අගමැතිට සහාය දක්වන අත්සන් ලේඛණය ඇනකොන්ඩා.. තාම සරල බහුතරය නෑ.. විශ්වාස පල කිරීමේ ලේඛණයම විස්වාස බංගය වෙයි. Sriavtvnetwork news

අගමැතිට සහාය දක්වන අත්සන් ලේඛණය ඇනකොන්ඩා.. තාම සරල බහුතරය නෑ.. විශ්වාස පල කිරීමේ ලේඛණයම විස්වාස බංගය වෙයි..


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය පල කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් අත්සන් තබමින් ඇති ලේඛණයට මේ වන විටත් 112ක සරල බහුතරය සොයා ගැනීමට නොහැකි වී ඇත.
පසුගිය සතියේ බටන් මෙය අත්සන් කරමින් ඇති අතර පළමු දිනයේදී අත්සන් 68ක් හා ඉන්පසු දින කිහිපයේදී අත්සන් 78ක් දක්වාත් අත්සන් තබා තිබින.
අත්සන් සියයක් ඇතැයි ප‍්‍රකාශ වූයේ සිරිකොතේ පැමිණීමේ ලේඛණයට අත්සන් තැබූ පිරිස මිස අගමැතිවරයාට සහාය පල කල පිරිස නොවන බවටද වාර්තා විය.
කෙසේ වෙතත් අගමැතිවරයාට සහාය පලකරමින් අත්සන් කර ඇති ලේඛණය මේ දක්වා අන්තර්ජිලයේ හෝ වෙනත් කිසිදු තැනත ප‍්‍රසිද්ද කර නැත්තේ එහි පාර්ලිමේන්තුවේ සරල බහුතරයවත් නැති නිසාවෙන් යයිද වාර්තා වෙයි.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාතාල සංදර්ශන අස්සේ ආණ්ඩු විරෝධීන් ඝාතනය කිරිමේ සැලැස්මක්!… පාතාලය පසුපස දේශපාලකයන් සහ ආණ්ඩුවේ කුළී මාධ්‍යවේදීන්! Sriavtvnetwork news

පාතාල සංදර්ශන අස්සේ ආණ්ඩු විරෝධීන් ඝාතනය කිරිමේ සැලැස්මක්!… පාතාලය පසුපස දේශපාලකයන් සහ ආණ්ඩුවේ කුළී මාධ්‍යවේදීන්!

සමාජ ජාල අවහිර කරමින් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට නොහැකි වු වත්මන් ආණ්ඩුව පාතාලය රටේ හිස ඔසවා ඇති බව පෙන්වමින් ආණ්ඩුවට එරෙහිව සමාජ බලගන්වන වෙබ් සහ සමාජ් ජාලා ක්‍රියාකාරින් භීතීයටට පත්කිරිමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
රට පුරාම පාතාලය හිස ඔසවා ඇති බවත් පාතාල මැරයන් ගෝඩ් ෆාදර්ලා කිරිමට දේශපාලකයින් සහ වත්මන් ආණ්ඩුව සමග ඉතාමත් සමිපයෙන් කටයුතු කරන විද්යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය රැසක් ඒ පසුපස සිටින බවත් ඔහුන්ගේ එකම අරමුණ වි ඇත්තේ පාතාල ක්‍රියාකාරකම් උලුප්පා දක්වමින් රටේ මුලික ප්‍රශ්ණ අමතක කිරිමත් ආණ්ඩුවට එරෙහිව පෙල ගැසෙන සමාජ් ක්‍රියාකාරින් භීතියට පත් කිරිමත් බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
රටපුරා පාතාලය ක්‍රියාත්මක බවත් ආණ්ඩුවට හිසරදයක්ව ඇති වෙබ් කාරයන්ට වැඩක් දි එම ඝාතනය පාතාලය සමග බද්ධ කර ආණ්ඩුවට ලේසියෙන්ම අත පිහදා ගත හැකි බව පෙරේදා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිය පෞද්ගලික ලේකම්වරුන් සමග පවසා ඇති අතර අදාළ අමාත්‍යවරයා පසුගිය කාලසිමාවේ සමාජ ජාල සහ වෙබ් හරහ දැඩි ලෙස පහර කැමට ලක්වු කලක් මැර දේශපාලන ප්‍රවාහය නියෝජන කල අයෙකු වේ.
මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති පාතාල ක්‍රියාකාරකම් සහ ඔවුන් හා සබැඳි දේශපාලන සබඳතා පිළිබඳව හෙළිදරවු වී ඇති අතර මේ වන විට ඩුබායි සිට පාතාල ක්‍රියාකාරකම්වල නිරත මධුෂ් නැමැත්තා සහ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයෙකු අතර සම්බන්ධතාවයක් පිළිබඳවද හෙළිදරවු වෙමින් ඇතැයි වාර්තා වෙයි.
එකී දේශපාලන සබඳතාවය නිසාම මාතර දිස්ත්‍රික්කයේ වැලිගමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මධුෂ්ගේ ගෝලයන්ට තරග කිරීමට ලැබී තිබේ.මීට අමතරව තවත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් ගණනාවක් සමගම අදාළ පාතාල කල්ලි නායකයන් රහසිගත සබඳතා පවත්වාගෙන යමින් ඇතැයි ද විවේචන එල්ල වේ. පසුගියදා පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙකු ද පාතාලය හා දේශපාලනය අතර ඇති සබඳතා පිළිබදව මාධ්‍යයට හෙළිදරවු කොට තිබිණි.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]

පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]


ආදි ශිෂ්‍ය කල්ලි, ගජ මිතුරු කල්ලි හෝ පවුල් කල්ලි මගින් රටක් ඉදිරියට නොයන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එනිදා තරුණ පරපුරට ඉඩ දී දේශපාලනයෙන් ඉවත් විය යුතු වේලාවට පයින් ගසා ඉවත් කිරීමට කලින් ඉවත් වීමට පුරුදු විය යුතු බවත් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂයටද එවන් තත්වයක් ඇති විය හැකි බවත් දේශපාලන මලගමේ යාමට තමන් සූදානම් නැති බවත් වෙනස් නොවන්නේ නම් වෙනස් කිරීම සදහා තමන් ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය
කොළඹදී පැවති එම පක්‍ෂ පලාත් පාලන මන්ත‍්‍රී හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අද ඊලාම් සටන කෙරෙන්නේ වන්නි යුධබිමේ නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි.. යහපාලන රජය දැනටමත් ඉන් පරාදයි sriavtvnetwork news

අද ඊලාම් සටන කෙරෙන්නේ වන්නි යුධබිමේ නොව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේයි.. යහපාලන රජය දැනටමත් ඉන් පරාදයි…


ප්‍රභාකරන් වසර 30 ක් පුරා උතුරේ කැලෑ වල ඊලමක් වෙනුවෙන් කල යුද්ධය අද දෙමල ඩයස්පෝරාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ප්‍රභාකරන්ට වඩා සාර්ථකව කරන බව ජීනීවා වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඩනගා ආපසු පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.
” මෙවර යුද්ධය සදහා ඔවුන් තෝරාගෙන තිබෙන යුධ පිටිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. ප්‍රභාකරන් සමග ආයුධවලින් කල සටන පසුගිය රජය ජයගත්තත් දෙමල ඩයස්පෝරාව සමග නුවනින් කරන සටන වත්මන් රජය පැහැදිලිවම පරාජය වී තිබෙනව.
අලුත් යුධපෙරමුණේ මුල්ම පරාජය සිදුවුනේ වත්මන් නිවට ආන්ඩුව දෙමල ඩයස්පෝරාව මගින් මෙහෙයවනු ලබන බටහිර රටවල් ඉදිරියේ දනින් වැටී 2015 දී ඇමෙරිකාව විසින් ලංකාවට එරෙහිව ඉදිරිපත් කල ජිනීවා 30/1 යෝජනාව සම අනුග්‍රාහකත්වය දී පිලිගත් දිනයි. එදා සිට සතුරා අපට ජිනීවාවල එලව එලවා පහරදෙද්දී ලංකාවේ දුර්වල රජය ඔවුන්ගේ සියලු කොන්දේසි වලට හිසනමම්න් පසුබානවා.
යහපාලන රජය ඩයස්පෝරාව සතුටු කරන්න මොනවා කරත් ඔවුන් ජීනීවා ඇවිත් කියන්නේ තවත් මදි කියලයි. බුරුතු පිටින් ඔවුන් පැමින කියන දේවල් මත තමයි මේ ගැටලුව ගැන ලෝක මතය තීරණය වන්නේ. උදාහරණයක් වසයෙන් පසුගිය 23 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් ඔහුගේ වාර්තාවේ කීවා තවමත් ලංකාවේ රජය දෙමල ජාතිකයින්, අතුරුදහන් කරනවා , දරුණු වද හිංසා කරනවා කියලා, ඔහු නිර්දය ලෙස අපහාස කලා අපේ අධිකරණ පද්දතියට. නමුත් මේවාට එරෙහිව හඩක් නගන්නට ජීනීවා වල ඉන්න අපේ තානාපතිවරු හෝ මැති ඇමතිවරු ක්‍රියා කරන්නේ නැහැ.
අන්තර් ජාතික ප්‍රජාව ජයගත්තා කියල කයිවාරු ගැහුවාට මේ රජය අද ඉන්නේ අන්තර් ජාතික් ප්‍රජාව ඉදිරියේ වැලේ වැල් නැතුව පැරදිලා දනින් වැටිලයි. මෙන්න මේ වගේ තත්වයක් තුල තමයි ආන්ඩුව නොකරන වැඩේ, ඒ කියන්නෙ රට වෙනුවෙන් ජිනීවා වල හඩක් නගා ලෝකයට ඇත්ත කියන්නට ශ්‍රී ලංකික ගෝලීය සංසදය ඉදිරිපත් වෙලා තිබෙන්නෙ. ඔවුන්ගේ ආරාධනයෙන් තමයි අද්මිරාල් සරත් වීරසේකරත් මමත් මේ අරගලයට එක්වී සිටින්නේ.
විශේෂයෙන්ම ගෝලීය සංසධයේ යුරෝපීය පෙරමුනේ නායකයා වන වසන්ත කීර්තිරත්නගේ නායකත්වයෙන්, එංගලන්තය ඉතාලිය, ස්වීඩනය,ස්විට්සර්ලන්තය , ප්‍රංශය ,ඩෙන්මාර්කය , ඊශ්‍රායලය , මොනාකෝ, ජර්මනිය , වැනි රටවල් ගනනාවකින් පැමිනෙන ශ්‍රී ලාංකිකයො සමග එකට එක්වී එල් ටී ටී හිතවාදී දෙමල ඩයස්පෝරාවේ බොරුව පසුගිය වසර 11/2 ක කාලය තුල අපි හෙලිදරව් කරමින් ඉන්නවා. අපේ තර්ක ඉදිරියේ උත්තර දීගන්න බැරුව අද දෙමල ඩයස්පෝරාව අසරණයි. ඒ කෙසේ වෙතත් මෙය දිනන සටනක් වන්නේ කොන්ද පන ඇති දේශප්‍රේමී නායකත්වයක් යටතේ අලුත් ආන්ඩුවක් ලංකාව බාරගත්තාට පසුවයි ”
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට දන්වයි.. රාජිත අලූත් අගමැති කරන සාකච්චා සුවසිරිපායේදී ඇරඹේ sriavtvnetwork news

විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වෙන්නැයි රනිල්ට දන්වයි.. රාජිත අලූත් අගමැති කරන සාකච්චා සුවසිරිපායේදී ඇරඹේ..


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාස භංගය ගැන විශේෂ සාකච්චාවක් අද පස්වරුවේ සෞඛ්‍ය අමත්‍යංශයේදී පැවැත්වී ඇති බව වාර්තා වෙයි.
මෙම හමුව සදහා ඇමති රාජිත සේනාරත්නට අමතරව චම්පික රණවක, මහින්ද අමරවීර, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, පලනි තිගාම්බරන්, කරුණාරත්න පරණවිතාන යන ඇමතිවරුන් ඇතුළු 08 දෙනෙකු පමණ පිරිසක් මේ සදහා සහභාගී වී ඇත.
විශ්වාස භංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් කිරීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමට බල කිරීමට සූදානම් බවත් තම පිරිස විසින් නම් කරන ලද පුද්ගලයෙකු අගමැති ලෙස නම් කල යුතු බවටත් එහිදී මූලික එකගතාවයකට පැමිණ තිබේ.
බොහෝ දුරට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මීලග අගමැතිවරයා ලෙස නම් කල යුතු යයි මෙම පිරිස විසින් යෝජනා කිරීමට වැඩිම ඉඩක් ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

2018 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,000යි sriavtvnetwork news


2018 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13,000යි…



දිවයින පුරාම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරන ලෙස සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව මෙම වසරේ දීප ව්‍යාප්තව සිදු කරන ප්‍රථම ඩෙංගු මර්දන වැඩසටහන අප්‍රේල් මස 03 සිට 09 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත.
2018 වර්ෂයේ ගත වූ කාල සීමාව තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 13,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 50% ක අඩුවීමකි. මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සදහා බස්නාහිර පළාත තුල හා මඩකලපුව දිස්ත්‍රික්කය තුල හඳුනා ගත් වැඩි අවදානම් ප්‍රදේශ වල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 450 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.
මේ සදහා සියලූ දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.
ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.
– ප‍්‍රසන්න අධිකාරී
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති..[Vodeo]

සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති..[Vodeo]




සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රනිල් ආටිගලගේ නිවසට අද අළුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මාළඹේ, ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ පිහිටි නිවසටයි.
පොලීසිය සදහන් කරන්නේ නිවසේ බිත්ති හා ජනේලවලට වෙඩි ප‍්‍රහරයෙන් හානි සිදුව ඇති බවයි.
එම අවස්ථාවේ පුද්ගලික ලේකම් හා පවුලේ අය නිවසේ සිටියද ඔවුනට ඉන් හානියක් සිදුවී නැත.
වෙඩි ප්‍රහාර 18ක පමණ ප‍්‍රහාණයක් නිවසට එල්ල කර ඇතැයි හෙලිව ඇති අතර එය කවුරුන් විසින් කරන ලද්දක්දැයි හෙලිව නොමැත.
මේ අතර අද පෙරවරුවේ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී යතුරු පිදියකින් පැමිනි අයෙකු කල වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඩොලරය රුපියල් 165 පනිනු ඇතැයි පුරෝකතන.. කොළඹ කොටස් පහල බහී. Sriavtvnetwork news

ඩොලරය රුපියල් 165 පනිනු ඇතැයි පුරෝකතන.. කොළඹ කොටස් පහල බහී..


රට තුල ඇතිව තිබෙන බරපතල ආර්ථික අර්බුදය නිසා ඉදිරියේදී ඇමරිකානු ඩොලරයක් රුපියල් 165 දක්වා ඉහල යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.
මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය සිකුරාදා වන විට ඩොලරයක ගැනුම් මිල රුපියල් 154.11ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 157.88කි.
මේ අතර කොළඹ කොටස් වෙලදපලද සිකුරාදා දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6500 දක්වා පහත වැටී තිබින.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විශ්වාස භංගයට විරුද්ද වන්නැයි කිංස්බරි හෝටලයේදී මන්ත‍්‍රීවරුනට සල්ලි ගෝනි බෙදයි.. බෙදුම්කරු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල හතරවැනියා sriavtvnetwork news

විශ්වාස භංගයට විරුද්ද වන්නැයි කිංස්බරි හෝටලයේදී මන්ත‍්‍රීවරුනට සල්ලි ගෝනි බෙදයි.. බෙදුම්කරු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල හතරවැනියා..


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දෙන ලෙස බල කරමින් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුනට සල්ලි මලූ පිටින් බෙදා දෙමින් සිටින්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අද පැවති විවාදයට එක්වෙමිනි.
කොළඹ කිංස්බරි හෝටලයේදී අද පෙරවරුවේ එක් අයෙකුට එවන් සල්ලි මල්ලක් බෙදා දී ඇතැයිද කී මන්ත‍්‍රීවරයා ආන්ඩු පක්‍ෂයේ ඉදිරි පේලියේ හතරවැනි පුටුවේ සිටින ඇමතිවරයා විසින් සල්ලි මල්ල දුන් බවත් වැඩි දුරටත් පැවසීය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි. Sriavtvnetwork news


රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..



තමන් හිරේ තමා අධිකරණයට ස්වයං වින්දනයක් ගැනීමට උවමනා නම් තමන් බොහෝම කැමැත්තෙන් හිරේ යන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
නියෝජඨ ඇමතිවරයා අධිකරණයට අපහාස කලේ යයි අධිකරණය හමුවේ විබාග වන නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී පැමිණිල්ල වෙනුනෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව තිබූ බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුවකට තමන් පෙනී සිටි එය දිනා දුන් බවයි.
තමන් නිසා එම නඩුවෙන් ඔහු බේරුනු බවත් නීතීඥවරුන්ගේ ගාස්තු ගැන කතා කරන රාමනායක මහතා එම නඩුවට තමනට ගාස්තුවක් ගෙවූ බවද නීතීඥවරයා සදහන් කලේය.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘සමලිංගික’ විෂය පෙර පාසැල් හා පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකග වේ sriavtvnetwork news

‘සමලිංගික’ විෂය පෙර පාසැල් හා පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකග වේ..

                  

