පලාත් සභා පනත සංශෝධනයේදි ආණ්ඩුව මා අපහසුතාවට පත් කලා.. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙස බලා ඉන්නවා..- රනිල් කථානායකට ත් ඇරලා ( කථානායක ) srilanka-politics

පලාත් සභා පනත සංශෝධනයේදි ආණ්ඩුව මා අපහසුතාවට පත් කලා.. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙස බලා ඉන්නවා..- කථානායක

පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇත.

1988 අංක 2 දරන පලාත් සභා පනත සංශෝධනය කිරීමට අදාළව පසුගිය ජූලි මස 26 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගෝස්තු 3 වෙනි දින ගැසට් පත්‍රයේ ඇතුලත් කොට පල මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අදාළ සංශෝධනයන් සඳහා පමණි. එහෙත් එම මූලික කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු කරන ලදි. ඉන් දින දෙකකට පසුව එම කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කල පසු 2017 අංක 17 දරණ පනත බවට පත් විය.

ඉහත සංශෝධනය සම්බන්ධව කථානායක කරු ජයසූරිය මහතාගේ අදහස් ඇතුළු සම්මුඛ සාකච්ඡාවක් ඩේලිමිරර් පත්‍රයේ මාධ්‍යවෙදි කැලුම් බණ්ඩාර විසින් මෙහෙයවන ලදි, එය 31 වෙනිදා එම පුවත්පතේ පල කොට ඇත.

එහිදි කථානායකවරයා කරුණු පැහැදිලි කරමින් පවසා ඇත්තේ මෙම කෙටුම්පත අනුමත කරගැනීමට ආණ්ඩුව තිබුනේ පුදුම හදිසියක්, රටේ නීති අනුමත කිරිමේදී හැම දෙයක්ම හදිසියේ කරන්න ගිය එක මම අනුමත කරන්නේ නැහ, කෙටුම්පතට අදාළව සංශෝධනය 2 කට අමතරව විශාල සංශෝධනයන් ප්‍රමාණයක් කමිටු අවස්ථාවේදි සිදු නිසා මා කථානායක ලෙස බොහෝ සේ අසරණ වුනා, අපහසුතාවට පත්වුවා. මම බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව අනාගතයෙදි එහෙම නොකරයි කියලා. එහෙත් මම බලා සිටිනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධ දෙනු ලබන තීරණය ගැන.

එමෙන්ම මැතිවරණ සම්බන්ධ කථානායකවරයා පවසා ඇත්තේ මැතිවරණ කල් දැමීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි මූලික අයිතිවාසිකම් කඩ කිරිමක් බැවින් නිසියාකාරව මැතිවරණ පැවත් විය යුතුය යන්නයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින ඉහත නඩුව සම්බන්ධ විමසිමේදි හෙතෙම පැවසුවේ අධිකරණයට දේශපාලඥයන් අත පෙවු අවස්ථා ඇතත් මෙහිදී තමා අධිකරණය දෙනු ලබන තීන්දුව කෙරෙහි ඉතා ඕනෑකමින් බලා සිටින බවත් ඒ වෙනුවෙන් කිසිම අයුරකින් අධිකරණය වෙත බලපෑම් නොකරන බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනම පුරවැසියකුට අධිකරණයේ පිහිට පැතීමට හැකි බවත් අපේ අධිකරණය ඉතා ප්‍රවීන විනිශ්චයකාරවරුන් සිටින බැවින් ඉදිරියේදී ඒ ගැන බලමු යන්නයි.

එමෙන්ම කථානායක ලෙස සහතික කල පනත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කල හැකිද යන්න ප්‍රශ්නයට පිලිතුරු දෙමින් කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධව තමා තවදුරටත් අධ්‍යයනය යෙදෙන බවත් එමෙන්ම මම සිටින මතය අනුව අධිකරණය සහ දේශපාලඥයන්ගේ සම්බන්ධව අතීතයේ අමිහිරි අත්දැකීම් බහුලව තිබෙන බවකි, එහෙත් තවදුරටත් එසේ අධිකරණයට බලපෑම් සිදු නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ අවශ්‍ය ආකාරයෙන් ඉඩ දී බලා සුදුසු තීරණය ගැනිමය යන්නයි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

තවත් මහා බැදුම්කර මංකොල්ලයක්.. කෝටි 4200යි.. 2015 මංකොල්ලය ළුණු බිකක් srilanka-economic

තවත් මහා බැදුම්කර මංකොල්ලයක්.. කෝටි 4200යි.. 2015 මංකොල්ලය ළුණු බිකක්…

රටේ බොහෝදෙනෙකු තාමත් දන්නේ 2015 පෙබරවාරි වල වූ පලමුවන මහබැඳුම්කර මංකොල්ලය ගැන පමනක් වුවත් 2016 මාර්තු මාසයේ ඊට වඩා ඉතා විශාල බැඳුම්කර මංකොල්ලයක් සිදු වූ බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි.

රටේ බොහෝදෙනෙකු තාමත් දන්නේ 2015 පෙබරවාරි වල වූ පලමුවන මහබැඳුම්කර මංකොල්ලය ගැන පමනක් වුවත් 2016 මාර්තු මාසයේ ඊට වඩා ඉතා විශාල බැඳුම්කර මංකොල්ලයක් මේ අයම කල බව බොහෝ දෙනෙක් නොදන්නා බව ඔහු පෙන්වා දුන්නේය.

2015 පෙබරවාරි මගඩියේදි අධිපතිගේ බෑනාගෙ සමාගමට ලැබුන බඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 5 ක වටිනාකමින් යුත් වුවත් 2016 මාර්තුවල මගඩියෙදී රුපියල් බිලියන 42 ක වටිනාකම බැඳුමකර හුවමාරු වූ බවත් මෙම මුදලින් රුපියල් බිලියන 36ක් ම අදාල බැනා, අදාල මාමාගෙ සහායෙන් මහ බැංකුවෙන්ම අඩු පොලියට ලබාගෙන මහ බැංකුවටම වැඩි පොලියට ණයට දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ සඳහ ඔවුන් භාවිත කර තිබුනේ මහ බැංකුව විසින්ම රටේ මුල්‍ය සමාගම්වල හදිසි මුදල් අවශ්‍යතා සඳහා පමනක් ලබා දෙන දෛනික ද්‍රවශීලතා ණය පහසුකමයි.

මොන බැඳුම්කර කොමිසන් ආවත් මේ හොරකමේ මහ මොලයා අසුවන්නේ ආන්ඩුව පෙරලුන දිනක පමනක් බවද ඔහු වැඩිදුරටත් කීවේය.

– චාමින්ද කරුනාරත්න

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනාධිපතිකම බාරගන්න ලෑස්තිදැයි ගෝටාභයගෙන් අසයි. Srilanka-politics

ජනාධිපතිකම බාරගන්න ලෑස්තිදැයි ගෝටාභයගෙන් අසයි..

තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙසේ ඇසුවේ මහනුවරදී පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

” අද ගෝල්ෆේස්වල ටාජ් හෝටලය හදල තියෙන ඉඩම ඉන්දියානු සමාගමකට දුන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා, අද වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක හදල තියෙන ඇචිලන් ස්ක්වයාර් ඉඩම සිංගපූරු සමාගමකට දුන්නේ ආර්ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ රජයේ ඉඩම් නිකං වගෙ පෞද්ගලික ආයතන වලට දුන්නේ. 99 අවුරුද්දට දුන්නේ කියලා ඒ ඉඩම් කවදාවත් ආපහු ගන්න පුලුවන්ද ?

නමුත් එ අසලම තියෙන ඉඩමක් ෂැංග්‍රිල්ලා හෝටලයට මහින්ද ජනාධිපතුමාගේ කාලේ දුන්නේ රජයට අති විශාල මුදලක් අයකරගෙන. ඒ මුදල් වලින් බත්තරමුල්ලේ හදන තිවිධ හමුදා මූලස්ථානය සාදා නිම කරන්නයි සැලසුම් කරල තිබුනේ. එහෙම් කලා නම් මහ භාන්ඩාගාරයට බරක් නැහැ. හමුදා මූලස්ථානය ගෝල්ෆේස් වලින් ඉවතට ගෙනියන්න තීරණය කරල තිබුනේ මීට දශක ගන්නාවකට පෙර වෙනත් රජයක් විසින්. නමුත් එයටභාන්ඩාගාරයේ මුදල් නැති නිසායි ප්‍රමාදය තිබුනේ.

ෂැන්ග්‍රිල්ලා හොටලයෙන් ගත් මුදලින් හමුදා මූලස්ථානය හදාගෙන යන විට මේ ආන්ඩුව බලයට ඇවිල්ල ඒ මුදල් ආපසු භාන්ඩාගාරයට ගත්තා. අද ඒ සල්ලි කෝ ? ඒවට වෙච්ච දෙයක් නහැ. දැන් හමුදා මූලස්ථානය හදල ඉවරකරන්න වෙන්නේ මහජන බදු මුදල් වලින් . කවුරුත් ඒ අපරාධය ගැන අහනවද ?”

“ජනතාව ඉල්ලා හිටියොත් ඔබ තුමා මේ රටේ නායකත්වය බාර ගන්න ලෑස්තිද කියා” යමෙක් මෙම සම්මන්ත්‍රණයේදී ඇසු ප්‍රශ්ණයකට උත්තර දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ තමන්ට තනතුරු වැදගත් නැතිබවත් වැදගත් වන්නේ මව්බිම බවත්ය.

තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන නිසා එකද, දෙකද , තුනද නොබලා රට වෙනුවෙන් ජනතාව බාර දෙන ඕනෑම වගකීමක් දරන්නට තමන් සැම විටම සූදානම් බව මීට පෙරද කියා ඇතිබව හිටපු ආරක්ෂක ලේකම්වරයා මතක් කර දුන්නේය.



ඕවා කතා කරන්නට පෙර අපි සියලු දෙනා එක්ව රට මේ වැටී තියෙන උවදුරෙන් බේරාගමු කියා ඔහු තව දුරටත් කීවේය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශ‍්‍රී ලංකාව පීචංම ක‍්‍රිකට් කණ්ඩායමක් වෙයි.. ඉදිරියේදී අයර්ලන්ත, ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, සිම්බාවේ තරග පමණයි srilanka cricket

ශ‍්‍රී ලංකාව පීචංම ක‍්‍රිකට් කණ්ඩායමක් වෙයි.. ඉදිරියේදී අයර්ලන්ත, ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, සිම්බාවේ තරග පමණයි…

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙන බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා පිළියම් ලබානොදුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරි වන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ මෙන්ම ශ්‍රී ලංකා රජයේද අවධානය හැකි ඉක්මනින් යොමුවිය යුතු බවයි.

“ජාත්‍යන්තර ක්‍රිකට් දිහා බලපුවාම අපි හිටපු හොඳම කණ්ඩායමක්. අපි පාලනය කරපු කාලේ අංශ තුනෙන්ම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන තුනේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා. එක්දින තරග රටාවේ අපි දෙවැනි ස්ථානයේ හිටියා, ටෙස්ට් තරග රටාවේ අපි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල හිටියා, පන්දුවාර විස්සයි20 තරග රටාවේ අපි පළමු ස්ථානයේ රැඳී සිටියා අවුරුදු තුනක් පමණ. එහෙම හිටපු රටක් තමයි අපි.

එවැනි ශ්‍රේණිගත කිරීම්වල උඩින්ම ඉන්නකොට අපේ රටේ ක්‍රිකට්වලට තියෙන ඉල්ලුම වැඩියි. රූපවාහිනි ආයතනවලින් මෙන්ම අනිකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලින් අපට ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් මේ යන විදිහට ඒ පිළිගැනීම, ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපට ජාත්‍යන්තර තරග ලැබේවිදෝ කියලා සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තියෙනවා කියලා.

මම ලේකම්වරයා ලෙස සිටි කාලයේදී, 2012 සිට 2020 දක්වා අනාගත තරග සංචාර (ෆියුචර් ටුවර් ප්‍රෝග්‍රෑම් (එෆ්.ටී.පී)) අත්සන් කළා. අවුරුදු 8කට තමයි සාමාන්‍යයෙන් එෆ්.ටී.පී. එකක් අත්සන් කරන්නේ. ඒ කාලේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව,
ද.අප්‍රිකාව සහ පාකිස්තානය වැනි ගොඩක් රටවල් අපට තරග සංචාර දුන්නා. නමුත් අපේ දක්ෂතා අඩුවෙනකොට ඊළඟ එෆ්.ටී.පී. එකේදී (2020 සිට 2024 හෝ 2028 දක්වා) අපට ලැබෙන තරග සංචාර අඩු වෙන්න පුළුවන්.

අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ටිකෙන් ටික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් ඉන්නවා. විදෙස් රටවල ප්‍රේක්ෂකයන් දැන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ නැහැ. අපේ දක්ෂතා හොඳ නැති නිසා විදෙස් ක්‍රිකට් පාලක මණ්ඩල (විදෙස් ප්‍රේක්ෂකයන් අඩු නිසා) තරග සංචාර ලබාදෙන්න වැඩි කැමැත්තක් නැහැ. මේ හේතු නිසා ඉදිරියේදී අපට හොඳ රටවලින් තරග සංචාර නොලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ක්‍රිකට්වල වටිනාකම අඩුවෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අපට අපේ ක්‍රිකට් දියුණු කරගන්න තව තවත් අපහසු වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර තරග සඳහා ඇවිත් තියෙනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි20 තරග තියෙනවා, අයි.පී.එල්. තරගාවලිය තියෙනවා, ඒ ඒ රටවල් සංවිධානය කරන ක්‍රීඩා සමාජ තරගාවලි තියෙනවා. නමුත් කැලැන්ඩර් එකේ තියෙන්නේ දින 365යි. ඒ නිසා ඉස්සර ක්‍රීඩා කළාට වඩා තරග ප්‍රමාණයක් අඩුවෙනවා. ඉතින් මේ සියල්ලම සලකා බලා, අපේ දක්ෂතා අඩුවුණාම, අපේ ජනප්‍රියත්වය අඩුවුණාම අපට ලැබෙන තරග සංචාර අඩු වෙනවා. ඉතින් මට කියන්නේ තියෙන්නේ මේ විදිහට ගියොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් අගාධයට ගමන් කරනවා කියලයි.



මේක ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමුවිය යුතු කරුණක්, ඒ වගේම රජයේ අවධානය යොමුවිය යුතු කරුණක්. යම් විදිහකින් විදෙස් රටවලින් අපට ලැබෙන තරග සංචාර අඩු වුණොත් ඉදිරියේදී අපට ක්‍රිකට් ගහන්න වෙන්නේ සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වගේ රටවල් එක්ක විතරයි. එහෙම වුණොත් අපට තරග විකාශන අයිතිය ලබාදීම තුළින් ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා, අනුග්‍රාහකයන් අඩු වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියාරුවී යනවා. එවැනි බරපතළ තත්ත්වයක් තියෙනවා.” යැයි හිටපු ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

– ada.lk

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රථ වාහන වැරදිවලට දඩය විසිපන්දාහයි.. ගැසට් පත‍්‍රය එයි.. විසිපන්දාහේ වැරදි මෙන්න srilanka-politics

රථ වාහන වැරදිවලට දඩය විසිපන්දාහයි.. ගැසට් පත‍්‍රය එයි.. විසිපන්දාහේ වැරදි මෙන්න..

මහා මාර්ගයන්හි රිය පැදවීමේදී සිදුකරන වැරදි හතක් සඳහා රුපියල් විසිපන්දාහක් අය කිරීමට අදාළ නීතිය බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සිකුරාදා වන විට නිකුත් කෙරෙනු ඇති බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා පවසයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු අදාල රථ වාහන වැරදි සදහා දඩ මුදල් වැඩි කිරීම ක්‍රියාත්මක වන්නේ යයිද ඔහු සදහන් කරයි.

නව නීතිය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තෙක් සේවාවේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, දුම්රිය මාර්ගයක් තුලට අපරීක්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය, වලංගු රක්ෂණ නොමැතිව රිය පැදවීම යන වැරදිවලට රුපියල් 25,000 දඩයක් පැනවෙයි.

අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් පැදවූ වේගය අනුව අදියර හතරක් යටතේ රුපියල් 2000-3000 දක්වා දඩ මුදලක්ද වමෙන් ඉස්සර කිරීමේ වරදට රුපියල් 2000 ස්ථානය දඩයක් නියම ඛිරීමට නියමිතය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

UN අනුව ලෝකයේ රටවල් 192කින් 165ක්ම ‘ඒකිය රාජ්‍ය’ (Unitary States) වෙයි.. ෆෙඩරල් 27යි.. උන්මත්තකයෝ අපද.. තොපද…

UN අනුව ලෝකයේ රටවල් 192කින් 165ක්ම ‘ඒකිය රාජ්‍ය’ (Unitary States) වෙයි.. ෆෙඩරල් 27යි.. උන්මත්තකයෝ අපද.. තොපද…

එක්සත් ජාතින්ගේ සමාජිකත්වය උසුලන රටවල් 192 ක අතර ඉන් 165 ක් ම “ඒකිය රාජ්‍ය Unitary States” වේ. ඒ අනුව ශ්‍රීලංකාව ඇතුළු සමස්ථ ලෝකයේ රටවල් සංඛ්‍යාවෙන් 86% ක් ම එකීය රාජ්‍යන් වේ. ඒකිය රාජ්‍යක් යනු මාධ්‍යම ආණ්ඩුව සතුව බලය කේන්ද්‍රකොට ඇති රටවල්ය. එමෙන්ම මාධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ යම් බලතල පරිපාලන සඳහා විමධ්‍යගත කිරිමක් සිදු කොට ඇති අතර අවශ්‍ය අවස්ථාවක එම බලය නැවත මාධ්‍ය ආණ්ඩුවට පවරා ගත හැකිය. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක පැහැදිලි කිරිමක් “වීකපීඩියා” මගින් අවබෝධ කරගත හැකිය. Link

