ඉතාලි තානාපති කාර්‍යාලය හා විදේශීය අමාත්‍යාංශය එක්ව තලතා අතුකෝරලගේ ඉතාලි වීසා කුමන්ත්‍රණයටමෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අකමැති වුයේ ඇයි srilanka-politics

ඉතාලි තානාපති කාර්‍යාලය හා විදේශීය අමාත්‍යාංශය එක්ව තලතා  අතුකෝරලගේ ඉතාලි වීසා කුමන්ත්‍රණයටමෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අකමැති වුයේ ඇයි

ශ්‍රී ලකා විදෙස් නියුක්ති කාර්‍යාලය හා ඉතාලි තානාපති කාර්‍යාලය එක්ව සිදුකිරිමට ගිය කුමන්ත්‍රණය ? තලතා අතුකෝරල මහත්මිය එකයෙකුගෙන් රු. ලක්ෂ 7ක් බැගින් ගෙන 250 දෙනෙක් ඉතාලි යැවිමට සූනම්කර සිටි අතර මෙය දැනගත් සිරිසේන ජනාධිපති එයින් කෝටි එකාමරක කොමිස් මුදලක් ඉල්ල සිටියමුත් තලතා මහත්මිය දිමට කැමති වුයේ රු කොටියක් පමනි. මේ හෙතුවෙන් සිරිසේන ජනපති තුමා මෙයට විරුද්ද වි ඇති අතර ආරම්භයක් ලෙස ඉක්මනින් ඉතාලිය බලා පිතත් කිරිමට සිට පස් දෙනෙක් අසරණව ඇත 
මේ කුමන්ත්‍රණයේ ආරම්භ ලෙස හෙට දිනයේ විදේශ ගතවිමට සිටි ලාංකිකයන් පස් දෙනා මේ මොහතේ අසරනව ඇත. අනේ සිරිසේන ජනාධිපති තුමෝ කොටියක් අරන් කැමතිවිලා අපිට ඉතාලි යන්න දෙන්න කියමින් ඔවුන් ජනපති තුමා දුරකතනයෙන් සම්බන්ද කරගත්ත්ද එමවෙලේ දුරකතනය අන්සර් කර ජනපති  ලේකම්  ජනපති නිදිබව පවස ඇත මෙ සම්බන්දයෙන් වටිනා තොරතුරු ශාක්ෂි සහිතව ඉදිරියේදී හෙලිකිරිමට sriavtvnetwork අපි සුදානම්


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මුරුගසං වරුසාවට තෙමුනු-මාක්ස්-ලෙනින්වාදියෝ srilanka-politics

මුරුගසං වරුසාවට තෙමුනු-මාක්ස්-ලෙනින්වාදියෝ
__________________________________________________


රනිල්-සම්බන්ධන් දීගයේ ප්‍රථිඵලයක් ලෙස ගැබ් ගත් නව ව්‍යවස්ථා මහ සොහොන් පැටියා ඇමරිකානු-ඉන්දියානු ඔත්තුසේවා දොස්තරවරු යටතේ ප්‍රසූත කිරීමේ අවස්ථාවට සාත්තු සේවකයන් ලෙස ස්වෙච්ඡාවෙන්ම අද දින සම්බන්ධවූ කුමාර් ගුණරත්නම්ගේ කුරුටුගාමී බළ ඇණියත්,දැනට හොරගල් අහුලමින් ප්‍රසූතිකාගාරය වටා කැරකෙන අනුර සාත්තු සේවක තුමාගේ රතු අලි බළකායත්,පැරණි ආටක නාටක මාස්ක්වාදී මළ මිණී ටික හා නිරන්තර සාගින්දරේ පෙළෙන එන්ජීඕ ඩොලර් කාක්කන් ටිකත් පැමිණි විගස ප්‍රසූතිය සිදු වනු ඇත.
   ඒ සඳහා අවට වටපිටාව සැකසීම සඳහා මේ වන විට සකළාකාර පිල්ලිවලට හිසරදයක් වූ විමල් යකදුරු තැන රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.අනික් සියලූම ආකාරයේ යකදුරන් යටත් කිරීම හෝ දොළ පිදේනි දී නිහඬ කිරීමට රනිල් හාමු කටයුතු කරමින් ඇත.
     ඉඳින් දැන් නැවතත් පරණ මාක්ස්වාදී පත පොත අළුගසා දමා එළියට ගෙන ඇති මේ සාත්තු සේවක බම්මන්නන් වෙන්වී යාමට ඇති අයිතිය හා නිර්ධන පංතියට වෙන්වීමට ඇති අයිතිය ගැන අපට පොර ටෝක් දෙමින් ඇත.මාක්ස් මෙසේ කියා ඇත...ලෙනින් මෙසේ කියා ඇත..එසේ කියා මෙසේද කියා ඇත...මෙසේ කියා එසේද කියා ඇත..යනාදී වශයෙන් බෙදා දීමේ අරුමය ගැන නන් දොඩවමින් ඇත.මේ මොලේ මඤ්ඤ්ං කරගත් කුරුට්ටං හා මළමිණී බවට පත්වී ඇති ඊණියා පැරණි මාස්ක්වාදී අවතාර ටික ඇට්ටට පැසුනු දූරියන් ඇති ගසක් යට තැබීමෙන් යම්තාක් දුරට සුවකර ගත හැකිය.නමුත් හාමු හා එක්වන්නේ නැතිනම් පක්ශය හැර නැවක රස්සාවකට යනවා යැයි බිය කර පක්ශය හාමුගේ දෙපතුලට දක්කාගෙන ගිය රතු අලි සහෝදරයා නම් ජීවිත පරිත්‍යාගයෙන් මේ ෆෙඩරල් දරුවා රැක ගැනීමට කටයුතු කරනවා ඇත.
        සූඩානයට අත් වූ ඉරනමේ මුවවිට අපගේ රට මේ මොහොතේ ඇති බව තේරුම් ගන්නා කී දෙනෙක් මේ රටේ වෙත්ද? එදා 1815 උඩරට ගිවිසුමෙන් රට ජාතිය පාවා දුන් බල ලෝභී ඊණියා රදළ නිළමේවරුන් මෙන් අදද ඇමති කට්ටක් හා ලක්ශ තුන්හාරසීයක වාහනයක් වෙනුවෙන් තම රට ජාතිය පාවාදීමට කාළකන්ණින් පෙළ ගැසී ඇත.
                    ධර්ම රාජ්‍යයක් සාදන්නෙමී යැයි පොලොවේ පස් කා දිවුරා පැමිණි නිගණ්ඨයින් අද ලක්ශ 400ක වාහනයකින් සැනසෙද්දී උදේ හවස රට රකිනවා යැයි වේදිකාවේ මයික් පලන සිරිසේන ජනාධිපතිවරයා මේ සියල්ල නොදැක්කා මෙන් සිටීම පුදුමයක් නොවේ.මන්ද සියල්ල සිදුවූ පසු ඔහු මේවා දකින්නේ පත්තරෙන් වීම අප අත් දැක ඇති සත්‍යයි.
             නැවත මාක්ස්වාදීන්ගේ පුහු තර්ක වලට හැරුනොත් මුන් කන්න ඕන උනහම පමණක් කබරගොයා තලගොයා කරගන්න දක්ශතාව පෙන්වමින් ඇත.එදා මාක්ස් කියූ ආකාරයට ධනවාදයේ උච්චතම අවධියේදී විප්ලවය සිදුවෙනවා..එනම් කේන්ද්‍රයේ රටවල් මුලින්ම මේ පෙරළියට ලක් වෙනවා කියූ එක වෙනුවට අද මේ ගොබිලන් අනුගමනය කරන්නේ අතර මැදින් අඩු වයසෙන් සමාජවාදය කරන්නට ගොස් කෙළවා ගත් ලෙනින්ගේ අටමගලයක්ය. කේන්ද්‍රයේ නොව පරිධියේ රටවල සමාජවාදී විප්ලවය සිදුකල යුතු යැයි ගැසූ බයිලයේ කෙලවර මිලියන ගණනක් රුසියාවේද සෙත්තපෝච්චිවී අනෙක් රටවල් ගණනාවක අන්ත හිඟන අමු ඒකාධිපති මර්ධනකාරී ආණ්ඩු බිහිවීමට බලපෑ බව හොඳින් පෙනේ.රුසියාවේ හදපු සමාජවාදයක් නැත.එය හරියටම ජවිපේ 2005 වන විට තිබූ තත්වයට සමාන තත්වයකි.අන්ත නිළධාරීවාදී කුඩුකේඩු පාළනයක් හා මහන්තත්වයෙන් පිරුණු ගොන් පාර්ට් පාලනයක් අවසානයේ රුසියාව මෙන්ම ජවිපේද හැඳි ගෑවී ගිය හැටි අපට මතකය.බලහත්කාරය හා ඇන්ඳවීමෙන් පාලනයක් දුර ගමනක් ගෙන යා නොහැකි අතර එසේ මර්ධනයෙන් හා ඇන්ඳවීමෙන් පාලනයක් ගෙන යන්නට වෙන්නේ නොදියුණු සමාජයකට මේවා ඇප්ලයි කරන්නට යාමෙනි.දියුණු ධනේශ්වර රටවල් ඔය ඊණියා මාක්ස්-ලෙනින් වාදය නොවුනාට ඔය සෑම සමාජවාදී රටකටම වඩා ඉතා හොඳ සාමකාමී ජීවන තත්වයන් අත්කරදී ඇත.උදාහරණ ලෙස ගතහොත් පින්ලන්තය,ඩෙන්මාර්කය,නෝර්වේ,ස්වීඩනය,නවසීලන්තය වැනි දියුණු ධනේශ්වර රටවල් ගත හැකිය.
   අද ලංකාවට සමාජවාදය ලබා දෙන්නට යැයි කියමින් රඟන ඔය බොහෝ නායකයන්ගේ අඹුදරුවන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ,අයර්ලන්තයේ වීමම මා මේ කියන කාරණාවට දෙස් දෙයි.
          ඔළුවල පුරවාගත් මනස්ගාත ටෙස්ට් කිරීම සඳහා පරීක්ෂණාගාර මීයන් ලෙස අපව භාවිතා කිරීමද තම පැවැත්ම සඳහා පක්ශ නායකත්වයන් රැකගෙන ධනපති දේශපාලක පංතියට මුක්කුවකුත් ගසාගෙන බඩ වියත සරි කර ගන්නා ගමන් දුක් විඳින මිනිසුන්ගේ දුක මාර්කට් කර වෛරය පොවා "උඹලාට කවදාවත් මේ ධනපති ක්‍රමය යටතේ කිසිවක් ලැබෙන්නේ නැතැයි" නෙගටිව් මෝටිවේෂන් එකක් ලබාදී සදාතනික වහලුන් බවට පත්කර ගනිමින් උන්ගේ ජීවිත නායකයන්ගේ පැවැත්ම උදෙසා භාවිතා කිරීමත් පමණි. ලෝකයේ සතුටින්ම ජීවත්වෙන් මිනිසුන් සිටින්නේ ඉහතකී දියුණු ධනේශ්වර රටවල බව උන්ට සිතන්නට දෙන්නේ නැත. අපටත් පසු පසින් සිටි සිංගප්පූරුව,මලයාසියාව,කොරියාව ලොව දියුණු රටවල් බවට පත්වූයේ ධනේශ්වර සංවර්ධනයෙන් බව උන්ට සිතන්නට දෙන්නේ නැත.කා බී සිටින මිනිහාව පෙන්නා ඒ සියල්ලන් හොරු යැයි වදාරා උන් උඹලාගේ ධනය කොල්ලකා ඇති නිසා උඹලාට දියුණු වන්නට බැරි බව තහවුරුකොට කියාදී ඊණියා මාක්ස්වාදී වැඩිකල් නොයන රැඩිකල් විප්ලවාදී ගිරව් ටිකක් තනාගෙන් පුංචි පුංචි කඩ දමාගෙන් උන්ගේ දවස ගෙවා ගනී.
ගම්වල සිට පැමිණෙන සාම්ප්‍රදායික තරුන තරුණියන්ට රැඩිකල් වන්නට යැයි ලණුවක්දී නිරාගමික වස පොවා අම්මා තාත්තා හඳුනන්නේ නැති අමුතුම හිපියන් පිරිසක් බවට පත්කරගෙන කේඩරය නඩත්තු කිරීම නොකළොත් මුන්ගේ රෙද්ද ගැලවෙන බව මේ තක්කඩියන් දනී.
එහෙව් උන්ට රට බෙදී වෙන්වී යාම මහා ප්‍රශ්ණයක් නොවනා බව අමුතුවෙන් අටුවා ටීකා ලියා පැහැදිළි කරගත යුතු කරුණක් නොවේ.

-කැලුම් ජයසුමන

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලසන්ත ඝාතන චෝදනාව කණපිට හැරේ.. ඒ නීතිය යටතේම ඇමති සරත් ෆොන්සේකා රිමාන්ඞ්.. srilanka-politics

ලසන්ත ඝාතන චෝදනාව කණපිට හැරේ.. ඒ නීතිය යටතේම ඇමති සරත් ෆොන්සේකා රිමාන්ඞ්..
..
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිය යටතේම ඇමති සරත් ෆොන්සේකා මහතාද රිමාන්ඞ් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් පල කලේය.

ෆොන්සේකා ඇමතිතුමා ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිලිබඳ ප්‍රකාශයක් දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. එතුමා පොලීසියට කියනවා ‘ලසන්ත ඝාතනය කලේ මම නොවේ ජනරාල් හෙන්දවිතාරණ යටතේ සිටිය සිටි කණ්ඩායමක්’ මේ ප්‍රකාශය හරහා එතුමා පිලි ගන්නවා ඝාතනයක් පිලිබඳව තොරතුරු දැන ගෙන දිගු කළක් තිස්සේ සඟවා ගෙන සිටියා.

දැන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට අරගෙන වසරක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ ඇයි? ඝාතනයක් පිලිබඳ තමන් දන්නා තොරතුරක් සඟවා ගෙන හිටියා කියලා. ඔහු ඒ චෝදනාව පිලි ගන්නේ නෑ. නමුත් රක්ෂිත බන්ධනාගාරයේ. ෆොන්සේකා ඇමතිතුමා තමන් තොරතුරු සඟවා ගෙන සිටි බව පිලි අරගෙන ඉවරයි. එසේ නම් අනුර සේනානායක මහතා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගෙන සිටින අයුරින්ම ෆොන්සේකා ඇමතිතුමාවත් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි.

තමන්ගේ විවේචකයින් නිහඬ කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මිනීමරු කල්ලියක් පවත්වා ගෙන ගිය බවට පොලීසිය උසාවියට වාර්තා කළ බව අල් ජසීරා රූපවාහිනිය සහ ඒඑෆ්පි පුවත් සේවාව වාර්තා කර තිබුණා. නමුත් ලසන්ත ඝාතන නඩුවේ දී එවැනි දෙයක් පොලීසිය වාර්තා කලේ නෑ. පොලීසිය උසාවියට සිරිතක් වශයෙන් බොරු කියනවා. නමුත් ඒ බොරුව කිව්වේ නෑ. ඒ නිසා වහාම මේ බොරුව නිවැරදි කරන්න කියලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා සිය නිතිඥයින් හරහා අල් ජසීරා රූපවාහිනිය සහ ඒඑෆ්පි පුවත් සේවාවට දැනුම් දී තිබෙනවා.