බුද්ධාගම, කතෝලික යන ආගම්වලින් ද මෙරට නීතියෙන් ද ප්‍රතික්ෂේප කොට ඇති සමරිසි චර්යාවන් පෙර පාසලේ සිට උගන්වන්නට ජාතික එකඟතාවක් (National Commitment) ලබා දුන්නේ කවුදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා ප්‍රශ්න කර සිටී.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ ප්‍රශ්න කර සිටියේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ කපිල ගමගේ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“පෙර පාසල් සහ පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයට අලුත් විෂයක් ඇතුළත් කරන්න යන බවට මේ දිනවල සංවාදයක් ඇති වී තිබෙනවා. මේ කටයුත්ත මෙහෙයවනු ලබන්නේ ‘තින්ක් ඊක්වල්’ (Think Equal) නමැති සංවිධානයක් බව ද ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම වාර්තා කොට තිබෙනවා.
මේ ‘තින්ක් ඊක්වල්’ සංවිධානය කියන්නේ, ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන, සමරිසි අයිතීන් (LGBT rights) වෙනුවෙන් පෙනී සිටින, ඒ බව පැහැදිලිව ප්‍රකාශ කරන සංවිධානයක්. අපට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට එම සංවිධානය විෂය නිර්දේශයට එකතු කිරීමට හදන කරුණුවලට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙනවා. එසේම එම ව්‍යාපෘතිය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය අනුග්‍රහය දක්වනවා.
Think Equal අරමුණ
අපි දැන් බලමු, මේ ‘තින්ක් ඊක්වල්’ සංවිධානයේ අරමුණ කුමක්ද, කියා. ඔවුන් පිළිබඳව Daily Mirror පුවත්පත පළ කළ විශේෂාංග ලිපියක් ඇසුරෙන් මා එය පැහැදිලි කරන්නම්. ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ ‘ලිංගිකමය වශයෙන් වෙනස් වන අයගේ අයිතීන්’ (Lesbian, Gay, Bisexual and Transgender rights) වෙනුවෙන් පෙනී සිටීම, ඔවුන්ට මේ සමාජයේ සම අයිතිය, අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම.
‘පාසල්වලට අලුත් විෂයක්’
මෙම සංවිධානයේ වෙබ් අඩවියේ පළමු පිටුවේ තිබෙන්නේ ‘Think Equal – A New Subject In Schools‘ කියන ලිපියයි. ඒ අනුව ඔවුන් පෙර පාසල් සහ පාසල් දරුවන්ට අලුත් විෂයක් හඳුන්වා දීමට හදන බව පැහැදිලියි. එතැනදී ඔවුන් ඍජුව කියන්නේ නැහැ ‘අපි සමරිසි අයිතිය විෂයක් විදිහට පාසල්වලට හඳුන්වා දෙනවා’ කියා. එය ඔවුන් කියා ඇත්තේ වෙනත් වචනවලින්. යම් යම් මානව ගුණාංගයන් (Develops Empathy, Critical Thinking Skills… etc) පිළිබඳ පැහැදිලි කරමින් තමයි ඔවුන් මේ නව විෂය හඳුන්වා දෙන්න හදන්නේ. ඒ වගේම ඔවුන් පවසනවා, ‘අපි මේ විෂය හඳුන්වා දීමට රටවල් 15කින් ජාතික එකඟතාව ලබා ගෙන තිබෙනවා’ (Think Equal have already secured national commitments from 15 countries) කියා. ඒ රටවල් 15ට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව එහි කියැවෙනවා. එසේම මේ නව විෂය ඉගැන්වීම සඳහා නියමු වැඩසටහන් (Pilot Programmes) ඇරඹීමට නියමිත රටවල් 7ට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව ‘Think Equal’ වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
ජාතික එකඟතාව ලබා දුන්නේ කවුද?
මෙතැනදී අපට වැදගත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ තමයි ‘මෙවැනි විෂයක් ශ්‍රී ලංකාවේ පෙර පාසල්වලට සහ පාසල්වලට හඳුන්වා දීමට ජාතික එකඟතාව (National Commitment)ලබා දුන්නේ කවුද?’ කියා. ඒ වගේම ‘Think Equal’ සංවිධානයේ වෙබ් අඩවියේ සඳහන්ව ඇති කරුණු, Daily Mirror පුවත්පතේ පළව ඇති තවත් විශේෂාංග ලිපියකින් වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා. ‘අපි මේ විෂය හඳුන්වා දීමට ඉලක්ක කර ගන්නේ පෙර පාසල්වල වයස අවුරුදු 03 සිට 07 දක්වා සිසුන්වයි’ (We are targeting pre-schools with children between ages 3-7) කියා එහි සඳහන්.
‘අග්‍රාමාත්‍ය කාර්යාලයේ පහසුකම් සැපයීම’
ඒ වගේම ඉහත ලිපියෙහි තවත් තැනක තිබෙනවා, ‘මේ කටයුත්ත සඳහා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය පහසුකම් සපයනවා’ (While in Sri Lanka I will be supporting the local programme and the entire effort will be facilitated by the Prime Minister’s office) කියා. ඒ අනුව ඉතා පැහැදිලියි. ජාතික එකඟතාවයකින් යුතුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පහසුකම් සැපයීම මත මේ නව විෂය මේ රටේ පෙර පාසල් හා පාසල්වල ඉගැන්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව.
ඔවුන් මේ උගන්වන්නට යන විෂය තුළ ‘සමරිසි අයිතීන්’ (LGBT rights) වැනි වචන පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් ඒ සඳහා පාවිච්චි කරන්නේ වෙනත් වචනයි. ළමයින් සහ මිනිසුන් තුළ තිබෙන මානව ගුණාංගවලට (Human Values) අදාළ වචන ඊට යොදා ගන්නවා. කවර වචන හරඹයක් තුළින් වුවත් මේ විෂය හඳුන්වා දෙන්නේ LGBT rights වෙනුවෙන් පෙනී සිටින Think Equal සංවිධානය බව අප වටහාගත යුතුයි.
අපි වචන හරඹ නිසා බොහෝ අවස්ථාවල අමාරුවේ වැටුණා. ‘යහපාලනය’ කියන වචනය හොඳ දෙයක්. නමුත් යහපාලනය නාමයෙන් මේ රටට ලැබුණේ හොඳ දෙයක් නොවෙයි.‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ කියන වචන හොඳ දෙයක්. නමුත් තොරතුරු දැන ගැනීමේ පනත නිසා පහසුවෙන් දැනගත හැකි තොරතුරුවලටත් සම්බාධක පැනවුණා. මෙතැනදී වෙන්නේ මානව ගුණාංග කියන වර්ගීකරණයට අයත් වචන ටිකක් යොදා ගෙන සමලිංගික අයිතීන් හා වෙනත් විෂමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන Think Equal, තමන්ගේ න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම. එම කණ්ඩායමේ අරමුණ සමඟ බැලුවම ඔවුන් මේ නව විෂය හඳුන්වා දෙන්නේ සිසුන් තුළ යහපත් මානව ගුණාංග ඇති කිරීමට කියා කිසිසේත්ම පිළිගන්න බැහැ.
‘මේ විෂය රටේ අනාගතයට බලපාන්නේ කෙසේද?’
සමරිසි චර්යාවන්හි යෙදෙන පිරිස්වලට අදාළව මෙවැනි ඉගැන්වීමක් සිදු කළා නම් අපට ගැටළුවක් නැහැ. ඒ වගේම පැහැදිලිව කියන්න ඕනෙ, අපි මෙතැනදී සමරිසි අයිතීන්වලට පක්ෂව හෝ විරුද්ධව නොවෙයි අපේ මේ අදහස් දැක්වීම සිදු කරන්නේ. ඒක අපි මෙතැනදී අදාළ කර ගත යුතු නැහැ. ඒ පිළිබඳව විවිධ මත තිබෙන්න පුළුවන්. නමුත් අපි කථා කරන්නේ, ’සමරිසි අයිතීන් පිළිබඳව පෙනී සිටින කණ්ඩායමක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ද අනුග්‍රහය ඇතිව අවුරුදු 03 සිට 07 දක්වා දරුවන්ට ඉගැන්වීමට හදන විෂය, මේ රටේ අනාගතයට කෙබඳු ආකාරයට බලපාවි ද?’ කියන කාරණය.
‘බුද්ධාගමෙන් – කතෝලික ආගමෙන් – නීතියෙන්’
බෞද්ධ දර්ශනයේ පන්සිල්, විනය සූත්‍රවල මේ සමරිසි චර්යාවන් ගැන කතා කොට ඇත්තේ සෘණාත්මක අර්ථයෙන්. ඒ වගේම කතෝලික ආගමේ දස පනතින් සමරිසි චර්යාව ගැන කතා කොට ඇත්තේ ද සෘණාත්මක අර්ථයෙන්. මේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය ඇත්තේත් මේ සමරිසි අයිතීන්වලට අදාළව සෘණාත්මක අර්ථයෙන්. ඒ වගේම මැල්කම් රංජිත් කාදිනල්තුමන් මේ කාරණය සම්බන්ධයෙන් දැක්වූ අදහසට යුද ප්‍රකාශ කිරීමට ද මේ සමරිසි චර්යාවන් ප්‍රවර්ධනය කරන කණ්ඩායම කටයුතු කොට තිබුණා.
‘කවුද මේ බලවතා?’
මේ සියලු කාරණාවලින් පැහැදිලි වෙනවා, අපේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහිව යමින් තමයි මේ කණ්ඩායම තම ප්‍රවර්ධන කටයුතු කරන්න කියා. ඒ අනුව අපේ රටේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහිව යන කණ්ඩායමක් තමයි වයස අවුරුදු 03 සිට 07 දක්වා දරුවන්ට මේ විෂය උගන්වන්න හදන්නේ. ඒ වගේම අපේ රටේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහිව වන කණ්ඩායමකට තමයි අග්‍රාමාත්‍ය කාර්යාලය මෙසේ අනුග්‍රහය දක්වන්නේ. ඒ වගේම අපේ රටේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහි කණ්ඩායමක යෝජනාවකට තමයි අපේ රටේ කවුරුන් හෝ ඉහළ බලධරයෙකු ‘ජාතික එකඟතාව’ (National Commitment) ලබා දී තිබෙන්නේ.
‘මේ එන්නේ මොකාටද?’
මේ ආණ්ඩුව මේ එන්නෙ මොකාටද? අපි දන්නවා, මේ ආණ්ඩුව මේ රටේ පූජ්‍ය පක්ෂයට වෛර කරනවා. අපි දන්නවා, මේ ආණ්ඩුව මේ රටේ රණවිරුවන්ට වෛර කරනවා. ඔවුන් මේ රටේ ආර්ථික මර්මස්ථාන මහ දවල් මංකොල්ලකමින් ආර්ථිකයට වෛර කරනවා. දැන් මේ නරුම ආණ්ඩුවේ ඒ වෛරය මේ රටේ අනාගත දරු පරම්පරාව දක්වා දිවෙනවා. ඒ දිවෙන වෛරය ප්‍රකාශ වීමක් ලෙසයි අපි මෙය දකින්නේ. අපි විශ්වාස කරනවා ‘මේ තත්වයට ඉඩ දී නිහඩ විය යුතු නැහැ’ කියා. ඒ නිසා මේ රටට වෛර කරන ආණ්ඩුව ගෙදර යැවීම හැර අපට වෙනත් විකල්පයක් නැහැ.
‘අපේ දරුවන් පරීක්ෂණාගාර මීයන් ද?’
අනෙක මේ නව විෂය ඉගැන්වීම නියමු වැඩ වැඩසටහනක් (Pilot Programme) ලෙසයි සිදු කරන්නේ. එය සාර්ථක හෝ අසාර්ථක වීම විමසා බලන්නේ තව වසර 20කින්. අපේ දරු පරපුර පරීක්ෂණාගාර මීයන් ලෙස යොදා ගෙන සිදු කරන පරීක්ෂණය අසාර්ථක වුවහොත් ඒ වාර්තාව අර ගෙන මේ කණ්ඩායම අපේ රටෙන් යාවි. නමුත් එදාට අපේ අනාගත තරුණ පරපුර එම අසාර්ථක පරීක්ෂණයේ ගොදුරු බවට පත්වෙනවා. අතීතයේ සිට බටහිරයන් අපේ යහපැවැත්මට වින කළා. මෙයත් එවැන්නක් මිස වෙන යමක් නොවෙයි”
මෙම මාධ්‍ය හමුවට ‘අනාගතයේ අපි’ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක සහන් අබේසේකර, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක සුනිල් අමරසිංහ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශෂී පෙරේරා යන මහත්වරු ද එක් ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල් එලවන්න විශ්වාස භංගයට ඡන්දය දෙන්න ශ‍්‍රීලනිප සියළු දෙනා සූදානම් sriavtvnetwork news


