අද ඊලාම් සටන කෙරෙන්නේ වන්නි යුධබිමේ නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි.. යහපාලන රජය දැනටමත් ඉන් පරාදයි sriavtvnetwork news

අද ඊලාම් සටන කෙරෙන්නේ වන්නි යුධබිමේ නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි.. යහපාලන රජය දැනටමත් ඉන් පරාදයි…


ප්‍රභාකරන් වසර 30 ක් පුරා උතුරේ කැලෑ වල ඊලමක් වෙනුවෙන් කල යුද්ධය අද දෙමල ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ප්‍රභාකරන්ට වඩා සාර්ථකව කරන බව ජීනීවා වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඩනගා ආපසු පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.
” මෙවර යුද්ධය සදහා ඔවුන් තෝරාගෙන තිබෙන යුධ පිටිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. ප්‍රභාකරන් සමග ආයුධවලින් කල සටන පසුගිය රජය ජයගත්තත් දෙමල ඩයස්පෝරාව සමග නුවනින් කරන සටන වත්මන් රජය පැහැදිලිවම පරාජය වී තිබෙනව.
අලුත් යුධපෙරමුණේ මුල්ම පරාජය සිදුවුනේ වත්මන් නිවට ආන්ඩුව දෙමල ඩයස්පෝරාව මගින් මෙහෙයවනු ලබන බටහිර රටවල් ඉදිරියේ දනින් වැටී 2015 දී ඇමෙරිකාව විසින් ලංකාවට එරෙහිව ඉදිරිපත් කල ජිනීවා 30/1 යෝජනාව සම අනුග්‍රාහකත්වය දී පිලිගත් දිනයි. එදා සිට සතුරා අපට ජිනීවාවල එලව එලවා පහරදෙද්දී ලංකාවේ දුර්වල රජය ඔවුන්ගේ සියලු කොන්දේසි වලට හිසනමම්න් පසුබානවා.
යහපාලන රජය ඩයස්පෝරාව සතුටු කරන්න මොනවා කරත් ඔවුන් ජීනීවා ඇවිත් කියන්නේ තවත් මදි කියලයි. බුරුතු පිටින් ඔවුන් පැමින කියන දේවල් මත තමයි මේ ගැටලුව ගැන ලෝක මතය තීරණය වන්නේ. උදාහරණයක් වසයෙන් පසුගිය 23 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් ඔහුගේ වාර්තාවේ කීවා තවමත් ලංකාවේ රජය දෙමල ජාතිකයින්, අතුරුදහන් කරනවා , දරුණු වද හිංසා කරනවා කියලා, ඔහු නිර්දය ලෙස අපහාස කලා අපේ අධිකරණ පද්දතියට. නමුත් මේවාට එරෙහිව හඩක් නගන්නට ජීනීවා වල ඉන්න අපේ තානාපතිවරු හෝ මැති ඇමතිවරු ක්‍රියා කරන්නේ නැහැ.
අන්තර් ජාතික ප්‍රජාව ජයගත්තා කියල කයිවාරු ගැහුවාට මේ රජය අද ඉන්නේ අන්තර් ජාතික් ප්‍රජාව ඉදිරියේ වැලේ වැල් නැතුව පැරදිලා දනින් වැටිලයි. මෙන්න මේ වගේ තත්වයක් තුල තමයි ආන්ඩුව නොකරන වැඩේ, ඒ කියන්නෙ රට වෙනුවෙන් ජිනීවා වල හඩක් නගා ලෝකයට ඇත්ත කියන්නට ශ්‍රී ලංකික ගෝලීය සංසදය ඉදිරිපත් වෙලා තිබෙන්නෙ. ඔවුන්ගේ ආරාධනයෙන් තමයි අද්මිරාල් සරත් වීරසේකරත් මමත් මේ අරගලයට එක්වී සිටින්නේ.
විශේෂයෙන්ම ගෝලීය සංසධයේ යුරෝපීය පෙරමුනේ නායකයා වන වසන්ත කීර්තිරත්නගේ නායකත්වයෙන්, එංගලන්තය ඉතාලිය, ස්වීඩනය,ස්විට්සර්ලන්තය , ප්‍රංශය ,ඩෙන්මාර්කය , ඊශ්‍රායලය , මොනාකෝ, ජර්මනිය , වැනි රටවල් ගනනාවකින් පැමිනෙන ශ්‍රී ලාංකිකයො සමග එකට එක්වී එල් ටී ටී හිතවාදී දෙමල ඩයස්පෝරාවේ බොරුව පසුගිය වසර 11/2 ක කාලය තුල අපි හෙලිදරව් කරමින් ඉන්නවා. අපේ තර්ක ඉදිරියේ උත්තර දීගන්න බැරුව අද දෙමල ඩයස්පෝරාව අසරණයි. ඒ කෙසේ වෙතත් මෙය දිනන සටනක් වන්නේ කොන්ද පන ඇති දේශප්‍රේමී නායකත්වයක් යටතේ අලුත් ආන්ඩුවක් ලංකාව බාරගත්තාට පසුවයි ”
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network