රනිල්  ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න.. srilanka-politics

රනිල්  ඉවරයි.. එජාපය ඉවරයි.. බැදුම්කර වාර්තාවෙන් සියල්ල ඉවරයි..- ජනපතිට බාරදුන් බැදුම්කර වාර්තාවේ කතාව මෙන්න..



2015 වසරේදී ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත අද (30) දහවල් බාර දෙන ලදී.
එය බර දෙනු ලැබුවේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා විසින් වන අතර එම අවස්ථාවට කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා හා සෙසු සාමාජිකයින් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන්ද සහභාගී වූහ.
එහිදී පැය බාගයකට වැඩි කාලයක් එම වාර්තාවේ සදහන් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිනරයා කොමිසමේ සාමාජිකයන් සමග සාකච්චා කර ඇති අතර මෙය ශ‍්‍රී ලංකාවේ සිදුව ඇති විශාලතම මුදල් වංචාව විය හැකි බව විනිසුරුවන් විසින් පෙන්වා දී ඇති බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද එම වගකීමෙන් බැහැර විය නොහැකි බවට විනිසුරුවන් විසින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇති බවත් අන්තර්ජාලයේ වාර්තා පලවෙයි.
කොමිසමේ සාමාජිකයන් සමග වූ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා වෙනත් පිරිසක් සමග පැවති සාකච්චාවකදී ‘*** ඉවරයි.. යුඑන්පිය ඉවරයි.. කොමිෂන් වාර්තාවෙන් ඒ අය ඉවර වෙනවා’ යනුවෙන් සදහන් කර ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.
මෙම කොමිෂන් සභා වාර්තාවෙන් අගමැතිවරයා ඇතුළු චූදිත සියළු පාර්ශවයන් වගඋත්තරකරුවන් කර ඇති බවට නිගමනය කර ඇති බවද වැඩි දුරටත් සදහන්ය.
වාර්තාව සම්බන්දයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්චා කිරීමට ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ නීතිපතිවරයා කැදවා ඇති බවද වාර්තා වෙයි
මේ අතර කොමිෂන් වාර්තාව ලැබීමෙන් පසු ආන්ඩුවේ ප‍්‍රබලයෙක් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා අත්‍යවශ්‍ය යයි පවසමින් අවස්ථාවක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඒ නොතකා පොලොන්නරුවට ගොස් ඇති අතර ඔහු නැවත කොළඹ පැමිණීමට නියමිතව ඇත්තේ පළමුවැනිදා හෝ දෙවැනිදා බවද සදහන්ය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කුඩා දරුවෙකුගේ කුසගිනි නිවන්න පාන් දුන්න ජේමිස් මාමා #ජවිපෙ නරුමයන්ගේ බිල්ලක් වූ හැටි... srilanka-politics

කුඩා දරුවෙකුගේ කුසගිනි නිවන්න පාන් දුන්න ජේමිස් මාමා #ජවිපෙ නරුමයන්ගේ බිල්ලක් වූ හැටි...



මාතර තෙලිජ්ජවිල ජේමිස් මාමා ගෙදරය ආසන්නයේම පුංචි කඩයක් කල කෙනෙක්
කඩයක් කිව්වට ඵ්ක මහා ලොකු කඩයක් නෙවෙයි උදේට පාන් ටිකක් හුලං විස්කොතු ටිකක් ඥානකතා ටිකක් ලොකු වීදුරු බෝතල් වලට දාලා බුලත් විට හේමත් තිබුන කඩයක්
ගමේ කාටත් කරදරයක් නැති හැමෝටම උදව් කරන ජේමිස් මාමාගේ කඩේත් 88/89 භිෂන කාලේ භිෂනයට ලක් වූවා වරක් දෙවරක් නොව චේගුවේරා කාරයෝ කඩේ වහන්න කිව්වාම ජේම්ස් මාමත් කඩේ වැහුවා
වෙන මොනාටවත් නොවේ පරාණ බයට
හවසට චේගුවේරා කාරයෝ ඇවිත් කඩේට තුණ්ඩුවක් දුන්නාම දවසක් දෙකක් කඩේ වහනවා.

රටේ වදුරු නීතියට යටත් වෙන්න වෙනවා පරාණ බයට. මලමිණි සුවදට ආසා කල ඵ් කාලේ පාලකයෝ තරගෙට ගමේ අහිංසකයින් චේගුවේරා කාරයෝ කියලා අරන් ගිහින් මරලා ගමේ හංදිවල පිච්චෙන්න දානකොට
ගමේ හිටය චේගුවේරා කාරයොත් තරගෙට මිනි මැරුවා. ඉතින් ඔය වාගේ් මේ රට විශාලා මහානුවරක් වෙනකොට රටේ මිනිසුන් කාට කියන්නද රටක නීතියක් නැතිව ගිහින්
මිනිස්සු අසරණවෙලා.

89 වසරේ දවසක සිරිත් පරිදි උදේ පාන් බේකිරියේ පාන් කාරයා ඇවිත් උදේ ජේමිස් මාමගේ කඩේට ඇවිත් පාන් ටිකක් දාලා හුලං විස්කොතු පැකට් දෙක තුනකුත් දීලා ගියා
ඊට පැයකට පමන පසු චේගුවේරා කාරයෙක් ඇවිත් ෆුට් බයිසිකලයකින් ලිව්මක් දීලා ගියා හනිකට
''වහාම කඩේ වහපන් නැත්නම් විදවන්න වෙයි''

ජේමිස් මාමා වහාම කඩේ ලෑලිටික වහලා කඩේ ඇතුලට වෙලා කාට කියන්නද මේ අවනඩු කියලා හිතින් හිතමින් හිටියා
කඩේ පිටුපස දොරෙන් කවුදෝ දොරට තට්ටු කරන හඩ ඇසුනා.අනේ ජේමිස් මාමේ ගෙදර පොඩි උන්ට දවස් දෙකකින් කන් මුකුත් නෑ අනේ අයියේ පාන් ගෙඩි්යක් දීපන් පිංසිද්ද වෙයි
මම මේ මාගරට් බන්. දන්න හදුනන කට හඩක් ඵලියේ සිට කෑ ගහනවා පොඩි උන්ට බඩගින්නට පාන් ගෙඩියක් ගන්න ඉල්ලන්න ඇවිත්. පාන් ගෙඩියක් දීලත් බෑ පව් පොඩි උන් බඩගින්නේ අඩනවා ඇති.

