රුපියල රැකගන්න බෑ..බරපතළ ආර්ථික අර්බුදයක්..විදේශ ආයෝජන අඩියටම වැටේ..ආයෝජකයෝ රටින් පිටවෙති.. srilanka-economic

රුපියල රැකගන්න බෑ..බරපතළ ආර්ථික අර්බුදයක්..විදේශ ආයෝජන අඩියටම වැටේ..ආයෝජකයෝ රටින් පිටවෙති..

විදේශ ආයෝජන දිගින් දිගටම අඩුවීම සහ විදේශ විනිමය ගලායැම් ඉහළ යැමෙන් රුපියලේ අගය රැක ගැනීම බරපතළ ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ අනුව ගිය වසරේ (2016) නොවැම්බර් මස දක්‌වා විදේශ සෘජු ආයෝජන ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 444.5 ක්‌ දක්‌වා 34.4% කින් පහත වැටී ඇත. මේ අතර රාජ්‍ය සුරැකුම්පත්වල විදේශ ආයෝජන නැවත ගලායැමද වේගවත් වී තිබේ.

2016 වසරේදී රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ ආයෝජන ශුද්ධ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 324.3 ක්‌ සහ මේ වසරේ (2017) පෙබරවාරි මස 14 දින දක්‌වා ඇමෙරිකානු ඩොලර් මිලියන 309.2 ක්‌ ද රටින් පිටට ගලාගෙන ගොස්‌ ඇත.

මේ අනුව රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශිකයින් සතු ආයෝජන ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන සියයට 4.4 ක්‌ දක්‌වා අඩු වී ඇතැයිද මහ බැංකුවේ ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර මේ වසරේ (2017) පෙබරවාරි 15 දින දක්‌වා කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ ද්විතීයික වෙළෙඳ පොළේ ශුද්ධ ගෙවීම ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක්‌ බවද වාර්තා වේ.

දැනට රට මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලය තුළ තවදුරටත් උග්‍ර වනු ඇතැයි මහ බැංකුවේ ආරංචි මාර්ග කියයි.

මේ වන විට රට තුළ තිබූ විදේශ ආයෝජන පවා රටින් පිටව ගොස්‌ ඇති බවත් රාජ්‍ය සුරැකුම්පත්වල තිබූ විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වාර්තා වේ.

මේ අනුව 2014 වසර අග පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ සංචිත ය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 5.4 ක්‌ පමණ දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

ආර්ථිකයේ පවතින වර්තමාන තත්ත්වය මත මෙම වසර (2017) තුළ තවදුරටත් විදේශ සංචිත මට්‌ටම මත පීඩනයක්‌ ඇතිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේදී පොලී අනුපාත ඉහළ යැමට ඇති හැකියාව සමඟ රාජ්‍ය සුරැකුම්පත්වල විදෙස්‌ ආයෝජන ද තවදුරටත් රටින් පිටව ගලා යැමට ඉඩ ඇතැයි මහ බැංකුවේ එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.

– දිවයින

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network