ඉතිරි රටවල් 27 තුල ඇත්තේ ෆෙඩරල් රාජ්‍ය පාලනයකි. ෆෙඩරල් රාජ්‍යක් යනු ස්වං නිර්නය අයිතිය ඇති කුඩා රාජ්‍යන් කිහිපය හෝ පලාත් කිහිපයක් එක් කොට පිහිට වු සංගමයක් හෝ එක්සත් රාජ්‍යයකි. එවෙනි එක්සත්/ෆෙඩරල් රාජ්‍යයක පරමාධිපත්‍යය බලය මධ්‍යම ආණ්ඩුව මත පමණක් නොපවතී. එම පරමාධිපත්‍යය බලය පලාත් සභා හෝ ප්‍රාන්ත වෙත ද සමානව හෝ කොටසක් ලෙස ලබාදිම හරහා මධ්‍යම ආණ්ඩුවේ උත්තරිතර බලය හීන කොට ඇත. එමෙන්ම විධායක ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ හෝ මධ්‍යම ආණ්ඩුවේ බලතල වගකීම්වලට හෝ එහි තීරණයන් ක්‍රියාත්මක කිරිමට එම පලාත් සභා හෝ ප්‍රාන්ත නීතියෙන් බැදි නොසිටි. ෆෙඩරල් රාජ්‍ය සම්බන්ධව “වීකපීඩියා” මගින් අවබෝධ කරගත හැකිය. Link

ලෝකයේ ඒකිය රාජ්‍යය 165 (Unitary States) න් ධනවත්ම ඒකිය රාජ්‍ය 5 වනුයේ වනුයේ, චීනය, ජපානය, එක්සත් රාජධානිය(බ්‍රිතාන්‍යය) ප්‍රංශය සහ ඉතාලිය යි. එමෙන්ම ජනගහනයෙන් විශාලතම ඒකිය රාජ්‍ය 5 වනුයේ චීනය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ජපානය සහ පිලිපීනයයි.

ඉහත කරුණු අනුව ශ්‍රීලංකාවේ සිටින සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම නොයෙකුත් පුරවැසි පෙරමුණු පවසන්නේ ශ්‍රීලංකාවේ ජීවත්වන ජනතාවට ජාත්‍යන්තරව සිදුවන තත්ත්වයන් ගැන හරි අවබෝධයක් නොමැති බවයි. එනම් ඒකිය රාජ්‍යයක් නැත්නම් ඉංග්‍රීසියෙන් Unitary States කියන වචනයේ ඔහුන් එල්ලි රටේ අනාගතය අදුරු කරන බවයි. එහෙත් මෙම උන්මත්තකයින් ලෝකයේ රටවල්වල පාලන ක්‍රමය විග්‍රහ කිරිමේදී රටක් ඒකිය රාජ්‍යක් ද ෆෙඩරල් රාජ්‍ය යක් ද යන්න පැහැදිලිවම බෙදා වෙන්කොට ඇත. එමෙන්ම ලෝකයේ රටවල්වලින් 86% ක් ම ඒකිය රාජ්‍ය Unitary States ලෙස පවතින බවත් එම අවස්ථාවාදින් මතක තබාගත යුතුය.

එමෙන්ම සිංහල ජනතාවට “ඒකිය රාජ්‍යක්” කියා දෙමළ ජනතාවට “ඔරුමිත්ත නාඩු” ලෙස රැවටීමට ලක් කලත් මෙතෙක් ඉංග්‍රීසියෙන් ඇති Unitary States කියන වචනයට බොරුවක් සොයාගැනිමට නොහැකිව ඉංග්‍රීසියෙන් අර්ථකථනයක් නොදි සිටිමට තරම් මෙම උපදේශකයින් උත්සහ ගත්තත් ලෝකයේ රටවල් 192 න් 165 ක්ම ඒකිය රාජ්‍යන් Unitary States නිසා මෙම කුමන්ත්‍රණකාරීන් මේ වනවිට අතරමංව ඇත.

– මහේෂ් සෙනරත්

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සීමා නිර්ණයට එරෙහිව ආණ්ඩුවම නඩු දමයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි srilanka-politics

සීමා නිර්ණයට එරෙහිව ආණ්ඩුවම නඩු දමයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..

පළාත් පාලන මැතිවරණයට අදාල සීමා නිර්ණය සිදු කිරීමේදී නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට විශාල අසාධාරණයක් වී ඇති බව සමස්ත ලංකා ජනතා කොංග්‍රසය පවසයි.

නිසා නව ප‍්‍රාදේශීය සභා හතරක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට ලබා නොදුනහොත් සීමා නිර්ණයට විරුද්දව නඩු දමන බව ඇමැති රිෂාඩ් බදුයුදීන් නායකත්වයෙන් යුත් එම පක්ෂය සදහන් කරයි.

මුතූර්, තඹලගමුව, කින්නියා, කුච්චවේලි ප්‍රාදේශීය සභාවලින් කොටස් වෙන්කර තෝපුර්, මුල්ලිපතාන, කච්චකුඩිතිව්, සාම්පූර් ලෙස අලූතින් ප්‍රාදේශීය සභා හතරක් ස්ථාපිත කළ යුතු බව එම පක්‍ෂ පාර්ලිමේන්කතු මන්ත‍්‍රී එම්.ඒ.එම්. මහරූෆ් මහතා කියයි.

දිස්ත්‍රික්කයේ 44%ක් මුස්ලිම් ජනතාව වුවත් ඔවුනට ලැබී ඇත්තේ ප්‍රාදේශීය සභා 4ක් පමණක් බවත් තවත් සභා හතරක්වත් ලබා දී සාධාරණය ඉටු කල යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටී.

කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග පවසන්නේ සීමා නිර්ණයට විරුද්දව නඩු පැවරුවහොත් ප්‍රාදේශීය සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යනු ඇති බවයි.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද එලවු කුමන්ත‍්‍රණය ටැමිල්නෙට් වෙබ් අඩවියේ.. ඩයස්පෝරාවේ ඉල්ලීම් 10 ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ srilanka-politics

මහින්ද එලවු කුමන්ත‍්‍රණය ටැමිල්නෙට් වෙබ් අඩවියේ.. ඩයස්පෝරාවේ ඉල්ලීම් 10 ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ..

මහින්ද ගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා සාකච්ඡාවක්, යුරෝපීය රටවල් දෙකක අනුග්‍රහයෙන්, 2013 වසරේදී සිංගප්පූරුවේදී සිදු වූ බව ටැමිල් නෙට් අඩවියේ වාර්තාවක සදහන්ය.

මීට සහභාගි වී ඇත්තේ මංගල සමරවීර, සුමන්දිරන්, ජයම්පති වික්‍රමරත්න, තමිල්මාරන් (කොළඹ නීති පීඨයේ පීඨාධිපති ) ඇතුළු පිරිසකි.

මහින්ද ආණ්ඩුව පෙරළා දැමීමට මෙහිදී මංගල සමරවීර ඉල්ලා සිටි අතර ඊට කොන්දේසි වශයෙන් දෙමළ බෙදුම්වාදි පාර්ශවය කරුණු දහයක් පාදක කොට ගත් ව්‍යවස්ථා වෙනසක් ඉල්ලා ඇත.

මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කොට ඇති අතුරු කමිටු වාර්තාවේ ඇත්තේ මේ කාරණා 10 ඒ ආකාරයෙන්ම පාහේ ඇතුලත්ව තිබීම විශේෂය.

එමෙන්ම මෙම සිංගප්පූරු මූලධර්ම එලෙසම මීට පෙර එල් ටි ටි කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය දැන් දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වාගෙන ටැමිල් නෙට් වෙබ් අඩවියට පිවිසිමෙන් මේ සියල්ලම ඒ ආකාරයෙන් දැකගත හැකිය.

ටැමිල් නෙට් අඩවියේ මුල් ලිපිය මෙතැනින්

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මත්තල විකුණා යුද නැවක් ගන්නේ උතුරු කොරියාව සමග යුද්දයකට සූදානම් වෙන්නයි. Srilanka-politics

මත්තල විකුණා යුද නැවක් ගන්නේ උතුරු කොරියාව සමග යුද්දයකට සූදානම් වෙන්නයි..
..
ආණව කිසි දෙයක් විකුන්නෙ නැනැයි කියුවද ජාතික සම්පත් අවුරුදු 99 ට බදු දෙමින් සිටින බවත් විකිණීම හා එය අතර කිසි වෙනසක් නැති බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කලේ මහරගමදී පැවති වියත්මහ සංවිධානයේ සම්මන්ත්‍රණයකදීය.

ඒ මහතා එහිදී මෙසේද කීය.

‘මේ ආන්ඩුව කියනවා අපි කිසි දෙයක් විකුන්නෙ නැහැ කියල. හැබයි ජාතික සම්පත් අවුරුදු 99 ට බදු දෙනවා. මොකද්ද වෙනස. අවුරුදු 99ට බදු දීල ආපහු ගත්ත සම්පතක් ඔබ අහල තියනවද ?

හම්බන්තොට වරාය 99කට බදු දෙන්නේ ඩොලර් මිලියන් 1120කට. මේ ණය ගෙවන්න අවුරුදු 27 ක් තියනවා. ඉන් ඩොලර් මිලියන් 500 දැනටමත් ගෙවල ඉවරයි. තාම ඉවර අවුරුදු 5 යි.ඉතින් මොකද්ද ඉතුරු ටික ගෙවන්න තියන අමාරුව ? කාවද මේ රවට්ටන්නේ ?

මත්තල ගුවන්තොටුපල හදන්න ගියේ රුපියල් බිලියන 27 යි. දැන් ඒක විකුනල රුපියල් බිලියන 24 කට යුධ නැවක් ගන්න යනවලු. මොකටද ? උතුරු කොරියාව යුද්ධ ප්‍රකාශ කරයි කියල බයටද ?