ජේමිස් මාමා කඩේ පිටුපස්සේ දොර හිමිහිට ඇරලා පාන් ගෙඩියක් දීලා වහාම දොර වහගත්තා. මාගරට් නොනා පිං දිදි පාන් ලෙඩිය අරන් ගියා. ජේමිස් මාමා සැනසුම් සුසුම් හෙලුවා පව් පොඩි් උන් ඕක කාලාවත් උන්ගේ බඩගින්න නිවාගනියි කියලා
ඊට ටික වෙලාවකට පමන පස්සේ මුහුණ වහගත්තු දෙන්නේක් ඇවිත්. කඩේ පිටුපස දොර කඩන් කඩේ ඇතුලට ආවා. ජේමිස් මාමා බය වෙලා ගුලිඋනා. උඹට අපි දැන්වීමකින් දන්නලත් උඹ අපේ නීති කඩ කරා නේද
දේශමාමකයින්ගෙන් උඹට ගැලවීමක් නෑ
කියලා ජේමිස් මාමාට වෙඩි තියලා යන්න ගියා.

ඒ ගියෙත් කඩේ තිබුන පාන් ටිකත් හුලං විස්කොතු ටිකත් පොදි ගහගෙන. අවට ගෙවල් වල මිනිසුන් ඵලි්යට ඵන්න බයේ ගෙවල් ඇතුලේ සිට කුඩා හිඩැස්වලින් දර්ශනය දැක්කා. චේගුවේරා කාරයින් ගියාට පස්සේ ගමේ මිනිසුන් ඵකා දෙන්නා බියෙන් බියෙන් කඩේ පැත්තට ආවා. කඩේ දොර කඩලා ජේමිස් මාමා මුල්ලක වෙඩි වැදි මැරී සිටියා. ඔහු කල වරද නම් ගමේ බඩගින්නේ හඩන දරුවන්ට පාන් ගෙඩියක් දීම

ඔබට මතකද මේ ඵ්ක් සිද්ධියක් පමනී

උපුටා ගැනිමකි





ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා හා එල්ටීටීඊ ඩොලර් නිසා කදුළු සලන චැනල් 4 නාලිකාවේ නිරුවත srilanka-politics srilanka-war

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා හා එල්ටීටීඊ ඩොලර් නිසා කදුළු සලන චැනල් 4 නාලිකාවේ නිරුවත



