යුද හමුදාව කිලිනොච්චි පරවිපන්ජාන් කදවුරත් අකුලති… ඉඩම් බාර දෙති.. srilanka-politics

යුද හමුදාව කිලිනොච්චි පරවිපන්ජාන් කදවුරත් අකුලති… ඉඩම් බාර දෙති..

යුද හමුදාව කිලිනොච්චි පරවිපන්ජාන් කදවුරත් අකුලති… ඉඩම් බාර දෙති..
යුද හමුදාව විසින් කිලිනොච්චිය පරවිපන්ජාන්හි පවත්වගෙන ගිය යුද හමුදා කදවුර යටතේ තිබූ ඉඩම් කොටසත් කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට බාර දී තිබේ.

මෙම කදවුර ඉවත් කර ඉඩම් ඉල්ලා එහි දින කිහිපයක් පැවති උපවාසයෙන් අනතුරුව මෙසේ හමුදා කදවුරෙන් කොටසක් ඉවත් කර ඇත


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සයිටම් වෙඩිල්ලේ බොරුව එලිවේ… ප‍්‍රධානියා තමන් නොවදින්න වෙඩි තබන්නැයි කොන්ත‍්‍රාත් දීලා. Srilanka-politics

සයිටම් වෙඩිල්ලේ බොරුව එලිවේ… ප‍්‍රධානියා තමන් නොවදින්න වෙඩි තබන්නැයි කොන්ත‍්‍රාත් දීලා..
..
සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි තබා ඔහු ඝාතනය කිරීමට උත්සාහ දැරීම ඔහු ඇතුළු පිරිසකගේ සැලසුම් සහගත ක්‍රියාවලියක් බව අනාවරණය කර ගත් විශේෂ ‍පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් සැකපිට සමීර සේනාරත්න මහතා ප්‍රශ්න කිරීම සඳහා ‍පොලිස් භාරයට ගෙන තිබිණි.

කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සහ කොටිකාවත්ත මුල්‍ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියැදුරෙක් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව ‍පොලිස් තොරතුරු අනවරණය කළේය. ඔවුන් මේ වන විට පදිංචි ස්ථානවලින් පලාගොස් සැඟවී සිටින බව සඳහන්ය.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සයිටම් විධායක නිලධාරී සමීර සේනාරත්න අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩකඩ වැඩිය. සමීර සේනාරත්නගේ මෝටර් රථයට වෙඩි තැබුවේ යැයි කියන අවි දෙකද වෙඩි තැබූ අය ගමන් කළේ යැයි සඳහන් යතුරුපැදියද ‍පොලිස් භාරයට ගෙන ඇත. එම යතුරුපැදියද මන්ත්‍රීවරයා වෙනත් පුද්ගලයෙකුගෙන් ලබාගත්තක් බව අනාවරණය වී තිබේ.

‍පොලීසියේ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වන ආකාරයට සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබිමේ කතාවේ ඇතුළු පැත්ත හෙළිවන්නේ බියගම ප්‍රදේශයේ පදිංචිව සිටින මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකුගෙනි. එම පුද්ගලයා ඇඹිලිපිටියේ ස්ථිර පදිංචිකරුවෙකි. ඔහු පසුගිය දිනවල සයිටම් විධායක නිලධාරියාට වෙඩි තැබුවේ තමන් බව කියමින් ‍පොලිස් අත්අඩංගුවට පත්වීමට උත්සාහයක නිරත වී ඇති බව සඳහන්ය. මේ පුද්ගලයාව විශේෂ ‍පොලිස් කණ්ඩායමකට හසුවී ඇත්තේ ඒ අනුවය. එහිදී වෙඩි තැබිමට යොදාගත් ගිනි අවි පවා ඔහු ‍පොලීසියට භාරදී තිබේ.

සමීර සේනාරත්නට වෙඩි තබා ඝාතනය කරන්නැයි තමාට ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් ලැබුණු බවත් අතුරුගිරියේ සුදු අයියා එම කොන්ත්‍රාත්තුව තමාට දුන් බවත් ඔහු පවසා තිබේ. සුදු අයියා ඉන්න තැනක් තමන් නොදන්නා බව එහිදී ඔහු පවසා ඇති අතර ඔහු කළ ඇතැම් ප්‍රකාශ පරස්පර හා වෙඩි තැබිමේ සිද්ධිය හා සම්බන්ධකම් නොමැති බැවින් දීර්ඝ ලෙස ඒ සම්බන්ධයෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී සැබෑව හෙළි වී තිබේ. විද්‍යාත්මක විමර්ශනවලදීද ඔහු එදා ඒ පැත්ත පළාතේ සිට නැති බවද අනාවරණය වී ඇත.

සැබෑ කරුණුවලට අනුව වෙඩි තැබිමට එම පුද්ගලයා කිසිදු සම්බන්ධකමක් නොමැති අයෙක් වන අතර ගිනි අවි ලබාදෙමින් තමන් වෙඩි තැබුවේ යැයි කියා ‍පොලීසියට භාරවෙන ලෙස ඔහුට දැනුම් දී ඇත්තේ කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයාය. ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදීමට ‍පොරොන්දු වී අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂයක්ද ඔහුට ලබාදී ඇත.

‍පොලිස් පරීක්ෂණ නොමග යැවීමටත් සමීර සේනාරත්නට සැබෑ ලෙසම වෙඩි තැබූ බව සනාථ කර ගැනීමටත් ඒ සැලසුම ක්‍රියාත්මක වී තිබෙන බව අනාවරණය වී තිබේ. ගිනි අවිය සමග ‍පොලීසියට භාර වීමට සූදානම් කළ පුද්ගලයා මන්ත්‍රීවරයාගේ මැතිවරණ කටයුතුවලදී ‍පෝස්ටර් පවා ඇලවීමට සම්බන්ධවන අයෙක් බවද හෙළිවී ඇත.

සමීර සේනාරත්න ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබිමට යොදාගත් ගිනි අවි දෙක ලබාගෙන ඇත්තේ කොටිකාවත්ත මුල්‍ලේරියාව ප්‍රාදේශීය සභාවේ රියැදුරාගෙන් බවත් එදා ඒ වෙඩි තැබිමට එම රියැදුරාත් මන්ත්‍රීවරයාත් ගමන් කර ඇති බවට සැකකරෙන තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ. වෙඩි තැබූ දින උදෑසන සමීර සේනාරත්න මහතා මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ ඔහුව හමුවී සාකච්ඡාවක නිතරව සිට ඇති බවට තොරතුරු ‍පොලීසියට ලැබි ඇත.

සයිටම් ආයතනය සඳහා ඉඩම් ලබාදීමේදී ඊට අදාළ මන්ත්‍රීවරයාගෙන් සමීර සේනාරත්නට උදව් උපකාර ලැබි ඇති බවත් ඔවුන් ඒ වන විට පවු‍ලේ හිතවතුන් බවට පත්ව සිටින බවත් ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක අපරාධ සංවිධානාත්මක අපරාධ අංශයභාර නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අදාළ විශේෂ ‍පොලිස් කණ්ඩායම මෙම හෙළිදරව්ව කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ
ලක්බිම

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කූඨ ගැසට් පත‍්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්‍ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි srilanka-politics

කූඨ ගැසට් පත‍්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්‍ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..
..
ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බරයේදී බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් සදහන් කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද දිනයේ ප‍්‍රකාශක් ලබා දෙමින් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මහත්මිය මේ බව පවසා තිබේ.

අදාල ගැසට් පත‍්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් මුද්‍රණය කරනු ලැබුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවද සදහන් කර ඇති ඇය මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ නම එම ගැසට් නිවේදනයේ තිබීම පිළිබඳ නැවතත් විමසූ බවත් එවිටද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නේ එම නම සහිතව ගැසට් නිවේදනය මුද්‍රණය කරන ලෙස යයිද ප‍්‍රකාශ කර ඇත.

ප‍්‍රශ්නගත ගැසට් නිවේදනයේ අන්තර්ගත විය යුතු තොරතුරු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එන්.ජී.වයි.සී. විරසිංහ නම් නිලධරියා විසින් 2016 වසරේ නොවැම්බර් 18 වන දින ලිඛිතව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යයිද මුද්‍රණාලයාධිපතිනිය ප්‍වැඩි දුරටත් සදහ්න කර තිබේ.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රටම බයභීත කල පාතාල ඝාතනය පසුපස කොලඹ දේශපාලඥයෙක්..?? Srilanka-politics

රටම බයභීත කල පාතාල ඝාතනය පසුපස කොලඹ දේශපාලඥයෙක්..??

පාතාල නායක ‘සමයං’ ඇතුළු රැදවියන් පස් දෙනෙකු හා බනධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මහ පාරේ වෙඩි තබා මරා දැමීමේ සිදුවීම කොලඹ ප‍්‍රදේශයේ දේශපාලඥයකු සම්බන්ධ බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.

පසුගිය මැතිවරණ සමයේදීද ‘සමයං’ එක්තරා දේශපාලඥයෙකු වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ ක‍්‍රියාකාරකම්වල යෙදී ඇති අතර සමයංගේ ෆේස්බුක් ගිණුමෙන්ද ඒ බව තහවුරු වෙයි.

වෙඩි තැබීම සදහා පැමිණි පිරිස් අතහැර දමා ගිය කැබ් රථය අතුරුගිරිය ප‍්‍රදේශයේ එකක් බවද පොලීසිය සොයාගෙන ඇත.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

හොරකම් සියල්ල එලි වෙයි.. බැදුම්කර මහ මගඩියේ කූට ගැසට් පත‍්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක් srilanka-politics

හොරකම් සියල්ල එලි වෙයි.. බැදුම්කර මහ මගඩියේ කූට ගැසට් පත‍්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක්..

කුප‍්‍රකට බැඳුම්කර මඟඩියේ වගකීමත් රාජපක්‍ෂ ආණ්ඩුව මත පැටවීමට වත්මන් යහපාලන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බැඳුම්කර මඟඩියේ වගකීමත් රාජපක්‍ෂ ආණ්ඩුව මත පැටවීම

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියේ වගකීම යහපාලන බලධාරීන් විසින් මගේ ඇඟේ ගසා බේරීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයක් ගැන කණගාටුවෙන් යුතුව මහජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ සෑම මසකම අවසන් සතියට පෙර මහා භාණ්ඩාගාරය විසින් ඊළඟ මාසය සඳහා අවශ්‍යවන මුදල් ගණනය කොට යම්කිසි නිශ්චිත දිනයකට පෙර නිශ්චිත මුදලක් අවශ්‍ය බව මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය ණය දේපාර්තමේන්තුවට දැනුම් දීමයි. එම දැනුම්දීම ලැබුණු පසු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගර බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඒ අදාල මුදල වෙළඳපොලෙන් ලබා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙවැනි බැඳුම්කර නිකුතු වලට අදාල ගැසට් නිවේදන පලකරනු ලබන්නේ අදාල ගනුදෙනුව සම්පූර්නයෙන්ම අවසන් වූ පසු පමණි. එයට හේතුව ගනුදෙනුව අවසන් වනතුරු එහි විස්තර හරිහැටි දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසාය.

උදාහරණයක් වශයෙන් බැඳුම්කර නිකුතුවක් සඳහා යම් පොලී අනුපාතයකට ලන්සු කැඳවූ පසු ඒ සියලු ලන්සු ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ ඇත. එමෙන්ම ලන්සු ප්‍රමාණය, විකිනීමට ඇති බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී ලැබුණු ලන්සු වලින් කොපමණ ප්‍රමාණයක් බාරගන්නවාද යන්නත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීන්දු කල යුතුය. මේ කාරණා කිසිවක් කලින් තීන්දු කිරීමට නොහැකි නිසා මෙවැනි බැඳුම්කර නිකුතු සම්බන්ධ ගැසට් නිවේදනය පලවන්නේ ගනුදෙනුව සම්පූර්ණ වූ පසුව පමණි. මහ බැංකුවේ බැඳුම්කර මඟඩිය ආරම්භ වූයේ 2015 පෙබරවාරි 27 වනදා පවත්වනු ලැබූ බැඳුම්කර වෙන්දේසියෙන් බව කවුරුත් දනී. මෙතනදී සිදු වූයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව, 2015 මාර්තු 2 වනදාට පෙර ආණ්ඩුවට රුපියල් බිලියන 13.5ක් අවශ්‍ය බව 2015 පෙබරවාරි 20 වනදා පමණ මහා භාන්ඩාගාරය විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීමයි. මින් රුපියල් බිලියන 3ක් පමණ එක් වරම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුවද රුපියල් බිලියන 10.5 ක අඩුවක් තිබුණි. මෙය සොයා ගැනීමට ඔවුන් රුපියල් බිලියන එකක් වටිනා අවුරුදු 30න් කල් පිරෙන බැඳුම්කර 12.5%ක පොලියකට වෙන්දේසි කිරීමට යෙදුනි. මේ සඳහා රුපියල් බිලියන 20 ලන්සු ලැබුණු අතර ඉන් බිලියන 10 ක ලන්සු බාරගන්නා ලදී.
මේ බැඳුම්කර නිකුතුව ලංකා ඉතිහාසයේ ලොකුම මඟඩියක් වු ආකාරය කවුරුත් දන්න නිසා මෙහිදී සඳහන් කිරීම අනවශ්‍ය වේ. මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් 2015 ජනවාරි 01 දිනය හා 1895/19 අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. 2015 ජනවාරි 01 වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ 2011 දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ. මේවා අතර 2015 අවුරුද්දේ මාර්තු 01, මාර්තු 15, මැයි 01, මැයි 15, අගෝස්තු 01 හා දෙසැම්බර් 15 බැඳුම්කර නිකුතු මගේ නම යටතේම ගැසට් කර ඇත. ඒ අනුව අලුත් ජනාධිපතිවරයෙකු හා අලුත් මුදල් ඇමතිවරයෙකුත් වැඩ බාරගෙන මාස එකහමාරකටත් වඩා කාලයකට පසුව නිකුත් කරන ලද බැඳුම්කර වලටද මට වගකීමට සිදු වී ඇත.

