රටට වින කරන විදේශ ඇමතියෙකු නිසා මග හැරෙන වටිනා අවස්ථාව හා ජුදාස් කෙනෙකු වූ වෙල් විදානේ srilanka-politics

රටට වින කරන විදේශ ඇමතියෙකු නිසා මග හැරෙන වටිනා අවස්ථාව හා ජුදාස් කෙනෙකු වූ වෙල් විදානේ

යුද අපරාධ යෝජනාවේ බරපතල අර්බුදය( පෙබරවාරි 12 දිවයින ඇසුරින් )

ශ්‍රී ලංකාවට එල්ල වු යුද අපරාධ චෝදනාවලට අදාළ ජිනීවා යෝජනාව ප්‍රකාර රජය ක්‍රියා කළේද යන්න ගැන විමර්ශනය කිරීම 34 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සිදු වේ. මෙම සැසිවාරය පෙබරවාරි 27 දා ආරම්භ වේ. එහෙත් අද වනතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය එම ජිනීවා යෝජනාව පිළිබඳ ඇමරිකානු පාලනය සමඟ සංශෝධනයක්‌ ඇති කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත. ඒ වෙනුවට විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරන්නේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රජය මානව හිමිකම් සමුළුවෙන් තවත් කාලසීමාවක්‌ ඉල්ලා සිටින බවයි. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර චැතම් හවුස්‌ මධ්‍යස්‌ථානයේ පැවැති දේශනයකිsන් පසු ඊළම්වාදීන් නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වූ සමරවීර මහතා මාර්තු මස ඉතා කඩිනමින් එළැඹෙනවා. අපිට අධිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කාලයක්‌ අවශ්‍යයි යෑයි කියා සිටියේය.

එහෙත් වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මින්මතු විදේශ රටවල කටයුතුවලට මැදිහත් නොවන බවයි. ට්‍රම්ප් ජනාධිපති ලෙස පත්වීමට පෙර ජිනීවා යෝජනාව මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති කෙයිත්a හාපර් සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය. එම යෝජනාවට සහය වූ ස්‌විස්‌ටර්ලන්තයේ ඇමරිකානු තානාපතිනි සූසැන් ලෙවින් ජනවාරි 20 දා සිය ධුරය හැර ගියාය.

ඉන්පසු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තුළ විශාල බල පෙරළියක්‌ සිදු විය. ජිනීවා යෝජනාව කෙටුම්පත් කිරීමට මුල්වූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම නිලධාරීන් වූ පැට්‌රික්‌ කෙනඩි, ජොයිස්‌, ඇන්බාර්, මිචෙල් බොන්aට්‌ යන විදේශ දූත මණ්‌ඩල භාර ප්‍රධානි ජෙන්ට්‌ඊ ස්‌මිත් ධුරවලින් ඉවත් කිරීම ද පසුගිය සතියේ සිදුවිය. එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කළේ එම නිලධාරීන් සිය ධුරවලින් ඉල්ලා අස්‌වූ බවයි.

මෙම රාජ්‍ය නිලධාරීන්ගේ ඉල්ලා අස්‌වීම ඩොනල්ඩ් ට්‍රම්ප් තැකීමක්‌ කළේ නැත. ඔහු නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්‌ස්‌ ටිලර්සන් පත් කළේය.

මෙම පසුබිම මැද ශ්‍රී ලංකා රජයට එරෙහි ජිනීවා යෝජනාව ඉවත් කර ගැනීම සඳහා නව ඇමරිකානු පාලනය සමඟ විගස සාකච්ඡාවක්‌ පැවැත්වීමේ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ උදා විය. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වී පෙබරවාරි 5 දාට දින 16 කි. මෙරට විදේශ කටයුතු ඇමැතිවරයා මේ දක්‌වාම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නව පාලනය සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් නොවීම බරපතළ සැකයට තුඩු දෙන සිද්ධියක්‌ විය. ඔහු පෙබරවාරි 28 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

නව ජනාධිපති ට්‍රම්ප්ට පක්‍ෂපාතී නිලධාරීන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවලට පත්වීමත් සමඟම හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ගේ ශ්‍රී ලංකා විරෝධී කණ්‌ඩායමේ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ නිශා බිස්‌වාල්. ටොම් මලිනොවස්‌කි සහ රොබට්‌ බ්ලේක්‌ගේ බලය බිඳවැටිණි.