මෙලොව බිහිවූ කෘරතම ඝාතකයා නන්දිකඩාල් කලපුවෙදී 2009 මැයි මස 19 වන දින ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතින් ඝාතනය විය.අප සියලු දෙනාම සිතුවේ දශක 3 පැවති කුරිරු යුද්ධය අවසන් කියාය නමුදු ආපසු හැරී පසුවිපරම් කිරීමට අප සිතන මේ මොහොතේ පවා තිරයෙන් පිටුපස හොර රහසේම කුමන අයුරකින් හෝ ඊලාම් රාජ්‍යක් ලබාගැනීමේ හෝ ලබාදීමේ ඒකපාර්ශ්වික සිතල යුද්ධයක් මිට වසර කිහිපයකට පෙර එල්ටීටීඊ සංවිධානයට සහයව කටයුතුකළ රටවල් වල සහයද ඇතුව එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ආරම්භ කරන ලදී ඒ මෙරට ජිවත්වන ඩොලර් වලට තම මව උවද පාවාදෙන සම-හරක් නමට සිංහලයන් සහ සමහර මන්ත්‍රී මැති ඇමති වරුන්ගේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල සහයද ඇතුවය.එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව අද කෘර ඝාතන සංවිධානයක මානව හිමිකම් වෙනුවෙන් සුවිස්ටර් ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කාර්‍යාලය වෙත ගොස් ඒ කෘර ඝාතකයා සහ එම සංවිධානයේ මානව හිමිකම් වෙනුවෙන් විශාල බොරු මවාපාමින් ලොව පුරා රාජ්‍ය නොවන(NGO) සංවිධාන රටවල් රාජ්‍ය නායකයින් ගොනාට අන්දමින් එදා යුධමය වශයෙන් දුටු ඊලාම් රාජයේ සිහිනය මා ඉහත සදහන් කල පරිදි ඔවුන්ගේ මේ උත්සාහය කුමන ආකාරයකින් හෝ ඊලාම් රාජ්‍යක් ලබා ගැනීම උදෙසාය.
මෙතෙක් ලොව බිහිවූ කෘරතම ත්‍රස්ථ සංවිධානයකට මානවහිමිකම් තිබේද? මාගේ මතය නැත යන්නයි. ලොව මෙතෙක් බිහිවූ කෘරතම ත්‍රස්ථ සංවිධානය මානව හිමිකම් ගැන කතාකරන්නේ කෙසේද? නමුදු 1998 ජූලි 17 වන දින සම්මත කරගන්නා ලද රෝම ව්‍යවස්ථාව (Rome Statute) කියවා බැලීමේදී එය මනාව පැහැදිළි වේ.(https://www.icc-cpi.int/nr/rdonlyres/add16852-aee9-4757-abe7-9cdc7cf02886/283503/romestatuteng1.pdf) මන්දයත් තිස් වසරක කුරිරු යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද කෘර සමුහ මිනිස් ඝාතන කුඩා ළමුන් පැහැරගැනීම් නිරායුද සිවිල් ජනතාව හමුදා සෙබළුන් ඝාතනය කිරීම් පුජනිය පුරාවිද්‍යාත්මක ස්ථාන වලට එල්ල කරන ලද ප්‍රහාර මෙන්ම මිනිස් බෝම්බ පවා භාවිතා කරන ලද ත්‍රස්‌ත සංවිධානයේ මානව හිමිකම් පිළිබදව ප්‍රථමයෙන් කිබුල් කදුළු හෙලනු ලැබුවේ මෙක්සිකොවයි මා හට හැගියන ආකාරයට 1992දී අධිවේගී මරණයේ මාවත නමැති මාර්ගය (https://en.wikipedia.org/wiki/Highway_of_Death) (https://www.youtube.com/watch?v=4xiasPejyt4) යන විරුධාවලිය ලබාදුන් මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම යුධ අපරාධ ගණනාවකට වගකිව යුතු ලෝක පොලිස් කාරයාගේ බළල් අතයි (ඇමරිකාවේ යුධ අපරාධ පිළිබදව ඉහත සදහන් සබැදිය වෙත පිවිස නරබන්න ඔබට හැකියාව පවතී ) ඇමරිකාව සහ ඔවුන් සිදුකරන ලද යුධ අපරාධ දීර්ඝ ලැයිස්තුවක් උවද ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැක නමුදු මෙතෙක් ලොව සිදුකරන ලද විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම දියත්කල හමුදාවට මෙලෙස චෝදනා එල්ල කරන්නේ පදනම් විරහිතවය ඒ පිළිබද ඔබට තබන සටහනයි මේ
චැනල් 4 නාලිකාව නොදත් යුද අපරාධ නිර්වචනය
යම්කිසි රටක් තුළ ඇතිවන අභ්‍යන්තර සන්නද්ධ අරගලයකදී/සටනකදී හෝ, රටවල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සිදුවන සංග්‍රාමයකදී හෝ, ජාත්‍යන්තර මානුෂවාදී නීතියට පටහැනිව, සතුරු පක්ෂයට හෝ සතුරු පක්ෂයට හිතවත්, සන්නද්ධ නොවන පිරිස් වලට එරෙහිව, යම්කිසි හමුදාවක් විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම, යුද අපරාධයක් වන්නේය.
මෙම නිර්වචනය සමග මෙතෙක් ලොව බිහිවූ කෘරතම ත්‍රස්ථ සංවිදානය සමග සසදා බැලීමේදී මා හට නැගෙන ප්‍රශ්නයනම් දැඩි ලෙස(100%) රෝම ව්‍යවස්ථාව පමණක් නොව ලොවම පිළිගත් යුධ නීති ප්‍රඥප්ති පවා උල්ලංඝනය කරන ලද කෘර මිනි ඝාතක වේලුපිල්ලේ පිරුබාහරන්ගේ ත්‍රස්ථ සංවිධානයට මොන මානව හිමිකම්ද කියාය මා එසේ සිතුවද අද එය එසේ සිදුවනේ නැත මක්නිසාද යත් එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව ලොව සිටින ඊලාම් හිතවාදීන් සමග එක්ව යුද්ධයකින් තොරව ඊලාම් රාජ්‍යයේ සිහිනය සබැ කරගන්නට මෙරට මෙන්ම ලොව පුරා මේ මොහොතේත් ඔවුන් ක්‍රියාත්මක නිසාය.මගේ මතකයට අනූව මෙතෙක් ලොව බිහිවූ ප්‍රභලම ඩයස්පෝරාව අයර්ලන්තයෙන් බිහිවී අයර්ලන්තය උතුරු හා නැගෙනහිර වශයෙන් බෙදී වෙන් කිරීමට ප්‍රභල වශයෙන් ක්‍රියාකළ අතර එය මෙලොව බිහිවූ ප්‍රභලතම ඩයස්පෝරාව යනුවෙන් නම් දරා සිටියද එය එසේ නොවේ මෙතෙක් බිහිවූ ප්‍රභලතම ඩයස්පෝරාව එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව බවට අපට අකමැත්තෙන් උවද පිළිගැනීමට සිදුවේ.
