සුදු කොඩි සිද්ධිය ඇත්තක්‌ද? බොරුව හෙළිවෙයි..
"බොරුවක් සියවරක් ප්‍රචාරය කළ විට එය ඇත්තක් බව ජාත්‍යන්තර ප්‍රජාව සිතයි. එහෙත් ඒ බොරුව රැවටීමක් බව හෙළි වන විට සිදුවී ඇති හානිය අති විශාලය - රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්
ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් රැසක් මරුමුවට පත්වී පස්‌වසරක් ගත වූ අවස්‌ථාවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සුදු කොඩි සිද්ධිය නමින් පිටු 34 ක වාර්තාවක් ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක් වූ යස්‌මින් සුකා යටත් වූ කොටි රජයේ නියෝග මත ඝාතනය කර ඇති බව පවසා තිබුණි. එහෙත් ඇගේ මෙම වාර්තාවට තොරතුරු ලබාගෙන තිබුණේ මාධ්‍ය වලිනි. අද අපි අනාවරණය කරන්නේ මේ සුදු කොඩි කතාව සාක්‍ෂිකරුවන් නැතිව පරස්‌පර විරෝධී ලෙස ජාත්‍යන්තරය වෙත ප්‍රචාරය වූ අයුරුයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු වූ වාර්තාවේ කතෝලික පියනමක් වූ ප්‍රැන්සිස් ජෝශප් සුදු කොඩි කතාවක් ගැන කියන්නේ නැත. ඔහු පවසන්නේ කොටි හමුදා නායකයන් 103 ක් සහ ඔවුන්ට සහාය වූ පිරිස් හමුදා බස් රථවලට ගොඩ කරනු තමා දුටු බවයි.
ද්‍රවිඩ සංධාන මන්ත්‍රී චන්ද්‍ර නේරු අරියනායගම්ද ප්‍රකාශයක් කරමින් කොටි හමුදා නායකයන් 2009 මැයි 18 දා යටත්වීමට එකඟ වූ බවත් කොටි 3000 ක් සහ සිවිල් වැසියන් 22000 ක් ඊට සම්බන්ධ බව කොටි දේශපාලන නායක නඩේසන් පැවසූ බව කීවේයි.
මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තවත් ප්‍රකාශයක් ඉදිරිපත් වී තිබුණි. එම ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ මෙරටින් නේපාලය ඔස්‌සේ ස්‌විට්‌සර්ලන්තයට පැන ගොස් ලලන්ත නානායක්‌කාර, ගෝඨාභය රණවීර, රණදේව, රුවන් ජයවර්ධන සහ බොම්බඩියර් යන හොර නම්වලින් පෙනී සිටි වාර්තාකරුවෙකි. මොහු කළ ප්‍රකාශය සූරිච් නුවර භාෂා පරිවර්තකයකු විසින් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කෙරුණි.
එහි මෙලෙස සඳහන් විය.
2009 මැයි 17. වේලාව 11.45 සහ සවස 12.30
ස්‌ථානය වෙල්ලමුල්ලිවයික්‌කාල් 58 වැනි සේනාංකයේ පාලන මධ්‍යස්‌ථානය.
වේලාව - පෙරවරු 11.45
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් 58 වැනි සේනාංකයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් උපදෙස් දෙමින් යටත්වීමට උත්සාහ කරන කිසිදු කොටි නායකයකුට ඊට ඉඩ නොදෙන ලෙසත් ඔවුන්ව මරා දමන ලෙසත් නියෝග කර ඇත.
මම එම 58 වැනි සේනාංකයේ ආරක්‍ෂක වාර්තාකරුවකු ලෙස කටයුතු කළෙමි.
වේලාව - 12.00
2 වැනි දුරකථන පණිවුඩය
ආරක්‍ෂක ලේකම්වරයා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා වෙත දුන් උපදෙස් ස්‌ථිර කරන ලද අතර එම අවස්‌ථාවේ කොටි සංවිධානය රජයට එල්ල කර තිබූ ජාත්‍යන්තර බලපෑම් ගැනද තොරතුරු දක්‌වා ඇත.
වේලාව 12.15 -බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා හට සේනාංක ප්‍රධානින් අමතා ආරක්‍ෂක ලේකම් දුන් උපදෙස් හෙළි කර ඇත.
මැයි 19 දා - ආරක්‍ෂක ලේකම්ගේ එම නියෝග ගැන ඔබ දන්නේදැයි මම හමුදාපති සරත් ෆොන්සේකාගෙන් විමසුවෙමි.
