වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්.. තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලූම් සියල්ල හෙලි කරයි. Srilanka- gossip

වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්.. තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලූම් සියල්ල හෙලි කරයි..

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ “My Father Passed Away On 1ST of March 2017″ (මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය) බවයි

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායකගේ පුතුණුවන් වන ලෙලුම් රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළා.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ එම ෆේස්බුක් සටහන වැරදීමකින් නොදැමූ දෙයක් බවත්, එය තමන් විසින් පළ කළ දෙයක් බවත්ය.

එයට හේතුව පෞද්ගලක හේතුවක් බව ඔහු සඳහන් කළේය.

අප වැඩිදුරටත් විමසා සිටියදී ඔහු කියා සිටියේ තමාගේ පියාණන් වන වික්ටර් රත්නායක වෙනුවෙන් සිය සහෝදරයා සහ තමන් විශාල කැපකිරීම් රාශියක් කළ ඇති බවත්, නමුත් එයින් කිසිදු පළක් නොවු බවත්ය.

පසුගිය දිනක තමගේ මව සිහිකැඳවීම සඳහා දානමය පිංකමට පවා වික්ටර් රත්නායකයන් නොපැමිණි බවයි.

එයට හේතුව වී ඇත්තේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය විදියට වික්ටර් රත්නායකයන් හැසිරෙන් බවත්ය.

මෙම ගැටලුව මීට අවුරුදු කිහිපයකට පෙර සිටම පැණනගිමින් තිබෙන බවත්, එය තමන් සහ තමන්ගේ සහෝදරයා ඉවසාගෙන සිටි බවත්, ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සමාජයේ මිනිසුන් දකින වික්ටර් රත්නායකයන් සෑබෑ ජීවිතයේදී නොමැති බවත්, ඔහු දරුවන් කියන දේට පවා ඇහුම්කන් නොදෙන බවත් පැවසුවේය.

තමන් සහ තම සහෝදරයා වික්ටර් රත්නායකයන්ගේ ශ්‍රී නාමය රැක ගැනීමට කැප කිරීම් රාශීයක් සිදු කළද? තමන්ගේ පියා දරුවන් ගැන නොසිතා වැඩ කටයුතු කරන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමකදී තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා “ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා“ යනුවෙන් කියූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විශාල අනාවරණ රාශියක් කළද… අප කළ යුත්තේ රටක් දන්නා පුද්ගලයෙකුගේ ප්‍රශ්න තවත් ඇති කරනවාට වඩා එය තවදුරටත් නිරවුල් වීමට ඉඩ හැරීමේ තත්ත්වයට ඉඩ හැරීම පමණි. එම නිසා අප දන්නා තවත් කරුණු මෙහි පළ නොකර සිටින්නෙමු.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network