ඔවුන්ට බදු සහනත් ලබා දෙනවා. ප්‍රීමා සමාගමට මිලියන 13000ක්, කිරිපිටි සමාගම්වලට තවත් බිලියන ගණනක් විදියට.
මේ අවුරුද්දේ තවත් අලුත් දීමනාවක් හඳුන්වා දුන්නා. හැබැයි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුට විතරයි. ඒ තමයි නොපැමිණීමේ දීමනාව. වෙනදා පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාවක් ලැබුණා. ඊයේ පෙරේදා 26 දෙනෙකුට ලැබුණේ නොපැමිණීමේ දීමනාවක්. ඒක අර පැමිණීමේ දීමනාව වගේ පොඩි ගාණක් නොවෙයි කියලා අපට ආරංචියි. මේ විදිහට තවත් නහුතයක් අවකෙළි, දාදු ක්‍රීඩා, පාවා දීම්, ගේම් සහ ඩීල් සමග උදා වන මේ අවුරුද්ද කරදරයක් නැතිව ගෙවාගන්න ඔබටත් රටටත් හැකිවේවා, කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රාර්ථනයකින් විතරක් කරන්න බැහැ. ඒ නිසා අන් කවරදාටත් වඩා හොඳින් ඇස් කන් ඇරගෙන ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.’‘
මෙම මාධ්‍ය හමුවට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී කීර්තිලතා කොතලාවල මහත්මිය ද එක් ව සිටියා ය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද රාජපක්ෂ රටට කල විපතක් වේ නම්…  ඔබත් කියවා බලන්න sriavtvnetwork news

මහින්ද රාජපක්ෂ රටට කල විපතක් වේ නම්… 
ඔබත් කියවා බලන්න..!

ලංකාව හෙල්ලෙන තරම් දැවැන්ත වැඩ කන්දරාවක් කරවපු මහින්ද මහත්තයා ඔය කිසි වැඩක දරුණු ඉංජිනේරු ටෝක්ස් දෙනවා කවුරු හරි දැකලා තියෙනවද..?

ඒ මනුස්සයා දේශපාලනය මිස නොදන්න රෙද්දවල් කියවන්න ඇගිලි ගහන්න ගියේ නෑ.. ඒ ඒ ක්ශ්‍රේත්‍රවල වැඩකාරයින්ට වැඩ කරන්න දුන්නා.. ඔහු ඒ හැම දේකටම අදාල දේශපාලන නායකත්වය ලබා දුන්නා.. ලංකාවෙ ඉන්න වැඩක් කල හැකි හැම ටොයියයි බයියයි ජෙප්පයි අරකයි මේකයි හැම එකාම තමන්ට හැකි පමණ වැඩ කලා.. අද කරනවට ඔහේ කොරනවා වගේ නෙවෙයි.. තම තමන්ගෙ ක්ශ්‍රේත්‍ර වේගයෙන් දියුණු වෙනවා බල බල.. හෙට ගැන අළුත් බලාපොරොත්තු ඇතුව..

ඒ අතර මදාවිකම තක්කඩිකමත් දියුණු උනා තමයි.. ඒත් අපිට ඒ සමාජයට අනවශ්‍ය දේවල් ස්වභාවිකව සෙට්ල් කරන කල් ටිකක් ඉවස ගන්න බැරි උනා.. මේ රටේ කොන්දටම කෙලවා ගත්තෙ ඒක බලෙන් කොරන්න ගිහිල්ලා.. මට පුළුවන් නම් එකෙක් පෙන්නපං දින සීයකින් බලෙන් සෙටල් කරපු රටක්.. ඔය වාමාංශිකයො කියන මිනිස්සු හිතන්නෙම අනිත් එවුන්ව යන්ත්‍ර වගේ නමන්න හසුරවන්න.. සමාජෙ වෙලා ගෙන තියෙන මදාවිකම තක්කඩිකම බලෙන් නතර කරන්න ඔය යහපාලන බිබික්කමේ හීන දැක්කෙත් ඒ ටයිප් එකටම තමයි.. එහෙම සමාජ වෙනස් කරන්න පුළුවන් නම් මොකටද බොලව් මෙච්චර දාර්ශණිකයො මේ ලෝකෙට..??

