කෑගල්ලෙන් හා රත්නපුරෙන් තවත් රොත්තක් මහින්ද සමග එක්වෙයි srilanka-politics

කෑගල්ලෙන් හා රත්නපුරෙන් තවත් රොත්තක් මහින්ද සමග එක්වෙයි



කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 127 න් 95 ක්ම මහින්ද රාජපක්ෂ සමගින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා .මේ රැස්වීමට කෑගල්ල ,වරකාපොල ,බුලත්කොහුපිටිය ,ගලිගමුව ප්‍රාදේශිය සභාවල හිටපු සභාපතිවරු ඇර සෙසු සියළුම ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් සහභාගිවී තිබෙනවා.

එහිදී සියළු දෙනා එක් හඩින් කියා සිටියේ ,ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂගේ නායකත්වය නියත වශයෙන්ම අවශ්‍ය බවයි .ඔහු සිටින ඕනෑම පක්ෂයකින් ඡන්දය ඉල්ලීමට සුදානම් බවද පළාත් පාලන නියෝජිතයන් වැඩිදුරටත් සදහන් කලා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ,පළාත් පාලන ආයතන දොහේ සභාපතිවරුන් 127 දෙනාගෙන් 110ක්ම ඉදිරි මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ නායකත්වය ගන්නා ඕනෑම පක්ෂයකින් තරග වැදීමට තීරණය කර තිබෙනවා

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network