මේ නිසා ඇමරිකාවේ ඊළම් ඩයස්‌පෝරාව දැඩි කලබලයට පත්වී තිබේ. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වී පස්‌ දිනකට පසු ටැමිල් ෆොa ට්‍රම්ට්‌ නමින් සංවිධානයක්‌ පිහිටුවා ගත් ඇමරිකානු ඊළම් ඩයස්‌පෝරාව කරුණු තුනක්‌ ඉටු කර ගැනීමට සහාය වන ලෙස ඉල්ලමින් ට්‍රම්ප්ට හදිසි සන්දේශයක්‌ යවනු ලැබීය.

1. ද්‍රවිඩ නිජබිමේ සිටින නීති විරෝධී සිංහලයන් ඉවත් කරනු.

2. 140,000 ක්‌ ද්‍රවිඩයන් ඝාතනය කළ ශ්‍රී ලංකා යුද අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරනු

3. ජනමත විචාරණයකින් තමිල් ඊළම් දේශය ස්‌ථාපිත කරනු.

එහෙත් ජනාධිපති ට්‍රම්ප් එම සන්දේශයට ප්‍රතිකාර දක්‌වා නැත.

එසේ වුවත් විදේශ ඇමැති මංගල සමරවීර සිහින සංවිධානයක්‌ ලෙස හැඳින්වූ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ඊළම් සංවිධානය ඉතා කාර්යක්‍ෂම ලෙස ජාත්‍යන්තර නීතිවේදීන් යොදවා ජිනීවා හිමිකම් සැසිවාරය වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමේ මෙහෙයුමක යෙදී සිටී.

එය සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි වගන්තියට එරෙහිව ඊළම්වාදී නීතිඥයකු වූ ප්‍රැන්සිස්‌ බොයිල් ද aමානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමයි. එහෙත් එම පැමිණිලිවලට ප්‍රතිචාර දැක්‌වීමට විදේශ කටයුතු බලධාරීන් කටයුතු කර නැත.

මේ අතර වධහිංසා පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවාන් මෙන්ඩස්‌ ජනවාරි 26 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පිටු 24 ක විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළේය. මෙම විමර්ශන වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට පොලිසියට රහස්‌ පොලිසියට සහ ත්‍රස්‌ත මර්දන ඒකකයට බරපතළ චෝදනා එල්ල විය.

ජුවන් මෙන්ඩස්‌ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කළේ ශ්‍රී ලංකා රජයයි. එසේම ඔහුට බූස්‌ස රැඳවුම් කඳවුර - ගාලු කොටුවේ හමුදා කඳවුර කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලය - පුත්තලම සහ කල්පිටිය පොලිස්‌ ස්‌ථාන, වන්නියේ ජෝසප් හමුදා කඳවුර වව්නියා පොලිස්‌ ස්‌ථානය පුන්තෝටම් රැඳවුම් කඳවුර ත්‍රිකුණාමල නාවික කඳවුර යන කඳවුqරු පමණක්‌ නොව රහස්‌ පොලිසියේ හතරවැනි තට්‌ටුව - මෙන්ම ත්‍රස්‌ත මර්දන ඒකකයේ ද දොරවල් විවෘත විය.

මෙන්ඩස්‌ වැලිකඩ සිරගෙය හා බොරැල්ල පොලිසියද නිරීක්‍ෂණය කළේය.

2016 වසරේ අප්‍රේල් 29 සිට මැයි 7 දක්‌වා මෙන්ඩස්‌a මෙරට හමුදා කඳවුරු සෝදිසි කරනු ලැබීය.

රැඳවුම් කඳවුරුවලදී හිටපු කොටි ක්‍රියාකාරීහු මෙන්ඩස්‌ට විවිධ සාක්‍ෂි ඉදිරිපත් කර ඇත. එහෙත් ඔහු වැලිකඩ සිරගෙදර රඳවා සිටින (ත්‍රස්‌ත මර්දන පණත යටතේ) සිංහල සිරකරුවන් පිළිබඳව නිරීක්‍ෂණය කළේ නැත.

ජුවන් මෙන්ඩස්‌ මෙම හමුදා කඳවුරු නිරීක්‍ෂණය කළේ භාෂා පරිවර්තකයකු මෙන්ම වෝහාරික විශේෂඥයකු සමගය.

