නිතර දකින කුකුලාගේ කරමලේ සුදයි කියා කරගත් හදිය srilanka-politics

නිතර දකින කුකුලාගේ කරමලේ සුදයි කියා කරගත් හදිය


ආචාර්ය නාලක ගොඩහේවා ( මවුබිම )

කොළඹ නගරය පුරා ගොඩ ගැසෙමින් පවතින කුණු ගොඩවල් මේ දිනවල රූපවාහිනි නාලිකාවලත්, පුවත්පත්වලත් මුහුනු පොතේත් නිතර දක්නට ලැබෙන්නේ එය අද විශාල සමාජ ගැටලුවක් බවට පත්වෙමින් ඇති නිසාය. කුණු ප්‍රශ්ණය කතිකාවක් ලෙස යලි කරලියට එන්නේ වසර හතක පමන නිහැඩියාවකට පසුවයි.

පසුගිය දිනවල මුහුනුපොතේ බහුලව හුවමාරු වූ ඡායාරූපයක පෙන්වා තිබුනේ කොළඹ කොටුවේ පිහිටි නවීකරණය කරන ලද ලන්දේසි රෝහල ( ඩච් හොස්පිටල්) අසල විශාල කුණු කන්දක් ගොඩ ගැසෙමින් පවතින ආකාරයය්. කොලඹට පැමිනෙන සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වන ලන්දේසි රෝහල අවට මෙලෙස කුණු ගොඩගැසීම මුහුනු පොතේ සාමාජිකයින් විසින් දැඩි දෝෂාරෝපණයට ලක්කොට තිබුනි. මේ දිනවල කුණු එකතුවන එකම තැන ලන්දේසි රෝහල පමනක් නොවුනත් වසර කිහිපයකට පෙර කොළඹ නගරයේ සාඩම්බරයට හේතු වූ සුවිශේෂී ස්ථාන අතර මුල් තැනක් එයට තිබුන නිසා අද ලන්දේසි රෝහල මුහුනපා තිබෙන තත්වය ඉතා කනගාටුදායක බව කිව යුතුමය. යුද්ධය අවසන් කලාට නවීකරණය කරණ ලද ලන්දේසි රෝහල සංචාරකයන්ගේ මෙන්ම දේශීයයන්ගේද සිත් දිනාගෙන තිබූ ආපනශාලා හා කඩ සාප්පු සංකීර්ණයකි. ඉපැරණි ලන්දේසි ගෘහනිර්මාණ කලාවේ හා ශ්‍රී ලාංකික ගෘහනිර්මාණ කලාවේ සියුම් සම්මිශ්‍රණයක් ලෙස අද සැලකිය හැකි මෙම ගොඩනැගිල්ල තම මංගල චායාරූපවලට පසුබිම ලෙස භාවිත කරණ තරුණ විවාහක යුවලවල් පසුගිය කාලයේ නිතර දක්නට ලැබුනේ එම ගොඩනැගිල්ලේ හා ඒ අවට පරිසරයේ ඇති දර්ශණීයබව නිසාය. බොහෝ වෙළඳ දැන්වීම වල පසුබිම ලෙසද ලන්දේසි රෝහල හා ඒ අවට පරිසරය යොදා ගැනුනි.අද නම් ලන්දේසි රෝහල අවට පවතින අපවිත්‍රතාව හා දුර්ගන්ධය නිසා එවැනි කටයුතු සියල්ල නතර වී ඇත.

වසර 30ක සිවිල් යුද්ධය 2009 දී අවසන් කලාට පසු වසර කිහිපයක් තුල කොළඹ නගරය තුන්වන ලෝකයේ තවත් එක් සාමාන්‍ය නගරයක් තත්වයේ සිට ආසියානු මහාද්වීපයේ ඉතා පිරිසිඳු සහ ශෝභමාන නගර වලින් එකක තත්වය දක්වා රැගෙන යාමේ කාර්යභාරයේදි ලන්දේසි රෝහල නවීකරණය සුවිශේෂී තැනක් ගත්තේය.

2011 වසර වන විට මහින්ද රාජපක්ෂය ජනාධිපතිතුමාගේ දෙවැනි පාලන කාලය ඇරඹී තිබුණි. 2009 මැද වන විට යුද්ධයද අවසන් කර තිබුණු අතර 2010 මැතිවරණ වලින් පසුව ජනාධිපතිවරයා නාගරික සංවර්ධන කටයුතුද ඔහු යටතට පවරාගෙන ගෙන තිබුණි. නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කෙරුණේ 1978 දී ජේ ආර් ජයවර්ධනයන්ගේ පාලන කාලයේදී පාර්ලිමේන්තු පනතකට අනූවය. ජේ ආර් සහ ආර් ප්‍රේමදාස යුගවලදී මෙම අමාත්‍යාංශයෙන් උපරිම ඵල නෙළාගත්තද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේදී මෙම අමාත්‍යාංශයද අනෙකුත් අමාත්‍යාංශ සේම උදාසීන සහ අක්‍රමවත් භාවයක් පෙන්නුම් කරන ලදී. 1994 සිට 2009 දක්වා අමාත්‍යවරුන් ගනනාවක් අදාල වගකීම දැරුවද නාගරික සංවර්ධනය නමට පමණක් සීමාවී තිබුණි. යුද්ධය කලමණාකරණයේ දක්ෂතා පෙන්වා නමක් දිනාගෙන සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හැටියටද පත් කිරීම තුලින් මහින්ද රාජපක්ෂ රටට පෙන්වාදුන්නේ ඉදිරියෙදි රජය විසින් සිදුකරන්නට බලාපොරොත්තුවන සංවර්ධන කටයුතුවලදී නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඇති වැදගත්කම වියයුතුය. 

