ගායන ශිල්පී අමරසිරි පීරිස්ට පොල්ලක් තබා, JVP සල්ලිත් අරන් මාරු !!
ගායන ශිල්පී අමරසිරි පීරිස්ට පොල්ලක් තබා, සංවිධායකයන් සල්ලිත් අරන් මාරු !!
අනුරාධපුර පැවැති සංගීත ප්‍රසංගයට තමාට ආරාධනා කළත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් සංවිධායකයින් නොගෙවූ බව පවසමින් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඊයේ (11) දින අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේ ‘උන්මාද සඳ’ නමින් මේ ප්‍රසංගය සංවිධායකර තිබුණු අතර ඒ සදහා රුපියල් 1000, 5000, 3000 ආදී මලි ගණන් කිහිපයකට ටිකට් පත් විකුණා ඇත. මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ තන්තිරිමලේ ප්‍රදේශයේ දුෂ්කර පාසලක් ඉදිකිරීමට අරමුදල් රැස් කිරීමට යැයි පවසමිනි.
මුදල් ගෙවා ටිකට්පත් මිලදී ගත් පිරිස ප්‍රසංගයට පැමිණ තිබුණත් ඒ වන විටත් ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයන් මුදලුත් සමග අන්තරස්දාන වී තිබුණු අතර, ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා ඇතුළු කණ්ඩායම පැමිණ සිටි පිරිස වෙනුවෙන් නොමිලේම ගීත කිහිපයක් ගායනා කර පිරිස සන්සුන් කිරීමට කටයුතු කර ඇත. අනතුරුව ඒ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර ඇත.
මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික ලේකම් ලෙස කටයුතු කරන මොහොමඩ් ෆර්ෂාන් නමැත්තෙකි. මෙම පුද්ගලයා ෆේස්බුක් හි ප්‍රකට සමාජ සේවා ක්‍රියාකාරිකයකු ලෙස හැසිරෙන තැනැත්තෙකු බවත් මීට ප්‍රථම පැල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මුදල් වංචා කර ඇති අතර පාසල් හදන මුවාවෙන් විදේශයන්හි වෙසෙන පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම් වැනි සිදුවීම් රාශීයක් සිදුකොට ඇති බවද කතාබහට ලක් වේ.
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න