ශ්රී ලංකා ත්‍රිවිධ හමුදාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා හා එල්ටීටීඊ ඩොලර් නිසා කදුළු සලන චැනල් 4 නාලිකාවේ නිරුවත

මෙලොව බිහිවූ කෘරතම ඝාතකයා නන්දිකඩාල් කලපුවෙදී 2009 මැයි මස 19 වන දින ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතින් ඝාතනය විය.අප සියලු දෙනාම සිතුවේ දශක 3 පැවති කුරිරු යුද්ධය අවසන් කියාය නමුදු ආපසු හැරී පසුවිපරම් කිරීමට අප සිතන මේ මොහොතේ පවා තිරයෙන් පිටුපස හොර රහසේම කුමන අයුරකින් හෝ ඊලාම් රාජ්‍යක් ලබාගැනීමේ හෝ ලබාදීමේ ඒකපාර්ශ්වික සිතල යුද්ධයක් මිට වසර කිහිපයකට පෙර එල්ටීටීඊ සංවිධානයට සහයව කටයුතුකළ රටවල් වල සහයද ඇතුව එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ආරම්භ කරන ලදී ඒ මෙරට ජිවත්වන ඩොලර් වලට තම මව උවද පාවාදෙන සම-හරක් නමට සිංහලයන් සහ සමහර මන්ත්‍රී මැති ඇමති වරුන්ගේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල සහයද ඇතුවය.එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව අද කෘර ඝාතන සංවිධානයක මානව හිමිකම් වෙනුවෙන් සුවිස්ටර් ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කාර්‍යාලය වෙත ගොස් ඒ කෘර ඝාතකයා සහ එම සංවිධානයේ මානව හිමිකම් වෙනුවෙන් විශාල බොරු මවාපාමින් ලොව පුරා රාජ්‍ය නොවන(NGO) සංවිධාන රටවල් රාජ්‍ය නායකයින් ගොනාට අන්දමින් එදා යුධමය වශයෙන් දුටු ඊලාම් රාජයේ සිහිනය මා ඉහත සදහන් කල පරිදි ඔවුන්ගේ මේ උත්සාහය කුමන ආකාරයකින් හෝ ඊලාම් රාජ්‍යක් ලබා ගැනීම උදෙසාය.
මෙතෙක් ලොව බිහිවූ කෘරතම ත්‍රස්ථ සංවිධානයකට මානවහිමිකම් තිබේද? මාගේ මතය නැත යන්නයි. ලොව මෙතෙක් බිහිවූ කෘරතම ත්‍රස්ථ සංවිධානය මානව හිමිකම් ගැන කතාකරන්නේ කෙසේද? නමුදු 1998 ජූලි 17 වන දින සම්මත කරගන්නා ලද රෝම ව්‍යවස්ථාව (Rome Statute) කියවා බැලීමේදී එය මනාව පැහැදිළි වේ.(https://www.icc-cpi.int/nr/rdonlyres/add16852-aee9-4757-abe7-9cdc7cf02886/283503/romestatuteng1.pdf) මන්දයත් තිස් වසරක කුරිරු යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද කෘර සමුහ මිනිස් ඝාතන කුඩා ළමුන් පැහැරගැනීම් නිරායුද සිවිල් ජනතාව හමුදා සෙබළුන් ඝාතනය කිරීම් පුජනිය පුරාවිද්‍යාත්මක ස්ථාන වලට එල්ල කරන ලද ප්‍රහාර මෙන්ම මිනිස් බෝම්බ පවා භාවිතා කරන ලද ත්‍රස්‌ත සංවිධානයේ මානව හිමිකම් පිළිබදව ප්‍රථමයෙන් කිබුල් කදුළු