එතෙක් දිගු නින්දකට වැටී සිටි නාගරික සංවර්ධන අධිකාරිය නැවත අළු ගසා නැගිටගත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේද ලේකම් ලෙස වැඩ බාරගැනීමත් සමගය. 2005-2009 කාලය තුල ඉතා කැපවීමකින් හා සැලසුම්ගත ආකාරයකට යුධ කටයුතු සංවිධානය කිරීමට සමත්වූ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන්ද දැක්වූයේ එවැනිම අවධානයකි. අමාත්‍යාංශයේ සියලු කටයුතු කඩිනමින් අධ්‍යයනය කල ඔහු නාගරික සංවර්ධන අධිකාරියට රට වෙනුවෙන් ඉටු කල හැකි විශාල වගකීම හොඳින් තේරුම්ගත්තේය. ගොඨාභය රාජපක්ෂ දේශපාලනඥයෙකු නොවූ නිසා කතාවට වඩා ඔහුට වැදගත්වූයේ වැඩය. අදාල නිලධාරීනට වගකීම් පවරා ඔවුන්ට නිදහසේ දේශපාලන බලපෑම් වලින් තොරව වැඩකිරීමට අවශ්‍ය වාතාවරණය සකස්කර දුන් ලේකම් වරයා නිරන්තරයේන්ම අමාත්‍යාංශයේ කාර්ය භාරය පිළිබඳව ඔවුන්ට මතක් කර දුන්නේය. සුලු කාලයක් තුල ප්‍රධාන නගරවල සංවර්ධන කටයුතු වේගවත් කොට නගර අලංකාර කිරීමට මෙන්ම තවත් බොහෝ සමාජයට ඵලදායී කටයුතු වලට ගෝඨාභයගේ පෞද්ගලික මැදිහත්වීම සහ උපදෙස් හේතු සාධක විය. මෙම යුගයේ නගරාලංකරණ කටයුතුවල ප්‍රතිඵල ජනතාව බුක්ති විඳින්නේ දේශපාලන බේදයකින් තොරවය. කොළඹ නගරයේ කසල බැහැරවීම ක්‍රමවත්ව සිදු කිරීම, ඉපැරණි ගොඩනැගිලිවල වටිනාකම නොනසා ප්‍රතිසංස්කරණය කිරීම, මේ වන විට නැවතත් පැරණි දුගඳ හමන තත්ත්වයට පත්වෙමින් ඇති බේරේ වැව පිරිසිඳු කර අලංකාර කිරීම, අධික වැසි ඇතිවීමකදී කොලඹ නගරය යටවීමෙන් ආරක්ෂා කරගැනීමට පිළියම් යෙදීම, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ තවත් නගර බොහෝමයක් අලංකාර කිරීම, ව්‍යායාම් කිරීමට සහ විවේක ගැනීම සඳහා උයන් සහ මංමාවත් ඇති කිරීම සහ වෙනත් බොහෝ ව්‍යාපෘති වලට පිඹුරුපත් සකස් කෙරුණේ නව නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේkaම්වරයා අතිනි. රටට ගැලපෙන ව්‍යාපෘති පිළිබඳ හීන දැකීමට පමනක් නොව ක්‍රියාවෙන් ඒවා සැබෑ කිරීමටද ගෝඨාභය හපනෙක් විය. 

නාගරික සංවර්ධන අමාත්‍යාංශය ගෝඨාභය බාර ගන්නා විට අද මෙන්ම කොළඹ කසල කලමණාකරණ ප්‍රශ්ණයක් තිබුනි. ඔහු අනුන්ට දොස් පවරනවා වෙනුවට කලේ ප්‍රශ්ණයට හේතුව සොයා බැලීමයි. නගර සභාව විසින් කසල කලමණාකරන බාරදී තිබූ පෞද්ගලික සමාගම් වලට ගෙවන මුදලින් විශාල ප්‍රමාණයක් යලි කප්පම් වශයෙන් ගසා කෑම නිසා එම සමාගම් විසින් නගරය පිරිසිදු කිරීමට යොදවන්නේ කොන්ත්‍රාත්තුවේ සඳහන් වනවාට වඩා ඉතා අඩු මුදලක් බව ඔහුට සොයාගත හැකි විය. මීට අමතරව කසල ගොඩ ගැසීමට නගර සභාව මගින් හඳුනාගෙන තිබුන සෑම තැනකම මාෆියාවක් මගින් පාලනය වීමද කසල කලමනාකරණයට බාදාවක් බව දැනගන්නට ලැබුනි. දේශපාලකයන්ට හෝ මැරබලයට පාලනය කල නොහැකි පුද්ගලයෙකු වූ ආරක්ෂක ලේකම්වරයාට මෙම ගැටලු විසඳිමට ගත වූයේ ඉතා සුලු කලකි. කොළඹ කුණු එකතුකිරීමේ ප්‍රශ්ණය සුලු කලකින් අතුරුදහන් විය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අවධානය ඊලඟට යොමුවූයේ නගරය අවලස්සන කරමින් තිබුන රජයට අයත් පැරණි ගොඩනැගිලි වලටය. මෙම ගොඩනැගිලි ප්‍රතිසංස්කරන කිරීමෙන් නගරයට ආලෝකයක් ලැබෙනවා පමනක් නොව ඒවා මහජන භාවිතයට යලි විවෘත කිරීමෙන් රජයට ආර්ථික ප්‍රතිලාබද ලබා ගත හැකි බව ලේකම්වරයා වටහා ගත්තේය.

ඔහුගේ කාලයේ නවීකරණය වූ ගොඩනැගිලි රාශිය අතර කොලඹ තුරඟ පිටිය ගොඩැනැගිල්ල, ලන්දේසි රෝහල, පැරණි විගනකාධිපති දෙපාර්තුමේන්තු ගොඩනැගිල්ල ආදිය විශේෂයෙන් සඳහන් කලයුතුය. ඒ කොළඹ නගරයට අලුත් මුහුණුවරක් ලබාදීමට මෙම නවීකරණ කටයුතු වලින් සිදුවූ දායකත්වය නිසාය.

2010-2012 කාලයේ මම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි සභාපති වශයෙන් කටයුතු කලෙමි. මගේ විෂය පථය තුල රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ පැවති විවිධ සාකච්ඡාවලදී වලදී අපට ගෝඨාභය රාජපක්ෂ මහතාද විටින් විට මුණගැසුනි. මා වැඩ බාරගෙන මාස කිහිපයකට පසු එලෙස අප හමුවූ යම් රැස්වීමකදී ආරක්ෂක ලේකම්වරයා කොළඹ කොටුවේ පිහිටි ලන්දේසි රෝහල ගැන විමසීය. 

"මොන අමාත්‍යාංශෙටද අර කොටුවේ පොලීසියෙ කට්ටිය නතරවෙලා ඉන්න ගොඩනැගිල්ල අයිති?"

ගොඩනැගිල්ලේ අයිතිය ඒ වනවිට තිබුනේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේය. මෙම ගොඩනැගිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පරිවර්ථනය කිරීමට කලකට පෙර යෝජනාවක් ඉදිරිපත් වී තිබුනද යුද්ධය නිසා ආයෝජනය කල් ගොස් තිබුනි. ඒ වන විට එම ගොඩනැගිල්ල පැවතුනේ ශ්‍රී ලංකා පොලීසියේ සුළු නිලධාරීන්ගේ නේවාසිකාගාරයක් ලෙසය. දශක ගනනාවක් පුරා හරියාකාරව නඩත්තු නොකීරීම නිසා ගොඩනැගිල්ලේ වහලවල් කැඩී වල් බිහිවී එයට ඉතා නරක කලදසාවක් ලබා තිබූනි. ඇත්තෙන්ම එදා කොලඹ ලෝක වෙළඳපොල ගොඩනැගිල්ල ඉදිරියේ තිබුන සියලූම පැරණි ගොඩනැගිලි තිබුනේ එලෙස ජරාජීරණවය.

