ආර්ථික කලමණාකරනය නොමැතිව සමස්ථ ආර්ථිකයම කඩා වැටිලා.. විශාලම හානිය ග්‍රාමීය ආර්ථිකයටයි..- බැසිල් srilanka-politics

ආර්ථික කලමණාකරනය නොමැතිව සමස්ථ ආර්ථිකයම කඩා වැටිලා.. විශාලම හානිය ග්‍රාමීය ආර්ථිකයටයි..- බැසිල්

“අද වනවිට අපේ රටේ ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත්වෙලා. එදා අපේ රටට අවශ්‍ය බඩ ඉරුගු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දාහක් ආනයනය කලා. ඒ සඳහා රුපියල් මිලියන 4000 කට වැඩිය අපි කැනඩාවේ හෝ වෙනත් රටක ගොවියකුට ගෙව්වා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ අපේ රටේ බඩ ඉරිගු වගා කොට ඒ සියලු පිටරට ගොවියාට ගිය මුදල් අපේ ගොවි ජනතාවට ලබාදීමට වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කලා එහි ප්‍රතිඵලයක් හැටියට අපිට බඩ ඉරිගු පිරටට මෙට්‍රික් ටොන් පනස් දාහක් පිට රටට යවන්නත් එදා පුලුවන් වුනා” යයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ ගොවි සංවිධානය 3 ක නියෝජිතයින් අමතමින් ප්‍රකාශ කරන ලදි.

අද මේ රජය ගොවි ජනතාව වෙනුවෙන් හෝ රටේ සමස්ථ ආර්ථිකය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් හෝ අවම වශයෙන් මේ වන තෙක් හරි සැලසුමක් සකස් කොට නැහ. අද සමස්ථ අපනයනය අපේ කාලයට වඩා වසරින් වසර අඩුවෙනවා. කුලු බඩු අපනයනය විශාල වශයෙන් කඩා වැටිලා තේ අපනයනයත් ඒසේමයි. සමස්ථ කෘෂිකාර්මික අපනයනයම පසුගිය වසරේ දිගින් දිගටම කඩා වැට් ඇති බැව් ඔහු වැඩි දුරටත් පැවසිය.

මෙහිදී හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා විසින් මහා බැංකුව විසින් නිකුත් කල අලුත්ම වාර්තාවක් පෙන්වමින් පැවසුවේ මෙම වාර්තාව අනුව මේ වනවිට රටේ අපනයනය අඩුවී අනායනය ඉහළ ගොස් ඇති අතර මහින්ද යුගයේ රටට ආපු විදේශ ආයෝජන විශාල වශයෙන් මේ වනවිට අඩු වි ඇති බැව් පැවසිය. මේ නිසා රටේ බහුතර ජනතාව ඉදිරියේදී මීට වඩා දුෂ්කරතාවල මුහුණ දීමට සිදුවන බවත් සංචාරක අංශය පමණක් යම් අදායමේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර එය පසුගිය කාලයේ ලොව පුරා කරනු ලැබු සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ නිසා බව අද සංචාරක කර්මාන්ත නියලි සිටින සියල්ලම පිලිගෙන ඇති බවද සඳහන් කරන ලදි.

සමස්ථ අපනයනය පසුගිය වසරේ මුල් මාස 11 තුල සීයයට 2 දශම 8 කින් අඩු වී ඇත.ඒ අනුව කාර්මික අපනයනය 1.4 කින් ද, කෘෂිකාර්මික අපනයනය 7.4 කින් ද. ඛනිජ හා වෙනත් අපනයන 11.6 කින් ද අඩු වී ඇත.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network