– අරවින්ද අතුකෝරල

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලසන්ත ඝාතනයේ සියල්ල කනපිට පෙරළෙයි – ෆොන්සේකා අත්අඩංගුවට? Srilanka-politics

ලසන්ත ඝාතනයේ සියල්ල කනපිට පෙරළෙයි – ෆොන්සේකා අත්අඩංගුවට?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද තොරතුරු සගවාගෙන සිටීම සම්බන්ධයෙන් අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා .අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

“සරත් ෆොන්සේකා කියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ , ජෙනරාල් කපිල හෙන්ද්‍රිවිතාරණ යටතේ හිටිය මිනීමරු කල්ලියක් කියලා . වසර 09 ක් මිනීමැරුමක් ගැන තොරතුරක් සගවා තබා ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකා ඇමතිතුමාව අත්අඩංගුවට ගත යුතුයි .අනුර සේනානායක මැතිතුමා වගේම , සරත් ෆොන්සේකාත් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර ගත කල යුතුයි . “

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මන්ත්‍රිවරයා මෙහිදී දීර්ඝ ලෙස අදහස් පල කළා.

රජය විසින් තව දුරටත් මැතිවරණ කල්දැමීමට කටයුතු කළහොත් 1953 සිදු වුණ හර්තාලයට වඩා දැවැන්ත ජනතා විරෝධයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව එහිදී මන්ත්‍රිවරයා පැවසුවා.

එම දැවැන්ත විරෝධය සඳහා රට මේ වන විට සකසමින් සිටින බවත් එහි ආරම්භය නුගේගොඩ රැස්වීමෙන් ආරම්භ කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

එහි දෙවැනි පියවර පසුගිය සෙනසුරාදා දිනයේ දී හබරාදුවේ දී පැවැත් වූ බවත් පවතින දැඩි ඉල්ලීම මත ඊළඟ පියවර වශයෙන් විරෝධතා රැළිය නැගෙනහිර පළාතේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල රැස්වීම පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව ද මන්ත්‍රිවරයා සදහන් කළා.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැසිල්, නාමල්, යෝෂිත වෙනුවෙන් කතා නොකල මහින්ද, විමල් වෙනුවෙන් ජනාධිපතිටත් අගමැතිටත් කතා කරයි.. srilanka-politics

බැසිල්, නාමල්, යෝෂිත වෙනුවෙන් කතා නොකල මහින්ද, විමල් වෙනුවෙන් ජනාධිපතිටත් අගමැතිටත් කතා කරයි..

ගිය රජයේ නිවාස ඇමතිව හිදිමින් අමාත්‍යාංශයේ වාහන අවභාවිතකට අනුබල දුන්නේ යයි පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන රජයේ නිතීපති දෙපාර්තමේන්තුවේ විරෝධය උඩ ඇප ලබා නොදි දින 75 කට වඩා චෝදනා ගොනු නොකර බන්ධනාගාර ගත කොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කතා කොට ඇත.

විමල් නිරාහාරව උපවාසයක යෙදි සිටින බවත් ඔහුගේ තත්ත්වය රජයක් ලෙසත, පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකුට ඇති වි තිබෙන තත්ත්වය ගැනත් මීට වඩා සොයා බලන ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම විමල් ගේ දියණිය තම පියාගේ බන්ධනාගාර ගතකිරීම හමුවේ ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බැවිනුත් මේ හේතුව උඩ දියණියගේ මානසිකත්වය දරුණු ලෙස කඩාවැටීමෙන් ඇයගේ අධ්‍යපනය විනාශ විය හැකි බවත්, ඇප දිය හැකි කරුණක් සම්බන්ධයෙන් රජයේ නීතිපතිගේ විරෝධය හමුවේ මෙසේ රදවා තැබිම හමුදාවේ රටේ අධිකරණය සම්බන්ධව ජනතාවට වැරදි මතයක් නිර්මාණය වීමට මෙයද හේතුවක් වන බව එම දෙපලට හිටපු ජනාධිපතිවරයා දන්වා ඇත.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අද විමල්ට වූ දේ හෙට මහින්ද හෝ ගෝඨාභයට…? Srilanka-politics

අද විමල්ට වූ දේ හෙට මහින්ද හෝ ගෝඨාභයට…?

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාස ක්‍රියාමාර්ගයක් ඇරඹුවේ කිසිසේත්ම අධිකරණයට බලපෑම් කිරීමට නොවන බවත් එය ඇරඹුවේ ආණ්ඩුව අධිකරණයට එල්ලකර ඇති නග්න දේශපාලන මැදිහත් වීමට එරෙහිව බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී එසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“ මේ වන විට අප පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පැය 84ක කාලයක් නිරාහාරව සිටිමින් උපවාසයක නිරතව සිටිනවා. මෙවැනි ක්‍රියාමාර්ගයක් ඔහු විසින් ගනු ලැබුවේ ඇයි? ඔහුට සිදු වූ පුද්ගලික අඩුපාඩුවකට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ? වැනි ප්‍රශ්න ඔබ හමුවේ පැන නැගීමට පු`ළුවන්. ඒ නිසා මම මේ පැහැදිලි කිරීම සිදු කරන්නම්.

පළමුව කියන්න ඕනෙ, විමල් වීරවංශ කියන්නේ මේ රටට අනතුරක් සිදු වන විට ඒ අනතුර කල් තියා දැකලා රටම ඊට එරෙහිව පෙළගස්වපු දේශප්‍රේමී, ජාතිකවාදී නායකයකු බව. අද රට ඉදිරියේ දිග හැරෙමින් තිබෙන ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හරහා යුද ජයග්‍රහණයට මුල් වූ සේනාධිනායකයාට සහ රණවිරුවන්ට දඬුවම් කිරීමේ ක්‍රියාදාමය කල් තියා හඳුනාගෙන රටට කියූ පුරෝගාමී නායකයා ඔහුයි. ඒ වගේම 2002 පෙබරවාරි 22 වැනිදා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ පිරබාහරන් සමඟ සටන් විරාම ගිවිසුමක් හොර රහසේ අත්සන් තැබූ විට ඒ අත්සනේ තීන්ත වේලීමටත් පෙර ඒ බව රටට හෙළි කළේ ද විමල් වීරවංශ මහතායි. ඒ ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක් බව ජාතියට අවධාරණය කළ ඔහු ඊට එරෙහිව ජනමතයක් හැදීමට පුරෝගාමී වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි කිසිදාක එකතු කිරීමට බැහැ කියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මුල් වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගුවේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙරට ඉතිහාසයට එකතු වුණේ රනිල් වික්‍රමසිංහගේ රට පාවා දීමේ ගමන සහ වේළුපිල්ලේ පිරබාහරන්ගේ ඊළාම් සිහිනය බිඳ දැමූ දේශපාලන ව්‍යාපාරය ලෙසයි. එය 2004 අප්‍රේල් 04 වැනිදා මේ රටේ බලය හොබවන දේශපාලන සන්ධානය බවට ද පත් වුණා.
2005 ජනාධිපතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැරදවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයෙන්ම කැරැල්ලක් මතු වන කොට ඒ ජාතියට සතුරු කුමන්ත්‍රණය රට පුරා ගොස් හෙළි කළ පුරෝගාමී නායකයා වූයේ කවුද? විමල් වීරවංශ මහතායි. ඒ විතරක් නොවෙයි, යුද්ධය ජය ගැනීමට රණවිරුවන්ට ධෛර්ය, ශක්තිය දීපු ඔවුන්ගේ පවුල්වලට රැකවරණය සැලසූ මානෙල් මල් ව්‍යාපාරය බිහිකිරීමට පුරෝගාමී වූයේ ද එවකට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ද මහ ලේකම් ධුරය දැරූ විමල් වීරවංශ මහතායි. ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය ලෙස හංවඩුව වැදී තිබුණු ‘කොටි සංවිධානය පැරදවිය හැකියි’ කියන දේශප්‍රේමී මතය රට පුරා ගෙන යාමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය යොදා ගනිමින් පුරෝගාමී වැඩ කොටසක් සිදු කළේ ද අන් කිසිවකුත් නොවෙයි මේ විමල් වීරවංශ නම් දේශප්‍රේමී, ජාතිකවාදී නායකයායි. එදා දේශප්‍රේමී ජාතිකවාදී නායකයාගේ ලේ, මස් රස බැලීමේ උවමනාවක් තිබුණු බව කාටත් රහසක් වූයේ නැහැ. එනමුත් ඔහු ජීවිතාරක්ෂාව වෙනුවෙන්, තමන් තුළ වූ රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපවීමේ උතුම් වූ අරමුණ අතහැරියේ නැහැ. කොටින් ඉල්ලන්නේ තමන්ගේ ජීවිතය නම් එය වුවත් කැපකිරීමට මේ දේශප්‍රේමියා සැමවිටම සූදානමෙන් සිටියා.

එදා විමල් වීරවංශයන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ඉඳගෙන බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ටත් ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන්ටත් එරෙහිව කළ සටන ඉවසා ගන්න බැරිව තමයි, ඔහුව එම පක්ෂයෙන් දොට්ට දැමීමට වත්මන් ජවිපෙ නායකයා හරහා සැලසුම් සකස් වුණේ. නමුත් තමන් ජවිපෙන් දොට්ට දැම්මා කියලා විමල් වීරවංශයන් තමන්ගේ සටන අතහැරියේ නැහැ. ‘පක්ෂයට පෙර රට ’ කියන ස්ථාවරයේ ඉඳිමින් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පැරදවීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙනු පිණිස 2008 අප්‍රේල් 08 වැනිදා ඔහු නව වාමවාදී ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනු ලැබුවා.

කල්පනා කරලා බලන්න, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනකු 2008 අප්‍රේල් 08 වැනිදා ජවිපෙන් ඉවත් වී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟුවේ නැත්නම් 2008 දෙසැම්බරයේදී 2009 වසරට අදාළ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අය – වැය පරදවනවා. අපි 10 දෙනා ජවිපෙ හිටියා නම් ඒ අය-වැයට පක්ෂව ලැබෙන්නේ ඡන්ද 113 යි. එදා හකීම් මහත්තයාගේ මුස්ලිම් කොංග්‍රසය වැනි ජාත්‍යන්තර බලවේග විසින් හසුරුවනු ලබන පක්ෂයක එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් හෝ අනෙක් පැත්තට ගියා නම් මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටෙනවා. එහෙම වුණානම් 2009 ජනවාරි 20 කිලිනොච්චිය අල්ලන්න වෙන්නේ නැහැ. එදා අපිට මතකයි, පිරබාහරන් පාරම්බෑවා ‘කිලිනොච්චිය අල්ලන්න ආවොත් කොළඹ බෝම්බවලින් පුපුරවනවා’ කියලා. ඔහු එහෙම පාරම්බෑවේ යුදමය වශයෙන් කිලිනොච්චිය අල්ලාගන්න අපේ ආරක්ෂක හමුදාවලට බැරිවෙයි කියලා හිතලා නොවෙයි. ඔහු හිතුවා දකුණේ මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවලා තමන්ගේ බටහිර හාම්පුතුන් වෙනසක් කරලා දෙයි කියලා. ඔහු හිතුවෙත් ජවිපෙ මේ අය වැයට විරුද්ධව ඡන්දේ දීලා මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවයි කියලා. නමුත් එදා ගතහැකි ප්‍රශස්තම දේශපාලන තීන්දුව ගනිමින් විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙකු සමඟ ජාතික නිදහස් පෙරමුණ බිහිකර තිබුණා. ඒ අනුව 2008 දෙසැම්බරයේ අය-වැය ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්‍ෂ පාලනයට ඡන්ද 123 ලැබුණා. එමගින් එදා වේළුපිල්ලේ පිරබාහරන්ගේ, රනිල් වික්‍රමසිංහගේ වගේම ජවිපෙ අනුර දිසානායක කල්ලියේ රට බෙදීමේ සිහිනය බොඳව ගොස් තිබුණා. ඉන්පසු අපි බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමේ සෑම පියවරක්ම ගත්තා පමණක් නොවෙයි 2009 මැයි 19 වැනිදා, කොටි සහමුලින්ම පරදවා ජාතියට විජයග්‍රහණයක් ලබා දුන්නා.

කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසුව වුවත් ඔවුන්ගේ බටහිර හාම්පුතුන් මේ රට බෙදා වෙන් කිරීමේ උවමනාව අතහැරියේ නැහැ, කියා විමල් වීරවංශ ඉතා හොඳින් දැන සිටියා. ඔහු මේ බටහිර වටලෑම පිළිබඳව, දෙවන දෙමළ ඊළාම් මෙහෙයුම පිළිබඳව රටට කල්තියා අනතුරු ඇඟවූවා. කෙසේ නමුත් 2015 ජනවාරි 09 වැනිදා වන විට මේ සතුරු මෙහෙයුම ජයගත්තා. මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවන්න මේ ද්‍රෝහී බලවේගයන්ට හැකි වුණා. ඔවුන් හිතුවා ‘ දැන් මහින්ද ඉවරයි අපට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මේ රට බෙදන්න, විකුණන්න, වගේම අපේ කුලී සේනාංක පරදවපු ලංකාවේ හමුදාවට විරුද්ධව යුද අපරාධ චෝදනා රිසිසේ එල්ල කරලා ඔවුන්ගෙන් පලිගන්නත් පුළුවන් ’ කියලා. ඒත් සතුරාගේ ඒ සිහින සියල්ල බිඳ දමමින් 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් සමඟ නව ජාතික බලවේගයක් ගොඩනඟා මේ බටහිර වටලෑමට, දෙවන ඊළාම් මෙහෙයුමට එරෙහිව සටන් වැදීමට පුරෝගාමී වූයේ කවුද? දුර්වලයන්, කොඳු බිඳගත්තවුන් මැද මේ සටනේ ප්‍රමුඛතම සෙන්පතියා වූයේ කව්ද? ඒක මේ රටට පණ මෙන් ආදරේ කරන ජනතාවට කිසි දිනක අමතක වෙන්නේ නැහැ. ඒ සටනේ ප්‍රමුඛතම සෙන්පතියා වූයේ විමල් වීරවංශ මිස වෙන කිසිවකුත් නොවෙයි. එදා ඇතමුන් කැබිනට් ඇමති ධුර, රාජ්‍ය ඇමතිධුර, නියෝජ්‍ය ඇමති ධුර වෙනුවෙන් සියලු පාවාදීම් සිදු කරද්දී නව ජාතික ව්‍යාපාරයක් හදන්නට මූලිකත්වය ගත්තේ විමල් වීරවංශ මහතායි.

මේ සියල්ල දෙස බලන විට ඉතා පැහැදිලියි, මව්බිමේ සතුරන් වඩාත් වෛර කරන්නේ විමල් වීරවංශයන්ට බව. ඒ නිසා තමයි අභූත චෝදනා නඟලා දින 71ක් එක දිගට විමල් වීරවංශයන් රක්‍ෂිත බන්ධනාගාරගත කොට තබා ගත්තේ. තමන්ට අසනීප තත්වයක් තිබියදී වුවත් බන්ධනාගාර රෝහල වෙත නොගොස් අඳුරු සිරකුටියට වී දින 71ක් ගත කිරීමට ඔහු කටයුතු කළා. තමන්ට මව්බිමේ සතුරන් උරුමකරදුන් ඒ සිරගත දිවිය පවා ඔහු ඉතා අර්ථවත් ලෙස යොදා ගත්තා. එතැනදීත් ඔහු නවතම සටන් මාදිලියකට යොමු වුණා. ‘රටට උවමනා වම’ සහ ඊට ඌනපූරණයක් එක් කරමින් ලියූ ‘යදමින් බැඳි අක්ෂර’ යන කෘති දෙකම ලියැවුනේ මේ දින 71ක් තුළයි. එසේම ‘සිරගත සිතුවම්’ නමින් සිතුවම් දැක්මකට අවශ්‍ය සිතුවම් ද ඒ කාලය තුළ ඔහු නිර්මාණය කළා. වාමවාදී ජාතිකවාදය පිළිබඳව වන ලිපි පෙළක් ලිවීමට පටන් ගත්තා. සිරගත දිවිය තුළ ඔහු පෑනෙන්, පින්සලෙන් සිය සටන ඔපවත් කළා. මේ සියල්ල මව්බිමේ සතුරන්ට දරාගන්න බැරි වුණා. ඔවුන් අධිකරණයට බලපෑම් කරලා පසුගිය 21 වැනිදා මහාධිකරණයෙන් ද ඇප ලබා ගැනීමේ අවස්ථාව විමල් වීරවංශයන්ට අහිමි කළා. ඒ අනුවයි ඔහු තීරණය කළේ අධිකරණයට බලපෑම් කරමින් ඇප ලබා නොදී තමන් දිගින් දිගටම අඳුරු සිරකුටියකට සීමා කිරීමට එරෙහිව පවතින තත්වයන් යටතේ සටන් වැදීමට. ඒ අනුවයි මේ ආහාර වර්ජන ක්‍රියාමාර්ගය පසුගිය 22 වැනිදා ආරම්භ වුණේ.