මම මේ පිළිබඳ විස්තර පවසා මේ පිළිබඳ ඔහුගේ ඇති උනන්දුවට හේතුව අසා සිටියෙමි.

"ඕක හෝටලයකට දෙන්න එපා නාලක. හෝටලේකට එන්න පුළුවං මිනිස්සු කිහිපදෙනාටයි. අපි ඕක හුඟ දෙනෙකුට එකවර එන්න පුළුවං විදිහෙ තැනක්කරමු. ඔතන අපිට රෙස්ටූරන්ට්ස්, ශොපින් , එන්ටර්ටේන්මන්ට් තියෙන තැනක් කලොත් ලඟපාත හෝටල් වලට එන සංචාරකයෝ ඔතනට ඒවි. එපමනක් නොවෙයි. බලන්න ඒ අවට මොනතරම් පරණ සුද්දගෙ කාලේ ගොඩනැගිලි තියනවද ? ඕව අලුත්වැඩියාකරල ගත්තොත් ඔය කොටුව පලාතම අපිට සංචාරක කලාපයක් කල හැකියි"

මෙම නිර්මාණශීලී අදහස ගැන සංචාරක මන්ඩලයේ සභාපති ලෙස මම අතිශයින් සතුටු වුනෙමි. සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ආදායමක් ලබන්නට නම් කොළඹට පැමිනෙන සංචාරකයන්ට ලංකාවේ අන් ප්‍රදේශ බලා පිටත්වීමට පෙර නගරය තුල දින කිහිපයක් ගතකරන්නට සිතෙන ආකාරයේ පරිසරයක් කඩිනමින් නිර්මාණය කල යුතු බව විෂය බාර ඇමතිවරයා බැසිල් රාජපක්ෂ මහතාද හැම විටම පෙන්වා දුන් කරුණකි. ඒ නිසා කොටුව ප්‍රදේශය සංචාරක කලාපයක් කිරීමේ අදහසට ඇමතිවරයාගේද පූර්ණ අනුමැතිය ලැබුනි. දින කිහිපයක් තුල ලන්දේසි රොහලේ අයිතිය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සිට නාගරික සංවර්ධන අධිකාරියට මාරු කිරීමට කටයුතු යෙදවුනේ ඒ අනුවය. 

මාස කිහිපයක් ඇතුළතදී ගරාවැටී තිබුණු ලන්දේසි රෝහල( ඩච් හොස්පිටල්) අති රමණීය ආපනශාලා හා සාප්පු සංකීර්ණයක් බවට පත්කිරීමේ වැඩපිලිවෙල නිම වෙනවා දැකීමට අපට හැකි විය. කලකට ඉහත තුවාලකරුවන්ගෙන් හා ලෙඩුන්ගෙන් පිරී තිබුණු වාට්ටු ආපනශාලා සහ නවීන පන්නයේ සාප්පු බවට පත් කෙරිණ.සියලු ප්‍රතිසංස්කරණ කරයුතු සිදුවූයේ ගොඩනැගිල්ලේ පෞරාණික ගෘහ නිර්මාන කටයුතුවලට හානි නොවන ලෙසය. විශාල බිත්ති, තේක්ක වලින් සෑදූ බාල්ක, දැවමය දොරවල් සහ ජනේල ලන්දේසි ගෘහ නිර්මාණ රසය එලෙසම පෙන්වමින් අදටත් එහි ඇත. මෙහි සෑම ආපනශාලාවකම සහ සාප්පුවකම පෞරාණික ලන්දේසි අභ්‍යන්තර සැකැස්ම එලෙසින්ම තබා නිර්මාණය කිරීමට ප්‍රතිසංස්කරණ කටයුතු බාරව සිටි ගෘහ නිර්මාණ් ශිල්පීහු වගබලාගත්තහ. කොළබ නගරය තුල දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ප්‍රධානතම ස්ථානන් අතරට ලන්දේසි රෝහල( ඩච් හොස්පිටල්) පත්වන්නට එයද එක් හේතුවක් විය.

ලන්දේසි රෝහල පමනක් නොව මුලු පැරණි කොටුව ප්‍රදේශයම අද වන විට වෙනස්ව ගොසිනි. වසර හතරකට ඉහත මෙය අවට පරිසරය තිබූ තත්ත්වය නැවත කිසි කෙනෙකුට මතක් කරදීමට ලකුණක් හෝ නවීකරණය කිරීම් වලදී ඉතිරි වී නොමැත. ඒ තරම් අනාගත අලංකාරයක් ඉපැරණි රෝහලක් තුල එදා ගොඨාභය රාජපක්ෂ නොදකින්නට අදටත් මෙය ගරාවැටුණු ගොඩනැගිල්ලක් ලෙසින් කොලඹ නගරය අවලස්සන කරනු ඇත.

යුද්ධයෙන් පසු වසර කිහිපයක් තුල කොළඹ නගරය මොනතරම් වේගයෙන් නවීකරණය වූවාද යන්න අද බොහෝ දෙනෙකුට මතක නැත. 2009 වන විට කුණු කසලින් පිරී දුගඳ හමන නගරක්ව තිබූ අගනුවර 2013-2014 වන විට ඉතා පිරිසිදු නගරයක් බවට පත්වී තිබුනි. ලංකාවට නිතර පැමිනෙන සංචාරකයන් මෙම වෙනස දුටුවේ ආශ්චර්යයක් ලෙසයි. ඒ දිනවල පාරේ තැනින් තැන නතරවී ඡායාරූප ගන්නා විදේශිකයින් ඉතා සුලබ දසුනක් විය. 2015 වසර මුලදි සුප්‍රකට මාස්ටර් කාර්ඩ් ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණයකින් ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරය ලෙස ලංකාව තෝරාගනු ලැබු බව පුවත්පත්වල පලවිය.සමීක්ෂණයට අනුව 21.1% වර්ධන වේගයක වාර්ථාකොට තිබු ලංකාවට දෙවැනි වී තිබුනේ 20.7% ක වර්ධන වේගයක් පෙන්වූ චීනයේ සයිශූන් ප්‍රාන්තයේ අගනුවර වන ශෙන්ගූ නගරයයි.

නමුත් වසර කිහිපයක ඇවෑමෙන් ඒ සියල්ලකනපිට හැරී ඇත. ඉතිහාසය නැවත රඟ දැක්වෙමින් කොළඹ නගරය ජරාජීරණ වන්නට පටන්ගෙන ඇත. නගරයේ බොහෝ තැන්වල කුණු එකතුවී දුඟද හමන අයුරු දකගත හැක. ගෙවල් වලට කුණු එකතුකිරීමට සති ගන්නාවකට කවුරුවත් ආවේ නැහැ කියා මැසිවිලි නගන මිනිසුන් අපමනය.

