1895/19 ගැසට් පත‍්‍රය නිවැරැදි මෙන්ම නිත්‍යානුකූලයි – ශ්‍රී ලංකා මහ බැංකුව… ඒ ගැසට් එක වංචාවක් නීති විරෝධීයි, මුදල් අමාත්‍යාංශය

1895/19 ගැසට් පත‍්‍රය නිවැරැදි මෙන්ම නිත්‍යානුකූලයි – ශ්‍රී ලංකා මහ බැංකුව… ඒ ගැසට් එක වංචාවක් නීති විරෝධීයි, මුදල් අමාත්‍යාංශය

2017 මාර්තු මස 02 වැනි දින භාණ්ඩාගාර බැදුම්කර සම්බන්ධව නිකුත් කල 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය සම්බන්ධව පැහැදිලි කිරීමක් මහා බැංකුව විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

එම පැහැදිලි කිරීමට අනුව 01/01/2015 දින ප්‍රකාශයට පත් කල 1895/19 දරණ ගැසට් පත්‍රය නිත්‍යානුකූල මෙන්ම නිවැරැදි බව එමගින් ජනතාව වෙත පැහැදිලි කොට ඇත. (සම්පූර්ණ නිවේදනට පහත පලවේ)

මහා බැංකුවේ පැහැදිලි කිරීම අනුව 2015 වසරේ ජනවාරි 1 දින එවකට මුදල් හා සැලසුම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද අංක 1895/19 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය නිවැරැදි මෙන්ම නිත්‍යානුකූල නම් මෙම ගැසට් පත්‍රය සම්බන්ධව මුදල් අමාත්‍යාංශ නිකුත් කල නිවේදනය බොරුවක් බව මෙමගින් පැහැදිලි වේ.

ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් එකිනෙකාට චෝදනා කරමින් ජනතාව නොමග යවමින් බොරු කියන යුගයක ශ්‍රීලංකාවේ ආර්ථික සම්බන්ධව වගකීම කිනම් පාර්ශවය වෙත පැවරිය යුතුද යන්න ව්‍යාපාර ක්ෂේත්‍රයේ මෙන්ම සමාන්‍ය ජනතාවට පෙහෙලිකාවකි.

2017 මාේතු මස 02 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය සම්බන්ධවයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන පැහැදිලි කිරීම. සම්පූර්ණයෙන්ම පහත පලවේ.

2017 පෙබරවාරි 26 වෙනි ඉරිදා මුදල් අමාත්‍යාංශයෙන් නිල නිවේදනය, ( සම්පුර්ණයෙන්ම)

1. රාජ්‍ය ණය ලේඛකාධීකාරීවරයා විසින් පුවත්පත්වල දැන්වීම් ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු, 2015 වසර තුළ තෝරාගන්නා විවිධ කාල වකවානු තුළ දී, විවිධ පොලී අනුපාත යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 31ක් සිදු කර ණය ලබාගැනීම සඳහා, ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනතේ, වගන්ති 4 යටතේ ලබාදුන් අවසර මෙම ගැසට්පත‍්‍රයේ අඩංගු වේ.

2. මෙම ගැසට්පත‍්‍රයේ ගිවිසන ලද සුරැකුම් අතර, 2011 වසරේ සිට, විවිධ පොළී අනුපාත යටතේ නිකුත් කරන ලද විශාල බැඳුම්කර ප‍්‍රමාණයක් හා නව බැඳුම්කර ප‍්‍රමාණයක් ද ඇතුලත්කර ඇත. පසුගිය කල්පිරීමේ කාලයන් සහිතව නිකුත් කරන ලද බැඳුම්කර 2015 වසරේ නැවත වරක් නිකුත් කරන්නේ කෙසේදැයි යන්න මෙහි පැහැදිලි කර නොමැත. පසුගිය බැඳුම්කර නිකුතු ද මෙම ගැසට් පත‍්‍රය මගින් නීත්‍යානුකූල කර ඇති බවක් පෙන්නුම් කෙරේ.

3. මෙම ගැසට් නිවේදනයට අනුව, වර්ෂ 2014 අංක 41 දරණ විසර්ජන පනතින් බලයලත් පරිදි, රුපියල් බිලියන එක්දාස් හත්සිය අසූවක උපරිම සීමාවට යටත්ව ණය මුදල් ප‍්‍රමාණයක් රැස්කිරීමට බලාපොරොත්තු විය.