ඇමරිකානු සී. අයි ඒ. සංවිධානයේ දොර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට විවෘත නොවී තිබියදී මෙරට රහස්‌ පොලිසිය හා ත්‍රස්‌ත මර්දන ඒකකය ද පරීක්‍ෂාවට ලක්‌ කිරීමට ඩෙස්‌මන්ට ඉඩ ලැබිණි.

එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවලට එල්ලවූ චෝදනායි. ජුවන් මෙන්ඩස්‌ට හමුදා කඳවුරුවල දොරවල් විවෘත කිරීම යනු ඉල්ලන් කෑමකි. මෙන්ඩස්‌ගේ විමර්ශන වාර්තාවේ මෙලෙස සඳහන් කර තිබූණි. "ශ්‍රී ලංකා පොලිසිය අපරාධ සම්බන්ධව කටයුතු කිරීමේදී විද්‍යානුකූලව පරීක්‍ෂා නොකර ඒක පාක්‍ෂිකව රැස්‌ කර ගත් කරුණු මත චෝදනා ගොනු කර අත්අඩංගුවට ගැනීම් සහ විත්තිකරුවන්ට වධහිංසා පමුණුවා ඇත.

2016 අප්‍රේල් මස දක්‌වා සුදු වෑන් සම්බන්ධව සිදුවීම් වාර්තා වූ අතර ඊට රහස්‌ පොලිසිය සහ ත්‍රස්‌ත මර්දන ඒකකය සම්බන්ධ වී ඇති බවට විශ්වාස කෙරේ.

මෙම විමර්ශන වාර්තාවේ හාස්‍යජනක නිර්දේශ ද ඉදිරිපත් කර ඇත.

රැඳවියන්ට දුරකථන සහ පරිගණක පහසුකම් ලබා දෙන ලෙස එහි දක්‌වා තිබේ. එසේම පුන්තෝටම් රැඳවුම් කඳවුර වසා දමන ලෙසත් ත්‍රස්‌ත මර්දන පණත සංශෝධනය කරන ලෙසද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය රෝම සම්මුතියට අදාළ ජාත්‍යන්තර අධිකරණයට අත්සන් කර නැතැයිද එම සම්මුතියට අත්සන් කළ යුතු බවද එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා නිර්දේශ කර ඇත.

ජුවන් මෙන්ඩස්‌ගේ මෙම විමර්ශන වාර්තාව එසේ මෙසේ වාර්තාවක්‌ නොවේ.

එම වාර්තාවෙන් හිටපු කොටි මිනීමරුවන්ගේ සාක්‍ෂි පිළිගෙන තිබේ. එසේම ජුවන් මෙන්ඩස්‌ පැමිණිලිකරු හා විනිසුරු ලෙස කටයුතු කරමින් එකී කොටින්ගේ ප්‍රකාශ සාධනීය සාක්‍ෂි නැතිව නිවැරැදි බවටද දක්‌වා ඇත. එහෙත් ඔහු ඒ බව ශ්‍රී ලංකා රජයෙන් විමසන්නේ නැතිව තම තීන්දු නිර්දේශ ලෙසට එම වාර්තාවට ඇතුළත් කර ඇත. මේ වාර්තාවේ නිර්දේශ 60 කට අධික සංඛ්‍යාවක්‌ ඇති අතර එකී නිර්දේශ ඉටු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා ඇත.

මෙම නිර්දේශ අතරින් බරපතළම නිර්දේශය ලෙස දැක්‌විය හැක්‌කේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්‍ෂේත්‍රය (හමුදාව, බුද්ධි අංශ සහ පොලිසිය) ප්‍රතිසංස්‌කරණය කරන ලෙසත් එහි ආයතනවල කටයුතු නිරීක්‍ෂණය කිරීමට ස්‌වාධීන ආයතනයත් ස්‌ථාපිත කළ යුතු බව යනුවෙන් නිර්දේශ කිරීමය. එසේම මෙරට දේශපාලනය - ජාතික ආරක්‍ෂාව සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වැනි කටයුතුවලට ද එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මැදිහත් වී ඇත.

වධහිංසා පිළිබඳව විමර්ශනය කිරීමට මෙරටට පැමිණි ජුවන් මෙන්ඩස්‌ ට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට සහ අපරාධ නීති සංග්‍රහය සම්බන්ධයෙන් මැදිහත්වීමට කිසිදු නීතිමය හිමිකමක්‌ නැත.

