සිංහලෙන් රටේ ජනතාව ගොනාට අන්දවා… ආණ්ඩුව රණවිරුවා පාවා දුන් හැටි srilanka-politics

සිංහලෙන් රටේ ජනතාව ගොනාට අන්දවා… ආණ්ඩුව රණවිරුවා පාවා දුන් හැටි 

ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, නියෝජ්‍ය කාරකසභා සභාපතිතුමනි, ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් ඉදිරිපත්කරන ලද යෝජනාව ස්ථිර කරමින් මේ යෝජනාවට ප්‍රවේශයක් ලබාගැනීම සදහා ආණ්ඩුවේ ප්‍රකාශයක් දෙසට අවධානය යොමු කරනවා. අපි දැක්කා වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරන දෙයක් තමයි අපි ලෝකය දිනා ගත්තා. ලෝකය ජයග්‍රහණය කළා. හැමෝම අපිත් එක්ක යාළුයි. අපිට දැන් කවුරුවත් සතුරන් නෑ. තත්වය ඒකනම් අපිට සතුරන් ඇතිවුනේ කෙසේද? ඒ හතුරන් මේ ආණ්ඩුව නැතිකර ගත්තේ කෙසේද කියන එක ගැන මේ ගරු සභාවේ අවධානය යොමු කිරීම වටිනවා.

අපි කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන ආරම්භ කරපු මුල් දවස් වල බටහිර ලෝකය හිටියේ අපිත් එක්ක. හිටපු විදේශ ඇමතිතුමන් දන්නවා එතුමනුත් විදේශ අමාත්‍ය ධුරයේ අපේ ආණ්ඩුවේ මුල් කාලයේ හිටියා. අපිට කොටි ත්‍රස්තවාදය තහනම් කරලා දුන්නා. ඇමරිකා එක්සත් ජනපදයේ සහයෙන් , සෑම් මිසයිල තුන්වන පාර්ශවයක් විසින් කොටි ත්‍රස්තවාදීන්ට විකුණද්දි ඔවුන්ව අත් අඩංගුවට ගන්න පුළුවන් වුනා. ඔවුන්ගේ ගිනුම් තහනම් කලා. ඇමරිකාවේ ඔත්තු සේවා වලින් ලැබුනු තොරතුරු මත තමයි ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ දී පාවෙන අවි ගබඩා ලෙස භාවිතා කරන ලද කොටි නැව් තුනක් විනාශ කිරීමට අපේ නාවික හමුදාවට හැකියාව ලැබුනේ. බටහිර අපිත් එක්කයි හිටියේ. එහෙනම් කවදද බටහිර අපෙන් වෙන් වුණේ?

2009 ජනවාරි මාසයේ දෙවෙනිදා වෙනකම් බටහිර රටවල් හිතා උන්නේ අපි කොටියව මට්ටු කරන්න තමයි හදන්නේ කියලයි. කොටි සාකච්ඡාමේසයට ගන්න අවශ්‍ය ප්‍රමාණයට මට්ටු කරන්නයි යන්නේ කියලයි ඔවුන් හිතුවේ. නමුත් 2009 ජනවාරි මාසයේ දෙවනිදා අපි කිලිනොච්චියේ බලය අත්පත් කරගත් පසු මේ අය තේරුම් ගත්තා නෑ කොටියා පරදින්නයි යන්නේ. බටහිරට දැන් ප්‍රශ්නයක්. බටහිර ලෝකයේ ප්‍රබලම රටවල් 40ක් එකට එකතු වෙලා ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ හා ඒවන විට දැවැන්ත යුධ මෙහෙයුම් දෙ‍ක කරගෙන යනවා. ඔවුන්ට ධන බලය ඉහලම තාක්ෂණය සුවිසල් හමුදා තිබුනත් යුධ බිමේ ජයග්‍රහණ ලබාගන්න බැරිවුනා.