මේ තරම් මේ රටේ ප්‍රශ්ණ තියෙද්දි ආන්ඩුව කරන්නේ පලිගන්න එක විතරයි. රජයේ වැරදි පෙන්නා දුන්නොත් දඩුවම් දෙනවා. රූපවාහිනියෙන්ම මඩ ගහනවා. මම ඉල්ලා සිටිනවා මේ රජය පරදා අනාගතයේ බලයට එන රජයකට මේ ආන්ඩුව කරන කැත වැඩ කරන්න එපා කියල.

බන්ඩාරණයක මහත්තයට වෙඩි වැදුන වෙලේ එතුමා කිව්වේ මට වෙඩි තිබ්බ මෝඩයට අනුකම්පා කරන්න කියල. ඉතින් අනාගතයේ බලයට එන රජයකටත් මම කියන්නේ මේ මොඩයන්ට අනුකම්පා කරන්න කියලයි මේක බෞද්ධ රටක්.

ඒ නිසා අපි අනාගතයේදී වත් මේ වෛරී දේශපාලනයට තිත තියමු. එකිනෙකා දිහා අනුකම්පාවෙන් බලන, එකිනෙකාට උදව් කරන, කුහකකම වෛරය ක්‍රෝධය පිටුදැකපු, රටට ප්‍රයෝජනවත් මිනිසුන් සිටින සමාජයක් ගොඩ නගමු’

– චාමින්ද කරුනාරත්න

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අත හාන්සියි.. ශ‍්‍රීලනිප පුංචි මන්ත‍්‍රීන් 94%ක් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලයි.. නෙළුම් කාර්යාලය පිරී ඉතිරේ srilanka-politics

අත හාන්සියි.. ශ‍්‍රීලනිප පුංචි මන්ත‍්‍රීන් 94%ක් පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලයි.. නෙළුම් කාර්යාලය පිරී ඉතිරේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඉතා විශාල බහුතරයක් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අයදුම් කර ඇත. නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, ප‍්‍රාදේශීය සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ඒ අතර සිටී.

දිවයිනේ සමස්ත පළාත් පාලන ආයතන ප‍්‍රමාණය 334 කි. එම ආයතන සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරු 2332 දෙනෙකු පසුගිය නිල කාලය සදහා තේරීපත් වී තිබුණි. ඒ අතරින් 2167 දෙනෙකු පමණ මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සිය අපේක්ෂක අයදුම් පත් බාර දී ඇත. එම සංඛ්‍යාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කළ මන්ත‍්‍රීවරුන්ගෙන් 94% ඉක්මවූ ප‍්‍රතිශතයකි.

මේ අතර දුරබැහැර ප‍්‍රදේශවල සිට අය`දුම් පත් යොමු කරන්නන්ගේ ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස අය`දුම් පත් බාර ගන්නා අවසාන දිනය ඔක්තෝබර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පතක් 1316, නෙඵම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට (ලියාපදිංචි තැපෑලෙන්) යොමු කළ හැක. එම ලිපිනයෙහි පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් හෝ 0112866010 යන දුරකතන අංකය ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

– සංජීව එදිරිමාන්න

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යෝෂිත රාජපක්ෂ,හිටපු නාවික හමුදාපති ආරක්ෂාකර… නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ගෙදර යැවු යහපාලන මෙහෙයුම srilanka-politics

යෝෂිත රාජපක්ෂ,හිටපු නාවික හමුදාපති ආරක්ෂාකර… නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ගෙදර යැවු යහපාලන මෙහෙයුම…. 

ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් හමුදාපති ධුරයක් හෙබවු හමුදාපතිවරයෙකු ලෙස සටහනක් තබමින් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා(Travis Sinniah) අද සිට විශ්‍රාම ගන්වා තිබේ.සින්නයියා මහතා නාවික හමුදාපති ධුරයේ වැඩභාරගත්තේ අගොස්තු 22 දා වු අතර කාලය දිර්ඝ කිරිමට හැකියාව හොදටම තිබියදි කරුණු දෙකක් හේතුවෙන් ජනාධිපතිවරයා විසින් සින්නයියා ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

මේ අතර නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇති අතර මෙම නව පත්වීම හෙට (26) සිට කි‍්‍රයාත්මක වන අතර මේ සමග රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර තිබේ.මේ ධුර කාලය දිගු නොකිරීම පිටුපස තිබිය හැකි යැයි සිතිය හැකි කාරණා මොනවාද ඔහුගේ වයස් සීමාව නිමා වීම නිසා ද එහෙම නැත්නම් වෙනත් හේතූන් නිසා ද ඔහුගේ ධුර කාලය දීර්ඝ නොකරන්නේ කියන එක ගැන සලකා බැලිය යුතුයි. මීට පෙරත් වයස පනස්පහ සම්පූර්ණ වූ හමුදාපතිවරු සේවයේ සිටි බව කවුරුත් දනී.

සින්නයියා දොට්ට දැමිමේ අසන්නතම් හේතුව වුයේ දේශපාලන කුමන්ත්‍රණයක් බවට පසුගිය දින කිහිපය තුලම අනාවරණයන් හරහා හෙලිවු කරුණු අද සින්නයියා ඉවත් කිරිම හරහා තහවුරු වි තිබේ.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට අවශ්‍ය නම් නාවික හමුදාපතිවරයාගේ ධුර කාලය අවුරුද්දක් වගේ කාලයක් දක්වා වුවත් දීර්ඝ කිරිමට හැකියාව තිබු නමුත් ජනාධිපතිවරයා එසේ නොකර සිටිමට ආසන්නම හේතුව වුයේ එක් පැත්තකින් නාවික හමුදාවේ සේවයට බැදි මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂ රැක ගැනිමත් අනිත් පැත්තේන් හිටපු හමුදාපතිවරයා මෙන්ම හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාට එල්ල වි තිබේන පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ චොදනාවෙන් ගලවා ගැනිමට මෙන්ම පසුගිය රජය සමයේ මෙන්ම වත්මන් රජය සමයේ නාවික හමුදාව තුල සිදුවු ඉහළ පෙළේ වංචා දුෂණ රැසක් අනාවරණය කර ගැනිමට පසුගිය මාස දෙකක කාලය තුල නාවික හමුදාව සක්‍රියව දායකත්වය ලබාදුන් අතර ඒ පසුපස හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා කළ කාර්‍යභාරය කිසිවෙකුටත් අමතක නොවනු ඇත.

ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපති ලෙස පත්වු වහාම රාජපක්ෂලා කලබලයට පත්වු අතර දිගින් දිගටම සින්නයියා ඉලක්ක කර වෙබ් හරහා මෙන්ම ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා ඔහු ඉලක්ක කර පහරදුන් අතර සින්නයියා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අවුලක් තිබු බව නොරහසකී.

එවකට කොමදෝරු ට්‍රැවිස් සින්නයියා ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට සක්‍රීයව දායක වු අභීත දමිළ හමුදා නිලධාරියකි. නාවික ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණ දෙන නිලධාරියා ලෙසද ඔහු ක්‍රියා කර ඇත. 2010දි බීමතින් එවකට මාණ්ඩලික ප්‍රධානී පසුව නාවික හමුදාපති වූ සෝමතිලක දිසානායක (ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිගේ සොයුරා) ඔහු හට ජාතිවාදී ලෙස බැන වැදී පහර දුන්නේ අශික්ෂිත ආකාරයට ය. නාවික හමුදාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ එම සිදුවීම වුවද ඒ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය.

2011 ජනවාරි මස අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදාපති වීමත් සමගම ඔහුට විරුද්ධව පලි ගැනීම ඇරඹුනි. කොමදෝරු සින්නයියා ඒ වනවිට රියර් අද්මිරාල් නිලයට උසස් වීමට සුදුසුකම් ලබා තිබුනද එය ලබාදීම නාවික හමුදාපතිවරයා කල් දමන ලදී. 2011 අප්‍රේල් මාසයේ නාවික සෙබළුන් හතර දෙනකු අතුරුදන් වන විට උතුරේ උප-ආඥාපති වුයේ කොමොදෝරු සින්නයියාය. ඔහුව කොළඹට ගෙන්වා රියර් අද්මිරාල් වීරසේකරට එරෙහිව බොරු සාක්ෂි දීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපති ඇතුළු අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු බලපෑම් කළහ. නමුත් සිය සහෝදර ජ්‍යෙෂ්ඨ නිලධාරියාව නිකරුනේ පාවා දීම ප්‍රතික්ෂේප කළ ඔහු වසර තිහක පමණ සේවය කළ නාවුක හමුදාව හැර ගියේය.

හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඉවත් කිරිමට දියත් කර ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රාවය පුවත්පතට ආණ්ඩුවේම හුරතලුන් අදහස් දක්වමින් අනාවරණය කල කරුණු පහත දැක්වේ…..

