එජාප මැයි පෙලපාලියට බත් පැකැට් 75000ක කොන්ත්‍රාත්තුව ෆොන්සේකා හමුදාවට බාරදෙයි – උගන්ඩා තරු සහ අණ දෙන මිලිටරි රේඛවේ වගකීම srilanka-politics

එජාප මැයි පෙලපාලියට බත් පැකැට් 75000ක කොන්ත්‍රාත්තුව ෆොන්සේකා හමුදාවට බාරදෙයි – උගන්ඩා තරු සහ අණ දෙන මිලිටරි රේඛවේ වගකීම


යහපාලන ආණ්ඩුව විසින් සරත් ෆොන්සේකාට බාර දෙන්නට යන නව වගකීම පිළිබඳ විවිධ දෙනා විවිධ අදහස් දක්වන අතර ඇතැම් දේශපාලන සංවිධාන සහ පුද්ගලයන් මේ පිලිබදව තැතිගැන්මකට ලක්ව ඇත. තවත් පිරිස් පවසන්නේ ඉන්දියාව සමග අත්සන් කෙරෙන ගිවිසුම් වලට එරෙහි මහජන විරෝධය වෙනතක යොමු කිරීමට කරන නාටකයක් බවය.
රජයේ මධ්‍යස්ථ මතධාරීන් පවසන්නේ එය කඩාකප්පල් කාරී ක්‍රියා වලින් මහජනයාගේ ජන ජීවිතය කඩා වැටෙන්නට ඉඩ නොදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කරන නව සැලැසුමක් බවය . තවද ත්‍රිවිධ හමුදා මෙහෙයැවීම මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ තනි විධායක ජනාධිපතිවරයා වන අතර එය අහෝසි කිරීමට බලාපොරොත්තු වන සිරිසේන තමන් සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පැවරීමේ තවත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙය හදුන්වයි
ජ.විපෙ විසින් ෆොන්සේකාගේ නව භූමිකාව විග්‍රහ කලේ, ‘උද්ඝෝෂණ හා අරගල, මර්දනය කිරීම සඳහා ෆොන්සේකාගේ නායකත්වයෙන්, විශේෂ හමුදා බලඇණියක් ගොඩනගනවා‘ යැයි කියාය. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ආණ්ඩුව විසින් ජනතා මර්දනය සඳහා විශේෂ හමුදා ආයතන පිහි‍ටුවන බව ජවිපෙ පැහැදිලිවම ප්‍රකාශ කලේය.
සරත් ෆොන්සේකාට ත්‍රිවිධ හමුදාව ඇතුළු අංරක්‍ෂක අංශ මෙහෙයවීමේ වගකීම ලබා දී ඇති බව යහපාලන ආණ්ඩුවේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මාධ්‍යටද ප්‍රකාශ කලේය.

කවුරු කෙසේ කීවද ෆොන්සේකාගේ බලලා මල්ලෙන් එලියට පැන ඇත. මැයි දින පෙලපාලිය වෙනුවෙන් බත් පැකැට් 75000 සැපයීමේ කොන්ත්‍රාත්තුව ෆොන්සේකා විසින් හමුදාවට බාරදී ඇත. මේ වනවිට මහනුවර ප්‍රදේශයේ සියලුම හමුදා කදවුරු වල අණදෙන නිලධාරීන්ට අදාල නියෝගය ලබා දී ඇත. ගැටබේ පිටිය අසල ඇති ගන්නෝරුව කදවුරට පමනක් බත් පැකට් 14000ක් සැපයීමට නියෝග දී ඇත. හුදෙක් ගෝත්‍රික සැනකෙලියක් වන් පෙලපාලියක වියහෙයදම් නීතියානුකූල හමුදා සාමාජිකයන්ගේ ආහාර දීමනාවෙන් පියවීම කුරිරු සරදමකි.
මිලිටරිය තුල ගෝනි සෙල්ලම් දමා පලදින තරු හදුන්වන්නේ ” උගන්ඩා තරු” වශයෙනි. මේය ලොව ඕනෑම හමුදා සාමාජයක භාවිත වචනයකි . මක්නිසාදයත් එවන් තරු නිලධාරීන්ගේ පෙර සහ පසු ක්‍රියා කලාපය ෆීල්ඩ් මාෂල් ඉඩි අමීන්ට නොදෙවෙනි බැවිනි.
මෙරටේ උගන්ඩා තරු නිලධාරීන් හදූනා ගැනීම ඔබට බාරය. මෙම සටහන එහි මූලය පිලිබද කෙරෙන කෙටි විවරණයකි.1962 දී උගන්ඩාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. එහි අගමැති බවට පත් වූයේ මිල්ටන් ඔබොටේ. මිල්ටන්ගේ සුවච කීකරු හමුදා නිලධාරියා වූයේ ඉඩි අමීන් . ඉන් ටික කළකට පසු කර්නල්වරයකු ලෙස උසස් කෙරුණ ඉඩි අමීන් හමුදාපති ලෙස පත් කරනු ලැබුණා
ඉඩි අමීන් ඉතා සුඛෝපබොගි ජීවීතයක් ගතකිරීමට ප්‍රියවිය . කලක් ගතවනවිට ඉඩි අමීන් ඇත් දළ ජාවාරමකට සම්බන්ධ බව චෝදනාවක් එල්ල වුණා. ඔහුගේ ගිනුම් වල අතිවිශාල මුදල් සම්භාරයක් තැන්පත්ව තිබුනා.
ඉඩි අමීන් ගතකලේ පිලිකුල් සහගත සල්ලාල ජීවිතයක්. හමුදා නිලධාරින්ගේ ඇහැට කනට පෙනෙන සියලු අඹුවන්ට ඔහු බැල්ම හෙලීය. හමුදා නිලධාරීන්ගේ අඹුවන්, සුරූපී කාන්තාවන් පිලිබද සොයා වාර්තා කිරීමට වෙනම යුනිට් එකක් පිහි‍ටුවා තිබුනි. හොදින් හෝ නරකින් ඒ සියලු කාන්තාවන් සමග ඉඩි අමීන් යහන් ගත විය.
මානව හිමිකම්, ඒ පිලිබද කතාකරන උන් ඉඩි අමීන්ට වහ කදුරු මෙන් විය. ඉඩි අමීන් ඔවුන්ට මරණ වරෙන්තුව නිකුත් කලේය . මානව හිමිකම් ක්‍රියාධරයන්, නීතිඥයන් රට හැර යන්න විය. රටේ අගවිනිසුරුවරයා පවා මිය පරලොව යැවීමට ඔහු පසුබට නොවීය.
සියලු ජනමාධ්‍ය කරුවන් ඉඩිඅමින්ගේ ගුන ගායනා කලයුතු විය. කිසිවෙක් ඔහු විවේචනය කලේ නම් ඔහුට එරෙහිව උන්ඩය ක්‍රියාත්මක කලේය . ඉඩිඅමීන් විවෙචනය කල මධ්‍යකරුවන්ට පහර දුන්නේය , අතුරුදහන් කලේය, රොබට් එල් සීඩ්ල් ලොව පතල මාධ්‍යවේදියා මොටර් රථයක් තුල මරා පුලුස්සා දැමීය.
කලක් ගතවෙත්ම හමුදාපති ඉඩිඅමින් හා ජනපති මිල්ටන් ඔබොටේ අතර ප්‍රශ්න ඇති විය. ඊට මූලිකම හේතුවක් වූයේ ඉඩි අමීන් තම ගෝත්‍රයේ පිරිස් වැඩිපුර හමුදාවට බඳවා ගැනීමයි. ස්වාධීන මතධාරී හමුදානිලධාරීන් සොය සොයා පලිගත්තේය . ඔහුගේ යටි අරමුන වූයේ රාජ්‍ය බලය ඩැහ ගැනීමයි
මේ අතර හමුදාපති වරයාගේ කියා කලාපය විමසීමට පරීක්ෂණ අධිකරණයක් පත්කෙරුනා , ඉඩි අමීන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වෙමින් සිටි අතර ඊට පෙර ඉඩි අමීන් ක්‍රියාත්මක වුණා. 1971 ජනවාරි 25 වනදා, ඔබොටේ සිංගප්පූරුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායකයින්ගේ හමුව සඳහා මිල්ටන් ඔබොටේ සහභාගී වෙමින් සිටියදී ඉඩි අමීන් රටේ බලය අල්ලා ගත්තා.
ඔබොටේගේ පාලනය සෝවියට් කඳවුර දෙසට නැඹුරු වෙමින් පැවති හෙයින් ඉඩි අමීන් බලය පැහැර ගැනීම පිළිබඳ බටහිර කඳවුර මුලින්ම දැක්වූයේ යහපත් ප්‍රතිචාරයක්. ඇමෙරිකාවට බ්‍රිතාන්‍යට මුලින් ඉඩි අමීන් සුරතලෙකු විය.
බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව ඔහුගේ දෙවන නිවහන විය. දිනක් ඔහු ලන්ඩන් බලා පිටත්විය . ඒ මගීන් හිස්කල උගන්ඩා ගුවන් සේවයට අයත් යානාවකින් . යානාව ගොඩ බෑමට ආසන්න වෙත්ම නියමුවා විසින් හීත්‍රෝ ගුවන්යානා පාලන මැදිරියට ඇමතුමක් ලැබුනා. ඒ ගුවන්යානවේ ගුවන් යානයේ උගන්ඩාවේ ජනාධිපතිවරයා සිටින බව සදහන් කිරීමට. රතු කදවුරට එරෙහි උගන්ඩා සුරතලා පිලිගැනීමට බ්‍රිතාන්‍ය ලහි ලහියේ සූදානම් වුනා. දෙවන එලිසබත් රැජිණ ඊළඟ දවසේ ඉඩි අමීන් ට දිවා ආහාරයට ආරාධනා කලා. ආහාර ගැනීමෙන් පසු රැජිණ විමසා තිබෙනවා හදිසි සංචාරයට හේතුව කුමක් ද කියා.
“රැජිණියනි, උගන්ඩාවේ සයිස් 14 සපත්තු හොයා ගන්න තැනක් නැහැ. ඒකයි ලන්ඩන් ආවේ” ඉඩිඅමීන් පැවැසීය
කුමන්ත්‍රනයකින් රජ්‍ය බලය අල්ලාගත් ඉඩි අමීන් ෆීල්ඩ් මාෂල් නිලයට ඇන්දේය. එයද අපූරු නාටකයකි. ෆීල්ඩ් මාෂල් තනතුරට ඇදීමට හේතු පාඨ කිසිවක් නොවීය. ෆීල්ඩ් මාෂල් අධිකාරි පත්‍රයට අත්සන් කලේද ඔහු විසින්මය උගන්ඩාවේ යකඩ වාත්තු කරුවෙකු ලවා තරු 5ගේ උරහිස් පලදනාව සාදා ගත්තේය. එය තමා විසින්ම පැලද ගත්තේය.
විශ්‍රාම යන්න ඔන්න මෙන්න සිටි ෆොන්සේකා එවක අරක්ෂක ලේකම්ගේ රෙකමදාරුව නිසා හමුදාපති බවට පත්විය. යුද්ධය පැවති කාලයේ හමුදාවට අන දුන්නේය. නමුත් අනතුරුව හමුදාවේ සිටියදී දේශපාලනය කිරීම ඇතුළු චෝදනා ගණනාවකට අධිකරණයෙන් වරදකරු බවට පත් විය. එහි ප්‍රතිඵලය වූවේ විශ්‍රාම වැටුප ඇතුළුව, දරන ලද සියලු පදක්‌කම් ඔහුට අහිමි වීමය.
නමුත් යහපාලන ආන්ඩුවට කඩේයාම නිසා සියල්ල උඩු යටි කුරු විය. අහිමි වී ගිය සියල්ල අලුත් ආණ්‌ඩුවෙන් ලබා ගත්තේය. යුද හමුදාපති නාමාවලියෙන් පවා විසි වී සිටි ෆොන්සේකා, ජෙනරාල් තනතුරට පත්වූයේ විශේෂ ජනාධිපති සමාවකට භාජන කරමිනි. ඉන් නොනැවතුනු ඔහු කන් කෙදිගා ෆීල්ඩ් මාෂල් තනතුරට ඇන්දේය
ෆොන්සේකාගේ ආවතේව කිරීමට නිලධාරීන් පහක්‌ සමග සියයකහමුදා බලඇණියක්‌, ජීවිතාන්තය දක්‌වා හිමි අතර ඔහුගේ ඇවෑමෙන් භාර්යවටද හිමිය. කැබිනට් ඇමතියෙකුගේ වරප්‍රසාද හිමිය. නිල නිවසක්, ජීවිතාන්තය දක්‌වා ලබාදෙන කාර්යාලයක්‌ සේම මරණයේදී වෙඩි විසි එකක සම්මාන අචාර මුරයක්‌ සහිත රාජ්‍ය ගෞරව හිමිය.
සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලබාදීම සමගම සටනේදී නාවික සහ ගුවන් හමුදාවට නායකත්වය ලබාදුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද තමන් වෙත ඊට සමාන තනතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබුණි. නමුත් යහපාලන මල්වට්ටියට අත නොගැසීම නිසා ඔවුන්ගේ ඉල්ලීම් කුනු කූඩයට වැටිනි
මහජන මුදලින් මේසා වරප්‍රසාද ලබමින් ෆොන්සේකා කරන්නේ බත්පැකැට්‍ටුවට කඩේ යාම නම් එය ජාතියේ අවාසනාවකි
විශේෂ ලියුම්කරු
කීර්ති රත්නායක