රනිල් එලවන්න විශ්වාස භංගයට ඡන්දය දෙන්න ශ‍්‍රීලනිප සියළු දෙනා සූදානම්..



ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ සිටින සියළු දෙනා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයේදී ඡන්දය ලබා දෙන බව රාජය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
විශ්වාස භංගයේ ඉදිරිපත් කර ඇති කාරණා 14 කියවා බැලූ විට ඒවා පිලිගැනීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර අරක්කු සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානියා රටින් පනී… sriavtvnetwork news


බැදුම්කර අරක්කු සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානියා රටින් පනී…



උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්ව බදු ගෙවීම පැහැර හැරීම නිසා සිය නිෂ්පාදන බලපත්‍රය ද තහනම්ව මේ වන විට වසා දමා ඇති ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානියා බැදුම්කර වංචාව හා ඊට අදාළ සැක කටයුතු බැංකු ගනු දෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන පරීක්ෂණ වලට මුහුණ දීමට බියෙන් රටින් පලා ගොස් ඇති බවට වාර්තා වේ.
එම තැනැත්තා බාහිර උපදේශකයකු වශයෙන් සමාගමට සම්බන්ධ වුවද එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ ඉතා සමීප මිතුරකු වීම නිසා සමාගමේ ඇතැම් අධ්‍යක්ෂවරුන්ටත් වඩා ප්‍රබල වගකීම් සහ බලතල රැසක් දැරූවකු විය.
විශේෂයෙන්ම මොහු සමාගම විසින්  රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයකම පවත්වා ගෙන යනු ලබන බැංකු ගිණුම් රාශියක බලයලත් අත්සන් කරන්නකු ද (Authorized Signatory) විය.
ලංකාවේ කිසිදු සමාගමක එසේ බාහිර උපදේශකයකු ලෙස කටයුතු සිදු කරන කිසිදු තැනැත්තෙකුට එවැනි සුවිශේෂී වරප්‍රසාදයක් නොලැබේ.
මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ මොහුගේ අනුදැනුමකින් තොරව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගමේ කිසිදු මූල්‍ය ගනු දෙනුවක් සිදු නොවීය.
වැඩිදුරටත් මෙම මූල්‍ය අංශ ප්‍රධානියා අර්ජුන් ඇලෝසියස් සමග ද ඉතාම කිට්ටුවෙන් සම්බන්ධ වෙමින් ද දිනපතාම පහේ ඔහු මුණ ගැසෙමින් කටයුතු කල අයෙක් බව තතු දත් ආරංචි මාර්ග සනාථ කරයි.
ඒ අනුව බොහෝ දෙනෙක් පවසන්නේ මෙම මූල්‍ය අංශ ප්‍රධානියා මුල පටන්ම ඉතා සැලසුම් සහගතව කටයුතු කරමින්, සමාගම හා සම්බන්ධ බාහිර පුද්ගලයකු ලෙස විවෘත සමාජයට සිය කටයුතු විදහා දැක්වුවද  අභ්‍යන්තර සැක කටයුතු ගනු දෙනු රැසකට සෘජුවම සම්බන්ධ වී ඇති හෙයින් මෙසේ රටින් පලා ගොස් ඇති බවයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න sriavtvnetwork news

එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..



අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිප්ත වී ඇති විශ්වාස භංග යෝජනාව සදහා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 21 දෙනෙකු පක්‍ෂව ඡන්දය ලබා දීමට එකග වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාත් ජවිපෙ මන්ත‍්‍රීන් 06 දෙනාත් විශ්වාස භංගයට පක්‍ෂය ඡුන්දය ලබා දෙන බව දැනටමත් සහතික කර ඇති අතර දෙමන සන්ධානය ඡුන්දය භාවිත නොකර සිටිනු ඇති බවට තහවරු නොකල තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.
විශ්වාස භංගය කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ස්වර්ණවාහිණිය කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියා අතට.. කැබිනට්ටුවේ අනුමතයි. Sriavtvnetwork news

ස්වර්ණවාහිණිය කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධානියා අතට.. කැබිනට්ටුවේ අනුමතයි..


ඊඒපී සමාගම් මාධ්‍ය ජාලය කොටි ඩයස්පෝරාව යටතේ ක‍්‍රියාත්මක සමාගමක් යටතට පවර දීමට කැබිනට් අනුමැතිය ලැබි ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකදී ඔහු මෙම අදහස් පල කලේය.
‘දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට අවශ්‍ය දේ යහමින් සිදු වෙමින් තිබෙනවා. ඒ වගේම මේ රටට විදේශ මුදල් එවීම හා යැවීම අධීක්ෂණයට අදාළව මහ බැංකුවට තිබූ බලය ඉවත් කිරීමට මේ ආණ්ඩුව නීති සකස් කළා. ඒ නිසයි, ‘ශ්‍රී ලංකාව කළු සල්ලි සුදු සල්ලි බවට පත්කිරීමේ තිප්පොළක් බවට පත්ව තිබෙනවා’ කියා ජාත්‍යන්තරව මතයක් හැදී ඇත්තේ. ඒ හරහා කොටි ඩයස්පෝරාව මේ රටේ ආර්ථික මර්මස්ථානවල තම මුදල් යොදවා අවසන්.
ඊඒපී සමාගමට අයත් මාධ්‍ය ජලය ඇතුළු අනෙකුත් ආයතන කොටි ඩයස්පෝරාවේ ප්‍රධානියාට අයත් ලයිකා මොබයිල් සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දේශීය ව්‍යාපාරිකයකු මෙම ඊඒපී සමාගම් ජාලය මිලදී ගැනීමට ලයිකා මොබයිල් සමාගමට වඩා වැඩි ලංසුවක් තබා තිබියදී තමයි මේ ගනුදෙනුව සිදු වන්නේ.
කොටි ඩයස්පෝරාව අතට මේ රටේ මාධ්‍ය ජාලයක් පත්වීම විශාල අනතුරක්. නමුත් රටට හොරා අද ඒ සියල්ල බටහිර න්‍යාය පත්‍රයට අනුව ඉටු කර දෙමින් සිටිනවා’
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හරින්ගේ පියා ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගිහින්!…. බිලියන ගණනින් පොලියට දෙන හරින්ගේ කලු සල්ලි ජාවාරම sriavnetwork news

හරින්ගේ පියා ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගිහින්!…. බිලියන ගණනින් පොලියට දෙන හරින්ගේ කලු සල්ලි ජාවාරම






