බැසිල් හෙට උසාවි යන්නේ ඇයි?

බැසිල් හෙට උසාවි යන්නේ ඇයි?


හෙට දින බැසිල් රාජපක්‍ෂ මහතා "මහා හොරකමකට" උසාවි කැඳවා ඇත. ඒ නම් ලක්‍ෂ 11ක අඩු ආදායම් ලාභීන්ට ඔවුන්ගේ ම ඉතිරුම්වලින් තම නිවසේ අලුත් වැඩියා කටයුතු සඳහා රුපියල් 2500ක් ලබා දීම නිසා ය. ඉසුරුබර හෙටක් නම් වූ මෙම ව්‍යාපෘථියේ දී 119711ක් (එකොලොස් ලක්‍ෂ අනූහත්දහස් එකසිය එකොළහක්) වූ ප්‍රතිළාභීන් වෙනුවෙන් 2500 බැගින් රුපියල් 2992777500ක මුදලක් ලබා දී තිබේ. ඉලක්කය වූයේ පියවරෙන් පියවර රුපියල් 10000ක මුදලක් ලබා දීමට වුව ද ඉන් පළමු වාරිකය පමණක් ලබා දුන් පසු රාජපක්‍ෂ ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පසු එය නවතා දැමුණි. කෙසේ වෙතත්, දැන් එය බැසිල් මත ආපසු කැරකී තිබේ. 

මෙම මුදල් ලබා දුන්නේ ඇයි? විශේෂත ම කරුණ එයයි. ලංකාවේ මධ්‍යම පාන්තිකයාට රුපියල් 10000ක් යනු සොච්චමක් වුව ද එවැනි මුදලක් මහමෙරක් සේ සිතන විශාල පිරිසක් ලංකාවේ සිටින බව මෙහි දී පළමුවෙන් ම සිහිකට යුතු ය. ආණ්ඩුවක වගකීම ඔවුන්ට හැකි පමණින් තම ජීවිතය හා පවුල සුවබර කර ගැනිම සඳහා උදව් කිරීම ය. සමුර්ධි නිලධාරීන්ගේ නිරීක්‍ෂණය යටතේ මෙම මුදල් ප්‍රතිලාභීන්ට ලැබුණේ නිශ්චිත හා අත්‍යවශ්‍ය කාර්යන් කීපයක් කර ගැනීමට ය. ඔවුන්ගේ වළ වැසිකිලිය පෝච්ච වැසිකිලියක් කර ගැනීමට, ගොම ගෑ බිමට සිමෙන්ති ටිකක් දමා ගැනීමට, දොර හෝ ජනෙල් පියනක් සවිකර ගැනීමට, නිවසක ඉතිරි වූ බිත්තියක් දෙකක් කපරාරු කර ගැනීමට, අතු සෙවලි වහලයකට උළු දමා ගැනීමට ආදි දෙයට මේවා ලබා දුනි. පළමු වාරිකය වූ 2500 ලැබී අදාළ කාර්යට මුල පිරූ පසු දෙවැන්න ලැබේ. තෙවැන්න ලැබෙන්නේ එහි ප්‍රගතිය අනුව ය. මෙය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වූයේ නම් මෙම ප්‍රතිලාභීන්ගේ ජීවිත, ඔවුන්ගේ දරුවන් කොතරම් සතුටට පත්වෙනු ඇති ද? සිමෙන්ති පොළොවක නිදා ගැනීමට වාසනාව නැති, පොච්චි වැසිකිලියක ශරීර කෘත්‍ය කර ගැනීමට හැකියාවක් නැති, උළු හෙවිලි කළ වහලයක් යට සිටීම නැති, වසාදමා නිදා ගැනීමට දොරක් ජනේලයක් නැති කී දෙනෙකු නම් අප රටේ සිටිත් ද? ඔවුන්ට හැකි යමකින් උදව් වීම පාපයක් ද? බැසිල් කළේ එය නොවේ ද? 
  