“මගේ පුද්ගලික විශ්වාසය තමයි මේ වර්තමාන නාවික හමුදාපතිවරයා යටතේ යම් යම් විමර්ශන ක්‍රියාවලියන් පටන්ගැන්මේ විභවය තියනවා. විශේෂයෙන්ම පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ සිදුවීමට වගකිව යුතු යැයි සැක කරන හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු තවත් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබුණා. එයට හේතු වූයේ නාවික හමුදාවෙන් එයට අවශ්‍ය කරන සහාය නොලැබීමයි. වර්තමාන නාවික හමුදාපතිවරයා යටතේ ඒ සහයෝගය ලැබේවි යන විශ්වාසයක් සාමාන්‍යයෙන් තියනවා. ඒ වගේම ඔහු විසින් යම් යම් විමර්ශන පටන් අරගෙනත් තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ යම් කිසි පිරිසකට හෝ පුද්ගලයන්ට අර කියන අපරාධ එළියට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය වෙන්නට පුළුවනි. ඒ වැළැක්වීම සදහා ඔවුන්ට පුළුවන් දෙයක් තමයි මේ වර්තමාන නාවික හමුදාපතිවරයා හැකි ඉක්මනින් ගෙදර යැවීම.”

“මගේ පුද්ගලික විශ්වාසය වෙන්නේ මේ යහපාලන ආණ්ඩුව පහුගිය කාලයේ දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කළේ එක්තරා තේරීම් අනුක්‍රමයක් යටතේයි. ඒ කියන්නේ සමහර දූෂිතයින් ආරක්ෂා කර තිබෙනවා. තවත් සමහර අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තියනවා. පසුගිය ආණ්ඩුවේ සිටි බරපතළම දූෂිතයන් ලෙස සැලකෙන මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම මේ ආණ්ඩුවෙන් පමා කරලා තියනවා. අපරාධ සම්බන්ධයෙන් ද ඒ වගේමයි. විශේෂයෙන් නාවික හමුදාව සම්බන්ධව සිදුවී තිබෙන අපරාධ සම්බන්ධයෙන් මේ යහපාලන ආණ්ඩුව අද දක්වා ගෙනයන්නේ කකුලෙන් අදින වැඩපිළිවෙළක්. මේ වත්මන් නාවික හමුදාපතිවරයාගේ කාලය දීර්ඝ නොකිරීම මම දකින්නේ අර කියන පුළුල් අභිප්‍රායන් මුල් කරගෙන ඇති වන දෙයක් මිස ඔහුගේ වයස කල් පැමිණීම නිසා සිදුවන දෙයක් ලෙස නොවෙයි. මෙය ඉතාම නරක දෙයක්. මොකද මේ යහපාලනය බලයට ආවේ ම ඒ දූෂිතයන්ව සහ අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනෙනවා කියලායි. පසුගිය කාලය තිස්සේ අපරාධ පිටුපස ඉඳලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ කොටස්. නාවික හමුදාවේ වෙන්න පුළුවන්, පාබල හමුදාවේ වෙන්න පුළුවන්, පොලීසිය හෝ බුද්ධි අංශ නිලධාරීන් වෙන්න පුළුවන්. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය යන හැම සිදුවීමකම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ අය ඉන්නවා. මේවා පිළිබඳ විභාග කිරීමේ වගකීමක් තියනවා. ඒ නිසා වත්මන් නාවික හමුදාපතිවරයාගේ සේවය දීර්ඝ නොකිරීම එක්තරා ආකාරයක දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මම දකිනවා. ඒ කුමන්ත්‍රණකරුවන් වෙන කවුරුවත් නොවෙයි, මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මහා පරිමාණ අපරාධ වසන්කිරීමේ වුවමනාවෙන් පෙළෙන පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. එය අවශ්‍ය වී තිබෙන්නේ ඒ අයටයි.”

…………………………….ගාමිණී වියන්ගොඩ…………………..

“නාවික හමුදාපති ධුරයට ට්‍රැවිස් සින්නයියා පත් කිරීම අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ තිබුණු කිසියම් අප්‍රසාදයක් තුනී කිරීමටත් ඉවහල් වුණා. ඔහු වැනි කීර්තිමත් දක්ෂ නිලධාරියෙකු පත් කිරීම නීතිගරුක පුරවැසියෝ සැලකුවේ නාවික හමුදාවේ අනාගත අභිවෘද්ධියට ආශීර්වාදයක් හැටියටයි. ඒක ආණ්ඩුවෙන් සිද්ධ කෙරුණු ඉතාම වැදගත් පත්වීමක්. අලුත් යුද හමුදාපතිවරයා පත් කළා වගේම වැදගත් වගකීමක් තමයි නාවික හමුදාපතිවරයා පත් කිරීම. එහෙත් අපට අදහාගන්නට බැරි විධියට ඔහුව පත් කළ වහාම විශ්‍රාම ගැන්වීමේ තීරණයකුත් ක්‍රියාත්මක වෙලා තියනවා. ඒක ඉතාමත්ම කනගාටුදායක කාරණාවක්. එය ශිෂ්ටසම්පන්න නීතිගරුක පුරවැසියෝ ඉතාමත්ම කනගාටුවෙන් හෙළා දකිනවා. ඒ විධියට නාවික හමුදාපතිවරයෙක් හෝ හමුදාපතිවරයෙක් ඉතිහාසයේ මීට පෙර විශ්‍රාම ගන්වලා නැහැ.
මේ පිළිබඳ කරුණු සොයා බලන විට අපට අනාවරණය වැදගත් දෙයක් තමයි මේ රටේ නීතිගරුක පුරවැසියෝ ජනවාරි අට වෙනිදා කිසියම් ආකාරයක සීලාචාර නීතිගරුක සමාජයක් අපේක්ෂා කළා නම් අන්න ඒ සමාජය ගොඩනැගීම වෙනුවෙන් මේ නාවික හමුදාපතිවරයා සාධනීය පියවර කීපයක් ගැනීම තමයි මේ විශ්‍රාම ගැන්වීමට මුල්වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් යෝෂිත රාජපක්ෂ කියන පුද්ගලයා බලය අවභාවිත කරමින් නාවික හමුදාවට බඳවා ගත්තා. ඔහු කිසියම් දූෂණ චෝදනාවකට ලක් වෙලා රිමාන්ඞ් බන්ධනාගාරගත වෙලා ඇප පිට නිදහස්ව ඉන්නා පුද්ගලයෙක්. එහෙම පුද්ගලයෙකුට නාවික හමුදාව විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඔහු සේවය හැර ගියා ද අස් වුණාද කියන එක නෙමෙයි, එම පුද්ගලයා නාවික හමුදාව තුළ සේවය කළ කාලය පිළිබද විමර්ශනයක් සිදු කරන්නට අවශ්‍යයි. එහෙත් හිටපු නාවික හමුදාපතිවරයා එය මගහැරියා. මේ විශ්‍රාම යන නාවික හමුදාපතිවරයා ඒ නීතිගරුක විමර්ශනය සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බව අපට දැනගන්නට ලැබෙනවා. ඒ වගේම තමයි නාවික හමුදාව තුළ කිසිම හේතුවක් නැතිව යුද්ධයෙන් පසු අහිංසක තරුණයෝ එකොළොස් දෙනෙක්ව සාපරාදී ලෙස ඝාතනයට ලක් කළා. ඒ ඝාතනය පිළිබඳ රහස් පොලීසිය යම් යම් විමර්ශන සිදු කළා. ඒ විමර්ශනවලින් හිටපු නාවික හමුදාපතිවරයෙක් යම් කිසි ආකාරයකට චෝදනා ලබන තත්ත්වයක් උද්ගත වෙලා තියනවා. ඒ නාවික හමුදාපතිවරයා මොන ආකාරයෙන් හෝ තමන්ගේ බලය පරිහරණය කර වර්තමාන නාවික හමුදාපතිවරයාව විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය සිදු කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙනවා. මේ විධියට නම් මේ රටේ කටයුතු සිද්ධ වන්නේ ජනවාරි අට වන දා මේ රටේ යහපත් වෙනසක් වෙනුවෙන් ලබා දුන් ප්‍රතිඥා අමු අමුවේ තිරශ්චීන ලෙස සාපරාධී ලෙස ඝාතනය කරන බව තමයි අපට පෙනී යන්නේ. මේ නාවික හමුදාපතිවරයා මේ ආකාරයට විශ්‍රාම ගැන්වීම කියන දේ අපි කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි. මේ පිළිබඳ කරුණු ගවේෂණය කරන විට අපට පෙනෙනවා එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ගජමිතුරන් හෝ ගජමිතුරෙකු ආරක්ෂාකර ගැනීමේ ක්‍රියාවලියක් උදෙසා එක්තරා හිටපු නාවික හමුදාපතිවරයෙක්ව ඉවහල්කර ගෙන තියනවා. මෙන්න මේ නාවික හමුදාපතිවරයාගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයි සින්නයියා කියන නාවික හමුදාපතිවරයාට තමන්ගේ දැනුමෙන් කුසලතාවන්ගෙන් පළපුරුද්දෙන් මේ රටට සේවයක් කිරීමට ලැබුණු අවස්ථාව මගහැරිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි නාවික හමුදාවට උසස් අභිමානවත් ගෞරවයක් ලබා ගැනීමට ඔහුගේ සේවය ඔස්සේ තිබුණු අවකාශය ඇහිරී යාමක් හැටියටත් අපි මේක දකිනවා. බලවත් කනගාටුවෙන් සහ ඉතාමත්ම පිළිකුලෙන් මේ විශ්‍රාම ගැන්වීම හෙළා දැකිය යුතුයි කියා මම පුරවැසියෙක් හැටියට දකිනවා.”