ලංකාවේ ආන්දෝලනාත්මක මෙන්ම අසාර්ථක “ගුගල් බැලුන්” ව්‍යාපෘතියට හිමිකම් කී අවස්ථා 13කදී අර්ජුන් සමග කතා කොට බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සුදු හුණු ගෑ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය නාලක ජුඩ් හරින් ප්‍රනාන්දු හෙවත් හරින් ප්‍රනාන්දුගේ පියා වන නිහාල් ප්‍රනාන්දු සහ හරින්ගේ ආරක්ෂකයන් යොදා ගනිමින් ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් දින කිහිපයක් රදවා ගෙන පහරදිමේ සිද්ධියක් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ
මෙ  ආකාරයට අවස්ථා කිහිපයකදි මිලියන 170ක මුදලක් පොලිසිය වශයෙන් චමින්ද ගෙවිමට කටයුතු කර තිබුනද හරින්ගේ පියාගේ මැර කණ්ඩායම් පැමිණ අවස්ථා ගණනාවකදි චමින්දට බලපෑම් කරමින් ණය මුදල ගේවන ලෙසත් පොලිය සමග එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 3.2ක් වන බවත් එම මුදල වහාම එකවර ගෙවිය යුතු බවයි.
දිගින් දිගටම විවිධ පොලි එකතු කරමින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනිම සදහා චමින්ද කටුගම්පොල හරින්ගේ මැර කණ්ඩායමක් යොදවා පැහැර ගෙන ඇති අතර පසුව දින කිහිපයක් රදවාගෙන තර්ජනය කර තිබේ.
පසුව හරින් ප්‍රනාන්දුගේ ඇමති බලය භාවිතා කරමින් රාජ්‍ය බැංකුවකින් කිසිදු නෛතීක ක්‍රමවේදයක් නොමැතිව චමින්ද කටුගම්පොල නැමත්තාගේ නමට ලියකියවිලි සකස් කර බහත්කාරයෙන් අත්සන් ගෙන රුපියල් බිලියනයක මුදලක් ණය මුදලක් ලෙස බැංකුවෙන් ලබාගෙන තිබේ. ලබාගෙන ඇති අතර ඊට අදාළ නිවැරදි ලිපි ලේඛන ලබා නොදිම හේතුවෙන් මේ වනවිට අදාල මුදල් අයකර ගැනිමට රාජ්‍ය බැංකුවට නොහැකි වි තිබේ.
පසුව චමින්ද කටුගම්පොලට අයත් Kaduwela Enterprises හී තිබු සියලුම වාහන සහ අදාල භුමියේ ඔප්පුවද හරින්ගේ පියා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනිමට කටයුතු කර ඇති අතර පැහැර ගැනිම සහ බලහත්කාරයෙන් සිය දේපළ අත්පත් කර ගැනිම පිළිබඳව පොලිසියේ සහ රහස් පොලිසියට පැමිණිලි කර තිබුනද හරින්ලාගේ දේශපාලන බලපෑම මත එම පරික්ෂණ සියල්ලම යටගොස් තිබේන බවයි අප කල සොයා බැලිමේදි අනාවරණය වි තිබේ.
මේ වනවිට සිය ජිවිත ආරක්ෂාව පත චමින්ද කටුගම්පොල රටින් පිටව ගොස් සිටින අතර හරින්ලා කිසිදු ගැටලුවකින් තොරව සිය ව්‍යාපාර කටයුතු දියත් කරමින් සිටි.
හරින්ගෙ පියා වන නිහාල් ප්‍රනාන්දුද මෝටර් රථ ලංකාවට ගෙන්වන මුවාවෙන් කලු සල්ලි සුදු කිරිම හෙවත් මනී ලොන්ඩරින් කිරිමේ කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර වත්තල ප්‍රදේශයේ Harin Trade Enterprises නමින් වාහන ලංකාවට ගෙන්වා විකිණීමේ ව්‍යාපාරය ඇතුලු ව්‍යාපාර රැසක යෙදි සිටින අතර යහපාලනය උදාවිමත් සමග හරින්ලා යටිමඩි ගැසු ජනතා මුදල් ලොන්ඩරින් කරන්නේද මෙම වාහන ගෙන්වන ව්‍යාපාරය හරහාය.
පොලියට මුල්‍ය ආයතන පවත්වගෙන යන පුද්ගලයන්ට මෙන්ම විවිධ් ව්‍යාපාර ආරම්භ කිරිම සදහා බිලියන ගණනින් මුදල් ලබාදිමට ලාට හැකියාව ලැබි ඇත්තේ නිකම්ම යහපලනය උදාවිමෙන් පසුව රටේ තාක්ෂණය ණු කරන මුවාවෙන් හරින්ලා කෝටි ගණනින් මුදල් ලගත් බව නොරහසකි.
මෙරට මුදල් වැය නොවූ බව පැවසූ ගූගල් ලූන් ව්‍යාපෘතිය සඳහා රුපියල් 9,872,538.20 මහජන මුදලක් වැය කර තිබුනද ගූගල් බැලුන් පොලවට කඩා වැටුනා විනා ජනතාවට උන කෙහෙල් මලක් නැත.
අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන බව පවසමින් අත්හදාබැලූ අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතියේ අක්‍රමිකතා රැසක් ඇති බව අනාවරණය වු අතර නිස්කාරණයේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කාබාසිනියා කල මුදල ප්‍රකෝටි ගණනකි.
අදාළ පැහැර ගැනිම සහ වංචණික ගණුදෙනු සම්බන්ධයෙන් සාක්ෂි අප සතුව ඇති අතර ඉදිරියේදි රහස් පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග අනුව එය අනාවරණය කිරිමට අප සුදානම් බවද සටහන් කර තබමු.
කවුද මේ හරින්ගේ පියා……
හරින් කියන ආකාරයට හරින්ගේ පියා 1960 දශකයේ චිත්‍රපට නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ බොනිෆස් ගේ පුතෙක් වන අතර හරින් තමන්ගේ සියා ගැන යේ සදහන් කර තිබුනද කිසිදු තැනක තමන්ගේ මව හෝ පියාගේ නම සදහන් නොකර සිටිමට මෙන්ම ඔහුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරිමට පරිස්සම් වි තිබේ.

“I was born on October 28, 1979. My home town is Wattala. I have one sister and my mother and father. I come from a legacy left behind by my grandfather Boniface Fernando. He was a very famous businessman in Wattala. In fact he was a business tycoon. He was also a film producer and he had a massive house in Wattala. He was very famous during his era in the 1960’s,” – Harin Fernando
~~Daily News-Wednesday, September 30, 2015~~
හරින්ගේ පියා මේ තරම් සැගව සිටිමට කාරණාවක් තිබේ.ඊට හේතුව ඔහු යෙදෙන මෙන්ම යෙදුන ව්‍යාපාර හේතුවෙනි. හරින් කියන ආකාරයට හරින්ගේ පරම්පරාව JR ජයවර්ධන සමයේ සිට සමීප දේශපාලන සබඳතාවයන් පවත්වා තිබේ.  හරින් කියන එම (massive house ) විශාල නිවස විවෘත කර ඇත්තේද JR විසිනි. එම ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
කළු සල්ලි සුදු කරන ” මනී ලොන්ඩරින්” අති සුඛෝපභෝගි වාහන මාෆියාව ……
පසුගිය දින කිහිපය තුල ලංකාවට නැවතත් කසන සල්ලි ඇති ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින කුප්‍රකට කලු සල්ලි සුදු කිරිමේ හෙවත් මනී ලොන්ඩරින් කිරිම සදහා වාහන ගෙන්විමේ ව්‍යාපාරය යොදවා ගන්නා බව අප මිට පෙර අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබේ.
පසුගියදා රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරම්භ වු කලු සල්ලි සුදු කිරිමේ ජාවාරමේ ප්‍රබලයන් වු ජීහාන් හමීඩ් සහ රිෂාඩ් හමීඩ්ලා මෙන්ම හරින්ලාද ගුගල් බැලුන් හරහා කොල්ල කෑ ජනතා මුදල් වාහන ගෙන්වන මුවාවේන් මනී ලොන්ඩරින් කරන බව නොරහසකි.
ගැටලුව ඇත්තේ මේ රටේ මේ අකාරයේ කුප්‍රකට කලු සල්ලි ජාවාරම් කරුවන් පිළිබදව අනාවරණය කල සැනින් ඔහුන් රජ ගෙදරට බඩගාමින් තමන්ගේ වරද වසා ගැනිමට කටයුතු කිරිමයි.රෙද්ද ඉස්සු සැනින් ඔනේම දෙයක් කර ගත හැකි පාලකයන්ගේ ඇම්බැට්ටයන් සිටින රටක එය එතරම් අමාරු කාර්යය නොවේ.
කළු සල්ලි සුදු කරන ” මනී ලොන්ඩරින්” අති සුඛෝපභෝගි වාහන මාෆියාව අනාවරණය බලාපොරොත්තු වන්න

ඇලංකාවේ ආන්දෝලනාත්මක මෙන්ම අසාර්ථක “ගුගල් බැලුන්” ව්‍යාපෘතියට හිමිකම් කී අවස්ථා 13කදී අර්ජුන් සමග කතා කොට බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සුදු හුණු ගෑ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය නාලක ජුඩ් හරින් ප්‍රනාන්දු හෙවත් හරින් ප්‍රනාන්දුගේ පියා වන නිහාල් ප්‍රනාන්දු සහ හරින්ගේ ආරක්ෂකයන් යොදා ගනිමින් ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් දින කිහිපයක් රදවා ගෙන පහරදිමේ සිද්ධියක් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ
ඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විශ්වාස භංගය තීරණාත්මත තැනකට.. රට ජාතිය වෙනුවෙන් කළ හැකි ලොකුම පිංකම කුමන ක‍්‍රමයට හෝ රනිල් ඉවත් කිරීමයි sriavtvnetwork news

විශ්වාස භංගය තීරණාත්මත තැනකට.. රට ජාතිය වෙනුවෙන් කළ හැකි ලොකුම පිංකම කුමන ක‍්‍රමයට හෝ රනිල් ඉවත් කිරීමයි..


