ශිරාල් , මලික් සහ චම්පිකගේ අල්ලේ නැටවෙන සුහුඹුල් මදුරු පණුවා.. srilanka-politics

ශිරාල් , මලික් සහ චම්පිකගේ අල්ලේ නැටවෙන සුහුඹුල් මදුරු පණුවා...

ශිරාල් ලක්තිලක, මලික් සමරවික්‍රම සහ පාටලී චම්පික රණවක යන දේශපාලන පතාකයන්ගේ අල්ලේ නැටවෙන පුද්ගලයා කවුදැයි ඔබ දැනටමත් කල්පනා කරනවා වන්නට පිළිවන්.මෑත කාලීනව දේශපාලන හැසිරීම් පිළිඹඳව පසුවිපරමක් කළහොත් ඔහු කවුදැයි ඔබහට අවබෝධ වනු ඇතැයි සිතමි.ඔහු නමින් අනුර කුමාර දිසානායකයි.මෙය ඇසූ ඔබේ ඇස් ගෙඩි උඩ ගියා වන්නට පුළුවන්.මන්ද ලෝකය ඉදිරියේ හොඳ මුහුණ පෙන්වාගෙන සිටින, මේ ශටකපට දාමරිකයා හුදෙක් යැපෙන්නේ මෙම තුන්කට්ටුව ලබාදෙන මුදල් මත වන නිසාවෙනි.රූපවාහිනී වැඩසටහන් වලට පැමිණෙමින්, පුවත්පත් සාකච්ඡා ලබාදෙමින් රනිල් වික්‍රමසිංහගේ සහ මෛත්‍රීපාල සිරිසේනගේ මෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුලු දේශපාලන චරිත විනාශ කිරීම මොහුට ලැබී ඇති දෛනික කොන්ත්‍රාත්තුවයි.කොටින්ම අනුර යනු මලික්ගේ සහ චම්පිකගේ ගණිකාවයි.

සරළවම කිවහොත් විකිණෙන මුදල මිලියන 2.5 කි.එයත් මාසිකවය.එම මුදල වසරකට මිලියන 30 කි.එනම් තුන්කෝටියකි.වැඩේ බැලූ බැල්මට පාඩු නැත.මේ දිනවල අනුර කුමාරට ඇති වෙනකල් කතාකරන්නට මාතෘකාද ඇති සෙයකි.විටෙක ඔහු කට උල්කරමින්, ඇස් ලොකුකරමින් මහබැංකුව ගැන මරුවිකාරයෙන් මෙන් කියවයි.ඒ වෙන කිසිවෙක් නිසා නොව මෙම සිද්ධියට වැරදිකරු රනිල් වික්‍රමසිංහ හෝ රවී කරුණානායක නොවන බව ඔහු දන්නා නිසාවෙනි.නමුත් එහි සැබෑ ඩීල්කරු මලික්ය.ඔහු රකින්නේ එයයි.එම තොරතුර සමාජයෙන් වසන් කරන අතරතුර මොහු ඒ චෝදනාව සඳහා රනිල්,රවී පටලවයි.නැත්නම් සබීතාගේ ගොඩනැගිල්ලක් ගැන කියමින් දුමින්ද දිසානායකට දිගින් දිගටම පහර දෙයි.සැබෑ ලෙසම ඒ ගොඩනැගිල්ලේ කොමිස් මුදල දුමින්දට පෙර සිටම දින 100 ආණ්ඩුව කාළයේ මලික් විසින් සබීතාගේ සැමියා වූ ජයසිංහගෙන් ලබාගෙන තිබිණි.ඒ මිලියන 200 ක මුදලයි.

දැන් මෙය හවුල් ව්‍යාපාරයක් දක්වා වැඩිදියුණු වී ඇත.කොටින්ම බැඳුම්කර වංචාව සම්භන්ධයෙන් මලික්ගේ භූමිකාව යටපත් කිරීම, හම්බන්තොට වරාය භූමිකාව සම්භන්ධයෙන් මලික්ගේ , චම්පිකගේ කෙරුවාව සඟවා තැබීමට,අර්ජුන් ඇලෝසියස්ගෙන් ශිරාල් ලක්තිලක සහ මලික් සමරවික්‍රම ඉල්ලූ රුපියල් මිලියන 2000 ක කප්පම් මුදල නොදීම නිසා ඒ වෛරය පිරිමසා ගැනීම ඇතුලු දහසක් හේතු ඔවුන්ගේ පෞද්ගලික චේතනා වලට පරිබාහිරව ඔවුන් විසින් අනුර මඟින් සමාජගත කිරීම අරඹා ඇත.