හෙලනු ලැබුවේ මෙක්සිකොවයි මා හට හැගියන ආකාරයට 1992දී අධිවේගී මරණයේ මාවත නමැති මාර්ගය (https://en.wikipedia.org/wiki/Highway_of_Death) (https://www.youtube.com/watch?v=4xiasPejyt4) යන විරුධාවලිය ලබාදුන් මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම යුධ අපරාධ ගණනාවකට වගකිව යුතු ලෝක පොලිස් කාරයාගේ බළල් අතයි (ඇමරිකාවේ යුධ අපරාධ පිළිබදව ඉහත සදහන් සබැදිය වෙත පිවිස නරබන්න ඔබට හැකියාව පවතී ) ඇමරිකාව සහ ඔවුන් සිදුකරන ලද යුධ අපරාධ දීර්ඝ ලැයිස්තුවක් උවද ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැක නමුදු මෙතෙක් ලොව සිදුකරන ලද විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම දියත්කල හමුදාවට මෙලෙස චෝදනා එල්ල කරන්නේ පදනම් විරහිතවය ඒ පිළිබද ඔබට තබන සටහනයි මේ
චැනල් 4 නාලිකාව නොදත් යුද අපරාධ නිර්වචනය
යම්කිසි රටක් තුළ ඇතිවන අභ්‍යන්තර සන්නද්ධ අරගලයකදී/සටනකදී හෝ, රටවල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සිදුවන සංග්‍රාමයකදී හෝ, ජාත්‍යන්තර මානුෂවාදී නීතියට පටහැනිව, සතුරු පක්ෂයට හෝ සතුරු පක්ෂයට හිතවත්, සන්නද්ධ නොවන පිරිස් වලට එරෙහිව, යම්කිසි හමුදාවක් විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම, යුද අපරාධයක් වන්නේය.
මෙම නිර්වචනය සමග මෙතෙක් ලොව බිහිවූ කෘරතම ත්‍රස්ථ සංවිදානය සමග සසදා බැලීමේදී මා හට නැගෙන ප්‍රශ්නයනම් දැඩි ලෙස(100%) රෝම ව්‍යවස්ථාව පමණක් නොව ලොවම පිළිගත් යුධ නීති ප්‍රඥප්ති පවා උල්ලංඝනය කරන ලද කෘර මිනි ඝාතක වේලුපිල්ලේ පිරුබාහරන්ගේ ත්‍රස්ථ සංවිධානයට මොන මානව හිමිකම්ද කියාය මා එසේ සිතුවද අද එය එසේ සිදුවනේ නැත මක්නිසාද යත් එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව ලොව සිටින ඊලාම් හිතවාදීන් සමග එක්ව යුද්ධයකින් තොරව ඊලාම් රාජ්‍යයේ සිහිනය සබැ කරගන්නට මෙරට මෙන්ම ලොව පුරා මේ මොහොතේත් ඔවුන් ක්‍රියාත්මක නිසාය.මගේ මතකයට අනූව මෙතෙක් ලොව බිහිවූ ප්‍රභලම ඩයස්පෝරාව අයර්ලන්තයෙන් බිහිවී අයර්ලන්තය උතුරු හා නැගෙනහිර වශයෙන් බෙදී වෙන් කිරීමට ප්‍රභල වශයෙන් ක්‍රියාකළ අතර එය මෙලොව බිහිවූ ප්‍රභලතම ඩයස්පෝරාව යනුවෙන් නම් දරා සිටියද එය එසේ නොවේ මෙතෙක් බිහිවූ ප්‍රභලතම ඩයස්පෝරාව එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව බවට අපට අකමැත්තෙන් උවද පිළිගැනීමට සිදුවේ.