රට, ජාතිය වෙනුවෙන් වර්තමානයේ කළ හැකි ලොකුම පිංකම කුමන හෝ ක්‍රම‍යකින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට තීරණය කළේ ද ඒ නිසා බව පැවසූ රණතුංග මහතා රට, ජාතිය ගැන සැබෑ කැක්කුමක් ඇති සියලු මන්ත්‍රිවරුන් එම විශ්වාසභංග යෝජනාවට දිනවීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.
මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ වෘත්තිකයන් පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
මේ වෙනකොට අගමැතිවරයාට එරෙහිව අපි ඉදිරිපත් කරන්නට සූදානම් වන විශ්වාසභංග යෝජනාව තීරණාත්මක මංසන්ධිකයට ඇවිත් තිබෙනවා. මේ විශ්වාසභංගය අගමැතිවරයාට පමණක් නොවෙයි සමස්ථ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයයක් ලෙසයි අපි හඳුන්වන්නේ.
මම එහෙම කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් වූ දා පටන්ම ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබුණු පාලන බලය මේ ආණ්ඩුවේ සිටින අය විසින් පැහැරගත්තේ බොරු කියලා ජනතාව මුලා කරලයි.
බොරුවෙන් බලයට ආපු ආණ්ඩුවට රට හදන්න කිසිම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඔවුන්ට ඕනෑ වුණේ තමන් මෙහෙයවපු විදේශ බලවේගවලට අවනත වෙලා මහින්ද රාජපක්ෂ පාලනය නිමා කරන්න පමණයි. 2015 ජනවාරි 09 වැනි දා ඔවුන් ඒ අරමුණ ඉෂ්ඨ කරගත්තා.
නමුත් එතැනින් ඉදිරියට ඔවුන්ට ගමනක් තිබුණේ නැහැ. මේ ගෙවුණු අවුරුදු තුනේම ඔවුන් හැසිරුණේ එදා ජනාධිපතිවරණය ජයගන්නට දායකත්වය දීපු විදේශ බලවේගවලට ඕනෑ විදියටයි. ආණ්ඩුවක් විදියට රට ඉදිරියේ පෙනී හිටියත් පිටුපසින් සිට ආණ්ඩු‍ව මෙහෙයවූයේ ඒ බලවේගයි.
ඒ බව මේ ආන්ඩුවේ වසර තුනක වැඩපිළිවෙළ දෙස බැලුවම පැහැදිලි වෙනවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ඒකට හොඳ උදාරහණයක්. මේක ජනතාව විසින් ඉල්ලපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවෙයි. මේක ගෙනාවේ විදේශ බලවේගබල වුවමනාවටයි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විදේශ බල‍වතුන්ගේ වුවමනාවට රට ගෙනියන්නේ කොතැනට ද කියන එක අපි කල්පනා කළ යුතුයි. ජාතික ආරක්ෂාව, ආර්ථිකය, සංවර්ධනය මේ සෑම අතකින්ම රට වළපල්ලට යමින් තිබෙන බව අපිට රහසක් නෙමෙයි.
අන්න ඒ අගාධයෙන් රට ගොඩගන්න තමයි ඒකාබද්ධ විපක්ෂයේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ එකතු වෙලා සටන් කරන්නේ. අපේ සටන පටන් ගත්තේ බොහොම සුළුවට.
හැබැයි මේ වන විට රටේ බහුතර ජනතාව අපි සමග එකතු වෙලා ඉන්නවා. ඒ බව පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී තහවුරු වුණා. අලුතෙන්ම දේශපාලන ලෝකයට ආපු පොහොට්ටුව රටේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළේ අපේ සටන ජනතාව අනුමත කරපු නිසයි.
දැන් අපිට වගකීමක් තිබෙනවා මේ සටන මෙතැනින් ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමේ වගකීම අපට තිබෙනවා. ඒ ජනවරම තමයි පහුගිය පළාත් පාලන ඡක්දෙදි අපිට ලැබුණේ.
ඒ සඳහා තමයි අපි අගමැතිවරයාට  එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට සූදානම් කරලා තියෙන්නේ. මම දකින විදියට අද රටේ කරන්න පුළුවන් ලොකුම පිංකම තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන එක.
ඒ පින්කමට දායක වීමේ වගකීම පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රිවරුන්ට තිබෙනවා. අද මේ මල් වට්ටියට අත නොගැහුවොත් අනාගත පරපුර අපට සාප කරයි. ඒ නිසා අපි සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය හමුවේ මේ තියෙන වගකීම ඉෂ්ඨ කරන්න එකතු වෙන්න කියලයි.
එදා මහින්ද රාජපක්ෂ මහත්තයට හොරා කියලා චෝදනා කරපු අය අද කම්බා හොරු බවට පත් වෙලා තිබෙනවා. අගමැති ප්‍රමුඛ රෝයල් කල්ලිය එකතු වෙලා මහ බැංකුව සුද්ධ කරලා කෝටි ප්‍රකෝටි ගාණක් සාක්කුවේ දාගත්තු බව අද හෙළිවෙලා ඉවරයි.
ඒ නිසා මේ වගේ හොරු රැලකට රටේ ඉරණම තවදුරටත් තින්දු කරන්න ඉඩ තියන්න බැහැ. ඒ නිසා මේ හොරු රැල ගෙදර යවන්න ඕනේ. මහ හොරත් එක්ක පොඩි හොරු සෙට් එකම ගෙදර යවලා මිසක් අපේ සටන අපි නතර කරන්නේ නැහැ.
– ප‍්‍රදීප් අනුර කුමාර

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ආර්ථික වර්ධන වේගය 3.1% ට වැටේ.. වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගයයි.. වාර්තාව වහා ඉවත් කර ගනී sriavnetwork srilanka markat


ආර්ථික වර්ධන වේගය 3.1% ට වැටේ.. වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගයයි.. වාර්තාව වහා ඉවත් කර ගනී..



ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ.
2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී අති අතර අදාළ වාර්තාවට අනුව 2017 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1 දක්වා පහත වැටී තිබේ.
වාර්තාව සැකසීම සඳහා අවශ්‍ය දත්ත අවසාන මොහොතේ ලැබුණු බවත් ඒ අනුව මෙම වාර්තාව නිකුත් කළ බවත් කෙසේ නමුත් පසුගිය වසරේ මුල් කාර්තුවේ සිට සම්පූර්ණ වර්ෂයේ දත්ත නැවත ගණනය කිරීම හා සංශෝධනය කිරීම අවශ්‍ය බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. ජේ සතරසිංහ මහතා පවසයි.
කෙසේ වෙතත් මෙය දිගු ක්‍රියාවලියක් බවත් දත්තවල සුළු හෝ අඩුපාඩුවක් නොවීමට තමන් වගබලා ගන්නා බවත් දත්ත නැවත සකස් කර දින දෙකක් හෝ තුනක් තුළ වාර්තාව නැවත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– adaderana

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෙන්න වැඩ! - ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්සන් ලක්‍ෂ 2 ක පෙත්සමක්‌ සමඟ මානව හිමිකම් සමුළුවට කඩාවදියි sriavnetwork srilanka

මෙන්න වැඩ! - ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්සන් ලක්‍ෂ 2 ක පෙත්සමක්‌ සමඟ මානව හිමිකම් සමුළුවට කඩාවදියි

ඉරිදා දිවයින ( කීර්තී වර්ණකුලසූරිය ජිනීවා සිට ) 

ජිනීවා මානව හිමිකම් සමුළුව තවදුරටත් පැවැත්වේ. එහෙත් රජය මෙම සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදෙන ප්‍රතිඥ ජනතාවට හෙළිවන්නේ නැත. මෙය සනාථ වන්නේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්වූ කලාන්තරිය විශ්ව සමාලෝචන වාර්තාවයි. මෙම වාර්තාවෙන් දැක්‌වෙන්නේ රටවල් රැසක්‌ම ශ්‍රී ලංකාවට ඉටුකළ යුතු කාර්ය භාරයයි. මේ සතියේ දිනෙක මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන ලද එකී සමාලෝචන වාර්තාවේ නිර්දේශ 177 ක්‌ ශ්‍රී ලංකා ආණ්‌ඩුව පිළිගනු ලැබීය. තවත් නිර්දේශ 53 ක්‌ පිළිගැනීමට ක්‍රියාකළේ නැත. එහෙත් ශ්‍රී ලංකා රජය මේ නිර්දේශ 177 පිළිගැනීමට පෙර ජනතාව වෙත එම නිර්දේශ කුමක්‌දැයි අනාවරණය කළේ නැත. රජයේ මාධ්‍ය පවා ඒ ගැන නිහඬ විය. මේ හැර ශ්‍රී ලංකාවේ රජය සිය කැමැත්තෙන්ම ගිවිස ගැනීම් 20 කට එකඟ විය. අද අපි අනාවරණය කරන්නේ ශ්‍රී ලංකාවේ රජය පිළිගත් නිර්දේශයි.

1. සිවිල් යුද්ධය පැවැති සමයේ සිවිල් ජනතාවට එරෙහිව සිදුකළ අපරාධ පරීක්‍ෂණ අවසානයකට ගෙනයන බවට ශපථ කිරීම - (ප්‍රංශ රජය)

2. සන්නද්ධ ගැටුමින් පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන පූර්ණ විමර්ශනයක්‌ පැවැත්වීම සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සහතික කිරීම (සියරාලියොන් රාජ්‍යය)

3. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අපචාර පිළිබඳව ආරක්‍ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බව සහතික කිරීම.

මේ නිර්දේශය ඇමරිකානු රජය ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා ආණ්‌ඩුව එය පිළිගනු ලැබීය.

එහෙත් ඇමරිකාවේ මෙම නිර්දේශයට ශ්‍රී ලංකාව එකඟ වූ බව මෙරට ජනතාවගෙන් වසන් විය.

ඒ වෙනුවට ජනතාවට ප්‍රචාරය වූයේ රජය මානව හිමිකම් අර්බුදය මුළුමනින්ම අවසන් කළ බවයි.

එසේම ප්‍රංශය ඉදිරිපත් කළ තවත් නිර්දේශයකට අපේ රජය එකහෙළාම එකඟ විය.