මෙතන වෙච්ච විපාකෙ සරලවම මේකයි මට පේන විදිහට.. 2005 වෙනකොට අපේ රට ඇත්තටම අපි ඉන්න ඕනැ තැනට වඩා අවුරුදු 25ක් 30ක් පිටි පස්සෙ හිටියෙ ඒ තරම් කාලයක් රට පාලනේ කරපු ඔළමොට්ටල පාලකයො නිසා.. කොටින්ම පැය 24ම කරන්ට් එක දී ගන්න බැරි තැනක.. නැව්කාරයො වශයෙන් අපි අපි වගේ කියලා හිතා ගෙන ඉන්න රටවල්වල ගොඩ බැස්සම ඒවයෙ දියුණුවත් අපෙත් වෙනස පැහැදිළිව අත්දැක්කා..

රටේ පිනකට මහින්ද මහත්තයාට ජනාධිපති පුටුව ලැබෙනවා 2005 දි.. සමහරු හිතනවා එයා පළවෙනි අවුරුදු 5 හේ කලේ යුද්දෙ විතරයි කියලා.. ලොකු වැරදීමක්.. ඔහු යුද්දෙත් ඒකට අදාල මිනිස්සුන්ට භාර දුන්නා සියළු මූලික අවශ්‍යතා සම්පූරණය කරලා කාල රාමු සහිතව.. ඒ අතරෙ රටේ සියළු යටිතල පහසුකම් සීග්‍රයෙන් දියුණු කලා ඒවට අදාල පුද්ගලයො හරහා.. ඇති තරමටත් වඩා විදුලිය නිපදෙව්වා.. ජලාශ හැදෙව්වා.. මාර්ග පද්ධතියම වේගයෙන් සංවර්ධනය කරා.. වරාය ධීවර වරාය ගුවන් තොටුපලවල් හැදීම සංවර්ධනය කිරීම ඇරඹුවා.. අරෙහෙන් යුද්ධය ඉවර කරලා කොටි තොලොන්ච් කරන කොට මෙහේ යෝධ ආර්ථික පිම්මකට රටම රෙඩී..

2009දී ලක්ෂ දෙක හමාරක් වගේ වෙච්ච සංචාරකයන් ප්‍රමාණය 2015 වෙන කොට ලක්ෂ 15 ඉක්මවා ගියේ යුද්දෙ ඉවර උනු නිසාම නෙවෙයි.. මනුස්සයෙකුට වගේ ඇවිදලා කියලා යන්න බොහෝ පහසුකම් අවශ්‍යතා ලැබුනු නිසා.. 2020 වෙනකොට සංචාරකයන් ලක්ෂ 25ක් අවුරුද්ද කදි ගෙන්වන්න වැඩ පිළිවෙලක් තිබුනු නිසා.. පැරණි කාර්යක්ශමතාවය (efficiency) අඩු ගුවන් යානා සමඟ මළගම් යමින් තිබුනු ශ්‍රීලංකන් ගුවන් සේවය සෙසු ගුවන් සමාගම් සමඟ කරට කර තරඟ වැදිය හැකි A330-300, A350-900 නවීන යානා සමඟ පිටියට පිවිස වන්නට නියමිතව තිබුනේද මෙවැනි සැලසුම් එක්ක.. හතු පිපෙන සේ හෝටල් ඉදි උනේ විශාල උනේ මෙසේ සක්‍රීයව ක්‍රියාත්මක වූ වැඩපිලිවෙල එක්ක.. ඒ එක උදාහරණයක්..

කොටින්ම මහින්ද මහත්තයාගෙ වැඩ පිළිවෙල දිහා බැලුවම පැහැදිළියි.. අඩු තරමෙ 2020 වෙනකොට අපි ඉන්න ඕනැ තැනින් වසර දහයකට පහකට අතරටවත් ගේන්න ඔහු ඔහුගේ විශේෂඥයන් සමඟ සැලසුම් කලා.. ඒක පසුගිය දශකය ලෝකෙ අනිත් රටවල් නගර එක්ක සංසන්දනය කරාම අපට දැනෙන දේ.. ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ නගරය කොළඹ උනා කියන එක සමහරුන්ට අන්බිලීවබල් වෙන්නැති.. දකුණු ආසියාවේ ආශ්චර්යය කිව්වම සමහරුන්ට විහිළුවක් උනාට ඒක විහිළුවක්ම නෙවෙයි.. අපි ලෝක මට්ටමේ ත්‍රස්ත කල්ලියක් වසර 3කින් මුලිනුපුටා දමා ලෝකය විශ්මයට පත් කරපු රටක්.. ඒ සීග්‍ර සමාජ පරිවර්ථනය සමාජයට ඔරොත්තු දුන්නද නැද්ද වෙනම සංවාදයක් කල යුතු කාරණාවක්..

