ලසන්ත ඝාතනයේ සියල්ල කනපිට පෙරළෙයි – ෆොන්සේකා අත්අඩංගුවට? Srilanka-politics

ලසන්ත ඝාතනයේ සියල්ල කනපිට පෙරළෙයි – ෆොන්සේකා අත්අඩංගුවට?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද තොරතුරු සගවාගෙන සිටීම සම්බන්ධයෙන් අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා .අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

“සරත් ෆොන්සේකා කියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ , ජෙනරාල් කපිල හෙන්ද්‍රිවිතාරණ යටතේ හිටිය මිනීමරු කල්ලියක් කියලා . වසර 09 ක් මිනීමැරුමක් ගැන තොරතුරක් සගවා තබා ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකා ඇමතිතුමාව අත්අඩංගුවට ගත යුතුයි .අනුර සේනානායක මැතිතුමා වගේම , සරත් ෆොන්සේකාත් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර ගත කල යුතුයි . “

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මන්ත්‍රිවරයා මෙහිදී දීර්ඝ ලෙස අදහස් පල කළා.

රජය විසින් තව දුරටත් මැතිවරණ කල්දැමීමට කටයුතු කළහොත් 1953 සිදු වුණ හර්තාලයට වඩා දැවැන්ත ජනතා විරෝධයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව එහිදී මන්ත්‍රිවරයා පැවසුවා.

එම දැවැන්ත විරෝධය සඳහා රට මේ වන විට සකසමින් සිටින බවත් එහි ආරම්භය නුගේගොඩ රැස්වීමෙන් ආරම්භ කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

එහි දෙවැනි පියවර පසුගිය සෙනසුරාදා දිනයේ දී හබරාදුවේ දී පැවැත් වූ බවත් පවතින දැඩි ඉල්ලීම මත ඊළඟ පියවර වශයෙන් විරෝධතා රැළිය නැගෙනහිර පළාතේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල රැස්වීම පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව ද මන්ත්‍රිවරයා සදහන් කළා.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network