මෙතැනදී විමල් වීරවංශ මහතාට තෝරා ගැනීමට තිබුණේ විසඳුමි දෙකයි. එකක් තමයි මේ මව්බිමේ සතුරන් ඉදිරියේ දණ ගසා යටත් වීම. අනෙක ජාතිකවාදී, දේශප්‍රේමී දේශපාලන නායකයන්ට එරෙහිව මේ සිරිසේන-වික්‍රමසිංහ-සම්බන්ධන්-අනුර දිසානායක හවුල විසින් අරඹා ඇති දඩයම පැරදවීමට නව සටන් මාදිලියක් ඔස්සේ සටන් වැදීම. ඔහු උපවාස සටන් ක්‍රියාමාර්ගයක් තෝරාගන්නේ ඒ අනුවයි. විමල් වීරවංශ මහතා කල්පනා කලා ‘මේ එන්නේ රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි, රටේ සම්පත් විකුණා දැමීමට එරෙහි, අධ්‍යාපනය-සෞඛ්‍ය පෞද්ගලීකරණයට එරෙහි ජාතිකවාදී දේශපාලන නායකයින් දඩයම් කිරීමේ ගමනක මුල් පියවර. ඒ ගමන මුල් පියවරේදීම මම පරදනවා. ඒකෙන් අනෙක් නායකයන්ටත් සහනයක් ලැබෙනවා’ කියලා.

‘අද විමල් නම් හෙට කවුද?’ දිනේෂ්, ගෝඨාභය හෝ මහින්ද රාජපක්‍ෂ විය හැකියි. ඒ ප්‍රශ්නය අද තිබෙනවා ජාතිය ඉදිරියේ. සිරකුටියක් ඇතුළේ ඉඳගෙන නව මාදිලියක සටනක නිරත වෙමින් විමල් වීරවංශයන් අද ඉහත පැනය මතු නොවෙන තැනට වැඩ කරමින් ඉන්නවා. විමල් වීරවංශ මහතා අද උපවාසයක නිරත වෙමින් සිටින්නේ මේ ආණ්ඩුව අධිකරණයට එල්ලකර ඇති නග්න දේශපාලන බලපෑමට විරුද්ධවයි. ”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගෝටාට එරෙහි ෆොන්සේකාගේ චෝදනා බින්දුවටම වැටේ.. හිටපු හමුදාපතිගෙන් අති විශ්ෂ්ඨ පැහැදිලි කිරීමක් srilanka-army

ගෝටාට එරෙහි ෆොන්සේකාගේ චෝදනා බින්දුවටම වැටේ.. හිටපු හමුදාපතිගෙන් විශේෂ පැහැදිලි කිරිමක්

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී විශාල කාර්යභාරයක් සිදුකළ ත්‍රිවිධ හමුදා නිලධාරීහු රැසක් සිටියහ. ඉන් ඉහළින්ම කියැවෙන නමක් ලෙස සඳහන් වන්නේ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකයි. මේ දිනවල ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ලවන චෝදනා ගැනත් පවතින රටේ ආරක්ෂක තත්ත්වය ගැනත් ඇතුළුව වත්මන් කරුණු සම්බන්ධයෙන් ඔහු සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය.

ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙනවා මේ දවස්වල. තවමත් රජය උත්තර බඳිනවා යුද්ධය ගැන. මොකක්ද ඔබ ඒ ගැන හිතන්නේ?

ඇත්තටම මේ කරන්නේ බටහිර රටවල් ටික එකතුවෙලා අපිට විරුද්ධව කරන මෙහෙයුමක්. මේක හිතා මතා නිර්මාණය කරපු දෙයක්. එහෙම නැතුව අපෙන් ඔය කියන යුධ අපරාධ සිද්ධ වුණේ නෑ. ඒ නිසා ඒවට උත්තර දෙන්න යනවද, නැත්නම් අපේ තීරණය රජයක් හැටියට ඉදිරිපත් කරනවද කියන එක තීරණය කරන්න ඕන රජය. එහෙම නැතුව කෘත්‍රිමව හදපු දේවල්වලට අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නෑ. ඒත් වෙලා තියෙන්නේ මේ කෘත්‍රිමව හදපු දෙයට රජයක් හැටියට අනුග්‍රහය ලබාදෙනවා. ඒක තමයි මෙතන තියෙන විශාල ගැටලුව.

ඇත්තටම ඔය කියන යුධ අපරාධ සිද්ධ වුණේ නැද්ද?

ඔය සියලු දේවල් කෘත්‍රිමව ඒ අය විසින් නිෂ්පාදනය කරපුවා. අපි ලෝකයේ සියලු රටවල් දරුණුම ත්‍රස්තවාදියා සහ ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස නම්කරලා තිබ්බ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළා. ඒ පරාජය කිරීමේදී අපි සියලුම සිවිල් වැසියෝ ඉතාමත් සූක්ෂම ආරක්ෂක ක්‍රම භාවිත කරලා අපේ ළඟට ගත්තා. පූජකවරු පවා ගත්තා. ත්‍රස්තවාදී නායකයන් සටනේදී මළාට අපි ඒ සංවිධානයේ සාමාජිකයන් ඉතාම ආරක්ෂිත ලෙස බාරගත්තා. ඒ අයව ආරක්ෂා කළා. ඒ නිසා මේවා කෘත්‍රිම දේවල්. ඒ දේපළවලට රජයක් හැටියට අනුග්‍රහය දක්වනවා නම් එතන ගැටලුවක් තියෙනවා. මේක රටේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.

ඔබ කියනවා මේ චෝදනා කෘත්‍රිමයි කියලා. ඒත් විදේශ කටයුතු අමාත්‍යවරයා කමල් ගුණරත්න මහත්තයගේ පොතේ කොටස් පෙන්වමින් පිළිගන්නවා කොමිසමේ චෝදනා. එහෙම බලද්දි කොමිසමට ඇඟිල්ල දිගුකරන එක වැරදියිනේ?

ඒකයි අපිටත් තියෙන ප්‍රශ්නය. විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමරිකාව වගේ බටහිර රටවල් එක්ක එකතුවෙලා මෙහෙම චෝදනා නගන එකයි අපිට ගැටලුව. විදේශ කටයුතු අමාත්‍යවරයා යුධ අපරාධ කළා කියලා පිළිගන්නවා වැටත් නියරත් ගොයම් කා නම් අපි කාට කියම්දෝ.

හැබැයි ජනාධිපතිවරයා අගමැතිවරයා කියන්නේ නම් කිසිම රණවිරුවෙක් දං ගෙඩියට ගෙනියන්න ඉඩදෙන්නේ නෑ කියලා.

කොහොමත් අපි අරගෙන ගියත් කියන්න දෙයක් නෑ. අපි රජයවත්, රජයේ නායකයන්වත් කියන දේ අහලා තීරණය ගන්න ඕනේ නෑනේ. අනික ලෝකයා කෙනෙක් ගැන තීරණය කරන්නේ ඒ අය කරන දේ දිහා බලලා මිසක් කියන දේ දිහා බලලා නෙමෙයි. කොච්චර දේශපාලනඥයෝ වේදිකාවල්වල දේවල් කියනවද? ඒ කිව්ව දේවල් කරා නම් අද අපේ රට උසස් තැනක තියෙන්නේ. ඒ නිසා දේශපාලනඥයෝ කියන දේවල් විශ්වාස කරන්න බෑ. හැබැයි ජනාධිපතිවරයා ගැන අපිට විශ්වාසයක් තියෙනවා රණවිරුවෝ බේරා ගනී කියලා. කොහොම වුණත් මොනදේ කිව්වත් දැනට වෙලා තියෙන දේ විතරයි අපිට පේන්න තියෙන්නේ.

විදේශ ඇමැතිගෙ කතා අපටත් ප්‍රශ්නයක්

හරි ඔබ දැන් කියන්න රජය මොකක්ද ගන්න ඕන පියවර?

රජය කරන්න ඕන අපට කෘත්‍රිමව හදලා තියෙන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්න ඕන. ඊට පස්සේ අපි කරපු දේ ලෝකයට කියන්න ඕන. අපේ දේ හරහා ලෝකයට ආදර්ශයක් දෙන්න ඕන. ඒක තමයි රජයෙන් විය යුත්තේ. මොකද පහුගිය රජයට වඩා මේ රජයට ලෝකයේ විශාල තැනක් තියෙනවා. අන්න ඒ සහයෝගය අරගෙන අපි කරපු දේ ලෝකයට පෙන්නන්න ඕන. මොකද 21 වන සියවසේ ත්‍රස්තවාදය නැති කළ එකම රට අපි.

ඔබ හිතන්නේ නැද්ද ඉස්සෙල්ලා රජය වැඩේ අනාගත්තා කියලා. අතුරුදන් වූ කොමිෂන් දැම්මට කරපු දෙයක් නෑ. මේ රැවැටීම් නිසා නෙවෙයිද මේක දුරදිග ගියේ?

නෑ… නෑ… අතුරුදන් වූවන් ගැන යුද්ධයකින් පස්සේ හොයන්න ඕන. කණ්ඩායම් දෙකේම කට්ටියට මොකද වුණේ කියලා. ඒක වගකිව යුතු රජයක වගකීමක්. ඒ දේවල් වෙන්න ඕන. ඒ වගේමයි මේ යුද්ධයේදී වරදක් වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණ කරලා දඬුවම් දිය යුතුයි වැරදිකරුවන්ට. ඒව ගැන කිසිම අවුලක් නෑ. හැබැයි ජාත්‍යන්තර වශයෙන් එල්ල කරලා තියෙන චෝදනා අපට පිළිගන්න බෑ.

මේ ප්‍රශ්නවලට දේශීය අධිකරණයක් පිහිටෙව්වොත් නරකද?

වැරැද්දක් වෙලා තියෙනව නම් කරන්න ඕන මොකක්ද අපි කරපු වැරැද්ද, කවුද කියන්නේ, කවුද හොයාගෙන තියෙන්නේ. අපි අහිංසක මිනිස්සු මැරුවේ නෑ. අපි නම් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා කල්පිත ලෝකවල ඉඳලා වැඩ කරන්න අවශ්‍ය නෑ. අපි ලක්ෂ හතරක ජනතාවක් බේරාගත්තා. ඒ අවස්ථාවේදී ඔය සංවිධානවල සාමාජිකයෝ හිටියා. ඒවා දැක්කා. එහෙම තියෙද්දිත් ඇයි අපි මේ වෙන දෙයකට උත්තර බඳින්න හදන්නේ?

නමුත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තය කියලා තියෙනවා ඔහුට නොදැනිම යුද හමුදාවේ විවිධ කණ්ඩායම් ක්‍රියාකළා කියලා?

ඔය එක එක අය කියන දේවල්වලට මම උත්තර දෙන්න යන්නේ නෑ. ඒ අය එදා එකක් කියනවා. අද තව එකක් කියනවා. මේවා තමයි අපේ රටේ ප්‍රශ්න. එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්නවලට ගාවගන්නව. මේවා තමයි අපේ රටේ කරුමේ. ඒ කරුමක්කාර දේවල්වලට උත්තර දෙන්නේ නෑ මම. ඒත් යථාර්ථය මොකක්ද කියල සමස්ත ලෝකයට පේනවා. අපි දැකලා තියෙනවා. කිසිම අවස්ථාවක මානුෂික අයිතිවාසිකම් කඩවන විදිහට කටයුතු කරලා නෑ. අපි විනයගරුක හමුදාවක්.

හමුදාව ඇතුළේ වෙනත් කණ්ඩායම් කවදාවත් තිබුණෙ නෑ

ඔබ රාජපක්ෂ ආණ්ඩුව සමයේ පත්වූ යුද හමුදාපතිවරයෙක්. මට පැහැදිලි ලෙස කියන්න යුද හමුදාපතිවරයා නොදැනුවත්ව හමුදාව තුළ වෙනම කල්ලි හිටියද?

යුද හමුදාපතිවරයා දන්නේ නැත්තන් කොහොමද පාලනය කරන්නේ? සියලු දේ යුද හමුදාපතිවරයා දැනගත යුතුයි. අනෙක් කාරණය යුද හමුදාවේ ඒ වගේ එක එක කෑලි කඩලා සංවිධාන හදාගන්න බෑ. බොහෝම විනයගරුක හමුදාවක් ඉන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් හමුදාවක් අපට ඉන්නෙ. ඔවුන් රටේ භෞමික අඛණ්ඩතාවය රැක්කා. ජීවිත 30,000ක් පූජා කරලා. අන්න එවැනි හමුදාවක් ඔවැනි දේවල් කරන්නේ නෑ. ඒ හමුදාවට අරහේ කෑලි තිබ්බා මෙහෙ කෑලි තිබ්බා කියලා. යුද හමුදාපතිවරයෙක් කියනවා නම් ඒක ඒක ප්‍රශ්නයක්. අපි ඉතාම කලකිරීමට පත්වෙනවා. මේවා නිසා.

ඔබ මාධ්‍ය එක්ක ඉතා සමීපව වැඩකළ කෙනෙක්. ඇයි මේ මාධ්‍යයට ගහන්න කල්ලි යුද හමුදාවේ තියන් හිටියා කියන්නේ?

මම නම් විශ්වාස කරන්නේ නෑ එවැනි දෙයක්. මාධ්‍යයත් එක්ක ඉතාම කුළුපගව කටයුතු කරපු හමුදාවක් තමයි අපිට ඉන්නේ. අපේ රටේ ගෙදර සිද්ධවෙන ප්‍රශ්නත් දන්න තත්ත්වයක් තියෙන්නේ. ඉතිං එවැනි තත්ත්වයක් මත කොහොමද විශේෂයෙන් මාධ්‍යයට ගහන්න කියලා කණ්ඩායමක් තියාගන්නේ. එවැනි කණ්ඩායමක් තියාගත්තා නම් ඔබ දන්නේ නැද්ද? ඔබේ වගකීමක් එවැනි දේ හොයාගන්න එක. එහෙම හංගන් කරන්න පුළුවන්ද එවැනි දේ. කොච්චර මාධ්‍ය කට්ටිය හමුදාවේ අය සමඟ සමීපද?

මෑතකදී රජයට විදෙස් රටවල් බොහොමයක් පොරොන්දු වුණා අපේ හමුදාව ප්‍රතිසංධාන ගත කරන්න සහය වෙනවා කියලා. ඒ සඳහා මුදලුත් දෙනවා. ඔබ හිතන්නේ මොකක්ද මේ ගැන?

මේවා තමයි අපේ රටවල කනගාටුදායක කරුණ. අපි ගොඩක් දේවල් බටහිර රටවලින් ඉගෙන ගත්තා. ඒ යුද්ධයක් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. එහෙම ඉගෙන ගත්තත් කිසිම ක්‍රමයකින් මේ යුද්ධය නවත්වන්න බැරුව ගියා. අවසානයේ අපි විසින්ම නිර්මාණය කරගන්නවා. මේ ප්‍රශ්නය විසඳගන්න ක්‍රමවේදය. අපි ඒ සඳහා හමුදාව සකසනවා. ඒ වගේම ලෝකයේ බටහිර රටවල් පිළිගන්නවා ඔවුන්ට කුඩා යුද්ධ දිනන්න බෑ කියලා. ඉතින් එහෙම අය ගෙනැල්ලා වැඩ ගන්න යනවා නම් ඒක ඇත්තටම අමුතු වැඩක්. ඇත්තටම දැන් අපිට සමස්ත ලෝකයටම කියාදෙන්න පුළුවන් යුද්ධයක් දිනන හැටි, කොහොමද හමුදාව සකසන්නේ, කොහොමද පුහුණුවීම් කරන්නේ කියලා කියාදෙන්න පුළුවන් රටක් අපි. එවැනි දේවල් ගැන අවබෝධයක් නැති උදවිය රටක ඉන්නකොට මෙවැනි දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක් හැටියටයි මට පේන්නේ.