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වැඩකරන ජනතා බලය පෙන්වන ඒකාබද්ධ මැයි රැලිය (ගොල්ෆේස්) මැයි 1 සවස 2:00 සිට සජීවි විකාශය live on sriavtvnetwork

වැඩකරන ජනතා බලය පෙන්වන ඒකාබද්ධ මැයි රැලිය (ගොල්ෆේස්) 
මැයි 1 සවස 2:00 සිට සජීවි විකාශය


                                           
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කලාප නිරීක්ෂණයට ඇමරිකාව කොල්ලුපිටියට.. විදෙස් බුද්ධි අංශ අනතුරු ඟවයි.. wolrd-news

කලාප නිරීක්ෂණයට ඇමරිකාව කොල්ලුපිටියට.. විදෙස් බුද්ධි අංශ අනතුරු ඟවයි..

කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් අක්කර හයක භූමිය ඊට යාබද ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගැනීමත් සමඟ රටවල් කිහිපයක බුද්ධි අංශ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇතැයි දැනගන්නට තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය ඇතුළු රටවල් සිය බුද්ධි සේවා පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මෙම භූමිය යොදා ගැනීමයි.

අදාළ භූමියේ ඇමරිකාව සිය අධිතාක්ෂණික රේඩාර් පද්ධතියක් ඇතුළු සන්නිවේදන උපකරණ සවි කිරීමට සැලසුම් කර ඇතැයි ද එසේ වුවහොත් එමඟින් ආසියානු කලාපයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ආසියානු කලාපයේ රටවල් කිහිපයක බුද්ධි සේවා සැලකිල්ලට ගෙන තිබේ.

කොළඹ වරාය, ගාලු මුවදොර හා කොළඹ කොටුව ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළෙඳ නගර මධ්‍යයේ ඇමරිකාව කලාප නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සම්බන්ධව ඉන්දියාව හා චීනය ද බරපතළ ලෙස සැලකිල්ලට ගෙන ඇතැයි වාර්තා වේ. ඇමරිකාවේ කලාප නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා රේඩාර් පද්ධතියක් සවි කළහොත් චීනය සහ ඉන්දියාව ද ඒ සඳහා රේඩාර් පද්ධති සවි කිරීමට සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඇමරිකාව කොල්ලුපිටියෙන් මිලදීගත් භූමියට දැඩි රැකවල් යොදා ඇති අතර එහි තිබූ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් ගොඩනැඟිලි සියල්ල ඉවත් කර නව ඉදිකිරීම් සඳහා භූමිය සකස් කර ඇත.

ඇමරිකාවේ මෙම ඉදිකිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල දැඩි කැලඹීමකට පත්ව තිබේ. කලාපීය මෙහෙයුම් මධ්‍යස්ථානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඉදිරියේ දී දැඩි තර්ජන එල්ල විය හැකි බව විදෙස් බුද්ධි සේවා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පෙන්වා දී ඇති බව ද වාර්තා වේ. කොළඹ කොල්ලුපිටිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට අයත් ඉඩම ඇමරිකාවට ඍජු ලෙස මිලදී ගැනීමේ හැකියාවක් තිබේදැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමක දී ලේකම්වරයා කීවේ තමන් දන්නා තරමින් ඊට බාධාවක් නැති බවයි. තානාපති කාර්යාලයකට අයත් භූමියේ අයිතිය ඇත්තේ එම රටට බව ද ඒ මහතා කීවේය.

ඇමරිකානු තානාපති කාර්යාලය මිලදී ගත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට අයත්ව තිබූ ඉඩමේ කලාපීය නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඇමරිකාව කටයුතු කරනවාද යන්න අප ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටි අතර ඔහු කීවේ එහි කෙරෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.

දයා නෙත්තසිංහ
සත්හඬ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගැටබේ-කැම්බල් දෙකේම එකතුව මෙන් තුන් ගුණයක් ගෝල්ෆේස් ලොකුයි.. කෙස් කෙලින් කරවන ගූගල් මැප් වර්ගඵලය මෙන්න.. srilanka-may 1

ගැටබේ-කැම්බල් දෙකේම එකතුව මෙන් තුන් ගුණයක් ගෝල්ෆේස් ලොකුයි.. කෙස් කෙලින් කරවන ගූගල් මැප් වර්ගඵලය මෙන්න..

ගැටබේට වඩා කැම්බල් එකහමාරක් ලොකුයි.. ගෝල්ෆේස් 8 ගුනයක් ලොකුයි.. දෙකේම එකතුව මෙන් තුන් ගුණයක් ගෝල්ෆේස් ලොකුයි.. කෙස් කෙලින් කරවන ගූගල් මැප් වර්ගඵලය මෙන්න..

මැයි පළමුවැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප‍්‍රධානතම දේශපාලන දහරාවන් තුන විසින් සිය මැයි රැළි පැවැත්වීම සදහා තෝරාගෙන ඇති ස්ථානයන් සම්බන්ධව ගූගල් සිතියම් ඔස්සේ ගණනය කිරීමේදී පෙනී යන්නේ කොළඹ ගාළු මුවදොර පිටියේ භූමි ප‍්‍රමාණය කැම්බල් පිටිය හා ගැටඹේ පිටිය යන දෙකේම වර්ගඵලයන්ගේ එකතුව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බවයි.

ඒ අනුව විශාලතම මැයි රැලියට අවශ්‍ය ස්ථානය වෙන් කරවා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයේ කණ්ඩායමයි. එය අක්කර අක්කර 18.5 ක් විශාල කොළඹ ගෝල්ෆේස් පිට්ටනියයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට විරුද්ධව පැවත්වෙන ප්‍රධාන මැයි රැලිය එහිදි පැවත්වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පවත්වනු ලබන අතර එය අක්කර අක්කර 3.6කි. එය ගැටබේ ක්‍රිඩා පිටියට වඩා එකහමාරක ගුනයක් එය විශාලය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වටෙන් පවත්වනු ලබන ආණ්ඩුවේ අනික් මැයි රැලිය මහනුවර ගැටබේ ක්‍රිඩා පිටියේ දි පැවත්වේ. එම ක්‍රිඩාපිටෙයේ විශාලත්වය අක්කර 2.4 ක් වන අතර මහින්ද රාජපක්ෂගේ හිටපු ජනාධිපතිවරයාගේ මැයි රැලිය පවත්වන ගෝල්ෆේස් පිටියට වඩා ගැටබේ ක්‍රිඩා පිටියට 8 ගුනයකින් කුඩාය.

ආණ්ඩුවේ මැයි රැලි පවත්වන ගැටබේ ක්‍රිඩා පිටිය සහ බොරැල්ල කැම්බල් පිටියේ විශාලත්වය එකතු කලවිට අක්කර 6කි, ආණ්ඩුවට විරුද්ධව පැවත්වෙන ගෝල්ෆේස් පිටිය ඊට වඩා 3 ගුණයකට වඩා විශාලය.