මේ හැර එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ඊළම් ඩයස්‌පෝරාවේ ප්‍රධානතම ඉල්ලීම වූ ශ්‍රී ලංකාව සිවිල් සහ දේශපාලන හිමිකම්වලට අදාළ ජාත්‍යන්තර සම්මුතිවලට ද එකඟ විය යුතු බවට නිර්දේශ කර තිබේ.

ඊළම් ඩයස්‌පෝරාව දැන් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ එකී සම්මුති මත උතුර නැගෙනහිර ස්‌වයංපාලනයකට තමන්ට හිමිකම් ඇති බව දක්‌වමිනි.

එහෙත් රජයේ බලධාරීන් මෙන්ම විදේශ කටයුතු බලධාරීන් ද එම නිර්දේශවල ඇති භයානක තත්ත්වය අවබෝධ කර ගෙන නැත.

මෙලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මුළුමනින්ම මැදිහත්වී ඇති ජුවන් මෙන්ඩස්‌ අවසානයේ තම සැඟවුණු ස්‌ථාවරය ඉදිරිපත් කර ඇත. ඒ 2015 ඔක්‌තෝබර් 1 දා ජිනීවා මානව හිමිකම් සමුළුවේ සම්මත වූ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස රජයට කියා සිටීමයි. මේ යෝජනාව මත අධිකරණ යාන්ත්‍රණ ස්‌ථාපිත කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිති මත කටයුතු කළ යුතු බවද දක්‌වා තිබේ. ඉන් කියා සිටින්නේa විදේශ විනිසුරුවන්ගේ අවශ්‍යතාවයයි.

එහෙත් විදේශ කටයුතු ඇමැතිවරයා සහ රජයේ බලධාරීන් ශ්‍රී ලංකාවට මතුවී ඇති එම අවාසිsදායක තත්ත්වය මගහරවා ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් රෙක්‌ස්‌ ටිලෑර්සන් සහ එහි නව බලධාරීන් සමග සාකච්ඡා නොකරන්නේ මන්ද?

ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විදෙස්‌ගත ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය කරන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබුණි.

මේ අතර උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ඊළම් ඩයස්‌පෝරා සංවිධානවල තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

තමා කැනඩාව සහ බ්‍රිතාන්‍යයට ගිය අවස්‌ථාවේ ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා රජය දේශපාලන හේතුව මත සිය සංවිධාන තහනම් කර ඇති බව ඔවුන් පැවසුවේ යෑයි විග්නේශ්වරන් කියා සිටියේය. වත්මන් රජය බලයට පැමිණි පසු විදේශ කටයුතු අමාත්‍යාංශය aඊළම් සංවිධාන අටක හා ඊළම්වාදීන් 269 කගේ තහනම ඉවත් කරනු ලැබීය. මුල්ලිවයික්‌කාල්හි කස්‌ත්‍රොa නමැති කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාගේ රහසිගත බංකරයේ තිබී කොටින්ට සම්බන්ධ ඊළම් සංවිධානවල ලැයිස්‌තුව හමුවීමත් සමගම පසුගිය රජය එම සංවිධාන තහනම් කළේය. ඊළම් ඩයස්‌පෝරා සංවිධානවල තහනම ඉවත්කර ගැනීsමට උත්සාහ කරන විග්නේශ්වරන් ප්‍රමුඛ උතුරු පළාත් සභාව දැන් රජයට ප්‍රසිද්ධියේම අභියෝග එල්ල කර ඇත. ඔහු මේ සතියේ දිනෙක මන්නාරමේ වඩ්ඩුකන්ඩාල් බාලිකා පාසලේ පැවැති සමරුවකට සහභාගි විය. වසර 32 කට පෙර ශ්‍රී ලංකා හමුදාව මෙම පාසලට කඩා වැදී 18 කට අධික පිරිසක්‌ මරා දැමූ බවට චෝදනා එල්ලවී තිබුණි. එහිදි මියගිය පිsරිස සැමරීමේ උත්සවය සංවිධානය කර තිබුණේ එම පාසල තුළදීය . මෙම සමරුවට ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරියකු ද සහභාගි විය. මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය රජයේ පාසලක්‌ තුළ මෙවන් සමරු උත්සවයක්‌ පැවැත්වීමයි. මෙය විග්නේශ්වරන්ගේ සංහිඳියාවේ එක්‌ ක්‍රියාදාමයක්‌ ලෙස දැක්‌විය හැකිය.