2001 නොවැම්බර් මාසයේ ඉදන් ඇෆ්ගනිස්ථාන යුද්ධය ගියා 2003 අප්‍රියෙල් මාසයේ ඉදන් ඉරාකයේ යුද්ධය ගියා. නමුත් ජයග්‍රහණය අත ලගවත් නෑ. නමුත් පුංචි දුප්පත් ලංකාවේ අභීත රණවිරුවන් ලෝකයේ භයානකම ත්‍රස්ත සංවිධානය පරාජය කරන්නයි යන්නේ. මේක බටහිරට ලැජ්ඡාවට කාරනයක්. ඒ නිසා ඔවුන් අපේ වැඩේ කරගන්නාතුරු කියන කෑල්ල කිව්වේ නෑ . ඒ කෑල්ල හිතේ තියාගෙන අපිට කිව්වා වහාම සටන් විරාමයක් දෙන්න කියලා. හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් වරිය දෙපාරක් දුරකතනයෙන් කතා කර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට කිව්වා. ගෝඩ්න් බ්‍රවුන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලිඛිත ඉල්ලීමක් කලා. බර්නාඩ් කෘෂ්ණන් , ඩේවිඩ් මිලි බැන්ඩ් කියන බ්‍රිතාන්‍ය ප්‍රංශ විදේශ ඇමතිවරු ලංකාවට ඇවිත් ඉල්ලීම කලා. මේ සියල්ල නොසලකා අපි යුද්ධය ත්‍රස්තවාදය අවසන් වන තුරු පෙරට ගෙනයාම නිසයි බටහිර රටවල් අපිත් එක්කතරහ වුනේ. බටහිරට දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඒ අයට ලැජ්ජයි. ඒ අයට බැරි දෙයක් පුංචි රටක් කළා. ඒ නිසා මේ මහා ජයග්‍රහණයට අවමාණයක් එක් කරන්නට ඕනි. වෙන රටවල් ආකෘතියක් ලෙස මේ ජයග්‍රහණය දෙස හැරිලා බලන එක නතර කරන්නට ඕනෑ. අන්න ඒක නිසා මේකට යුධ අපරාධ ලේබලය ඇලෙව්වා. ඒ වගේම කේන්තියි. ඇයි මේ පුංචි රටක් අපි කියන දේ ඇහුවේ නැ. මේ රටට දඩුවම් කෙරුවෙ නැත්නම් ලෝකයේ අනික් රටවළුත් ඇමරිකාව යුරෝපීය බලවතුන් කියන දේ අහන්න නැතුව ගිහිල්ලා ලෝකය පිළිබද අපේ ආධිපත්‍යය නැති වේවි. අනික් රටවලට උණ ගැනෙන්න ලංකාවට දඩුවම් කරන්න ඔන කියන මට්ටමින් තමයි ලංකාවට එරෙහි යෝජනා එන්න ගත්තේ.

ගරු සභාපතිතුමනි, ලෝක බලවතුන්ගේ ධන බලය හමුදා බලය හමුවේ අපි අසරණ උනත් අපි හුදකළා උනත් අපිට හිටිය මිතුරන් ටික එකතු කරගෙන අපි අපේ ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටියා. මේ මවුබිම වෙනුවෙන් ජීවිත දන් දුන්නු අත් පා දන් දුන්නු රණ විරුවා වෙනුවෙන් අපි ජාත්‍යන්තර වේදිකාවේ පෙනී සිටියා. අපේ ආණ්ඩුව යෝජනා පරාජයට පත් වුනත් අපි පරාජය පිළි අරගෙන බටහිර ඉදිරියේ දන ගැසුවේ නැ. නමුත් මේ ආණ්ඩුව ලෝක ඉතිහාසයට අළුත් වාර්ථාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2015 සැප්තැම්බර් මස ඉදිරිපත් කල යෝජනාවෙදි එම යෝජනාවට සම අනුග්‍රහය දක්වන්නට ඉදිරිපත් වුනා.

Mr Chairman, as far as my knowledge, the former foreign minister will correct me, if I am wrong, this is an unprecedented act. No nation in this world has co-sponsored a resolution which is against that very country. This is unprecedented, unusual and results are devastating. Mr Chairman, why do we call this a treacherous act. It has undermined our sovereignty. It has clearly damaged the reputation of our war heroes and they have been labelled as criminals because of this resolution. There were so many resolutions. There could be many more. But this resolution is very important to us because it has been co-sponsored by us. Because of that, let us go through this resolution.