පෘථිවියේ ඔබට කැමති ඕනෑම තැනක වර්ගඵලයක් ආසන්න දශමස්ථානයකට ගූගල් සිතියම් ආශ‍්‍රයෙන් ගණනය කරන්න මෙතනින්

සමාන අනුපාතයන් යටතේ සකසන ලද පින්තූරයක් මුලින් දැක්වෙන අතර පිට්ටනි වෙන් වෙන් වශයෙන් ඒවායේ වර්ගඵලයන් සහිතව ඊට පහලින් දැක්වෙයි. (සියළු පාර්ශවයන්ට පොදු වන සේ ගණනය කිරීම්වලදී කිසිදු මාර්ගයක් ගණනය කර නැත)



Gall Face
74510.45 m² | 0.07 km² | 18.41 acres | 7.45 hectares | 802023.86 feet² | 0.03 square miles | 0.02 square nautical miles


Cambell
14832.61 m² | 0.01 km² | 3.67 acres | 1.48 hectares | 159656.94 feet² | 0.01 square miles | 0.00 square nautical miles



Gatambe
9736.50 m² | 0.01 km² | 2.41 acres | 0.97 hectares | 104802.79 feet² | 0.00 square miles | 0.00 square nautical miles




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

තෙල් සේවකයින් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් srilanka-politics

තෙල් සේවකයින් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

වත්මන් ආණ්ඩුව අපේ ඉල්ලීම් සදහා කන් නොදුණහොත් නැවත අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුවේ ක්‍රියාකාරී සාමාජික ඛනිජ තෙල් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර පවසයි.අද (27) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ත්‍රිකුණාමල -චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගියදා ඛණිජ තෙල් සේවකයින් විසින් දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා.මේ හේතුවෙන් ජනතාවට අර්බුධ රැසකට මුහුණ පාන්නට සිදු වුණා .ඛණිජ තෙල් සේවකයන්ගේ එම එක් දින වැඩ වර්ජනය ආණ්ඩුවට අනතුරු ඇගවීමක් පමණක් බවත් තවදුරටත් අපේ ගැටළු වලට විසදුම් ලබා නොදී ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ,අඛණ්ඩව වැඩවර්ජනයක් සිදු කිරීමට සූදානම් බවයි ඔහු පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල සමන් කුමාර ,

“ඛණිජ තෙල් සේවකයන් විසින් පසුගියදා සිදු කල වැඩවර්ජනය ඉතා සාර්ථකයි.මේ අය ඒකට කොච්චර බය වුණාද කියනවා නම් දැන් මේ සූදානම් වන්නේ ,ඇමති ෆොන්සේකාගේ නායකත්වයෙන් ටීම් එකක් හදන්න.අපි මේ පවත්වපු වැඩ වර්ජනයේදී මේ රටේ ජනතාව හිටියේ කොතනද කියන එක අපි දන්නවා.අපි අපේ පටු අරමුණු වෙනුවෙන් නෙමේ ,දේශපාලන අරමුණු වෙනුවෙන් නෙමේ මේ සටන කලේ.ජාතික සම්පතක් වෙනුවෙන්.

අපිත් එක්ක වෘත්තිය සමිති රැසක් එක් වෙලා තියෙනවා.අපි එදා එක් දිනයි වැඩ වර්ජනය කලේ.ආණ්ඩුව මේ විදියට ඒකාධිපති ගමනක යන්න පුළුවන් කියලා කියනවා නම් අපි කියනවා ,අපි හුදකලා වෙලා විතරක් නෙමේ මේ සටන කරන්නේ ,මුළු ජනතාවම එකතු කරලා ආණ්ඩුව ගෙදර යවන තැනටම පත් කරන විදියට මේ ප්‍රගතිශිලි වෘත්තිය සමිති පෙළ ගස්වනවා කියන එක කියනවා.අපේ මේ ඛණිජ තෙල් සංස්ථාව තුළ විශාල අර්බුධයක් තිබුණා .අපි සෑහෙන්න විරෝධතා කළා .වැඩවර්ජන කළා.

ඒවගේම තමා අග්‍රාමාත්‍යවරයා අද ඉන්දියාවේ ගිහිල්ලා මොණවා කලත් ,හැබැයි මේ රටේ වගකිව යුතු වෘත්තිය සමිති 06 කට ලිඛිත පොරොන්දුවක් වෙලා තියනවා ගිවිසුම් ගහන්නේ නෑ කියලා .එහෙම කරනවා නම් ,අපි එක්ක කතා කරලා කරනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා.ඒක කරනවාද නැද්ද කියන එක එයාගේ සදාචාරය පිළිබද ප්‍රශ්නයක්.

හැබැයි අපි එකක් කියනවා .ඔහු දැන් ඉන්දියාවට ගිහින් එනවානේ.අපි එක දවසයි වැඩවර්ජනයක් කලේ .කොයිතරම් අපහසුතාවයට පත් වුණාද ? එක දවසක් කරලා මෙහෙම වුණා නම් දවසක් දෙකක් මේක කළා නම් මොකද වෙන්නේ කියලා දැන් රටම දන්නවා.ඒ නිසා අපි අනතුරක් ඇගෙව්වා .ඒ අනතුර දැන් සාර්ථකයි.ඒ අනතුරෙන් ආණ්ඩුව බය වුණා .පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහත්තයා දණ ගැහුවා.මේක පරාජයක් නෙමේ .ජයග්‍රහණයක්.
අපි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරලා කම්කරු පංතියට හයියක් දුන්නා .එක දවසක් වැඩ වර්ජනය කරලා මේ ආණ්ඩුව දණ ගස්වන්න පුළුවන් නම් , ඔක්කොම එකතු වුණොත් ඒ සටනින් මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් කියන එක අපි පෙන්නුවා.

මේ ආණ්ඩුව සයිටම් නවත්තන්නේ නැත්තම් ,එට්කා ගේනවා නම් ,රාජ්‍ය දේපළ විකුණනවානම් ,අයිතිවාසිකම් කප්පාදු කරනවා නම් අපි එකට එකතු වෙන්න ඕන.

අපි දැන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා .තවම දුන්නේ නෑ .අපි නැවත වරක් එතුමාට මේ ගැන ලියලා ලිපියක් භාර දුන්නා.හැබැයි මේ පාරත් මග ඇරියොත් අපි අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා. ඒක මොණ ජගතාටවත් නවත්තන්න බැරි වෙයි.අපි ඒ අනතුරු ඇගවීම කරනවා.රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහින් ඉන්න අතරතුර මොණවා හරි කැත වැඩක් කළොත් අපි අනිවාර්යෙන්ම අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා ”






ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශ‍්‍රීලනිප මැතිඇමති 14ක් මහින්ද හමුවෙයි..සිරිසේන හා දුමින්ද රත්වෙයි.. srilanka-politics

ශ‍්‍රීලනිප මැතිඇමති 14ක් මහින්ද හමුවෙයි..සිරිසේන හා දුමින්ද  රත්වෙයි..

ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමතිවරුත් 14 දෙනෙකු ගිය සති දෙකක කාලය තුලදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සාකච්ඡ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

තංගල්ල කාල්ටන් නිවසේදී හා කොලඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම හමුවීම් සිදුව ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම කැබිනට් ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් මෙම පිරිස අතර වන බවද පැවසෙයි.

වර්තමනයේ සිදු කරමින් ඇති ශ‍්‍රීලනිප ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ නිසා පක්‍ෂ අභ්‍යන්තරය උණුසුම් වී ඇත.

ආණ්ඩව නියෝජනය කලද තම ආසනවල ජනතාව විසින් තමන් ප‍්‍රතික්ෂේප කරමිව් සිටින බවද එම පිරිස හිටපු ජනාධිපතිවරයා හා පවසා ඇති බවද වාර්තා වෙයි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඉතිහාසයේ නැවත වරක් ඒක පුද්ගල ආදායම අඩුවෙයි.. සැබෑ ආර්ථික වර්ධනය 1% ටත් වඩා අඩුයි.. අලූත්ම මහ බැංකු වාර්තාවේ සැගවුනු ඇත්ත මෙන්න.. srilanka-economic

ඉතිහාසයේ නැවත වරක් ඒක පුද්ගල ආදායම අඩුවෙයි.. සැබෑ ආර්ථික වර්ධනය 1% ටත් වඩා අඩුයි.. අලූත්ම මහ බැංකු වාර්තාවේ සැගවුනු ඇත්ත මෙන්න..
..
ආර්ථිකයේ තත්ත්වය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය සහ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කල ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු වාර්තාවේ මහ බැංකුව විසින් එලි දැක්වීය.

එයින් පැහැදිලිවම ශ්‍රීලංකාවේ ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක්වී ඇති බව පේනවා යැයි විද්වතුන් සහ ව්‍යාවසායකයින් සමඟ පෑවති සාකච්ඡාවකදි ශ්‍රි ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාව 2016 හි ආර්ථික හා මූල්‍ය වාර්තාව විග්‍රහ කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.

එහිදි හෙතෙම පැහැදිලි කරන ලද්දේ එම වාර්තාව අනුව පසුගිය වසරේ සත්‍ය ආර්ථික වර්ධනය සීයයට එකකටත් වඩා අඩු බවත් එය එම වාර්තාව අනුව පැහැදිලිව දැක ගත හැකි බවයි.

එහෙත් පසුගිය දා ආණ්ඩුව පැවසුවේ රටේ ආර්ථික වර්ධනය 4.7% ක් බවයි. 2015 වර්ෂයේ ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් 3843 ක් වු අතර රටේ ජනගහනය මිලියන 20.966 කි. ඒ අනුව සමස්ථ දල ජාතික නිෂ්පාදනය ඇ.ඩො.බිලියන 80.5 කි.

2016 වර්ෂයේ ඒක පුද්ගල දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් 3835කි රටේ ජනගහනය මිලියන 21 දශම 203 කි. ඒ අනුව සමස්ථ දල ජාතික නිෂ්පාදනය ඇ.ඩො.බිලියන 81.31කි මේ අනුව සත්‍ය වශයෙන්ම ආර්ථිකය වැඩි වී ඇත්තේ 0.9 කිනි. එමෙන්ම ඒක පුද්ගල ආදායම 2015 වසරේ ඇ.ඩොලර් 3744 ක් වූ අතර 2016 දි ඇ.ඩොලර් 3727 දක්වා අ.ඩො. 17 කින් අඩු වි ඇත.

එහෙත් මහින්ද රාජපක්ෂ යුගයේ 2005 වසරේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 1240 සිට 2014 අවසන් වනවිට ඇ.ඩො. 3853 දක්වා (2015 මහා බැංකුවේ වාර්තාව අනුව) 300% කින් පමණ වසර 9 කින් වැඩි කල බවද ඔහු පැවසීය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Exclusive - 'ඉතාලි සංචාරයෙන් පසුව ජ.වී.පෙ. නායකතුමාගේ පළමු සම්මුක සාකච්චාව

Exclusive - 'ඉතාලි සංචාරයෙන් පසුව 
ජ.වී.පෙ. නායකතුමාගේ පළමු සම්මුක සාකච්චාව....''

ප්‍රශ්නය: 
''ගරු. අනුර දිසානායක විපක්ෂ සංවිධායක තුමා..
රංගේ බණ්ඩාරගේ පුතා බීල රජයේ වාහනයක,
ගිහිං පවුලක් පිටින්ම හප්පලා කියලා වාර්ථා පලවෙනවා...
විමල්ගේ වාහන අවභාවිතය අන්වීක්ෂකින් බලපු ඔබ 
මේ කාරණයේදී ඇයි නිහඩ..?''