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැත. මා කලින් පෙන්වා දුන් පරිදි බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ අදාල ගනුදෙනුවට පසුව මිස පෙර නොවේ. 2015 ජනවාරි 01 අංක 1895/19 දරණ ගැසට් පත්‍රය පලකරනු ලැබුවේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් මුද්‍රණය කර තිබෙන බව පෙනේ. මෙය යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකිමි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

මහින්ද රජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගැසට් නිවේදනය ව්‍යාජ එකක් නම් මුදල් ඇමති ඇතුළු පිරිස අත්අඩංගුවට ගත යුතුයි.. srilanka-politics

ගැසට් නිවේදනය ව්‍යාජ එකක් නම් මුදල් ඇමති ඇතුළු පිරිස අත්අඩංගුවට ගත යුතුයි..
.
ප‍්‍රශ්නගත බැදුම්කර නිකුතුව හා සම්බන්ධ ගැසට් පත‍්‍රය ව්‍යාජ එකක් නම් මහ බැංකුවේ ණය අධිකාරි, නියෝජ්‍ය අධිකාරි, අර්ජුන් මහේන්ද්‍රන්, මුදල් අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගත යුතු යයි කැෆේ සංවිධානය කියයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බැදුම්කර වංචාව – ගැසට් නිවේදනය ව්‍යාජ එකක් නම් මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකුවේ ණය අධිකාරි, නියෝජ්‍ය අධිකාරි, අර්ජුන් මහේන්ද්‍රන්, මුදල් අමාත්‍යාංශ ලේකම් හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් කොට සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. කැෆේ සංවිධානය කියයි

මහින්ද රාජපක්ෂ මහතා බැදුම්කර මගඩියට සම්බන්ධ ගැසට් පත්‍රයට සිය අත්සන යොදා නොමැති නම්, ඔහු විසින් මහ බැංකුවේ නිලධාරීන්ට, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යවරයාට එරෙහිව වහා පොලීසියට පැමිණිලි කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනය නිකුත් කරමින් පවසයි.

ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය අපරාධය ලෙස සැලකෙන මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 1 දින ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බවට විශ්වාස කළ නොහැකිය. එය සිතාමතා කරුණු වසන් කිරීම සදහා ද, බැදුම්කර වංචාව සදහා ආවරණයක් ලබා ගැනීමට බැදුම්කර වංචාවේ මොළකරුවන් දරණ උත්සාහයක් බව බැලූ බැල්මටම පෙනී යයි.

ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ 4 වන වගන්තියට අනුව මෙවැනි ගැසට් නිවේදනයන් නිකුත් කිරීම සිදු විය යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි, බැදුම්කර වංචාව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ පී.සමරසිරි මහතා සහ මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගේ නිර්දේශ සහ අනුමැතිය මතය.

එමෙන්ම, එම නිලධාරීන්ගේ අනුමැතිය ලැබූ ගැසට් නිවේදනය මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු ව තිබිය යුතු අතර එයට මුදල් අමාත්‍යවරයා ගේ අත්සන ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබදව වහා පොලීසියට පැමිණිලි කළ යුතුව ඇති අතර, රාජ්‍ය ණය අධිකාරි, බැදුම්කර වංචාව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ පී.සමරසිරි සහ මහ බැංකුවේ අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් අමාත්‍යවරයා ගෙන් මේ පිළිබදව ප්‍රශ්න කළ යුතුව ඇත. රාජපක්ෂ මහතා මෙම ගැසට් නිවේදනයට සිය අත්සන යොදා නොමැති නම් එය ව්‍යාජ ලේඛන සැකසීමක් වනු ඇති අතර, බැදුම්කර වංචාව වසා ගැනීම සදහා රජයේ පාර්ශයන් දරමින් සිටින උත්සාහය තවදුරටත් හෙළිදරව්වීමක් වනු ඇත.

මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධානය

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රතන හිමියෝ සියලු රහස්‌ හෙළි කරති… srilanka-politics

රතන හිමියෝ සියලු රහස්‌ හෙළි කරති…

ජාතික හෙළ උරුමය බිහිකිරීමේ පුරෝගාමී චරිතයකට පණ පෙවූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එම පක්‍ෂයම අද නොයෙක්‌ චෝදනා එල්ල කරමින් සිටීම වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ එක්‌ ප්‍රධාන මාතෘකාවක්‌ වී තිබේ.

මෙම චෝදනා පිළිබඳවත් වත්මන් වැඩ කටයුතු පිළිබඳවත් රටේ දේශපාලනය පිළිබඳවත් උන්වහන්සේ සමඟ ‘ දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශපාලන ජීවිතය යම් අර්බුදයකට ලක්‌ව ඇති බව පෙනෙන්නට තිබෙනවා.

පිළිතුර – ඔය කියන විදිහේ කිසිම අර්බුදයක්‌ නැහැ. මම මගේ ජාතික මෙහෙවර වඩ වඩාත් හොඳින් කරගෙන යනවා.

ප්‍රශ්නය – එවැනි අර්බුදයක්‌ නැහැයි කියන්න බැහැ නේද?

පිළිතුර – අර්බුද නැත්තේ කොහේද? මම වනවාසී හිමිනමක්‌ නෙමෙයි නේ. ලෞකික ජීවිතය තුළ සිට මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්නවලට රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයද්දී ගැටුම්, ප්‍රශ්න, අර්බුද ඇතිවීම ස්‌වාභාවිකයි. නමුත් මම කිවයුත්තේ ඔය කියන කුමන ආකාරයේ බාධක පැමිණියත් ඊට මුහුණ දෙන්න මගේ ආධ්‍යාත්මික ශක්‌තිය බොහෝ බලවත් බව.

ප්‍රශ්නය – ඔබවහන්සේට එරෙහිව චෝදනා රැසක්‌ ජා.හෙ.උරුමය එල්ල කරනවා.

පිළිතුර – ඔවුන් මට එරෙහිව මොනවා කියනවද කියා මම නැවත ඔවුන්ගෙන් විමසන්න යන්නේ නැහැ. මට ඔබට සහ රටේ ජනතාවට දෙන්න තියෙන උත්තරය වන්නේ කවුරුත් කියන දේ පිළිබඳ නොව මා කරන දේ පිළිබඳ බලන ලෙසයි.

ප්‍රශ්නය – ස්‌වාධීන මන්ත්‍රීවරයකු වනවා යෑයි කළ ප්‍රකාශය බොහෝ අර්බුද නිර්මාණය කරන ප්‍රකාශයක්‌ වී තිබෙනවා.

පිළිතුර – ඔබ නිතර විමසන අර්බුදය ගැන මම දන්නේ නැහැ. ස්‌වාධීන මන්ත්‍රීවරයකු වීමේ කතාව ගැන යමක්‌ කිව යුතුයි. එදා මාධ්‍ය හමුවේදී එක්‌ මාධ්‍යවේදියකු මගෙන් විමසුවා, ඔබවහන්සේ සිදුකරන අදහස්‌ දැක්‌වීම පක්‍ෂයක්‌ ලෙස කරන්නක්‌ ද? එසේ නැත්නම් ස්‌වාධීන අදහසක්‌ද? කියන කාරණය. එහිදී මම ඔහුට කියා සිටියේ, මෙය මගේ ස්‌වාධීන අදහසක්‌ එය පක්‍ෂයේ මතය නොවන බව. එය තමයි ස්‌වාධීන මන්ත්‍රීවරයකු වීමේ කතාව.

ප්‍රශ්නය – ජාතික හෙළ උරුමය තුළ සිට ස්‌වාධීන මතයක්‌ ප්‍රකාශ කිරීම ද ප්‍රශ්නය වී තිබෙන්නේ?

පිළිතුර – පක්‍ෂයක්‌ තුළ සිටියායි කියා ස්‌වාධීන මතයක්‌ පළ කරන්න නොහැකියාවක්‌ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌. මහින්ද රාජපක්‍ෂ සමයේදී ඔහු පරාජය කළ යුතු බව මම ප්‍රසිද්ධියේ කිව්වේ පක්‍ෂයෙන් අහලා නොවෙයි. රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාව හැදුවේ පක්‍ෂයෙන් අහලා නෙමෙයි. ඒ සියල්ල මම කියලයි කළේ. මට තියෙන ප්‍රශ්නය ඔය එකක්‌වත් නොවෙයි.

2014 දී මහින්ද රාජපක්‍ෂ මහත්තයට විරුද්ධව මම යම් යම් කරුණු ප්‍රකාශ කළා. මට මතකයි බී එම් අයි සී එච් එකේ රැස්‌වීම් ශාලා දෙකේදී මම රැස්‌වීමක්‌ අමතන විට මම කිව්වේ මේ ප්‍රකාශ මම කරන්නේ ස්‌වාධීනව බව. එතැන ඔය හැමෝම හිටියා.

මම මෑතකදී කළ ස්‌වාධීන වීමේ ප්‍රකාශයට කැබිනට්‌ එකේ ඉන්න පාඨලී චම්පික ඇමැතිවරයාවත් වෙන කිසිවකුත් වගකියන්න ඕන නැහැ. සාමුහික වගකීම කියන්නේ අරමුණක්‌. මම කිව්වේ ජාතික හෙළ උරුමය හා ජාතිමාමක බලවේග ඉල්ලන දේ මිස වෙන යමක්‌ නෙමෙයි. ස්‌වාධීන වනවා යෑයි මා කියූ දේ පත්තරවල ‘ලීඩ්’ කළා. ඒක නෙමෙයි බලන්න ඕන. ජාතික හෙළ උරුමය කියන්න ඕනෑ ඒ අය විරුද්ධ කුමකටද කියලා.

ප්‍රශ්නය – මොකක්‌ද හාමුදුරුවනේ එහෙම නම් ඔබවහන්සේට තියෙන ප්‍රශ්නය.

පිළිතුර – මේ මන්ත්‍රීධුර කතාව නිසා එදා මම මාධ්‍ය හමුවේ සඳහන් කළ කරුණු රැසක්‌ වැසීගිය එකයි. මම ජාතික හෙළ උරුමයට, ජාතික බලවේගවලට හා රටට ආදරය කරන සියලු ජනතාවට කියන්නේ මන්ත්‍රීධුරය ගැන බලන්නේ නැතුව මම කරපු ප්‍රශ්න කිරීම් පිළිබඳ බලන ලෙසයි. මේ තාවකාලික මන්ත්‍රී ධුරය ගැන ඕන කෙනකුට විමසන්න පුළුවන්. නමුත් මම ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ.

ප්‍රශ්නය – අපේ හාමුදුරුවනේ, මන්ත්‍රීධුර වගේ ලෞකික දේවල් පිළිබඳව ඒ මත්තේa…

පිළිතුර – මම ධර්මය වදාරන ආධ්‍යාත්මික ජීවිතයක්‌ ගතකරන භික්‍ෂුවක්‌. මම ඔය කිසිවකට ලෝභ නැහැ. රටට වැඩ කරන්න ඔය දේවල් අත්‍යවශ්‍ය නැහැ. උදේ අවදි වී භාවනා කරනකොට ඔය මන්ත්‍රීධුර මතක්‌ වෙනව නම් ඒ භාවනාවෙන් ඇති ඵලක්‌ නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය වන්නේ මා සමඟ සිටින ජාතික බලවේගවල හඬට ඇහුම්කන් නොදී මට යමක්‌ කියන්න බැරිවීමයි.

ප්‍රශ්නය – මන්ත්‍රීධුරය නිසා ආණ්‌ඩුව සම්බන්ධයෙන් ඇති විවේචන අඩු වේවිද?

පිළිතුර – කිසිසේත් නැහැ. මේ රට ගැන මට වගකීමක්‌ තිබෙනවා. මේ ආණ්‌ඩුව වැරදි කරනවා නම් ඒවා දැක නොදැක්‌ක ගානට ඉන්නව නම් අපි ජීවත්ව සිටීමෙන් ඇති ඵලක්‌ නැහැ. මොකද ඒ වැරදිවලට වගඋත්තරකරුවෝ වෙන්නේ අපි. මේ ආණ්‌ඩුවෙන් රටට කුමන හෝ අගතියක්‌ වනවා නම් එය වැළැක්‌වීම මගේ වගකීමක්‌. ඒ වෙනුවෙන් ජනතාව සමඟ තීන්දු ගන්න මට අයිතියක්‌ තිබෙනවා. මාව මැරුවත්, විනාශ කළත් කොයිදේ කළත් ඒ තීන්දුව මගේ හුස්‌ම ටික තියනකම් මම කරනවා.

මන්ත්‍රී ධුරය වෙනුවෙන් ගොළුවෙක්‌ වෙන්න මම සූදානම් නැහැ. මගේ ප්‍රතිපත්තිමය කාරණා දශමයකින්වත් යටපත් කරන්නේ නැහැ. ඒ ගැන මම ජනතාවට ප්‍රතිඥ දෙනවා.

මම කියන දේ අහන්න. පසුව කරපු දේ කරන දේ බලන්න. ඉන්පසු බොරු විවේචන විකාර නොකර ප්‍රතිපත්තිමය විවේචන කරන්න.

ප්‍රශ්නය – මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් සමඟ කතා කළේ නැද්ද?

පිළිතුර – එහෙම විශේෂයෙන් කතා කළේ නැහැ. හැබැයි මේ මොහොතේ මම හිතනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ හොඳ අවබෝධයක්‌ ඇතිකරගෙන ආණ්‌ඩුවේ ඇති අඩුපාඩු පෙන්වා දී වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න හැකිවේවි කියල. මන්ත්‍රීධුරය නිසා විවේචන කරන්න තිබෙන අයිතිය නැතිකරගෙන මට පාර්ලිමේන්තුවේ සිට වැඩක්‌ නැහැ. ඒ බව මම ඔය දෙපළටම කිව්වා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හෝ එක්‌සත් ජාතික පක්‍ෂයට ආණ්‌ඩුවක්‌a පිහිටුවන්න තනි බලයක්‌ ලැබුණේ නැහැ. හවුල් රජයක්‌ තියෙන්නේ ඒ නිසා නේ. හරියට දිනලා තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා පමණයි. ජනමතයක්‌ ඇත්තේ ඔහුටයි. ඔහු දිනලා විතරක්‌ නෙමෙයි මේ සියලු දේවලට වගඋත්තරකරු ද ඔහුයි. අපි බලයට ගෙනාවේ ඔහුවයි.