නිතර දකින කුකුලාගේ සුදයි කියා කියමනක් ඇත. එදා සුන්දර නගරයක ජීවත්වූ පුරවැසියන්ට තම වටපිටාවේ සිදු වූ වෙනස ගැන අගයක් නොතිබුනි. අද වේගයෙන් අහිමි වෙමින් යන එම පරිසරය දෙස බලා කම්පාවෙනවා හැර ඔවුන්ට කරන්නට වැඩි යමක් ඉතුරුව නැත.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනපතිත් ආ උත්සවයක පන්සිල් ගැනීම හලයි.. හිමිනමක් නැගිට විරෝදය පායි srilanka-politics

ජනපතිත් ආ උත්සවයක පන්සිල් ගැනීම හලයි.. හිමිනමක් නැගිට විරෝදය පායි..



සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

ඒ එම උත්සවයේදි පන්සිල් ගැනීමට මග හැරීම හේතුවෙන් ඒ සඳහා සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ උප සභාපති ඥානදස්සි හිමියෝ සභාවේ නැගී සිටිමින් විරෝධය දැක්වීමට කටයතු කිරීම හේතුවෙනි.

උත්සව සභාව ආරම්භ කරමින් මුලින්ම පොල්තෙල් පහන දැල්වීය, පසුව සිරකරු සුබ සාධක සංගමයේ සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පිළිගැනීමේ කතාව සිදුකළේය.

පසුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා උත්සව සභාව ඇමතීමට සූදානම් වෙන අවස්ථාවේදී ඥානදස්සි හිමියන් නැගිට විරෝධය පළ කරන්නට වූයේ න්‍යාය පත්‍රයේ පන්සිල් සමාදන්වීම තිබුණත් පසුව එය ඉවත් කර ඇති බව සඳහන් කරමිනි.

කෙසේ වෙතත් උන්වහන්සේ සභාවට පන්සිල් ලබාදුන් අතර ස්වාමිනාදන් මහතා සිය කතාවේදී ඒ පිළිබඳව සමාව ඉල්ලීමට කටයුතු කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව උත්සව සභාව ඇමතීය. වෙනත් කිසිවෙකු සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලිමට කටයුතු නොකළේය.

මෙම උත්සවය ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදීන්ට ජනපති ආරක්ෂක අංශයෙන් බාධා එල්ලවිය


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

යුද හමුදාව මුස්ලිම් සාමාජිකයන් සමග ‘ඉෆ්තාර්‘ සමරයි (Photo)

යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින්ගේ රාමදාන් මාසයේ උපවාසයෙන් මිදීමේ ඉෆ්තාර් සැමරුම් උත්සවය ඊයේ (13දා) වාද්දුව නිවාඩු නිකේතනයේ දී පැවැත්වුණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එම්. එච්. එම් යූසුෆ් ගේ මුලිකත්වයෙන් එම සංගමයේ සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සමඟින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත සහ එම මැතිණිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදාවේ මුස්ලිම් ජාතික නිලධාරින්ද සහභාගී විය.

යුද්ධ හමුදාව තුල රාජකාරියේ නියුතු සියලුම සාමාජිකයන්ගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කිරිමේ යුද්ධ හමුදාධිපතිතුමාගේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම ඉෆ්තාර් සැමරුම් උත්සවය පවත්වනු ලැබ තිබේ.

ඡායා- army.lk




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි… srilanka-politics

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,…ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට, පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුට සහ තවත් අයකුට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.

පහළ උස්ගල්ල සොහොන් පිටියේ සොහොන් කොතක් අසල තිබී මීට දින දෙකකට ඉහතදී හූනියම සහිත තඹ පත්‍රිකාව ඔවුන්ට හමුවී තිබේ. හූනියම් කිරීමට දක්ෂ කට්ටඩියකු ගෙන්වා හූනියම සිදුකර තිබෙන අයුරු කැබැතිගොල්ලෑ මිනී පිටියට ගිය අපට ඊයේ (13දා) උදෑසන දැක ගත හැකිවිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න, ඒ මහතාගේ පුත්‍රයා වන තුසිත ගුණරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක, නීතිඥ අමිල දිසානායක හා රවින්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත්‍රිකාවේ දක්නට ලැබිණි.

මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නම් ලියා එහි තිරස් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප්‍රසිද්ධියට පත්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝඩි මහතා පැලඳි ජැකැට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇඳ ඇති ආකාරය දක්නට ලැබේ. මේ සොහොන් පිටියට ආසන්නයේ ඉදිකිරීමක නිරතවූ තරුණයන් දෙදෙනකු අසල වූ සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, රතු මල්, පොල්තෙල් සහ පහන් කිහිපයක් තිබෙන අයුරු දැක එම ස්ථානය පිළිබඳ විපරමින් බලද්දී සොහොන ආසන්නයේ රෝල්කර සඟවා තිබූ අඟල් දෙකක් පළල අඟල් 10ක් දිගින් යුතු තඹ පැහැති පත්‍රිකාව හමුවී තිබේ. එහි ජනාධිපතිවරයාගේ හා තවත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් සටහන්ව තිබූ නිසා එය කැබිතිගොල්ලෑව නගරයේ පදිංචි දැන උගත් අයකුට ලබාදීමට ඔවුන් කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයාගේ මනස අවුල් වී පක්ෂයේ වැඩ කටයුතු අකර්මණ්‍ය කිරීම සඳහා බල තණ්හාවෙන් පෙළෙන අමාත්‍යධුරයක් දැරූ අයකු මේ හදි හූනියම සිදුකර තිබෙන බවට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මේ වනවිට රාවයක් පැතිර යයි. මේ නම් සඳහන් පුද්ගලයන් භේදභින්න කර ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට වර්තමාන ආණ්ඩුවෙන් තැනක් ලබාගැනීම සඳහා එය සිදුකර ඇති බවට කටකතා පැතිර යන අතර හිටපු අමාත්‍යවරයා හදි හූනියම් පස්සේ දුවන්නකු බව තතුදත් අයෙක් පැවැසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය,
ආනන්ද කරුණාදාස

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උඩ බලා ගෙන කෙල ගසා ගත් ජාතියක අවනඩුව srilanka-politics

