ආණ්ඩුවේ බැරිකම වසාගන්නට ගොතන ‘ණය උගුල්’ බොරුව – නාලක ගොඩහේවා ,srilanka- economic )

උගුල්’ බොරුව – නාලක ගොඩහේවා



මට බලපාන මගේ ප්‍රශ්ණය මා අසන්නේ නැත්නම් කවුරු අසන්නද ?
-ආචාර්‍ය නාලක ගොඩගේවා-

මම වෘතියෙන් ඉංජිනේරුවෙකු වන නිසා මම ඉලක්කම් පරිශීලනය ප්‍රිය කරමි. මම වෘතියෙන් ගණකාධිවරයෙකුද වන නිසා මට ඉලක්කම් අතර බොහෝවිට කතන්දරයක් පෙනේ. මම අලවිකරුවෙකු වශයෙන්ද වෘතීය සුදුසුකම් ලබා ඇති නිසා ඉලක්කම් හරඹයෙන් කරන ප්‍රචාරණ කටයුතු තුල සත්‍යය හා අසත්‍යය වෙන් කර දකින්නට යම් හැකියාවක්ද මට ඇත.

රටේ ණය බර පිලිබඳව කරුණු පහදමින් මුදල් අමාත්‍යාංශය විසින් ජනවාරි 26දා නිකුත් කර ඇති ප්‍රවෘතී නිවේදනය දුටුවිට මගේ මනස ක්‍රියාත්මක වූයේ පහත ආකාරයටය.

මෙම නිවේදනයේ මූලික අරමුණ මහින්ද රාජපක්ෂ සමයේ ගත් ණය නිසා රට ණය උගුලක පැටලී ඇතැයි යන යහපාලන රජයේ ප්‍රසිද්ධ සටන්පාඨයට සවියක් ලබා දීමය. ඒ සඳහා 2015 සිට 2020 දක්වා ලංකාව විසින් විදේශ රට වලට ගෙවිය යුතු ණය වාරික පහත අයුරින් පෙන්වා ඇත්තේ කියවන්නා තුල පසුගිය පාලනය ගැන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුනෙනි.

2015 වසරේදී ගෙවූ මුදල රු.බි. 276
2016 වසරේදී ගෙවූ මුදල රු.බි. 269
2017 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 355
2018 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 377
2019 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 586
2020 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 509

මේ අනුව 2015 සිට 2020 දක්වා කාලය තුල ගෙවීමට සිදුවන මුදල රුපියල් බිලියන 2,372 කි. ප්‍රවෘතී නිවේදනය මගින් රාජපක්ෂ විසින් ගත් ණය දැඩි විවේචණයකට ලක් කර ඇති අතර 2019 ගෙවන්නට වන රුපියල් බිලියන 586 ඉතිහාසයේ ලංකාව විසින් ගෙවනු ලබන විශාලතම ණය වාරිකයයි සඳහන් කර ඇත.

බැලූ බැලමට මෙය භයානක තත්වයකි.

නමුත් හොදින් විමසා බැලූ විට පෙනෙන චිත්‍රය මීට තරමක් වෙනස්ය. ඒය ඔබගේ බුද්ධියෙන්ද විමසා බලන්නට කරුණු කිහිපයක් මෙහි සඳහන් කරමි.

මෙම වාර්තාවට අනුව 2015 හා 2016 තුල ගෙවා ඇති මුලු ණය මුදල රුපියල් බිලියන 545 කි ( 276 + 269).

නමුත් රජයේ අනෙකුත් වාර්තා අධ්‍යයනය කරන විට මෙම වසර දෙක තුල රජය රුපියල් බිලියන 2,311 ක් අලුතින් ණය ලබා ගෙන ඇති බව පෙනී යයි.

මීට අමතරව වත්මන් රජය රජය ණය ගෙවීමට යැයි කියමින් ජනතාවට බදු වැඩි කලා ඔබට මතක ඇත. මහ බැංකු වාර්ථා අනුව 2015 දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන 306 ක් හා 2016දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන382 ක් රජය බදු අයකර ඇත. මේ අනුව 2015-2016 කාලය තුල 2014ට සාපේක්ෂව ලැබු අමතර බදු ආදායම රුපියල් බිලියන 688කි.

එසේනම් අමතර බදු හා අලුත් ණය මගින් වත්මන් රජය 2015 2016 වසර දෙක තුල එක් කල මුදල රුපියල් බිලියන 2,999 කි.

එම මුදලින් 2020 දක්වා ගෙවන්නට ඇති සියලු ණය ගෙවූවද තවත් රුපියල් බිලියන 627 ක් ඉතිරි විය යුතුය.

සුදු අලියෙකු කියා සමහරු කෑ මොර දෙන මත්තල ගුවන්තොටුපොල සාදන්නට වියදම් වූයේ රුපියල් බිලියන් 30ක් පමන මුදලකි. එසේ නම් මේ ඉතිරි මුදලින් තවත් එවැනි ගුවන් තොටුපොලවල් 20 ක් සෑදිය හැක.

ඉතින් ඔබඇසිය යුතු ප්‍රශ්ණයනම මේසා විශාල මුදලක් එකතුකල වත්මන් රජයට තවමත් ණය බරක් ගැන කතා කිරීමට සාධාරණ අයිතියක් තිබෙන්වාද යන්නයි.

මීට අමතරව අනාගත පරපුර ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ වසර දෙකක් තුල යහපාලන රජය ගත් රුපියල් බිලියන් 2,371 හෙවත් කෝටි 237,100 ණය ගෙවන්නේ කවුද කියායි. 2017-2020 අප විසින් ගෙවිය යුතුයැයි ඔය කියන ණය වාරික තුල කෙතරම් මුදලක් යහපාලන සමයේ ගත් ණයද ?

2014දී දල ජාතික නිශ්පාදිතයෙන් 70.7% වූ ණය බර අද 81% කි.


දේශපාලඥයෙකු නොවෙමි.මම මේ රටේ සාමාන්‍ය පුරවසියෙකි. මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ මගේ මිතුරන් හෝ හතුරන් නොවේ. ඔවුන් මටත් අනෙකුත් ජනතාවටත් වග කිව යුතු රටේ නායකයන්ය. මට ඇති ගැටලුව පුර වැසියෙකු වශයෙන් මා වැඩි ණය උගුලක පටලවා ඇත්තේ කොයි නායකයාද යන්නයි. නිදහසින් පසු මේ රට පාලනය කල සියලු නායකයින් එක්ව 2014 වන විට තනි පුර වැසියෙකු වශයෙන් මා රුපියල් 353,630/- ලෝකයට ණය කොට තිබුණ අතර වසර දෙකකට පසු මෛත්‍රී /රනිල් පාලනය මගේ එම ණය බර රුපියල් 464,210 දක්වා ඉහල දමා ඇත. එය 2014 සාපෙක්ෂව 32% ක වැඩි වීමකි. එය පෞද්ගලික මෙන්ම පොදු ප්‍රශ්ණයක් ලෙස දකින ලෙස මගේ බුද්ධිය මට බල කරයි.

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network