ප්‍රභල වශයෙන් ඔවුන් අපට එල්ල කරන චෝදනාව මානුෂිය මෙහෙයුම අවසන් මාස 4 තුල අප නිරායුධ සිවිල් ජනතාව සහ කුඩා ළමුන් ඝාතනය කල බවත් රතුකුරුස සංවිධානය ප්‍රකාශයට පත්කළ යුධ මුක්ත කලාපයට බර අවි ප්‍රහාර එල්ල කල පාසල් රෝහල් වලට ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු මෝටාර් මල්ටිබැරල් ප්‍රහාර එල්ල කල බවත් රසායනික අවි ප්‍රහාර එල්ල කල බවත් අවි බිම තබා යටත් වූ එල්ටීටීඊ සාමාජිකයින් සමුලඝාතනය කළබවත් ප්‍රධාන වශයෙන් ඔවුන් අපට එල්ලකරන චෝදනාවනය. අපි මදකට නැවතී විමසා බලමු යුධ අපරාධ (ප්‍රධාන වශයෙන්) යනු මොනවද කියා
1.ජල මූලාශ්‍ර වලට වස විස මුසු කිරීම සහ ජල මුලාශ්‍ර අවහිර කිරීම
2.තහනම් අවි ආයුධ පාවිච්චි කිරීම, බැරල් බෝම්බ, ඩම් ඩම් බුලට්, වැනිදේ පාවිච්චි කිරීම, රසායනික අවි පාවිච්චි කිරීම.
(https://en.wikipedia.org/wiki/Expanding_bullet . https://en.wikipedia.org/wiki/Barrel_bomb , https://en.wikipedia.org/wiki/Chemical_warfare)
3.සතුරු පක්ෂයේ යුද සිරකරුවන්ට (ප්‍රශ්න කිරීම වැනි කටයුතු වලදී) අමානුෂික වදදීම, සාධාරණ නඩු විභාගයකින් තොරව දඬුවම් දීම.
4.ඔවුන්ව මියයාමට ඉඩහැර නොසළකා සිටීම.
5.මරණය සිදුවියහැකි අන්තරායදායක ක්‍රියාවල යෙදවීම.
6.අත්අඩංගුවට ගත්පසු ඝාතනය කිරීම .
ප්‍රධාන වශයෙන් සලකා බැලීමේදී චැනල්4 නාලිකාව විසින් රටක රාජ්‍ය හමුදාවකට එරෙහිව යොදාගත් වැඩිම ගුවන් කාලය අප ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් වෙන් කරන ලදී නමුදු පහත මා සදහන් කරන කාරනා චැනල්4 නාලිකාව විසින් සකසන ලද ව්‍යාජ (ඔප්පු කිරීමට සාධක අප සතුව අඑත ඒවා නියම ආකාරයෙන් ගොනුකොට වාර්තාවක් සකසා අවශ්‍ය පුද්ගලයන් අතට පත්කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කරමින් පවතින නිසා ඒවා ප්‍රසිද්ධ කිරීමට නොහැකිය) කෙටි චිත්‍රපට වලට නොපෙනු මේ කරුණුද යුධ අපරාධ ගණයට වැටෙන බව ඔවුන්ට අමතකවිය ඒවා නම්
සාධාරණ හේතුවකින් තොරව, මරාදැමීම, හිරිහැර කිරීම හෝ නොසළකා හැරීම, සිය ගම්බිම් හෝ අනුන්ට බලපෑමක් නොවන පරිදි දැනට රැඳී සිටින ප්‍රදේශ වලින්, වහල් සේවයේ හෝ කම්කරු සේවයේ යෙදීමට සිදුවන, නැතහොත් බලහත්කාරයෙන් යොදවන, සරණාගත කඳවුරු වෙත පිටුවහල් කිරීම.
1.යුද සිරකරුවන් සේ සළකා අත්අඩංගුවට ගන්නා සාමාන්‍ය ජනතාවට හිරිහැර කිරීම, අකාරුණික ලෙස සැළකීම, මරාදැමීම.
2.සතුරු පක්ෂයට එහිව කෙරෙන සංග්‍රාමික කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදවාගැනීම.
3.සාමාන්‍ය ජනතාව, ප්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මරාදැමීම.
4.යුද අපරාධ වලට සම්බන්ධයැයි සැළකෙන, සන්නද්ධ සාමාජිකයන්ගේ කලත්‍රයා හෝ, පවුලේ සාමාජිකයන්, ළඟම ඥාතීන්, සාධාරණ නඩුවිභාගයකට ලක්කිරීමෙන් තොරව, සිර දඬුවම්/මරණ දඬුවමට යටත් කිරීම.