උඩ බලා ගෙන කෙල ගසා ගත් ජාතියක අවනඩුව



පසුගිය දිනක කොළඹ ප්‍රසිද්ද ව්‍යාපාරික ආයතනයක් මගින් සංවිධානය කරතිබූ සාදයකට සහභාගී වීමට මටත් ආරාධනයක් ලැබුනි. එහි සිටි බහුතරය වෘතිකයින් හා ව්‍යාපාරිකයින් වූ අතර ඔවුන් බොහෝ දෙනෙකු 2015 දී රටේ පාලනයේ වෙනසක් වෙනුවෙන් චන්දය දුන් අයය. පුදුමයකට මෙන් මින් වසරකට දෙකකට හෝ එකහමාරකට පෙර ඔවුන් තුලින් දිස් වූ සතුට හෝ උද්‍යෝගය මෙවර දක්නට නොතිබුනි. වෙනදා මෙන් වෙනස් දේශපාලන මත දරන්නන් අතර ඇතිවන වාදයන් එද එහි අසන්නට නොලබුනි. සියලු දෙනාම එකාමෙන් පැවසූවේ රටේ ආර්ථිකය දුර්වල වෙමින් පවතින බවත් ඔවුන්ගේ ව්‍යාපාර මන්දගාමී වී ඇති බවත්ය. 

මේ තත්වය තේරුම් ගැනී අපහසු නොවේ. වත්මන් ආන්ඩුවේ වසර දෙකකහමාරක කාල අවසානයේ ජනතාව ඉදිරියේ දක්නට ලැබෙන්නේ රටේ දිශානතිය පිලිබඳ ප්‍රශ්ණ රැසක් පමනි. සංවර්ධනය පැත්තෙන් ජනතාව වත්මන් පාලකයන් ගැන තැබු බලාපොරොත්තු බොහෝමයක් කඩවී ඇත. මුදල් අමාත්‍යය විසින්ම නික්ත්කරන ලද 2016 වාර්ෂික වාර්ථාවට අනුව 2014 දි 7.4 % ක් වූ ආර්ථික වර්ධන වේගය 2016 වන විට 4.4% ට අඩුවී තිබුනි. 4.3% තිබු විරැකියව 4.4% ට වැඩි වී තිබුනි. අපනයන ආදායම 2014ට සාපේක්ෂව 2016 වන විට 7.3කින් අඩු වී තිබුනි. රුපියලේ අගය 16% කි බාල්දු වී ඇත. 2014ට සාපේක්ෂව ජනතාව මත බදු බර 2016 වන විට රුපියල් කෝටි 41,400 කින් වැඩි වී ඇත. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ජීවන වියදම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. ජාතික ගැටලුව විසඳෙනවා වෙනුවට වාර්ගික ගැටුම් යලි ආරම්බ වෙමින් පවතී.පාතාලය මහ දවාලේ මිනී මැරීම සාමාන්‍ය තත්වයක් බවට පත්වෙමින් පවතී. රාජ්‍ය පරිපාලනය කෙත්‍රම් දුරට අකර්මන්‍ය වී ඇත්දැයි කිව හොත් චක්‍ර ලේඛන නොසලකා ආපදා සහන සපයන ලෙස රාජ්‍ය සේවකයන්ට ආයාචනය කරන්නට ජනාධිපතිට සිදුවී අත. 

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ජනතාවට කිසිදු පැහැදිලි බවක් නැත. 2015 පාර්ලිමේන්තු එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ ප්‍රකාශයේ තරඟකාරී සමාජ වෙළඳපොල ආර්ථිකය යන නම භාවිත වුවද තව දුරටත් එය අපට අසන්නට නොලැබේ. 2015 ජනවාරි මස සිට මේ වන තුරු අගමැතිවරයා පාර්ලිමේන්තුව තුල ආර්ථික ප්‍රතිපත්ථි ප්‍රකාශන ගනනාවක් කියවා ඇති අතර විවිධ වේදිකාවලද විටින් විට ඉදිරියෙදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රථිපත්තීන් ගැන නොයෙකුත් අදහස් පලකරනු දක්නට ලැබේ. හොඳින් විමසා බලන්නෙකුට මේ ප්‍රකාශන අතර යම් පරස්පරයන් දක්නට ලැබෙන අඅතර යහපාලන රජය මෙතෙක් ඉදිරිපත් කර ඇති අයවැයලේඛණ තුන හා අගමැතිවරයා විටින් විට කරණ ප්‍රකාශන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක්ද දකින්නට නොමැත. මීට අමතරව ජනාධිපතිවරයාද මෑතක සිට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීමට පටන් ගෙන ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන කඳවුරු දෙක එක්ව ආන්ඩු කරනවායැයි කීවද ඔවුන් දෙපිරස අතර ආර්ථිකය හැසිරවිය යුතු ආකාරය පිලිබඳ එකඟතාවක් නොමැති බව නම් ඔවුන්ගේ ප්‍රකාශ අධ්‍යයනය කරන්නෙකුට ඉතාමත්ම පැහැදිව නිරීක්ෂනය කල හැක. ආසියාවේ හොඳම මුදල් ඇමති යයි කියාගත් හිටපු මුදල් ඇමතිවරයා තනතුරින් ඉවත් කොට තිබේ. එසේ ඉවත් කිරීමට හේතුවද කිසිදු බලධාරියෙකු විසින් මෙතෙක් ජනතාවට පැහැදිලි කර නැත. 

රටක් ආර්ථිකය දියුනුකිරීමට රජයක් විසින් අනුගමනය කල යුතු සරල පියවර කිහිපයක් ඇත. මේ කිසිවක් වත්මන් පාලකයන් අනුගමනය කරනු අපට නොපෙනේ.   

පලමුවැන්න හඳුනා ගන්නා ක්ෂෙත්‍රයන් සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ආර්ථික ඉලක්ක එකඟ වීමයි.

දෙවැන්න එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරණ සැලසුම් සකස් කිරීමයි. මේ කාර්යය සඳහා පෞද්ගලික අංශ නියෝජනය ලබාගැනීමද වැදගත්ය.

තුන් වැන්න එම ඉලක්ක අත්පත් කර ගැනීම සඳහා රජයෙන් ලබා දිය යුතු සහයෝගයන් උපරිම මට්ටමෙන් ලබාදීමයි.

මෙම කරුණේදී ප්‍රමුඛතා හඳුනා ගැනීමද ඉතා වැදගත්ය. මෙහිදී කෙටි කලක් තුල වැඩි ආදායමක් ඉපයිය හැකි ව්‍යාපාර ක්ෂෙශ්ත්‍රයන් හඳුනා ගත යුතුය. 

උදාහරණයක් ලෙස සංචාරක ව්‍යාපාරය ගනිමු. 2016 ලංකාවට සංචාරකයින් මිලියන 2 ක් පැමින් අතර ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3 ක ආදායමක් රට ලැබුනි. මේ අනුව පෙනී යන්නේ වසරකට පැමිනෙන සංචාරකයින් ප්‍රමානය මිලියන් 6 දක්වා වර්ධනය කර ගත්හොත් අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ලබා ගත හැකි බවයි.

