රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි sriavtvn sriavnetwork news

රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..



එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධනා ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙන්ම කැබිනට් මණ්ඩලයට බලශුන්‍ය බල රහිත වන බව නීතීවේදීහු පෙන්වා දෙති.
පසුගිය දෙසැම්බර් මාසයෙන් ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වූ නිසා එතැන් සිට මේ ගෙන යමින් ඇත්තේ නීති විරෝධී නීතියට පටහැනි ආණ්ඩුවක් යයි නීතීඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.
මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සදහ ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගේ මතයද විමසා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටින අතර ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමට කමිටුවක්ද පත් කර ඇත.
නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කිරීමටද තීරණය වී තිබේ.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පුංචි ඡන්ද ප‍්‍රතිඵලයෙන් පළාත් සභාත් පෙරලේ.. සභා හතක් මහින්දට ගෙඩිය පිටින් ගැලවෙයි. Sriavtvn sriavnetwork lanka


පුංචි ඡන්ද ප‍්‍රතිඵලයෙන් පළාත් සභාත් පෙරලේ.. සභා හතක් මහින්දට ගෙඩිය පිටින් ගැලවෙයි..



එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාලන බලය හොබවන සියළු පළාත් සබාවන්හි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අති බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවණයේදී සියළු ආසනයන් පරාජය වීම සලකා පලමින් මෙම තීරණයන් ගෙන ඇති බවත් සදහන්ය.
ඒ අනුව උතුර හා නැගෙනහිර දෙපලාත් හැර සන්ධානය විසින් බලය දරමින් සිටින සියළු පළාත් සබාවන්හි මන්ත‍්‍රීවරුන් බහුතර පිරිසක් හිටපු ජනාධිපතිවරයාට සහාය පල කිරීමට නියමිතය.
මුලින්ම සබරගමුව හා උතුරු මැද දැනට විසුරුවා හැර ඇති පළාත් සභාවන්හිද පසුව අනෙක් සභාවන්හිදීද මාධ්‍ය හමු කැදවමින් ඔවුන් විසින් මෙම තීරණයක් රටට දැනුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන පරිදි හා පළාත් සභාවන්හි නිපල කාලයන් සලකමින් මෙම තීරණයන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ.. කොළඹ කොටස් කඩා වැටේ.. රුපියල පිරිහේ.. රට උපරිම අස්ථාවරයි.. ජන ජීවිතය විනාශය ආසන්නයේ sriavnetwork sriavtvn


සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ.. කොළඹ කොටස් කඩා වැටේ.. රුපියල පිරිහේ.. රට උපරිම අස්ථාවරයි.. ජන ජීවිතය විනාශය ආසන්නයේ..



පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පාර්ශවය ලද පරාජයෙන් පසු කොළඹ කොටස් වෙළදපල දැඩි පසුබෑමකට ලක්ව ඇත.
රුපියලේ අගයද වේගයෙන් පිරිහෙමින් ඇති බවක් පෙන්නුම් කරමින් ඇති බව මුල්‍ය වෙළදපල විශ්ලේෂකයෝ කියති.
මෙම තත්වය මතුව තිබෙන්නේ විදේශ අයෝජකයන් විසින් රජයේ සුරැකුම්පත් විකුණා දමා රටින් පිටව යාමට දැඩි උනන්දුවකින් කටයුතු කිරීම හේතුවෙනි.
මේ තත්වය මත රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ආනයන වියදම් සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ජීවන වියදම, උද්ධමනය, පොලී අනුපාතද ඉහල ගොස් ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවද විචාරක මතයයි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Exclusive : රනිල් ඉවතට.. සන්ධානය බහුතර බලය පෙන්වයි.. අගමැති නිමල් සිරිපාල සමග ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්.. එජාප විසි ගණනක් අලුත් ආණ්ඩුවේ

Exclusive : රනිල් ඉවතට.. සන්ධානය බහුතර බලය පෙන්වයි.. අගමැති නිමල් සිරිපාල සමග ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්.. එජාප විසි ගණනක් අලුත් ආණ්ඩුවේ..