ප්‍රභල වශයෙන් ඔවුන් අපට එල්ල කරන චෝදනාව මානුෂිය මෙහෙයුම අවසන් මාස 4 තුල අප නිරායුධ සිවිල් ජනතාව සහ කුඩා ළමුන් ඝාතනය කල බවත් රතුකුරුස සංවිධානය ප්‍රකාශයට පත්කළ යුධ මුක්ත කලාපයට බර අවි ප්‍රහාර එල්ල කල පාසල් රෝහල් වලට ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු මෝටාර් මල්ටිබැරල් ප්‍රහාර එල්ල කල බවත් රසායනික අවි ප්‍රහාර එල්ල කල බවත් අවි බිම තබා යටත් වූ එල්ටීටීඊ සාමාජිකයින් සමුලඝාතනය කළබවත් ප්‍රධාන වශයෙන් ඔවුන් අපට එල්ලකරන චෝදනාවනය. අපි මදකට නැවතී විමසා බලමු යුධ අපරාධ (ප්‍රධාන වශයෙන්) යනු මොනවද කියා
1.ජල මූලාශ්‍ර වලට වස විස මුසු කිරීම සහ ජල මුලාශ්‍ර අවහිර කිරීම
2.තහනම් අවි ආයුධ පාවිච්චි කිරීම, බැරල් බෝම්බ, ඩම් ඩම් බුලට්, වැනිදේ පාවිච්චි කිරීම, රසායනික අවි පාවිච්චි කිරීම.
(https://en.wikipedia.org/wiki/Expanding_bullet . https://en.wikipedia.org/wiki/Barrel_bomb , https://en.wikipedia.org/wiki/Chemical_warfare)
3.සතුරු පක්ෂයේ යුද සිරකරුවන්ට (ප්‍රශ්න කිරීම වැනි කටයුතු වලදී) අමානුෂික වදදීම, සාධාරණ නඩු විභාගයකින් තොරව දඬුවම් දීම.
4.ඔවුන්ව මියයාමට ඉඩහැර නොසළකා සිටීම.
5.මරණය සිදුවියහැකි අන්තරායදායක ක්‍රියාවල යෙදවීම.
6.අත්අඩංගුවට ගත්පසු ඝාතනය කිරීම .
ප්‍රධාන වශයෙන් සලකා බැලීමේදී චැනල්4 නාලිකාව විසින් රටක රාජ්‍ය හමුදාවකට එරෙහිව යොදාගත් වැඩිම ගුවන් කාලය අප ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් වෙන් කරන ලදී නමුදු පහත මා සදහන් කරන කාරනා චැනල්4 නාලිකාව විසින් සකසන ලද ව්‍යාජ (ඔප්පු කිරීමට සාධක අප සතුව අඑත ඒවා නියම ආකාරයෙන් ගොනුකොට වාර්තාවක් සකසා අවශ්‍ය පුද්ගලයන් අතට පත්කර නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කරමින් පවතින නිසා ඒවා ප්‍රසිද්ධ කිරීමට නොහැකිය) කෙටි චිත්‍රපට වලට නොපෙනු මේ කරුණුද යුධ අපරාධ ගණයට වැටෙන බව ඔවුන්ට අමතකවිය ඒවා නම්
සාධාරණ හේතුවකින් තොරව, මරාදැමීම, හිරිහැර කිරීම හෝ නොසළකා හැරීම, සිය ගම්බිම් හෝ අනුන්ට බලපෑමක් නොවන පරිදි දැනට රැඳී සිටින ප්‍රදේශ වලින්, වහල් සේවයේ හෝ කම්කරු සේවයේ යෙදීමට සිදුවන, නැතහොත් බලහත්කාරයෙන් යොදවන, සරණාගත කඳවුරු වෙත පිටුවහල් කිරීම.
1.යුද සිරකරුවන් සේ සළකා අත්අඩංගුවට ගන්නා සාමාන්‍ය ජනතාවට හිරිහැර කිරීම, අකාරුණික ලෙස සැළකීම, මරාදැමීම.
2.සතුරු පක්ෂයට එහිව කෙරෙන සංග්‍රාමික කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදවාගැනීම.
3.සාමාන්‍ය ජනතාව, ප්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මරාදැමීම.
4.යුද අපරාධ වලට සම්බන්ධයැයි සැළකෙන, සන්නද්ධ සාමාජිකයන්ගේ කලත්‍රයා හෝ, පවුලේ සාමාජිකයන්, ළඟම ඥාතීන්, සාධාරණ නඩුවිභාගයකට ලක්කිරීමෙන් තොරව, සිර දඬුවම්/මරණ දඬුවමට යටත් කිරීම.
5.සංග්‍රාමික ඉලක්ක වශයෙන්, කිසිදු වැදගත්කමක් හෝ අවශ්‍යතාවක් හෝ නැති, නගර, ගම්මාන, ආගමික සිද්ධස්ථාන, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, ආදිය වෙත ප්‍රහාර එල්ල කොට වනසා දැමීම.
6.ස්ත්‍රී දුෂණය, ළමා අපචාර, ලිංගික වහල් සේවයේ යොදවා ගැනීම, බලහත්කාරයෙන් ගැබ් ගැන්වීම.
7.සාමාන්‍ය ජනතාව සිටින බව දැන දැනත්, ඔවුන්ට අනතුරු/ජීවිත හානි ඇතිවියහැකි ආකාරයට, යුද ප්‍රහාර එල්ල කිරීම. රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම.
8.සතුරු පක්ෂයෙන් ගැලවී සිටීම/සතුරා රැවටීම සඳහා, රැවටීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ සාමාන්‍ය ජනතාව පළිහක් ලෙස පාවිච්චි කිරීම.
9.සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන, ආහාර/ජලය ලබාගැනීම වැලැක්වීම හෝ කඩාකප්පල් කිරීම.
මෙම කරුණු 9ටම අදාළව එල්ටීටීඊය විසින් සිදුකරන ලද යුද අපරාධ ගණන 100 ඉක්මවයි.මධ්‍යවීදියෙක් යැයි කියාගන්නා 1818 මහා නිදහස් අරගලයද පාවාදුන් පරපුරෙන් පැවතගෙන එන පුද්ගලයෙක් සදහන් කරන්නේ අප ත්‍රිවිධ හමුදාව රසායනික අවි භාවිතා කල බවයි එනමුත් මා හට නැගෙන ප්‍රශ්නයනම් මුලතිවු මහා වන මැද එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය විසින් පවත්වාගෙන යන ලද ත්‍රස්ථ කදවුරක රසායනික අවි නිපදුවේ කුමක් අරබයාද කියාය. එමෙන්ම විශ්වාස දායක ආරංචි මාර්ග පවසන පරිදි එදා කිලිනොච්චිය අප ත්‍රිවිධ හමුදා ප්‍රථම වරට අල්ලාගත් දවසේ මුළු ශක්තියම යොදා කිහිප වරක්ම උත්සහ කල ත්‍රස්‌ථවාදීන්ට කිලිනොච්චිය අල්ලාගත නොහැකි විය අවසානයේ ඔවුන් රසායිනික ගෑස් ප්‍රහාරයක් එල්ලකලද (මෙය මාධයෙන් වසන් කරන ලද පුවතක් උවද එදා වන්නිමෙහෙයුමේ නිරතවු සියලු දෙනා දත් රහසක් විය) ඒ අධික වැසි සහිත නිසා ප්‍රහාරය සාර්ථක නොවුනි.ජාත්‍යන්තරයෙන් පවා මේ කරුණු එදා වසන් කෙරුවාද?නැතිනම් වසන් උවාද? යන ගැටළුව තවමත් මා තුල මෙන්ම මෙය කියවන ඔබතුලත් හටගන්නවාට කිසිදු සැකයක් නැත.මේ යුධ අපරාධ නඩු කතාන්දරය 14 වන සියවස තරම ඈතට දිවයයි ඒ බව ම ඉතිහාසය පිරික්සීමේදී මානාව පැහැදිලි වෙයි තවද 16 වැනි ශතවර්ෂයේ සිට 18 වැනි ශතවර්ෂය දක්වා වූ කාලය තුළ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය පවා යුද අපරාධ වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවට ඉතිහාසයේ සදහන් වේ.
ජනිත් ඉෂාර විසින්