අනුර දිසා:
''පළමුවෙන්ම කියන්න ඕන 
මම ඔයා කියනකම් ඕක ගැන දැනගෙන හිටියේ නෑ ...
ඇත්තටම මම ඉටලි ටුවර් එක ගිහිං ආවේ පෙරේදා..🛬🛬
ඒ කොහොමඋනත් බීලා වාහනේක ගිහිං හැප්පුවට 
ඒක රජයේ වාහන අවභාවිතයක් නෙමෙයි... 
එවැනි අවස්තාවක ක්රියාකලයුතු ආකාරය පිලිබදව
පැහැදිලි සරල ක්‍රමවේදයක් තියෙනවා...''

''මුලින්ම කලයුත්තේ අගමැතිතුමාටත්, 
පොලිස්පති තුමාටත් ඇමතුමක් දෙන්න ඕන...''☎️☎️

''පොලිසියෙන් එනකං වාහනෙන් බහින්න හොද නෑ ...
මොකද එතකොට බීවා කියලා වටේ ඉන්න එවුන්ට මාට්ටුවෙනවා...
ඊට පස්සේ පොලිසියත් එක්කම රජයේ වෙද්යනෝනා 
කෙනෙක් හම්බවෙන්න යන්න ඕන...''

ප්‍රශ්නය:
''පොඩි බාධා කිරීමක් මන්ත්‍රීතුමා..ඉතිං එතකොට බීවා කියලා කොහොමත් මාට්ටු වෙනවනේ..?''🤔🤔

අනුර දිසා:
''පොඩ්ඩක් ඉන්න ..මම පැහැදිලිකරන්නම්...
අන්න ඒකයි මම කීවේ මුලින්ම අගමැතිතුමාට  
කෝල් කරන්න ඕන කියලා...
එතකොට අදාළ වෙද්යනෝන මත්පැන් ගදක් වහනයඋනත්, 
එයාට බ්ලඩ් එකක් චෙක් කරන්න හිත දෙන්නේ නෑ .. ''🙃🙃

''එතකොට ඒ නෝනා දෙන රිපෝර්ට් එක අරන් උසාවි ගිහිං 
අලාභයට කියල කීයක් හරි ගෙවලා එනවා...
හැප්පුන්නේ ටෙලිපෝන්කණුවක නම් අලාභය ර.10,000..  
ඔන්න ඕකයි ක්‍රමවෙදය...'' 

ප්‍රශ්නය:
''ඉතිං මන්ත්‍රීතුමා වෙද්යවාර්තාවේ තිබුනොත් මත්පැන් ගද වහනය උනා කියලා...? ඒකට මොකද කරන්නේ..? ''😳😳

අනුර දිසා:
''සහෝදරයා ආණ්ඩුවත් අපේනම්, අගමැතිත් අපේනම්, රූපවාහිනියත් අපේනම්... ඔව්වත් ප්‍රශ්නද..?''😉😉

ප්‍රශ්නය:
''මට පැහැදිලි මදි මන්ත්‍රීතුමා ...''🙄🙄

අනුර දිසා: 
''බඩගින්නේ සිටීමේදී 'අමාශය', 
'ස්ඛාගාරයක්' ලෙසට පරිවර්ථනය වේ...
කියලා අලුත්ම තියරියක් හදනවා...අම්මපා...'' 😜😜😜



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සරත් ෆොන්සේකා 1975 දී දූෂණය කළ ධනවතී කවුද ? Srilanka-politics

සරත් ෆොන්සේකා 1975 දී දූෂණය කළ ධනවතී කවුද ?
====================

ඇය මෙිජර් ජෙනරාල් ගැමුණු කුලතුංඟ ගේ මෙහෙකාරිය.

සිද්ධිය වුනේ 1975 වර්ෂයේ 

ස්ථානය : දියතලාව නිළධාරි නිවස්නයේ. 

චෝදනාපත විභාග කළේ හිටපු හමුදාපති ජෙනරාල් සිරිල් රණතුංග මහතා.

ෆොන්සේකා පිළිබදව පොලීසිය ට පැමිණිලි කළානමි අවුරැදු ගණනකට හිරේ යන නිසා, තරැණ නිළධාරියෙක් ව්දිහට ඔහුට නිවැරදි වීමට අවස්ථාවක් දිය යුතු නිසා යුද හමුදා නීතිය යටතේ යුද හමුදා පනතේ 129 වගන්තිය යටතේ ලඝු නඩු අසා දඬුවමි කොට තිබෙනවා.

එම චෝදනා පත මුහුණු පොත හරහා සංසරණය වූවක්.

අනිවාර්යයෙන්ම ඒක තව ටික වෙලාවකින් කමෙන්ටුවක් ලෙසට ඇලවෙිවි.

තම පුද්ගලික ලිපිගොනුවෙි චෝදනා පතක් තිබෙන කිසිම නිළධාරියෙකුට උත්තම සේවා පදක්කම ලැබීමට ( USP ) හිමිකමක් නැහැ .

හැබැයි යුද හමුදාපති වීමෙන් අනතුරුව ෆොන්සේකා විසින්ම සිය චෝදනා පත ගලවා ඉවත්කොට ඔහු විසින්ම උත්තම සේවා පදක්කම පැළඳ ගත්තා.

මෙවැන්නක් යුද හමුදා ඉතිහාසයටම ඉන් පෙර සිදු වී නැහැ.

මෙිජර් අජිත් ප්‍රසන්න


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෙ මහජන දේපල අවභාවිතය නොවේද ?ශ‍්‍රීලනිප මැයි රැළියට කොළඹ සිට නොමිලේ කෝච්චි.. ඉතිහාසයේ මුල් වරටයි. Srilanka-politics

මෙ මහජන දේපල අවභාවිතය නොවේද ?ශ‍්‍රීලනිප මැයි රැළියට කොළඹ සිට නොමිලේ කෝච්චි.. ඉතිහාසයේ මුල් වරටයි..

මැයි පළමුවැනිවා මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැළියට සහභාගී වන්නන් වෙනුවෙන්ම වෙන් කරන ලද දුම්රියක් මැයි පළමුවැනිදා කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කෙරේ.

ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසන්නේ මැයි රැළියක් සදහා පාක්‍ෂිකයින් වෙනුවෙන් දුම්රියක් නොමිලේ ලබා දෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවයි.

බස් රථ 3,000ක් පමණ ඇණැවුම් කර ඇති බවද කී සභාපතිවරයා ශ‍්‍ර‍්‍රීලනිප මැයි රැුළිය වෙනුවෙන් තරුණ තරුණියන් 40,000ක් කැදවන බවද පැවසී


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලංකාව කලාපයේ පහලටම.. ආර්ථික වර්ධනය 4.7%යි.. මාලදිවයින හා ඇෆ්ගනිස්ථානයටත් පරාජය විමේ අවදානමක් srilanka-economic

ලංකාව කලාපයේ පහලටම.. ආර්ථික වර්ධනය 4.7%යි.. මාලදිවයින හා ඇෆ්ගනිස්ථානයටත් පරාජය විමේ අවදානමක්..

2017 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 4.7%ක් වනු ඇතැයි ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු ගතකර ඇත.

මේ බව සදහන් වන්නේ ලෝක බැංකුව විසින් දකුණු ආසියානු කලාපය සම්බන්ධයෙන්
නිකුත් කර ඇති නවතම වාර්තාවකයි.

එම වාර්තාව අනුව ආර්ථික වර්ධන වේගය අතින් ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ මාලදිවයින (4.5%) හා ඇෆ්ගනිස්ථානය (2.4%) පමණි.

ඉන්දියාවේ (7.2%) ආර්ථික වර්ධනයක් සිදුවන බව දැක්වෙන අතර එය කලාපයේ වැඩිම ආර්ථික වර්ධනයද වෙයි.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කුණු කන්දට යටවී අනාථ වූවන්ට දුන් ගෙවල්වලින් චම්පික මිලියන 169ක වංචා කරලා.. මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි srilanka-politics

කුණු කන්දට යටවී අනාථ වූවන්ට දුන් ගෙවල්වලින් චම්පික මිලියන 169ක වංචා කරලා.. මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි…

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නංගි පෙන්නා අක්කා දී ඇතැයි කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර මහතා අද (25) ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

ඒ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.

මීතොටමුල්ල ඛේදවාචකයෙන් නිවාස අහිමි වුවනට නාගරික සංවර්ධන අධිකාරිය සතු මන්ඩාවිල නිවාස සංකීර්ණයෙන් නිවාස 98ක් මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් එක නිවසකට රුපියල් ලක්ෂ 40 බැගින් රුපියල් මිලියන 392ක් ලබාදී තිබියදී, නාගරික සංවර්ධන අධිකාරිය ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 20 ට ඇස්තමේන්තුකර තිබු නිවාස බවට මරිකාර් මන්ත්‍රීවරයා එහිදී චෝදනා කර තිබේ.

මෙමගින් නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 196ක වංචාවක් කර ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මන්ඩාවිල නිවාස රජයේ සේවකයින් වෙනුවෙන් ඉඳිකර තිබී ඇති අතර, එහි එක් නිවසක මිල රුපියල් ලක්ෂ 40ක් ලෙස ඇස්තමේන්තු කර තිබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලක්සල නිවාස ඉඳිකර ඇත්තේ, කැළණි ගඟ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේදී නිවාස අහිමි වන අඩු ආධායම් ලාභින් වෙනුවෙනි.

මරික්කාර් මන්ත්‍රීවරයා ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇතැයි ද වාර්තාවේ.

නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍ය චම්පික රණවක මහතාගේ අමාත්‍යංශය යටතේ පවතී.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෙන්න ජම්බෝ ටි‍්‍රප්.. කලින් දෙන්නෙක් ගිය සමුළුවට මෙදා 125ක් ඇමරිකා ගිහින් srilanka-politics

මෙන්න ජම්බෝ ටි‍්‍රප්.. කලින් දෙන්නෙක් ගිය සමුළුවට මෙදා 125ක් ඇමරිකා ගිහින්..

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ පැවැත්වෙන ආර්ථිකය සම්බන්ධ සමුළුවක් සදහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් 125 දෙනකු එහි පිටත්ව ගොස් ඇත.

කලින් වතාවත්වලදී මෙවන් සමුළු සදහා සහභාගී වී ඇත්තේ මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා හා තවත් එක්‌ නිලධාරියකු පමණකි.