ඔබ කියන්නේ මෙවැනි ප්‍රතිසංධාන කටයුතු නොකළ යුතුයි කියලද?

අපි යුද්ධය ඉවරවෙලා වසර 05ක් ඇතුළත යුද හමුදා සාමාජිකයන් ඉතාමත් ප්‍රායෝගික ලෙස සාමාන්‍ය තත්ත්වයට සැකසුවා. වෙනත් රටවල මෙවැනි යුද්ධයක් ඉවර වුණා නම් මොකක් හරි යුද්ධයක් ඇතිවෙනවා ඊට පස්සේ. එක්කෝ හමුදාව බලය අල්ලනවා වගේ දේවල්. මේ නිසා සමහර අවස්ථාවල ඒ හමුදාව රටට බරක් වෙනවා. ඒක ලෝකයේ මතයක්. හැබැයි අපි ඒ මතය වෙනස් කරලා ලංකාවේ හමුදාව ලෝකයේ ඉන්න විනයගරැකම හමුදාව බවට පත්කළා. ඒ වගේම සොල්දාදුවා තමයි මේ රටේ විනයගරුකම පුද්ගලයා බවට පිළිගත් අදහසක් තවමත් රටේ තියෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ලෝකයේ කිසිම හමුදාවකට ලැබිලා නෑ. ඒ නිසා අමුතුවෙන් දේවල් කරන්න අවශ්‍ය නෑ.

හැබැයි ඔබ එහෙම කිව්වට පහුගිය කාලයේ සිදුවෙච්ච ඇතැම් දේවල්වලට යුද හමුදාවට චෝදනා එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම රටේ හදවත වගේ වන බුද්ධි අංශයට?

මේවා අමුතු විදිහට සිදුවෙන ක්‍රියාදාමයක්. අපේ රටේ හමුදාව බුද්ධි අංශ වෙන්නෙ මේ දේවල් අඩපණ වෙන්නෙ මේ දේවල් නිසයි. ආර්ථික ස්ථාවරභාවය, දේශපාලන ස්ථාවරභාවය, වගේ දේවල් ගොඩනැගීමේ ක්‍රියාදාමය තුළ ඉදිරියෙන්ම ඉන්නේ මේ බුද්ධි අංශය. විශේෂයෙන්ම මේ බුද්ධි අංශ යුද්ධයේදී වෘත්තීමය වශයෙන් විශාල කාර්යභාරයක් සිදුකලා. එවැනි කාර්යභාරයක් සිදුකළ බුද්ධි අංශයක් මේ ආකාරයෙන් පීඩාවට ලක් වීමක් ලෝකයේ කොහේවත් රටක සිදුවෙන්නේ නෑ. ඒ නිසා බටහිර රටවල් පසුපස යන අය මතක තියාගන්න ඕන එක දෙයක්. ඒ අලුතින් පත්වුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය කිව්ව දේ. ඇය කිව්වා කිසිම දවසක මගේ හමුදාවට විරුද්ධව පරීක්ෂණයක් සිදු කරන්නේ නෑ කියලා.

– දේශය පුවත්පතෙනි

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මොළකරු ව්‍යාපාරික මහතුන්ට උපරිම අගය ලබා දේ ? Srilanka-economic

මොළකරු ව්‍යාපාරික මහතුන්ට  උපරිම අගය ලබා දේ ?

සියළු බැංකුවල ‍ණය පොලී අනුපාත ඊයේ සිට දෙගුණ වූ බව වාර්තා වුනා. මේ අනුව, නිවාස ණයක්, පුද්ගලික ණයක් පමණක් නොව ව්‍යාපාරික ණයක් හෝ ගන්නා විට මාසික ව ගෙවිය යුතු වාරිකය ද ඊට සාපේක්‍ෂ ව ඉහළ යනු ඇත. ලිසිං පහසුකම් සඳහා ද මෙහි බලපෑමේ අනිවාර්ය වෙයි. මෙසේ වන්නේ ඇයි? එය බැඳුම්කර වංචාවේ ඍජු ප්‍රතිඵලයක් බව ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දුන් මහබැංකුවේ සමරසිරි සිල්වා පෙන්වා දුන්නා. මේ අනුව, වසර 30ක් යනතුරු ජාතියෙන් සොරාගන්නා ඒ මහා ධන කන්දරාවට අමතර ව, මේ වංචාව මගින් රටේ සාමාන්‍ය ආර්ථික ජීවිතයට එල්ල කරන බලපෑම සුළු පටු එකක් නෙමෙයි. ඔහුගේ කතාව කියවන්න.  

//අපි සිතමු වාර්ෂික භාණ්‌ඩාගාර බිල්පත් ඵලදා අනුපාතය සියයට 10 යි කියලා. එය සියයට 15 දක්‌වා ඉහළ යනවා කියල අපි උපකල්පනය කරමු. දැං බැංකුවලට එතකොට සියයට 10 තැන්පත් රැස්‌ කරන්න බෑ. හේතුව දැන් භාණ්‌ඩාගාර බිල්පත් පොලිය සියයට 15 දක්‌වා ඉහළ ගිහින් තියෙන නිසා. ඒ නිසා බැංකුවලට සිය තැන්පතු පොලිය වැඩි කරන්න වෙනවා. එතකොට ණය දීමේ පොලී අනුපාතවලට වෙන්නේ කුමක්‌ද? එවිට ණය දීමේ පොලියත් වැඩි කරන්න වෙනවා. එය සියලු දෙනාටම බලපානවා.

අපි මෙසේ පොලිය වැඩි වීමට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? ණය පොලී අනුපාතයත් ඉහළ යනවා. මහ බැංකුව කාගේ මුදල් ද මේ කළමනාකරණය කරන්නේ. මේ රටේ සේවක ප්‍රජාවේ මුදල්. ඔවුන්ගේ ඉතිරි කිරීමක්‌ තමයි අපි මේ කළමනාකරණය කරන්නේ. පොලී අනුපාත ඉහළ ගියොත් සමාගම්වලටඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න පුළුවන්ද?

මේ පොලී අනුපාතය ඉතාම වැදගත් වන්නේ මේ නිසයි. පොලී අනුපාත අඩු මට්‌ටමක තිබුණොත් ඔවුන්ට පහසුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගෙන වැඩි ව්‍යාපාර කටයුතු පුළුල් කරගෙන වැඩි ලාභයක්‌ ලබන්න පුළුවන්. එවිට වැටුප් මට්‌ටම් ඉහළ යනවා. එය අර්ථ සාධක අරමුදලටත් සම්බන්ධයක්‌ බලපෑමක්‌ තිබෙනවා.//
උපටාගැනිම මහින්ද පතිරණ
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල්-ජෝෂප් මයිකල් සාක්‍ෂියි.. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි.. ගෝටා ප‍්‍රබල රහස් ගොන්නක් හෙළිකරයි srilanka-politics

රනිල්-ජෝෂප් මයිකල් සාක්‍ෂියි.. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි.. ගෝටා ප‍්‍රබල රහස් ගොන්නක් හෙළිකරයි..

දිනෙන් දින ඉහළ යන ආරක්‌ෂක බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සමාජයේ ඇතිවී තිබෙන කතාබහ පිළිබඳ සංවාදය සඳහා හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – ත්‍රස්‌තවාදය ජයගැනීම සදහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ප්‍රධානියා ඔබ. ඔබ යටතේ සේවය කළ නිලධාරීන් බොහෝ දෙනකුට අද චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. ඔබට පවා චෝදනා ඉදිරිපත් වී අධිකරණයට, කොමිෂන් හමුවට, සී.අයි.ඩී. සහ එµa. සී.අයි.ඩී. වැනි ආයතන වෙත යැමට සිදුවී තිබෙනවා. ඔබ යටතේ සේවය කරන ලද හමුදා නිලධාරීන්ට විවිධ චෝදනා ඉදිරිපත් වීම හේතුවෙන්, අද අත්අඩංගුවට පත්වීමට පවා සිදුවී තිබෙනවා. යුධ ජයග්‍රහණය සදහා නායකත්වය ලබා දුන් පුරෝගාමී චරිතයක්‌ වන ඔබටත් මේ සඳහා වගකීමට සිදුවෙනවා නේද…?

පිළිතුර – ඇත්තටම මේකට වගකිව යුත්තේ නොමග ගිය ජනතාව. යුද්ධය අවසන් වෙලා වසර පහක්‌වත් යන්න ඉස්‌සෙල්ලා, එහි වැදගත්කම තේරුම් නොගෙන යම් යම් පුද්ගලයන් කියපු බොරුවලට රැවටිලා, ජනතාව මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාව පරාජය කළා. සුළු ජාතික ඡන්ද නොලැබීම නිසා මහින්ද රාජපක්‌ෂ පරාජය වුණා කියලා මතයක්‌ තිබුණත්, මම ඒ මතය විශ්වාස කරන්නේ නැහැ. මහින්ද රාජපක්‌ෂ මහතා පරාජයට පත් වුණේ, මහ ජාතියේ ඡන්ද හිමි නොවුන නිසයි. ඒ බව මෙම ඡන්ද ප්‍රතිපල විශ්ලේෂණය කර බලන විට පෙනී යනවා. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සිංහල ජනතාව තමයි මේ බොරුවලට රැවටුණේ. මුස්‌ලිම් ජනතාවට එදා රාජපක්‌ෂ ආණ්‌ඩුවට විරුද්ධ වෙන්න හේතුවක්‌ තිබුණා. ඒ තමයි, බොදු බල සේනාව. ප්‍රභාකරන් පරාජය කිරීම නිසා දෙමළ ජනතාවට ආණ්‌ඩුව ගැන වෛරයක්‌ තිබුණා. ඒ වෛරය කොයි තරම්ද කිව්වොත්, යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකාට 2010 දී සහයෝගය දුන්නා. මේ කියපු බොරු විශ්වාස කරලා, තමන් ඇස්‌ ඉදිරිපිට භුක්‌ති විඳින ජයග්‍රහණය අමතක කරලා දාන තැනට ජනතාව පත්වුණා.

එදා ආණ්‌ඩුව මාරු කරපු එක ගැන අද සැම කෙනෙක්‌ම දුක්‌ වෙනවා. සෑම ක්‍ෂෙත්‍රයකම පුද්ගලයන් මේ කරගත්ත දේ ගැන දුක්‌ වෙනවා.

ප්‍රශ්නය – ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම වැනි සිද්ධි සඳහා එදා හරියාකාරව පරීක්‌ෂණ සිදු කෙරුණේ නැහැ. ඒ පිළිsබඳව නියමිත පරීක්‌ෂණ සිදු කරලා වැරදිකරුවන්ට දඩුවම් දුන්නා නම්, අද මෙවැනි චෝදනා සඳහා බුද්ධි අංශ නිලධාරීන්ට සිරගත වීමට සිදුවෙන්නේ නැහැ…

පිළිතුර – මම මේ පරීක්‌ෂණ සඳහා විශාල ප්‍රයත්නයක්‌ දැරුවා. එක ආයතනයකට නෙමෙයි, හැම ආයතනයකටම මේ පරීක්‌ෂණ සිදු කිරීම සඳහා මම සම්පූර්ණ බලතල ලබා දුන්නා. ජාතික බුද්ධි අංශයට, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට, පොලිසිය ආදී හැම ආයතනයකටම මේ පිළිබඳ පරීක්‌ෂණ සිදුකර, වැරදිකරුවන් අල්ලා දෙන ලෙස මම නියෝග කළා. නමුත් යම් තැනකට ඇවිල්ලා මේ පරීක්‌ෂණ නැවතුණා, ඉන් එහාට ගියේ නැහැ. මේ සඳහා වැරදිකරුවන් ලෙස අපි අනුමාන කරපු අය හිටියා. පොලිසිය සොයාගන්නා තොරතුරුවලින් පිටට ගිහිල්ලා, දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා අපිට අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ. වර්තමාන අගමැතිතුමා විසින් එදා පාර්ලිමේන්තුවේදී ලසන්ත ඝාතනය පිළිබඳව සරත් ෆොන්සේකාට වගකීම පැවරුවා. ජෝශප් මයිකල් පෙරේරා මහත්මා මේ ගැන සරත් ෆොන්සේකාගේ නම කිව්වා. ඒ අතර රට තුළ හැම කෙනකුගේම සැකයක්‌ මතුවුණා, මේ කටයුතු සඳහා වගකිව යුත්තේ සරත් ෆොන්සේකා කියලා. නමුත් දේශපාලනිකව ඒ දෙය අරගෙන සරත් ෆොන්සේකාට දඬුවම් දෙන්න මටවත් ජනාධිපතිතුමාටවත් ඕනේ වුණේ නැහැ. රහස්‌ පොලිසියටවත් බුද්ධි අංශයටවත් යම් කිසි ස්‌ථානයකින් එහාට ගිහිල්ලා ඒවා ඉවර කරන්න බැරි වුණ නිසා තමයි අපිට ඒ ගැන අවසාන තීන්දුවක්‌ ගන්නට බැරි වුණේ.

මේ ආයතනවලට මම ලිතව මේ ගැන දන්වලා තියෙනවා. ඒ නිලධාරීන් දැනුත් ඒ ආයතනවල ඉන්නවා, මම ඒ ගැන සොයන්න බල කළා මිසක්‌ කිසිම කෙනකුට ඒ සඳහා බාධා කළේ නැහැ. ඒ ආයතනවලට මේ ගැන අවසන් තීන්දුවක්‌ සඳහා ඒමට, ඔප්පු කළ හැකි සාක්‌ෂි ලැබුණේ නැති නිසා තමයි මේ පරීක්‌ෂණ නැවතුනේ…

ප්‍රශ්නය – ඔබගේ Rජු වගකීම යටතේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වුණු මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ ඒකකයක්‌ මගින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ බවට හිටපු හමුදාපතිවරයා විසින් මේ වන විට සාක්‌ෂි ලබා දී තිබෙනවා.

පිළිතුර – කපිල හෙන්දාවිතාරණ කියන්නේ, විශ්‍රාම ගිය මේජර් ජෙනරාල්වරයෙක්‌. ඔහු විශ්‍රාම යැමට පෙර හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වී සිටියා. ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා වී සිටියා. ඔහු හමුදා බුද්ධි අංශ ආරම්භයේ සිට සේවය කළ විශිෂ්ට නිලධාරියෙක්‌. ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් රාශියක බුද්ධි අංශ කටයුතුවල ඔහු නිරත වුණා. ඔහු මගේ මිත්‍රයෙක්‌ නෙමෙයි. මම ඔහු හඳුනාගෙන සිටියේ හමුදා සේවයේදී නිලධාරියකු ලෙසයි. ඔහු විශ්‍රාම යන විට, ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අපි විසින් පත් කළා. ඉන් පසුව ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ ඔහු සේවය කළා. ඔහු බුද්ධි අංශ ප්‍රධානියා ලෙස විශ්‍රාම යැමෙන් පසුව කටයුතු කළේ සිවිල් නිලධාරියකු ලෙසයි. ඔහු යටතේ හමුදා භට පිරිස්‌ හෝ වෙනම කණ්‌ඩායම් සිටියේ නැහැ. ඔහුට අණදීමේ හැකියාවක්‌ තිබුණේ නැහැ. ලැබෙන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර, ඒ සඳහා ඔහුගේ දැනුම ද එකතුකර රාජ්‍යයේ ආරක්‌ෂාව සඳහා ඉදිරිපත් කිරීම තමයි, ඔහු විසින් සිදු කළේ. ජාතික ආරක්‌ෂක මණ්‌ඩලයේදී මේ බුද්ධි තොරතුරු සමාලෝචනය කර ඉදිරිපත් කරන්නේ ඒ නිලධාරීන්. චූලා සෙනවිරත්නත් විශ්‍රාම යැමෙන් පසු මේ තනතුර දැරුවා. මේ නිලධාරීන්ට අණ දීම සඳහා කණ්‌ඩායම් හිටියේ නැහැ. ඒ අය කළේ ඩෙස්‌ක්‌ ජොබ් එකක්‌. ඒ කියන්නේ කාර්යාල තත්ත්වයේ සේවයක්‌. අරයට ගහන්න, මෙයාට ගහන්න කියන්න ඒ අයට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ.

