ඒකාබද්ද-ශ‍්‍රිලනිප සාකච්චා බිද වැටුනු ඇත්ත හේතුව මෙන්න srilanka-politics

ඒකාබද්ද-ශ‍්‍රිලනිප සාකච්චා බිද වැටුනු ඇත්ත හේතුව මෙන්න..



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය බිඳ වැටුණේ ඇමැති සැප නැතිවෙතැයි ‍බියෙන් ආණ්ඩුවෙන් ඉවත් නොවූ අය නිසා බව පැවසූ රණතුංග මහතා ඇමැති වරප්‍රසාද වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් මොවුන් ළංකර ගතහොත් ඒකාබද්ධ විපක්ෂයත් විනාශ වනු නිසැක බවත් පෙන්වා දුන්නේය.රනිල් වික්‍රමසිංහගේ දෙපා මුල වැඳ වැටෙමින් ඇමැති කටු සූප්පන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන්ට වුවමනා වී ඇත්තේ පක්ෂය විනාශ කිරීමේ පාපකර්මයට ඒකාබද්ධ විපක්ෂයත් හවුල් කර ගැනීමට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමයෝජනා භාරදීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට බාධා කරන්නේ ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන් බවට දයාසිරි ජයසේකර ඇමැතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් රණතුංග මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට බාධා කරන්නේ මම කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ කියන කෙනා ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෙක් වෙන්න එපැයි. අපේ පක්ෂයේ ඉඳලා යූ. ඇන්. පියට ගිහින් එතැනින් ඇමැතිකමක් නැති තැන අපේ පැත්තට ඇවිල්ලා, ආයෙමත් මහින්ද මහත්තයා ගාව ඉඳලා මෛත්‍රීපාල මහත්තයා ගාවට ගිය කෙනෙක්ට එහෙම කියන්න අයිතියක් නැහැ.
දයාසිරි ඇමැතිවරයා හැමදාම කළේ පක්ෂ සහ පැත්ත මාරු කරමින් තමන්ගේ වාසිය සලසා ගන්න එක. එතුමට දෙන ඇමැතිකම හරියට කරගන්න බැරි වුණාට පැත්ත මාරු කරන එක නම් හොඳට කරන්න පුළුවන්. අද නිදහස් පක්ෂයේ සමගිය ගැන ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ අපේ පැත්තට උඩින් පාත්වෙච්ච පැරෂුට්කාරයන්ට තමයි.
අපිට මතකයි එතුමා ඉස්සර එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ මහින්ද මහත්තයා විවේචනය කරමින් හම්බන්තොට වරායට කියපු දේවල්. ඒක පොකුණක් කිව්වා, ඒකේ ගලක් තියෙනවා කිව්වා, ලොකු නැව්වලට එන්න බැහැ කිව්වා. අන්තිමට මොකද වුණේ? මහින්ද මහත්තයාගේ කකුල් අල්ලලා වැඳලා සමාව අරන් අපේ පැත්තට එකතු වුණා.
එකතු වෙලා කියනවා හම්බන්තොට වරාය හොඳ ව්‍යාපෘතියක්ලු. ඒ වගේ කෙනෙක් කියන කතා අපි වැඩිය ගණන් ගතයුතු නැහැ. කොහොමටත් ඔය කෑගහන අයියලාගේ දේශපාලනය ලබන මහ ඡන්දයෙන් පස්සේ ඉවරයි. මේ පාරත් පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක දාලා පෝස්ටර් ගහපු නිසයි.
අපි නිදහස් පක්ෂයේ සමගියට බාධා කළේ නැහැ. අපි කිව්වේ අපිත් එක්ක එකතු වෙනවා නම් ඇමැතිකම් අතහැරලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා එන්න කියලයි. ආණ්ඩුවෙන් ඉවත් නොවී සන්ධානගත වෙන්න බැහැ කියලයි අපි කිව්වේ. ඒ වගේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් ගහන්න එන්න එපා කියලයි අපි එතුමලට කිව්වේ.
එයාලා කරන්නේ ඇමැතිකමෙන් අයින් නොවී අපේ ඡන්දවලින් තමන්ගේ හෙංචයියෝ ටික ප්‍රාදේශීය සභාවට පත්කර ගන්න උත්සාහ කරපු එකයි. දයාසිරි ඇමැතිවරයාට වුණත් හිතෙනවා ඇති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට එකම මන්ත්‍රී‍ කෙනෙක්වත් පත් කරගන්න බැරි වෙයි කියලා. එතුමට එහෙම බය හිතෙන එක සාධාරණයි.
හැබැයි අපි කියන්නේ සමගියට බාධා කළේ අපි නෙමෙයි. ඇමැති කටුවලට ලොල් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් ළඟ වැඳ වැටුණ අය තමයි සමගිය විනාශ කළේ. ඒ අය තමයි පක්ෂය විනාශ කළේ. එයාලට දැන් ඕනේ පක්ෂය විනාශ කරපු පාපකර්මයට අපිවත් හවුල් කරගන්නයි. ඒවට අපි ඉඩ තියන්නේ නැහැ.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network