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පොහොට්ටුව දිනවන්නැයි ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි.. srilanka-politics


පොහොට්ටුව දිනවන්නැයි ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..


ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් මෙවර පළාත් පාලන මැතිවණය සදහා ඉදිරිපත් කරන ලද දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව නාමයෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ නිසා එම ප‍්‍රදේශයන්හිදී තම පාක්‍ෂිකයන්ගේ සම්පුර්ණ සහයෝගය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ඇමති ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.
‘නොමේරු ලාමක බබා දේශපාලනය නිසා මම දවසක ආණ්ඩු කරනකම් මේ රටේ අපි විපක්ෂයේ ඉන්න ඕන හිරේ ඉන්න ඕන කියන ඒ ලාමක ප්‍රතිපත්තිය නිසා සාම සාකච්ඡා වලට බාධාවක් ඇති වුණා. බැසිල් රාජපක්ෂ මැතිතුමා තමාගැන විතරක් හිතන එක තමන්ගේ සහෝදරයන් ගැනවත් හිතන්නේ නැති එක අපිට විශාල බාධාවක් වුණා.
සාත්තරකාරයෙක් කියන අනාවැකියක් අහගෙන මම රටේ අගමැති වෙනවා කියන සිහිනයෙන් ඉන්න ඌරු මියෙකුගේ ඇග සහිත දේශපාලනය කරන මොලේ නැති එකෙක් නිසා මේ සාකච්ඡාවලට බාධා වුණා.
මම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සාම සාකච්ඡා බිද වට්ටලා උඹලා කරේ අපි ආදරය කරන මහින්ද මහත්තයාව මේ ඡන්දෙන් පස්සේ ගෙදර යවලා, ගෝඨාභය මහත්තයා හිරේ යවලා, බැසිල් මහත්තයාව රජ ගෙදර අරින වැඩ පිළිවෙළයි උඹලා මේ කරේ. ඒක හරියන්නේ නෑ. අන්න ඒ ප්ලෑන් සේරම කඩාකප්පල් කරලා අපි එකතු වෙන්න ඕන.
යූඑන්පීය බලය ඇල්ලුවොත් වැඩිපුර ප්‍රදේශිය සභා ගාණක ගෝඨාභය මහත්තයා හිරේ දානවමයි. අපි බබාට කියනවා බබ දුමින්දද අපි කියනවා දුමින්දට උබේ බබා දේශපාලනය නවත්තපන්. බබා නාමල් ද අපි කියනවා උබේ ලපටි නොමේරු දේශපාලන වැඩ නවත්තපන්.
අපේ පක්ෂයේ නාමයෝජනා දෙකක් ප්‍රතිකේෂ්ප වුණා දෙහිඅත්තකණ්ඩියේ හා පදියතලාවේදි. දෙහිඅත්තකණ්ඩියේ හා පදියතලාවේ ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා අපේ නාමයෝජනා පත්‍ර ප්‍රතිකේෂ්ප වුණ නිසා එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න පුළුවන් ජී එල් පීරිසේගේ පක්ෂයට’ යයිද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී කියා සිටියේය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පොහොට්ටුවෙන් ඉඩ නොලද 'අජන්ත ' ජීවිතයෙන් සමුගනී - මළ සිරුර ඉදිරියේ උණුසුම් තත්ත්වයක් srilanka-politics

පොහොට්ටුවට ඇති ඉල්ලුම නිසා ජිවත වලින් පවාවන්දි ගෙවති.....
පොහොට්ටුවට ඉඩ නැති නිසා 'අජන්ත ' ජීවිතයෙන් සමුගනී - මළ සිරුර ඉදිරියේ උණුසුම් තත්ත්වයක්


පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ නාම යෝජනා  ප්‍රතික්ෂේප වීම නිසා සිත් තැවුලට පත්වූ  පුද්ගලයෙකු හදවත් රෝගී තත්ත්වයට පත්ව මරණයට පත්ව තිබෙනවා.

ඒ,පැටිකිරි ආරච්චිලාගේ දොන් නිමල් අජන්ත විජේසේකර නැමැති පානදුර හිරණ ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

පානදුර මුලික රෝහලේ ඔහුගේ සිරුර තබා තිබියදී මාධ්‍යවේදීන් බව පවසමින් දෙදෙනෙකු එය ඡායාරූප ගැනීමට සුදානම් වී ඇති අතර පසුව රෝහල් බලධාරීන් ඊට විරුද්ධවීම නිසා උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

පසුව සිදුවීම  සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී මාධ්‍යවේදීන් බව වාර්තාවන පුද්ගලයන් සඳහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ට ඕනෑම දෙයක් ඡායාරූපගත කළ හැකි බවයි.

චායාරුපය ගැනිමට එකඟ නොවීමට හේතුව /=
මෙම පුවත එලියට යැමෙන් පොහොට්ටුව වෙත ඇති ඉල්ලුම  පිලිබද ජනතාව දැනගැනිම පොහොට්ටුවට වාසිදායක වනබව  ඉහලින් ලැබුණු තිරනයක් බව දැනගන්නට ලැබුනි

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරේ. ප්ලොට් නායකයෙකු ගිනි අවි ,පතුරම් හා කඩු තොගයක් සමග අත්අඩංගුවට srilanka-politics