ප්‍රශ්නය – නමුත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ චෝදනාව වන්නේ ඔබ යටතේ සිටි මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ විසින් ලසන්ත ඝාතනය සඳහා කණ්‌ඩායමක්‌ යොමු කළ බවයි…

පිළිතුර – සරත් ෆොන්සේකා මේ කියන කතාව නිසාම ඔහුව අත්අඩංගුවට ගන්න ඕනේ. හෙන්දාවිතාරණ යටතේ හමුදාවේ පිරිසක්‌ සිටියා නම්, හමුදාපති ලෙස ඔහු ඒ සදහා වග කියන්න ඕනේ. එහෙම කට්‌ටියක්‌ ඉඳගෙන වැරදි වැඩක්‌ කරනවා නම් ඇයි ෆොන්සේකාට බැරි ඒක වහාම නවත්වන්න. ඒ අයට පරීක්‌ෂණයක්‌ පවත්වන්න. එහෙම පිරිසක්‌ හිටියා නම් ඒ අයව යළි කැඳවන්න ඔහුට බැරි වුණේ ඇයි…? හමුදාවේ සිටින සෑම කෙනෙක්‌ පිළිබඳවම හමුදාපති ලෙස ඔහු වගකියන්න ඕනේ…

ප්‍රශ්නය – හිටපු හමුදාපතිවරයා විසින් සඳහන් කරන්නේ, බුද්ධි අංශ පිළිබඳව නොව, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ සිටි වෙනම කණ්‌ඩායමක්‌ පිළිබඳවයි…

පිළිතුර – එයා සාකච්ඡාවකදී එහෙම කියනවා මමත් අහගෙන හිටියා. එහෙනම් අත්අඩංගුවේ සිටින අනිකුත් බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව එයා මොකද කියන්නේ… දැන් අත්අඩංගුවට අරන් ඉන්න හැමකෙනෙක්‌ම බුද්ධි අංශ අයනේ… එහෙනම් ඒගොල්ලන්ව නිදහස්‌ කරලා දාන්න කියලා කියන්න පුළුවන්නේ… පළිගැනීම සඳහා හෝ වෙනත් අයගේ අවශ්‍යතා ඉටුකිරීමට සරත් ෆොන්සේකා විසින් කරන මේ දේවල්, ජාතික ආරක්‌ෂාවට හමුදාවට මෙන්ම ඔහුටත් කරගන්න හානියක්‌. ඔහු කොහොමද කියන්නේ තමන් දන්නේ නැහැ කියලා, තමන් යටතේ ඉන්න බුද්ධි අංශ මොනවද කරන්නේ කියලා… පැත්තක ඉන්න අයට චෝදනා කරන්න එයාට පුළුවන්කමක්‌ නැහැ. මේ පරීක්‌ෂණ පවත්වන නිලධාරීන් පවා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ… මම දන්න විදිහට මේ පරීක්‌ෂණ හරි මාර්ගයක යන්නේ නැහැ. අපි ඉන්න කාලයේම, මේ දේවල් ගැන තොරතුරු ලැබිලා තිබුණා. එයින් එහාට යන්න විදිහක්‌ තිබුණේ නැති එකයි ප්‍රශ්නය. ඊට අමතරව සරත් ෆොන්සේකා විසින් යම් යම් කණ්‌ඩායම් ලවා කරපු දේවල් ගැන තොරතුරු වාර්තා වුණා. ඒ දේවල් ගැන හොයන්නේ නැත්තේ ඇයි…? මේ බුද්ධි අංශයක්‌ පස්‌සෙම යන්නේ ඇයි…? මේ වගේ දේවල් වෙනවා කියලා එයා දැනගෙන හිටියා නම් හමුදාපතිවරයා වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ. එහෙම දෙයක්‌ වෙනවා නම් ඔහුත් වගකියන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබ විසින් නීතිඥ වැලිඅමුණට හානියක්‌ කරන්න කියලා හිටපු හමුදාපතිවරයාට කියා තිබෙන බවත් ඔහු එය ප්‍රතික්‌ෂේප කිරීම නිසා, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ ලවා එය කර ගත් බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

පිළිතුර – හෙන්දාවිතාරණට කියලා ඒක කරගන්න පුළුවන් නම් මම මොකටද සරත් ෆොන්සේකාට ඒක කියන්නේ. මම කෙලින්ම හෙන්දවිතාරණට කියනව නේ… මොකද මම කරන දේවල් එයාට දැනුම් දීලා ඉන්න ඕනේද…? මේ වගේ විහිළු තමයි එයා කරන්නේ. ඔහුට තියෙන ක්‍රෝධයේ තරමයි මේ දේවල්වලින් පෙනෙන්නේ… ඒ කාලේ විපක්‌ෂ නායක විදිහට හිටපු වර්තමාන අගමැතිතුමා ඔහුගේ නම ලසන්ත ඝාතනයට සම්බන්ධ කිරීම ගැන එයා කියපු දේ දැක්‌කාද…? ඔහු සමග තරහ හමුදා නිලධාරින් පිරිසක්‌ එවකට විරුද්ධ පක්‌ෂ නායකතුමාට බොරු කිව්වා. ඒ දේවල් තමයි රනිල් වික්‍රමසිංහ මහතා කිව්වේ කියලා එයා කියනවා. ඕකම තමයි එයා දැන් කරන්නේ. වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කරනවා. සරත් ෆොන්සේකා අද කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, එවැනි කෙනෙක්‌ මෙහෙම කිව්වාම ඒ පරීක්‌ෂණ සිදුකරන නිලධාරීන්ට සිද්ධවෙනවා, ඒ දේවල් සනාථ කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මම දැක්‌කා චම්පික රණවක ඇමැතිතුමාත් මෙවැනි ප්‍රකාශයක්‌ නිකුත් කරලා තිබුණා. එතුමා ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයෙක්‌. පොලිස්‌පති තනතුර පවා පත් කරන්නේ ඒ මණ්‌ඩලයෙන්. වෙච්ච දේවල් සඳහා රාජපක්‌ෂලා වගකියන්න ඕනේ කියලා චම්පික ඇමැතිතුමා කියනවා. ගෝඨාභය සහ හෙන්දාවිතාරණ වගකියන්න ඕනේ කියලා සරත් ෆොන්සේකා කියනවා. කැබිනට්‌ ඇමැතිවරු මෙහෙම කියලා, වාතාවරණයක්‌ හදලා, පොලිසියට කියනවා පරීක්‌ෂණයක්‌ තියන්න කියලා. එතකොට ඒ පරීක්‌ෂණ ස්‌වාධීනව සිදු කෙරෙයිද…? ඒ ඇමැතිවරුම නිමිත්ත ඇති කරලා, තීරණ දීලා, ආණ්‌ඩුව යටතේ තියෙන පොලිසියට කියනවා පරීක්‌ෂණ තියන්න කියලා. එතකොට මෙතැන තියෙන සාධාරණය මොකක්‌ද…? මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්‌. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේක නවත්වන්න ඕනේ… ඒ අය කතා කළේ සාධාරණ සමාජයක්‌ ගැන නේ… අගමැතිතුමා නීතිඥයෙක්‌. එතුමා නීතිය දන්නවා. බලගතු ඇමැතිවරු එකිනෙකා ළඟට ඇවිල්ලා නම් කියලා, විවිධ සිදුවීම් වෙනුවෙන්, කිසිදු පදනමක්‌ නැතුව චෝදනා කරලා, කරගෙන යන වැඩේ හරිද…? හැමකෙනාම දන්නවා, මේ දේවල් කළේ කවුද කළේ කියලා. සියලූ දෙනාගේ හදවත ඒ ගැන දන්නවා. ඊළඟට ඒ අය පරීක්‌ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ඒ අය කියපු විදිහට පරීක්‌ෂණ කරන්න.

ප්‍රශ්නය – පසුගිය යුද්ධ කාලයේ බුද්ධි අංශ විශාල සේවයක්‌ කළා. අද වෙනකොට බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා කියලා චෝදනා එල්ල වෙනවා. ඔබ මේ කඩා වැටීම ගැන දකින්නේ කොහොමද…?

පිළිතුර – මේ පරීක්‌ෂණ සිදු කරන්නේ පොලිස්‌ නිලධාරින්නේ… පොලිසියත් බුද්ධි අංශත් යුද්ධ කාලයේදී විශාල පරිශ්‍රමයක්‌ දැරුවා, එල්ටීටීඊ

ත්‍රස්‌ත ක්‍රියා පාලනය කරන්න. උතුරු සහ නැගෙනහිරෙන් ඔබ්බට ත්‍රස්‌ත ක්‍රියාකාරකම් මැඬලීම සඳහා, මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදීන් මැඬපවත්වන්න මේ කණ්‌ඩායම් විශාල දායකත්වයක්‌ ලබා දුන්නා. සාම කතා කාලයේදී ත්‍රස්‌තවාදීන් අපේ සමාජය තුළට ඇවිල්ලා. තමන්ගේ ජාල හදාගෙන, සේµa හවුස්‌ අරගෙන, සංවිධානය වෙලා තිබුණා. මේ ජාලය කඩලා, ඒ ක්‍රියාකාරකම් මැඬපවත්වන්න කටයුතු යෙදෙව්වේ මේ බුද්ධි අංශ සහ පොලිසිය නේ… එහෙම සේවය කරපු බුද්ධි අංශ පිළිබඳව පොලිසියෙන් පිටිපස්‌සෙන් එළවීම, කොයි තරම් අසාධාරණද…? මේ දේශපාලනඥයන් අද වේදිකාවල නැගලා කතා කරන්නේ, ජනාධිපති තනතුරු, අගමැති තනතුරු දරන්නේ, මේ බුද්ධි අංශ නිලධාරින් නිසා කියලා. ඒ අය කරපු කැපකිරීම් අද අමතක වෙලා. ඒ බුද්ධි නිලධාරීන්ගේ පවුල් එදා බලාගෙන හිටියේ කොයි වෙලාවේ එල්ටීටීඊ එකෙන් මරයිද කියලා. අද ඒ අය බලාගෙන ඉන්නේ, තමන්ගේ ස්‌වාමි පුරුෂයාව, තමන්ගේ තාත්තාව කොයි වෙලාවේ හෝ රහස්‌ පොලිසිය ඇවිල්ලා හිරේ දායිද කියලා. එල්ටීටීඊ සංවිධානය නැති කරන්න ගන්න ක්‍රියාමාර්ග වලදී විවිධ මාර්ග අනුගමනය කරන්න සිද්ධ වෙනවා. සී.අයි.ඒ. එක කරන්නේ ඒක තමයි. සෑම බුද්ධි අංශයක්‌ම එහෙම තමයි වැඩ කරන්නේ. සී.අයි.ඒ සංවිධානය ලංකාවේ හිටපු කෙනෙක්‌ අල්ලාගෙන ඒ අයගේ රටට අරගෙන ගියා. ඒ පිළිබඳව පොත් පවා ලියෑවිලා තියෙනවා.

ප්‍රශ්නය – ඔබ විසින් අද හමුදා බුද්ධි අංශය පිළිබඳව රණවිරුවන් පිළිබඳව දුක්‌වෙනවා. එදා යුධ හමුදාපති තනතුර ඉසිලූ සරත් ෆොන්සේකා හිරේ දානකොට රණවිරු කැක්‌කුමක්‌ ඔබට සහ එම රජයට තිබුණේ නැද්ද…?

පිළිතුර – ‘සරත් ෆොන්සේකා කළ දේ බලන්න… සරත් ෆොන්සේකාම පාර්ලිමේන්තුවේදී කිව්වේ මාව බදා ගත්තා… මට කේක්‌ එක කපන්න දුන්නා…මාව වර්ණනා කළා’ කියලා. ඔව්…එහෙම කළා තමයි. අන්න නායකත්වය. අපිම තමයි ඔක්‌කොම කළේ කියලා අපි කිව්වේ නැහැ… නායකයකුගේ ලක්‌ෂණය තමයි තමන් ජයග්‍රහණය බාර ගන්නේ නැතුව තමන් යටතේ ඉන්න අයෙකුට ජයග්‍රහණය බාර දීම. බැණුම් අහන එක තමයි, නායකයා ගන්නේ… සරත් ෆොන්සේකාට ඒකවත් තේරෙන්නේ නැහැ. එහෙම කළාම, එයා මොකක්‌ද කළේ…? හමුදාපතිවරයා ලෙස ඉද්දීම විරුද්ධ පක්‌ෂය සමග හොරෙන් සාකච්ඡා කළා. සේනාධිනායක ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය ඉල්ලන්න සාකච්ඡා කළා. තමන් හමුදාපති, ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස, ඉන්දෙද්දී කරපු දේ හරිද…? හමුදාව දෙකට බෙදුවා. හමුදාපති ලෙස ඉන්න ගමන් ඉවත් වෙලා ඡන්දය ඉල්ලූ, ඔහු සමග වැඩ කරපු හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක්‌ ඔහු වෙනුවෙන් වැඩ කළා. ඒ විදිහට හමුදාව දේශපාලනීකරණය කළේ නැහැ කවුරුවත්. දේශප්‍රේමීන් එකට එකතුවෙලා සටන් කරලා, එක ජාතියක්‌ හැටියට, ජයග්‍රහණයක්‌ ලබා ගත්තා. මේ පිරිස දෙකට බෙදුවේ එයා. මේවා රාජෙද්‍රdaහී වැඩ… ජාතිෙද්‍රdaහී වැඩ… ඒවගේ වැරදි එයා කළේ, තමන්ගේ පුද්ගලික අරමුණක්‌ වෙනුවෙන්… මේ වගේ බලලෝභී, තමන්ගේ බලලෝභී අරමුණ වෙනුවෙන් අපි ලබපු ජයග්‍රහණය පාවා දුන්න පුද්ගලයෙක්‌ තමයි සරත් ෆොන්සේකා කියන්නේ… මේ නිලධාරීන් එහෙම අය නෙමෙයි. අද හිරේ දාලා ඉන්නේ අපේ ජයග්‍රහණය පාවා දුන්න අය නෙමෙයි. සරත් ෆොන්සේකා කියන්නේ ජයග්‍රහණය පාවා දුන්න පුද්ගලයෙක්‌.

ප්‍රශ්නය – බුද්ධි අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කිරීම වැනි දේ සිදුවුණ බවට ප්‍රබල චෝදනා තිබෙනවා. එවැනි කාරණා බුද්ධි අංශ විසින් සිදුකිරීම ඔබ අනුමත කරනවාද…?