මෙම පසුබිම මැද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පසුගිය සෙනසුරාදා හද බිම අධිකාරියේ උත්සවයක්‌ අමතා කළ ප්‍රකාශ මෙරට ආරක්‍ෂක හමුදාව වෙත බෝම්බයක්‌ පතිත කිරීමට සමානය. මන්ද ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට දින 22 ක්‌ තිබියදී ප්‍රකාශයක්‌ කිරීමයි. එය නඩු තීන්දුවට පෙර තීන්දුව ප්‍රකාශ කිරීමකි.

ලක්‍ෂ දෙකක්‌ වූ ශ්‍රී ලංකා හමුදාවේ හත්අටදෙනෙක්‌ යුද අපරාධවලට සම්බන්ධ විය හැකි යෑයි ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය. යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දියයුතු බවද හෙතෙම වැඩිදුරටත් පළ කළේය.

කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් පලා ආවේ ප්‍රභාකරන්ගෙන්aa දිවි ගලවා ගැනීම සඳහා බව පැවසූ හිටපු හමුදාපතිවරයා ප්‍රභාකරන්ගේ පුදුකුඩියිරිප්පු නිවස සොයාගැනීමට කරුණා තොරතුරු නුදුන් බවත් කරුණා කොටි සංවිධානයේ සිටියදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වූයේ යෑයිද කීවේය.

මෙලෙස හමුදාවේද යුද අපරාධවලට වගකිවයුතු හතක්‌ අටක්‌ සිටිය හැකි යෑයි හිටපු හමුදාපති කළ ප්‍රකාශයට ඊළම් ඩයස්‌පෝරාව විශාල ප්‍රචාරයක්‌ දුන්නේය.

එහෙත් හමුදාව යුද අපරාධ කළ බවට සියෑසින් නොදුටු හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයකු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවටද බොම්බඩියර් නමැති මාධ්‍ය අඳබාලයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දුන් සාවද්‍ය සාක්‍ෂි ගැන කිසිවකුගෙන් හඬක්‌ නැඟී නැත.

මේ ජුදාස්‌ලා දෙදෙනා සිදු කර ඇත්තේ මුළු හමුදාවම පාවාදීමක්‌ නොවේද? රජයේ බලධාරීන් බුද්ධි අංශ ක්‍රියාකාරීන් ගැන කටයුතු කරන්නේ නම් මේ ෙද්‍රdaහීන් දෙදෙනා ගැන ද නොපමාව ක්‍රියා කළ යුතුය. මේ පසුබිම මැද රජය ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයට සම්බන්ධ ආජන්ටිනාවේ වැලරියා බාර්බුටෝ නමැත්තියටද මෙරටට පැමිණීමට අවසර දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස්‌ සමරුව පෙබරවාරි 3 දා ඕස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර තාක්‍ෂණ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූහ.

මෙම අවස්‌ථාවට සහභාගිවූ ස්‌පර් සංවිධානයේ නියෝජිතයෙක්‌ එම නිදහස්‌ දින උළෙලේදී ශ්‍රී ලංකාවට එරෙහි චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය කිරීම ගැන විරෝධය දක්‌වමින් කොන්සල් ජනරාල ලාල් වික්‍රමතුංගට ලිපියක්‌ භාරදී ඇත.

මෙහිදි සිඩ්නි නුවර ලංකාරාමයේ ධම්ම ගවේෂී නායක හිමියෝ ශ්‍රී ලංකාවේ ජාතික විරුවන් ගැන ප්‍රබල දේශනයක්‌ කළත් කොන්සල්වරයා හඬනැඟුවේ සංහිඳියා යාන්ත්‍රණය ගැන පමණකි.

මෙහිදී එම ශ්‍රී ලංකාවට එරෙහි චිත්‍රපටය තිරගත කිරීමට පෙර ස්‌පර් සංවිධාන සාමාජිකයෝ ශාලාවෙන් පිටව ගොස්‌ ඇත. මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නෝර්වේහි නෙදියවන් නමැති කොටි නායකයා ජාත්‍යන්තර පොලිසියට භාරදීම නෝර්වේ රජය ප්‍රතික්‍ෂේaප කර ඇත.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network