වැඩමුළුව පැවැත්වෙන්නේ තෙදිනක් පමණක් වුවත් මෙම පිරිස සතියක් ඇමරිකාවේ ගත කරයි.

මෙම සංචාරය සදහා සහභාගී වන සියළු දෙනාගේ සියලු වියදම් මුදල් අමාත්‍යංශයෙන් දරයි




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

2017 වසරේ පළමු මැතිවරණය ජනමත විචාරණයයි.. පළාත් පාලන, පළාත් සභා ඉන් පසුවයි..- කැබිනට් ප‍්‍රකාශක srilanka-politics

2017 වසරේ පළමු මැතිවරණය ජනමත විචාරණයයි.. පළාත් පාලන, පළාත් සභා ඉන් පසුවයි..- කැබිනට් ප‍්‍රකාශක

යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකචිඡාවක දී අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාව සදහා එම ජනමත විචාරණය පවත්වන බවයි. පාර්ලිමෙින්තුවෙන් එය සම්මත වූ පසු ජනමත විචාරණයට ලක් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

නව ව්‍යවස්ථාව සකස් කිරීම සදහා මෙි වනවිට කමිටු පත්කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත්, කඩිනමින් ව්‍යවස්ථාව සකස් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ජනමත විචාරණයෙන් පසු පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි. සියළුම පළාත් සභා මැතිවරණ එකම දිනයක දී ද, සියළුම පළාත් පාලන ආයතන මැතිවරණ එකම දිනයක දී ද පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්දව ගෙදර යවන්න හැදු කටකතා වලට නඩු දැමු යහපාලනයට උසාවියෙන් පිලිතුරු මල්වානේ නිවසක් ගැන බැසිල්ට තිබූ නඩුව පූගොඩ අධිකරණය අවසන් කරයි. Srilanka-politics

මල්වානේ නිවසක් ගැන බැසිල්ට තිබූ නඩුව පූගොඩ අධිකරණය අවසන් කරයි..

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පූගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පනවා තිබූ මල්වානේ නිවස හා ඉඩම සම්බන්ධයෙන් වූ නඩුව අදින් අවසන් කරනු ලැබීය.

අද දිනයේ නඩුව කැදවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව දැන්වීම නිසා නඩුව අවසන් කරනු ලැබුවේ ගම්පහ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමිනි.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

නිවටුන්, වහලූන් වෙන්න බෑ.. නායකයන්ට පස් පඩංගුවේ පැණ වදිමින් එජාප මන්ත‍්‍රී මැයි රැළිය වර්ජනය කරයි.. srilanka-politics

නිවටුන්, වහලූන් වෙන්න බෑ.. නායකයන්ට පස් පඩංගුවේ පැණ වදිමින් එජාප මන්ත‍්‍රී මැයි රැළිය වර්ජනය කරයි..

එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට සිදුව ඇති අසාධාරණයට විරෝධය පල කරමින් තමන් මෙවර එජාප මැයි රැළියට සහභාගී නොවන බව එක්සත් ජාතික පක්‍ෂ බස්නාහිර පළාත් සබා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

මේ බව සදහන් කරමින් මන්ත‍්‍රීවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

අසරණවූ එ.ජා.පාක්ෂිකයින් වෙනුවෙන් මැයි දිනය වර්ජනය කරමි ! ! !
කොටන් ඇදි අලින්ට තැනක් නැති මැයි පෙරහැරේ මා යන්නේ කෙසේද???

විසිවසරකට අධික කාලයක් දර දිය ඇදි එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුවී ඇති අසාධාරනයට විරැද්දතාවක් ලෙස, මෙවර මැයි දින රැලිය වර්ජනය කරන අප පාක්ෂිකයින් හා එක්වීමට මම තීරණය කලෙමි.

පුරා දෙවසරක් තුල මා පාක්ෂිකයා වෙනුවෙන් පක්ෂයෙන් කල ඉල්ලීම් සියල්ල අදටත් ඉටු වී නැත. කවදත් බැට කෑ අප පාක්ෂිකයන්ට අදටත් හවුහරනක් නැත. අද අපට සිදු වී ඇත්තෙ නිදහස් පාක්ෂිකයන් රජයේ රැකියා හා අනෙක් වරප්‍රසාද බුක්ති විදිද්දී, පුද්ගලික අංශයේ රැකියා නිර්මානය කරණ තුරැ අප පාක්ෂිකයන්ට තවත් ඉවාසා සිටින ලෙස පවසමින් ඔවුන් රැවටීමටය. නයකයින් සියලු වරප්‍රසාද විදිද්දී පාක්ෂිකයාට ඉවසීමට හා පටි තද කර ගැනීමට කීමටය.

ගමේ දරදිය ඇදි පාක්ෂිකයන්ට උදවුවක් කෙසේ වෙතත් හමුවීමට හෝ හැක්කේ ඇමතිවරැන් අතලොස්සකි. එවන් ජනතාවාදී ඇමතිවරැන්ට ඇත්තේ නාමික ඇමතිකම් හෝ කිනම් හෝ දේශපාලන අනාතයෙකු යටතේ ඇමතිකමකි.

අද පක්ෂයට, තම පාක්ෂිකයාට ලබා දුන් පොරොන්දු සියල්ල පමණක් නොව පාක්ෂිකයාවද අමතක වෙලාය. අදද දුප්පත් පාක්ෂිකයා මතක්වන්නේ රැලියකට හෝ රජය අපහසුතවයකට පත්වී ඇති විටක ඔලු පෙන්වීමටය. ඉන් පසුව නැවතත් ඔවුන් ගැන කිසිම තැකීමක් නැත.

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අභිමානය පවා නැතිකර පාක්ෂිකයන් අද ගම්වල නිහඩවන තැනට පත් කරලාය.

තවදුරටත් අප පාක්ෂිකයන්ට මෙලෙස සැලකීමට ඉඩදී නිහඩව සිටීම නිවට කමක් වනවා පමනක් නොව, එය මා පාක්ෂිකයා වෙනුවෙන් පෙනී සිටිමට දුන් පොරොන්දුව කඩ වීමක් වනවාය.

මංත්‍රිකම්, ඇමතිකම්, සංවිධායකකං, පක්ෂයේ අනෙක් තනතුරැ හා නාම යෝජනා වෙනුවෙන් පාක්ෂිකයා නොමග යවමින් නායකයන් සතුටු කිරිමට පාක්ෂිකයින් භාවිතා කිරීම සුදුසු යැයි මා සිතන්නේ නැත. මැයි දිනයට සහභාගී වී පාක්ෂිකයා පෙලෙද්දී නයකයින් පිනවීමේ රංගනයේ යෙදීම මා හට තවදුරටත් කල නොහැක.

මාගේ පක්ෂ සාමාජිකත්වය, මන්ත්‍රිධුරය, හෝ අවසානයේ නාමයෝජනා අහොසි කලත් තවදුරටත් මෙම ආසාධාරනයට නිහඩව සිටීමටවත් පාක්ෂිකයාට බොරැකීමටවත් මා හට නොහැක. බලපැමක් නොකලහොත් පාක්ෂිකයාට සධාරනයක් වනු ඇතැයි මා තවදුරටත් විශ්වාස නෙකරමි.

විපක්ෂයේ උවද තම අභිමානය රැක ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට වහල්ලන් සේ සැලකීමට කිසිවෙකුට ඉඩදිය නොහැක.

අප පක්ෂයට ලැදි ඔබ සියලු දෙනා, පක්ෂය හරි මාර්ගයට ගැනීමට අසරණ පාක්ෂිකයින් ගන්නා මෙම අහිංසක උත්සහයට එක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා.

අනුරාධ විමලරත්න.
කොළඹ දිස්ත්‍රික් මංත්‍රි (එ.ජා.ප)
බස්නාහිර පළාත් සභාව.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු srilanka-politics

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු

මහජනතාව බියගන්නවා බලපෑම් කර කුණු කසළ ප්‍රශ්නය විසඳීමට යැමෙන් රජය සිය දිවි හානි කර ගැනීමක්‌ සිදුකරගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කළහ.

එහිදී කාදිනල්තුමා මෙසේ ද පැවසූහ.

ජාඇල ඒකලට කුණු දාන්න හැදුවා. ඒකට අපි විරෝධය පළ කළා. ඒ ප්‍රශ්නය නතර කළා. දැන් ආයෙත් මේ කුණු ප්‍රශ්න ඇතිවුණා. මුතුරාජවෙලට කුණු කසළ දැමීමට යැමෙන් සිදුවෙන්නේ ජලය අපවිත්‍ර වීමයි. පරිසරයත් විනාශ වෙනවා. රජයටත් මේ පිළිබඳව සාධාරණ ප්‍රශ්න තිබිය හැකියි. ඒත් ඔය කුණු කසළ ප්‍රශ්නය විසඳිය හැක්‌කේ එක එක්‌කෙනාගේ පෞද්ගලික මතය අනුව නොවේ. ප්‍රදේශයේ ජනතාව රැස්‌ කර ඒ ගැන අදහස්‌ විමසලා කිසියම් එකඟතාවයකට පත්විය යුතුයි. ජනතාව මේ රජය බලයට පත්කළේ රජය කෙරෙහි තබා තිබූ දැඩි විශ්වාසය මතයි. නීතිරීති පනවා බලපෑම් කර මේ විදිහට ක්‍රියා කිරීමට යැම සුබවාදී නැහැ. එය රජය විසින්ම සිය දිවි හානිකර ගැනීමක්‌ හා සමානයි. ජනතාව සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. කුණු කසළ ප්‍රශ්නය වෙනුවෙන් මා කතා කරන්නේ ජාඇල හෝ ඒ අවට පළාත් කීපයක්‌ සඳහා නොවෙයි රටේ සෙසු පළාත් වෙනුවෙන්.

– දිවයින


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනමාධ්‍ය ලේකම් ලංකාවේ නීති පොතේ නැති නීතියකින් දෙරණ අහෝසි කරන්න යයි srilanka-politics

ජනමාධ්‍ය ලේකම් ලංකාවේ නීති පොතේ නැති නීතියකින් දෙරණ අහෝසි කරන්න යයි..

පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

සීඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කරපු වෙලාවේ අපි කිව්වා ලබ්බට තැබූ අතමයි පුහුලට තියන්නේ කියලා. ඔන්න දැන් දෙරණට අත තියලා. දෙරණ නාලිකාවේ බලපත්‍ර අහෝසි කරන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් දිගින් දිගටම තර්ජනය කරනවා. අවසාන ලිපියෙන් කියන්නේ දෙරණ අරුණ වැඩසටහනේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට අපහාස කළ නිසා බලපත්‍රය අහෝසි කරනවාලු. ලංකාවේ අපරාධනීය අපහාස නීතියක් නෑ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට නොවේ ජනපතිට අපහාසයක් වුණත් කළ හැක්කේ වන්දි ඉල්ලා නඩු පැවරීම පමණයි. එහෙම මිස බලපත්‍ර අහෝසි කරන්න බෑ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා තමන් නීතිඥයෙකු බවට කියනවානෙ. එ් නිසා මා නොදන්න නීති කරුණක් පැහැදිලි කර ගන්න තිබෙනවා. නීතිය අනුව නම් ස්වභාවික පුද්ගලයෙකුට නීතියෙන් තහනම් කර නැති ඔිනෑම දෙයක් කරන්න පුළුවන්. නමුත් තනතුරකට නීතිමය පුද්ගලයෙකුට කළ හැක්කේ නීතියෙන් තමන්ට බලය දුන් කාරණා පමණයි. ජනමාධ්‍ය ආයතන වල නිසි පැවැත්ම සොයන්න ලේකම්ට බලය ලබා දුන් පනත මොකද්ද කියලා රටට කියන්න කියලා අපි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.

ලේකම්තුමා මේ උත්සාහ කරන්නේ ජනපති සතුටු කරන්න කියලායි අපට ආරංචි. රජකාලේත් ඔය වගේ වදුරෙකුත් හිටියා. රජතුමා දඩකෙළියේ ගිහින් ගහක් යට නිදාගෙන ඉන්න අවස්ථාවක රජතුමාගේ මුණට මැස්සෙක් වහනවා. රජතුමා නින්දෙන්ම මැස්සා එළවන්න උත්සහා කරනවා. මේ මෝඩ වදුරා හිතනවා මැස්සා නිසා රජතුමාගේ නින්දට බාදා වෙනවා කියලා. මැස්සා සමග වදුරට කෝපයක් ඇතිවෙලා රජතුමාගේ කඩුවෙන් මුනේ වහලා හිටිය මැස්සට කෙටුවා. මැස්සත් මැරුණා රජතුමාත් මැරුණා. ඒවගේ මෝඩ මිතුරන්ගෙන් ජනාධිපතිතුමා ප්‍රවේශම් විය යුතුයි කියන අනතුරු ඇගවීම අපි ජනාධිපතිතුමාට කරන්න කැමතියි. ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගැටුමක් ඇති වීම නම් කාටවත් වලක්වන්න බෑ.

– අරවින්ද අතුකෝරල


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හිරුTV - සළකුණ'' සමග ___විමල් වීරවංශ___live bordering


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පිලිකා රෝගීන්ට බාල බෙහෙත් ගෙන්වයි.. ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් ටෙන්ඩර් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙති srilanka-politics

පිලිකා රෝගීන්ට බාල බෙහෙත් ගෙන්වයි.. ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් ටෙන්ඩර් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙති..

පිළිකා රෝගීන් සදහා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ‍‍‍පිළිකා රෝග සම්බන්දධ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා අස්වී තිබේ.

මොවුන් ඉවත්ව ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයේදී බලධාරීන්ගෙ මතය පමණක් නියෝජනය වීමට විරෝධය පල කරමිනි.

පිළිකා රෝගීන් සදහා වඩාත්ම සුදුසු ඖෂධයක් වෙනුවට බාල ඖෂධ ගෙන ඒමට ගත් තීන්දු සම්බන්දයෙන් මෙම වෛද්‍යවරුන් විරෝධය පළ කර ඇති අතර එම මතයන්ට ටෙන්ඩර් මණ්ඩලයේදී ඉඩක් ලැබී නැතැයිද වාර්තා වෙයි.

මේ වන විට එම ටෙන්ඩර් මණ්ඩලය නියෝජනය කරමින් සිටින්නේ කණිෂ්ඨ වෛද්‍යවරුන් කීපදෙනකු පමණක් වෙයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වැසිකිලි ප‍්‍රශ්ණය, රෙදි සේදීම ආදී සිරගෙදර ජීවිතය ගැන විමල් වීරවංශ මුල් වරට හෙළි කරයි srilanka-politics

වැසිකිලි ප‍්‍රශ්ණය, රෙදි සේදීම ආදී සිරගෙදර ජීවිතය ගැන විමල් වීරවංශ මුල් වරට හෙළි කරයි…
විමල් වීරවංශ මහතා සිරගත කිරීම දේශපාලන වශයෙන් අර්ථකථනය කර තිබුණේ ඔහුගේ හඬ නිහඬ කිරීම සඳහා ඔහුව සිරගත කර ඇති බවයි. මාස 3 ක්‌ සිරගත කර තිබූ එම හඬ යළි අවදි වී ඇති අතර, අප ඔහුගේ සිරගත ජීවිතය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලනය පිළිබඳව ද විමසා සිටියෙමු. ඒ පිළිබඳව ඒ මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය- ඔබගේ හඬ නිහඬ කිරීම සඳහා ඔබ සිරගතකළ බවට චෝදනා එල්ල කළත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඔබට ඇප ලබාදුන් බවට ප්‍රති චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා.

එම චෝදනාව පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර- රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වී මට ඇප ලබාදුන්නා නම් ඒ කියන්නේ මට මාස තුනක්‌ ඇප නොදී තබාගෙන ඉඳල තිබෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතුනේ. ආණ්‌ඩුව අපිව හිරේ දැම්මහම කියනව එක කතාවක්‌. ඇප නොදී මාස තුනක්‌ තියාගෙන ඉන්න කොට කියනව තව කතාවක්‌. මාස තුනකට පසු ඇප අරගෙන එළියට ආවට පසු කියනව තව කතාවක්‌. කතා කියන අයට මොනව කරත් කතා කියන්න පුළුවන්.

නමුත් අපි දන්නවා රටේ මතුවූ ජනතා මතය ඇප ලබාදීම සඳහා ප්‍රබල ලෙස හේතුවූ බව. යූඑන්පී පාක්‍ෂිකයන් පවා මාව සිරගත කිරීම පළිගැනීමක්‌ කියන එක පිළිගන්න තත්ත්වයක්‌ ඇති වූවා. එම පළිගැනීමක්‌ කියන මතය තහවුරු වීමත් සමග ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ට සිද්ධ වූවා විමල් වීරවංශට ඇප ලබාදෙන ලෙස නීති අංශවලට උපදෙස්‌ දෙනවා වගේ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට.

ඇප ලබාදෙන්නේ අධිකරණයෙන්. එසේ නොමැතිව සිරිකොතෙන් ඇප ලබාදෙන්නේ නැහැනේ. සිරිකොතෙන් එµaසීඅයිඩියට කියල හිරේ දාන එක කරනවා. ඇප ලැබෙන එක නොලැබෙන එක අගමැතිට තීරණය කිරීමට පුළුවන් නම් ඔය කියන කතාව හරි වෙන්න පුළුවන්.

ප්‍රශ්නය- ඔබට එල්ල කර තිබෙන චෝදනාවම තිබෙන තවත් පුද්ගලයන් සිටිනවා. නමුත් ඔවුන් සම්බන්ධයෙන් මේ දක්‌වා නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර- මෙතැනදී සිද්ධ වෙන්නේ, ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා මූලික කොටගත් දේශපාලන කඳවුරේ තමන්ව අභියෝගයක්‌ වන චරිත තෝරා බේරාගෙන දඩයම් කිරීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීම. එය පිටපොත්ත විධියට රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම වැනි කුමක්‌ හෝ චෝදනාවක්‌ එල්ල කරනවා. උදය ගම්මන්පිල රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම යන චෝදනාව එල්ලකළ නොහැකි නිසා ඔස්‌ටේ්‍රලියාවේ සිටින සුද්දෙක්‌ව ලංකාවේ වියදමින් අරන් ඇවිත් ඔහුට නඩු දැම්ම. ඔහුව සිරගත කළා. ඒ වගේ මේ කඳවුරේ සිටින අයට ගහන්න කුමක්‌ හෝ හේතුවක්‌ හදාගෙන ඔවුන්ව බිය ගන්වන්න, යටත් කරන්න ආණ්‌ඩුවට අවශ්‍ය වී තිබෙනවා.

මම මාස තුනක්‌ සිරගත කළත් මම බන්ධනාගාරයේ රෝහලට ඇතුළත් වුණේ නෑ. මම සිටියේ සිරකුටිය තුළ. එම කාලය තුළ මට පොත් දෙකක්‌ රචනා කිරීමට හැකි වූවා. ඒ වගේම කාලයකට පසු චිත්‍ර අඳින්නත් පුළුවන් වූවා. ඒ වගේම අපිට හිරේ ඉන්න පමණක්‌ නෙවෙයි හිරේ නොයා ඉන්නත් පුළුවන් කියල පෙන්වන්නත් පුළුවන් වූවා. මේ දේශපාලන දඩයමට එරෙහිව එහිදී අපිට තනිවම වුවත් විරෝධතාව දක්‌වන්න පුළුවන් කියන එකත් පෙන්වන්න පුළුවන් වූවා.

එම නිසා ආණ්‌ඩුව අපේක්‍ෂා කළා නම් අපිව හිරේ දාල නිහඬ කිරීමට එය කිසිසේත්ම ඉෂ්ට වෙලා නෑ. එම දේශපාලන අරමුණින් තමයි මේවා සිද්ධ කරන්නේ. මේ කියන ඊනියා චෝදනා තිබෙන වෙනත් අයට මේ ප්‍රශ්නේ බලපාන්නේ නැත්තේ ඒ නිසා. මේ ආණ්‌ඩුවේ සිටින අය වාහන අවභාවිතා කිරීම් පිළිබඳව ඕනෑ තරම් කරුණු පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ කිසිවකට ක්‍රියා මාර්ග ගෙන නෑ. ඒ නිසා පැහැදිලියි මේ වන විට ආණ්‌ඩුව තමන්ට තර්ජනයක්‌ වන තමන්ට අභියෝගයක්‌ වන චරිත ඉලක්‌ක කරගෙන මර්දනයක්‌ ක්‍රියාත්මක කරන බව.

ආණ්‌ඩුව බෙදුම්වාදීන්ට ඕනී විදියට නටන්න හදන නාඩගම නටන්න නම්, ජිනීවා වලට ඕන නාඩගම නටන්න නම්, ඉන්දියාවට ඕන නාඩගම නටන්න නම් ඊට පෙර මෙම ජාතිකවාදී දේශප්‍රේමී දේශපාලන කඳවුර දුර්මත කරන්න ඕනී. ඒක දුර්මුඛ කිරීමට නම් අවලාද නගලා, බොරු චෝදනා ඉදිරිපත් කරල සිරගතකරල ව්‍යාකූලත්වයක්‌ හදන්න ඕනී. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ.

ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් අර න්‍යාය පත්‍රයට තර්ජනයක්‌ නෑ. ආණ්‌ඩුව ජිනීවාවලට අනුව නටන නැටිල්ලට ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. ආණ්‌ඩුව ඉන්දියාවට අනුව නටන නැටිල්ලට ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. ඒ වගේම ආණ්‌ඩුව බෙදුම්වාදීන්ට ඕන විධියට නටන නැටිල්ලට ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. මීතොටමුල්ල කුණු කන්දේ ඇති වූ සිද්ධිය වගේ සිදුවීමක්‌ මහින්ද රාජපක්‍ෂ යුගයේදී සිද්ධ වූවා නම් ඔය අනුබද්ධ විපක්‍ෂයේ මහත්වරු එම ස්‌ථානයේ පැල් බැඳගෙන විරෝධතා ව්‍යාපාර පවත්වනවා. එම අනුබද්ධ විපක්‍ෂය මේ ආණ්‌ඩුවෙන් කිසිදු තර්ජනයක්‌ නෑ. අනුබද්ධ විපක්‍ෂය හීලෑ වෙලා තිබෙනවා. හීලෑ නොවූ ඒකාබද්ධ විපක්‍ෂයට මර්දනය කරගෙන යනවා. එයට හේතුව තමයි අර න්‍යාය පත්‍රය දිගේලි කිරීමට නම් දේශප්‍රේමී කඳවුර නිහඬ කළ යුතු බව ආණ්‌ඩුව තීරණය කර තිබීම.

ප්‍රශ්නය- ඔබ ඇප ලබා ගැනීම සඳහා ඔබගේ දියණිය පවා යොදා ගත් බවට සමහර පුද්ගලයන් චෝදනා කරනවා.

එම චෝදනාව පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර- මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නම් සුවිශේෂ හේතුවක්‌ තිබිය යුතුයි. මම දන්න විදියට මීට පෙර ඔය කියන පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සියලු දෙනාගේම පාහේ සුවිශේෂ හේතුව වී තිබෙන්නේ තමන්ගේ දරුවන්ට ඉන් ඇතිවී තිබෙන මානසික ව්‍යාකූලත්වය. එම තත්ත්වය තමන්ගේ දරුවකුගේ ඇති වුණහම එම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිඥයන්ගේ කාර්ය භාරයක්‌. එය තමන්ගේ දරුවන් පාවිච්චි කිරීමක්‌ නොවෙයි. එය තමන්ගේ දරුවකු මානසිකව රෝගී තත්ත්වයට පත්වීමට තිබුණද, අවදානමෙන් ගොඩ ගැනීම සඳහා අධිකරණයෙන් කරන ඉල්ලීමක්‌.

මා අත්අඩංගුවට ගත් පසු මගේ දුවගේ ඇති වන මානසික පීඩන තත්ත්වය වෛද්‍ය වාර්තා අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම වරදක්‌ වන්නේ කොහොමද? ඔය අපව හිරේට දාන මෙහෙයුමේ හිටපු ආණ්‌ඩුවයි, ආණ්‌ඩුවේ අනුබද්ධ විපක්‍ෂයයි නගන බොරු චෝදනා. ඔවුන් සිතුවේ අපි හිරේ දැම්මහම රෝහල් ගත වෙලා, කිසිම පොතක්‌ නොලියා අනෙක්‌ අයගේ තත්ත්වයට පත්වේවි කියල. සිරගත ජීවිතයේ අභියෝගය අපි භාරගත්තා. හිරේ දැම්මහම අපි බඩගින්නේ වුවත් ඉන්න සූදානම් කියන එකත් පෙන්වූවා. එම දේශපාලන ක්‍රියාදාමයේ වටිනාකම කෙලෙසීම සඳහා ඔය සතුරු බලවේග මොන මොනව හරි කියනවා. ඔවුන්ට වෙන ජොබ් එකක්‌ නෑ ඒක කියන එක හැරෙන්න.

ප්‍රශ්නය- මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීමෙන් ඔබ උපවාසය අවසන් කිරීමෙන් පසුව ඔබගේ පැරැණි මිතුරකු වූ ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළා කාගේ හෝ මැදිහත්වීමෙන් ඔබ උපවාසය අවසන් කරන බව ඔවුන් දැන සිටිය බව.

ඔබගේ පැරැණි මිතුරාගේ ප්‍රකාශය පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ.

පිළිතුර- ලාල් කාන්ත මහතා කරන ප්‍රකාශවලට පිළිතුරු ලබාදීම වැදගත් කියල මම නම් සිතන්නේ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ මේ වන විට දේශපාලන වශයෙන් වල්මත් වෙලා සිටින්නේ.

කවුරු හරි මැදිහත් වෙලා නෙවෙයි, උපවාසය නතර කරන ලෙස ඉල්ලා සිටියේ මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු. අනික උපවාසය නතර කළේ 9 වන දිනයේදී දින 8 ක්‌ එක දිගට නිරාහාරව සිටියා. මම හිතන්නේ නැහැ ජනතා විමුක්‌ති පෙරමුණේ සිටින ඔය එක හාදයකුටවත් දින 8 ක්‌ නෙවෙයි දින 4 ක්‌වත් නිරාහාරව ඉන්න පුළුවන් කියලා. එළියේ ස්‌ථානයක කළා නම් කියයි හොරෙන් කෑවා කියලා. බන්ධනාගාරය කියන්නේ ආණ්‌ඩුවේ මධ්‍යස්‌ථානයක්‌. බන්ධනාගාරය තුළ අප සිටියේ ඔවුන්ගේ විපරම යටතේ. මම උපවාසය ආරම්භ කළ අවස්‌ථාවේ සිට නිලධාරියෙකුගේ අධීක්‍ෂණය යටතේ සිටියේ. එම නිසා පූර්ණව නිරාහාරව දින 9 ක්‌ ගත කළාට පසු මහානායක හිමියන්ගේ ඉල්ලීම, අනුනායක හිමියන්ගේ ඉල්ලීම, එම ස්‌ථානයට වැඩම කළ ස්‌වාමිපාදයන් වහන්සේලාගේ ඉල්ලීම අනුව තමයි උපවාසය නතර කළේ.

උපවාසයෙන් අපේක්‍ෂා කළේ ඇප ලබා ගැනීම නොවෙයි. එයින් අප අපේක්‍ෂා කළේ මෙම දඩයමට එරෙහිව ජනතා මතය අවදි කිරීම. එය සිද්ධ වූවා.

ප්‍රශ්නය- ඔබ නීතිඥයන්ගේ සහයෙන් තොරව අධිකරණය හමුවේදී දීර්ඝ කරුණු දැක්‌වීමක්‌ කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

එයට අධිකරණයෙන් ලැබුන ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර- මහෙස්‌ත්‍රාත්තුමිය මට අවසර ලබා දුන්නා නීතිඥ සහයෙන් තොරව කරුණු ඉදිරිපත් කිරීමට. පුරා පැයක පමණ කාලයක්‌ කරුණු ඉදිරිපත් කරමින් මම ප්‍රධාන තර්ක කිහිපයක්‌ මතු කළා.

එකක්‌ තමයි පොදු දේපළ පනතේ 8.1 වගන්තිය අනුව නොව, වැරදි විදියකට මම අත්අඩංගුවට ගෙන ඇති බව පොදු දේපළ පනතේ 8.1 වගන්තියේ සඳහන්වනවා. සහකාර පොලිස්‌ අධිකාරිවරයකු සහතිකයක්‌ දෙන අවස්‌ථාව වන විට අදාළ සැකකරුවා අධිකරණයට භාරවී හෝ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබිය යුතු බව. මට අදාළ බී වාර්තාවේ සහතිකය සහකාර පොලිස්‌ අධිකාරිවරයා අධිකරණයට ඉදිරිපත් කරල තිබෙන්නේ සැප්තැම්බර් මාසයේදී. නමුත් මාව අත්අඩංගුවට ගත්තේ ජනවාරි 10 වැනිදා. නීතියට අනුව එම කටයුත්ත වැරදියි. එම වැරැද්ද මම පෙන්වා දුන්නා.

දෙවනුව මා පෙන්වා දුන්නා මේ කියන ඊනියා චෝදනාව මගේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාටත්, හිටපු සභාපතිවරයාටත් තිබෙන බව. ඔවුන්ගේ රියෑදුරන් ලබාදුන් කටඋත්තර මගේ බී වාර්තාවේ සඳහන් වී තිබෙනවා. එක්‌ රියෑදුරකු සඳහන් කර තිබෙනවා මහර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ශාඛාවේ කටයුතු සඳහා එම වාහන යොදාගත් බව. එසේ තිබියදී ඔවුන් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක කර නොමැති බවත් මම පෙන්වා දුන්නා.

තුන්වනුව මම පෙන්වා දුන්නා, මම මහජන නියෝජිතයකු බවත්, එය ඇප ලබාදීම සඳහා විශේෂ හේතුවක්‌ විය යුතු බවත්. මහෙස්‌ත්‍රාත්වරයකු වීම යන කාරණය විශේෂ හේතුවක්‌ ලෙස සලකා තිළිණ ගමගේ විනිසුරුතුමන්ට ඇප ලබා දුන්නා. මට මතක විදියට ඒ මහතා අත්අඩංගුවට ගත්තේ වනජීවී පනත යටතේ. එහිදීත් ඇප ලබාදීම සඳහා විශේෂ හේතුවක්‌ තිබිය යුතුයි. එම අවස්‌ථාවේදී සුවිශේෂ හේතුව වූයේ මහෙස්‌ත්‍රාත්වරයකු වීම. මම ඉදිරිපත් කළ තර්කය තමයි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව. මම නියෝජනය කරනවා තුන් ලක්‍ෂයකට වැඩි මහජන මනාපයක්‌. මාස ගණනක්‌ තිස්‌සේ මට ඔවුන්ව මුණ ගැසීමට නොහැකි වී තිබුණා. එම නිසා මගේ ඡන්ද දායකයාගෙත් අයිතිය අහිමි වී තිබුණා. තෝරාගත් මන්ත්‍රීවරයකුට ආදේශක නැහැ. වෙන වෘත්තිකයකු නම් ඔහු වෙනුවට ආදේශකයක්‌ යොදන්න පුළුවන්. නමුත් ඡන්ද දායකයන් සේවය බලාපොරොත්තු වන්නේ තමන් පත්කර යවපු නියෝජිතයාගෙන්. එමනිසා මන්ත්‍රීවරයකු වීම සුවිශේෂ හේතුවක්‌ ලෙස සලකා මට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් මම ඉදිරිපත් කළ කරුණු සලකා බලා මහෙස්‌ත්‍රාත්තුමිය ඇප ලබාදීමක්‌ සිදුකළේ නෑ.