ප්‍රශ්නය – ඔබවහන්සේ එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වන බව ආරංචි පැතිර යනවා.

පිළිතුර – මම එක්‌සත් ජාතික පක්‍ෂයට යන්නේත් නෑ. ශ්‍රීලනිපයට යන්නේත් නැහැ. අපි බලයට පත්කළ මේ ආණ්‌ඩුවට බලපෑමක්‌ කළ හැකි බහුජන ව්‍යාපාරයක්‌ ගොඩනැංවීම පමණයි මම කරන්නේ. එහි නායකයා ලෙස මම කටයුතු කරනවා. අනාගතයේ මම තීන්දු තීරණ ගන්නේ මා සමඟ එම බහුජන ව්‍යාපාරයේ සිටින පිරිස සමඟයි.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබවහන්සේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී රටේ නායකයා ලෙස ගෙන ඒමට උත්සාහ කරන බව පැවසෙනවා.

පිළිතුර – මම පුද්ගලයකු ඉලක්‌ක කර ගත් දේශපාලනයක්‌ කරන්න තරම් දිළින්දකු නෙමෙයි. මම කරන දේ දේශපාලනිකව තේරුම් ගන්න. මම කරන්නේ මතවාදී අරගලයක්‌. පුද්ගල පංචස්‌කන්ද මුල්කරගත් ව්‍යාපෘතියක්‌ මගේ ඔළුවේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ගෙන ඒමටත් මගේ ව්‍යාපෘතියක්‌ ඔළුවේ තිබුණේ නැහැ. එය කාලයේ අවශ්‍යතාව මත සිදු වූ දෙයක්‌. මට පූර්ව සැලසුම් නැහැ.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබවහන්සේ ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකුවුවත් එම පක්‍ෂය සමඟ මේ වන විට කටයුතු කරනවා දකින්නට නැති තරම්. ඔබවහන්සේ සක්‍රීයව කටයුතු කරන්නේ වස විසෙන් තොර ගොවිතැන නඟාසිටුවීමේ ජාතික වැඩපිළිවෙළ සමඟයි. ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට එක්‌ පක්‍ෂයක්‌ තුළ හිරවී සිටීම ඊට බාධාවක්‌ නෙමෙයිද?

පිළිතුර – පුළුල් ජාතික වැඩක්‌ කරනවා නම් පක්‍ෂයක ලේබලයක්‌ ඇලවුණාම ඒක කරන්න හරි අමාරුයි තමයි. දැන් මට තියෙන්නේ පක්‍ෂ දේශපාලන සීමාවෙන් ඔබ්බට ගිය කාර්යයක්‌. මට මිනිස්‌සු ආදරෙයි. එය මගේ සාංසාරික කුසලයක්‌. ඒ තුළ මා ජීවත් වෙනවා. මම ඉපදී තියෙන්නේ මේ රට ආරක්‍ෂා කරගන්නයි. එය මගේ ආත්ම පුරුද්දක්‌ වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කරන යුතුකමට මන්ත්‍රීධුරය තිබී වාසිද අවාසිද කියල මම තවම හිතනවා. මම වටා සිටින ජාතිමාමක බලවේගවලට ඇහුම්කන් දෙන්න ඕනෑ.

ප්‍රශ්නය – හාමුදුරුවනේ මේ යන විදියට තවදුරටත් ජාතික හෙළ උරුමය සමඟ ඔබවහන්සේට ගනුදෙනු කරන්න හැකි වේවිද?

පිළිතුර – ඒ ගැන මම කිසිවක්‌ ප්‍රකාශ කරන්න කැමති නැහැ. ජාතික හෙළ උරුමයත් සමඟ මගේ ඇති ගිවිසුම රටේ ප්‍රතිපත්තිමය සම්මුතියක්‌.

ප්‍රශ්නය – ඔබවහන්සේ පොරොන්දු කඩ කළ බව ජාතික හෙළ උරුමය චෝදනා කරනවා.

පිළිතුර – ඔය හැම දෙයකටම උත්තර මම ලබන විසිඅටවැනිදාට දෙන්න සූදානම්. ජාතික හෙළ උරුමයවත්, පාඨලී චම්පික මහත්තයාවත් මගේ හතුරෝ කරන් ජීවත්වෙන්න මම දැනුත් කැමැති නැහැ. ඒ අයගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මම කියන්නේ කුමක්‌ද යන්න තේරුම් ගන්න ලෙසයි. මට පුද්ගලයෝ වැදගත් නැහැ. මම කරන්නේ ජාතික කර්තව්‍යයක්‌. මේ රට හැරෙන්න ආදරය කරන්න කිසිවෙක්‌ මට නැහැ. මම ජීවිතයෙන් මේ රටට ආදරෙයි. මගේ ජනප්‍රියත්වය උදෙසා කරන දේශපාලන වාක්‍යයක්‌ නෙමෙයි එය. රටට ආදරය බව මං ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ප්‍රශ්නය – රතන හිමියන්ව දේශපාලනිකව ඝාතනය කරන්න යම් පිරිසක්‌ උත්සාහ ගන්නවා යෑයි ඇතැමුන් පවසනවා.

පිළිතුර – මාව දේශපාලනිකව ඝාතනය කරන්න වෙන්නේ මා ඝාතනය කිරීමෙන් පමණයි. මාව දේශපාලනිකව ඝාතනය කරන්න කාටවත් බැහැ. කවුරුහරි එහෙම කරන්න හදනවා ද කියා මන් දන්නේ නැහැ. අවලාද බොරු ප්‍රචාරවලට මගේ බයක්‌ නැහැ. සැලෙන්නේ නැහැ. කොටින්ම මට ඒවා අදාළ නැහැ.

ප්‍රශ්නය – ඔබවහන්සේ ගොඩනඟනවා යෑයි කියූ පුළුල් ජාතික සභාවට මොකද වුණේ?

පිළිතුර – එය අපි ලබන 28 වැනිදා එළිදක්‌වනවා. එහිදී අපි රට හදන ප්‍රතිපත්තිය එළිදක්‌වනවා. මේ ආණ්‌ඩුව කරන්නේ මොකක්‌ද? එහි ඇති වැරදි මොනවාද? රට ගෙනියන්න ඕන කොතැනටද යන්න එදින මා රටට හෙළි කරනවා. මේ යන ගමනෙන් රට හදන්න පුළුවන්ද? අප රට වෙනත් මඟක්‌ ගතයුතුද යන්න එදින රටට හෙළි කරනවා. එදාට අපි අපේ ජාතික ප්‍රතිපත්තිය එළිදක්‌වනවා.

ප්‍රශ්නය – මේ ආණ්‌ඩුව යටතේ ඔබවහන්සේලා ඔය හිතන දේවල් කරන්න පුළුවන් වේවිද?

පිළිතුර – ඔය ප්‍රශ්නයට උත්තරයක්‌ දෙනවා නම්, මේ ආණ්‌ඩුව තුළින් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ රටේ ජනතාවගේ දැනඋගත්කම මතයි. රටේ ජනතාව එක්‌ බලවේගයක්‌ ලෙස එකමුතු වුණොත් ජනාධිපතිතුමා ලවා මේ ටික කරගන්න පුළුවන්. රතන හාමුදුරුවෝ තනියෙන් කිව්වට හරියන්නේ නැහැ. අප රටේ සහ ලෝaකයේ දැන උගත් ප්‍රකට පිරිසක්‌, විද්වතුන්, ගෞරවාදරයට පත්වුණ පිරිසක්‌ එක හඬින් යමක්‌ කියනකොට එය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පිළිගන්න වෙයි.

ප්‍රශ්නය – වස විසෙන් තොර ගොවිතැන පිළිබඳ වත්මන් තත්ත්වය කුමක්‌ද?

පිළිතුර – එය අද මන්ත්‍රයක්‌ බවට පත්වෙලා. ඇමැතිකමක්‌ නැති ඔබ ප්‍රබල බහුජාතික සමාගම්වලට එරෙහිව ජනමතයක්‌ ගොඩගැනීම ලොකු දෙයක්‌. ග්ලයිපොසෙට්‌, හොර පොහොර අපි තහනම් කළා. එය සියයට අනූවකින් සාර්ථකයි. බහුජාතික සමාගම් කළ පට්‌ටපල් බොරුව අපි රටට හෙළි කළා. මේ පුංචි දිවයින වස විසෙන් තොර රටක්‌ බවට ස්‌වර්ණමය කිරුළ අපි පළන්දා තිබෙනවා. මේ ආණ්‌ඩුව යටතේ අපි ඒ දේ කළා. අපි ලබන වසරේ වස විස නැතිs ගොවිතැන ගැන බීඑම්අයිසීඑච් හිදී සම්මේලනයක්‌ පවත්වනවා. මේ දවස්‌වල ඊට මහන්සි වෙනවා. රෑ එකොළහ වෙනකම් වැඩ කරලා නැවත උදේ පහට අවදි වී වැඩ කරනවා. මේ වැඩවලට උදව් කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.

– දිවයින

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ආණ්ඩුවේ බොන්ඩ් හෙලුව දෝරේ ගලයි.. හොරට ගැසු ගැසට් අනුව 2015 දෙසැම්බරයේදීත් ශ්‍රී මෙරට නිල ජනාධිපති, මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි… srilanka-politics

ආණ්ඩුවේ බොන්ඩ් හෙලුව දෝරේ ගලයි.. හොරට ගැසු ගැසට් අනුව 2015 දෙසැම්බරයේදීත් ශ්‍රී මෙරට නිල ජනාධිපති, මුදල් ඇමති මහින්ද රාජපක්ෂයි…

1997 දී මහා භාණ්ඩාගාර සඳහා අවශ්‍ය මුදල් දේශීයව ණය වශයෙන් ලබා ගැනිම ආරම්භ විය. ඒ අනුව මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් වෙළෙඳපොළට භාණ්ඩාගාර බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම ආරම්භ කරන ලදි.

මෙහිදී පාර්ලිමේන්තුව විසින් අදාළ වර්ෂයක් වියදම් වෙනුවෙන් විසර්ජන පනත අනුමත කිරීමෙන් පසු එම වර්ෂයට අවශ්‍ය මුදල් ප්‍රමාණය ණය ලෙස ලබා ගනි. අනුමත මුදලට සමානව භාණ්ඩාගාර බැදුම්කර හෝ භාණ්ඩාගාර බිල් පත් වරින් වර මුදල් වෙළෙඳපොළ අධ්‍යයන කිරීමෙන් තරගකාරි පොලි අනුපාතයට මහා බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළ හරහා තැරව්කරුවන්ගෙන් ලබා ගනි.

රජයේ සංවර්ධනය කටයුතුවලට වසරකට වැඩි කාලයක් සඳහා ලබා ගන්නා ණය භාණ්ඩාගාර බැදුම්කර ලෙසත්, වසරකට අඩු කාලයක් සඳහා ලබා ගන්නා ණය භාණ්ඩාගාර බිල්පත් වශයෙන් හදුන්වනු ලබන අතර විශේෂයෙන්ම වෙළෙඳපොළ තරගකාරිත්ව සහ පොලි අනුපාතයේ වාසිය සැලකිල්ලට ගෙන කෙටි කාලයක් සඳහා ණය ලබා ගැනෙන ණය මේ ඝනයට අයත් ය.

එමෙන්ම ආරම්භයේ සිටම පුරුද්දක් වශයෙන් වෙළෙඳපොළ පොලි අනුපාතිකයේ වෙනස්වීම හා රටේ මුදල් සංසරණය යන කරුණු සැලකිල්ලට ගෙන අවශ්‍ය ණය මුදල තීරණය කිරිමෙන් පසුව මහා බැංකුව විසින් පලකරන ප්‍රසිද්ධ දැන්වීමකින් පසුව එම දැන්වීමේ සඳහන් ප්‍රමාණයට අනුව ණය ලබා ගැනිම සිදු කරයි, ඒ අනුව රජයට අවශ්‍ය මුදල් අදාළ වසර පුරා ලබාගෙන වසර අවසානයේ එම ප්‍රසිද්ධ දැන්වීම අනුව වෙන්දේසියේ දි ලබා ගත් මුදල් ප්‍රමාණය, ගෙවිය යුතු පොලිය , සහ ගෙවන කාලය ඇතුළත් කොට අතීතයට බලපාන සේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සම්ප්‍රදායක් මෙන්ම අදාළ වර්ෂයේ ගිනුම් කටයුතු සම්පූර්ණ කිරීමකි.

ඒ අනුව පුරුදු පරිදි 2014 වසර සඳහා වෙන්දේසි කල දිනය, ලබාගත් ණය මුදල ප්‍රමාණය,ණය ලබා ගත් කාලය පරිච්ඡේදය, සහ ඒ සඳහා වාර්ෂික ගෙවිය යුතු පොලිය ඇතුළු කරුණු ඇතුළත් වෙන්දේසි පැවත්වූ සෑම දිනයන්ම ආවරණය වන පරිදි අදාළව ගැසට් පත්‍රය 2015 ජනවාරි මාසයේදී 01 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මුද්‍රණය කොට ඇත.

පුදුමයකට මෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අත්සන් කොට 2015 ජනවාරි 01 වෙනිදා මුද්‍රණය කොට ඇති 1895/19 ගැසට් පත්‍රයේ ඔහු නිල පාලනයේ නොසිටි කාලය සඳහා එනම් 2015 මුදල් වර්ෂයේ ලබාගත් ණය ප්‍රමාණය,ගෙවිය යුතු අදාළ පොලිය, බැදුම්කරයේ කල් පිරෙන දිනය (කාලය පරිච්ඡේදය) සඳහන් කොට එම අදාළ ගැසට් පත්‍රයේ තිබිම විමතියට කරුණකි.

එමෙන්ම එම ගැසට් පත්‍රයේ මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා හරියටම ප්‍රශ්න ගත බැදුම්කරය වූ 2015 පෙබරවාරි 27 දින රුපියල් බිලියන 10.058 ක් වසරක පොලිය සීයයට12.5%ක් සහ අවුරුදු 30 ක් කාලය සඳහා ලබා ගැනිමට අනුමැතිය දී ඇත.