ප්ලොට් නායකයෙකු ගිනි අවි ,පතුරම් හා කඩු තොගයක් සමග අත්අඩංගුවට…



යාපනය රෝහල මාර්ගයේ පිහිටි නිවසක සිටි පුද්ගලයෙකු එම නිවසෙන් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිනිඅවි ඇතුලු යුද උපකරණ තොගයක් අදාල නිවසේ තිබියදී සැකකරුවෙකු සමග අද (19) දින අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය රෝහලපාරේ අදාල නිවස පිහිටා ඇති අතර නිවසේ හිමිකරු විදෙස්ගතව සිටින අතර අදාල නිවස කුලියට ගෙන සිටි රාජනායගම් ශිවකුමාර් නැමත්තා නිවසෙන් පිට නොවීම හේතුවෙන් නිවසේ හිමිකරුගේ ඥාතීන් විසින් යාපනය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල නිවසට පැමිණ නිවස පරික්ෂා කිරීමේදී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.
මෙසේ හමු වූ යුද උපකරණ අතර ටී.56 ගිනිඅවියක්, ටී.56 ගිනිඅවි මැගසින් 6 ක් , ටී.56 උණ්ඩ 399 ක්, හෑන්ඩ් සෙට් 2 ක්, පූචස් දෙකක් පිස්තෝලයක් හා කඩු දෙකක් මේ අතර වෙයි.
අදාල යුද උපකරණත් සමග නිවසේ සිටි සැකකරු වන රාජනායගම් ශිවකුමාර් නැමත්තා මීට පෙර ප්ලොට් සංවිධානයේ සිටි අයෙකු බවට යාපනය පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ඔහුගේ පදිංචිය යාපනය මණිපායි ප්‍රදේශයේය.
අදාල සැකකරු ලග තිබූ යුද උපකරණ තොගය පරිහරණය කරණ තත්වයේ තිබීම හා කඩු දෙකක්ද තිබී හමු වීමත් සමග පසුගිය කාලයේ යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලියෙන් සිදු වූ පහරදීම් සැලසුම් කරන ලද පුද්ගලයෙකු හෝ කිසියම් පාතාල කල්ලියක නායකයෙකු විය හැකි බවටද යාපනය පොලීෂිය සැක පල කර සිටියේය.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මේ වන වට යාපනය පොලීසිට රැගෙනවිත් අද සවස යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද මුදල් වෙන්කර තිබුනත් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි unp srilanka-politics

මහින්ද මුදල් වෙන්කර තිබුනත් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි..



කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙලුම් කුළුණ පසුගිය රජය විසින් විශාල මුදලක වැය කර ඉදිකර තිබුනේ බාගෙට බවත් වත්මන් රජයට එහි ඉතිරි කොටස් සම්පූර්න කිරීමට සිදු වූ බවත් එක්සත්ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
කෙසේ වෙතත් එය අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් නොවන බවද ඔහු සදහන් කරයි.
නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කරන්නේ එය කෘත්‍රිම නෙළුම් මලක් නිසා බවත් එය කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නැති බවත් ඔහු කීය.
කොළ පැහැය රාත‍්‍රි කාලයේදී ඈතටම පෙනෙන වර්ණය නිසා නෙළුම් මලේ පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද ගැටළුවක් නැතැයිද ඔහු කියයි.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරයි.. අවසානයේ ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරු විතරයි srilanka-politics

අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරයි.. අවසානයේ ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරු විතරයි…



‘රජය විසින් මිල අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරලා. අවසානයේ පාරිභෝගිකයාට ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරැ විතරයි’ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
රජය විසින් මිල අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරලා.. අවසානයේ පාරිභෝගිකයාට ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරැ විතරයි..
2016 ඔක්තෝබර් 21 අංක 1989/61 අතිවිශේෂ ගැසට්පත මගින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 මිල අඩු කරන ලද අතර ඒ පිළිබදව විශාල මාධ්‍ය ප‍්‍රචාරයක් ලබා දෙන ලද.ී සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සදහා විශාල මුදලක්ද වියදම් කර ඇත.
එහෙත් 2017 දෙසැම්බර් මස 14 දින අංක 2049/31 අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් නැවත එම බෙහෙත් වර්ග 48 මිල ඉහළ දමා ඇත. මෙම නිසා මෙරට රෝගීන්ට මේවන විට බෙහෙත් මිලදී ගැනීමට සිදුව ඇත්තේ එම මිළ ගණන් වලටය.
බෙහෙත් වර්ග 48 ක මිල අඩු කිරීම නිසා ප‍්‍රමිතියකින් යුක්තව බෙහෙත් නිෂ්පාදනය කරන ලද සමහර සමාගම් දේශීය වෙළදපොලෙන් ඉවත් විය ඒ අනුව සිදුවූයේ බාල වර්ගයේ බෙහෙත් නිපදවන අඩු මිලක් නියමවි තිබූ බෙහෙත් වල මිල වැඩිවීමය. එම සමාගම් ඇමතිවරයාට හිතවත් සමාගම් බවටද විවිධ කතා ඇති විය.
කෙසේ වෙතත් අවසානයේ සිදු වූයේ අඩු මිලක් නියම වි තිබූ බෙහෙත් වර්ගවලට පිය පුතු අනුග‍්‍රයෙන් වැඩි මිලක් නියමවීමය.
අපට යහපාලන රජයෙන් ඇසිය යුතුව ඇත්තේ මෙරට ජනතාව ගොනාට ඇන්දවීම නවතා දමන්නේ කවදාද? යන්න හා ප‍්‍රචාරණ කටයුතු සදහා විශාල ලෙස චියදම් කරන ලද මුදල ගෙවන්නේ කවුද යන්න පමණි
සභාපති
රංජිත් විතානගේ


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විමල් වීරවංශ ආණ්ඩුවට..? Srilanka-politics

විමල් වීරවංශ ආණ්ඩුවට..?



තමන් ළගදීම ආණ්ඩුවට එක් වන්නේ යයි ඇමති එස්.බී. දිසානායක විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ ඒ මහතා අදහස් පල කර ඇත්තේ මෙසේය.
ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අද මාධ්‍යයට පවසා ඇත්තේ මා සිටින්නේ කලකිරීමෙන් බවත් මා ද ලගදීම ඔවුන්ගේ ආණ්ඩුව සමග එක්වන බවත් ය.
SB ට මෙන්ම අපේ සමහරුන්ටද උවමනා වි ඇත්තේ කලකිරීම් නැතිනම් කලකිරීම් ඇති කරවා හෝ SB ලා වැටී සිටින අසූචි පිරුනු වලට අපවද බස්සවා ගන්නටය. අපේ සමහරුන් ඒ වලට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසාය.
SB ලා අප ගැනද සිතන්නේ ඒ මට්ටමින්නම් මට කියන්න ට ඇත්තේ SB ට හොදටම වැරදී ඇතැයි කියාය.
කෙටියෙන් කියන්න ට ඇත්තේ මෙපමනකි.
කලකිරීම් තිබුනත් නැතත් SB මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැත.
ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමන වලට එලබීමෙන් වලකින්න
– FB


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෛත‍්‍රිට ජනපති පුටුව තව මාස 18යි.. ජනාධිපතිවරණය ඔක්තොම්බරයේ අරඹෙයි.. 19 වන සංශෝධනය මෙන්න srilanka-politics

මෛත‍්‍රිට ජනපති පුටුව තව මාස 18යි.. ජනාධිපතිවරණය ඔක්තොම්බරයේ අරඹෙයි.. 19 වන සංශෝධනය මෙන්න..