ප්‍රශ්නය – සිරගෙදරදී ඔබගේ කාලය ගත වූයේ කෙසේද? ඔබ ලබපු අත්දැකීම් මොනවාද?

පිළිතුර – ජීවිතයේ පළමුවැනි වතාවට තමයි මම රිමාන්ඩ් බන්ධනාගාර ගත වූයේ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්‌ටුවේ තමයි අපගේ සිරකුටිය තිබුණේ. මෙම වාට්‌ටුවේම තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් 70 ගණන්වලදී මාස 3 ක්‌ ඉඳල තිබෙන්නේ.

මට හිරකරුවන් විශාල සහයෝගයක්‌ ලබල දුන්නා. උදේ 6.00 ට තමයි සිරකුටිය අරින්නේ. සවස 5.30 ට යළිත් සිරකුටිය වසනවා. එලෙස සිරකුටිය ඇරියත් අප ඊ වාට්‌ටුව තුළ රැඳී සිටිය යුතු වනවා. එම වාට්‌ටුවේ ප්‍රධාන දොරටුව අරින්නේ උදේට පැය භාගයයි. සවසට පැය භාගයයි. එම කාලය තුළදී තමයි හිරු එළියට නිරාවරණය වෙන්න පුළුවන්කම තිබෙන්නේ. එසේ නොමැති නම් අමුත්තකු අපිව බලන්න ආවොත් ඔහුව හමුවීමට අවස්‌ථාව තිබෙනවා.

50 කට ආසන්න හිරකරුවන් සංඛ්‍යාවක්‌ සිටියා. ඒ අය සියලු දෙනාටම පාවිච්චි කිරීමට තිබුණේ වැසිකිළි දෙකයි. ඒ වගේම නාන්න තිබුණේa එක වතුර ටැංකියයි. එම හිරකරුවන් සමඟ සහෝදරාත්මකව බොහොම සමගියෙන් එම කාලය මම ගත කළා. ඔවුනුත් මා වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබා දුන්නා. ඇත්තටම ඒ සෑම සිරකරුවකුටම මම මේ අවස්‌ථාවේදී ස්‌තුතිවන්ත වෙනවා. සෑම දුෂ්කර අවස්‌ථාවකදීම ඒ අය සොයා බලමින් සමහර විට මගේ ඇඳුම් පැළඳුම් පවා ස්‌වෙච්ඡාවෙන් ම සෝදා දෙමින්, මා වැසිකිළියට යැමට පෙර වැසිකිළිය පවා පිරිසිදු කර දෙමින් මා වෙනුවෙන් කැපවූවා.

ඔවුන්ගෙන් සමහර අය ජනවාරි 08 හංසයට කතිරය ගහපු අය. නමුත් අද ඔවුන් සිටින්නේ අපත් සමඟ සිට ගත් කඳවුරේ. ඒ වගේම බන්ධනාගාර නිලධාරීනුත් බොහෝමයක්‌ ඔවුන්ට හැකි අයුරින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිරගත වී සිටියදී දිය හැකි ගරුත්වය ලබා දෙමින් කටයුතු කළා.

ප්‍රශ්නය – එම සිරකරුවන් ඔබගේ අනුගාමිකයන් බවට පත් කර ගැනීමට අවස්‌ථාව උදා වූයේ නැද්ද? ඔවුන් සමඟ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්‌ථාව තිබුණද?

පිළිතුර – ගොඩක්‌ වෙලාවට දේශපාලනය නම් කතා කළා. දකුණු පළාතේ එක්‌ සිරකරුවකු සිටියා. ඔහු එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ පවුලක සාමාජිකයෙක්‌. පසුගිය මැතිවරණයේදීත් වැඩ කරල තිබෙන්නේ එම පක්‍ෂයට.

මා සඳහන් කළ සිරකරුවා බැලීමට ඔහුගේ මව පැමිණි අවස්‌ථාවේදී ඔහු සඳහන් කර තිබෙනවා. මා ඔවුන් සමඟ සිටින බවත්, අප හොඳ අය වන බවත්, අප සිටින පැත්ත දැන් වෙනස්‌ කළ යුතු බවත්, ඔහුගේ අම්මා එම අවස්‌ථාවේදී සඳහන් කරල තිබෙනවා. ඔහු නිදහස්‌ වී ගිය පසු පැරණි වැරදි යළි නොකර සිටිනවා නම්, ඔහු කියන විදියට දේශපාලන කඳවුර වෙනස්‌ කිරීමට සූදානම් බව. අම්මාට එහෙම කියන්න තරම් මානසික පෙළැඹීමක්‌ එම තරුණයන් තුළ ඇති වූවා. එයට හේතුව මම දේශපාලන කරුණු කියා දීමම නොවෙයි ඔවුන් සමග සාමාන්‍ය සිරකරුවකු ලෙස ජීවත් වීම. අපි එතැන වෙනම විශේෂ තත්ත්වයක්‌ බලාපොරොත්තු වූයේ නෑ. එම තත්ත්වය තුළ දේශපාලන වෙනස්‌වීම්වලට ලක්‌වූ අය සිටිනවා.

ප්‍රශ්නය – ඔබ පොත් දෙකක්‌ රචනා කළ බවත් සඳහන් කළා. ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරනවා නම්,

පිළිතුර – “රටට වුවමනා වම” යන කෘතිය මුද්‍රණය බාරදීමට පමණයි තිබෙන්නේ. එම කෘතිය මගින් මම ප්‍රධාන වශයෙන්ම පෙන්වාදීමට උත්සාහ කරන්නේ, අපේ රටේ වාමාංශික දේශපාලනය බෞද්ධ සභ්‍යත්වයත් සමඟ මුසු වෙන්න ඕනි ඇයි කියෙන කාරණය. ඒ වගේම බෞද්ධ සභ්‍යත්වය කියන්නේ කුමක්‌ද කියන එක සහ රාජ්‍ය පාලනයේදී බෞද්ධ සභ්‍යත්වය යොදා ගන්නේ කෙසේද කියන කාරණයත් මෙම කෘතිය මගින් සාකච්ඡා කරනවා. ඊට අමතරව බෞද්ධ සභ්‍යත්වය ගැලපෙන්නේ සමාජවාදී දේශපාලන භාවිතාවකට මිස වෙනස්‌ දේශපාලන භාවිතාවකට නොවන බවත් මෙම කෘතිය මගින් පෙන්වාදීමට කටයුතු කර තිබෙනවා. එම කරුණු තහවුරු කිරීම සඳහා වූ ග්‍ර්‍රන්ථයක්‌ ලෙස “රටම වුවමනා වම” සම්පාදනය කර තිබෙනවා.

“විලංගු ලූ අක්‍ෂර” නමිනුත් කෘතියක්‌ රචනා කළා. එය පිටු 400 – 500 අතර පොතක්‌ බවට පත් වේවි. එම පොත මගින් එදිනෙදා සිරගත ජීවිතය තුළ ලබපු අත්දැකීම් සහ මම කියවපු පත – පොත ඇසුරින් ලබපු අවබෝධය ඇතුළත්කරපු දෛනික සටහන්වලින් යුතු කෘතියක්‌ එය. එහි කටයුතුත් දැන් සියයට අනූවක්‌ පමණ අවසන් වී තිබෙනවා. මැයි මාසය තුළදී මෙම කෘතීන් දෙක එළිදැක්‌වීමට පුළුවන් වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබ ඇඳපු චිත්‍ර මොනවාද?

පිළිතුර – ඇත්තටම මම චිත්‍ර 30 ක්‌ වත් අඳින්න උත්සාහ කළා. චිත්‍ර ප්‍රදර්ශනයක්‌ පැවැත්වීම සඳහා. නමුත් උපවාසය ආරම්භ කළ නිසා චිත්‍ර 15 ක්‌ පමණ තමයි අඳින්න පුළුවන් වූයේ. සමහර විට තවත් චිත්‍ර 15 ක්‌ පමණ ඇඳල ඉදිරියේදී ප්‍රදර්ශනයක්‌ වුවත් පැවැත්වීමට ඉඩ තිබෙනවා.

කෙසේ වුවත් පාසල් සමයේ සිට චිත්‍ර ශිල්පයට මම ඇලුම් කළා. මම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ අමතර පංතියකට පවා සහභාගි වී චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමට උනන්දු වූවා. නමුත් පසුගිය කාලයේ චිත්‍ර අඳින්න පුළුවන්කමක්‌ තිබුණේ නෑ. සිරගත කාලයේදී එම හැකියාවට යළි පණ දෙන්න පුළුවන් වූවා.

පොත් දෙකක්‌ ලියන්න පුළුවන් වූවා. චිත්‍රත් අඳින්න පුළුවන් වූවා. ඒ අතින් බැලුවහම සිරගත කළ අයට ස්‌තුතිවන්ත වෙනවා.

ප්‍රශ්නය – ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වීමට සූදානම් වන බවට වාර්තා පළ වී තිබෙනවා. එම වාර්තා පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – සභාවේ සිනා කියල තමයි කියන්න තිබෙන්නේ. දැන් මෙහෙමනේ, ඔය කතා හදන අය මාස 3 ක්‌ හිරේ ඉඳල එන කොට කියනවා රනිල්ගෙන් ඇප ලබා ගෙන ආවා කියලා. නමුත් ඇතුළට දැම්මේ කවුද කියල කියන්නේ නැහැ. එයට අයිතිකාරයෙක්‌ නෑ. නමුත් මාස 3 කින් ඇප ලබාගෙන එනකොට ඊට අයිතිකරුවකු හදනවා.

ඊට පසුව එයටම සම්බන්ධ කරල කතා හදනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෙන්න යනවා කියලා. ඇත්තටම ඔය කතා හදන අය හදපුවාවේ. නමුත් මේ කතාව ඇත්තද කියල කවුරු හරි අසනවා නම්, එම ප්‍රශ්නය තරම් අවමානයක්‌a නැහැ තවත්. මොකද යූ. එන්. පී. එකට යනවා කියන මගේ ජීවිතයට සිද්ධ වෙන්නේ නැති දෙයක්‌. අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය කරගසාගත් යූ. එන්. පී. එකට අපි යනවා නම් මැරිල යළි ඉපදිය යුතුයි. එය කිසිසේත්ම සිද්ධ වෙන දෙයක්‌ නොවෙයි.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය
– දිවයින




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network