පිළිතුර – ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා බුද්ධි අංශ විසින් අවංක ෙච්තනාවෙන් කරපු දේවල් ගැනයි මම කාතා කරන්නේ. තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනයක්‌ උදෙසා ඒ අය යම් දෙයක්‌ කරලා තිබෙනවා නම්, ඒවාට දඬුවම් දෙන්න. එහෙම කරපු අය නෙමෙයිනේ මේ අල්ලගෙන ඉන්නේ… නමුත් හුදෙක්‌ ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා අවංක ෙච්තනාවෙන් මොනයම් හෝ දෙයක්‌ සිදු කළා නම් ඒ ගැන හොයන්න. නාවික හමුදාවේ යම් නිලධාරියෙක්‌ ළමයි වගයක්‌ අල්ලාගෙන ඉන්නවා කියලා, මට නාවික හමුදාපතිතුමා දැනුම් දුන්නාම, මම ඒ පිළිබඳව පරීක්‌ෂණ කරන්න කියලා ලිතව දැනුම් දීලා තිබෙනවා. හැබැයි ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් කරලා තිබෙන දේවල් සෙවීම සම්පූර්ණයෙන්ම තහනම් කියලා මම දැන්නුවා. ජාතික ආරක්‌ෂාව මුවාවෙන් කරපු පුද්ගලික දේ ගැන හොයන එක හරි. ඒත් ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් කටයුතු කරපු නිලධාරීන් හිරේ දැමීම වැරදියි…

ප්‍රශ්නය – ඔබ විසින් අනාගත දේශපාලන සිහිනයක්‌ වෙනුවෙන් ‘වියත්මග’ නම් සංවිධානයක්‌ හදාගෙන රටපුරා සම්මන්ත්‍රණ තබාගෙන යන බව පෙනෙනවා.

පිළිතුර – එහෙම සිහිනයක්‌ වෙනුවෙන් නෙමෙයි මේ දේවල් කරන්නේ. වෘත්තිකයන් පිරිසක්‌ ඇවිල්ලා, ඒ අයගෙන් කුමන ආණ්‌ඩුව ආවත් වැඩක්‌ ගන්නේ නැහැ කියලා මට කිව්වා. ඡන්දයට සුමානයකට විතර ඉස්‌සෙල්ලා, බුද්ධිමතුන්ගේ සම්මන්ත්‍රණයක්‌ කියලා, නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙනහල්ලා කොයි පක්‌ෂයෙනුත් සමුළුවක්‌ තියෙනවා, කියලා ඒ අය කිව්වා. ඒගොල්ලන්ගේ හැකියාවෙන් ආණ්‌ඩුවක්‌ ප්‍රයෝජන ගන්නේ නැති බව ඒ අය කිව්වා. මේ පිරිස එකතුකරගෙන, රටට මග කියාදීම තමයි අපේ අරමුණ වුණේ. ඒක එක දේශපාලන පක්‌ෂයක්‌ වෙනුවෙන් කරන දෙයක්‌ නෙමෙයි. කොයි ආණ්‌ඩුවක්‌ බලයට ආවත් බලයේ හිටියත්, රටේ ඇතිවෙන විවිධ ප්‍රශ්න පිළිබඳව බුද්ධිමතුන්ගේ අදහස්‌ දායක කරගැනීම තමයි මෙහි අරමුණ වුණේ. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති මාලාව අනුව යන ජනාධිපතිවරයෙක්‌, ආණ්‌ඩුවක්‌ ඊළඟ මැතිවරණයකදී ආවොත් ඒ සඳහා බුද්ධිමය දායකත්වය ලබා ගැනීමයි අපේ අරමුණ වුණේ.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්‌ෂකයකු ලෙස ඉදිරිපත්වීම සඳහා ඔබ විසින් සාදා ගන්නා පසුබිම නේද මේ…?

පිළිතුර – ඔය තනතුරු සඳහා මගේ කිසිම ආශාවක්‌ නැහැ… ගිය ආණ්‌ඩුව කාලයේ, රතන හාමුදුරුවෝ. චම්පික, උදය ඇතුළු හෙළ උරුමයේ අය ඇවිල්ලා මට කිව්වා ඔබතුමා අගමැති වෙන්න ඕනේ… කියලා. එහෙම අවශ්‍යතාවක්‌ මට නැහැ කියලා මම කිව්වා. ආරක්‌ෂක ලේකම් කියන නිලධාරි තනතුරේ ඉඳලා, රට වෙනුවෙන් මගේ වැඩ කොටස ඉටු කරන්න පුළුවන් කියලා මම කිව්වා. විවිධ මත තියෙන අය, විවිධ බලාපොරොත්තු තියෙන අය මේ ගැන වැරදියට හිතන්න පුළුවන්. 2010 මහ මැතිවරණයේදී මට ඡන්දය ඉල්ලන්න තිබුණානේ… පසුගිය මහ මැතිවරණයේදී මට ඡන්දය ඉල්ලන්න තිබුණානේ… එහෙම අරමුණක්‌ මට නැහැ. රට වෙනුවෙන්, ජාතිකත්වය වෙනුවෙන් රටේ අධ්‍යාපනය, ආර්ථිකය ආදී හැම ක්‍ෂෙත්‍රයකටම ප්‍රතිපත්ති හඳුන්වාදීම, ඒ ප්‍රශ්න ගැන අදහස්‌ ලබා දීම තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – ඔබේ සංවිධානය ඒකාබද්ධ විපක්‌ෂයේ බුද්ධි මණ්‌ඩලය ලෙස කටයුතු කරනවාද…?

පිළිතුර – නැහැ… නැහැ… අපේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා දේශපාලනඥයන්ට ඇරයුම් කරනවාට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ. එහෙම වුණත් අපේ සංවිධානය විසින් දේශපාලනඥයන් කිහිපදෙනෙක්‌ සඳහා ඇරයුම් කළා… ඒ නිසා වෙන්න ඇති මෙහෙම මතයක්‌ ඇතිවෙන්න ඇත්තේ. අපේ සහයෝගය ලබා දෙන්නේ, රට වෙනුවෙන් මිස පක්‌ෂයක්‌ වෙනුවෙන් නෙමෙයි. ඕනෑම ජනාධිපතිවරයෙකුට, ආණ්‌ඩුවකට අපේ ප්‍රතිපත්ති සමග එකඟ නම්, අපේ සහයෝගය ලබාදෙන්න අපි සුදානම්… ඒක දේශපාලන රටාවක්‌ නෙමෙයි… ප්‍රතිපත්තිමය. බුද්ධිමය දායකත්වයක්‌… අපි ගිහිල්ලා සමහර පැතිවල වැඩ කරද්දී ඒකාබද්ධ විපක්‌ෂයේ අය ඔවුන් දැනුවත් කර, ඔවුන්ගේ සහයෝගය ඇතිව අපි ඒ දේවල් කරයි කියලා හිතනවා. අපි දේශපාලන කණ්‌ඩායම් සමග වැඩ කරන්නේ නැහැ. ඒ අයත් වැරදි මතයක්‌ ගොඩනගාගෙන තියෙනවා.

ප්‍රශ්නය – ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා වරක්‌ ඔබව අගමැති තනතුර සඳහා පත් කරන්න කියලා, යෝජනා කළා. දයාන් ජයතිලක මහතා විසින් ඔබ ඊළඟ ජනාධිපති ලෙස පත් කළ යුතු යෑයි නිතර පෙන්වා දෙනවා. රටේ බොහෝ දෙනකු ඊළඟ නායකයා ලෙස ඔබගේ නම යෝජනා කරනවා… ඊළඟ නායකයා ලෙස මෙහෙම ඉල්ලුමක්‌ නිර්මාණය වෙනකොට, ඔබටත් ඒ ගැන නොසිතෙනවා නම් , එක පුදුම සහගත තත්ත්වයක්‌නේ…

පිළිතුර – මම දේශපාලනය කරලා නැහැනේ… ඒ නිසා එහෙම දේවල් හිතෙන්නේ නැහැ. ඒ ආශාව මට ඇතිවෙන්නේ නැහැ. අපිට වැඩක්‌ කරන්න පුළුවන් කාලය තුළ, අපේ ප්‍රතිපත්තියට අනුකුල නායකයෙක්‌ සමග වැඩ කරන්න මම ලැහැස්‌තියි…

ප්‍රශ්නය – ඒ නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙන්නත් පුළුවන්ද…?

පිළිතුර – අපේ ප්‍රතිපත්තිය මත සහයෝගය දෙන්න පුළුවන්. නැතුව මට තනතුරක්‌ අරගන්න නෙමෙයිනේ මේ දේවල් කරන්නේ… වැදගත් වන්නේ ප්‍රතිපත්තියයි… ඒ දෙය පිළිගන්න ඕනෑම කෙනෙකුට අපි සහයෝගය දෙනවා.

ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔබ අතර සුහදත්වයක්‌ තිබෙන බවට ආරංචි පැතිරෙනවා… තාමත් ඒ සුහදභාවය එසේම පවතිනවාද?

පිළිතුර – එතුමා සමඟ මගේ තිබුණ සම්බන්ධතාව කලින් ආණ්‌ඩුවේ සිටමයි තිබුණේ. ඇමැතිවරයෙක්‌ ලෙස එතුමා කටයුතු කරන කාලයේ මම ළඟින්ම ආශ්‍රය කළෙත් නැහැ. ඒ වගේම එතුමාට කිසිම අවස්‌ථාවක විරුද්ධ වුණෙත් නැහැ. එතුමා අගමැති ලෙස පත් කරන්න කියලා, මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගෙන් මම කිහිපවතාවක්‌ම ඉල්ලීම් කළා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා වැඩ කරන්නේ එජාපයත් එක්‌ක… ඒක එතුමාටත් අපහසුතාවක්‌ වෙන්න ඇති. ඒ නිසා දැන් එතුමා සමඟ තිබෙන සම්බන්ධය අඩුයි. දැන් එතුමාට අපි ගැන එක එක දේවල්, කේලම් කියනවා ඇති… ගෝඨා කුමන්ත්‍රණ කරනවා කියලා කියනවා ඇති… එතුමා ජනාධිපතිතුමානේ… මම නිකං ඉන්න මිනිහෙක්‌නේ… බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව, ජාතික ආරක්‌ෂාව පිළිබඳව එතුමා මගෙන් මොකක්‌ හරි ඇහැව්වොත් මම එතුමා සමග කතා කරනවා. මේ රටේ හැටි දන්නවනේ… අපි කුමන්ත්‍රණකාරයෝ විදිහට එතුමාට කියලා ඇතිනේ… ඒ නිසා එතුමත් කැමති නැතුව ඇති අපි සමග මේ දේවල් කතා කරන්න… බලයේ සිටින විට කියන කේලම් ගැන අපි දන්නවනේ… ගෝඨාගේ මිනිස්‌සු ඉන්නවා… ගෝඨාගේ අය කුමන්ත්‍රණ කරනවා කියලා කිව්වහම එතුමා අපිත් එක්‌ක කතා කරන්නේ නැහැනේ…

මනෝඡ් අබයදීර
දිවයින


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‍‍මහරැලි දැන් ඇති ! Srilanka-politics

‍‍මහරැලි දැන් ඇති !

හබරාදූව රැලිය අවසන්. එය සෙසු ජන රැලි වගේ ම සාර්ථක එකක් බව කිව යුතුයි. විශාල ජනසහභාගිත්වයක් ඊට ලැබුණා. ඒ අනුව, රැලිය සංවිධානය කළ අයගේ උත්සාහය අපතේ ගියේ නැහැ. ප්‍රදේශයේ සංවිධානයකවරුන් වන වෛද්‍ය රමේශ් පතිරණ ප්‍රමුඛ පිරිසගේ කැපවීම හා ඕනෑකම අවිවාදිතව අගය කරනවා. රැලිය හරහා පෙන්නුම් කළ වැදගත් කාරණයක් වුනේ, ඒකාබද්ධ විපක්‍ෂය මහින්ද සමග එක්ව එක ගමනක් යෑමට වන අධිෂ්ඨානය පෙර සේම නොසැලි තිබෙන බවයි. සහභාගී වූ ජනතාවත් එය ලකුණු කළා. 

මම කියන්න යන්නෙ වෙන කතාවක්. මේ මහා පරිමාණ රැලි දැන් ඇති. විශාල මුදලක් හා ශ්‍රමයක් වැය කරමින් සංවිධානය කරන මෙවැනි රැලි දැන් දැන් අතාර්කික හා අවලංගු සංකල්පයක් බවට පත් වෙමින් තිබෙන බව පෙනී යනවා. මීට මාස කීපයකට කලින් කළ රත්නපුරයේ රැස්වීමට රුපියල් ලක්‍ෂ 77ක් වියදම් වුන බව කියවුනා. එය සංවිධානය කළ ඒකාබද්ධයේ ප්‍රධාන මන්ත්‍රීවරියක් ඊට මුදල් වියදම් කළේ, තම වාහනය විකුණා දමා. හබරාදූවෙත් සෙසු තැන්වලත් එවැනි සංවේදී කතා අනන්තවත් ඇති. කැපවීම එතරම් විශාලයි. නුගේගොඩ මහ රැලියෙන් පටන් ගෙන මේ වන විට රට පුරා විශාල මෙවන් ජනරැලි සංවිධානය වුණා. ඒවා ආණ්ඩුවට එරෙහි ජනමතය ගොඩ නගන්න විශාල ලෙස සහාය වූ බවත් නොරහසක්. ඒත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා අවශ්‍ය නැහැ. 

අපි දැන් ප්‍රමාණාත්මක ව විශාල රැලිවලට වඩා ගුණාත්මක ව ප්‍රතිඵලදායි ක්‍රියාවන්ට එළඹිය යුතුයි. අද රට ම සකලවිධ මාධ්‍ය ජාල ඔස්සේ සම්බන්ධ වී අවසන්. සමාජජාලා මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ගම් නියම්ගම්වල පවා තරුණයින් හා වැඩිහිටියන් පවා මේවාට දැන් දිනපතා එකතු වෙනවා. ඔවුන් අපට දෙන පණිවුඩය තමා, අපේ ප්‍රචාරක ආකෘතිය වෙනස් කරන්න කියන එක. මම කියන්නෙ සමාජජාල විතරක් නෙමෙයි, කුඩා කණ්ඩායම් ප්‍රචාරණ විධි (මෙහි ප්‍රසිද්ධියේ කිව නොහැකි) අනුගමනය කළ යුතුයි. වත්මන් මාධ්‍ය සංසරණ ඝණත්වය තුළ, රැලියකින් හදන මතයක් එක පුවතකින් රාත්‍රි ප්‍රවෘත්තියක් හෝ කටකතාවකින් ආපසු හැරවිය හැකියි. තත්වය එයයි. ඒ අනුව, මහා රැළි මානසිකත්වයෙන් මිදී හුරුබුහුටි ක්‍රමවලට මුදල් හා ශ්‍රමය වැයකිරීමට කාලයයි මේ. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෙයට එතරම් රුචියක් දක්වන එකක් නැහැ. මන්ද ඔවුන් කැමති ප්‍රදර්ශනකාමී ප්‍රචාරක ක්‍රමවලට. ඒත් එය ප්‍රතිඵලදායි නොවන බව ඔවුන්ගේ මිතුරු කළ විසින් ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි.
උපටාගැනිම - මහින්ද පතිරණ ෆෙස්බුක් පිටුවෙන්
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල්ට ආණ්ඩුව මෙතරම් බය ඇයි..? දිගටම ඇප නොලැබෙන්නේ ඇයි..? මෙන්න ඇත්ත..Srilanka-politics

විමල්ට ආණ්ඩුව මෙතරම් බය ඇයි..? දිගටම ඇප නොලැබෙන්නේ ඇයි..? මෙන්න ඇත්ත..

පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

සුවිශේෂි කාරණා ඉදිරිපත් කිරීමට අසමත්වු බව කියමින් විමල් වීරවංශ මන්ත්‍රිතුමන්ව රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා. නිදහස ලබාගැනීමේ අරගලය අධිකරණයෙන් කරගැනීමට නොහැකිබව එතුමන්ට හැගීගොස් ඇති නිසා ඒ සඳහා තමන්ම අරගල කල යුතුයි කියලා එතුමා තීරණය කරලා අද උදෑසන සිට එතුමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තියෙනවා.