මෙය අසීරු කරුණක් ද ? නැත. අපට ආසන්නයේ ඇති රටවලට කොපමන සංචාරකයින් පැමිනෙනවාදැයි සොයා බැලීමෙන් එය වටහා ගත හැක.

(2015දී සංචාරකයින් පැමිනීම - තායිලන්තය මිලියන 30 යි, සිංගප්පූරුව මිලියන 12යි, මැලේසියාව මිලියන 26යි, කොරියාව මිලියන 13යි, ඉන්දුනීසියාව මිලියන 11යි , ඉන්දියාව මිලියන 8 යි.) . 

විශය ගැන දැක්මක් නැති සංචාරක ඇමතිවරුන් හා තමුන්ගේ පෞද්ගලික ආස්වාදය සඳහා පිටරට සංචාර කිරීමේ අවස්ථා ගැන පමනක් සිතන සභාපතිවරුන් ඉන්නා තුරු නම් සංචාරක කර්මාන්තය දියුනු වනු ඇත්තේ ලංකාවේ ස්වාභාවික ආකර්ෂණය හේතු කොට ගෙන පමනි. නමුත් නිසි සැලස්මක් ඇතිව සංචාරක ව්‍යාපාරය දියුණු කරණවානම් එය අප රටට විශාල වශයෙන් ප්‍රථිලාභ ගෙන ආ හැකි ක්ෂේස්ත්‍රයකි. විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකයන් නගා සිටවීමටත් , නව රැකියා අවස්ථා ජනිත කිරීමටත් සංචාරක කර්මාන්තයට සුවිශේෂී කාර්ය භාරයක් කල හැක.

නිසි කලමණාකරණයක් තුලින් ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි එමෙන්ම රජයට වැඩි බදු ආදායමක් ලබා ගත හැකි තවත් ක්ෂෙස්ත්‍ර කිහිපයක් පහත දැක්වේ

සංචාරක ව්‍යාපාරය
වරාය හා වරාය අනුබද්ධිත සේවා
කෘෂි නිශ්පාදන
බැංකු හා මුල්‍ය සේවාවන්
තොරතුරු තාක්ෂණය
උසස් අධ්‍යාපනය 
සෞඛ්‍ය සේවා
ඛනිජ සම්පත් වලට අගය එකතු කිරීම
සන්නාහ නාම සඳහා ඉහල අගය ඇති නිමි ඇඳුම් නිශ්පාදනය
විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලබෙන ආදායම
ධීවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිශ්පාදන
ඉදිකිරීම් හා දේපල විකිනිම් කර්මාන්ත
ප්‍රවාහන හා ගුදම් පහසුකම්
උපදේශක සේවා

ඉහතකී ක්ෂෙස්ත්‍රයන් දියුණු කිරීම සඳහා ඉලක්කගත වැඩ පිලිවෙලවල් රජය මගින් ක්‍රියාත්මක කල යුතුය. මින් බොහෝමක් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5- 10 අතර ඉලක්කයක් කරා ගමන් කල හැකි ව්‍යාපාර ක්ෂෙස්ත්‍රයන්ය. ඒ නිසා අදාල ක්ෂෙස්ත්‍ර වල විශේසඥ්යින් සමඟ සාකච්චා කොට සැලසුම් සකස් කිරීම වැදගත්ය.

මෙහිදී රජය විසින් අමතක නොකල යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්ගෙන් 75% පමන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර රටේ වැඩකරණ ජනතාවගෙන් 45% පමන රැකියා කරන්නේ මේ ව්‍යාපාර වල බවය. ඒ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ධෛර්යමත් කිරීම හා ඔවුන්ට පහසුකම් සැපයීම රටේ සංවර්ධන ක්‍රියාවලිය තුල වැදගත් අවශ්‍යතාවකි.

ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොල ජයගත හැකි ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැගීම රජයේ මූලික අරමුණක් විය යුතුය.

දැනට ලංකාවේ වැඩකරණ ජනතාව සිටින්නේ ලක්ෂ 78 ක් පමන වන අතර මින් ලක්ෂ 50 කට වැඩි පිරිසක් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වේ. ස්වයං රැකියා කරන පිරිස ලක්ෂ 26 ක් පමන වන අතර අන් අයටද රැකියා සපයන ව්‍යාපාරිකයන් ලෙස වෙන් කොට හඳුනා ගත හැක්කේ ලක්ෂ 3කට අඩු පිරිසකි. වසරකට ලක්ෂ 4 කට වඩා වැඩි පිරිසක් රැකියා වෙළඳ පොලට එකතුවන රටක මෙය ඉතා අඩු ව්‍යාපාරික ප්‍රතිශතයකි. ඒ නිසා තරුණ තරුණියන් වැඩි වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොමුකරන ආකල්පමය වෙනසක්ද රට තුල ඇති කිරීමට රජය මූලිකත්වය ගත යුතුය.

රටක ආර්ථිකයක් කලමනාකරණය කිරීමේදී එයට සම්බන්ධ විවිධ පාර්ශව වල ධෛර්යය ඉහල මට්ටමක පවත්වාගෙන යාම ඉතා වැදගත්ය. උදේ පටන් රෑ වන තුරු ගෙදර ප්‍රශ්ණ ගැන නහයෙන් අඬන්නෙකු සමග හවුල් ව්‍යාපාරයකට එක්වන මෝඩයෙකු සිටීද ?. මම හතර අතේ ණය වෙලා අලි අමාරුවක වැටිලා ඉන්නේ කියනා අයෙකුට තවත් ණය දෙන පිස්සෙකු සිටීද ?. අද ලංකාවට සිදුවී ඇත්තේ මීට සමාන දෙයකි. රටේ නායකයන් වසර දෙකක් තිස්සේ කරන්නේ පසුගිය රජයට දෙස් දෙවාල් තැබීමයි. රට අධික ණය බරකින් පෙලෙන බව පාලකයින් පුන පුනා කියති. මේ තත්වය යටතේ ලංකාවේ ආයෝජනය කිරීමට පෙර දෙවරක් සිතන්නට විදෙශිකයින් යොමුවීම පුදුමයක්ද ? 

