රනිල්  ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න.. srilanka-politics

රනිල්  ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න..



2015 වසරේදී ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද (30) දහවල් බාර දෙන ලදී.
එය බර දෙනු ලැබුවේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා විසින් වන අතර එම අවස්ථාවට කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා හා සෙසු සාමාජිකයින් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන්ද සහභාගී වූහ.
එහිදී පැය බාගයකට වැඩි කාලයක් එම වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිනරයා කොමිසමේ සාමාජිකයන් සමග සාකච්චා කර ඇති අතර මෙය ශ‍්‍රී ලංකාවේ සිදුව ඇති විශාලතම මුදල් වංචාව විය හැකි බව විනිසුරුවන් විසින් පෙන්වා දී ඇති බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද එම වගකීමෙන් බැහැර විය නොහැකි බවට විනිසුරුවන් විසින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇති බවත් අන්තර්ජාලයේ වාර්තා පලවෙයි.
කොමිසමේ සාමාජිකයන් සමග වූ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා වෙනත් පිරිසක් සමග පැවති සාකච්චාවකදී ‘*** ඉවරයි.. යුඑන්පිය ඉවරයි.. කොමිෂන් වාර්තාවෙන් ඒ අය ඉවර වෙනවා’ යනුවෙන් සදහන් කර ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.
මෙම කොමිෂන් සභා වාර්තාවෙන් අගමැතිවරයා ඇතුළු චූදිත සියළු පාර්ශවයන් වගඋත්තරකරුවන් කර ඇති බවට නිගමනය කර ඇති බවද වැඩි දුරටත් සදහන්ය.
වාර්තාව සම්බන්දයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්චා කිරීමට ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ නීතිපතිවරයා කැදවා ඇති බවද වාර්තා වෙයි
මේ අතර කොමිෂන් වාර්තාව ලැබීමෙන් පසු ආන්ඩුවේ ප‍්‍රබලයෙක් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අත්‍යවශ්‍ය යයි පවසමින් අවස්ථාවක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඒ නොතකා පොලොන්නරුවට ගොස් ඇති අතර ඔහු නැවත කොළඹ පැමිණීමට නියමිතව ඇත්තේ පළමුවැනිදා හෝ දෙවැනිදා බවද සදහන්ය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network