එහෙත් ඔහු පැවසුවේ එවන් නියෝග ගැන තමා නොදන්නා බවයි.
2009 මැයි 17 දා ගෝඨාභය රාජපක්‍ෂ සහ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා අතර සිදුවූ දුරකථන සංවාදය ගැන අන්තර්ජාතික කොමිසමක් හෝ යුද අපරාධ විමර්ශනයක් පැවැත්වුවොත් මම එම සිද්ධිය ගැන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නෙමි.
මෙලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, 58 වැනි සේනාංකයේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථනයෙන් කළ නියෝගයක් තමාට ඇසුණ බව පැවසූ මේ වාර්තාකරුවාගේ අතීතය කුමක්‌ද?
ඔහු ප්‍රමුඛ වාර්තාකරුවන් පස්‌දෙනකුගේ කණ්‌ඩායමක් යුද්ධය අවසන් වීමට පෙර හමුදා බලධාරින්ට පැවසුවේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තමා ඇතුළු පිරිස ඝාතනය කිරීමට උත්සාහ කරන බවයි. එසේ චෝදනා එල්ල කරමින් ඔහු හමුදාවේ රැකවරණය ලබාගෙන තිබිණි. දින කීපයකට පසු එම වාර්තාකරුවන් අතරින් ඒෂියන් ටි්‍රබියුන් වෙබ් අඩවියට වාර්තා සැපයූ වාර්තාකරු පැවසුවේ තමාට මරණ තර්ජන යක් එල්ල වී නැති බවයි.
මේ අතර 58 වැනි සේනාංකය බාරව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ තම සේනාංකයට සම්බන්ධ ආරක්‍ෂක වාර්තාකරුවකු නොසිටි බවත් ආරක්‍ෂක ලේකම්වරයා කොටිනායකයන් මරණ ලෙස නියෝග නොකළ බවත් ය.
මේ තක්‌කඩි වාර්තාකරුවාගේ ප්‍රකාශය බොරුවක් බව සනාථ වන්නේ ආරක්‍ෂක ලේකම් එම දුරකථන පණිවුඩය ලබාදෙන අවස්‌ථාවේ කොටි හමුදා නායකයන් යටත්වීමට තීන්දු කර නොතිබූ නිසා ය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළ වාර්තාවේ දක්‌වා ඇත්තේ 2009 මැයි 18 වැනිදා සවස 1.30 ට නඩේසන් සිය චන්ද්‍රිකා දුරකථනයෙන් ද්‍රවිඩ සංධාන මන්ත්‍රී චන්ද්‍රනේරු අමතමින් කොටින් යටත්වන බවට ප්‍රකාශ කළ බවය.
එසේම තමිල් සෙල්වන්ගේ බිරිය වූ සසිරේකා ප්‍රංශයේදී පැවසුවේ තමා ඇතුළු පිරිසක් රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි බවත් සුදු කොඩි ඔසවාගෙන යටත්වන ලෙස කිසිදු කොටි නායකයෙක් දැනුම් දුන්නේ නැති බවත්ය.
මේ අභූත සුදු කොඩි කතාව ප්‍රචාරය කළ වාර්තාකරු ඔහු කලින් සේවය කළ රජයේ පුවත්පතකට ද පැමිණ ගෝඨාභය කොටි මරන්න කිව්වා යනුවෙන් පුරසාරම් දොඩා තිබුණි.
මේ නිසා නැඟෙන ප්‍රශ්න කීපයකි ඇත.
එනම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට හිතවත් නිලධාරීන් 30 ක් හමුදාවේ සිටි අතර ඔවුන් ද එවන් සුදු කොඩි සිද්ධියක් ගැන ෆොන්සේකාට වාර්තා කර නැත. එසේම බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක ලේකම්ට ප්‍රතිචාර දැක්‌වූ දුරකථනයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවිකර තිබුණේ දැයි මෙතෙක් හෙළි වී නැත.
එසේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකථන පණිවුඩ ලබාදුන් වේලාවත් මේ වාර්තාකරු හරියටම සටහන් කර ගෙන තිබීම විශ්මය දනවන සිද්ධියකි. එදා 58 වැනි සේනාංකය භාරව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා එම වාර්තාකරුගේ දිවුරුම් ප්‍රකාශය එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.