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහහා විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
එළඹෙන පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිවයන ඡන්ද පෙළක ආරම්භයයි.
ජනතාව ඉදිරියට යෑමට තිබුණු බිය නිසාම ආණ්ඩුව විසින් අවුරුදු තුනකට ආසන්න කාලයකින් ප්‍රමාද කරන ලද පළාත් පාලන ඡන්දය සඳහා දැන් නාම යෝජනා බාරගෙන ඇත. පළාත් පාලන ඡන්දයක් යනු රටේ දේශපාලන බලය වෙනස් වන ඡන්දයක් නොවුවත්, මේ ඡන්දයට සුවිශේෂ වැදගත්කමක් ආරූඪ වී ඇත්තේ මෙය වත්මන් ආණ්ඩුවට විරෝධය පෑමට ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට ලැබෙන පළමු අවස්ථාව වන නිසාය. මීට කලින් ඊනියා යහපාලකයන් යටතේ පවත්වන ලද ඡන්දය වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයයි. ජනාධිපතිවරයා ඒ ඡන්දයෙන් එජාපය දිනවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඡන්ද ව්‍යාපාරය අස්ථාවර  කිරීමට ඡන්දයට දින කිහිපයක් තිබියදී එජනිසයට අවාසිදායක ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මහ ලේකම්වරුන් දෙදෙනාම එකවර නෙරපා හැරීම ඇතුළු ක්‍රියාමාර්ගයන් ගණනාවක් ගැනීම තුළිනි.
එමඟින් ලංකාවටම යවනු ලැබූ  පණිවිඩය වූයේ හැන්ද තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අතේ නිසා ඒ පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනත් දිනන්නේ එජාපය බවයි. ශ්‍රිලනිපයේ වත්මන් නායකයා පසුගිය පාර්ලිමේන්තු ඡන්දයෙන් එජාපය දිනවූයේ ඒ ආකාරයටය. මේ වතාවේ ඒකාබද්ධ විපක්‍ෂය වෙනම ලකුණකින්, වෙනම සන්ධානයකින් මේ පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්නෙ ඒ නිසාය. ඒකාබද්ධ විපක්‍ෂයේ බලාපොරොත්තුව වන්නේ ආණ්ඩු විරෝධී ජනතාවට දේශපාලන විකල්පයක් සපයා දීමයි. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව ප්‍රසිද්ධියේ  නොයෙක් විවේචන එල්ල කලත්, මේ දෙපාර්ශවයම එකම කැබිනට් මණ්ඩලයේ  සිටිමින් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සියළුම කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කරයි.
එජාපයේ අයවැයට සෑම අවුරුද්දකම ශ්‍රිලනිප ඇමැතිවරුන් ජන්දය දෙනු ලැබේ. මීට දින කිහිහිපයකට පෙරත් ඔවුන් 2018 එජාප අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හැටි මුලු රටම දුටුවේය. ජාතික සම්පත් විකුණා දැමීමේදී ද දෙපාර්ශවයම සහයෝගයෙන් කටයුතු කරනු පෙනේ. එජාපයෙන් පත්වූ වරාය හා නාවුක කටයුතු ඇමති හම්බන්තොට වරාය ගනූදෙනුවට විරුද්ධ වූ විට, ඔහු වෙනුවට ශ්‍රිලනිප ඇමැතිවරයකු එම ධූරයට පත් කරගෙන එජාපය මුලපුරන ලද ඒ අවාසිදායක ගනුදෙනුව ශ්‍රිලනිපය විසින් සම්පූර්ණ කරන ලදී. පසුගියදා හම්බන්තොට වරාය විදේශීය සමාගමට භාරදෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 292 කේ චෙක්පත බදාගෙන එජාප අගමැතිවරයා කළ රංගනයට ශ්‍රිලනිප ඇමතිවරුත් අත්පුඩි තලන දර්ශනය මුළු රටම දුටුවේය.
මේ රට ස්වාධීන රාජ්‍යයන් වලට සමාන ෆෙඩරල් ඒකක නවයකට බෙදීමේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද එජාපය සමග ශ්‍රිලනිප කණ්ඩායම සහයෝගයෙන් වැඩකරනු පෙනේ. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රිලනිපය විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන කාරණයට පමණි. එජාපය ඉන්දියාව සමඟ ඇතිකරගැනීමට අර අදින එට්කා ගිවිසුමටද ශ්‍රිලනිපය විරෝධය පා නැත.  පළාත් පාලන ආයතන වලටත් පළාත් සභාවලටත් ඡන්ද කල් දැමීමේදී ද එජාපයත්, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායමත් සහයෝගයෙන් කටයුතු කළ ආකාරය මුලු රටම දුටුවේය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් බුරුතු පිටින් සිරගත කරන විට ශ්‍රිලනිප ජනාධිපතිවරයා එයට සහයෝගය දැක්වීම හැරුණු විට වෙන කුමක්වත් කර තිබේද?
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ දේශපාලන පක්‍ෂයක් ලෙස රඟපෑවද, එයද යහපාලන එකතුවේ ප්‍රධාන කොටස්කරුවෙකි. මේ ආණ්ඩුවේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩවලට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය මුල සිටම ලැබී ඇත. ජවිපෙ නායකයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙහෙයවන යහපාලන ඇමතිවරුන්, දේශපාලඥයින් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත කමිටුවේද සාමාජිකයකු විය. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂය නිර්දය ලෙස විවේචනය කරන අතර ආණ්ඩුව විවේචනය කරන්නේ ලාවටය. හවුල් ආණ්ඩුව ගෙන ඒමට යන නව ව්‍යවස්ථාවටද ජවිපෙ පක්‍ෂය. මේ වනවිට පැවැත්විය යුතු වූ පළාත් සභා ඡන්ද නොපවත්වා සිටීමට හැකිවන පරිදි ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය වූ තුනෙන් දෙකේ බහුතරය ලබා දුන්නේද ජවිපෙ විසිනි.
ඊට කලින් මේ රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලටත් සම්පූර්ණයෙන්ම පටහැණි ආකාරයට පලාත් පාලන ඡන්ද නීතිය වෙනස් කිරීමට ද ජවිපෙ විසින් ආණ්ඩුවට සහයෝගය දක්වන ලදී. 2005 දී රනිල් වික්‍රමසිංහගේ එජාපය බලයට ඒම වැලැක්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වය යටතේ මට සහයෝගය දුන් ජවිපෙ, වෙනත් නායකත්වයක් යටතේ අද එජාපයේ බළල් අතක් බවට පත්වී ඇත. එම නිසා එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී මේ රටේ තිබෙන එකම සැබෑ ආණ්ඩු විරෝධී බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය බව සියලුම ඡන්දදායකයින් අවබෝධ කරගත යුතුය.
2018 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඊළඟ ජනාධිපතිවරණය දක්වා දිව යන ඡන්ද පෙළක ආරම්භය වනු ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩු කරන ලදී. 19 වන සංශෝධනයේ 49(1)(ආ) වගන්තියෙන් ඒ වෙනස වත්මන් ජනාධිපතිවරයාටද බලපාන ආකාරයට ප්‍රකාශිතවම විශේෂ විධිවිධාන සලසා ඇත. එම නිසා වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 9 වන දායින් අවසන් වේ. අපේ ව්‍යවස්ථාවේ 31(3) වගන්තියට අනුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි, මාසයකට නොඅඩු කාළ පාරාසයක් තුළය. මෙකී ව්‍යවස්ථාමය ප්‍රතිපදාන අනුව ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 නොවැම්බර් 9 ත් දෙසැම්බර් 9ත් අතරය.
1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධාන වලට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට හා නාමයෝජනා කැඳවීම වැනි කාරණා වලට අවශ්‍ය කාලයද සැලකිල්ලට ගත්විට ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය 2019 ඔක්තෝම්බර් මාසය වනවිට ආරම්භ විය යුතු වේ. ඒ අනුව 2018 පෙබරවාරි මස පළාත් පාලන ඡන්දයත්, 2019 ඊළඟ ජනාධිපතිවරණ ක්‍රියාවලයේ ආරම්භයත් අතර ඇත්තේ මාස 18ක් වැනි කාලයකි. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, කල්දමා ඇති පළාත් සභා ඡන්ද පැවැත්වීමටද ආණ්ඩුවට සිදුවනු ඇත. සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභා දැනටමත් විසුරුවා හැර තිබෙන අතර ලබන වසරේදී උතුරු හා වයඹ පළාත් සභාත් ස්වයංක්‍රීයව විසිරුවා හැරෙනු ඇත. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ උතුරු නැගෙනහිරින් ලැබූ බහුතර ඡන්දයෙන් නිසා එම පළාත් දෙකේ පළාත් සභා නොමැතිව වත්මන්  බලධාරීන්ට ජනාධිපතිවරණයකටමුහුණ දීමට නොහැකිය.
මේ අනුව 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයෙන් පසු මාස ගණනක් තුළ පළාත් සභා ඡන්දයත්, ඉන්පසු තවත් මාස කිහිපයකට පසු ජනාධිපතිවරණයත් වශයෙන් ඡන්ද පෙළක් එනු ඇති බවට අපේක්‍ෂා කළ හැක. රටේ බලය ලබාගෙන මේ හවුල් ආණ්ඩුව කර ඇති වින්නැහිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. රට පාලනය කරගැනීමට නොහැකි බව මේ එජාප-ශ්‍රිලනිප ආණ්ඩුව ඇස් පනාපිට ඔප්පු කර තිබියදීත් ගමේ බලය ඔවුන් ඉල්ලා සිටින්නේ කුමකටදැයි සියලුම ඡන්දදායකයන් කල්පනා කර බැලිය යුතුය. එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ්‍රිලනිප හවුල් ආණ්ඩුවට පක්‍ෂද නැතිනම් විපක්‍ෂද යන කාරණය මත පමණක් ඡන්දය භාවිතා කරන මෙන් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.
මහින්ද රාජපක්‍ෂශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඒකාබද්ද-ශ‍්‍රිලනිප සාකච්චා බිද වැටුනු ඇත්ත හේතුව මෙන්න srilanka-politics