ඒ සංක්‍රමණික යුක්‌තිය සඳහා ලබාදුන් ප්‍රතිඥ විශ්වාසයකින්, වින්දිත කේන්ද්‍රිය සහ ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහය ලබන වගවීමේ යාන්ත්‍රණයක්‌ද ඇතුළුව පසුගියදා ස්‌ථාපිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පූර්ණ ලෙස සක්‍රිය කිරීම සහ ක්‍රියාවට නැංවීමයි.

රජය තවදුරටත් පිළිගත් නිර්දේශ මෙසේය.

4. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සක්‍රිය කරමින් සත්‍ය සෙවීමේ කොමිසමක්‌ හානිපූර්ණ කාර්යාලයක්‌ සහ ඊට කැපවූ විශේෂ නීතිවේදියකු සහ වගවීමේ යාන්ත්‍රණයක්‌ද ඇතුළු සම්පූර්ණ සංක්‍රමණීය යුක්‌ති ව්‍යාපෘතියක්‌ ස්‌ථාපිත කිරීම

මේ නිර්දේශය ඉදිරිපත් කළේ සංහිඳියාව ගැන හඬනඟන දකුණු අප්‍රිකාවයි. එහෙත් දකුණු අප්‍රිකාවේ දේශපාලන නායකයකුවූ ජුලියස්‌ ටැලේමා මේ සතියේදී පැවසුවේ තම පක්‍ෂය සුද්දන් කෙරේ තැකීමක්‌ නොකරන බවයි. එවන් වාතාවරණයක්‌ දකුණු අප්‍රිකාවේ පවතින අවස්‌ථාවේ දකුණු අප්‍රිකානු නිර්දේශය පවා රජය පිළිගත්තේය.

ලක්‍ෂ ගණනක්‌ ජනතාව අතුරුදන් කළ ආජන්ටිනාවද ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නිර්දේශයක්‌ ඉදිරිපත් කළේය.

මේ නිර්දේශයේ සඳහන් වූයේ ගැටුම අතරතුර සහ ඉන්පසු සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වරදකරුවන්ට නඩු පැවරීමත්, ගැටුමට මැදිවූ වින්දිතයන්ට සහන ලබාදිය යුතු බවයි.

ශ්‍රී ලංකා රජය එම නිර්දේශයද පිළිගනු ලැබීය.

පීරු සහ එස්‌ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාවේ රජය ත්‍රස්‌ත මර්දන පනත කෙටුම්පත් කළ යුතු අන්දම ගැනද නිර්දේශයක්‌ ඉදිරිපත් කරමින් එම පනත ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සකස්‌විය යුතු බව දන්වා ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධව නිර්දේශ 345 ක්‌ මෙම සමාලෝචන වාර්තාවට ඇතුළත්වී තිබුණි.

මෙහිදී ඔස්‌ටි්‍රයාව, ස්‌ලොවකියාව, තිමෝරය, එස්‌ටෝනියාව, ගෝතමාලාව සහ ලැට්‌වියාව යන රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කළ යුතුයි යන නිර්දේශය ඉදිරිපත් කළ නමුත් රජය ඊට එකඟ වූයේ නැත.

එසේම කොටි යුද අපරාධකරුවන්ට රැකවරණ ලබාදෙන කැනඩාව විසින් ශ්‍රී ලංකාව විදේශ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතුයෑයි නිර්දේශ කර තිබුණි.

මෙම සමාලෝචන වාර්තාවේදී ශ්‍රී ලංකා රජය ස්‌වෙච්ඡාවෙන් ගිවිස ගත් 119 යටතේ සඳහන් කරුණු නම් බලය විමධ්‍යගත කිරීමට අදාළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය ක්‍රියාවලිය.

එහෙත් රජය ඊට එකඟවූවත් ජනතාවගේ එකඟත්වය සඳහා එය ඉදිරිපත් කර තිබුණේ නැත.

මේහැර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා නිලධාරීන් විදේශගත සාම හමුදා ක්‍රියාදාමයකට යොමුකිරීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමසාරිස්‌ගේ මෙහෙයවීමෙන් යුත් නිරීක්‍ෂණ ක්‍රියාදාමයකට ලක්‌කිරීමටද ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

කොටි යුද අපරාධකරුවන් රැසකට දේශපාලන රැකවරණ ලබාදී ඇති ස්‌විට්‌සර්ලන්ත රජයද මෙරට ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්‌කරණයකට ලක්‌කළ යුතු යයි නිර්දේශයක්‌ ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස රටවල් රැසක්‌ ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නිර්දේශ ඉදිරිපත් කළත් එම නිර්දේශවල සැබෑ යෝජකයන් රාජ්‍ය නොවන සංවිධානයි.

ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වන්නේ මෙරට එන්.ජී.ඕ හෙවත් රාජ්‍ය නොවන සංවිධාන 380 කට ලැබී ඇති මුදල රුපියල් බිලියන 36 ක්‌ වේ. එහෙත් මේ අතිවිශාල මුදල වැයකළේ කුමන කාර්යයක්‌ සඳහාදැයි පසුගිය රජය සහ වත්මන් රජයද විමර්ශනය කර නැත.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී හිටපු එක්‌සත් ජාතීන්ගේ තානාපති ස්‌ටීවන් රැප් සහ කොටි හිතවාදීන් සාකච්ඡා කරන අයුරු අපට දැකගැනීමට ලැබුණි. මින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවට එල්ලවූ බොරු යුධ අපරාධ චෝදනායි. මේ චෝදනා මුලින්ම එල්ලවූයේ ස්‌ටීවන් රැප්ගෙනි.

එහෙත් ස්‌ටීවන් රැප් අද කොටි හිතවාදීන් සමඟ එක්‌වී ඇත. එසේ වූවත් රජය රැප්ගේ මේ දෙබිඩි රංගනය අවධානයට ලක්‌කර නැත. යුද අපරාධ පිළිබඳ විමර්ශන කිරීමේ එක්‌සත් ජාතීන්ගේ තානාපතියා කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌වූයේ නම් හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ සහ වත්මන් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මුදලට ගැනීමට කොටි ඩයස්‌පෝරාව ක්‍රියානොකරනු ඇතැයි කිවහැකිද?

මේ තත්ත්වය මත ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පෝරා සංවිධාන 17 ක්‌ හමුවේ ප්‍රතිචාර දැක්‌වීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇත.

ඒ සඳහා මැදපෙරදිග සිට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර ලේකම් යසස්‌ ධර්මදාස, විධායක අධ්‍යක්‍ෂ ශාමෙන්ද්‍ර වික්‍රමාරච්චි සහ මාධ්‍ය සම්බන්ධීකාරක ජනිත් ඉෂාර, බ්‍රිතාන්‍යයේ සිට ලේකම් ජයරා- පලිහවඩන, සභාපති ප්‍රශාන්ත ජයමාන්න, ස්‌විට්‌සර්ලන්තයේ එරික්‌ මාකවිට, කුවේටයේ මේරි විලියම්ස්‌ සහ ශ්‍රී ලංකාවේ සිට රියර් අද්මිරාල් සරත් වීරසේකරද, දර්ශන වීරසේකරද ජිනීවා නුවරට පැමිණ ඇත.

එසේම ඉතාලියේ මව්බිම වෙනුවෙන් අපි සංවිධානයේ ප්‍රධානි රොශාන් ජයමාන්නද කොටි ඩයස්‌පෝරාවට ප්‍රතිචාර දැක්‌වීමට සම්බන්ධ වී සිටී.

මේහැර ඉතාලියේ මෝදනා නගරයේ සිට ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් වසන්ත කීර්තිරත්න ඇතුළු කණ්‌ඩායමත් මෙම මාර්තු 21 දා ජිනීවා මානව හිsමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමටද සැලසුම්කර ඇත.

මේ නිසා වසර ගණනාවක්‌ මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි ඩයස්‌පෝරාව මෙන්ම 1971 කැරැල්ලේ ක්‍රියාකාරිකයකුවූ රංජිත් හෙවත් සුනන්ද දේශප්‍රිය නමැත්තා ගෙනගිය පාලුගෙයි වළං බිඳීමද බිඳ වැටේ.

මේ පසුබිම මැද කොටි ඩයස්‌පෝරාව විසින් තවත් හමුදා නිලධාරීන් අටදෙනකුගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

සංවිධාන 14 ක්‌ විසින් යුද අපරාධකරුවන් බවට නම්කර ඇති මේ හමුදා නිලධාරීන් ලුතිනන් කර්නල් සී. ඒ. රාජපක්‍ෂ, දිනේෂ් උදලාගම, ජී. සී. කොඩිතුවක්‌කු, මේජර් වසන්ත හේවගේ, ලුතිනන් කර්නල් රන්දුල හමන්ගොඩ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, ලුතිනන් කර්නල් සිසිර හේරත් බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් අනාවරණය විය.

මේ හමුදා නිලධාරීන්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කර ඇති සංවිධාන ගැනද අපි සොයාගත්තෙමු. ඒ සෑම වසරකම ජිනීවා පැමිණෙන හිටපු කොටි කණ්‌ඩායමයි.

මේ හොර සංවිධානවලින් රැසක්‌ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වේ. භාරති සංස්‌කෘතික සංවිධානය, ඒ. බී. සී. තමිල් ඔලි, ටැමිල්ස්‌ ඉන් ප්‍රාන්ස්‌, මොරිටානියා සංවිධානය, ඇප්‍රිකා සහයෝගිතා සංවිධානය, ලේ පොන්ට්‌, ටැමිල් උයගම්, ටර්ගර් ලා පේෂ් නමින් හඳුන්වන මෙම තක්‌කඩි සංවිධානවලට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දොර විවෘත වී ඇත.