"මේ වාර්තාකරු මගේ සේනාංකයට කිසිම ලෙසකින් සම්බන්ධ වී සිටියේ නැත. ඔහු තම බලය පෙන්වමින් අපේ සේනාංකයට සමීප වීමට උත්සාහ කළත් මා ඊට ඉඩ දුන්නේ නැහැ" යෑයි හෙතෙම පවසා තිබුණි.
මෙයට සමානව ප්‍රනාන්දු නමින් හමුදා නිලධාරියෙක් 58 වැනි සේනාංකයට සම්බන්ධව සිටි බවටද චැනල් ෆොa රූපවාහිනිය අනාවරණය කර තිබුණි.
තමා පුදුමාතලන්හිදී මළ සිරුරු 1500 ක් දුටු බව ඔහු පවසා ඇත. එහෙත් "ප්‍රනාන්දු" සුදු කොඩි කතාවක් ගැන ප්‍රකාශ කර නැත. ප්‍රනාන්දු නමැත්තා ගැන ද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ බොරුවක් බවයි. එවැනි නිලධාරියෙක් තම සේනාංකයේ නොසිටි බවද ඔහු දන්වා ඇත.
මේ පසුබිම මත කොටි දේශපාලන නායක නඩේසන් මැයි 18 දා ද්‍රවිඩ සංධාන මන්ත්‍රී චන්ද්‍රනේරු අමතා තම පිරිස යටත්වන බව දැනුම්දීමට පැය 24 කට පෙර හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඒ බව දැන සිටි බව විශ්වාස කළ හැකිද? එසේම 2009 දෙසැම්බර් 13 දා සුදු කොඩි කතාව ප්‍රකාශයට පත් වී පැය 24 කට පසු එනම් දෙසැම්බර් 14 දා පස්‌වරු 1.50 ට මෙරට ඇමරිකානු තානාපතිනියව සිටි පැට්‌රීෂියා බුටේනිස් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත අතිශයින්ම රහසිගතයි තේමාව යටතේ රහස් ලියෑවිල්ලක් යවා තිබුණි.
එම රහස් ලියෑවිල්ලේ සඳහන් වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සුදු කොඩි කතාව පැවසුවේ මාධ්‍යවේදීන් බවයි. මින් සනාථ වන්නේ 2009 දෙසැම්බර් 14 දා වනතෙක් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට සුදු කොඩි කතාවක් ගැන වාර්තා නොවීමයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශයට තොරතුරු සපයන දේශපාලනඥයන් මෙන්ම මාධ්‍ය පාර්ශ්ව ද ඇත. එම දේශපාලන කාර්යාලය ඉතා බලගතු චරපුරුෂ ජාලයක් මෙහෙයවයි. මේ තත්ත්වය මත සුදු කොඩි කතාවක් ගැන වාර්තා නොවූයේ මන්ද?
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට මේ සුදු කොඩි කතාව වාර්තා වී නොතිබුණේ නම් මේ වාර්තාකරු කළ ප්‍රකාශය විශ්වාස කළ හැකිද? මේ අතර තමා හමුදාපතිට කළ ප්‍රකාශය නිසා අමාරුවේ වැටුණ බව තේරුම් ගත් මේ වාර්තාකරු මෙරටින් පැන යෑමට පෙර 2010 මැයි 13 දා රිපෝටර්ස් විතඅවුට් බෝඩර්ස් හෙවත් දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය ලවා හිටපු හමුදාපතිට සම්බන්ධ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් මතුවී ඇති බවට වාර්තාවක් පළ කර ගනු ලැබීය.
මොහු කටුනායක ගුවන් තොටුපලින් නේපාලය වෙත යද්දි ත්‍රස්‌ත මර්දන පොලිසිය හෝ රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.
එහෙත් ඔහු නේපාලයේ එක්‌සත් ජාතීන්ගේ සරණාගත නිලධාරීන්ට පැවසුවේ ශ්‍රී ලංකා රජය සහ හමුදාව තමා මරා දැමීමට පෙර රටින් පැනගත් බවයි. ඒ අවස්‌ථාවේ ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මේ තොරතුරු ජිනීවා නුවරදී අපට හෙළි කළේය.
සාවද්‍ය සුදු කොඩි කතාව නිසා මේ වාර්තාකරුට ස්‌විස් රජය දේශපාලන රැකවරණ දුන්නේය. පසුව ඔහුගේ පවුලේ අයවළුන් ද ස්‌විට්‌සර්ලන්තයට ගෙන්වා ගැනීමට හැකි විය.