මෙම මුදල් පිළිබඳ දෙවැනි වැදගත් කාරණය වන්නේ ඒවා රජයේ මුදල් නොවී ය. එනම්, ඒවා ක්‍ෂුද්‍රමූල බැංකු ක්‍රමය යටතේ ඉතිරි කරන ලද අදාළ ප්‍රතිලාභීන්ගේ ම මුදල් ය. ඉන් රජයට කිසිදු බරක් හෝ මූල්‍යමය අහිමි වීමක් වන්නේ නැත. අනිත් අතින්, මෙම ප්‍රතිලාභය හුදු මුදල් පරිත්‍යාගයක් ද නොවන බව අවධාරණය කළ යුතු ය. එය ජනතාවගේ අපේක්‍ෂාව හා අවශ්‍යතාව මත ඔවුන්ගේ කැපකිරීම හා දායකත්වය ද දිවිනැගුම බැංකු සංගමයේ දායකත්වය ද මත දියත් කෙරුණු සාර්ථක වැඩපිළිවෙලකි.   

මෙහි ප්‍රතිලාභීන් තෝරා ගත්තේ ද ආවාට ගියාට නොවේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් මේ සඳහා විශේෂ සමීක්‍ෂණයක් සිදු කෙරුණි. ඒ අනුව, කිසිදු දේශපාලන භේදයකින් තොරව, ඉහත අවශ්‍යතාව තිබෙන ජනතාව පමණක් ම මෙම මුදල ලැබීමට තෝරාගැනීම ව්‍යාපෘථියේ විශේෂත්වයකි. මේ අතර, අදාළ ව්‍යාපෘථිය සඳහා පූර්ණ කැබිනට් අනුමැතිය ලැබී තිබුණු බව ද කිව යුතු ය. මේ සියල්ල මෙසේ නියමිත පිළිවෙලට සිදු කළ ද අප මුලින් කී පරිදි, මේ මුදල් උත්සවාකාරයෙන් ලබා දීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතා සම්බන්ධ වූයේ ද නැත. 

තවත් කාරණයක් කිව යුතු ය. එනම් මෙම මුදල් ප්‍රතිලාභීන් වෙත ලබා දුන්නේ මැතිවරණ සමයක නොවන බව ය. එවැනි සමයක ලබා දුන්නේ නම්, ඉන් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා උත්සාහයක් තිබුණු බවට කෙනෙකුට තර්ක කළ හැකි ය. එවැන්නක් ද නැත. ඇරත් ලංකාවේ බෙදීම් පිළිබඳ ඉතිහාසය, එහි මැතිවරණ ඉතිහාසය තරම් ම පැරණි ය. මීට උදාහරණය දෙන්නේ හිටපු විශිෂ්ඨ රාජ්‍ය පරිපාලන ලේකම්වරයෙකු වූ ජිනසිරි දඩල්ලගේ මහතා 2016 ජූනි 26 වැනි දින ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමිනි. “අපේ රටේ නිදහසින් පස්සෙ නොබෙදපු එකක් කියන්න. හාල්, ඇට අට, ඊට පස්සෙ ජනසවිය, සමෘර්ධි, දිවිනැගුම, පුටු බංකු, සපත්තු, පාසැල් නිල ඇඳුම්, සිමෙන්ති කොට්ට,ගම් උදා, ණය මේ සේරම බෙදීම් තමයි. දැන් කැලැන්ඩර් ගහන්නෙ නැත්තේ කවුද? මම අභියෝග කරනවා මේ යහපාලනය යටතේ කැලැන්ඩර්, ලිත්, දිනපොත් මේ සියල්ලත් බෙදීම්. ඉතිං මේ බෙදීමට නිලධාරීන් 180ක් හවුල් කරගත් එකත් වැරදියි. එහෙමනම් හැමෝ ම අයින් කරන්න ඕන.... ගිය ආණ්ඩුවෙන් කරන්න බැරි වුණු රුපියල් 10000 අපි වැඩි කළා. ඒක කළේ ඡන්ද කටේ. ලක්‍ෂ තුනහමාරක් අපි විශ්‍රාමිකයින්ට බෙදුවා. එහෙනම් මේකට සම්බන්ධ අපි හැමෝ ම වැරදිකරුවෝ” යනුවෙන් දඩල්ලගේ මහතා ප්‍රකාශ කළේ ය.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network