ශිරාල ලක්තිලක ගැන කතා කිරීමේදී ඔහු දැනට ජනාධිපති උපදේශකයෙකු වශයෙන් සේවය කරයි.ඔහුගේ කාර්‍යභාරය වන්නේ සිරිසේන ජනාධිපතිවරයාව ගොනාට ඇන්දවීමිමයි.ඒ සඳහා ඔහුගේ මාධ්‍ය චක්ගෝලයන් වන ධර්ම ශ්‍රී සහ ගැරිජ් මල්ලී සහය වෙයි.ඔවුන් එකතු වී මලික් ලබා දෙන න්‍යායපත්‍රයට අනුව යමින් අනුර සමඟ ඩීල් දමයි.ඉකුත්දා ගලබොඩඅත්තේ හිමියන් අත්තඩංගුවට ගත්විට, B වාර්තාවේ න්‍යායධර්ම පවා උල්ලංඝනය කරමින් සිරිසේන ජනාධිපතිවරයා සමඟ ඩීල් එක දැම්මේද මෙකී සිරාල් ලක්තිලකමය.අසූචි වලට අසූචි එකතු වන්නා මලික්, අනුර, ශිරාල් සහ චම්පික යන අසූචි එකතු වී ජාතික නායකත්වයන් ගොනාට අන්දවා හිටපු ජනාධිපතිවරයාගේ සිට වත්මන් අග්‍රාමාත්‍යවරයා දක්වා මඩ ගැසීමේ බළකායක් මේ වන විට ආරම්භ කර ඇත.

විජේවීර ප්‍රතිපත්ති අපූරු ලෙසම ඉටුකරන අනුර කුමාර දිසානායකද මුදල් ලබාගනිමින් සැබෑ වරදකරුවන් සඟවා, එම චෝදනා සියල්ලම රවීගේ, රනිල්ගේ සහ මහින්දගේ කරපිටට පැටවීමට කටයුතු කරමින් ඇත.අනුර කුමාර දිසානායක මෙම මුදල් ලබාගන්නේ හරි අපූරු ක්‍රම දෙකකටය.එක් ක්‍රමයක් නම් පාර්ලිමේන්තු ලොබියේ වම් පර්‍රයන්ත වැසිකිලියේදී මුදල් දැමූ කවරයක් හුවමාරු කිරීමෙනි.අනික් ක්‍රමය නම් මැලේෂියාවේ වාසය කරන තම ව්‍යාපාරික මිතුරා වූ රාජේස් නාඩාර් හරහා ඔහුගේ ගිණුමට ( ගිණුම් අංක PFM376527- ස්ටෑන්ඩඩ් චාර්ඩට්/ මැලේසියාව ) මලික් ලවා මුදල් බැර කිරීමෙනි.( අනුරගේ ඉකුත් මැලේසියානු සංචාර පිරික්සන්නේ නම් ඔබට ඒ බව පසක් වනු ඇත.)

රට අඩියෙන් අඩ්යෙන් අඩිය පස්සට ඇද දමමින්, මුදල් නැමති මහාපොදු සාධකය මත එකතු වී සිටින මෙවැනි වන්දිබට්ටයන් රටටම ඉමහත් හිසරදයකි.2020 චම්පික ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීම මොවුන්ගේ යටි අරමුණ වී ඇත.ඒ සඳහා මලික්, අනුර හා ශිරාල් පිඹුරුපත් සකසා අවසානය.මෙම කාරණයේදී ජනාධිපතිවරයා පවා හිසේ සිටම ඇඳගෙන සිටින බව නම් කිව යුතුමය.

සටහන
රෙජී වෙත්තසිංහ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network