………………………….මහාචාර්ය සරත් විජේසූරිය………………………….

අවසානයේ රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ නව නාවික හමුදාපති වි අවසානය.ඒ පසුපස තවත් කතාවක් තිබේ.එනම් රනසිංහ මහතා අනුරාධපුරයේ අයෙකු නිසා ඔහුට නාවික හමුදාපති තනතුර ලබා දිමට නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා උත්සහ ගත් අතර ඒ සදහා ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක හමුවු බවද නොරහසකී.

කෙසේ වෙතත් මිට පෙර සිටි නාවික හමුදාපතිටරැන්ගෙන් වැඩි පිරිසක් විශ්‍රාම ගොස් ඇත්තේ 55න් පසුවය 2005 දී දයා සදගිරි මහතා වයස අවුරුදු 58න්ද, වසන්තකරන්නාගොඩ මහතා 56 මාස 7න්ද, තිසර සමරසිංහ මහතා 56 මාස 5න්ද, සෝමරත්න දිසානායක මහතා 56 මාස 4 න්ද,ජයන්ත කොළඹගේ මහතා 56 මාස 8න්ද, ජයනාත් පෙරෙරා මහතා 57 මාස 11න්ද රවින්ද්‍ර විජේගුනවර්ධන මහතා 55 මාස 4 කින් පසුව නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගෙන තිබෙි. නමුත් ඒ වාසනාව සින්නයියාට හිමිවුයේ නෑ.

අවසාන වශයෙන් නව නාවික හමුදාපති රණසිංහට වයස අවුරුදු 55 සැපිරෙන්නේ ලබන නොවැමිබර් 19 වෙනි දිනට වන අතර එදාට අද වුන දේ ගැන නිශ්චිතවම තින්දුවක් ගැනිමට රටේ ජනතාවර හැකිවනු ඇත.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයත් නැගිටී.. අලුත් ව්‍යවස්ථාවේ කණ පලා ලුණු දමයි. Srilanka-politics

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයත් නැගිටී.. අලුත් ව්‍යවස්ථාවේ කණ පලා ලුණු දමයි..

අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාවේ දෙමළ පිටපතේ සඳහන් පරිදි ශ්‍රීලංකාව ඒකිය රාජ්‍යක් ලෙස පිලිගැනිම බැහර කොට ඇතැයි ශ්‍රීලංකා නීතිඥ සංගමය විසින් ජනතාව දැනුවත් කලේ ය. එහී ඒකිය යන අරුත් ගැන්වෙන වචනයට යොදා ඇති දෙමල වචනයෙන් අරුත් ගැන්වෙන්නේ “ඔරුමිත්ත නාඩු” යනු ප්‍රාන්ත කිහිපයකින් සැදුම්ලත් රාජ්‍යයක් බව ශ්‍රීලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා ප්‍රකාශ කලේය.

ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කිරිමට ශ්‍රීලංකා නීතිඥ සංගමයේ විශේෂ සභා රැස්වීමක් ඊයේ 23 වෙනිදා පැවති අතර එහිදි ගත් තීරණයක් අනුව එහි සභාපතිවරයා මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කලේ ය.

මෙරටේ නීතිය ක්ෂේත්‍රයේ සම්බන්ධව ඉහළම දැනුම ඇති පිරිස පක්ෂ ජාති භේදයකින් තොරව ශ්‍රීලංකා නීතිඥ සංගමය නියෝජනය කරනු අතර පසුගිය රජය සමයෙහි දි සමහර අවස්ථාවන් වලදි එම සංගමයේ අදහස් ස්වාධීනව ප්‍රකාශ කලහ.

‘ඔරුමිත්ත නාඩු’ යන වචනය යොදමින් සිදුකර ඇති මෙම කමිටු වාර්තාව ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බැවින් වහාම රජයෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීමට නීතිඥ සංගමය මෙම කමිටු රැස්වීමේදී තීරණය කළ බවද යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ සඳහා ප්‍රශ්න 12කින් යුතු ප්‍රශ්නාවලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් පිළියෙල කොට ඇති බවත්, ඒ සඳහා වහාම පිළිතුරු ඉල්ලා සිටින බවත් එකී පිළිතුරු සම්බන්ධයෙන් 28 වැනි දින පැවැත්වෙන නීතිඥ සංගම් රැස්වීමේදී සාකච්ඡාකොට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය එහිදී තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් රටට නොමැති අවස්ථාවක මෙවැනි ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණ කුමක්ද යන්නත්, එමඟින් රටේ භෞමික අඛණ්ඩතාවටත් රටේ ස්වෛරීත්වයටත් එල්ල විය හැකි තර්ජනය කෙබඳුද යන්නත් ගැන සංගමයේ දැඩි අවධානය යොමු කළ යුතු බව කමිටු රැස්වීමේදී සාමාජිකත්වය දැඩි ලෙස අවධාරණය කළ බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘ස්වාධීන’ යන්නට නරකම පූර්වාදර්ශයක්.. ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න srilanka-politics

‘ස්වාධීන’ යන්නට නරකම පූර්වාදර්ශයක්.. ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න



‘ස්වාධීන’ යන්නට නරකම පූර්වාදර්ශයක්.. ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..
අද වනවිට පලාත් පාලන මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සියලු සීමා නිර්නය කටයුතු අවසන් කොට එක් එක් පලාත් පාලන ආයතනයන් සඳහා අවශ්‍ය සභිකයින් ගනන තීරණය කොට අවසන් බව මාධ්‍ය මගින් පලාත් පාලන අමාත්‍යවරයා ජනතාව දැනුවත් කලේය. කරුණු එසේනම් මීලගට ඇත්තේ එම සභිකයින් ගනන ගැසට් පත්‍රයේ පලකොට වහාම පලාත් පාලන මැතිවරණය පැවත්විමයි.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේම සුලු ජාතින් නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි අමාත්‍යවරුන් රටේ සම්පූර්ණ පරිපාලන ව්‍යහය කණ පිට පෙරලමින් සිටි. එනම් අරුම පුදුම අලුත්ම යෝජනාවක් ලෙස ජනවාර්ගික පදනම මත නුවරඑළියේ අලුතින් ප්‍රාදේශිය සභා බිහිකිරීමයි. මෙමගින් තමන්ගේම ආණ්ඩුවට අභියෝග කරමින් වසර 3 කට ආසන්නව කල් ගොස් ඇති පලාත් පාලන මැතිවරණය නැවත කල් දැමීමේ අසාධාරණ ඉල්ලීමක මොවුන් මේ වනවිට නිරත වී ඇත.

මෙහිදී මෙම ද්‍රවිඩ නායකයින්ගේ ඉල්ලිම උතුරු නැගෙනහිර ෆෙඩරල් ඉල්ලිමට සමාන එහෙත් මධ්‍යම පලාතට සරිලන ඉල්ලිමකි. ඒ මන්දයත් මෙතෙක් මධ්‍යම පලාත් සභාව සඳහා වෙනම රාජ්‍යකට අවශ්‍ය බලය බෙදාහැරීමට සම්පූර්ණ විය යුතු සුලු ජාතින්ගේ සංයුතිය ඇති වීමට තව කල් ඇති බැවිනි.

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන 20.3 කි (2012 සංගනනයට අනුව). එනම් 20359439 කි.
එයින්
කොළඹ දිස්ත්‍රික්යේ 11.4% (2324329) ජීවත්වෙති. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 13 කි. ප්‍රාදේශිය සභා නගර සභා 13කි.
අනුරාධපුර දිස්ත්‍රික්යේ 4.2% (860575)ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 22 කි. ප්‍රාදේශිය සභා නගර සභා 19 කි.
මුලතිව් දිස්ත්‍රික්ය 0.5%( 92231) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 6 කි ප්‍රාදේශිය සභා නගර සභා 4 කි.
මන්නාරම් දිස්ත්‍රික්ය 0.5%(99570) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි ප්‍රාදේශිය සභා නගර සභා 5 කි.
කිලිනොච්චි දිස්ත්‍රික්ය 0.6%(113510) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 4 කි ප්‍රාදේශිය සභා නගර සභා 3 කි.

ඉහත දිස්ත්‍රික්වල පරිපාලන කොට්ඨාස අනුව ජනගහනය බෙදි ඇති ආකාරයෙන් විශාල විෂමතා හදුනා ගත හැකිය, එනම් මුලතිව්, මන්නාරම් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් 3 නම එකතු කලවිට සමස්ථ රටේ ජනගහනයෙන් 1.5% කි. ඒ දිස්ත්‍රික් 3 සඳහා ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 15 කි ප්‍රාදේශිය සභා නගර සභා 15 කි, එහෙත් එම දිස්ත්‍රික් 3 ම ජීවත්වන ජනගහනයට සමානව හෝමාගම ප්‍රදේශිය සභාවේ 236179 ක් ජනතාව ජිවත් වුවත් එක ප්‍රාදේශිය සභාවකි. එහි සිංහල ජනතාව 98% කට වඩා වැඩිය. (Link) කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 252941 ක් ජීවත්වන අතර එය ප්‍රාදේශිය සභාවක් ( වර්තමානයේ මහ නගර සභාවක්) ලෙස පාලනය වේ. Link

සමස්ථ රටතුල පරීපාලන වශයෙන් සම්පත් බෙදි යෑමේ සහ පරිපාලනය කිරිමේ ගැටලු රාශියක් තිබියදි නුවරඑළිය දිස්ත්‍රික්ය පමණක් ද්‍රවිඩ පක්ෂ විසින් තෝරාගෙන ඒ හරහා රටතුල විශාල ගැටලුවක් නිර්මාණය කරන්නේ අනාගත ඊලම හරහා “මලය නාඩුව” නිර්මාණය කිරිමට විය හැකි බවට සැකය තහවුරු වනුයේ උතුරු නැගෙනහිරින් ආරම්භ වන බලය බෙදීම අවසන් වනුයේ මධ්‍යම කඳුකරයෙන් විය හැකි බැවිනි.



මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්යේ සමස්ථ ජනගහනය 711644 කි, එය රටේ සමස්ථ ජනගහනයෙන් 3.5% කි. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි. ප්‍රාදේශිය සභා නගර සභා 8 කි, එහි සිංහල 40% සහ දෙමළ 56 % ක් ජිවත් වෙති. එහෙත් අලුත් යෝජනාවක් ලෙස දෙමළ පක්ෂ ඉල්ලා සිටින්නේ තවත් අලුතින් ප්‍රාදේශිය සභා 4 ක් වැඩිකල යුතුය යන්නයි. එනම් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වු ශ්‍රී පාදස්ථානය අයත් අඹගමුව ප්‍රාදේශිය සභාව ජනගහනය 21000 යි, එනම් හෝමාගම ප්‍රාදේශිය සභාවටත් (236179) වඩා කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් නුවරඑළිය ජනගහනය 19000 යි, ඊටත් කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් වෙන් කොට අලුතින් ප්‍රාදේශිය සභා 6 ක් නිර්මාණය කරන ලෙසයි. එහෙත් මන්නාරම් හෝ මුලතිව් දිස්ත්‍රික්යන් වල පිහිටි අනවශ්‍ය ජනගහන ඉතා අඩු ප්‍රාදේශිය සභා හෝ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එකතු කොට සමස්ථ රටේ ඇති ප්‍රදේශිය සභා ප්‍රමාණය නොඉක්මවා යන යෝජනාවක් එහි නැත. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයන් සඳහා උතුරු නැගෙනහිර හැර අනික් සමහර දිස්ත්‍රික්වල පසුගිය කාලයේදී එසේ අඩු වැඩි කලේය. Link

එමෙන්ම පසුගිය කාලය තුල දි පලාත් පාලන ආයතනයකන් සීමා නිර්නය කිරිමේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රිලනිප යට වාසි අන්දමින් සමහර ඡන්ද මධ්‍යස්ථාන දෙකඩ කැඩුවා කියා කෑ මොර දුන්හ, ඒත් අද ඒ දේශපාඥයන් රටේ සමස්ථ පරිපාලනය අවුල් කරමින් දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමක් මත ජනවාර්ගික පදනමින් ප්‍රදේශ කොටස් කොට පරිපාලන ඒකක නිර්මාණය කිරිම සම්බන්ධව නිහඬය. ඒ පැහැදිලිවම අනාගත උතුරු නැගෙනහිරින් බිහිවන ෆෙඩරල් රාජ්‍යයේ කන්ද උඩරට උප කලාපය මේ හරහා නිර්මාණය වනු දැකගැනීමට ඇති ආශාව නිසා විය හැකිය.



එමෙන්ම නැති ප්‍රශ්නයක් හරහා ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගොඩනැගු මෙම පරිපාලන ගැටලුව නිසියාකාරව විසඳා පලාත් පාලන මැතිවරණය මේ අනුව 2020 දි වත් පැවත්වීම සැක සහිතය. මෙය පිටුපස මේ වනවිට දෙමළ ඩයස්පෝරාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් පෙල ගැසි ඇත. විශේෂයෙන්ම වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයා වන මෙරටේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක හිමිකරු මෙහි පිටුපස සිටිම තවත් බරපතළ සැකයක් ඇති කරන්නකි. එයින් ජනතාව ස්වාධීන මැතිවරණ කොමිසම කෙරෙහි සැක උපදවයි. එමෙන්ම ජනතා පරමාධිපත්‍යය කෙරෙහි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඇති විශ්වාසය තවදුරටත් පලුදු කරන්නකි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ රාත්‍රියේ (24) හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. Wimal

ඉක්මනින් සුවය පතමු 
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ රාත්‍රියේ (24) හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. 

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමූවීමට ඔහුගේ නිවසට ගොස් ඇති අතර එහිදී යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතාබහක නිරත වී ඇත. ව්‍යවස්ථාව සම්බන්ධ කතාබහ ඇදී යද්දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා එක්වරම පපුව අල්ලාගෙන බිම හිඳගෙන තිබේ. ඒ මොහොතේ කලබල වූ පිරිස ඔහුව වහාම කොළඹ නවලෝක රෝහල වෙත රැගෙන ගොස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.  

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ තත්වය බරපතළ නොවන බවය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මාක් ලංකාවේ ලොකු FB වල තටු කැපුවේ ඇයි? Facebook news feed

මාක් ලංකාවේ ලොකු FB වල තටු කැපුවේ ඇයි?



Facebook Explore Feed හේතුවෙන් ෆේස්බුකියේ බොහෝ පිරිසකට ගැටලුවලට මුහුණ පෑමට සිදුවීම මේ දිනවල කතා බහට ලක්ව ඇත.

ලංකාවේද ෆේස්බුක් පිටු භාවිතා කරනන්න් මේ දිනවල අඩු වැඩි වශයෙන් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටී.

ෆේස්බුක් මගින් නිකුත්කල මෙම යාවත්කාලීන කිරීම නිසා සාමාන්‍ය නෙව්ස් ෆීඩ් එක තුළ Facebook pages මගින් දමන පොස්ට් දර්ශනය වීම කර ඒ සඳහා වෙනමම Facebook Explore Feed හඳුන්වා දී තිබුණි. මෙම Facebook Explore Feed යාවත්කාලීන කිරීමට ලොව පුරා සිටින Facebook සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුණත් ලංකාව ඇතුළු තවත් රටවල් 05 කට මෙම යාවත්කාලීන කිරීම වෙනස් විදියට සිදුකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව,සර්බියාව,බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව සහ ස්ලොවේකියා යන රටවල් වලටFacebook pages මගින් දමන පොස්ට් සියල්ලම Explore Feed හි පමණක් පෙන්වනු ලැබේ. අනෙකුත් රටවල්වලටද ඔවුන් like කර ඇති page සහ ඔවුන්ට සුදුසුයැයි අනුමාන කරන පොස්ට් Explore Feed එක තුළ පෙන්වනු ලැබුවද ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන සහ ඔවුන් link කර ඇති pagesවලට අදාල ඉතා ජනප්‍රිය සහ ගුණාත්මක පොස්ට් සාමාන්‍ය News feed එක තුළ පෙන්වයි.

කෙසේ වුවද මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඉදිරියේදී තවත් වෙනස්කම්වලට මුහුණදීමට සිදුවෙතැයි අනුමාන කෙරේ.

මේ පිළිබඳව ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ජාලා බොහෝමයක් මෙන්ම ලෝක ප්‍රකට පුද්ගලයන් රැසක් ෆේස්බුක් සමාගමට සිය අප්‍රසාදය පළකර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක් හී රීච් එක අඩුවී ඇති ආකාරය මෙසේය.



මෙහි මුලදී පැවතී reach එක ලබාගැනීමට නම් ෆේස්බුක් පිටුවලට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන්, බොහෝ ෆේස්බුක් පිටු හිමිකරුවන් ඒවා වසා දැමීමට කටයුතු කර තිබේ.මේ නිසා ෆේස්බුක්වලටද ප්‍රධාන අදායම් මාර්ගයක් අහිමි වෙමින් පවතී.

මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර එය අවසාන වන දිනය තවමත් ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

 මිට අමතරව මෙම නව්‍යකරණයත් සමඟ ඇතමුන්ට එදිනෙදා තම ගිණුමේ සිටි යහළුවන්ගේ post නොපෙන්වන බවටද, තමන් like කර ඇති පිටුවල post, explore feed හි නොපෙන්වන බවටද බොහෝ පැමිණිලි ලැබී ඇති බව ඔවුන් සඳහන් කරයි.

මෙම යාවත්කාලීන කිරීම Global update එකක් නොවන අතර, එහි කිසිදු සැලසුමක් නොමැති බවත්, ඉදිරි මාස කිහිපයේදී මෙහි ඇති බලපෑම හා සාර්ථකත්වය සොයා බලා මෙය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරම පිළිබඳ අවසන් තීරණයට එළඹෙන බව ෆේස්බුක් ආයතනයේ News Feed පිළිබඳ ප්‍රධානී Adam Mosseri මහතා සඳහන් කරයි.

ෆේස්බුක් සමාජ ජාල අඩවිය 2004 පෙබරවාරි 04 දින මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසින් ආරම්භ කරන ලදි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත‍්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට. Vidio සහිතයි

නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානය කඩද්දී ඇමති ජෝන්ගේ නෑයා එජාප බස්නාහිර මන්ත‍්‍රී පොලීසියෙන් අල්ලයි.. වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට..

බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී රන්දීර් රොද‍්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල අාසන්නයේදී වන අතර යෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කඩමින් සිටින්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර පොලීසිය එම ස්ථාවයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප‍්‍රදේශය තුල නිශ්ශංකමල්ල රජ කාලයේ විශාල නිධානයක් ඇතැයි ප‍්‍රදේශයේ බොහෝ දෙනා කියති.

සිදුවීම මාධ්‍යවලට යාම වැළැක්වීම සදහා ප‍්‍රබල උත්සාහයක් ගෙන ඇතත් වෙඩි වැදුනු පුද්ගලයා මිය යාම නිසා එම උත්සාහය සාර්ථක වී නැත.

අත්අඩංගුවට ගෙන ඇති බස්නාහර පළාත් සභා මන්ත‍්‍රී රන්වීර් රොද‍්‍රිගු මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සමීපතම ඥාතියෙකුද වෙයි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව කරළියට…එජාපය රැකගන්න රවීගේ ගෙල සිඳි! Srilanka-politics

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව කරළියට…එජාපය රැකගන්න රවීගේ ගෙල සිඳි! 

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවට අනුව හිටපු ඇමැති රවී කරුණානායක හෙවත් RK මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවට මේ වනවිට නීති විශාරදයන් පෙන්වා දී තිබේ.

ඒ අනුව බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව හරහා හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වරදකරුවෙකු විමේ වැඩි සම්භාවිතාවක් තිබේනම් වහාම රවී එජාපයෙන් ඉවත් කිරිමට කටයුතු කලයුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම පසුපෙල මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

බැඳුම්කර කොමිසමේ කාලය අවසන් වීමෙන් පසු, ලබන මාසය තුළ එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත ය. එම කොමිසමේ අවසන් නිර්දේශ සඳහන් කළ යුතු අතර, අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ හිටපු ඇමැති රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවයි.

ඒ අනුව හිටපු ඇමැති රවී කරුණානායක තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයකු ලෙස කටයුතු කිරීම පක්ෂයේ අනාගතයට තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කරන බව බහුතරයකගේ අදහස වී තිබේ.

මිට අමතරව පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආසන මට්ටමේ මෙහෙයුම් කටයුතු හිටපු ඇමැතිවරයාට පැවරීම සම්බන්ධයෙන් ද එජාප අභ්‍යන්තරයේ කැලඹිමක් හටගෙන තිබේන අතර මැතිවරණය සමයකදි එජාපයට එරෙහිව තරගවදින කණ්ඩායම් බැඳුම්කර වංචාව දඩමිමා කරගනිමින් එජාපයට තඩි බානු ඇති බවයි.

මේ අතර තමන්ගේ ඉරණම සම්බන්ධයෙන් දැනගැනිම සදහා RK අවස්ථා ගණනවකදිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවිමට උත්සහ ගත්තද එම උත්සහයන්ද අසාර්ථක වි තිබේ.මිට අමතර ජනාධිපතිවරයාගේ සමිපතමයන් හරහාද RK තමන්ගේ ඉරණම දැන ගැනිමට ගත් උත්සහයන් අසාර්ථක වි ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ RKගේ ප්‍රබලම විරුද්ධවාදියා වන එජාප අනාගත නායක සිහිනයෙන් පෙලෙන සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මව වන ප්‍රේමදාස ආර්‍යාව නිරනතරයෙන් ජනාධිපතිවරයාට RK සම්බන්ධයෙන් විවිධ කතා පතුරුවා හැරිම නිසා බවයි RK විසින් සිය සමිපතමයෙකු සමග පවසා ඇත්තේ.

RK සහ සජිත් අතර බරපතල විරසකයක් පවතින අතර පසුගිය රාජපක්ෂ රජය සමයේ රනිල්ට එරෙහිව සජිත්ගෙන ගිය මෙහෙයුමට එරෙහිව සජිත්ට ඩ ගැසිමට වෙබ් සහ පුවත්පත් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවිම මෙම විරසකයට ප්‍රධාන ලෙස බලපැම් කල අතර එජාප නායකත්වය සම්බන්ධයෙන් සජිත් මෙන්ම RK ද බරපතල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටින බව කවුරුත් දනී.

ලබන 27 වැනිදායින් කොමිසමේ සාක්ෂි කැඳවීම අවසන් වීමට නියමිත අතර, තවදුරටත් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව කොමිසමේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව කොමිසමේ නිර්දේශ අඩංගු අවසන් වාර්තාව ලබන මාසයේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, ඉන්පසු නීතිපතිවරයා විසින් අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු අධිකරණය හමුවේ මේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ව නඩු පැවරීමට නියමිත ය.

මේ අතර සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා ආඥා පනතේ 24 වැනි ඡේදයෙන් සැලැසී ඇති ප්‍රතිපාදන අනුව, කොමිසමෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු අතරින් මනාව තහවුරු වී ඇති අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් සාක්‍ෂි විනාශ කිරීමට ක්‍රියා කිරීමෙන්ද, කොමිසම හමුවේ කරුණු අනාවරණය කිරීමට ඉදිරිපත් වන්නන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් මඟින් සාක්‍ෂිකරුවන් සාක්‍ෂි ලබාදීම වැළැක්වීමට ක්‍රියා කිරීම මඟින් අර්ජුන් ජෝශප් ඇලෝසියස් සාපරාධී ක්‍රියාවල නිරතව ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද කොමිසමෙ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී තිබේ.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා ලෙසට කොමිසමේ ලේකම්වරයා නීතිපතිට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ක්‍රියා කරමින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී විවිධ උපක්‍රම කරමින් හා ඇතැම් විට විවෘතව මැදිහත් වෙමින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් නමැත්තාට අයුතු ලාභ ගැනීමට ක්‍රියා කිරීම හා ඊට සහාය වීම මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවටත්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන ආයතනවල ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තැන්පත්ව තිබූ මුදල් සංචිතවලින් රුපියල් කෝටි ගණනින් පාඩු හා අලාභ සිදු කිරීම සම්බන්ධයෙනි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි srilanka-politics

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු – නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක්ද පත්කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නමැති සංවිධානය නිවේදනයක්ද නිකුත් කර තිබේ. මේ සදහා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහාය පතා ඇත‍.

දෙමළ ජනතාව ස්වයං අයිතිය සහිතව ජීවත් කරවීමටත් සිංහල බෞද්ධ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමටත් මෙරට දෙමළ ජනතාව වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බවත් එය දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති සංවිධානයේ දේශපාලන ස්ථාවරය බවත් එම සංවිධානය සදහන් කර සිටීයි.

මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව සහ තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් අරමුණ වී තිබේ.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි srilanka-politics

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

තාක්‌ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කර ලංකා විදුලිබල මණ්‌ඩලය සඳහා රුපියල් බිලියන 03 ක්‌ වැනි අති විශාල මුදලකට ඩීසල් විදුලි ජනන යන්ත්‍ර 50 ක්‌ ඉන්දීය සමාගමකින් මිලයට ගැනීමට විදුලිබල අමාත්‍යාංශ බලධාරීන් තීරණය කර ඇත.

විදුලිබල මණ්‌ඩලයේ ආරංචි මාර්ග දක්‌වන්නේ තාක්‌ෂණ කමිටුව එම ඉන්දීය සමාගම නිර්දේශ කර නැති බවයි.

විදුලිබල අමාත්‍යාංශ බාලධාරීන්ගේ මේ තීරණය ගැන දේශීය සමාගමක්‌ ඉදිරිපත් කළ අභියාචනයද අමාත්‍යාංශය මඟින් ප්‍රතික්‍ෂේප වී ඇත.

විදුලිබල මණ්‌ඩලයේ සේවක ආරංචි මාර්ග දක්‌වන්නේ මෙම සිද්ධිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැඩි අවධානයට යොමුවිය යුතු බවය.

මෙම ඉන්දීය සමාගම නිසි ටෙන්ඩර් අවශ්‍යතා සම්පූර්ණ කර නැහැ. මේ නිසා තාක්‌ෂණික ඇගයිම් කමිටුව එම සමාගම ප්‍රතික්‍ෂේප කර තිබුණා යෑයි එම ආරංචි මාර්ග හෙළි කළේය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!srilanka-politics

බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!

විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කටාර් හා සෞදියේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ අලුතෙන් ඉස්ලාමීය පල්ලි 40ක ප්‍රමාණයක් ඉදිකර ඇතැයි විදේශීය ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇත.

ඉස්ලාමීය සුන්නි වහාබ්වාදයට මූල්‍ය දායකත්වය දක්වන ප්‍රධානතම රට ලෙස සැළකෙන කටාරය ශ්‍රී ලාංකාවේ වයඹදිග වෙරළබඩ කළාපයට අත පෙවීම පිළිබදව ඔත්තු සේවා අවධානය යොමුකර ඇත.

ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම්වලට පහසුවෙන් ප්‍රවේශ වියහැකි අතිශය සංවේදී ආරක්ෂක මර්මස්ථානයක් වන වයඹදිග කළාපයේ මෙලෙස ජාතිවාදී ජනපද කළාප බිහිවීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපිය ආරක්ෂාවටද බලරපතල තර්ජනයක් වනුඇති බවද විදේශීය ඔත්තු සේවා අනතුරු අගවා ඇත.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network