පොලිසිය ඒකපාක්‍ෂිකව නඩු ගොනුකොට සිරගත කිරිම් යහපාලන යුගයේ ඉහලට.. – UN අලුත්ම මානව හිමිකම් වාර්තාව

පොලිසිය ඒකපාක්‍ෂිකව නඩු ගොනුකොට සිරගත කිරිම් යහපාලන යුගයේ ඉහලට.. – UN අලුත්ම මානව හිමිකම් වාර්තාව..

ශ්‍රී ලංකා පොලිසිය විසින් අපරාධ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදි විද්‍යනුකුලව විමර්ශනය නොකොට පොලිසිය ඒක පාක්ෂිකව සහ බලපෑම් මත රැස් කරගන්නා කරුණු මත චෝදනා ගොනු කොට අත් අඩංගුවට ගැනිම් මෙන්ම විත්තිකරුවන්ට වද හිංසා පැමිණවීම් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ වද හිංසනයන් සම්බන්ධ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම එම වාර්තාවේ සඳහන් වනවා මෙම තත්ත්වය ශ්‍රීලංකාවේ අධිකරණය තුල ද ක්‍රියාත්මක වෙන බවත් බහුතරයක් ශ්‍රි ලාංකික විනිශ්චයකාරවරුන් අපරාධ නඩු සම්බන්ධ නිවැරැදි මනසිකින් ක්‍රියාත්මක වනවා වෙනුවට හෝ එවැනි චෝදනා පිලිබඳව නිසි ඇගයීමට ලක් නොකර පොලිසිය විසින් ලබාදෙන තොරතුරු මත පමණක් පදනම් කරගෙන තම තීන්දුව ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම වාර්තාව සම්බන්ධව ශ්‍රීලංකා රජයේ නිල ස්ථාවරය ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනවිමට කටයුතු කරන බව සඳහන් කරන සන්ඩේ ටෛම්ස් පුවත් පත මෙම වසර පෙබරවාරි 27 වෙනිදා සිට මාර්තු 24 දින දක්වා පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසම විසින් ඉහත වාර්තාව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

“SL to issue formal response to UN report on torture”
“The police resort to forceful extraction of information or coerced confessions rather than carrying out thorough investigation using scientific methods, ” THE REPOT FOUND” The reports also details the flaws in the judiciary as most Sri Lankan judges were overly passive and did not seek exculpatory evidence “In criminal cases, that means they rule almost exclusively on the basis of evidence gathered by police” the report added. (සන්ඩේ ටෛම්ස් පුවත් පතේ 4 වෙනි පිටුව)

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network