මේ අතර ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවිය මෙහෙයවන රාජන් සොක්‌කලිංගම් මුල්වරට මේ වාර්තාකරු එක්‌සත් ජාතීන්ට ලබා දුන් දිවුරුම් ප්‍රකාශය අනාවරණය කරනු ලැබීය.
තමා සුදු කොඩි කතාව හෙළි කළ වාර්තාකරුගේ නම අනාවරණය නොකරන බව සොක්‌කලිංගම් සිය කොටි වෙබ් අඩවියේ සඳහන් කර තිබුණත් එම වාර්තාකරු කවුදැයි කොටි ඩයස්‌පෝරාවට හෙළිකරනු ලැබීය.
මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක කටයුතු භාර කාර්යභාර නිලධාරී කර්නල් ලෝරන්ස් ස්‌මිත් ප්‍රකාශයක් කරමින් කොටි නායකයා මුළු සංවිධානයම පාලනය කරද්දී සුදු කොඩි ඔසවා යටත්වන ලෙස ඔහු නියෝග කරනු ඇති බවට ප්‍රචාරය වූ පුවත විශ්වාස කළ නොහැකි බව සඳහන් කරනු ලැබීය.
එසේම 2009 මැයි 10 සිට මැයි 19 දා කාලය තුළ ඇමරිකානු හමුදා චන්ද්‍රිකාවක් වෙල්ලමුල්ලිවයික්‌කාල් සහ වට්‌ටුමාල් පාලම හරහා පැමිණි පිරිස විමර්ශනය කර ඇත. එසේ නම් එම හමුදා චන්ද්‍රිකාවේ සුදු කොඩි ඔසවාගෙන පැමිණෙන කොටින්ගේ දර්ශන නොතිබුණේ මන්ද?
ඇමරිකානු බලධාරීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළ සියලු ඡායාරූපවල සුදු කොඩි රැගත් ජනතාව දර්ශනය නොවේ. මේ හැර මැයි 17 දා පැය 06.09 ට කොටි සාම මහලේකම් කාර්යාලයේ ප්‍රධානි පුලිතේවන් කැනඩාවේ සිටින සිය තම සොහොයුරාගේ බිරිය වෙත චන්ද්‍රිකා පණිවිඩයක් දී තිබේ. එම චන්ද්‍රිකා පණිවිඩයෙන් ද ඔහු සුදු කොඩි ඔසවා යටත් වන බව පවසා නැත. එලෙස පවසා තිබුණේ නම් ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ සාක්‍ෂි දීමට ඉදිරිපත් වීම නියතය.
මෙම පසුබිම මැද ප්‍රභාකරන් පරාජය වී වසර අටක් ගතවන අවස්‌ථාවේ යුරෝපා රටවල සිටින කොටි ක්‍රියාකාරීන් 50 ක් තමන් සුදු කොඩි සිද්ධිය දුටු බවට සාක්‍ෂි දීමට ඉදිරිපත් වී ඇත.
මේ කොටි ක්‍රියාකාරීන්ගේ අනන්‍යතාවය හෙළිවී නැත. එහෙත් රජය විදෙස්‌ගත සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ පිළිගැනීමට එකඟවී තිබේ. මේ අතර ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධ විනිසුරුවරයෙකු වූ මෝටෝ නොගුචි නමැති ජගත් විනිසුරුවරයා ලබන මස මෙරටට පැමිණේ. ඔහු මෙයට පෙර දෙවතාවක්‌ම මෙරටට පැමිණ ඇත. හිටපු ජාත්‍යන්තර විනිසුරුවරයකු වූ නොගුචිගේ ශ්‍රී ලංකා සංචාරය කොළඹ ජපන් තානාපති කාර්යාලයද සනාථ කර තිබේ.
මේ අතර බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් මුලතිව්හි එලියරාජන් පියනම මුල්ලිවයික්‌කාල්හිදී මියගිය කොටි 500 කගේ නම් ඇතුළත් සමරු ඵලකයක් මුල්ලිවයික්‌කාල්හිදී ස්‌ථානගත කිරීමට දරන උත්සාහය පොලිසිය වළක්‌වා ඇත.
මියගිය කොටි 500 කගේ නම් අනාවරණය වූයේ මුල්වරටය. එහෙත් පසුගිය කාලයේ ප්‍රචාරය වූයේ මුල්ලිවයික්‌කාල් හිදී කොටි අතුරුදන් කර ඇති බව නොව හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මරා දැමු බවයි.
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න