2014 ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදෙශ ආයෝජන ගලා ආ රටට අද වසරකට ඉන් අඩක්වත් විදේශ ආයෝජන ලබාගත නොහැකි වී තිබෙන්නේ මේ ආකාරයට පාලකයන් විසින්ම පටු දේශපාලන වාසි තකා ලංකාව ගැන අඳුරු චිත්‍රයක් මවා පෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. සංනිවේදනය මෙතරම් දියුනු වී ඇති යුගයක තම රටේ චන්ද දායකයන් ඉලක්ක කොට කියන දේශපාලන කතා මුලු ලෝකයටම ඇසෙන බව තේරුම් ගැනීමට වත්මන් පාලකයින් අසමත් වීම රටටවූ ඉමහත් අභාග්‍යයකි. පසුගිය වසර දෙකේ ලංකාවේ ප්‍රවෘති ගැන අවධානයෙන් සිටි ඕනෑම විදේශිකයෙකු සිතනු ඇත්තේ ලංකාව යනු කිසිදු චරිතවත් පුද්ගලයෙකු නැති, හොරුන්ගෙන් දූෂිතයින්ගෙන් පිරි, දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරියා දක්වා නිතර සිරගත වන ඒ කාලේ අප අප්‍රිකාව ගැන අසා තිබූ ආකාරයේ රටක් ලෙසය. ජාතියක් ලෙස උඩ බලාගෙන කෙල ගසා ගැනීමට මීට වඩා හොඳ උදාහරණයක් තවත් ඇත්ද ?

පසුගිය සතියේ මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්විනි. එහිදි කිසිදු දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුව තුල බහුතරයක් හිමි වූයේ නැත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සමස්ථ ආසන සංඛ්‍යාව 650 ක් නිසා බහුතරයක් යනු අවම වශයෙන් ආසන 326 කි. මේ අනුව මැතිවරණයෙන් ආසන 318 දිනාගත් කොන්සවර්ටිව් පක්ෂයට රජයක පිහිටවීමට ආසන 8 ක මදිකමක් තිබුනි. කොන්සවර්ටිව් පක්ෂය ඒ නිසා කලේ ආසන 10ක් ලබා ගෙන තිබුනු කුඩා පක්ෂයක් සමඟ එක්වී සුලුතර රජයක් පිහිටවීමයි. නමුත් මේ පිලිබඳ බ්‍රිතාන්‍ය මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ බොහෝ දේශපාලක විචාරකයින් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ද පවසා සිටියේ පාර්ලිමේන්තුව තුල බහුතරයක් නොමැති රජයකට ඍජු තීරණ ගැනීමෙ ශක්තිය මද නිසා සුල කාලයක් තුල නැවත මැතිවරණයක් කැඳවීම සුදුසු බවයි. නමුත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු කඩිමුඩියේ සම්මත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා අද ලංකාවට එසේ සිතීමටවත් නිදහසක් නැත. ගොනෙක් හා මීහරකෙක් කරත්තයක බැඳගෙන යන ගමනක් මෙන් එකිනෙකාට නොගැලෙපෙන මතවාද දෙකක් කරපින්නාගත් පක්ෂ දෙකක් රජයක් කරන්නට ගන්නා අසීරු උත්සාහය දෙස කම්පාවෙන් බලා සිටිනවා සිට වෙන කරන්නට දෙයක් මහ ජනතාවට අද ඉතුරු වී නැත. මහා බ්‍රිතාන්‍යයේ සුලුතර රජයට එකට සිට රට කරවන්නට බැරි ආකාරයේ මත ගැටුම් මතුවුවහොත් රට ගැන සිතා ඔවුන් පාර්ලිමේන්තුව විසුරවා යලි මැතිවරණයකට යනු ඇත. නමුත් රටට මොන විනාසයක් වුනත් 2020 වන තුරු වත්මන් පාර්ලිමේන්තුවේ බැරි කම ඉවසා සිටින්නට ශ්‍රී ලාංකික චන්ද දායකයින්ට සිදුවනු ඇත. මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සුරැකී ඇත්තේ පාර්ලිමේන්තු ගිය අයගේ අයිතීන්ද පුරවැසියන්ගේ අයිතීන්ද යන්න ගැටලුවකි. එදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැමති මේ මල් වට්ටියට අතගසන්න කියා ජනතාවගෙන් ඉල්ලා සිටි ප්‍රසිද්ධ හිමියන්ද අද නැති නිසා මේ අවනඩුව කියන්නට කෙනෙක්ද අපට නැත.
- ආචාර්ය නාලක ගොඩහේවා ( Mawbima 13 th June 2017) 

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අනුරගේ බැරි සිල් srilanka-politics