විමල් වීරවංශ මන්ත්‍රීතුමන්ව මාරාන්තික උපවාසයකට තල්ලු කරන්නේ කුමන කාරනා නිසාද කියලා අපි බැළුවොත් පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට පත්වී මහාධිකරණයෙන් ඇප ප්‍රතික්ශේප වූ පුද්ගලයෙකු මම නම් දන්නේ නැහැ. විමල් වීරවංශ මන්ත්‍රීතුමන්ට නගපු චෝදනාව යටතේම අත්අඩංගුවට ගත් විවිධ අය ඒ බී වාර්ථා යටතේම අධිකරණයටත් ඉදිරිපත්කරලා , එම පුද්ගයන්ට ඇප දීමට සලකා බැලු සුවිශේෂී කරුණුම විමල් වීරවංශ මැතිතුමා කෙරෙහි අදාල නොවේ කියලා ප්‍රතික්ශේප වීම ගැන අපි ඇත්තෙන්ම පුදුමයට පත්වෙනවා.

ඇප ලබාදීමේදී අන් අය සම්බන්දයෙන් ඉදිරිපත් වූ කාරණා විමල් වීරවංශ මැතිතුමන් සම්බන්දයෙන් අදාල නොවන්නේ එතුමන් ආණ්ඩුවට සුවිශේෂී පුද්ගලයෙක් වීම නිසයි. එතුමන් තමයි මේ ආණ්ඩුවට තිබෙන ප්‍රබලතම තර්ජනය කියලා ආණ්ඩුව විසින්ම පිලිගැනීමක් කර තිබෙනවා. එතුමන්ට දෙන හිරි හැරවලින් ඒ බව පැහැදිලියි.

ඇස් බැද ඇති නීතියේ කාන්තාව ඉදිරියේ සුවිශේෂී පුද්ගලයන් සිටින්නට බැහැ. අධිකරණ පද්ධතිය පිළිබදව මෙ රටේ ජනතාවගේ විශ්වාසය නැතිවුනොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යුක්තිය ඉටුනොවේ නම් අපිට යුක්තිය ඉටුවේවිද කියන ප්‍රශ්නය ජන හදවත්වල පැන නැගුනොත් ජනතාව නීතිය අතට ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙය විමල් වීරවංශ මැතිතුමන් ගැන ප්‍රශ්නයකට වඩා නීතියේ ආධිපත්‍ය පිළිබද ප්‍රශ්නයක්.

ඒ නිසා එතුමන් සිපිරිගෙය තුල අරගල කරන අතරේ මේක දේශපාලණික කාරණයක් ලෙස සලකා අපි එලියේ එතුමන්ගේ නිදහසම වෙනුවෙන් කල හැකි සියල්ලම කරනවා. ඒ සදහා නීතිමය විකල්ප තුනක් අපිට තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත ඇප ඉල්ලීම, මහාධිකරණයේ ප්‍රතිශෝධණ ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීම. අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත්කිරීම කියන විකල්ප තිබෙනවා. ඒ වගේම මේක දේශපාලන කාරණාවක් විදිහට සලකලා මහපාරේ අරගල වලින් පාර්ලිමේන්තුවේ අරගල වලින් මේ කාරණය ආණ්ඩුවත් එක්ක විසදගන්න අපි බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලේලිට කෙලින්න පුතා මැරෑ අනුර දිසානායක නම් නැන්දම්මා.. srilanka-politics