එමෙන්ම ඔහුගේ නිල කාලය 2015 ජනවාරි 08 වෙනිදා අවසන් වූ පසුත් 2015 වසර පුරාම වෙන්දේසියේ ලබා දිය යුතු පොලිය, මුදල ප්‍රමාණය සහ කාලය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තීරණය කොට තිබීම ආශ්චර්යකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ අවසාන බැදුම්කරය 2014/12/30 දින වසරකට පොලිය 7.88% වෙන්දේසි කොට ඇත.

2014/12/30 වෙනි දින මහා බැංකුව විසින් නිකුත් කල නිල නිවේදනය පහත පලවේ) එහෙත් ඊට වඩා 4% ක් වැඩි පොලියක් මෛත්‍රී-රනිල් ආණ්ඩුවට එනම් වසරකට 11.75% පොලියට (2015/02/27 වෙනි දින මහා බැංකුව විසින් නිකුත් කල නිල නිවේදනය පහත පලවේ) ණය ලබා ගනිමට අනුමැතිය ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වීමත් ඊට ආසන්න පොලියකට මහා බැංකුවේ හිටපු අධිපති ගේ බෑනාගේ සමාගම වෙන්දේසියේදී ලබා ගැනිමත් පුදුම සහගතයි.

එමෙන්ම 2015 වසර සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමත කොට තිබු අයවැය වාර්තාව වෙනුවට 2015 ජනවාරි 08 වෙනිදා පත්වූ රජය අතුරු අයවැය වාර්තාවක් ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නා ලදි. එය සත්‍යයක් නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිල කාලය 2015 ජනවාරි 8 වෙනිදායින් පසු අවසන් වී ඇති බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නිල වශයෙන් තම කාලය අවසන් කොට ඇති බව ස්ථිර බව මෙයින් පැහැදිලිවම පෙනේ.

කරුණු එසේනම් මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ අතුරු අයවැයේ විසර්ජන පනතට අනුව පාර්ලිමේන්තුව අනුමත කොට ඇති වියදම් සඳහා ණය ලබා ගත යුතුය. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇති පොලියටම එතුමා බලයේ නැති අවස්ථාවක වර්තමාන මුදල් ඇමති රවි කරුණානයකත් මහා බැංකුව අයත්ව තිබු අගමැති සහ ආර්ථික කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ණය ලබා ගැනිම කිසිසේත්ම නොකළ යුතුය,

මෙම ගැසට් පත්‍රයට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිවාදියා විසින් පාලනය කරනු රජයක ඉදිරි වසර සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කොට ඇති අතුරු අයවැය සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මහා බැංකුවේ විසින් පවත්වනු ලබන බැදුම්කර වෙන්දේසිවල දිනයන්, අවශ්‍ය ණය ප්‍රමාණයන්, වෙන්දේසියේ දි තැරව්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට යෝජිත පොලිය, වැනි ඉතා වැදගත් කරුණු නිශ්චිතවම ප්‍රකාශ කොට ගැසට් කිරීම යුක්ති සහ ගත නොවනු ඇත.

එමෙන්ම එසේ එම කටයුත්ත මෛත්‍රී-රනිල් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලවා කරවා ගත්තා නම් එය ඉතා නරක පූර්වාදර්ශයක් වනු ඇත, මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික වැඩපිළිවෙළ දැඩිව විවේචන කොට මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට පත්කොට යහපාලනය ඇති කිරීමට වෙහෙස මහන්සි වූ සිවිල් සංවිධාන වලට මෙන්ම යහපාලන රජයේ ආර්ථික විශේෂඥයන්ට කරනු ලැබු මහත් නිගාවක් වනු ඇත.

එමෙන්ම එම නින්දිත ක්‍රීයාව සාධාරණසමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරේ සභාපති මහාචාර්ය සරත් විජේසුරියට අනුව ඉතාම අව ලස්සන ක්‍රියාවක් මෙන්ම මහින්ද රාජපක්ෂට ජනාධිපති රෙදි නැතිව කඩේ යෑමකි.
මෙන්න බැංකු වාර්තාව මෙතැනින්
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රාජපක්ෂ පවුලේ මතබේදයක් ගැන දේශපාලන කරලියේ ඇති කුකුස ගැන පොඩි සටහනක් srilanka-politics

රාජපක්ෂ පවුලේ මතබේදයක් ගැන දේශපාලන කරලියේ ඇති කුකුස ගැන පොඩි සටහනක්

ඊයේ Daily Mirror පුවත්පතේ ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ කර තිබුන සාකච්ඡාවක අවසානයට ඔහුගෙන් අසා තිබුන ප්‍රශ්ණය හා ගෝඨාභය රාජපක්ෂ මහතා දී තිබුනපිලිතුර මෙසේයි.
.........................................................................................
Question: "There are rumours about a rift between you and your brother Mahinda Rajapaksa. How true is such allegation? "

Answer : " I think we have very good family relations. We never fought for anything. Even when we were in the government, there were things I believed in, so did he (MR). Also there were certain issues we did not agree to, and those were policy matters. We have no personal issues. We are very close. My father died when we were very small, it is him who looked after us. We are very close to each other. Politically, we always listen to him. He is the person who knows about politics. I have not done anything in politics. I helped him as the Defence Secretary ".
.........................................................................................

මම රාජපක්ෂලා සියලු දෙනාම හඳුනා ගත්තේ 2009 න් පසුවය. ඒ පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිටි මට රාජ්‍ය අංශයේ වගකීමක් ඉන් පෙර කිසිදිනක මා මුනගැසී නොසිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මාව ජනාධිපති කාර්යාලයට කැඳවා බාර දුන් පසුවය. ඉන් පසුව බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනා සමඟම සමීපව ඇසුරු කරන්නට ලැබුනේ රාජකාරි කටයුතු නිසාය. ඔවුන් තුල මා ගැන යම් පැහැදීමක් ගෞරවයක් ඇත්නම් ඒ බාරදුන් ඕනෑම වැඩක් හරියට කල නිසාය. අනෙක් අතට මාතුල ඔවුන් ගැන පැහැදීමක් ගෞරවයක් තිබෙන්නේත් ඔවුන් සියලුදෙනාම බාරගත් වැඩක් හරියට කරන අය නිසාය. ඉන් ඔබ්බට ගොස් ඔවුන්ගේ අනෙක් ගුන අගුන සොයාබැලීම මගේ වැඩක් ලෙස නොසලකමි.

නමුත් මේ සටහන ලියන්නට සිතුවේ ඉහත කී ප්‍රශ්ණය දුටු විටය. රටේ බොහෝ දෙනෙකු මේ ප්‍රශ්ණය අහුමුලු වල මතු කරන්නේ ඔවුන්ට එය වැදගත් කාරනයක් නිසාය. සමහරු එවැනි ආරවුලක් පතති. සමහරු එවනි ආරවුලක් ඇතැයි බියවෙති. ප්‍රතිපත්තිමය කරුණු මත රාජපක්ෂලා අතර පරස් පරතා තිබුනද මේ අය්යා මලෝ පිරිස කිසිවිටක එක් අයෙකු තව අයෙකුට එරෙහිව නොයන බවනම් මට සක්සුදක් ලෙස පැහැදිලිය. එය මා රාජකාරි මට්ටමෙන් එක්ව කටයුතු කර නැතත් එහෙත් දන්නා හඳුනන චමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද එසේම බව මට සැකයක් නැත...
උපටාගැනිම දොස්/නාලක ගොඩහේවා මහතාගේ ෆෙස්බුක් පිටුවෙන්


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රවී කරුණානායක මහින්ද රාජපක්ෂ ජනපති තුමන්ගේ අත්සනින් 2015.09.15 බැදුම්කර පිළිබද ගැසට් පත්‍රයක් නිකුත් කරයි... srilanka-politics

රවී කරුණානායක මහින්ද රාජපක්ෂ ජනපති තුමන්ගේ අත්සනින් 2015.09.15
බැදුම්කර පිළිබද ගැසට් පත්‍රයක් නිකුත් කරයි...

ලංකා ඉතිහාසයේ දුෂිතව ගනුදෙනුව බවට ඉතිහාසයගත වන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනපති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බව පවසමින් ගැසට් පත්‍රයක් නිකුත් කොට ඇති බව වාර්තා වේ.

මෙම ගැසට් පත්‍රය සත්‍ය නම්, මෙය අසිරිමත් සිදුවීමකි. 2015 ජනවාරි 1 දින වන විට මෙම ගැසට් පත්‍රය මුද්‍රණය කළ මුදල් අමාත්‍යවරයා 2015 මාර්තු 1 දින සිදුවන දුෂිත බැදුම්කර ගනුදෙනුවේ සැබෑ වටිනාකම අන්තිම රුපියල් සියයට (එනම් රුපියල් දශ ලක්ෂ 10,058 ක් බව) නිවැරදිව දැන සිට ඇත. එපමනක් ද නොව, මෙම දුෂිත ගනුදෙනුවේ පොලී අනුපාතය 12.5% ක් වන බව ද ඔවුන් දැන සිට ඇත.

දුෂණ විරෝධී පෙරමුණ වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම ගැසට් පත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වසර ආරම්භයේ දී වෙන්කරවා ගත් අංකයක් යොදා ගනිමින් මුද්‍රණය කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුවය. මහ බැංකුව විසින් මෙම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත යොමු කොට ඇත්තේ 2015 සැප්තෑම්බර් මසය. එවිට රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පමණක් වූ අතර මුදල් අමාත්‍යවරයා වූයේ රවී කරුණානාය.

බැදුම්කර වංචාව සදහා ආයතනික සහාය ලබා දුන් පුද්ගලයින් තවමත් මහ බැංකුවේ ප්‍රධාන තනතුරු දරමින් සිටින අතර ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක් හරහා මෙම ගනු දෙනුව සිදුවූ බවත් එය නීති විරෝධී නොවන බවත් පෙන්වීම සදහා මෙම කූට ගැසට් නිවේදනය යොදා ගැනීමට යහපාලන ආණ්ඩුව විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෛත‍්‍රීට අපව තම්බන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවක් හදන දවස ප‍්‍රසන්න කියයි.. srilanka-politics

මෛත‍්‍රීට අපව තම්බන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවක් හදන දවස ප‍්‍රසන්න කියයි..

මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද අවාසිදායක නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කල්දමමින් පරාජයෙන් ගැලවීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරමින් සිටින්නේ බොළඳ උත්සාහයක් බව පෙන්වා දුන් රණතුංග මහතා දිනෙන් දින උග්‍රවන ආණ්ඩු විරෝධී ජනතා බලවේග වැඩි දිනක් යන්නට මත්තෙන් සුළි සුළඟක් වී මෛත්‍රී රනිල් සභාග ආණ්ඩුව සුණුවිසුණු කරනු නියත බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ක්‍රියාකාරීන් සඳහා උඩුගම්පොළ දී පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන දහසක් දේවල් කියලයි. නමුත් එහෙම කියලා බලයට ආපු ආණ්ඩුව අද ඇස් පනාපිටම ඒ පොරොන්දු කඩ කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක නියැලෙනවා. විවිධ බොරු හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දාන ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගන්න කටයුතු කරමින් සිටිනවා.

අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන කියමින් මැතිවරණය කල්දාන්නේ මැතිවරණය පරදියි කියන බයට මිසක් වෙන දේකට නෙමෙයි. ජනාධිපතිවරයත් අගමැතිවරයත් හොඳින්ම දන්නවා එක්සත් ජාතික පක්ෂයට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දැන් රටේ තියෙන තැන. ඔවුන් දන්නවා මැතිවරණයකට ගියොත් ඇඩ්‍රස් නැති වෙන්න පරදින බව. ඒ නිසා විවිධ හේතු කියමින් ඡන්දය කල් දානවා.

ජනතාව ගොනාට අන්දලා බලය ගත්තා වගේ ඒ බලය රැකගන්නත් පුළුවන් කියලා හිතනවා නම් ජනාධිපතිට වගේම අගමැතිටත් වැරදිලා. දැන් ජනතාව බලා ඉන්නේ ජනවාරි 08 වැනි දා කරපු වරද නිවැරැදි කරන්නයි. රටේ ආර්ථිකයත් ජාතික ආරක්ෂාවත් දෙකම විනාශ කරපු මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන්නයි ජනතාවට දැන් ඕනෑ කරලා තියෙන්නේ.

හැබැයි ඡන්දයක් නැති නිසා ජනතාවට දැන් ආණ්ඩුව ගෙදර යවන්න විදියක් නැහැ. ජනතා විරෝධය දක්වන්න තියෙන එකම විදිය තමයි ආණ්ඩුවට විරුද්ධව පාරට බහින එක. අද බලන්න දවසකට රට පුරාම උද්ඝෝෂණ කීයක් තියෙනවද කියලා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කම්කරුවන්, රණවිරුවන්, වෘත්තියවේදීන් යනාදි වශයෙන් සමාජයේ සිටින සෑම ජනකොටසක්ම දවස ගාණේ පාරට බහින්න පටන් අරන්.

මේවායෙන් පේන්නේ ජනතාවගේ තියෙන විරෝධයයි. මේ විරෝධය පොලිස් ප්‍රහාර, කඳුළු ගෑස්වලින් වළක්වන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. දිනෙන් දින වර්ධනය වන ආණ්ඩු විරෝධී රැල්ල මහා සුළි සුළඟක් වෙලා මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව ගසාගෙන යන දවස වැඩී ඈතක නෙමෙයි. අන්න එදාට අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හොඳටම දන්නවා මේ ආණ්ඩුව වැඩිදුර දුවන්නේ නැහැ කියලා. ඒ හින්දා දැන් පුළුවන් තරම් ඉක්මණින් සල්ලි ටිකක් හම්බ කර ගෙන පැත්තකට වෙන්නයි ඒ අයට ඕනෑ කරලා තියෙන්නේ. දවසින් දවස රට අගාධයට යනවා දැක දැකත් ආණ්ඩුවේ එල්ලීගෙන ආණ්ඩුවේ ගුණ ගයමින් ඉන්නේ තමන්ගේ වැරැදි වහගන්න ඕනෑ නිසයි.