Mr Chairman, I may draw your attention to Operating Paragraph 6.

Welcomes the government’s recognition that accountability is essential to uphold the rule of law and build confidence in the people of all communities of Sri Lanka in the justice system, takes note with appreciation of the Government of Sri Lanka’s proposal to establish a Judicial Mechanism with a Special Counsel to investigate allegations of violations and abuses of human rights and violations of international humanitarian law, as applicable; and affirms that a credible justice process should include independent judicial and prosecutorial institutions led by individuals known for integrity and impartiality; and further affirms in this regard the importance of participation in a Sri Lankan judicial mechanism, including the Special Counsel’s office, of Commonwealth and other foreign judges, defense lawyers, and authorized prosecutors and investigators;



ගරු සභාපතිතුමනි ඒ අනුව විදේශිය විනිසුරන් විතරක් නෙවෙයි. විදේශිය විමර්ශකයන් ඒ කියන්නේ පොලිසියේ රාජකාරිය කරන්නත් විදේශිකයන්. විදේශිය අභිචෝදකයන් ඒ කියන්නේ නීතිපතිගේ රාජකාරිය කරන්නත් විදේශිකයන්. විදේශිය නිතීඥයින් අපේ නිතීඥයින්ගේ වගකීම කරන්නත් විදේශිකයන්. මේක පිළිබද අපි පහුගිය වසර දෙක පුරාවට කතා කරද්දි ආණ්ඩු පැත්තෙන් හිටපු විදේශ නියෝජ්‍ය අමාත්‍යතුමා පවා කිව්වා අපිට ඉංග්‍රිසි තේරෙන්නේ නෑ. ඒ නිසයි මේ ප්‍රශ්නේ. විදේශිය විනිසුරන් ගෙන්න කිසිම අදහසක් නෑ කියලා.

විදේශ ඇමතිතුමා කියනවා මට ඉංග්‍රිසි තේරෙන්නේ නෑ. හරි මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ කියමුකො. කැනඩාවේ අගමැතිතුමාටත් ඉංග්‍රිසි තේරෙන්නේ නැද්ද? ඔබතුමා වගේ නෙවෙයි කැනඩාවේ අගමැතිතුමාගේ මව්භාෂාව ඉංග්‍රීසි. කැනඩාවේ අගමැතිතුමා මැයි මාසේ 18 වෙනිදා යුධ ජයග්‍රහණයේ 08වෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනවා. කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩියෝ (Justin Trudeau) තමන්ගේ ප්‍රකාශයේ මෙසේ සදහන් කරලා තියෙනවා

“I reiterate my call to the Government of Sri Lanka to ensure that a process of accountability is established that will have the trust and confidence of the victims of the war. To this end, Sri Lanka should fulfil its international commitments by ensuring the involvement of Commonwealth and international investigators, prosecutors and judges.”

ගරු සභාපතිතුමනි අපිට ඉංග්‍රිසි තේරෙන්නේ නැති හින්දද මේ විදේශිකයන් ගේනවා කියලා කියන්නේ. කැනඩාවේ අගමැතිතුමාටත් ඉංග්‍රිසි බැරිද? එතුමා ඉතා පැහැදිලිව කියනවා ශ්‍රිලංකාව බාර ගත්තා පොරොන්දු වුණා විදේශිය විනිසුරන් විතරක් නෙවෙයි විමර්ශකයන්, අභිචෝදකයන්, නිතීඥයින් පාවිච්චි කරන්න. දැන් දුන් පොරොන්දු ඉටු කරනු.

ගරු සභාපතිතුමනි මේක මංගල සමරවීර ගරු ඇමතිතුමාගේ පෞද්ගලික බැදීමක් නම් අපිට කමක් නෑ,. මේකෙන් බැදුනේ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව නම් අපිට ප්‍රශ්නයක් නෑ. මේ බැදියාවට විපක්ෂයේ ඉන්න අපිත් බැදිලා තියෙනවා. අපේ දරුවොත් බැදිලා තියෙනවා. අපේ දරුවන්ගේ දරුවොත් බැඳිලා තියෙනවා. මේක රටක බැදීයාවක්නැතුව පෞද්ගලික බැදීයාවක් නෙවෙයි. It is a national commitment, not a personal commitment of that former foreign minister. ගරු සභාපතිතුමනි ඒක තමයි ප්‍රශ්නය.

ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නයට උඩගෙඩි දුන්න බලපෑම් කරපු බ්‍රිතාන්‍ය අගමැතිතුමිය මොකක්ද එරටේරණවිරුවන් ගැන කියන්නේ 2016 සැප්තැම්බර් 29 The Sun පුවත්පත වාර්තා කරනවා Prime Minister Theresa May plans strict reforms to stop wild allegations about British troops hounded by law firms.

බ්‍රිතාන්‍ය අගමැතිතුමිය තම හමුදා අමතමින් කියනවා, As your Prime Minister, I must convey you a message that entire British nation is behind you on this baseless war crime allegations. We will protect you.

2010 අපේ LLRC කමිටුව පත්කල සමයේම බ්‍රිතාන්‍ය කමිටුවක් පත් කලා යුධ අපරාධ ගැන සොයන්න.අපේ රණවිරුවන්ට චෝදනා නගන්නේ ගරු සභාපතිතුමනි තමන්ගේ මව්බිම බේරා ගැනීමට සටන් කරලා. බ්‍රිතාන්‍ය හමුදාවට තියෙන්නේ ඇෆ්ගනිස්ථානය ඉරාකය ආක්‍රමණය කිරීම පිළිබඳ චෝදනාවක්. හැබැයි බ්‍රිතාන්‍ය අගමැතිවරිය සමස්ත බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රකාශ කර සිටිනවා අපි ඔබ සමගයි ඔබට එරෙහිව යුධ අපරාධ චෝදනා නගා ඔබව විනාශ කිරීමට අපි ඉඩ දෙන්නෙ නෑ කියලා.

අපේ රටේ ගරු විදේශ ඇමතිතුමා තමයි ලෝකෙට ගිහින් කියන්නේ අපේ රණවිරුවන් එහෙම කලා තමයි ඒ අයට දඩුවම් දෙන වැඩේට මාත් එකගයි කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේක මේ 6වෙනි ජේදයේ විතරක් නෙවෙයි යෝජනාවේ 12වන ජේදය ගත්තොත් අපේ මහජන ආරක්ෂක පනත වෙනස් කරන්න, අපේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වෙනස් කරන්න මේකේ යෝජනා කරනවා. අපේ පාර්ලිමේන්තුව ගත යුතු තීරණ ගන්න ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට බලයක් ලැබුණේ කොහොමද? ඒ වගේම 16 වන වගන්තියෙන් මේ රටේ තව දුරටත් බලය බෙදිය යුතුයි කියනවා. ගරු සභාපතිතුමනි මේ රටේ බලය බෙදනවාද නැද්ද තීරණය කළ යුත්තේ මේ සභාව සහ මේ රටේ ජනතාව මිසක් ලෝකේ කෙහේදෝ මුල්ලක තිබෙන ජාත්‍යන්තර සභාවක් නෙමෙයි. 17 වන වගන්තියෙන් අපේ ආරක්ෂක හමුදාවන් ප්‍රතිව්‍යුහ ගත කරන්නත් කතා කරනවා. මේක දේශද්‍රෝහි ක්‍රියාවක්. මේක ජාතියට සිදුවන ලොකුම අපරාධය.

ජනාධිපතිතුමන් කියනවා විදේශිය විනිසුරන් ගේන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. ජනාධිපතිතුමාගේ මතය ඒක නම් අපි වහ වහා කල යුත්තේ මේ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයට ගියාම අපේ සම අනුග්‍රහකත්වය කලේ වැරුද්දක් අපි ඒ ගැන ලැජ්ජාවෙනවා අපි ඒ ගැන පශ්චාත්තාප වෙනවා ඒ නිසා වහාම අපේ සම අනුග්‍රහකත්ව ඉවත් කරනවා කියලා කියන්න අපේ අලුත් විදේශ ඇමතිතුමාට ශක්තිය ධෙර්යලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

(පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව – 2017.06.06)

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network