විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට දන්වයි.. රාජිත අලූත් අගමැති කරන සාකච්චා සුවසිරිපායේදී ඇරඹේ sriavtvnetwork news

විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට දන්වයි.. රාජිත අලූත් අගමැති කරන සාකච්චා සුවසිරිපායේදී ඇරඹේ..


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාස භංගය ගැන විශේෂ සාකච්චාවක් අද පස්වරුවේ සෞඛ්‍ය අමත්‍යංශයේදී පැවැත්වී ඇති බව වාර්තා වෙයි.
මෙම හමුව සදහා ඇමති රාජිත සේනාරත්නට අමතරව චම්පික රණවක, මහින්ද අමරවීර, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, පලනි තිගාම්බරන්, කරුණාරත්න පරණවිතාන යන ඇමතිවරුන් ඇතුළු 08 දෙනෙකු පමණ පිරිසක් මේ සදහා සහභාගී වී ඇත.
විශ්වාස භංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමට බල කිරීමට සූදානම් බවත් තම පිරිස විසින් නම් කරන ලද පුද්ගලයෙකු අගමැති ලෙස නම් කල යුතු බවටත් එහිදී මූලික එකගතාවයකට පැමිණ තිබේ.
බොහෝ දුරට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මීලග අගමැතිවරයා ලෙස නම් කල යුතු යයි මෙම පිරිස විසින් යෝජනා කිරීමට වැඩිම ඉඩක් ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network