මේ රට විනාශය කරා ඇදගෙන යන ඕනෑ කෙනෙකුට අපි විරුද්ධයි. ඒකෙදි ශ්‍රී ලංකා ද යූඇන්පී ද කියලා බේදයක් නැහැ. රට විනාශ කරන ඕනෑම කෙනකුට අනාගතයේ අපි හදන ආණ්ඩුවෙන් දඬුවම් කරනවා. හැබැයි ඒ දඬුවම් කරන්නේ අද ආණ්ඩුව කරනවා වගේ දේශපාලන වශයෙන් පළිගන්න නෙමෙයි. විරුද්ධවාදීන්ගේ කට වහන්න නෙමෙයි කියලත් කවුරුත් මතක තියා ගත යුතුයි.

හොරුන්ට දඬුවම් කරද්දි අපි තරාතිරම් බලන්නේ නැහැ. වැරැදි කරන කාටත් එක වගේ හිරගෙයි බත් රස බලන්න වෙයි. සමහරු හිතාගෙන ඇති තියෙන තරම් හොරකම් කරලා අපේ පැත්තට ඇවිත් සුදනෝ වෙන්න. අපි ඔය කවුරු දිහාවෙත් දැන් හොඳට බලාගෙන ඉන්නේ. හොරා කවුද හොඳ මිනිහා කවුද කියලා අපි දැන් දන්නවා. ඒ හින්දා පැති මාරු කරලා බේරෙන්න නම් හිතන්න එපා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ඇමැතිවරුන් අතර ගැටුම් කියලා හැමදාම මාධ්‍යවල පළ වුණත් ඒවා අතේ පැලවෙන බොරු බව ජනතාව දන්නවා. දෙගොල්ලෝ රණ්ඩු වෙනවා නම් කොහොමද කිරිපැණි වගේ එකට ඉඳන් හවුලේ රට කන්නේ? මේ හදන්නේ අපිට කොළේ වහලා ගහන්න. මෛත්‍රී රනිල් ගාව තියෙන ලුණු ගොරකා මදි අපිව තම්බන්න. අපි කාගෙත් හැටි හොඳට දන්නවා. මේ රටේ ජනතාව ආයෙමත් මෛත්‍රී රනිල් හවුලේ බොරුවලට රැවටෙන්නේ නැහැ.

සමහරු අපට කියනවා පක්ෂය කඩනවා කියලා. හැබැයි පක්ෂය කැඩුවේ කවුද කියලා මුළු රටම දන්නවා. එකට ආප්පත් කාලා පැනලා ගිහින් එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දුන්නේ කවුද කියලා රටට රහසක් නෙමෙයි. අපි හැමදාම කටයුතු කළේ පක්ෂය රැකගන්නයි. අවස්ථාවාදී බලලෝභීන්ගේ ග්‍රහණයට පක්ෂය නතු වෙන එක වළක්වන එක තමයි අපේ එකම අරමුණ වුණේ.

අද රටේ ආර්ථිකය කඩා වැටිලා. එදිනෙදා ජනජීවිතය අවුල් වෙලා. හාල් කිලෝව රුපියල් සීයයි. පොල් ගෙඩිය රුපියල් හැත්තෑවයි. ඩොලර් එක රුපියල් එකසිය පනස් තුනයි. බලයට එනකොට කිව්වේ නම් මහා ලොකු ආර්ථික ඔස්තාර්ලා කියලා. මේ ආණ්ඩුවේ ඉන්නේ ආණ්ඩුවක් තියා පෙට්ටි කඩයක්වත් පාඩු නැතුව හරියට කරගෙන යන්න පුළුවන්කමක් නැති වැඩ බැරි ටාසන්ලා ටිකක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිහින් අලියගේ නැට්ටේ එල්ලුණු ශ්‍රී ලංකා ඇමැතිවරුන් දැක්ම දුකත් හිතෙනවා. ගෙදර බාරියාවට බයෙන්, හොරකම් අහුවෙනවට බයෙන් ගිහින් ඇමැතිකම් ගත්තා වගේ නෙමේ දැන් විඳවන්න ගියාම. කොළඹට වෙලා මාධ්‍ය හමු තියලා ලොකු ලොකු දර්ශන දැම්මට ඔය ඇමැතිලා කාටවත් ගමට යන්න බැහැ. බොරු නම් අහලා බලන්න ඒ කවුරුත් පහුගිය ඡන්දයෙන් පස්සේ ගමට ගිහින් නැහැ.

බොරු චණ්ඩි පාට් දාන කාගෙත් තත්ත්වය ඕකයි. අපි ඉතින් ඒ අයට අනුකම්පා කරනවා. අපට නම් ගමේ මිනිස්සු නැතුව සක්විති රජකම් ලැබුණත් ඵලක් නැහැ. මිනිස්සු හිටියොත් කොයි තනතුරත් දෙපා ළඟටම එනවා. ඒකට හොඳම උදාහරණය තමයි මහින්ද මහත්තයා. අද පක්ෂයේ නායකයාට වඩා පාක්ෂිකයන් ඉන්නේ මහින්ද මහත්තයා ගාව. පාක්ෂිකයෝ කවුරුත් තනතුරු නෑ කියලා එතුමව අතහැරලා ගියේ නැහැ.

පාක්ෂිකයන් දන්නවා මහින්ද කියන්නේ කවුද කියලා. කියන දේ කරන කරන දේ කියන එඩිතර නායකත්වයක් තමයි හැම පාක්ෂිකයකුගෙම බලාපොරොත්තුව. එහෙටයි මෙහෙටයි වැනි වැනි තීරණයක් ගන්න බැරුව ඉන්න නායකයන් ගාව ඉතුරු වෙන්නෙත් ඒ වගේම අය විතරයි. නායකයා කොතැනද මිනිස්සු එතනැයි. පක්ෂ මූලස්ථාන තිබ්බ පලියට මිනිස්සු එයි කියලා හිතනවා නම් ඒක විහිලුවක්.

– ප්රදීප් අනුර කුමාර



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශ‍්‍රි ලංකා ආර්ථිකය අවදානමේ.. පියවර 19කින් පහලට.. ජාත්‍යන්තර දර්ශකයක් ලොව පුරා ආයෝජකයින්ට කියයි sriy


ශ‍්‍රි ලංකා ආර්ථිකය අවදානමේ.. පියවර 19කින් පහලට.. ජාත්‍යන්තර දර්ශකයක් ලොව පුරා ආයෝජකයින්ට කියයි.

එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පහලට ගොස් තිබේ.

මේ අනුව නොබෝදා එළිදක්වන ලද 2017 ආර්ථික ස්වාධීනත්ව දර්ශකයේ 112 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙන අතර 2016 වසරේ දී ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයේ පසුවිය.

මෙහිදී ශ්‍රී ලංකාවට 57.1 ක ලකුණු ප්‍රමාණයක් ලැබී තිබෙන අතර පසුගිය වසර 6 ක
කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් මෙය වාර්තා වේ. ලකුණු 100 ක සමස්තයකින් හිමිවන මෙම ලකුණු ප්‍රමාණය 2016 වසරේ දී 59.9 ක් විය.

මෙම වර්ගීකරණයේ දී ලකුණු 50 ට වඩා අඩුවෙන් ලබා ගන්නා රටවල් ආර්ථික ස්වාධීනත්වය යටපත් කරනු ලැබූ (Repressed) රටවල් ලෙසින් හඳුන්වා ඇති අතර ලකුණු 50-70 අතර රටවල් වැඩිවශයෙන් ආර්ථික පරාධීන (Mostly Unfree) රටවල් ලෙසින් හඳුන්වා තිබේ. ශ්‍රී ලංකාව අයත් වන්නේ එම කාණ්ඩයට ය.

70-80 ලකුණු කාණ්ඩයේ රටවල් වැඩිවශයෙන් ආර්ථික ස්වාධීනත්වයක් ඇති රටවල් ලෙසත් ලකුණු 80 ට වඩා ලබා ඇති රටවල් පූර්ණ නිදහස් රටවල් ලෙසත් හඳුන්වා ඇත.

මෙහිදී ආර්ථික නිදහස ඇති ලොව හොඳම රටවල් 5 වශයෙන් හොංකොං, සිංගප්පූරුව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ස්විස්ටර්ලන්තය නම් කර තිබේ.

රටවල් 180 ක් මෙම ඇගයීමට යොදාගෙන ඇති අතර ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, යේමනය හා Liechtenstein යන රාජ්‍යයන් මෙම අධ්‍යයනයට යොදා ගෙන නොමැත.



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මන්ත‍්‍රී ධුරය රැක දෙන්නැයි රතන හිමි අගමැතිට වැද වැටේ.. ජනපති පසු පස දුවයි.. srilanka-politics

මන්ත‍්‍රී ධුරය රැක දෙන්නැයි රතන හිමි අගමැතිට වැද වැටේ.. ජනපති පසු පස දුවයි..
.
සයිටම් පුද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව සහ අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

ජාතික හෙළ උරුමයේ නව මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළමු මාධ්‍ය හමුව වන මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ සමසභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, මධ්‍යම කාරක සභික පස්සරමුල්ලේ දයාවංස හිමි, පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ යන අය සහභාගීවූහ.

නියෝජ්‍ය මහලේකම් අනුරුද්ධ ප්‍රදීප් මහතා –

සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය විසින් මෑතකදි ලබාදුන් නඩු තීන්දුවෙන් පසුව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ කණ්ඩායම් විසින් උද්ඝෝෂණ, වැඩවර්ජන ආදිය පැවත්වුවත් අපගේ අදහස මුලසිටම පැහැදිලිව ප්‍රකාශ කර තිබූ නිසා විශේෂ කරුණු දැක්වීමක් කරන්නට අප පසුබට වුවත් නව තත්වය පිළිබඳව අපේ අදහස අද දිනයේදී ඉදිරිපත් කරන්නට අප තීරණය කළා.

බොහෝ කාලයක සිට අප විසින් දැඩිව ප්‍රකාශ කළ පරිදී සයිටම් ආයතනය වහා අහෝසි කළ යුතුයි යන්න ජාතික හෙළ උරුමයේ ස්ථාවරයයි. අද වනවිට ලෝකය පුරාම ආරම්භ කර ඇති බොහෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයට වැසෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ තත්වය ඉන්දියාව තුළ වැඩිවශයෙන් දැකිය හැකි සිදුවීමක් වෙලා තියෙනවා.

එමෙන්ම එම තීරණය ක්‍රියාත්මක කිරීමේදී ඊට සමගාමීව සයිටම් ආයතනයට දැනට බඳවාගෙන සිටින දරුවන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කර බැලීමෙන් පසුව ඔවුන්ගේ අඩුපාඩුකම් නිවැරදි කිරීමත් සුදුසුකම් සහිත අය වෛද්‍යවරු ලෙස බඳවා ගැනීමටත් එසේ බඳවාගත නොහැකි එහෙත් දක්ෂතා ඇති දෙවන කණ්ඩායමකට සුදුසු වෙනත් උපාධියක් හැදෑරීමටත් උක්ත කණ්ඩායම් වලට අයත් නොවන තුන්වන කණ්ඩායමට සයිටම් ආයතනය හරහා යම් වන්දි මුදලක් පිරිනැමීමටත් පියවර ගතයුතුය යන්න අප මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළයුතුයි.

ඒ වගේම සයිටම් අහෝසි කිරීම පිළිබඳව කිසිඳු දෙගිඩියාවක් නොපැවතිය යුතු අතර දැනට අධ්‍යාපනය ලබන දරුවන් පිළිබඳව පෙර සඳහන් කළපරිදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පසුව අනිවාර්යෙන්ම සයිටම් ආයතනය වසා දැමීම හෝ එය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත්කිරීම සිදුකළ යුතුය යන්න අපගේ යෝජනාවයි.

එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පසුගිය වසර කිහිපය පුරා 18 වතාවක් පුවත්පත් දැනවීම් ඵලකරමින් සයිටම් ආයතනය පිළිගත නොහැකි බව ප්‍රකාශ කරද්දීත් එම ආයතනයට දරුවන් යොමුකිරීමට ගනු ලබන තීරණය පිළිබඳව නැවත සිතා බලන ලෙස දිගින් දිගටම අවවාද කරද්දීත් සයිටම් වෙත දරුවන් ඇතුලත් කළ නිසා මේ ආයතනයට දරුවන් යොමුකළ දෙමව්පියන් අසාධාරණයකට ලක්වූ අහිංසකයින් පිරිසක් නොවන බවත් මෙහිදී පෙන්වා දිය යුතුයි. පසුගිය කාලයේදී මහබැංකුවේ අදහස් නොවිමසා වැඩි ලාභ ලැබීමේ කපටි සිතුවිල්ලෙන් අයථා මූල්‍ය ආයතන වල මුදල් තැන්පත් කළ පුද්ගලයිනුත් මේ දෙමාපියනුත් අතර වැඩි වෙනසක් නොමැති බවත් අපට පෙනීයනවා.

වෛද්‍ය වෘත්තිය හා සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ස්ථාපිතව ඇති උපරිම හා උත්තරීතරම නියාමන අධිකාරිය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ඒ නිසා වෛද්‍ය වෘත්තියේ, සෞඛ්‍ය සේවයේ හා සෞඛ්‍ය අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක භාවයක් අපේක්ෂා කරනවා නම් රජය, අධිකරණය, රේඛීය අමාත්‍යාංශ ඇතුළුව අප සියලු දෙනාම අණපනත් මඟින් නෛතික පිහිටුවා ඇති වෛද්‍ය සභාවේ තීරණය පිළිගත යුතුයි. යම් හෙයකින් වෛද්‍ය සභාවේ තීරණ ප්‍රතික්ෂේප කරනවා නම් එවැනි නියාමන ආයතනයක් තවදුරටත් පවත්වාගෙන යාමත් ඵලරහිත දෙයක් බවත් මෙහිදී අවධාරණය කළ යුතුයි.

අධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිබඳව අධ්‍යනය කිරීමේදී යම් යම් ඇමතිවරුන්ගේ නොසලකා හැරීම් හා වැඩ පැහැර හැරීම් මේ තීන්දුවට එළඹීමට මුල්වී තිබෙන බව ඉතා හොඳින් පැහැදිලි වෙනවා. එමෙන්ම මෙම තීරණය පිළීබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන් අධීකරණයට අපහාසයක් සිදුවන බවට යම් අදහසක් ඉදිරිපත් වනවා නම් එය ඉතා වැරදි අදහසක් වන බවත් පෙන්වා දිය යුතුයි. සයිටම් සම්බන්ධ අධිකරණ තීන්දුව ප්‍රකාශ වීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා මේ ප්‍රශ්නය පිළිබඳව සොයා බලන්න විශේෂ කමිටුවක් පත් කරනවා කියලා. ඒ ප්‍රකාශයෙන් අධිකරණය විසින් ලබාදුන් මේ තීන්දුව සයිටම් සම්බන්ධ අවසාන තීන්දුව නොවන බව විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිතුමාත් පිළිගෙන තිබෙන බව තහවුරු වෙනවා. ඒ වගේම මේ අධිකරණ තීන්දුව මඟින් සයිටම් ආයතනය නිවැරදි බව කිසිවිටෙකත් කියවෙන්නේ නැති බවත් ප්‍රකාශ කළයුතුයි.

පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි –

අතුරලියේ රතන හිමියන් ස්වාධීන වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ අප පක්ෂයේ මධ්‍යම කාරක සභාව උන්වහන්සේ ස්වාධීනවීමට ගත් තීරණය වැරදිබව තීරණය කළා. ඉන් අනතුරුව අප විසින් ඒ බව උන්වහන්සේට ලිඛිතව දැනුම්දුන්නා. රතන හිමියන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා පසුගිය 17 වනදින රැස්වූ අප පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් රතන හිමියන් ස්වාධීන වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ඒ අනුව එම කමිටුවේ මමත්, නීතිඥ එම්.සී.ජයරත්න මහතා සහ නීතිඥ ටියුඩර් පෙරේරා මහතාත් සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

රතන හිමියන් නීත්‍යානුකූලව බැඳීසිටින්නේ අප සමඟයි. අප එ.ජා.ප.යත් සමඟ ගිවිසුම් ගතවූ අවස්ථාවේ ඇතිවූ එකඟතාවය පරිදී අපට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත්වූ රතන හිමියන් මහජන ඡන්දයෙන් තේරී පත්වී නැහැ. එම ගිවිසුමේ 09 වන වගන්තියට අනුව යම් මන්ත්‍රීවරයකු පිළිබඳව තීරණයක් ගැනීමේ බලය ඇත්තේ අදාල පක්ෂයටයි. ඒ අනුව රතන හිමියන් පිළිබඳව අවසන් තීරණය ගනු ලබන්නේ අප මිස එ.ජා.ප.ය නොවේ.

උන්වහන්සේ පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හමුවී මන්ත්‍රීධූරය රැකදෙන ලෙස ඉල්ලා තිබෙනවා. මේ අතරතුර ජනාධිපතිතුමා සහභාගී වන උත්සව සඳහා අනාරාධිතව වැඩමකරන උන්වහන්සේ ජනපතිතුමාට පක්ෂපාතී බව පෙන්වන්න උත්සහ කරනවා. ඒ නිසා රතන හිමියන් ස්වාධීනවූබව ප්‍රකාශ කිරීම අද වනවිට ගැටලු සහගත වෙලා තියෙනවා.

ස්වාධීනවීමට ගනුලැබූ තීරණය වෙනස් කිරීමට රතන හිමියන් විශ්වාස කරනවා නම් උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළ යුත්තේ ජාතික හෙළ උරුමයටයි.එල්ලවී ඇති චෝදනා වලින් නිදහස්වීමට රතන හිමියන්ට හැකිවන්නේ ඉන්පසුවයි. කෙසේවෙතත් තමන් ගනු ලැබු තීරණය වෙනස් කර නැවත වරක් ජාතික හෙළ උරුමය සමඟ දේශපාලනය කරන්නට අතුරලියේ රතන හිමියන්ට අවස්ථාව තිබෙන බවත් අප මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

සටහන – මහේෂ් රංගන ජයරත්න
මාධ්‍ය ඒකකය

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කැබිනට් හමුව ගාලගෝට්ටියක් වේ.. එජාප-ශ‍්‍රීලනිප ඇමති ගුටි කෙලියක් නූලෙන් වැලකේ srilanka-politics

කැබිනට් හමුව ගාලගෝට්ටියක් වේ.. එජාප-ශ‍්‍රීලනිප ඇමති ගුටි කෙලියක් නූලෙන් වැලකේ..
..
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ශ‍්‍රීලනිප හා එජාප ඇමතිවරුන් අතර ඇතිවූ මත ගැටුම ඉතා දරුණු තත්වයට පත්ව තිබේ.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් තම අමාත්‍යංශය විවේචනය කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායක දැඩිව විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය මතුව ඇත.

‘රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු ශ‍්‍රීලනිප ඇමතිලා රාජපක්‍ෂ ඞීල් එකකට වැඩ කරනවා’ යයි කීමත් සමග ඇමති දයාසිරි ජයසේකර විරෝධය පල කරමින් පවසා ඇත්තේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් බවත් අද කැබිනට්ටුවේ සිටින සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් රාජපක්‍ෂලාගේ ක‍්‍රමයට විරුද්ද ආණ්ඩුව හා සම්බන්ධ වී සිටින බවද සදහන් කර තිබේ.

රාජපක්‍ෂලා සමඟ ඩීල් දමාගෙන ඔවුන් රකිමින් ජනතා ධනය කොල්ලකමින් සිටින්නේ කවුදැයි දන්නා බවද පවසා ඇති ඇමති දයාසිරි ශ‍්‍රීලනිපය නැතිව හැකිනම් ආණ්ඩුව කරගෙන යන්නැයි මුදල් ඇමතිට අභියෝග කර ඇත.

මෙම තත්වය ගුටි කෙලියක් බවට පත්වන්නට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී තත්වය පාලනය කර ඇති අතර යලි වතාවක් කැබිනට් මණ්ඩලය රැස්වීමේදී කුමකින් කුමක් වේදැයි සැක සහිත බව එහි සිටි ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් හුවමාරු කරගෙන තිබේ.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘යුද ජයේ හිමිකරු මමයි’ කිය ෆොන්සේකාට කට උත්තර නැතිවෙන සුපිරි පිළිතුරක් කරුණා අම්මාන්ගෙන්.. srilanka-politics

‘යුද ජයේ හිමිකරු මමයි’ කිය ෆොන්සේකාට කට උත්තර නැතිවෙන සුපිරි පිළිතුරක් කරුණා අම්මාන්ගෙන්..
..
කොටි සංවිධානය පරාජය කිරීමේ යුධ ජයග‍්‍රහණයේ මුල් ගෞරවය හිමිවුය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බව හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) පවසයි.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු කියා මේ බව කියා සිටියේය. මහා යුද විරුවා තමන් යයි ඇමති සරත් ෆොන්සේකා යයි සිදු කරන ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර ලෙස ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වන්නට පෙරද වසර ගණනාවක් ෆොන්සේකා හමුාවේ රාජකාර කල බවත් එම කාලයේදී කොටි පරදන්නට එකී මහා යුද විරුවාට හැකියාවක් තිබූ බවයි.

එකල තමන්ද කොටි සංවිධානයේ කටයුතු කල බවද කී කරුණා අම්මාන් එම කිසි කලෙක ෆොන්සේකා විසින් කොටි සංවිධානය පරාජය වන තරමේ ප‍්‍රහාරයක් එල්ල නොල බවද පැවසීය.

කෙසේ වෙතත් යුද ජයග‍්‍රහණයේ හමුදාපතිවරුන්ටද සියළු හමුදා සෙබළුන්ටද යම් ගෞරවයක් ලැබිය යුතු වුවද සේනාධිනායකයා ලෙස හිටපු ජනාධිපතිවරයා අති මහත් දෙස් විදෙස් පීඩනය හමුවේ නොසැලී එයට නායකත්වය දුන් නිසා යුද්දය ජය ගැනීමට හැකියාව ලැබූ බවද ඔහු වැඩි දුරටත් කීවේය.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂක ධූරයක් හොබවන බලවත් හිමි නමක් ඉහගෙන වළදයි.. දීමනා හා වෙනත් කටයුතුවලට ලක්ෂ 146.7ක් ගනී.. srilanka-politics

රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂක ධූරයක් හොබවන බලවත් හිමි නමක් ඉහගෙන වළදයි.. දීමනා හා වෙනත් කටයුතුවලට ලක්ෂ 146.7ක් ගනී..

යහපාලන රජය ගෙන ඒමට වෙහෙස මහන්සියෙන් වැඩකල එජාපයට ඉතා ලැදි හිමිනමකට රුපියල් කෝටි ගණනක් අධ්‍යක්ෂක ධූරයට හිමි දීමනා ලෙස පසුගිය කාලය සඳහා ලබාගත් බව අමාත්‍යාංශයකින් වාර්තා වේ.

උන්වහන්සේ නිතරම රටේ අධිකරණය ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානවල බලපෑම් කිරීමට ද ප්‍රසිද්ධියක් උසුලන ශාසනයේ උන්නතියට වඩා පක්ෂයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන හිමි නමකි.

රජයේ සංස්ථා සහ ව්‍යයවස්ථාපිත මණ්ඩල සඳහා පත්වන අධ්‍යක්ෂක ධූර සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමත කල දීමනාව වනුයේ භාණ්ඩාගාර චක්‍රලේඛ PED 58/2 අනුව මණ්ඩල රැස්වීම සඳහා සහභාගි වන එක් වාරයක් සඳහා රුපියල් 10.000/= සහ සාධාරණයි හැගෙන ප්‍රවාහන ගාස්තුවක් එම රැස්වීමට සහභාගි වීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයාට ගෙවිම පමණිකි.

එහෙත් රාජ්‍ය ආයතනයක මෙසා විශාල මුදලක් පූර්ණ කාලිනව රාජකාරි නොකරන දේශපාලන පත්වීමක් සඳහා ගෙවීම මෙන්ම ලබාගැනිමද මහජන මුදල් අවභාවිතයකි.

එබැවින් යහපාලන රජයක් යටතේ විශේෂයෙන්ම බෞද්ධ සුප්‍රසිද්ධ හිමිනමක් තමන්ට හිමිකමක් නොමැතිව මෙසා විශාල මුදලක් අධ්‍යක්ෂක ධූරයට හිමි දීමනා ලෙස ලබා ගැනීම රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක් කොතරම් සාධාරණ ද යන්න ලොතරයි අලෙවි කරන අමාත්‍යාංශයේ සාමාන්‍ය සේවකයින් අතර කතා බව වෙමින් පවති.
අදාල චක්‍රලේඛය මෙතැනින්
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යුද හමුදාව චන්ද‍්‍රිකාට විරුද්ධ වෙයි srilanka-army

යුද හමුදාව චන්ද‍්‍රිකාට විරුද්ධ වෙයි


ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් දමිල කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කරන්නේ යයි එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව ශ‍්‍රී ලංකා යුධ හමුදාව පවසයි.ජාතික සංහිඳියා කාර්ය්‍යාලය විසින් මෙම චෝදනා එල්ල කර ඇති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙම කාර්යාලයේ ප‍්‍රධානත්වය දරයි.පසුගියදා විදෙස් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ඇය මෙම වාර්තා උපුටා දක්වමින්ද මේ බව සදහන් කලාය.ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.ජාතික සංහිඳියා කාර්ය්‍යාලයේ ප්‍රධාන නිළධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් යුද්ධ හමුදාව විසින් ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජන කරනනේ යැයි පලකර ඇති මාධ්‍ය වාර්ථා යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.2010 වර්ෂයේදි සිවිල් පරිපාලනය උතුරේ ස්ථාපනය කිරිමත් සමගම යුද්ධ හමුදාව සිවිල් පරිපාලන කටයුතු වලින් ඉවත් වු බව පෙන්වා දෙමි. ඒ අනුව වර්ථමානයේ යුද්ධ හමුදාව කිසිදු සිවිල් පරිපාලන කටයුත්තක් සිදුනොකරන බැවින් සංහිඳියා කාර්ය්‍යාලයේ නිළධාරී විසින් එවැනි කිසිදු සිදුවීමක් පිළිබද හුවා දැක්වීමකින් තොරව සිදුකර ඇති මෙම ලිංගික අපචාරයන් පිළිබද ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව ඉතා කණගාටුවෙන් සදහන් කරමි.යුද්ධ හමුදා සාමාජිකයන් ලිංගික අපචාරයන්ට සමිබන්ධවු සිදුවීමි වලදී ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන අතර, 1971 සිදුවු ප්‍රේමවතී මනමිපේරි ඝාතනය මෙන්ම, 1995 – 2006 අතර සමයේදී සිදුවු ක්‍රිශාන්ති කුමාරස්වාමි සහ රාජිනි වේලායුදම්පිල්ලේ ඝාතනය වැනි සිදුවීමි වලදි ඒ පිළිබදව පැවති සිවිල් අධිකරණ නඩු කටයුතු සදහා යුද්ධ හමුදාව පුර්ණ සහයෝගය ලබාදී ඇත. එහිදී ගරු අධිකරණය විසින් වැරදිකරුවන්හට මරණ දණ්ඩනය නියමකර ඇති බවද සදහන් කරමි.ලිංගික අපචාර වැනි විනය විරෝධී ක්‍රියාවන්ට සමිබන්ධව විනය කඩනරනු ලබන හමුදා සාමාජිකයන්ට එරෙහි පරීක්ෂණ පවත්වා එම චෝදනා ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව ඇති සිවිල් උසාවි නඩුවෙන් නිදහස් වුවද එම අයවලුන් යුද්ධ හමුදාවෙන් පහකිරීම ප්‍රතිපත්තිය වන අතර, එය ඉදිරියටද එසේ ක්‍රියාත්මක වනු ඇත.මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබියදීත් පදනම් විරහිතව සිදුකර ඇති ඉහත ප්‍රකාශය, වර්ථමාන රජය නීතියේ ආධිපත්‍ය සහ සංහිදියාව ඇති කිරීමට අවංකවම වෙරදරණ මෙම වකවානුවේ හමුදාවේ ප්‍රතිරෑපයට සහ රජයේ සංහිදියා පරිශ්‍රමයට බාධාවක් බැව් කනගාටුවෙන් වුවද සඳහන් කරමි.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සිරිසේනගේ තවත් බොරුවක් මාට්ටු... අයියෝ සිරිසේන srilanka low

නීතිඥ සංගමය ඉතා පැහැදිළි ව කියනවා, ඔවුන් රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට කිසිම අවස්ථාවක නිර්දේශ හෝ ඉල්ලීමක් නොකළ බවට.