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නව අගමැතිවරයෙක් පත් කර ආන්ඩුව ගෙන යාමට එම සන්ධානය බහුතර බලය පෙන්වීමට සූදානම් වෙයි.
මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්දානය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සූදානම් බව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන කටයුතු කිරීමට සූදානම් නැති බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සූදානම් බවත්ය.
ජනාධිපතිවරයා විසින්ද මෙම ඉල්ලීම පිලිගෙන ඇති අතර ඉදිරි දිනක හෝ දෙකක් කාලය ඇතුලතදී පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුට වැඩි පිරිසකගේ අත්සන් සහිග ලිපියක් ජනාධිපතිවරයා බාර දීමට නියමිතය.
එජාපය ඉවත් කරන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් විපක්‍ෂයේ සිට ඊට සහයෝගය ලබා දෙන බවත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවිය යුතු බවත් ඒකාබද්ද විපක්‍ෂය දැනටමත් සදහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ බහුකර බලය පෙන්වීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දී තිබූ කාලය අද පස්වරුවෙන් අවසන් වී ඇත.
මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 30කට ආසන්න පිරිසක් නව ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි.
පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා බොහෝ විට නිමල් සිරිපාලද සිල්වා මහතා විය හැති බවදටද වාර්තා වෙයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි.. se sriavtvn februa


අවසන් නිල ප‍්‍රතිඵලය නිකුත් කර නෑ.. මැතිවරණ නිල ප‍්‍රතිඵල අමු බුලක් වෙයි.. මැකො කාර්යාලය වසා දමා ජනතාවගෙන් සමාව යදි..



පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී අවසන් නිල ප‍්‍රතිඵලය මේ වන තෙක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර නැත.
එසේ තිබියදීත් ඊයේ පස්වරු හතට පමණ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වසා දමමින් කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කාර්යාලයෙන් පිටත්ව ගොස් තිබේ.
මේ හේතුවේ ඡන්ද ප‍්‍රතිඵල කිහිපයක් හා අවසන් නිල ඡන්ද ප‍්‍රතිඵලය පල කිරීමට මාධ්‍යවන්ට හැකි වී නැත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාද සදහන් කරන්නේ තම දෙපාර්තමේන්තුවට ලැබුණු ඡන්ද ප‍්‍රතිඵල එසැනින් මාධ්‍යයට නිකුත් කළ බවත් අවසන් ප්‍රතිඵල කිහිපය නොලැබුණු බවත්ය.
සමස්ථයක් ලෙස මැතිවණ ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා ඉතා දීර්ඝ කාලයක් කොමිෂන් සභාව විසින් ගන්නා ලද අතර ඔවුන්ගේ නිල ප‍්‍රතිඵලවලට පෙර කොට්ඨාශ මට්ටමින් සහතික කරන ලද ප‍්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ ජනතාව වෙත ලැබින.
එමෙන්ම මෙම මැතිවරණයේදී තැපැල් ඡන්ද වෙනම ප‍්‍රකාශ කිරීමක් සිදු නොකල නිසා රාජ්‍ය සේවකයන්ගේ හැසිරීම ගැන අවබෝධයක් කිසිවෙකුට නැත.
මැතිවණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම ගැන අවස්ථා කිහිපයකදීම මැතිවරණ කොමිසම විසින් පැහැදිලි කරන ලද අතර මේ වන තෙක් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල දැක ගැනීමට නැත.
නිසි පරිදි ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වීම ගැන මැතිවරණ වෙබ් අඩවිය හරහා ජනතාවගෙන් සමාව අයදිමින් දමා ඇති පණිවඩුය මෙසේය. Link

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පෙරේදා පුංචි ඡන්දය ඉතිහාසයත් අනාගතයත් එකවර වෙනස් කරයි. Sriavnetwork sriavtvn

පෙරේදා පුංචි ඡන්දය ඉතිහාසයත් අනාගතයත් එකවර වෙනස් කරයි..



ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
“You can fool Some of the people some of the time, but you cannot fool all the people all the time” කියන එක තමයි මේ රටේ ජනතාව මහ හයියෙන් මේ මැතිවරණයේ දී ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ මැතිවරණ ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත් අනාගතයත්  එකවිට වෙනස් කරපු මැතිවරණ ප්‍රතිඵලයි. ජාතියේ ඉතිහාසය වෙනස් කලා කියන්නේ ලංකාවේ ඉතිහාසය පුරාම කවම කවරදාවත් ආණ්ඩු බලය අහිමි දේශපාලන පක්ෂයකට පළාත් පාලන මැතිවරණයක් පුංචි ඡන්දයක් ජයග්‍රහණය කරන්න ජනතාව අවස්ථාව දීලා නෑ. එය කෙසේ කෙතරම් ප්‍රබල මතයක් ද කියනවා නම් 1994 මාර්තු මාසේ 24 වැනිදා තමයි  එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක දේශපාලන ගමනේ පළවැනි පරාජය වන  දකුණු පළාත් සභා මැති මැතිවරණය පැවැත්වුණේ. ඊට හරියටම දවස් විසි තුනකට කලින් 1994 මාර්තු මාසයේ පලවෙනිදා  පැවැත්වුනු  නැගෙනහිර පළාතේ පලාත් පාලන මැතිවරණයේ දී  සමස්ත ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට  හිමි වුනා.  ඒ කියන්නේ   පළාත් සභා මැතිවරණයක් පරදින්න දවස් විසි තුනකට කලින් තිබ්බ පුංචි ඡන්දයත් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණයය කරා. ඒ නිසා මේ මැති මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ නොවු විරු අයුරින් මේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරා කියලා තමයි අපිට ලැබෙන පළමු පණිවිඩය.
විශේෂයෙන්ම මේ මැතිවරණය පාර්ලිමේන්තු මැති මැතිවරණයක් හෝ ජනාධිපති මැතිවරණයක් වුණා නම්  දැනට වාර්තාවී ඇති විශිෂ්ටතම ජයග්‍රහණය වන 2010   ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිබවා යන ජයග්‍රහණයක් බවට අනිවාර්යයෙන්ම පත්වෙනවා
ඒ වගේම මේ මැතිවරණය අනාගතය වෙනස් කර මැතිවරණයක් කියන්නේ මේ ජනතාව ඉතා පැහැදිලිව  අපගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින්  මෙය ජනමත විචාරණයක් බවට පත් කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහමුලින්ම  ප්‍රතික්ෂේප කර තිබෙනවා.  ඒ නිසා තවදුරටත් ආණ්ඩුවට ලක්ෂ 62ක ජනවරම ගැන මතුරමින් රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාව,  රටේ රැකියා ඉන්දියාවට විකුණන එක්ටා ගිවිසුම,  ජාතික සම්පත් නොරටුන්ට විකුණන ක්‍රියාවලිය එක අඩියකින් නොව එක අඟලකින් වත් ඉදිරියට ගෙනයාමට අයිතියක් ඉඩක් නැති බව අපි  ආණ්ඩුවටත් ආණ්ඩුව මත යැපෙන ඩොලර් මත යැපෙන එන්ජීඕ ප්‍රජාවටත් සිහිපත් කරනවා.