අනුරගේ බැරි සිල්
______________________

Jvp නායක අනුර කුමාරගේ වයස අවුරුදු 21 වන පුතා කසුන් දිසානායක අද ( පොසොන් පොහෝ දින ) මොරටුව රාවතාවත්ත හි පිහිටි හෝලි එමෑනුවල් පල්ලියේ දී රාවතාවත්ත ප්‍රදේශයේම පදින්චි කිතුනු යුවතියක් සමග විවාහ ගිවිස ගත්තේය .ඕනෑම දේශපාලන නායකයකු ගේ දරුවන් විවාහ ගිවිස ගැනීම කිසිවෙකුට ප්‍රශ්නයක් විය හැකි නොවේ. නමුත් මේ විවාහය හා බැදුනු සමාජයිය වශයෙන් සාකච්ඡාව ට බදුන් විය යුතු කරුනු කිහිපයක් තිබේ. අප මේ කතා කරන්නට හදන්නේ ඒ ගැන ය.�ජවිපෙ නායකයා පෙනී සිටින්නේ අනාගමික සමාජයක් වෙනුවෙනි. එහෙත් ඔහුගේ පුතා පොසොන් පෝය දවසේ විවාහ වන්නේ ක්‍රිතුනු දේවස්ථානයක් තුල දීය. ජවිපෙ නායකයින්ගේ දරුවන්වත් ඔවුන් දෙසන බන පිලිනොගන්නා බව එයින් නිගමනය කිරීම සාදාරනය. �අනෙක් අතට රටට කියන බන ගෙදරට අදාල නැතැයිද සිතිය හැකිය.�ඊලගට මෙහිලා මතුවන තවත් ප්‍රශ්නයක් තිබේ.�මේ විවාහ උත්සවය ගැන ජ.වි.පෙ. නායකයන්ගෙන් දැන සිටියේ විජිත හේරත් පමනි. සාමාන්‍යයෙන් මෙබදු අවස්තාවකට ජවිපෙ ප්‍රදාන ලේකම් වරයාට හෝ ආරාදනා කිරීම සිදු වේ. විජිත හේරත් ද අදාල පල්ලියට පැමිනියේ අනුරගේ බිරිදව වාහනේ දමාගෙන ය. අනුර ආවේ තනියමය. විජිතට හැර ජවිපෙ වෙන කිසිදු නායකයකු මේ අවස්තාවට සහභාගි නොකර ගැනීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද?�කලු අය නිර්දනීන් ලෙස හදුන්වන අනුරගේ පුතානම් බොහෝ සෙයින් පැහැයෙන් සුදුය. ඒ අනුරගේ බිරිඳ ද පැහැයෙන් සුදු නිසා වන්නට පුලුවන. කෙසේ වෙතත් අනුරට අනුව ඒ දෙදෙනා ම අයත් වන්නේ දනපති පන්තියටය.� විවාහ උත්සවය පවත්වා ඇත්තේ පිලියන්දල ලේක් සයිඩ් හි තොටුපළ නම් හෝටලයේ ය. පොසොන් දිනට පෙර දා එහි සියලු සේවකයනට නිවෙස් බලා නොයන ලෙස නියෝග කලේ එම හෝටලය අයත් මේජර් වැලිකලය. පොසොන් දිනයේ එම හෝටලයට පිටතින් කිසිවකුට ඇතුල් වීම තහනම් විය. ඒ රාතියේ පැවැත්වෙන මේ විවාහ උත්සවය නිසාය. සේවකයන්ට ද විශේෂ පාස් පතක් නිකුත් කර තිබුනි. දේශපාලන නායකයකුගේ දරුවකුගේ විවාහයක් මෙලෙස රහසිගත ස්වබාවයෙ පැවැත්විය යුතුද? එවැන්න රහසිගත ස්වරූපයෙන් පවත්වන්නේනම් ඒ කුමක් නිසාද? �මේ විවාහයේ මනමාලිගේ පාර්ශවයේ නෑදෑයන් පිලිගැනීම මනමාලයාගේ පියා හා මව විසින් සිදු කරනු දක්නට ලැබුනි. එහෙත් එහි වූ විශේශත්වය වූයේ අනුර හා අනුරගේ බිරිද සමීපව නොසිට දෙදෙනා අතර පරතරයක් තබාගෙන මේ කටයුතුවල නිරත වීමය.�සමහරවිට ඒ අනුරගේ නෝනා වයසින් බොහෝ වැඩි නිසා විය හැකිය. කාරනය එය නම් අනුර වැනි විප්ලවවාදී නායකයකු තම බිරිදගේ වයසක කම නිසා ඈතින් තියා ගන්නට යාම කොතරම් නිවැරැදි වේද?�ප්‍රංශයේ වත්මන් ජනපති විවාහ වුයේ ඔහුට වඩා බොහෝසෙයින් වයසින් වැඩි තම පාසලේ ගුරුවරියකි. එහෙත් ඔහු තම බිරිද වසං කරන්නේ නැත. අනුර විවාහ වී සිටින්නේ තම පුන්චි අම්මා සමග ය . එහෙත් එසේ වූවායැයි කියා ඇයව සමාජයෙන් වසං කිරීමට යාම මානුශීය වන්නේ කෙසේද? �සමහරවිට මේ විවාහයට අර්ද රහසිගත ස්වබාවයක් ලැබෙන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.�මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතය හාරා බැලීම කල යුත්තක් නොවේ. එහෙත් ජවිපෙ තමන් ගැන කියන පුරාජේරු නිසා ඔවුන්ගේ කියුම් හා කෙරුම් අතර වන වෙනස සොයන්නට අපට සිදු වේ. තමන් සතුව වෙතැයි ඔවුන්ම කියාගන්නා පරමාදර්ශ ජීවිතයේ සෑම පැත්තකින්ම පෙන්වීමට අන් කාටත් වඩා ඔවුන් බැදී සිටියි . අනෙක් දේශපාලන නායකයන්ට මේ කරදරයට මුහුන පාන්නට නොවන්නේ ඔවුන් රකින්න බැරි සිල් තමන් රකින්නේයැයි නොකියන නිසාය .
උපටාගැනිම  කැළුම් ජයසුමන
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර හොරුන් මහා බැදුම්කර වංචාවක් කල බව මහ බැංකු වාර්තාවත් පිලිගනී.. srilanka-politics

බැදුම්කර හොරුන් මහා බැදුම්කර වංචාවක් කල බව මහ බැංකු වාර්තාවත් පිලිගනී..
..
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්චචුවල් ට්‍රෙෂරීස් සමාගමට බැඳුම්කර මිලදී ගැනීමට ඉඩදීමෙන් දැවැන්ත වංචාවක් සිදුවූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 මැයි වාර්තාවෙන් පිළිගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක අනාවරණය කරයි.

2016 මහ බැංකු වාර්තාවෙන් ඒ බව පිළිගත්තද බැඳුම්කර ගනුදෙනුව හරහා මහ බැංකුවට සිදුවූ බිලියන ගණනක පාඩුව කොපමණද යන්න පැහැදිලිව හෙළි නොකර සිටින්නේ මන්දැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කරයි.

මන්ත්‍රි බිමල් රත්නායක පවසන්නේ එකී වාර්තාව “කොළේ වසා ගැසීමක්” බවයි. වාර්තාවෙන් සඳහන් වන අන්දමට අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළ හරහා මිලට ගැනීමෙන් විශාල ලාභයක් උපයා ඇත.
කෙසේ වුවත් සිදුවූ වංචාව වැසීමේ වුවමනාව මහ බැංකුවට පවතින බව එම වාර්තාවෙන් නැවත ඔප්පු කර ඇතැයි ඒ මහතා පැවැසීය.

2016 මැයි මස නිකුත් වූ මහ බැංකු වාර්තාවේ පිටු අංක 272 සහ 273 හි “ලාභදායිත්වය සහ ප්‍රාග්ධනය” පිළිබඳ මෙසේ සඳහන්ව තිබේ.

“ප්‍රාථමික අලෙවිකරුවන් වාර්තා කළ බදු පසු ලාභය, 2015 වසරේදී රුපියල් බිලියන 8.4ක් වූ අතර 2016 වසරේදී සියයට 72.6ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 14.6ක් විය.

මේ අසාමාන්‍ය වර්ධනය සඳහා එක් ප්‍රාථමික අලෙවිකරුවකු විසින් වාර්තා කරන ලද අධික ලාභය සෘජුවම බලපාන ලදී. රාජ්‍ය සුරැකුම්පත් අලෙවිය මඟින් ජනනය වූ ප්‍රාග්ධන ප්‍රතිලාභ මේ ලාභ ඉහළ යෑමට විශාල ලෙස දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත අංශය සඳහා වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය සහ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය සහ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා වන හිමිකම මත ප්‍රතිලාභ අනුපාතිකය 2015 වසරේදී පැවැති සියයට 3.7 සහ සියයට 42.7 සිට 2016 වසර අවසානය වනවිට පිළිවෙළින් සියයට 5.5 සහ සියයට 72.6 දක්වා ඉහළ ගියේය.

අනුරාධා හේරත්
– මව්බිම

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network