මෛත‍්‍රී නැවතත් ජනාධිපති අපේක්‍ෂයා විය යුතුමයි කියා අපි බල කරනවා.. ඔහුට බෑ කියන්න බෑ.. ( srilanka-politics )

මෛත‍්‍රී නැවතත් ජනාධිපති අපේක්‍ෂයා විය යුතුමයි කියා අපි බල කරනවා.. ඔහුට බෑ කියන්න බෑ..

.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැව් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

පක්ෂයේ කාන්තා හා තරුණ සමිති වල මෙන්ම පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිතිවල ප්‍ර‍බල ඉල්ලීම වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවත්, එහෙත් ජනාධිපතිවරයා මේ පිළිබඳව කිසිදු අදහසක් ප්‍ර‍කාශ කර නැති බවත් ද ඇමැතිවරයා පැවසුවේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

2014 පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වුවත්, මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ බහුතරයකගේ ඉල්ලීමෙන් පක්ෂයේ සභාපති ධූරය භාරගත් නිසා පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට පක්ෂය කරන ඉල්ලීම පිළිබඳව ඔහු අනුකූලතාවයක් දැක්විය යුතු බවද ඇමැති දිසානායක මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මාධ්‍ය හමුවේ මෙසේද පැවසුවේය.

අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව අප නිතරම එතුමාට කියනවා. අදත් අපි හිතන්නේ මේ එජාප ශ්‍රීලනිප සම්මුතිවාදී ආණ්ඩුවට තව වැඩ ගොඩක් තියනවා. මේ දෙක එකතු වෙලා ඉන්නවට පක්ෂ දෙකේම අකමැති අය ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි මේ දෙක එකතු වුන නිසා අපි ලැබූ විශාල ජයග්‍ර‍හණ තියෙනවා.

ඉදිරි පළාත් පාලන ඡන්ද කොට්ඨාශ ක්‍ර‍මයට තියන්න ප්‍ර‍ධාන පක්ෂ දෙක එකඟයි. ඒ වගේම අපිට අවශ්‍යයි මීළඟ පලාත් සභා හා මහ මැතිවරණයට යන්න කලින් මිශ්‍ර‍ ක්‍ර‍මයට හා කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් ඉන්න පලාත් සභා හා පාර්ලිමේන්තු ඡන්ද ක්‍ර‍මයක් අනුමත කර ගන්න.

මේ නිසා අපි හිටපු ජනාධිපතිතුමා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්නේ මේ ජයග්‍ර‍හන ටික ලබා ගන්නත්, පක්ෂය ශක්තිමත් කරන්නත් ශ්‍රීලනිපයට සහය දෙන්න කියලයි.

ජනමත විචාරනයකට යන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සඳහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා ඒ කණ්ඩායම ජනතාවට දුන් පොරොන්දු අනුව වරමක් නැහැ. අපි එහෙම එකක් ඉල්ලලත් නැහැ. ජනාධිපති ක්‍ර‍මයේ බලතල අඩුකරන සංශෝධන ඇරෙන්න තව ඉන් එහාට යනවා නම් අපිට ගැටළුවක් තියෙනවා.

– සංජය දසනායක

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network