2018 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,000යි sriavtvnetwork news


2018 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,000යි…



දිවයින පුරාම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරන ලෙස සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව මෙම වසරේ දීප ව්‍යාප්තව සිදු කරන ප්‍රථම ඩෙංගු මර්දන වැඩසටහන අප්‍රේල් මස 03 සිට 09 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත.
2018 වර්ෂයේ ගත වූ කාල සීමාව තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 13,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 50% ක අඩුවීමකි. මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සදහා බස්නාහිර පළාත තුල හා මඩකලපුව දිස්ත්‍රික්කය තුල හඳුනා ගත් වැඩි අවදානම් ප්‍රදේශ වල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 450 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.
මේ සදහා සියලූ දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.
ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.
– ප‍්‍රසන්න අධිකාරී
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network