මෙච්චර වැල්වටාරමක් කිව්වෙ එක ඉල්ලීමක් කරන්න..

මොන ඔය කියන ඉඩම ගත්තත් ගේ හැදුවත් කොල්ලා ඩිපෙන්ඩරේ පැද්දත් ලැම්බොගිනි පැද්දත් මහින්ද රාජපක්ෂ කියන්නෙ පසුගිය සියවසේම ඉහළම සේවයක් රටට, අපිට, රටේ අපේ අනාගතයට කරපු මිනිහෙක්.. ගිනි ගෙන අඩපු රටක් ඒකෙන් ගලවන් අපිත් එක්ක එකට දුවන්න ඕනැ එවුන්ගෙ බන්ච් එකටම අපිව ගෙනිහින් නතර වෙන්න හදපු මිනිහෙක්.. කොටින්ම යුග පුරුෂයෙක්.. ඒක නිසා ඒ මනුස්සයට තුට්ටු දෙකේ අපහාස කරන්න එපා..

වැරදි දේශපාලණිකව විවේචනය කරහල්ලා.. අවුරුදු හැටක් ඩොලර් බිලියන 20ක් වෙනකල් ඉබි ගමනෙ ආපු ආර්ථිකයක් වසර දහයකින් ඩොලර් බිලියන 80ක් දක්වා එනම් රටේ ආර්ථිකය හතර ගුණයකින් වර්ධනය කිරීමේ දැවැන්ත කාර්යයේ නියමුවා තමයි රුහුණු ගිරුවාපත්තුවෙන් බිහිවුන ඒ මනුස්සයා..

ඒ මනුස්සයා අපෙන් මොනවා හෝ බිබික්කමක් ගත්තත් ඒ වගේ සිය දහස් ගුණයක් අපිට දීපු බව අමනුස්සයෙකුට මිස නෑ කියන්න බෑ.. එහෙම ගත්තු බිබික්කමක් තියෙනවා නම් ඒක හොයන්න ඕනැ නම් ඕනැ උන් හොයා ගනිල්ලා.. හැබැයි අද මේ රටේ බලය තාවකාලිකව ඩැහැගෙන ඉන්න චෞර සේනාව එක්ක අවනීතියෙන් අපහාසයෙන් නෙවි..

මහින්ද රාජපක්ෂට දඩුවම් කරන විදිහ රාජිත සේනාරත්න ටීවී එකේ පැහැදිළි කරනවා අහන් ඉන්න තරම් පීචං නින්දිත තත්වයට වැටුනු ජාතියක් අපි.. කරුණාකර අපිව තවත් වට්ටවන්න එපා..

මේ පාරෙ ගියොත් අපිට නතර වෙන්න වෙන්නෙ ලෝකෙට වඩා අවුරුදු 50ක් 60ක් පස්සට ගිහින් නන්නත්තාර වෙලා.. මව්කිරි ගුණය බොහොම සිල්ලරට අමතක කරන්න එපා.. මොකද අවනීතිය නීචකම මිනිස්සු ඉවසන සීමාවක් තියෙනවා..

මහින්ද රාජපක්ෂව මේ රටේ මිනිස්සුන්ගෙන් වෙන් කරන්න ඔය හැම ලොක්කටම කෙරුමටම හිතන තරම් පහසු නෑ.. ඒක හොඳට මතක තියං හැමෝම වැඩ කරමු.. ඒක හැමෝගෙම ශරීර සෞඛ්‍යයට බොහොම යහපත් වේවි..

– විශ්ව චින්තන -

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විශ්වාස භංගයේදී කෝටි 4-5ට මැති ඇමතින් විකිණිනු හැටි ඇමති දයාසිරි හෙලි කරයි. Sriavtvnetwork news

විශ්වාස භංගයේදී කෝටි 4-5ට මැති ඇමතින් විකිණිනු හැටි ඇමති දයාසිරි හෙලි කරයි..


අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලට මුලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියා සිටී.
ඉරිදා මවුබිම පුවත්පත සමග ඇමතිවරයා අදහස් පල කර ඇත්තේ මෙසේය.
විමල් වීරවංශ මන්ත්‍රිතුමා මොණර කොළ ගැන කතා කළා. මුදල් ලබාදී මන්ත්‍රිවරුන්ව ඩැහැගත්ත බව කිව්වා. ඔබත් ඉන්නේ ඒ මතයේද?
සහතිකවම අපිත් ඒ මතයේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ළඟ මුදල් අරගෙන තමන්ගේ මතය වෙනස් කරගත්ත මන්ත්‍රිවරුන්ගේ නම් තිබෙනවා. ලබාගත් මුදල ගැන අප දන්නවා.
ඉතිං ඒ ගැන රටට කියන්නේ නැත්තේ ඇයි?
අවශ්‍ය වෙලාවට කියන්නම්. පැහැදිලිව ඒ සාක්ෂි අප සතුව තිබෙනවා.
ලොකුම ගාණ කීයද?
කෝටි 4-5වගේ ගණන් ඒ අතර තිබෙනවා. කෝටියක් ගත්ත මන්ත්‍රි කෙනෙක් මට ඒ ගැන කිව්වා. ණය තුරුස් ටිකක් බේරගන්න ඒක උපකාරි වුණා කිව්වා.
කවුද මේ වගේ සල්ලි දෙන්න ඉදිරිපත් වුණ අය. ව්‍යාපාරිකයෝද?
මම දන්නේ නැහැ. නමුත් හොයනවා. සමහර විට බැඳුම්කර කට්ටිය ඉන්නත් පුළුවන්.
ශ්‍රීලනිප පාර්ශ්වය නියෝජනය කරන පිරිසකුත් විශ්වාසභංගය පරදවන්න අනියමාර්ථයෙන් උදවු කළා. ඒ අයත් සල්ලි ගත්තද?
ඒ ගැන කියන්න මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපේ අයට ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්න තිබුණා. මේ විශ්වාසභංගයට උදවු කරලා ඇමැතිකම් දරන්නේ කොහොමද කියලා ඔවුන් ප්‍රශ්න කළා. ඒ වගේම විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් යහපත් ස්ථාවරයක සිටිනවා. ඒ ඇමැතිවරු මේ මගඩි අනුමත කරන්නේ නැහැ.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විශ්වාසභංග ජයග්‍රහණයෙන් බැඳුම්කර නඩුවත් විසි වෙයි.. අගමැතිගෙන් ප‍්‍රශ්න කිරීම් බෑ.. අර්ජුන් මහේන්ද‍්‍රන්ටත් ප‍්‍රශ්නයක් නෑ sriavtvnetwork news


විශ්වාසභංග ජයග්‍රහණයෙන් බැඳුම්කර නඩුවත් විසි වෙයි.. අගමැතිගෙන් ප‍්‍රශ්න කිරීම් බෑ.. අර්ජුන් මහේන්ද‍්‍රන්ටත් ප‍්‍රශ්නයක් නෑ..?



අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාව ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 2 සහ 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වන තත්ත්වයක් උදා වී තිබෙන්නේ යැයි නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පැවසීය.
මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත අනුව නීතිමය තත්ත්වය විග්‍රහ කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මෙසේ ද කීය.
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේ වැඩි හරියක් තිබුණේ, ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් වූ චෝදනායි.
මේ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමෙන් පැහැදිළි වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඒ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන ඇති බවයි.
අගමැතිවරයාට එරෙහි මේ විශ්වාස භංග යෝජනාව පරාජයවීමත් සමග මහ බැංකු බැදුම්කර වංචාව ගැන අධිකරණයේ නඩු විභාග කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා.
පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 2 සහ 3 වගන්ති යටතේ ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටවත් පොලීසියට නොහැකි වන තත්ත්වයක් උදා වී තිබෙනවා.
මේ අනුව රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කරමින් බී වාර්තාවක් පවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරියේදී නොහැකි වන්නේ පාර්ලිමේන්තුව මගින් නිදොස් කොට නිර්දෝෂීභාවය පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ නෛතික යුතුකමක් සහ වගකීමක් නීතිපතිවරයාටත් ඇති නිසා බව කිව යුතුයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට යළි ගෙන්වා ගැනීමේ නීතිමය බලය ද නීතිපතිවරයාට අහිමි වන බව පැහැදිළියි.
හිටපු කතා නායක අනුර බණ්ඩාරනායක මහතා විසින් 2001 ජුනි මස 20 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළ අග්‍ර විනිශ්චයකාරවරයා ධූරයෙන් පහ කිරීම පිළිබද යෝජනාව සම්බන්ධ කතා නායක තීරණය සැළකීමේදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග 3 ව්‍යවස්ථාව කියවීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කරමින් බැදුම්කර ගණුදෙනු වංචාවක් ගැන ශ්‍රී ලංකාවේ අධිකරණයක තව දුරටත් කිසිම නඩුවක් විභාග කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ.
මේ අනුව 2018 අප්‍රේල් 04 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සාකච්ඡා කළ බැදුම්කර විලාපය අවසන් වන බව පැහැදිළිව කිව යුතුයි’
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කොටි පැරදු යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ.. ‘ සිහිපත් කිරීමේ දිනය’ කියා නමත් වෙනස්‌ කරනවා..- ලක් රජය ජිනීවා සමුළුවට දන්වයි. Sriavtvnetwork news

කොටි පැරදු යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ.. ‘ සිහිපත් කිරීමේ දිනය’ කියා නමත් වෙනස්‌ කරනවා..- ලක් රජය ජිනීවා සමුළුවට දන්වයි..


කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීම ගැන හමුදා ආචාර පෙළපාලි නොපවත්වන බවත්, ‘ජයග්‍රාහී දිනය’ ‘සිහිපත් කිරීමේ දිනය’ ලෙස නම් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
එසේම ආර්. සම්පන්දන්ට විරුද්ධ පක්‍ෂ නායකකම ලබාදීමට ක්‍රියා කළ බවද එකී වාර්තාවේ දක්‌වා තිබේ.
රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත්තේ මුල්වරටය.
සහජීවන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය ඉටුකළ ක්‍රියා ලෙස ඉහත කී කරුණු හෙළිකර ඇත.
ශ්‍රී ලංකා රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට පැමිණි විදේශ තානාපතිවරුන් අතර බෙදාදී ඇත.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අගමැතිගේ සහායට 78ක් පමණයි.. අත්සන් ලේඛණය සගවයි.. එජා පෙරමුණේ සියළු නායකයන් ඉල්ලා අස්වන්නැයි කියයි sriavtvnetwork news

අගමැතිගේ සහායට 78ක් පමණයි.. අත්සන් ලේඛණය සගවයි.. එජා පෙරමුණේ සියළු නායකයන් ඉල්ලා අස්වන්නැයි කියයි..