 පහත එන්නෙ සංගමයේ ලේකම් අමල් රන්දෙනිය මහතා විසින් ඒ පිළිබඳ ඊයේ විනිසුරුවරුන්ගේ සංගමයට ලියන ලද ලිපිය. මීට පෙරත් අමල් මහතා මෙවැනි ඉල්ලීමක් තම සංගමය විසින් නොකළ බවට මාධ්‍යට මෙන් ම විනිසුරුවරුන්ගේ සංගමයටත් ලිඛිත ව පවසා තිබුණා. මේ අනුව, ජනපති සිරිසේන විසින් නීතිඥ සංගමයේ ඉල්ලීම මත මෙම පත්කිරීම කළ බවට වන ප්‍රකාශය අවලංගු හා පදනම් විරහිත වෙනවා. අගවිනිසුරුවරයා පවා විනිසුරුවරුන්ගේ සංගමයට පවසා තිබෙන්නේ අදාළ පත්වීම කළේ නීතිඥ සංගමයේ ඉල්ලීම මත බවයි. එසේ නම් අගවිනිසුරුවරයාගේ ප්‍රකාශය පවා මේ ලිපියෙන් අවලංගු වෙනවා. මෙය ජනපතිවරයාට හා අගවිනිසුරුවරයාට එරෙහි පැහැදිළි දෝෂාභියෝගයක් එල්ල විය යුතු බරපතළ වරදක් ලෙස පෙන්වා දිය යුතුයි.

මහේස්ත්‍රාත් ධුරය සඳහා පවා වරක් නුසුදුසු වූ කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ඍජුව පත් කළේ කාගේ අවශ්‍යතාවට ක‍ාගේ කුමන අරමුණකින් ද? මෙම තත්වය පිළිබඳ ලංකාවේ පොදු පුරවැසියන් පමණක් නොව නීතිඥවරුන් ද දක්වන සැලකිල්ල ඉතා මද බව පෙනී යනවා. මහින්ද යුගයේ ලංකාවේ සිවිල් සංවිධාන ලෙස ක්‍රියා කළ සංවිධාන දැන් සිවල් සංවිධාන වී තිබේ ද? එක් අතකින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය මෙවැනි අවස්ථා තුළින් නිරාවරණය වීම යහපත් දෙයක් නමුත්, ඔවුන් අතර එකදු හෘද සාක්‍ෂියක් සහිත පුද්ගලයෙකු හෝ නොසිටියේ ද? අමු අමුවේ ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙළසාලන මේ සිදුවීම ගැන ඔවුන් නිහඬව සිටින්නේ ඒ නිසා ද?

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රටේ ජනතාව අන්දවා රණවිරුවන්ගේ වැටුපට කෙලිය හැටි.. srilanka-army

රටේ ජනතාව අන්දවා රණවිරුවන්ගේ වැටුපට කෙලිය හැටි..


ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් ජීවත් වීමට නොහැකිව දුවා දරුවන් සමඟ ජීවිතයේ අවසාන භාගය ඉතාම දුක්‌බරව ගෙවන ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන්ට තමන් ලබන මාසික විශ්‍රාම වැටුප වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොවන්නකි.
එවන් තත්ත්වයක්‌ හමුවේපපපසුගිය රජය සමයේ රණවිරුවන්ට ලැබුණු සිත්ගන්නාසුලු පොරොන්දුවක්‌ වූයේ දැනට සන්නද්ධ හමුදාවල විශ්‍රාමිකයන්ට ගෙවනු ලබන 70% විශ්‍රාම වැටුප් ප්‍රතිශතය 85% දක්‌වා ඉහළ නංවමින් රට ජාතිය බේරාදුන් රණවිරුවන්ට රජයේ ප්‍රණාමය පුදන්නේ යෑයි යන්නය.
එහිදී රණවිරුවන් සියයට 85 විශ්‍රම වැටුප පිළිබඳ බලාපොරොත්තු තබා සිටියද අවසානයේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යංශය වෙත නියෝග කෙරුණේ ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් කළ 2009 මැයි 19 දින වන විට ක්‍රියාන්විතයේ වසර පහක්‌ නිරත වී සිටි සන්නද්ධ හමුදාවන්හි සෙසු නිලයන්ට හා නිලධාරීන්ට පමණක්‌ මෙම නව විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන ලෙසය. මුදල් අමාත්‍යංශය මගින් කරනු ලැබූ එම නියෝගය දැඩි අසාධාරණ වූ එකක්‌ම විය.
යුද්ධය අවසන් කළ දිනය වන විට ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ හා ආබාධිත තත්ත්වයට පත් වූ අයවලුන්ටද මියගිය සියලුම නිලයන්ටද වසර පහේ නීතිය බලනොපාන බවට එම චක්‍රලේඛයේ සඳහන් කර තිබීම අපි අගේ කරන්නෙමු. එහෙත් නන්දිකඩාල් අවසාන සටනේදී තම අවියෙන් කොටි නායකයන් මරු තුරුලට යවා උද්දාමයෙන් සිටින රණවිරුවකු ක්‍රියාන්විතයේ රැඳී සිටි කාලය වසර පහකට අඩු නම් අතක්‌, පයක්‌ නොකැඩී විශ්‍රාම ගිය එම රණවිරුවාටද මෙම නව විශ්‍රාම වැටුප අහිමි වීම දෛවයේ සරදමක්‌ නොවන්නේද?

85% නව විශ්‍රාම වැටුප් ප්‍රශ්නය අද ඊයේ ඇති වූවක්‌ නොවේ. මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබ කලක්‌ ගතවුවද එය හමස්‌පෙට්‌ටියට ගියේ මෙය කිනම් වසරක සිට ගෙවිය යුතුද යන්න හා හිඟ වැටුප් ගෙවීමද මහා භාණ්‌ඩාගාරයට හිසරදයක්‌ වූ නිසාම බව අප දන්නා සත්‍යයකි. හමස්‌පෙට්‌ටියට ගිය මෙම නව විශ්‍රාම වැටුප් කතන්දරය යළි කරළියට ආවේ
2015 ජනාධිපතිවරණය සහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟය.
එහිදී තම සියයට 85 විශ්‍රාම වැටුප කෙසේ හෝ දිනා ගැනීමට සිතූ රණවිරුවන් සහ දරු පවුල් 2015 පැවති මැතිවරණ දෙකින්ම හිටපු ජනාධිපති පරදවා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කොට ඔහුගේ රජයකින් හෝ නව විශ්‍රාම වැටුප ලබා ගැනීමේ පරම අධිෂ්ඨානයෙන් කටයුතු කළේය. එහෙත් තවම ඒ කිසිවකුටත් ලැබුණු දෙයක්‌ නම් නැත.
ජනපතිතුමනි, සැබවින්ම මුල් චක්‍රලේඛයේ සඳහන් පරිදි වසර පහක්‌ එක දිගට හෝ කඩින් කඩ ක්‍රියාන්විතයේ නිරත වූ සෙසු නිලයින්ද නිලධාරීන් ද සිටී නම් ඒ අතළොස්‌සකි. කිසියම් වෘත්තීමය රාජකාරියක යෙදී සිටින අයවලුන්, මූලස්‌ථානයෙහි රඳවාගෙන ක්‍ෂේත්‍ර රාජකාරි ඉටුකරන භට පිරිස්‌ ක්‍රියාන්විතය සඳහා යොදවනුයේ ඒ ඒ හමුදා සේනාංකවල අණදෙන නිලධාරීන්ය.
rana2මේ අනුව හමුදා මූලස්‌ථාන ඇතුළු මාණ්‌ඩලික ශාඛාවල වෘත්තීමය රාජකාරියක්‌ ඉටුකරන අයවලුන් ක්‍රියාන්විත සඳහා සහභාගි කරවනුයේ නොවැළැක්‌විය හැකි හේතූන් නිසා පමණි.
ලිපිකරු දුරකථන ක්‍රියාකරු, ගබඩාකරු, වැටුප් ලිපිකරු ආදී පාලනමය රාජකාරීන් ඉටුකරන අය ක්‍රියාන්විතයට යොදාගත් විට වැටුප් ප්‍රශ්න, විශ්‍රාමික පඩිනඩි රාජකාරි වාර්තා ඇතුළු පරිපාලන කටයුතු ඉටුකරනුයේ කවුදැයි මහා භාණ්‌ඩාගාරයේ ඉහළ පුටුවල වැජඹෙන නිලධාරීන්ට තේරුම් නොයැම ජාතියේම අවාසනාවකි,
රටේ සංවර්ධන කටයුතු අඩාල නොවුණ අන්දමින්ම යුද්ධය නිසා කිසිදු සන්නද්ධ හමුදා සාමාජිකයකුගේ පරිපාලන කටයුතු ද වැටුප් ද විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ද ප්‍රමාද වූයේ යෑයි කිසිවකුටත් චෝදනා කළ නොහැක. සියල්ල නිසි පරිදි සිදුවිය.
යුද්ධය දිනීමට හෝ ක්‍රියාන්විතයේ උපරිම ඵල නෙළාගැනීමට සටන් බිමේ සිටින රණවිරුවන්ට අවි ආයුධ පතරොම් බෝම්බ ආදිය ද නිල ඇඳුම් ද වියළි සලාක ඇතුළු කෑම බීම ආදිය ද ක්‍රියාන්විත පෙදෙස්‌ වෙත කොළඹ වරායේ සිට යවන භට පිරිස්‌ ඉටුකරනුයේ ද ක්‍රියාන්විතයේම කොටසකි.
නොනිදා පහන් කරමින් අගනුවර වරායේ රාජකාරීන් නිසියාකාරව මොවුන් ඉටුනොකරන්නේ නම් අවි ආයුධ නොමැතිව යුද්ධයක්‌ ජයගත හැකිද? කෑම බීම ගුවනින් හෝ මුහුදෙන් නොයවන්නේ නම් බඩගින්නේ යුද්ධ කළ හැකිද? මෙම රණවිරුවන් ක්‍රියාන්විත රාජකාරිය සඳහා උතුරු නැඟෙනහිරට යෑවූ පසු මෙම කාර්යයන් ඉටුකරනුයේ උඩ සිටිනා දෙවියන්ද?
මෙවන් පිරිස්‌ අගනුවර රැඳී සිටීම හේතුවෙන් නව විශ්‍රාම වැටුප මොවුනට අහිමි වන්නේ නම් මෙය මොනතරම් අසාධාරණද? එම නිසා මෙය ඔබතුමාගේ රජයක්‌ යටතේ ලැබෙන බවට අපට දැඩි විශ්වාසයක්‌ ඇත.
මෙම නව විශ්‍රාම වැටුප ඉල්ලා අද අපට උද්ඝෝෂණ කළ නොහැක. ඒ විශ්‍රාමික අප රජයට මොනම තර්ජනයක්‌ හෝ බලපෑමක්‌ කළ නොහැකි අහිංසකයන් පිරිසක්‌ නිසාය. පිකටින් කිරීමට හෝ බෝඩ් ලෑලි එල්ලාගෙන අව්වට වේලෙමින් ද වැස්‌සට තෙමෙමින් ද කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ලිප්ටන් වටරවුමේ දී කෑ මොර දෙන්නට දැන් අපට වාරු නැත. රණවිරු දුක්‌ගැනවිලි හා ප්‍රශ්න කෙරෙහි තමා නිරන්තරයෙන්ම සොයා බලා විසඳුම් දෙන බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශයන් අප රූපවාහිනියෙන්ද ජනමාධ්‍යවලින්ද අප්‍රමාණව දැක ඇත. එම නිසාම අපගේ මෙම ඉල්ලීම කෙරෙහි දැඩි අවධානය යොමු කොට සියලුම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා රණවිරුවන් සඳහා මෙම නව වැටුප ලබාදීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
විශ්‍රාමික රණවිරුවෙක්‌
මේ ඉහතින් සඳහන් වන්නේ විශ්‍රාමික රණවිරුවෙක්‌ අපට ලියා එවූ කතාවකි. ඒ ඔහු මුහුණ දී සිටින ගැටලුවය. එහෙත් අද වන විට යුද හමුදාවේ වැටුප් සහ විශ්‍රාම වැටුප් විෂමතා යනු ලිහාගත නොහැකි අන්දමේ පැටලවිල්ලක්‌ වී තිබෙන බව බොහෝ රණවිරුවෝ කියන්නාහ.
එකම දිනයේ එකම සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වී යුද හමුදාවට බැඳී රට වෙනුවෙන් සටන් කොට එකම දිනක විශ්‍රාම ගිය රණවිරුවන් දෙදෙනකු ගතහොත් දෙදෙනාට ලැබෙමින් තිබෙන්නේ පරස්‌පර වූ අගයන් ගන්නා විශ්‍රාම වැටුප්ය.
මෙයට විසඳුමක්‌ දී රට වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ගේ සිත් සනසන්නට යුද හමුදාවට හැකි විය යුතුය. අප එසේ කියන්නේ “මට හමුදාවෙන් අසාධාරණයක්‌ කළා..” යනුවෙන් සිතමින් යම් රණවිරුවකු සිය විශ්‍රාම කාලය ගත කරන්නේ නම් එය අවැඩක්‌ම වන නිසාය.
ඇත්තෙන්ම යුද හමුදාවේ මේ වැටුප්, විශ්‍රාම වැටුප් අවුල ලිහන්නට යුද හමුදා වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද? ඔවුනට එය කළ නොහැකිද? එසේ නොමැති නම් කිරීමට වුවමනාවක්‌ නැතිද?
මෙම ගැටලුවලට විසඳුම් නොදී පවතින ක්‍රමයෙන්ම තව දුරටත් ඉදිරියට ගියහොත් අනාගතයේ තව තවත් රණවිරු ගැටලු නිර්මාණය වීමට එය ප්‍රබල හේතු-වක්‌ම වනු ඇත.
නුදුරු දිනකදීම මේ ගැටලුව පිළිබඳ සවිස්‌තරාත්මකව කතා කිරීමට අපි සූදානමින් සිටින්නෙමු. ඒ රණවිරුවා ලොකු තැන්වලට කිව්වාට ගණන් නොගන්නා මෙවන් දේ රටටම ඇහෙන්නට අපවත් කිවයුතු නිසාය. බොහෝ විට එසේ අප මාධ්‍යයේ වගකීම ඉටු කරද්දී නම් “ඒක එහෙම නෙමේ මෙහෙමයි” කියමින් අපව නිවැරදි කරන්නට නම් බොහෝ අය ඉදිරිපත් වනු ඇත.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රටට ආදරය කරන අය ජාති ආගම් පක්ෂ බේද අතහැර දැන්වත් එක්වන gotabhaya-rajapaksha