ඒ වගේම මේ ආණ්ඩුව දැන් පිළුණු වෙලා ඉවරයි.  මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා මුදවා ගත් කිරි හට්ටියක් නම් කිරි හට්ටිය සුදු කඩදාසියකින් වහලා  කල් ඉකුත්වීම ගැහුවා 2019 නොවැම්බර් කියලා. ඒ 2019 නොවැම්බර් මාසයේ කල් ඉකුත්වීමේ දිනය එතන තිබුණත් ඊයේ දින සිට දැඩි ගදක්  හමන බවත් මෙය කෑවොත් ජනතාව අසනීප වෙනවා කියලා ජනතාව නහය හකුළාගෙන මුහුණ බෙරි කරගෙන මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා මේ කිරි හට්ටිය කුස්සියේ මේසයෙන් බැහැලා ගියේ නැත්තං ජනතාවට සිදු වන්නේ මෙය ඔසවාගෙන ගොස් බලහත්කාරයෙන් කුණු කූඩයට විසි කිරීමටයි. ඒ නිසා කුණු කූඩයට විසි කිරීමට කලින්  වේදිකාවෙන් බැහැලා යන්න මහත්වරුනේ කියලා අපි ආණ්ඩුවේ නායකයින්ගෙන් ඉල්ලා  සිටිනවා.
මේ මැතිවරණය හරහා ජනතාව පෙන්වූ ඔවුන්ගේ කල කිරීම පමණක් නොව කේන්තියද පෙන්වා තිබෙනවා. ඒ නිසා  ආණ්ඩුව මේ ජනතා හඬට කන් නොදුන්නොත්  පාර්ලිමේන්තුව වටලන්න ජනාධිපති අගමැති මන්දිර වටලන්න පවා ජනතාවගේ උද්‍යෝගයක් තිබෙනවා. ඒ නිසා එහි අවදානම ආණ්ඩුවේ නායකයින් වටහා ගත යුතුයි.
විශේෂයෙන්ම අපි කියන්න ඕනෑ මේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණා කියන මැතිවරණයේදී ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ දිස්ත්‍රික්කය 15ක්. මේ මැතිවරණයේ දී අපි දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කරලා තියෙනවා විතරක් නෙවෙයි දිස්ත්‍රික්ක 6 ක ආණ්ඩුවට කිසිම පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීමට තරම් ජනතාවගේ කේන්තිය සහ කලකිරීම් දැඩි ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
ඒ වගේම අපි මතක් කරන්න ඕනෑ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ප්‍රකාශකර විදිහටම එදා පාර්ලිමේන්තුවේ අගමැති මාරු කරමින් 46 දෙනෙක් ඉන්න පක්ෂ නායකයාට අගමැතිකම දුන්නේ මීට කලින් පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ජනාධිපතිවරණ ජනවරමින් පිළුණු වීමට ලක් වුණා  කියලා.  පිළුණු වීමේ න්‍යාය මෙතෙන්ට අනුගමනය කරොත් 2015 ලැබුණු ජනවරම් දෙකම  මේ මැතිවරණයෙන් පිළුණු වීමට ලක්වෙලා තියෙනවා. ඒ න්‍යාය අනුව බලනවා නම් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණේ මන්ත්‍රීධූර 46ක් පමණක් වුවත් අපිට නම් 54ක් තියෙනවා කියන එක අපි සිහිපත් කරන්නේ කැමතියි.
මේ රටේ ජනතාව  ඉතිහාසය වෙනස් කරන්න අනාගතය වෙනස් කරන්න තමන්ගේ ජීවිත පරදුවට තියලා ආණ්ඩුවකට එරෙහිව තමන්ගේ ජන මතය ප්‍රකාශ කිරීමට පුංචි ඡන්දයකදී අකමැති වන්නේ මැතිවරණ ප්‍රථිපලය කුමක් වුවත් ආණ්ඩුව වෙනස් නොවෙනවා කියන අදහසින්. ඒ අවදානම අරගෙන ජනතාව මේ ලබා දුන්නු ඒ තීන්දුවට හිස නමා ආචාර කරන අතරම අපිට මතකයි 2015 ජනවාරි මාසයේ බලයට ආපු ආණ්ඩුව  අපේ පාක්ෂිකයන්ට හිරිහැර කරමින් ගෙවල් ගිනිබත් කරමින් ඉතාමත් අශීලාචාර විදිහහට තමයි ජයග්‍රහණය සැමරුවේ. ඔවුන්ට වඩා අපි වෙනස් කියලා පෙන්වමින්  අපි යන්නේ අලුත් ගමනක් කියලා පෙන්වමින් අපි ඉතා සාමකාමීව ශිලාචාරව ලැබූ ජයග්‍රහණය සමරමින් අපේ තිබෙන වෙනස් බව උතුම් බව රටටම පෙන්වන්න කියලා අපි අපේ පාක්ෂිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
– අරවින්ද අතුකෝරල


