ගැසට් නිවේදනය ව්‍යාජ එකක් නම් මුදල් ඇමති ඇතුළු පිරිස අත්අඩංගුවට ගත යුතුයි.. srilanka-politics

ගැසට් නිවේදනය ව්‍යාජ එකක් නම් මුදල් ඇමති ඇතුළු පිරිස අත්අඩංගුවට ගත යුතුයි..
.
ප‍්‍රශ්නගත බැදුම්කර නිකුතුව හා සම්බන්ධ ගැසට් පත‍්‍රය ව්‍යාජ එකක් නම් මහ බැංකුවේ ණය අධිකාරි, නියෝජ්‍ය අධිකාරි, අර්ජුන් මහේන්ද්‍රන්, මුදල් අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගත යුතු යයි කැෆේ සංවිධානය කියයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බැදුම්කර වංචාව – ගැසට් නිවේදනය ව්‍යාජ එකක් නම් මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවේ ණය අධිකාරි, නියෝජ්‍ය අධිකාරි, අර්ජුන් මහේන්ද්‍රන්, මුදල් අමාත්‍යාංශ ලේකම් හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් කොට සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. කැෆේ සංවිධානය කියයි

මහින්ද රාජපක්ෂ මහතා බැදුම්කර මගඩියට සම්බන්ධ ගැසට් පත්‍රයට සිය අත්සන යොදා නොමැති නම්, ඔහු විසින් මහ බැංකුවේ නිලධාරීන්ට, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යවරයාට එරෙහිව වහා පොලීසියට පැමිණිලි කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනය නිකුත් කරමින් පවසයි.

ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය අපරාධය ලෙස සැලකෙන මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 1 දින ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බවට විශ්වාස කළ නොහැකිය. එය සිතාමතා කරුණු වසන් කිරීම සදහා ද, බැදුම්කර වංචාව සදහා ආවරණයක් ලබා ගැනීමට බැදුම්කර වංචාවේ මොළකරුවන් දරණ උත්සාහයක් බව බැලූ බැල්මටම පෙනී යයි.

ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ 4 වන වගන්තියට අනුව මෙවැනි ගැසට් නිවේදනයන් නිකුත් කිරීම සිදු විය යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි, බැදුම්කර වංචාව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ පී.සමරසිරි මහතා සහ මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගේ නිර්දේශ සහ අනුමැතිය මතය.

එමෙන්ම, එම නිලධාරීන්ගේ අනුමැතිය ලැබූ ගැසට් නිවේදනය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු ව තිබිය යුතු අතර එයට මුදල් අමාත්‍යවරයා ගේ අත්සන ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබදව වහා පොලීසියට පැමිණිලි කළ යුතුව ඇති අතර, රාජ්‍ය ණය අධිකාරි, බැදුම්කර වංචාව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ පී.සමරසිරි සහ මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යවරයා ගෙන් මේ පිළිබදව ප්‍රශ්න කළ යුතුව ඇත. රාජපක්ෂ මහතා මෙම ගැසට් නිවේදනයට සිය අත්සන යොදා නොමැති නම් එය ව්‍යාජ ලේඛන සැකසීමක් වනු ඇති අතර, බැදුම්කර වංචාව වසා ගැනීම සදහා රජයේ පාර්ශයන් දරමින් සිටින උත්සාහය තවදුරටත් හෙළිදරව්වීමක් වනු ඇත.

මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධානය

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network