ජොන්ට ඇමතිධූරය අහිමිවෙයි? Srilanka-politics

ජොන්ට ඇමතිධූරය අහිමිවෙයි?


යහපාලන ආණ්ඩුවේ ඉඩම් අමාත්‍යංශය ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ලබාගැනීමේ උත්සාහයක් පිළිබඳ වාර්තා වේ.
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අමාත්‍ය තනතුරු බෙදීමේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාට ඉඩම් අමාත්‍යංශය හිමිවිය. කෙසේ වෙතත් ඔහුගේ අභාවය හේතුවෙන් එම තනතුර හිස්වූ අතර ඉන් පසු ඉඩම් අමාත්‍යංශය ජෝන් අමරතුංග අමාත්‍යවරයා යටතට පත් කෙරිණි.
කෙසේ වෙතත් මේ දිනවල එම අමාත්‍යංශය ශ්‍රීලනිපය යටතට පත්කර ගැනීම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප කණ්ඩායම උත්සාහ කරමින් සිටී.
හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් චීනයට ලබාදී එහි ආයෝජනය කලාපයක් ඉදිකිරීමට රජය කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ශ්‍රීලනිප පාර්ශ්වයෙන් විරෝධය එල්ලවෙමින් තිබේ. ශ්‍රීලනිපය උත්සාහ කරමින් සිටින්නේ ඉඩම් අමාත්‍යංශය ශ්‍රීලනිපය ඇමතිවරයෙකු යටතට පත්කරගෙන ඉඩම් විදේශිකයන් සතු කිරීමේ වැඩපිළිවෙල අධෛර්යයට පත්කිරීමටයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ යහපාලන ආණ්ඩුව ගොඩනැගීමේදී ශ්‍රීලනිපය හා එජාපය අතර ඇතිවූ එකඟතාවය අනුව ඉඩම් අමාත්‍යංශය එජාපය සතු වියයුතු බවයි. ඒ අනුව ඉඩම් අමාත්‍යංශය කෙසේවත් ශ්‍රීලනිප ඇමතිවරයෙකු යටතට පත්කිරීම කළ නොහැක්කක් බව එජාපය පවසයි

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network