5.සංග්‍රාමික ඉලක්ක වශයෙන්, කිසිදු වැදගත්කමක් හෝ අවශ්‍යතාවක් හෝ නැති, නගර, ගම්මාන, ආගමික සිද්ධස්ථාන, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, ආදිය වෙත ප්‍රහාර එල්ල කොට වනසා දැමීම.
6.ස්ත්‍රී දුෂණය, ළමා අපචාර, ලිංගික වහල් සේවයේ යොදවා ගැනීම, බලහත්කාරයෙන් ගැබ් ගැන්වීම.
7.සාමාන්‍ය ජනතාව සිටින බව දැන දැනත්, ඔවුන්ට අනතුරු/ජීවිත හානි ඇතිවියහැකි ආකාරයට, යුද ප්‍රහාර එල්ල කිරීම. රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම.
8.සතුරු පක්ෂයෙන් ගැලවී සිටීම/සතුරා රැවටීම සඳහා, රැවටීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ සාමාන්‍ය ජනතාව පළිහක් ලෙස පාවිච්චි කිරීම.
9.සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන, ආහාර/ජලය ලබාගැනීම වැලැක්වීම හෝ කඩාකප්පල් කිරීම.
මෙම කරුණු 9ටම අදාළව එල්ටීටීඊය විසින් සිදුකරන ලද යුද අපරාධ ගණන 100 ඉක්මවයි.මධ්‍යවීදියෙක් යැයි කියාගන්නා 1818 මහා නිදහස් අරගලයද පාවාදුන් පරපුරෙන් පැවතගෙන එන පුද්ගලයෙක් සදහන් කරන්නේ අප ත්‍රිවිධ හමුදාව රසායනික අවි භාවිතා කල බවයි එනමුත් මා හට නැගෙන ප්‍රශ්නයනම් මුලතිවු මහා වන මැද එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය විසින් පවත්වාගෙන යන ලද ත්‍රස්ථ කදවුරක රසායනික අවි නිපදුවේ කුමක් අරබයාද කියාය. එමෙන්ම විශ්වාස දායක ආරංචි මාර්ග පවසන පරිදි එදා කිලිනොච්චිය අප ත්‍රිවිධ හමුදා ප්‍රථම වරට අල්ලාගත් දවසේ මුළු ශක්තියම යොදා කිහිප වරක්ම උත්සහ කල ත්‍රස්‌ථවාදීන්ට කිලිනොච්චිය අල්ලාගත නොහැකි විය අවසානයේ ඔවුන් රසායිනික ගෑස් ප්‍රහාරයක් එල්ලකලද (මෙය මාධයෙන් වසන් කරන ලද පුවතක් උවද එදා වන්නිමෙහෙයුමේ නිරතවු සියලු දෙනා දත් රහසක් විය) ඒ අධික වැසි සහිත නිසා ප්‍රහාරය සාර්ථක නොවුනි.ජාත්‍යන්තරයෙන් පවා මේ කරුණු එදා වසන් කෙරුවාද?නැතිනම් වසන් උවාද? යන ගැටළුව තවමත් මා තුල මෙන්ම මෙය කියවන ඔබතුලත් හටගන්නවාට කිසිදු සැකයක් නැත.මේ යුධ අපරාධ නඩු කතාන්දරය 14 වන සියවස තරම ඈතට දිවයයි ඒ බව ම ඉතිහාසය පිරික්සීමේදී මානාව පැහැදිලි වෙයි තවද 16 වැනි ශතවර්ෂයේ සිට 18 වැනි ශතවර්ෂය දක්වා වූ කාලය තුළ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය පවා යුද අපරාධ වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවට ඉතිහාසයේ සදහන් වේ.
ජනිත් ඉෂාර විසින්
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න