පිිවිතුරු හෙළ උරුමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තුමන් ඇතුළු මන්ත්‍රිවරුන් ගණනාවක් කියා සිටිනවා ඔවුන් විශ්වාස භංග යෝජනාව පහසුවෙන්ම පරදවන බවටත්, ඔවුන් සමග මන්ත්‍රිවරුන් 120ට වඩා වැඩි පිරිසකගේ සහය තිබෙන බවටත් කටමැත දොඩවනවා. ඔවුන් එසේ කටමැත දෙඩෙව්වත් අගමැතිතුමන්ට සහය පළ කිරීමේ ලියවිල්ලට අත්සන් කර ඇත්තේ මන්ත්‍රිවරුන් 78 පමණයි. ඒ නිසා තමයි මේ ළියවිල්ල තවමත් රහසිගත ලියවිල්ලක් බවට පත්වෙලා තිබෙන්නේ.
අපේ විශ්වාස භංග යෝජනාව අත්සන් කල වහාම ඒ  අත්සන් නම් සහිත ලේඛණය අපි මාධ්‍ය වලට නිදහස්  කළා.  අන්න ඒ වගේ අගමැතිට සහය පල කිරීමේ ලියවිල්ල ප්‍රසිද්ධ කරන්න කියා අපි එජාපයට අභියෝග කරනවා.  ඒක ප්‍රසිද්ධ කරන්නේ නෑ නොවේ. ප්‍රසිද්ධ කරන්න බෑ.  ඒක ප්‍රසිද්ධ කලොත් අගමැතිගේ සහයට ඉන්නේ 78ක් පමණයි කියන එක රටම දැන ගන්නවා.  ඒ 78 අතරේත් විශ්වාස භංගයට පක්ෂ බව කලින් හෙලි වීම අවාසි නිසා, අගමැතිට සහය පල කළ යෝජනාවට අත්සන් කළ මන්ත්‍රිවරුත් ඉන්නවා.  එජාපය පැවසුවේ ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් දස දෙනෙක්ගේ සහය තමන්ට ලැබෙන බවයි. නමුත් ඊයේ ශ්‍රිලනිපය ඒකමතිකව තීරණය කළා විශ්වාස භංගයට පක්ෂ වෙන්න. ඒක අපිවත් බලාපොරොත්තු නොවුණු දෙයක්.  අපි හිතුවේ අඩුම ගණනේ ඇමතිවරුන් දෙදෙනෙකුවත් විශ්වාෂභංගයට එරෙහිව කටයුතු කරාවි කියලා.   මේ වන තුරු ආණ්ඩුවේ ඉන්න කිසිම පක්ෂයක් අගමැති රැක ගන්න ඉදිරිපත් වෙලා නෑ.   රනිල් මැතිඳු අද තනි වී වෙල මැද්දේ කියලා තමයි අපට කියන්න වෙන්නේ.
හබන් කුකුලන්ට මගුල්
ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මගුල් කියලා පැරණි සිංහල කියමනක් තිබෙනවා.  ඒ වගේ අපි ඉතාම මහන්සියෙන් ගෙනා විශ්වාස භංග යෝජනාව නිසා සමහර පක්ෂ වලට වගේම සමහර මන්ත්‍රිවරුන්ටත් හරිම වාසියි කියලා ආරංචියි. සමහරු රාජපක්ෂවරුන්ට බනින අතරේ බොරු රනිල් විරෝධයක් පෙන්වන්නේ තමන්ගේ වටිනාකම ඉහළ නංවා ගන්න කියලයි ආරංචි. මේ දවස්වල සල්ලි මළු තොග පිටින් වීසිකරන බවයි ආරංචි.  අපේ ඉල්ලීම වන්නේ, සල්ලි දෙනවා නම් සල්ලි ගන්න.  තනතුරු දෙනවා නම් තනතුරුත් ගන්න.  විශ්වාස පල කරලා අත්සන් කරන්න කියනවා නම් ඒකත් කරන්න.  හැබැයි අපේ ආදරණීය මව්බිමේ අනාගතය ගැන හිතලා හතරවෙනිදට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වෙන්න කියන එකයි ඒ සල්ලිමලු තනතුරු වරදාන ලැබෙමින් පවතින මන්ත්‍රිවරුන්ගෙන් අපට කරන්න තිබෙන ඉල්ලීම
රනිල් හිටියොත් රට ඉවරයි
පුංචි ඡන්දයේ දී එජාපයට ලැබුණේ 30%ක් පමණයි.  ඒ නිසා තමන් ජනපතිවරණයට ඉදිරිපත් වෙලා වැඩක් නෑ කියලා රනිල් මැතිතුමා දන්නවා.  නැවත කිසිම දවසක ජනතාව ඉදිරියට යන්නේ නැති නිසා දැන් එතුමා ජනතාවට බය නෑ. වත්මන් අගමැතිතුමන් පෙබරවාරි 10 වෙනිදායින් පසු අතිශයින්ම භයානකයි. ජනතා සිතුම් පැතුම් ගැන සංවේදි නෑ.  ඒ නිසාම රට විකුණන්න බය නෑ.  එක්ටා අත්සන් කරන්න බය නෑ.  රණවිරුවන් පාවා දෙන්න බය නෑ.  පෙබරවාරි 10 මැතිවරණ පරාජයෙන් පසු ගෙවුණු මාස දෙක දිහා බලන්න. රණවිරුවන් දඩයම් කරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්වරුන් පත් කළා.  පිටරට වලට රණවිරුවන් පාවා දෙන ජාත්‍යන්තර ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවේ සම්මත කළා.  ත්‍රිකුණාමල වරාය සිංගප්පූරුවට විකුණන සාකච්ඡා ආරම්භ කළා.  එක්ටා ගිවිසුම පිළිබද සාකච්ඡා යලි ඉන්දියාව සමග ආරම්භ කලා.    මාස එකහමාරකට දෙකකට මෙහෙම නම් තව අවුරුදු එකහාමාරක් හිටියොත් කොහොම වේවි ද කියන බියකරු සිහිනය මවාගන්න කිසිවෙකුටවත් අමාරු වෙන් නෑ.
අපි ඔබට විශ්වාසයෙන් දෙයක් කියනවා.  හෙට ඉර පායන එක සත්තයි නම් අගමැති රනිල් ගෙදර යන එකත් සත්තම සත්තයි.  බොහෝ විට මෙය මාධ්‍ය වල පල වන විටත් අගමැතිතුමා ඉල්ලා අස් වී තිබෙන්න පුළුවන්. එතුමන් අද දවස ඇතුලත අගමැති ධූරයෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.  මොකද එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවී සිටින සියලුම පක්ෂ නායකයන් තව දුරටත් අගමැතිතුමන්ට සහය දැක්වීමට නොහැකි හෙයින් එතුමන්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට නියමිතයි.  ඒ වගේම එජාපයේ මන්ත්‍රිවරුන් විශාල කණ්ඩායමක් ඔබතුමන් ඉල්ලා අස් නොවුන හොත් හෙට දින පාර්ලිමේන්තු නොපැමිණෙන බවට පණිවිඩයක් දීමට නියමිතයි. අංක ගණිතය ගැන අවබෝධයක් තිබෙන නිසා අගමැතිතුමන් අද දින ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
– අරවින්ද අතුකෝරල
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

