විමල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක් srilanka-politics

විමල්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක්




වාහන අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දීර්ඝ කාලීනව බන්ධනාගාර ගත කිරීමෙන් ඔහුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක් පවතින බවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදයශාන්ත ගුණසේකර මහතා ප‍්‍රකාශ කරයි.

අශෝක අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කථාවක් උපුටා දක්වමින් ඔහු මේ බව පවසා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වීමෙනි.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා පවසා සිටියේ ලංකාවේ පවතින නීතියට අනුව ඕනෑම අයෙක් මාස 3 කට අධික කාලයක් සිරගත වීමකට ලක් වුවහොත් එම පුද්ගලයාට වසර 7 ක් යන තුරු ප‍්‍රජා අයිතිය අහෝසි වන බවත් ය.

එනිසා ආණ්ඩුව විසින් ජාතික නායකයින් සිර ගත කරමින් තම ඒකාධිපති පාලනය සෑම විටම ප‍්‍රදර්ශනය කරන බවද මෙහිදී ප‍්‍රකාශ කළේ ය.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network