මේ ඇතැම් සංවිධාන කොටි ඩයස්‌පෝරාව විසින් මුදල් ගෙවා ලබාගෙන තිබේ.

මෙම සංවිධාන විසින් ලුතිනන් කර්නල් හේවගේට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කර තිබුණේ ඔහු ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සහය දක්‌වමින් ෆේස්‌බුක්‌ අඩවියේ සටහනක්‌ තබා ඇති බවය.

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවේ සිට සහ රාජ්‍ය නියෝජිත කණ්‌ඩායම් සහ වෙනත් පාර්ශව සමුළුව පසුබිමේ සිදුවන දේ නොදනී. මේ තත්ත්වය මැද ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්සන් දෙලක්‍ෂයක පෙත්සමක්‌ රැගෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණියේය. ඔහු එම පෙත්සම මානව හිමිකම් බලධාරීන්ට භාරදෙමින් පැවසුවේ උතුරු නැගෙනහිර ජනතාව ඊට අත්සන් කළ බවයි. මේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කණ්‌ඩායමට යොමුකරන ලෙසයි. එහෙත් ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමුකළ හැකිද?

ගඡේන්ද්‍රකුමාර්ට සිය පෙත්සම සාර්ථක කර ගැනීමට නොහැකිවන්නේ රුසියාව සහ චීනය සිය නිෂේධ බලය යොදවා එම පෙත්සම ඇතුලත් යෝජනාව නිෂ්ප්‍රභකිරීමට ක්‍රියාකරන නිසාය.

එසේවූවත් ගජෙන්ද්‍රකුමාර්ලා නටන මේ නාඩගම රාජෙද්‍රdaහි ක්‍රියාවක්‌ ලෙස යහපාලන රජය සිතන්නේ නැත. එම අත්සන් දෙලක්‍ෂයේ පෙත්සම ගැනද රජය නිහඬව සිටියේය.

මේ අතර පසුගිය සඳුදා (12දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී රටින් පිටත ඊලම් ආණ්‌ඩුව නැමැති කොටි හිතවාදී සංවිධානය සහ තමිල්නාඩුවේ පසුමායි නායගම් පදනම සංවිධානය එක්‌වී ශ්‍රී ලංකාවේ හමුදාව විශාල ලෙස ම්ලේච්ඡ අපරාධ සිදුකර ඇති බවත් ඊට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නිසි පියවර ගෙන නැතැයිද කියමින් සමාන්තර රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

 රැස්‌වීම සඳහා කොටි ඩයස්‌පෝරාව විසින් විශාල මුදලක්‌ ගෙවා යුද අපරාධ පිළිබඳ සෙවීමේ යෙදුනු එක්‌සත්ජාතීන්ගේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් ගෙන්වා තිබුණි. රටින් පිටත ඊලම් ආණ්‌ඩුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති මානික්‌කවාසගර් නැමැත්තා මේ රැස්‌වීම මෙහෙයවූ අතර ඊට නීතිවේදියකුවූ රොබට්‌ රොජර්ස්‌ද සහභාගිවිය.

මෙයට පෙර රටින් පිටත ඊලම් ආණ්‌ඩුව නමැති සංවිධානය රොබට්‌ රොජර්ස්‌ගේ මෙහෙයවීමෙන් මැප් (Map) නමින් කණ්‌ඩායමක්‌ පිහිටුවා ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බව පවසමින් මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

මෙලෙස කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවේ හමුදා යුද අපරාධකරුවන් කිරීමට සෑම උත්සාහයක්‌ම ගනිද්දී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජිනීවාහි නිත්‍ය නියෝජිත කාර්යාලය අන්ධයන් මෙන් ක්‍රියාකරති. ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ එකම රාජකාරිය නම් නිලධාරිනියක්‌ එවා කොටි ඩයස්‌පෝරාවේ කතා සමනය කරගැනීමයි. එසේම තවත් නිලධාරියෙකුගේ රාජකාරිය වූයේ ඊලම්වාදීන් වෙත ගොස්‌ ඔවුන්ගේ කතාවල පිටපත් ලබාගැනීමයි. වතු අධිකාරිවරයකුවූ මේ නිලධාරියා මහනුවර දේශපාලනඥයකුගේ සමීපතම ඥතියෙකි. ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි බව පැවසුවේ මොහුයි.

මේ නිසා ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් මානව හිමිකම් කවුන්සිලය තුළ පිනුම් ගැසීම පුදුමයක්‌ නොවේ.

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව සමාන්තර රැස්‌වීම් පවත්වන පසුමායි නායගම් යනු ඩයස්‌පෝරා සංවිධානයක්‌ නොව තමිල්නාඩුවේ චෙන්නායි නුවර පාරිසරික සංවිධානයකි. මේ සංවිධානය ගැන අපි මානව හිමිකම් කවුන්සිලයෙන් සිදුකල විමර්ශනයේදී හෙළිවූයේ එය පිහිටුවා ඇත්තේ කොටි හිතවාදියකුවූ රායි ෙද්‍රdප් නමැත්තායි.

ඔහු මේ සංවිධානය දුප්පත්කම දුරුකිරීම සහ පාරිසරික ප්‍රශ්න ගැන කතා කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලියාපදිංචි වී ඇතත් මානව හිමිකම් සමුළුව ඉදිරියේ හඬ නඟන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

මේ සතියේ දිනෙක උසුමායි නායගම් සංවිධානය වෙනුවෙන් ලීලාදේවි නමැත්තිය ශ්‍රී ලංකාවට එරෙහිව හඬනඟන අයුරු අපි බලාසිටියෙමු. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන ඊලම් සංවිධාන විසින් සකස්‌කළ ප්‍රකාශයක්‌ ලිලාදේවි වෙත ලබාදෙන අයුරු අපි සියෑසින් දුටුවෙමු. මේ සාවද්‍ය ප්‍රකාශ මානව හිමිකම් සමුළුව ඉදිරියේ කියවීම සඳහා තමිල්නාඩුවේ සිට ද්‍රවිඩ නායිකාවන් පිරිසක්‌ද ජිනීවා පැමිණ ඇත. ඔවුන් මානව හිමිකම් සමුළුව තුළ රඟපෑමක යෙදෙන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ කාන්තාවන් ලෙසිනි. එහෙත් සැබැවින්ම එම කාන්තාවන් චෙන්නායි නුවර සිට කුලියට ගෙන ආ පිරිසකි.

එසේවුවත් තමිල්නාඩුවේ පාරිසරික සංවිධානයක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් විමසීමට ක්‍රියාකළේ නැත.

මේ හැර ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ සකස්‌කළ යුද අපරාධ පිළිබඳ සෙවීමේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් කෙරේ විශ්වාසය තැබිය නොහැකි බවද ශ්‍රී ලංකාව එක්‌සත්ජාතීන්ගේ මහලේකම් ගුටාරෙස්‌ට පැමිණිලි කිරීමටද ඉදිරිපත් වී නොමැත.

මේ තත්ත්වය මත ගෝලීය ශ්‍රී ලංකා සංසදය පසුමායි නායගම් සංවිධානයේ ලිලාදේවි නමැත්තියට දැඩි ප්‍රතිචාරයක්‌ දක්‌වමින් ඇය සාවද්‍ය ප්‍රකාශයක්‌ කළ බව කියා සිටියේය. ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් රොශාන් වීරසූරිය එම ප්‍රතිචාරය දක්‌වනු ලැබීය.

මෙවන් පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලකරන සාවද්‍ය ප්‍රචාර වලට නිසි ප්‍රතිචාර දැක්‌වීමට යහපාලන රජයේ කිසිවෙක්‌ නොසිටියදී සමස්‌ත දේශප්‍රේමීන් වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය කොටි ඩයස්‌පෝරාවේ ජිනීවාහි කොටි ඒකාධිකාරය බිඳ දැමුවේය.

ඒ කොටි සිදුකළ බිහිසුණු යුද අපරාධ ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක්‌ මාර්තු 21 දා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති කකුල් තුනේ පුටුව අසල පැවැත්වීමයි.

ගතවූ වර්ෂ කීපය තුළ කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් සෑම මාර්තු මසකම මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පවත්වනු ලැබීය.

එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් ඔවුන් යුද අපරාධකරුවන් ලෙස නම්කර තිබුණි.

එහෙත් ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඊට එරෙහිව ස්‌විස්‌ බලධාරීන්ට කිසිදු පැමිණිල්ලක්‌ කිරීමට ක්‍රියාකළේ නැත.

මේ නිසා කොටි සිදුකළ යුද අපරාධ පිළිබඳ ස්‌විස්‌ ජනතාව සහ කකුල් තුනේ පුටුව අසල සැරිසරන සංචාරකයන්ගේ අවධානය උදෙසා මේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ. එහිදී කොටුව මහ බැංකු බෝම්බය, කැබිතිගොල්ලෑව බස්‌ රථ බෝම්බය, මායිම් ගම්මානවලදී ළදරුවන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම, අරන්තලාව භික්‍ෂු ඝාතනය ඇතුළු යුද අපරාධ රැසක්‌ පිළිබිඹු කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අතුරුදන්වූවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් රඟපෑමක යෙදුනේ අතුරුදන්වූ දරුවන්ගේ මවුවරුන්ද? 2009 සිට ජිනීවා නොපැමිණි මොවුන් එකවරම 2018 මාර්තු මස ජිනීවා පැමිණීම අබිරහසක්‌ නොවේද? මේ මවුවරු සිව්දෙනා කවුදැයි මෙතෙක්‌ හෙළිවී නැත.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network