ගංජා වවන්න මහා සංඝරත්නය විරුද්ද නෑ.. ගංජා වගා කිරීම ආරම්භ කරනවා.. srilanka-politics


ගංජා වවන්න මහා සංඝරත්නය විරුද්ද නෑ.. ගංජා වගා කිරීම ආරම්භ කරනවා..

“සෙත් සුව” ආයුර්වෙිද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුජීව විතානගේ මහතා විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රාණජීව ආයුර්වෙිද නිෂ්පාදන 12 ක් එළිදැක්වීමෙි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවෙි දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ශාකසාර ඖෂධ ලෝක වෙළෙදපොලේ ඩොලර් බිලියන 54 ක වාර්ෂිකව අලෙවියක් සිදුවෙනවා. පුද්ගලයෙකුගේ ජාන අනුව ප්‍රතිකාර කිරිම ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කර තිඛෙනවා. මෙම ක්‍රමය තමයි දේශීය වෛද්‍ය ක්‍රමයේ තිඛෙන්නේ. අපේ රටේ ආයුර්වෙිද ඖෂධ පැලෑටි වැවුනත්, එහි පේටන්ට් අයිතිය තිඛෙන්නේ විදේශීය රටවලටයි.

මම නොවැම්බර් මාසයේ දී විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබද සමුළුවක් සහ ජාත්‍යන්තර ආයුර්වෙිද වෙළද ප්‍රදර්ශණයක් කොළඹ දී පවත්වනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් 50,000 ක් ලබා දී තිඛෙනවා. මෙි දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙනවා. ගස් ලබු වල සාරය යොදා ගනිමින් ඩෙංගු රෝගීන්ගේ රුධිරාණු ප්‍රමාණය වැඩි කර ගත හැකියි. ගස් ලබු සාරයෙන් ඉන්දියාව ඖෂධ නිෂ්පාදනය කර තිඛෙනවා. මම ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා එම ඖෂධය ලංකාවට ගෙනවිත් රාජ්‍ය ආයුර්වෙිද ඖෂධ සංස්ථාව හරහා ඛෙදාහැරීමට. සෙත් සුව ආයුර්වෙිද රෝහලේ නිෂ්පාදනය කරන ඖෂධ රටවල් 20 කට අපනයනය කරනවා. ශ්‍රී ලංකාව සහ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබදව පණිවිඩය ජාත්‍යන්තරයට ගෙනයාමට මෙම ඖෂධ උපකාරි වෙනවා. මම කියන්න කැමැතියි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රාණජීව ඖෂධ විදේශීය රටවලට අපනයනය කිරීමෙි වැඩපිළිවෙලට සහාය දැක්වූවා. හිටපු ජනාධිපතිවරයාගේ පිංතූර වෙන කොහේවත් නැති වුනත්, ප්‍රාණජීව ඖෂධ කුප්පියේ තිඛෙනවා. මගේ පිංතූරෙත් තිඛෙනවා. ආයුර්වෙිද දෙපාර්තෙමින්තුව, ආයුර්වෙිද වෛද්‍ය සභාව, ආයුර්වෙිද වෛද්‍ය සංග්‍රහය සංශෝධනය කරනවා. ආයුර්වෙිද පුස්කොළ පොත් සිංහල භාෂාවට පරිවර්තනය කර වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට ද මම සැළසුම් කර තිඛෙනවා.

ආයුර්වෙිද ඔසු උයන් පෞද්ගලික අංශයේ දායකත්වය මත සංවර්ධනය කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශීය ඖෂධ වර්ග රැසක් ඉන්දියාවෙන් ආනයනය කරනවා. අබිං එලෙස ආනයනය කරන එක ඖෂධයක්. කංසා වගා කිරීමෙි යෝජනාව මම පසුගිය වසරේ ඉදිරිපත් කළා. මහා සංඝරත්නය එයට විරුද්ධ වුනේ නම් නැහැ. එම නිසා හමුදාව යොදවා කංසා වගා කිරීමෙි වැඩපිළීවෙල ඉදිරියේ දී දියත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. කංසා දුම්වැටි වගේ පානය කළොත් තමයි ප්‍රශ්ණයක් තිඛෙන්නේ. ඖෂධයක් ලෙස භාවිත කළොත් කිසිදු ප්‍රශ්ණයක් නැහැ.”

මෙම අවස්ථාවට කොට්ටේ ශ්‍රි කල්්‍යානි ශ්‍රී ධර්ම සංඝ සභාෙවි මහානායක අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයුර්වෙිද කොමසාරිස් එල්.එචි තිලකරත්න මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network