ජනාධිපතිගේ නමින් මහා පරිමාන මැණික් ගැරිල්ලක්.. සබරගමු පලාත් සභාව රත්වේ.. srilanka-politics

ජනාධිපතිගේ නමින් මහා පරිමාන මැණික් ගැරිල්ලක්.. සබරගමු පලාත් සභාව රත්වේ..


. සබරගමු පලාත් සභාව රත්වේ..
අහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයකු ලෙස පෙනි සිටිමින් ඇහැලියගොඩ බටහිර මුදුන්කොටුව පාලම යට සිදු කරන නීති විරෝධී මැණික් ගැරිම නතර කිරිමට වහාම මැදිහත් වන්නයයි සබරගමු පලාත් සභා මන්ත්‍රීවරුන් වන එජාපෙ සිරිපාල ගම්ලත් මෙන්ම ශ්‍රිලනිපෙ මන්ත්‍රී නමින්ද ඉන්ද්‍රප්‍රිය යන මහත්වරුන් ඊයේ 7 වෙනිදා පැවති සබරගමු පලාත් සභා රැස්වීමේ දි එක හඩින් ඉල්ලා ඇත.

මැණික් ගැරීම සඳහා නිත්‍යානුකූලව බලපත්‍ර ලබාදීම මැණික් හා ස්වර්ණාබරණ අධිකාරියේ යටතේ සිදුවන අතර අධිකාරියේ කාර්යාලයක් ඇහැලියගොඩ මෙන්ම රත්නපුරයේ ද පිහිටුවා ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ජාතික මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය පවතින අතර එහි සභාපතිවරයා ද ජනාධිපතිවරයාගෙ හිතවතකු වන අසංක වෙලගෙදර වන අතර ඔහුද ඇහැලියගොඩ ප්‍රදේශයට සම්බන්ධ පුද්ගලයයෙකි.

නීතිවිරෝධීව අනවසරයෙන් මැණික් ගැරිම වැටලීමට මෙන්ම ඒ සඳහා නිත්‍යානුකූලව කටයුතු කිරීම මැණික් හා ස්වර්ණාබරණ අධිකාරියේ ප්‍රධාන විෂය පතයට ගැනෙන කරුනක් වන අතර පොලීසිය හෝ පොලිස් විශේෂ කාර්යය බලකාය සමග එක්ව හෝ තනිව වැටලීම් කොට පුද්ගලයින් සහ සහ භාන්ඩ අත් අඩංගුවට ගැනිමට බලය අධිකාරිය සතුවේ.

ඉහළ පුද්ගලයකුගේ සහෝදරයකුගේ මැදිහත්විමක් මත මෙසේ අනවසරයෙන් ජනතාව මෙන්ම වාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි රජයේ කොටි ගනනක් වියදම් කොට තැනු පාලමක් විනාශ කරමින් මෙම අනවසරයෙන් සිදු කරන මැණික් ගැරීම සම්බන්ධව බලධාරීන් මුනිවත රකින්නේ යයි සබරගමුවේ පළාත් සභා මන්ත‍්‍රීහු පෙන්වා දෙති.




යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network