4. ලියාපදිංචි කොටස් හා සුරැකුම් ආඥාපනතේ, වගන්ති 4 ට අනුකූලවූ බවට ඒත්තු ගැන්වෙන පරිදි රහසිගත උත්සායක යෙදෙමින් මෙම බැඳුම්කර නිකුතු වැරදි ලෙස කළමනාකරණය කර ඇති අතර ඒවා වර්ෂය පුරා නිකුත් කර අවසන් කිරීමෙන් පසු, එම වසරේ ජනවාරි 1 දින ලෙස පසු දාතමක් යොදා ඊට පසු වර්ෂයේ අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කිරීම මහ බැංකුව විසින් අනුගමනය කර ඇති ක‍්‍රමවේද බව පෙනී යයි.

5. මෙම ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී, ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිගත් ක‍්‍රියාපටිපාටීන් පිළිපැද නොමැත. යම් අමාත්‍යවරයෙකු ගැසට් නිවේදනයක් නිකුත් කිරීමේ දී, ඊට අදාළ ආයතනය තම රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එහි දළ පිටපතක් යැවිය යුතුය. ඉන්පසු එම අමාත්‍යාංශ ලේකම්වරයා තම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ගෙන් නෛතික හා තාක්ෂණික අනුමැතිය ලබාගැනීමෙන් පසු එය විෂය භාර අමාත්‍යවරයාගේ අත්සන් ලබා ගැනීම සඳහා යොමුකරනු ලැබේ. එසේ අදාළ අමාත්‍යවරයා තම අත්සන යෙදවූ පසු එම ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයාධිපති වෙත යවනු ලැබේ. පසුගිය වකවානුව තුළ මෙකී ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දී මහ බැංකුව මෙම ක‍්‍රියා පටිපාටිය අනුගමනය කර නැත. ඒ වෙනුවට රාජ්‍ය ණය අධිකාරීවරයා විසින් සිදුකර ඇත්තේ මහ බැංකුවේ නීතිඥයන්ගෙන් පමණක් අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම ගැසට් පත‍්‍රය මුද්‍රණය සදහා සෘජුවම රජයේ මුද්‍රණාලය වෙත යැවීම යි.

6. ඉහත කී ආකාරයෙන්ම 2016 ජනවාරි මස 1 දාතම යොදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නමින් එම වසර සඳහා ද අදාළ ගැසට් පත‍්‍රය 2017 දී මේ වන විට යවා ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව එම ගැසට් පත්‍රය නිකුත් කිරීම අත්හිටුවා ඇත.

7. මේ ආකාරයට, සියලූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කර ඇත්තේ ලියාපදිංචි කොටස් හා සුරැම්පත් ආඥාපනතේ අඩංගු ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමිනි. මහ බැංකුවේ විශේෂඥයින් සහ වෘත්තිකයන් යැයි කියා ගන්නා නිලධාරීන් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ මහතාට හා අජිත් නිවාඞ් කබ්රාල් මහතා ට පහසුකම් සැලැසීම සඳහා දැනට ප‍්‍රශ්නයකට තුඩු දී ඇති පෞද්ගලික බැඳුම්කර නිකුතු හරහා රාජ්‍ය ණය අවකළමනාකරණය කර ඇත්තේ මෙලෙසිනි. රාජ්‍ය ණය ලේඛකාධිකාරීවරයා විසින් වෙන්දේසිවල දී නිකුත් කරනු ලැබු බවට නිවේදනය කරමින් සියලුම පෞද්ගලික නිකුතු නීත්‍යානුකූල භාවයට පත් කිරීමට පෙර කී ගැසට් නිවේදන යොදාගෙන ඇත.

8. පරීක්ෂණ නිමවීමෙන් පසු සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කෙරෙන අතර මෙම වරද නිදොස් කිරීමට වහා පියවර ගැනේ. ඊට අමතරව මීට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ලියාපදිංචි කොටස් හා සුරුකුම් ආඥාපනත යටතේ නීත්‍යානුකූල පියවර ගනු ලැබේ.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network