රටට ආදරය කරන අය ජාති ආගම් පක්ෂ බේද අතහැර දැන්වත් එක්වන්න - ගෝඨාභය රාජපක්ෂ -

වියත්මග සංවිධානයට එකතුවීමට රට පුරා විද්වතුන්, වෘතිකයින් හා ව්‍යවසායකයින් දක්වන උනන්දුව ඉතා ප්‍රශංසනීය බව පසුගිය 15 දා නාවල කොස්වත්තේ පැවති වියත්මග සම්මන්ත්‍රනයක් අමතමින් හිටපු ආරක්ෂක හා නාගරික අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. වියත්මග සංවිධානය යනු රටට ආදරය කරන, එහි සංවර්ධනය අපේක්ෂා කරන, ඒකීය රටක් තුල සියලු ශ්‍රී ලාංකිකයන් සතුටින් සාමයෙන් හා සහජීවනයෙන් විසිය යුතු බව විශ්වාසකරන, රටවෙනුවෙන් යම් කාර්‍ය භාරයක් ඉටුකරන්නට කැපවූ විද්වතුන් වෘතිකයන්, හා ව්‍යාපාරිකයන්ගේ එකමුතුවක් බව පෙන්වාදුන් ගෝඨාභය රාජපක්ෂ මහතා එය දේශපාලන සංවිධානයක් නොව රටේ අනාගත අභිවෘදිය වෙනුවෙන් ගොඩනැගෙන මහජන බලවේගයක් බව මතක් කර දුන්නේය. ඒ නිසා පක්ෂ, වාර්ගික හෝ ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සිතන්නට හා යමක් කරන්නට කැමති පුරවැසියන්ට තමුන්ගේ , ගමේ , පාසැලේ, විශ්ව විද්‍යාලයේ හෝ රැකියා කරන ස්ථානයේ සම අදහස් ඇති පිරිස් සමග එක්වී වියත්මග ශාකා පිහිටවා ගන්නා ලෙසත් ඒ හරහා අනෙකුත් වියත්මග ක්‍රියාකාරිකයින් සමග සම්බන්ධවී ඔවුන්ගේ වටිනා අදහස් හුවමාරු කරගන්නා ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනය කලේය.

පවතින රජය හෝ අනාගත රජයක් නිවැරදි මගට ගැනීමට නම් අප කලයුත්තේ විවේචනය කරමින් සිටිනවා වෙනුවට රජයකට බලපෑම් කල හැකි තමන්ට සුදුසු යැයි හැඟෙන මහජන බලවේගයන් වටා එක්වීම බවත්, විද්වතුන්, වෘතිකයින් හා ව්‍යවසායකයින්ගේ එකමුතුවක් වන වියත්මග ක්‍රියාකාරීන් සම්ප්‍රධායික චින්තනයන්ට වහල් නොවී අනාගතය දෙස විවෘත මනසකින් බලමින්, තම අදහස් නොබියව සංවාදයට ඉදිරිපත් කරමින් ක්‍රියාකලයුතු අතර පොදු එකඟතාවකට පැමිනි කරුණු ජාතික මට්ටමෙන් ඉටුකරවා ගැනීමට අවශ්‍ය දායකත්වය හැකි පමනින් ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා මතක් කොට දුන්නේය.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගෝඨාභය සිරකිරිමට මිලෙනියම් සිටි පාවාදුන් පොලිස් ලොක්කා සේවයට

ගෝඨාභය සිරකිරිමට  මිලෙනියම් සිටි පාවාදුන් පොලිස් ලොක්කා සේවයට





ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික‍ෂණ වෙනත් දිසානතියකට යොමුකරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරදකරුවෙකු කිරිමේ මෙහෙයුමේ නියැලී සිටින් රනිල්ගේ ජෙම්ස් බොන්ඩා හෙවත් මිලේනියම් සිටි පාවාදුන් පොලිස් අධිකාරී ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික පොලිස් කොමිෂමට නියෝග කර තිබේ.ඒ අනුව ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම උසස්වීම් ක්‍රියාත්මක කර ඇති අතර එය 2015 වසරේ අගෝස්තු මස 25දා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මකයි.
කවුද මේ දේශද්‍රෝහි ශානි අබේසේකර
2002 වර්ෂයේදි එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමදාස උඩුගමිපොළ නමි ?***** එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරිමෙි කුමන්ත්‍රණයක් ඇති බවට පවසා අගමැතිවරයා හට ව්‍යාජ තොරතුරු ලබා දෙමින් තම පොලිස්පති සිහිනය සැබෑ කර ගැනිමට කිසිදු පිළිගත හැකි සාක‍ෂි නොමැතිව එවකට එල්ටිිටිඊ ත්‍රස්ථයන්ට එරෙහිව රහසිගත මෙහෙයුමි සිදු කළ හමුදා සන්නද්ධ බුද්ධි බළකායට අයත් මිලේනියමි සිටි ආරක‍ෂිත නිවාසය වටලා එහි සිටි බුද්ධි නිළධාරින් හා තොරතුරුකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබිය. එදා පාදඩ සුනඛ උඩුගමිපොළ සිදු කළ ක්‍රියාව හේතු කොට ගෙන සිය ජාතික යුතුකම ඉටු කිරිම සදහා ක්‍රියාකාරි ලෙස ත්‍රස්ථ මර්ධන ක්‍රියාන්විත වළ නිරතව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් පිළිබද සියළු රහස් හෙළි කරනු ලැබිය. එහි ප්‍රථිපළයක් ලෙස එම දක‍ෂ බුද්ධි නිළධාරින්ට හා තොරතුරුකරුවන්ට එල්ටිටිඊ ත්‍රස්ථයින්ගේ වෙඩි උණ්ඩයට බිලි විමට සිදුවු අතර තවත් පිරිසකට තම මවි රට හැර යැමට සිදු විය. මෙි හේතුවෙන් එල්ටිටිඊ ත්‍රස්ථයින් හට සන්නද්ධ බුද්ධි බළකාය අඩපණ කොට තම සංවිධානයේ ශක්තිය සිය ගුණයකින් වැඩි කර ගැනිමට හැකියාව ලැබුණි. මෙම ක්‍රියාවළිය එවකට ජන සමාජයේ ඛෙහෙවින් කථාබහට ලක් වු සිදුවිමක් වු අතර එයට මිලේනියමි සිටි මහා පාවාදිම වශයෙන් ව්‍යාවහර කරන්නට සාමාන්‍ය ජනතාව පෙළඹුණු අයුරු සියළු දෙනාට අද මෙන් මතක ඇති බව නිසැකය.
පසුව මෙි සමිබන්ධයෙන් එවකට රාජ්‍ය අමාත්‍යවරයාව ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදි කථා කරමින් සිය කණස්සල්ල පළ කර තිබුණි . තවද මෙහි අතුරු ඵලයක් ලෙස විශාල රාජ්‍ය රහස් සතුරා අතට පත් වු අතර, එල්ටිටිඊ සංවිධානයට හිසරදයක්ව සිටි ප්‍රබළ බුද්ධි නිළධාරියෙකුව සිටි කර්නල් මුතාලිෆ් වැනි විරුවන් දැයට අහිමි විය.

මොහුගේ මෙම ක්‍රියාවළියෙන් අඩපණවු හමුදා බුද්ධි අංශය එවකට ශේෂව සිටි දක‍ෂ බුද්ධි නිළධාරින් කිහිපදෙනෙකු විසින් යළිත් ජිවය ලබාදි ලොව අංක එකේ ත්‍රස්ථයින් ලෙස සැළකු එල්ටිටිඊ සංවිධානය සදහටම තුරන්කරන්නට ක්‍රියාකළහ. එම දක‍ෂ බුද්ධි නිළධාරින් අතරින් වර්තමාන බුද්ධි අධක‍ෂවරයාද ප්‍රමුඛ කාර්්‍යභාරයක් ඉටු කරන ලද අයෙකු වේ.
එදා උඩුගමිපළගේ අඩිපාරේ යමින් මෙදා අපරාද පරික්ෂන දෙපාර්තමෙන්තුවෙි සේවයෙ නියුතු ශානි අඛෙිසේකර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සමිබන්ධයෙන් බුද්ධි අංශය සමිබන්ධ කිරිමට දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු පෙනි යන අතර මෑතකදි ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගත් බුද්ධි අංශ බළලත් නිළධාරියාගේ ඡායාරූපයට ලසන්ත වික්‍රමතුංග ඝාතකයාගේ රුව සමාන බව චෝදනා එල්ලකලද එම ඡායාරූපය ශානි අඛෙිසේකරට බොහොසේ සමාන බව පහත දක්වා ඇති ඡායා රූපයෙන් මනාව පැහැදිලිවෙි.මෙම සත්‍යතාව මාධ්‍ය හරහා ප්‍ර්‍රවාරය විම වැලැක්විමට මෙහු මහත් පරිශමයෙදෙන බව ඉතාගොදින් පැහැදිලි වෙි.
තවද ඔවුන් මෙම සිදුවිම මෙරට සංස්කෘතිට සංකර සිරිත් විරිත් හඳුන්වා දෙමින් ලාංකිය ජනමනස විකෘති කිරීමේ මෙහෙයුමක නිරත බහු ජාතික සමාගමි කරුවන්ට අයත් රූපවාහිනි නාලිකාවක් වශයෙන් නමි දරා සිටින එල්ටීටීඊ සංවිධානට පක‍ෂක්ග්‍රාහිලෙස පුවත් වාර්තා කරණයක නිරතව සිටි කූපප්‍රකට රජාගේ නාළිකා හා පාදඩ වෙබි මාධ්‍ය කලාවක නිරත වෙබි මාධ්‍ය පුවත් ආයතනයක් හා සමිබන්ධ වෙමින් මෙම කාරනය ජනතාවගෙන් වසන් කිිරිමට කටයුතු සිදු කරන බවට ලියුමිකරුට වාර්තා වි ඇති අතර මෙම ඝාතනය බුද්ධි අංශයට පැවරිමට මුදලට කහින නිතිඥයන් යැයි කියාගන්නා පිරිසක් වෙරදරන බවද පෙනේ තවද මෙම සිද්දියට සමිබන්ද නියම සැකකරුවන් සැගවිමට කටයුතු කරන බවත් ඒතුලින් හමුදා බුද්ධි අංශය ට එම වරද පැටවිමට උත්සහ කරන බව ගැහැදිලිවේ.
එදා උඩුගමිපළ මිලේනියමි සිටි පාවාදිම තුළින් සිදුකළ බුද්ධි අංශයේ මහා පාවා දිමට නොදෙවෙනි අයුරින් මෙදා ඔහු අනුගමනය කරමින් ශානි අඛෙිසේකරද බුද්ධි අංශ පාවා දිමට සැරසෙන අයුරු ඔහුගේ ක්‍රියාවන් තුළින් දැක ගත හැක . තවද ඔහු තම ජේ්‍යෂ්ඨයින් පරයා නැගි සිටිමින් පොලිසියේ ඉහළම පුටුවට දත නියවන මොහුට උඩුගමිපළට සිදුවුදේම ඉතා ඉක්මනින් සිදුවනු නොඅනුමානයි. අමිබලන්ගොඩ ප්‍රදේශයේ ඉපිද සාමාන්‍ය පෙළ හැදෑරිමෙන් පසු පොලිස් විශේෂ කාර්්‍ය බළකායට එක්වි ඉන් අනතුරුව රහස් පොලිසියට එක්වන මොහු එහි නියෝජ්‍ය අධ්‍යක‍ෂකවරයා හා අධ්‍යක‍ෂවරයා අභිබවමින් සිය හිතගියාවන් සහ වරප්‍රසාද වෙනුවෙන් රට ජාතිය පාවා දිමට ක්‍රියා කරන අයුරු මොහුගේ හැසිරිමෙන් මොනවට පැහැදිලි වෙි.කෙසේ වෙතත් එදා උඩුගමිපළ මෙන්ම මෙදා ශානි අබේසේකර ජාතික ආරක‍ෂාව තුටිටුවකට මායිමි නොකොට සිදු කරන මෙම ක්‍රියාතුළින් රටත් ජාතියත් සදාතනික අන්ධකාරයකට වැටෙනු නොවනු මානය. එබැවින් තම පෞද්ගලික අභිමතයන් හා වරප්‍රසාධයන් පසෙකලා වගකිමකින් යුතුව රටෙිත් ජාතියේත් ආරක‍ෂාවට හා ප්‍රගමනයට තම දායකත්වය ලබා දෙන ලෙස සියළු පොලිසියේ නිළධාරින් හා වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර රට ජාතිය පාවා දෙන්නන් වෙතොත් ඔවුන් සදා තනික කුණු බක්කියට දැමිමට කටයුතු කරන මෙන් දේශමාමක ඔබලාගෙන් අයැද සිටිමි.
තවද ලසන්ත වික්‍රමතුංග ඝාතන පරික‍ෂණ වෙනත් දිසානතියකට යොමුකිරිමට උත්සහ දරණ ශානි අබේසේකර එම පරික‍ෂණ කටයුතු වලින් ඉවත් කොට පොලිසියේ කිර්ති නාමය සුරකිය හැකි නිර්දේශපාලනිකරණයෙන් තොර අවංක සෘජු තිරණ ගත හැකි පොලිස් නිළධාරියකු පති කිරිම වඩාත් යෝග්‍ය යනු අති අතර එමගින් පොලිසියේ කීර්ති නාමයක් රටෙි අනාගයත්, ආරක‍ෂාවත් සුරක‍ෂිත කර ගත හැකි වනු ඇතැයි පෙන්වා දිමට කැමැත්තෙමි. තවද එවන් පොලිස් නිළධාරින් ඔිනෑ තරමි පොලිස් දෙපාර්තමෙින්තුවෙි සිටින බව පැවසි යුතුමය.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network