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අගමැති රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කෙරේ.. යටගිය කොමිෂන් සභා වාර්තාව මෙන්න srilanka-politics

අගමැති රනිල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න නිර්දේශ කෙරේ.. යටගිය කොමිෂන් සභා වාර්තාව මෙන්න…


‘ප්‍රජා අයිතිය අහෝසි කළ යුත්තේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ද? නැතහොත් බටලන්ද වධකාගාරයේ දී තරුණයන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත් නායකයාගේ ද?’ යන පැනය රට හමුවේ තබන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා මෙම පැනය රට හමුවේ තැබුවේ ය. එහි දී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“2015 අගෝස්තු මහ මැතිවරණය මුවවිටේ තබා ගෙන සිදු කළ අකටයුත්ත මේ රටේ ජනතාවට අමතක නැහැ. ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ’ කියා කියපු ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයත් පැහැර ගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිවීම වළක්වා එජාපයේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් හදන්න ඉඩ හදලා දෙන්නයි.
දැන් ඒ වගේම අකටයුත්තක් සිදු කරන්න ‘සිරිසේන-වික්‍රමසිංහ’ ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය මුවවිටේ තබා ගෙන සූදානම් වෙනවා. ඒ තමයි ‘පොහොට්ටුව දිනුවට වැඩක් නැහැ. අපි ළඟදීම මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා.’ කියන මතය පැතිරවීම.
කාගෙද මේ සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදන්නේ? මේ රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේයි. ප්‍රජා අයිතිය අහෝසි කිරීම කියන මාතෘකාව පළමුව මේ රටේ දේශපාලන කරළියට ආවේ 1980 දී. තමන් පිහිටුවපු ජනාධිපති කොමිෂන් සභාවක නිර්දේශ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එහි දී ක්‍රියා කළා. දැන් යළිත් 2018 දී මේ මාතෘකාව දේශපාලන කරළියට පැමිණෙමින් තිබෙනවා.
1980ත් 2018ත් අතර මේ ‘ප්‍රජා අයිතිය අහෝසි කිරීම’ කියන මාතෘකාව මේ රටේ දේශපාලන කරළියට පැමිණියේ බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එළි දැක් වු අවස්ථාවේදීයි.
‘බටලන්ද අමානුෂික ක්‍රියාවන්ට වගකිවයුතු පළමුවැනියා’
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මගේ ළඟ තිබෙනවා. එහි 154 පිටුවේ මෙහෙම කියනවා.
‘රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ පුද්ගලයන් රඳවා තබා ගැනීමේ ස්ථානයක් හෝ ස්ථාන පිහිටුවා පවත්වා ගැනීම සහ 1988 ජනවාරි මස පළමුවන දිනයෙන් ආරම්භව 1990 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන කාලසීමාවේදී එකී ස්ථානයේ හෝ ස්ථානවල කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගලයෝ රඳවනු ලැබ සිටියෝ ද ඔවුහු අමානුෂික හා ආත්ම ගෞරවය කෙළෙසන ක්‍රියාවන්ට හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙසට යම් ලිඛිත නීතියක් යටතේ වරදක් වන සැලකිල්ලට භාජනය කරන ලද්දෝ ද යන වග සහ එකී ක්‍රියා සඳහා සෘජුව හෝ අනියමින් වගකිව යුතු වන පුද්ගලයා හෝ පුද්ගලයෝ
1.1986න් ආරම්භව විවිධ අවස්ථාවලදී රනිල් වික්‍රමසිංහ මහතා (එම මහතා අදාළ කාලසීමාව තුළ කැබිනට් අමාත්‍යවරයකු විය.) රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ අදාළ බලධාරීන්ට එකී සංස්ථාවට අයත් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස කැළණිය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට වෙන් කොට මුදාලන ලෙස නියම කර තිබේ.’