 අගමැතිට වහා ඉල්ලා අස්වෙන්නැයි ශ‍්‍රිලනිපය දන්වයි.. විශ්වාස භංගයට ඒකමතිකව පක්‍ෂයි.. ශ‍්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණ මෙන්න. Sriavtvnetwork news

Chapter Close : අගමැතිට වහා ඉල්ලා අස්වෙන්නැයි ශ‍්‍රිලනිපය දන්වයි.. විශ්වාස භංගයට ඒකමතිකව පක්‍ෂයි.. ශ‍්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණ මෙන්න..


හෙට දිනයේ විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී ඇමතිවරුන් සිවු දෙනෙකු පමණක් සදහන් කර ඇත්තේ තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන ඉදිරියට යා යුතු බවයි.
එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ තමනට තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ අගමැති දුරයේ තබාගෙන ගමනක් යා නොහැකි බවත් ඔහු අගමැති ධුරයේ තවත් සිටියහොත් රටට මහා විනාශයක් වන බවත්ය.
ඒ අනුව මෙම තීරණය අද පෙරවරුවේ අගමැතිවරයා වෙත දැනුම් දීමට නියමිත අතර අගමැතිවරයා එකග නොවන්නේ නම් විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දෙන බවත් දැනුම් දීමට නියමිතය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Exclusive : ඉල්ලා අස්වන්න රනිල්ට අන්තිම පැය 24 දෙයි… රවි සමග එජාප මැති ඇමතින් 50ක් විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි..



Exclusive : ඉල්ලා අස්වන්න රනිල්ට අන්තිම පැය 24 දෙයි… රවි සමග එජාප මැති ඇමතින් 50ක් විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි..



රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර හෙට (03) දිනය ඇතුලත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි තදබල බලපෑමක් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයන් පිරිසක් සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.
හිටපු ඇමති රවි කරුණානායක ඇතුළු 50කට ආසන්න එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් විසින් මෙම ඉල්ලීම කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.
මෙම පිරිසේ අරමුණ වී ඇත්තේ අවසන් පැය 24 ඇතුලත කෙසේ හෝ අගමැතිවරයා ඉල්ලා අස්වීමට එකග කරවා ගැනීමයි. එසේ ඉල්ලා අස් නොවුනහොත් මෙම පිරිස විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමේ තීන්දුවක් ගනු ඇති බවද සදහන්ය.
තමන්ගේම දේශපාලන කදවුරෙන් එල්ල වන දැඩි පීඩන තත්වය මත අගමැතිවරයා හෙට දිනයේ ඉල්ලා අස්වනු ඇති බවට ඉහල පෙලේ දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.
මේ තත්වය සම්බන්දයෙන් කරුණු පැහැදිලි කිරීමට රවි කරුණානායක මන්ත‍්‍රීවරයා අද (02) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවු තිබුනද පසුව එය අවලංගු කර ඇත්තේ සෙසු පිරිස විසින් කරන ලද ඉල්ලීමක් මත යයිද වාර්තා වෙයි.
හෙට දිනයේ සියළු දෙනා එක්වී උපරිම උත්සාහයක් දරා රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමට බල කිරීමටත් එසේ කල නොහැකි වුවහොත් සියළු දෙනා එක්ව ඊළග පියවරට යාමටත් යෝජනා කල නිසා එසේ මාධ්‍ය හමුව කල් දැමූ බවද පැවසෙයි.
ඇඩ්මින් - ලක්මාලි වීරසිංහ ( රෝමය)


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලොවම විශ්මයට පත්කළ රුවන්වැලි සෑයේ රහස sri lanka buddies

ලොවම විශ්මයට පත්කළ රුවන්වැලි සෑයේ රහස්

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි.
මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත. රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත.
එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත.
රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී. මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය.
එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි.
මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.
දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ.
මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්.
රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ.
දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි.
පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි

Exclusive : ඇමති සජිත් එජාප මැති ඇමති පිරිසක් සමග ජනාධිපති නිවසට පැමිණේ.. අගමැතිකමට හා එජාප නායකත්වයට සූදානම් බව දන්වයි..s


ඇමති සජිත් පේ‍්‍රමදාස රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද දහවල් කාලයේදී ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්චාවක් කර ඇත.
මෙම විශේෂ සාකච්චාව සිදු කර ඇත්තේ කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස බංග යෝජනාව සම්බන්ධයෙන් එම පිරිස ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇති අතර යම් ලෙසකින් විශ්වාස බංගය බරාජය වුවහොත් කුමක් කරන්නේදැයි ජනාධිපතිවරයා එම පිරිසගෙන් විමසීමක් කර ඇත.
එසේ වුවහොත් වෙනත් නායකයෙක් සමග අගමැති ධුරය සමගින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කාලයද ආණ්ඩු කරන බව එම පිරිසගේ පිලිතුර විය.
එහිදී ජනාධිපතිවරයා නැවත වරක් විමසා ඇත්තේ එසේ නම් ඉදිරියේදී තමන් සමග වැඩ කරන අගමැතිවරයා කවුරුන් විය හැකිද කියාය.
පිලිතුරු ලෙස එජාප කණ්ඩායම දන්වා ඇත්තේ තම නායකයා හා අගමැතිවරයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා පත් කර ගන්නා බවය.
මෙම සාකච්චාව සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් අට දෙනකු පැමිණ ඇති බව ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අපව තුට්ටු දෙකට දාලා වැඩ කරන ආණ්ඩුවට පාඩමක් උගන්වන්න විශ්වාස භංගයේදී තීරණයක් ගන්නවා..- හකීම් vidio


අපව තුට්ටු දෙකට දාලා වැඩ කරන ආණ්ඩුවට පාඩමක් උගන්වන්න විශ්වාස භංගයේදී තීරණයක් ගන්නවා..- හකීම්



හතර වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී දුරදිග බලා ‍අවසන් තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි.
එම පක්‍ෂ නායක ඇමති රවුෆ් හකීම් මහතා පුත්තලමේදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේ මේ ආණ්ඩුවෙන් තමනටද අසාධාරණකම් සිදුවන බවයි.
තමන් ඇතුළු පිරිස් විසින්ම පත් කර ගත් ආණ්ඩුවේ නායකයින් දැන් තමන් තුට්ටු දෙකට දමා වැඩ කරන්නේ යයිද ඔහු චෝදනා කරයි.
කෙසේ වෙතත් කිසි විටක දේශපාලන තීන්දුවක් ගැනීම සදහා ඉක්මන් නොවන බවද කියූ ඔහු ජනවරම ගැනකල්පනා කර නිවැරදි තීරණයක් ගන්නා බවද කීවේය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network