ගාලු සන්ධාන ලයිස්තුව අහෝසියි.. අතුරු මැතිවරණයක් කැදවිය යුතුමයි..- නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා srilanka-politics

ගාලු සන්ධාන ලයිස්තුව අහෝසියි.. අතුරු මැතිවරණයක් කැදවිය යුතුමයි..- නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවම අභියෝගයට ලක්ව ඇතැයි හිටපු මානව හිමිකම් කොමසාරිස් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

අදාළ මැතිවරණය සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීම හේතුවෙන් අදාළ තීන්දුව සමස්ත අපේක්ෂක ලැයිස්තුවට බලපෑම් එල්ල වන බවත් ඒ අනුව එම ලැයිස්තුවම ප්‍රතික්‍ෂේප කිරීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

එහි දී දැනට සන්ධාන ලැයිස්තුවේ පවතින මන්ත්‍රී ධුර 06 එජාපය සහ ජවිපෙ අතර බෙදීයා හැකි බවත් නොඑසේ නම් එම මන්ත්‍රී ධුර සියල්ල අහෝසි කර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නව මැතිවරණයකට යොමුවීමේ හැකියාව මැතිවරණ කොමිසමට පවතින බවත් ප්‍රතිභා මහානාමහේවා මහතා කීය.

හිටපු මානව හිමිකම් කොමසාරිස්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථීකාචාර්ය, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මෙසේ පැවැසී ය.

‘මෙය අභියාචනාධිකරණ තීන්දුවක්. එම තීන්දුව තමයි කතානායකවරයා ළඟට ගිහින් මහලේකම් හරහා මැතිවරණ කොමිසමට දැනුම් දීලා තියෙන්නේ. ස්වාධීන මැතිවරණ කොමිසම රටේ කරන්න යන පළමු වැඩේ මේ. මැතිවරණ කොමිසම දෙපැත්තකින් හිරවෙනවා. එක තමයි මැතිවරණ කොමිසමට පුළුවන් එකවරම අභියාචනාධිකරණ තීන්දුව මත කි්‍රයාත්මක වෙන්න. ඔවුන්ට ඊළඟ නම ගැසට් කරන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනතුරු ඔවුන්ට සිටිය හැකියි. එක එක ඇමැතිවරු කෑගැහුවට මැතිවරණ කොමිසම ස්වාධීනයි. ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ස්වාධීන බව කොන්ද කෙලින් තීරණ අරගෙන පෙන්වන්න.

දෙවැන්න මෙතැන ගැටලූවක් තිඛෙනවා. මේක ගෙනැවිත් ඇත්තේ මැතිවරණය අවසන් වී දින 21 කින් නොවෙයි. මැතිවරණය අවසන් වී දින 21ක් තුළදී ඔවුන්ට පුළුවන් මැතිවරණයට අළව සුදුසුකම් නැති අය ඉන්නවා නම් එ අයට එරෙහිවන්න. මේක ගෙනැත් තියෙන්නේ මැතිවරණය නිමාවෙලා දින 21ක් තුළ නොවේ නිසා ස්වාධීන මැතිවරණ කොමිසමට සිදුවෙනවා මොකක්ද ඔවුන් අනුමගමනය කළ යුතු ක්‍රමවේදය යන්න විමසා බලන්න. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි පරිච්ඡේදයේ 66 (උ) වගන්තියේ සඳහන් යම්කිසි තැනැත්තකු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාපත් කරගැනීම තත්කාලය බලපවත්වන නීතිය යටතේ නිෂ්ප්‍රභ කරනු ලැබේ. එකෙන් තමයි මොවුන්ට යන්න සිද්ධ වෙන්නේ. මන්ත්‍රීවරයෙක් මැරුණා නම් ගැටලූවක් නෑ. එතැනදී 66 වගන්තිය (අ) යටතේ මන්ත්‍රීවරයකු මියයාම, ඉල්ලා අස්වීම එතකොට පුළුවන් ඊළඟ එක්කෙනා යොදන්න. දැන් මතක තබාගත යුතුයි සමානුපාතික නියෝජන ක්‍රමය කේවල එක වගේ නෙවෙයි. මේ ලැයිස්තුවකින් එන්නේ. මේ ලැයිස්තුව අනිවාර්යයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි හදන්නේ. එහි ලේකම්වරයා, පක්ෂයේ බලයලත් නීතිඥවරු තමයි මේ ලැයිස්තුව හදලා ලැයිස්තුවේ ඇති නිරවද්‍යභාවය දිවුරුම් ප්‍රකාශයකින් ගාල්ල දිස්ති්‍රක්කයේ ඉන්න සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට දිය යුතුයි. එකෙ කියලා තියෙනවා මේ ඉන්න සියලූම අපේක්ෂකයන් එ සුදුසුකම් සපුරා ඇතැයි කියලා. දැන් මැතිවරණ කොමිසමට ප්‍රශ්නයක් එනවා මේ ලැයිස්තුවේ කෙනෙක් සුදුසු නැතිනම් මුළු ලැයිස්තුවම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව මැතිවරණ කොමිසමට තියෙනවා. එතකොට මුළු ලැයිස්තුවම ප්‍රතික්ෂේප කළොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූම දෙනා නැතුව යනවා ඊළඟට එජාපයටයි, ජවිපෙටයි එ මන්ත්‍රී ධුර ඛෙදිලා යනවා.

අවශ්‍ය නම් ස්වාධීන මැතිවරණ කොමිසමට පුළුවන් මේක අවලංගු කරලා නව මැතිවරණයක් එ දිස්ත්‍රික්කය සඳහා ලබාදෙන්න. නීති ක්ෂේත්‍රයේ අපි කියන්නේ අතුරු මැතිවරණයකට වගේ ඔවුන්ට යා හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවත් ලැයිස්තුවට යම් බලපෑමක් සිදුවෙනවා. එ නිසා ස්වාධීන මැතිවරණ කොමිසම මේ වෙලාවේ බුද්ධිමත්ව ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය තහවුරු කළ යුතුයි. මෙතැනදී ස්වාධීන මැතිවරණ කොමිසම උගතෝකෝටිකයකට ගිහින්. මේක කල් අරගෙන විශ්ලේෂණය කරන්න ඔවුන් කටයුතු කළ යුතුයි. මොකද මේකත් එක්ක ඉදිරියේදී තවත් මෙවැනිම වූ පෙත්සම් ආ හැකියි’ යැයි ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කළේ ය.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 6 දෙනකු තේරී පත්ව තිබේ.
ඉන් තිදෙනකු මේ වනවිට ආණ්ඩුවට සහයෝගය පළකර ඇති අතර, අනෙක් තිදෙනා එකාබද්ධ විපක්ෂය නියෝජනය කරති.

එ අනුව යම් හෙයකින් මෙම ලැයිස්තුව අහෝසි කළහොත් අමාත්‍යවරුන් වන චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ගේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ, ගීතා කුමාරසිංහ සහ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අයගේත් මන්ත්‍රී ධුර අහෝසි වනු ඇත.

නිමල කොඩිතුවක්කු
– රිවිර

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network