එහෙම පටන් අරන් 159 පිටුවේ තිබෙනවා, ‘රනිල් වික්‍රමසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ B2, B8, B34 හා A1/8 යන නිවාසවල නීතවිරෝධි රැදවුම් ස්ථාන හා වධකාගාර පැවැත්වීමට අනියමින් වගකිව වගකිවයුතු වන්නෝ ය” කියා.
‘රනිල්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ නිර්දේශය’
ඒ වගේම එහි 162 හා 163 පිටුවල රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නිර්දේශ මෙන්න මේ විදිහට තිබෙනවා.
‘මුලින් වූ පරිච්ඡේදවල ප්‍රකාශ කරන ලද පරිදි, ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මෙන්ම එවකට පැවැති රජයේ දේශපාලනඥයෙකු (ඒ දේශපාලනඥයා තමයි රනිල් වික්‍රමසිංහ) මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කරනු ලැබූ ආකාරය අපි විසින් නිරීක්ෂණය කොට ඇත… පෙර කී අයිතිවාසිකම් දඬුවම් විඳීමට සිදු වන බියක් නොමැතිව පිට පිට උල්ලංඝණය කර ඇති බව අපට පෙනී යයි… පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝණය කර ඇතැයි හඳුනාගනු ලබන පුද්ගලයන්ගේ “ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ” ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයන්ට පැමිණවීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අප නිර්දේශ කරමු.’ උපුටා ගැනීම අවසන්. නිර්දේශ ඉදිරිපත් කළේ බටලන්ද කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්.
ඉහත මම පැහැදිලි කළේ 1980න් පසුව ‘ප්‍රජා අයිතිය අහිමි කිරීම’ කියන මාතෘකාව දේශපාලන කරළියට පැමිණි අවස්ථාවයි. එසේ බටලන්ද කොමිෂන් සභාව එකී රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නිර්දේශය ඉදිරිපත් කරනු ලබන්නේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටයි. ඇය ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකළ බව අපි දන්නවා. එහෙම අයයි, අද රට බේරාගත්, අපට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ගැන නන් දොඩවන්නේ.
‘චන්ද්‍රිකා හමුවේ අල්ලස් කොමිසම නිහඬ වූ හැටි’
මෙහි දී හැම තිස්සේම ‘රාජපක්ෂ හොරා කෑවා’ කියන චන්ද්‍රිකා කුමාරතුංගටත් ඇයගේ අතීතය මතක් කර දීමට අපි කැමතියි. මේ මගේ අතේ තිබෙන්නේ ‘වෝටර්ස් ඒජ්’ අක්‍රමිකතාවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ නඩුවේ නඩු තීන්දුව. ඒ නඩුවේ පළමු වගඋත්තරකරු අංක 07, නිදහස් ඇවනියු, කොළඹ 07, යන ලිපිනයේ පදිංචි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ‘වෝටර්ස් ඒජ්’ ගනුදෙනුව අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පළමුවන වගඋත්තරකාරිය ඇතුළු පස්දෙනකුට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගත යුතුයි’ කියා නඩු තීන්දුවේ තිබෙනවා. නමුත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඒ තීන්දුව ප්‍රකාරව කටයුතු කරලා නැහැ.
මේ අය රට බේරාගත් නායකයාගේ, අපට ජීවත් වීමේ අයිතිය දිනා දුන් නායකයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදන කොට ‘මේ ලේ වැකි – හොරකමින් පිරුණු ඉතිහාසය’ කෘතගුණ දත් ජනතා අධිකරණය ඉදිරියේ තැබිය යුතු වෙනවා. ජනාධිපති කොමිෂන් වාර්තා මේ රටේ ඉතිහාසය පුරා යොදා ගෙන ඇත්තේ මැතිවරණ කාලවල ජනතාව රැවටීමේ මෙවලමක් විදිහට බව අපට පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා මේ සියල්ල දෙස හොඳින් සලකා බලා ජනතා අධිකරණය තීන්දු කළ යුතුයි, ප්‍රජා අයිතිය අහෝසි කළ යුත්තේ රනිල්ගේ ද? , චන්ද්‍රිකාගේ ද?, මහින්දගේ ද? කියා. ඒ අනුව සිතමින් මේ රටේ කෘතගුණ දත් ජනතාව පෙබරවාරි 10 වැනි දා පොහොට්ටුවට අතිවිශිෂ්ට ජයක් හිමි කර දෙනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
බටලන්ද කොමිසමේ වාර්තාව මෙතනින්

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network