මහින්දගේ රැුලියට ගියොත් දියණිය අත්අඩංගුවේ ( srilanka-politics )

මහින්දගේ රැුලියට ගියොත් දියණිය අත්අඩංගුවේ


මහින්දගේ රැුලියට ගියොත් දියණිය අත්අඩංගුවේ
නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ ජන රැළි වේදිකාවට ගොඩවුණහොත් තම දියණිය අත්අඩංගුවට ගන්නා බවට ආණ්ඩුවේ පාර්ශව වෙතින් දිගින් දිගටම අනතුරු ඇගවීම් ලැබෙමින් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ පුත්තලම දිස්ත්‍රීක් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කර ඇති පරිදි මෙසේ බලපෑම් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රීක්කයේ සක්‍රිය දේශපාලනයේ නියුතු ඔහුගේ බාල දියණිය වන සචිනී ජයරත්න මෙනවිය ඉලක්ක කර ගනිමිනි.සිය පියා සිවිල් ගුවන් සේවා ඇමතිව සිටියදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරීනිය ලෙස වැටුප් ලබා ගෙන ඇති ඇය, කිසිඳු දිනෙක රාජකාරියට වාර්තා නොකොට මුල්‍ය අවභාවිතාවක් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාය (FCID ) විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.එම තත්වය තුල නුගේගොඩ රැළියට සහභාගී නොවන ලෙස පියංකර ජයරත්න මන්ත්‍රීවරයට උපදෙස් දී ඇති මහින්ද රාජපක්ෂ මහතා, සුදුසු වෙලාව පැමිණි පසු තමන් සමග ප්‍රසිද්ධියේ කටයුතු කරන ලෙස ඔහුට දන්වා ඇති බවද වාර්තා වෙයි.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network