ලේලිට කෙලින්න පුතා මැරෑ අනුර දිසානායක නම් නැන්දම්මා..
~~~~~~~~~~~~~~~~~~~

JR-Premadasa-Ranil එජාප ආණ්ඩුව විසින් පණ පිටින්ම සොහොන් කරන ලද ජනතා විමුක්ති පෙරමුණ අළු මතින් නැගිටුවීමේ බර දෙවුරට ගත් සීමිත පිරිස අතර විමල්ට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි.ඒ කිසිවක් නිසා නොව නව ආරකින් ජවිපේ මතවාදය ජනයා අතරට ගෙනයාමට ඔහු තුළ ඇති නිර්මාණාත්මක විධික්‍රම සහ සහජයෙන් උරැමවූ චතුර විචිත්‍රවත් කථිකත්වයත් නිසාය.
ජවිපේ රැළි වලට ජනතාව ඇද්දවූ සුපිරි ආකර්ෂණය ඔහුම විය.එය පසක් වන්නේ විමල්ගේ කතාවෙන් පසු අදද ඔහු සහභාගී වන රැළියක වෙනත් කථිකයෙකුට කතා කරන්නට වෙන්නේ හිස් බිමකට වීම අප අත්දැක ඇති නිසාය. 
සෝමවංශ අමරසිංහ විදෙස්ගතවත් ටිල්වින් සිරගෙදරත් කුමාර් සැඟවුනු චරිතයක් ලෙස අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයකත් සිටියදී බහුජන දේශපාලනයේ ප්‍රමුඛ හඬ විමල් විය.නමුත් පක්ශය 1994දී විධිමත්ව නිර්මාණය කිරීමේදී 87/88/89 යුගයේ කලුතර දිස්ත්‍රික් ලේකම්ව හිඳිමින් සෝමවංශගේ ගෙදර කටයුතු සොයා බලා සෝමවංශගේ බිරිඳගේ හිත දිනා ගත් පිනෙන් ප්‍රධාන ලේකම් තනතුර ටිල්වින් සිල්වාට ලැබු හැටි බොහෝ දෙනෙකු දන්නා රහසකි.1997 දී පක්ෂයට කුමාර් විසින් හඳුන්වාදුන් අනුර දිසානායක ඔතරම් වේගයෙන් ඉහලට එන්නේ ටිල්වින්ගේ අන්තේවාසිකයා වීමේ අනුහසිනි.වැඩ බැරි වුවත් නායකයන්ගේ අන්තේවාසිකයන් වීමේ පිනෙන් තනතුරැ ලැබ වැජඹීමේ භාග්‍ය හිමි වීම නිසාම අතිශය ජනප්‍රසාදයට හා ජනාදරයට ලක්වූ විමල් ඔවුන්ගේ සතුරා බවට පත්විය.දේශපාලන මංඩලයේදී ටිල්වින්ගේ අත සහ කට සෙලවෙනවාට අනුරෑපව නැටවෙන රෑකඩ බවට පත්වී සිටි අනුර ප්‍රමුඛ බම්මන්නන්ට විමල් හිසරදයක් වීම අහඹුවක් නොවුනි.
විමල් එලියට නොදමා ඉදිරියට යාමක් ගැන ඔවුනට සිතීමත් අසීරැ කරැනක් නිසාත් ස්වබාවයෙන්ම විමල් කිසිවෙකුට යටහත් පහත් ලෙස අවනත නොවීම සෝමවංශගේ,ටිල්වින්ගේ හා කුමාර්ගේ නොසතුටට හේතු වීමත් විසින් විමල් පලවා හැරීම අහම්බයක් නොව අනිවාර්‍යයක් විය.
      ඔවුන් සිතුවේ ජවිපෙන් එතෙක් හැර ගිය හෝ ඉවත්කල අනෙක් අය මෙන් විමල් ප්‍රධාන පක්ශයක් තුල සැඟව යාමක් හෝ සහමුලින්ම දේශපාලනයෙන් අතු ගෑවී යාවි යැයි කියාය.නමුත් සිදුවූයේ අනෙකකි.විමල් එලියට එන විට ජවිපෙන් සැළකිය යුතු පළුවක් ගලවාගෙන පැමිණි අතර තත්වය ජවිපෙට බරපතල වූයේ ජානිපේ නිර්මාණය කිරීම නිසාය.
       එළියට පැමිණ තරඟ කල සෑම ඡන්දයකින්ම සැලකිය යුතු ජයග්‍රහණ දිනා ගනිමින් ආ අතර ත්‍රීකුණාමලයේදී ජානිපේ තනිව තරඟ කර මංත්‍රීධූරයත් ලබද්දී ජවිපෙට මංත්‍රීධූරයක් ලබා ගැනීමට නොහැකි වීමෙන්ම විමල්ගේ තරම පෙන්වා වසර 50ක් පැරණි ජවිපේ අසරණ කිරීමක් විය.
     මේසා විශාල අවනම්බුවක් කල විමල්ට පාඩමක් ඉගැන්වීමට නම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාලනය පෙරලා දැමීම කල යුතු නිසා අනුර නැන්දම්මා ලේලිය නැසීම සඳහා පුතා මැරීම නොහොත් තම පක්ෂය තූ තූ කොට විනාශ කර නායකයා ඇතුළු 60,000ක් අමුවෙන් සොහොන් කල එජාපයට ජවිපේ ගැට ගැසීම සම්පූර්ණ කරන්නේ අමුම අමු වෛරක්කාර උන්මත්තකයෙකු ජනාධිපති කිරීම සඳහා රනිල් හා අත්වැල් බැඳ ගැනීමෙනි.මේ දීගය 2008 සිට හොර රහසේ වැඩී 2010දී පෝරැව මස්තකප්‍රාප්ත විය.එතැන් පටන් රනිල්ගේ හා ඉන්දියානු රෝ සංවිධානයේ අන්තේවාසිකයෙකු බවට පත්වී වාමාංශික ජවිපේ පුතා මරා දමමින් විමල් ලේලිය කණවැන්දුම් කිරීමට අනුර නම් නැන්දම්මාගේ දේශපාලන ගමන් මග වී ඇත.
අද එහි කූටප්‍රාප්තියට පැමිණෙමින් ධනපති මර්ධන යාන්ත්‍රණයේ නිල හවුල් කරැවා බවට පත් වීමට තරම් නිහීන දීන තත්වයකට අනුරලා පත්වී ඇත.

-කැලුම් ජයසුමන

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඇත්ත සහ බොරුව srilanka-politics

ඇත්ත සහ බොරුව

-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර-

ජනාධිපතිතුමා විසින් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයකට අනුව එතුමා විදේශීය විනිසුරන් ඇතුළත් වන දේශීය යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට කිසිදු ඉඩක්‌ ලබාදෙන්නේ නැත. තමාට ඒ බව සෘජුව ප්‍රකාශ කිරීමට තරම් පිට කොන්දක්‌ තිබෙන බවටද එතුමා විසින් ඉතා දැඩි ස්‌වරයෙන් තම ප්‍රකාශය තවදුරටත් අවධාරණය කොට තිබේ. ඒ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකට අනුව එවැනි දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවයක්‌ නැත. එතුමාගේ වචන වලට අනුව ඊට හේතු වන්නේ ඒ සඳහා ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍යවීමයි. එම ප්‍රකාශය මගින් එතුමා වක්‍රව සඳහන් කරන්නේ ජනමතවිචාරණයක්‌ අවශ්‍යවන ව්‍යවස්‌ථා සංශෝධනවලට තමා එකඟ නොවන බවය. 

අගමැතිතුමාගේ එම ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව පිළිබඳව කතිකාව ද ව්‍යාජයක්‌ බවය. ආණ්‌ඩුව විසින් ව්‍යාජ ලෙස නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බවට ඝෝෂා කරන නමුත් ඔවුන්ගේ අවසාන අරමුණ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම බවට අප විසින් දරන මතයද ඒ මගින් තහවුරු වේ. ඊට පෙර ජනාධිපතිතුමා විසින් ජනමතවිචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධනවලට තමා එකඟ නොවන බව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ජනාධිපතිතුමා සහ අගමැතිවරයා වෙනස්‌ ස්‌ථාවරයන් දෙකක්‌ මත ක්‍රියාරන බව පෙන්වමින් පොදු මතයක්‌ ඉදිරිපත් කරන බවද පැහැදිලි වේ. දැන් පැනනැඟෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් දෙපළ විසින් එම ප්‍රකාශ සිදුකරන්නේ ප්‍රායෝගිකව කුමන අරමුණක්‌ පෙරදැරි කරගෙනද? යන්නයි. ව්‍යවස්‌ථාවට අදාළ ප්‍රශ්නයේදී ආණ්‌ඩුවේ නායකයන් දෙදෙනා පමණක්‌ නොව ටී.එන්.ඒ. පක්‍ෂයේද ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවන ලෙස 13 වැනි සංශෝධනය බලාත්මක කරන ව්‍යවස්‌ථා සංශෝධනයකට එකඟ වී ඇති බවට සැකයක්‌ නැත. නමත් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට අදාළව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශ හුදු දේශපාලන ''පාරම්බෑමක්‌'' බව පැහැදිලිව පෙනේ. 

එළඹෙන මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වය සහිතව අනුමත වීමට නියමිත බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කෙරෙන ඊනියා ''රෝල් ඕවර්'' යෝජනාවේ කෙටුම්පත පරීක්‍ෂා කිරීමේදී ආණ්‌ඩුවේ රඟපෑම කුමක්‌ දැයි පැහැදිලි වේ. මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන එම ''ඉදිරියට තල්ලු කිරීමේදී" යෝජනාව මගින් 2015 දී 30 වැනි සමුළුවේදී සම්මත කළ 30(1) යෝජනාවේ අඩංගු සියලු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය දීර්ඝ කෙරේ. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට මුල්වන ඊනියා වඟවීමේ යාන්ත්‍රණය පළමු යෝජනාවේ අඩංගු ආකාරයටම පවතිනු ඇත. එසේ නම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රට තුළදී දෙමුහුන් අධිකරණයට විරෝධය පළකරන අතරතුර විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් සමුළුවේදී ඊට එකඟතාවය පළකරනු ඇත. ඔවුන් දෙදෙනා විසින් වේදිකාවේ සිදුකෙරෙන මෙම රඟපෑමට පසුබිම් කථනය සපයන ටී.එන්.ඒ පක්‍ෂය අවධාරණය කරන්නේ යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය. එවිට වේදිකාවට පිටුපසින් සිදුවන දේ නොදන්නා ශ්‍රී ලංකාවේ පොදු ජනතාව නැමති ප්‍රේක්‌ෂකයා කල්පනා කරන්නේ ටී.එන්.ඒ පක්‍ෂයේ ඉල්ලීම් නොසලකා ආණ්‌ඩුව දැඩි ස්‌ථාවරයක සිටිමින් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට විරුද්ධ වන බවය. 

මෙම නාට්‍යයට පසුබිම් සංගීතය සපයන බටහිර රටවල් ද දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන තත්වයක්‌ තුළ ඊට විරුද්ධ වන ආණ්‌ඩුවේ ප්‍රකාශවලට දැඩි වටිනාකමක්‌ හිමිවේ. ටී.එන්.ඒ පක්‍ෂයද යුධ අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන අතර 2015 දී එකඟ වූ සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ලබාදීමට එකඟ බව පැහැදිලිව ප්‍රකාශ කරයි. එම පක්‌ෂයේ ස්‌ථාවරය මගින් ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව ඔවුන්ගේ ස්‌ථාවරයද පැහැදිලිවේ. ඔවුන්ගේ මූලික අරමුණ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කර ගැනීම නම්, 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් ඔවුන්ගේ මූලික අරමුණු ඉටුවේ. ජිනීවා යෝජානාව මඟින් අවධාරණය කරන්නේ 13 වැනි සංශෝධනයට අනුව බලය බෙදාදීම ප්‍රතිඵලදායක ලෙස සිදුකරන ලෙස පමණි. දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවා ගැනීම බව අප විසින් දිගින් දිගටම අවධාරණය කොට ඇත. 

කෙසේ වෙතත් ටී.එන්.ඒ පක්‍ෂයේ ඊනියා මධ්‍යස්‌ථ මතධාරීන්ගේa එම මතයට එම පක්‍ෂයේ අන්තවාදීන් විරුද්ධ බව පැවසේ. ඔවුන් ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්‌ථාවක්‌ මෙන්ම දෙමුහුන් යුද අධිකරණයද නොපමාව ලබාදිය යුතු බවටය. මෙම පාර්ශ්ව දෙක යුද්ධය පැවැති කාලයේදී සිට මතවාද දෙකක්‌ නියෝජනය කරන බව පෙන්වමින් එකම අරමුණක්‌ ජයග්‍රහණය කරවීම සඳහා පෙරමුණු දෙකක සටන්වදියි. සුමන්දිරන් මන්ත්‍රිවරයා ඇතුළු ''මධ්‍යස්‌ථ මතධාරීන්ට'' බහුතර සිංහල සමාජය තුළ යම් පිළිගැනීමක්‌ ලබාගැනීම සඳහා ද ''අන්තවාදීන්ගේ'' එම භූමිකාව ඉතා වැදගත් වේ. එසේම ආණ්‌ඩුවේ නායකයන්ගේ රඟපෑම්වලට වීරත්වයක්‌ ආරෝපණය කිරීමටද එය හේතුවේ. මේ දිනවල බෙදුම්වාදී හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්‌ ද ආණ්‌ඩුවේ ස්‌ථාවරයට වැඩි වටිනාකමක්‌ ලබාදීම හෙවත් ''බෝලය උස්‌සාදීම'' සඳහා ව්‍යාපාරයක්‌ පටන්ගෙන ඇත. ඔවුන් විසින් රටපුරා පෝස්‌ටර් ගසමින් නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලා සිටින විට එය නොසලකා 13 බලාත්මක කිරීමට සැරසෙන ආණ්‌ඩුවේ නායකයන් ව්‍යාජ ලෙස වීරයන් බවට පත්වේ. නමුත් අවසන් ප්‍රතිඵලය අනුව සහ බෙදුම්වාදීන්ගේ මූලික අවශ්‍යතාවයට අනුව එම ස්‌ථාවර දෙක අතර වෙනසක්‌ නැත. 

දෙමුහුන් යුද අපරාධ අධිකරණ පිහිටුවීමේ සටන් පාඨය බෙදුම්වාදීන්ට වැදගත් වන්නේ උපාය මාර්ගික අරමුණු දෙකක්‌ සඳහා බව පැහැදිලිව පෙනේ. පළමු වැන්න, ආණ්‌ඩුවේ අත කරකැවීමේ උපාංගයක්‌ ලෙස යොදාගැනීමය. ආණ්‌ඩුවේ පැත්තෙන් ගත්විට විදේශීය විනිසුරන් සහභාගීවන යුද අපරාධ අධිකරණයක්‌ රට තුළ පිහිටුවීම යනු ඔවුන්ට මරු කැඳවන දේශපාලන මර උගුලකි. ඒ නිසා ඒ හිලව්වට ඉල්ලා සිටින වෙනත් ඉල්ලීමක්‌ දිනාගැනීමට එම පළමු ඉල්ලීම මගින් වැඩි ඉඩක්‌ විවර වේ. උදාහරණයක්‌ ලෙස 13 වැනි සංශෝධනය කඩිනමින් බලාත්මක කිරීමට ආණ්‌ඩුව එකඟ වේ නම් දෙමුහුන් අධිකරණය සඳහා කාලය ලබාදීම ඔවුන්ට ප්‍රශ්නයක්‌ නොවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කාලය ලබාදීමට එකඟ වන්නේ දෙමුහුන් අධිකරණය පිහිටුවීම සඳහා පමණක්‌ බව ඉතා පැහැදිලිය. නමුත් ඔවුහු ඒ මගින් යුද අධිකරණ යෝජනාව න්‍යාය පත්‍රයේ තබා ගනිමින් දිගින් දිගටම එම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා ඉඩ තබා ගනිති. 

මීට පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් එළිදරව් කළ ආකාරයට 2015 ජීනීවා යෝජනාවට ඔවුන් එකඟ වූයේ ඊට පෙර ආණ්‌ඩුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවයකට අනුවය. එහිදී ඔහු කියා සිටියේ ආණ්‌ඩුව ඔවුන්ගේ ඉල්ලීම්වලට එකඟ වූ බැවින් විදේශීය අධිකරණයක්‌ වෙනුවට දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාවට තමා එකඟ වූ බවය. ආණ්‌ඩුව එහිදී නම්‍යශිලී වූයේ ටී.එන්.ඒ. පක්‍ෂයේ මූලික ඉල්ලීම වන බලය බෙදීමේ කාරණයට අදාළව බව දේශපාලනයේ ''අ'' යන්න දන්නා අයෙක්‌ට වුවද තේරුම්ගත හැක. ඒ අනුව මෙවරද දෙමුහුන් අධිකරණය කල් දැමීමට එකඟ වන්නේ බලය බෙදීමේ ක්‍රියාවලිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට කඩිනම් කරගැනීම සඳහා බවට විවාදයක්‌ නැත. ඉහත සඳහන් කළ ආකාරයට ඊනියා අන්තවාදීන් ඊට එරෙහිවන ප්‍රමාණයට සාපෙක්‌ෂව එම ඉල්ලීමේ ''සාධාරණත්වය'' වැඩිවේ. 

ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට දෙමුහුන් අපරාධ අධිකරණය ඔවුන්ට වැදගත් වන්නේ දේශපාලන උපාංගයක්‌ ලෙස පමණි. ඒ මගින් යුද හමුදාවේ ඉහළ නායකයන් විශාල පිරිසකට දඩුවම් කිරීමට සහ ඔවුන් මානසිකව වැට්‌ටවීමට ප්‍රායෝගිකව ඉඩ ලැබෙන්නේ නැත. කාම්බෝජයේදී දෙමුහුන් යුධ අපරාධ අධිකරණයක්‌ පිහිටුවන්නේ 2003 වසරෙදීය. මේ වන විට එනම් වසර 14 ක්‌ තුළ එම අධිකරණය මගින් චෝදනා ඔප්පුකොට ද`ඩුවම්කොට ඇත්තේ ඉහළ නායකයන් තිදෙනකුට පමණි. ඒ අනුව එවැනි විධිමත් අධිකරණයක්‌ වැදගත් වන්නේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ වැනි ඉහළ නායකකයන්ට දඬුවම් කිරීම සඳහා වන ආශාව සංසිදුවා ගැනීම සඳහා පමණි. හමුදාවේ හරස්‌කඩකට දඬුවම් කිරීම සඳහා එවැන්නක්‌ යොදාගත නොහැක. ඒ නිසා එය කල්දමා ගැනීම උපාය මාර්ගිකව වඩා වැදගත් විය. ඒ මගින් නැවත මහින්ද රාජපක්‍ෂ රජයක්‌ බලයට පත්වුවහොත් අදාළ යෝජනාවට නැවත පණදීමේ අවස්‌ථාව ද ඉතිරිවේ.

දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේගවලට ඊනියා ''සත්‍ය සෙවීමේ'' ක්‍රියාවලිය සමඟ වගවීමේ හෙවත් ද`ඩුවම් කිරීමේ ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීම වැදගත් වන්නේ හමුදාව දුර්වල කොට දුර්මුඛ කිරීමේ උවමනාව නිසාය. ඔවුන් ආදර්ශයට ගන්න බව පෙන්වන දකුණු අප්‍රිකාවේදී සත්‍ය සෙවීමේ කොමිසමක්‌ සමඟ දෙමුහුන් යුද අපරාධ අධිකරණ ක්‍රියාවලියක්‌ ඒකාබද්ධ කළේ නැත. ඒ නිසා දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල්දැමීමට එකඟවීම මගින් බලය බෙදීම සහ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසම පිහිටුවීම කඩිනම් කරගැනීම උපාය මාර්ගික වශයෙන් ඔවුන්ට වැදගත් වේ. එසේ කල්දැමීම අතහැර දැමීමක්‌ ලෙස හුවා දක්‌වා වීරයන් වීමට ආණ්‌ඩුවේ නායකයන්ට අවස්‌ථාව උදාවී ඇත. ආණ්‌ඩුවේs නායකයින් වීරයින් කිරීමද බෙදුම්වාදීන්ට වැදගත් වේ. මහජන විරෝධය නොතකා ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට නම් ආණ්‌ඩුවට යම් වීරත්වයක්‌ ආරෝපණය කර ගැනීම සඳහා ඔවුන් විසින් උදව් කළ යුතුය. 

උදව්වේ හිලව්වට උදව් කිරීමට සැරසෙන ආණ්‌ඩුව දැන් ඉතා බරපතළ පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ මගින් අතුරුදහන්වීම වැළැක්‌වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය දේශීය නීතිය තුළ බලාත්මක කෙරේ. රණවිරුවන් අමු අමුවේ පාවා දෙමින් අප රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම නීතිය සම්මත කළ හොත් යුද්ධයට දායක වූ ඕනෑම හමුදා නිලධාරියෙක්‌ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීමේ ඉඩක්‌ විවෘත වේ. එනම් සාක්‍ෂි ආඥාපනත් ක්‍රියාත්මක නොවන ආකාරයට අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත හරහා පිහිටුවනු ලබන අර්ධ අධිකරණ කොමිසම මගින් වරදකරුවකු බව නිගමනය කෙරෙන ඕනෑම නිලධාරියෙක්‌ මෙම නව පනත යටතේ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වේ. යුද අපරාධ අධිකරණයකදී සාක්‌ෂි ආඥාපනත ක්‍රියාත්මක වන අතර සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට එහිදී අවකාශය ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාල නීතිය අනුව විද්යුත් තැපෑලෙන් එවනු ලබන පට්‌ටපල් බොරු සාක්‍ෂි ප්‍රමාණයක්‌ මත පදනම්ව ඕනෑම හමුදා නිලධාරියකුට විරුද්ධව චෝදනා ගොනුකළ හැක. 

නමුත් ඉතා කනගාටුදායක ලෙස අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත ගෙන ඒමේදී සිදු වූ ආකාරයටම විපක්‍ෂයේ දේශපාලන නායකයන් මෙම පනතේ බරපතළකම තේරුම් නොගැනීම නිසා ඊට එරෙහිව අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි විය. ඒ අනුව ව්‍යවස්‌ථා විරෝධී එම පනත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මතවීමට බොහෝ ඉඩ කඩ ඇත. ''ජාත්‍යන්තර නීති යටතේ සහ බටහිර රටවල උදව්වෙන් සමාජවාදය පිහිටුවීමට සිහින දකින යම් දේශපාලන පක්‍ෂද අතුරුදහන්වුවන්ගේ කාර්යාල පනත සාධාරණීකරණය කළ ආකාරයටම මෙම නව පනත ගෙන ඒමේදී හැසිරෙන බවට සැකයක්‌ නැත. එවැනි තත්ත්වයක්‌ තුළ දෙමුහුන් අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට ඉඩ නොදෙන බව පවසමින් එය යම් කාලයකට කල්දමා ගැනීම යනු හුදු දේශපාලන ''පාරම්බෑමක්‌'' පමණක්‌ නොව මහා පාවාදීමක්‌ සඳහා අවකාශය ලබාගැනීමත් ලෙසද ඉතිහාසය විසින් විග්‍රහ කරන බවට සැකයක්‌ නැත. 

බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට මෙම සමස්‌ථ නාට්‍යය අවසන් වන විට ඔවුන්ට තුන් පැත්තකින් වාසි අත්වේ. පළමුව, දෙමුහුන් අධිකරණය කල් දමා ගැනීමට හිලව් වශයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ ව්‍යවස්‌ථා සංශෝධනය කඩිනම් කෙරේ. දෙවනුව, යුද අධිකරණයක්‌ මගින් එකකු හෝ දෙදෙනකුට දඬුවම් කරනවාට වඩා පනත් දෙකක්‌ දෙමුහුන් කිරීම මගින් උසස්‌ හමුදා නිලධාරීන් සිය ගණනකට දඬුවම් කිරීමට සහ ඒ මගින් හමුදාව දුර්මුඛ කොට දුර්වල කිරීමට ඉඩ සැලසේ. තුන්වෙනුව, කල්දමා ගන්නා යුද අපරාධ ක්‍රියාවලිය දිගින් දිගටම ''ජිනීවා න්‍යායපත්‍රය'' තුළ තබා ගැනීම මගින් අවශ්‍ය අවස්‌ථාවේදී බලාත්මක කිරීමේ ඉඩ ඉතිරිවේ. උදාහරණයක්‌ ලෙස අනාගතයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවක්‌ බලයට පත්වුවහොත් දෙමුහුන් අධිකරණයට ලබාදුන් කාලය අවසන් බව පවසමින් සහ එය ඉටු නොකළ නිසා ජාත්‍යන්තර අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ හැක. ඒ වන විට බලය බෙදීම හරහා ඉදිරියට ගමන් කරන රට බෙදීමේ ක්‍රියාවලියද තීරණාත්මක සහ ගැටුම් සහගත තත්වයකට ලඟාවනු ඇත. 

කෙසේ වෙතත් පවතින නරකම තත්ත්වය යටතේ වුවත් ආණ්‌ඩුවේ නායකයන්ට තම පිටකොන්ද පරීක්‍ෂා කිරීමට ඉඩක්‌ විවර වි ඇත. ඒ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවූ විද්වත් කොමිසම හරහා සම්පාදනය කළ වාර්තාව ප්‍රයෝජනයට ගැනීමයි. පසුගිය 13 වැනිදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකදී විරුවන්ගේ විත්ති වාචකය නම් සුවිශේෂී වාර්තාව එළි දැක්‌විණි. නමුත් ජනමාධ්‍ය විසින් එම 

රැස්‌වීමේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ රියර්අද්මිරාල් සරත් විඡේසේකර මහතා විසින් සිදුකළ කාතාවලින් කොටස්‌ පල කළ මුත් අදාළ වාර්තාවේ වැදගත්කම අවධාරණය කළේ නැත. එම ඓතිහාසික අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනකුට ආරාධනා කොට තිබුණ ද ඊට සහභාගී වූයේ මන්ත්‍රීවරු හතර දෙනෙකු පමණි. 

එම වාර්තාව මගින් 2014 ජිනීවා යෝජනා හරහා පිහිටවූ ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ කමිටුවේ වාර්තාව සුනු විසුනු කොට ඇත. එය ඉතා දුර්වල සහ පක්‍ෂපාතී ලේඛනයක්‌ බව එම වාර්තාව මගින් ඉතා තර්කානුකූලව ඔප්පුකොට ඇති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශකොට ඇත. ඒ අනුව එවැනි දුර්වල සහ පක්‍ෂග්‍රාහී වාර්තාවක්‌ මත පදනම් වූ 2015 ජිනීවා යෝජනාව තවදුරටත් වංලගු නොවන බවට ප්‍රබල තර්කයක්‌ මතුවේ. එම තර්කය මත පදනම්ව 2015 යෝජනාව සංශෝධනය කොට අවම වශයෙන් ඊනීයා වගවීමේ යාන්ත්‍රණය යටතේ පිහිටුවීමට යෝජනා කරන දෙමුහුන් අධිකරණය ඉල්ලා අස්‌කරගත යුතු බවට ඉල්ලීමක්‌ ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුවට දැන් අවස්‌ථාව උදාවී ඇත. එම අවස්‌ථාව භාවිතාකොට නොපමාව එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් පමණක්‌ එතුමාගේ කොන්ද පළිබඳව එතුමා විසින්ම කරනු ලබන ප්‍රකාශය ජනතාව විසින් පිළිගනු ඇත. 

උපටාගැනිම යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook - https://www.facebook.com/yuthukama

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ world happiness report 2017

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර මෙවර වාර්තාව සැකසීමේදී රටවල් 155ක් සැලකිල්ලට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම වාර්තාව සකසනු ලබයි. මෙවර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පස්වැනි වරටය. ශ්‍රී ලංකාව ලකුණු 4.440 ලබාගැනීමට හැකිවී තිබේ.

ලකුණු 5.269ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් 80 වැනි ස්ථානයට පත්ව ඇත. ලකුණු 4.608ක් ලබාගෙන සිටින බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315ක් මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව සිටියි.

ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි.

මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ‘ලොව සතුටින්ම සිටින රටවල් 2017’ වාර්තාව පෙන්වා දෙයි.

ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network