ඒකාබද්ද-ශ‍්‍රිලනිප සාකච්චා බිද වැටුනු ඇත්ත හේතුව මෙන්න..



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය බිඳ වැටුණේ ඇමැති සැප නැතිවෙතැයි ‍බියෙන් ආණ්ඩුවෙන් ඉවත් නොවූ අය නිසා බව පැවසූ රණතුංග මහතා ඇමැති වරප්‍රසාද වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් මොවුන් ළංකර ගතහොත් ඒකාබද්ධ විපක්ෂයත් විනාශ වනු නිසැක බවත් පෙන්වා දුන්නේය.රනිල් වික්‍රමසිංහගේ දෙපා මුල වැඳ වැටෙමින් ඇමැති කටු සූප්පන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන්ට වුවමනා වී ඇත්තේ පක්ෂය විනාශ කිරීමේ පාපකර්මයට ඒකාබද්ධ විපක්ෂයත් හවුල් කර ගැනීමට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමයෝජනා භාරදීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට බාධා කරන්නේ ප්‍රසන්න රණතුංග සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන් බවට දයාසිරි ජයසේකර ඇමැතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් රණතුංග මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට බාධා කරන්නේ මම කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ කියන කෙනා ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෙක් වෙන්න එපැයි. අපේ පක්ෂයේ ඉඳලා යූ. ඇන්. පියට ගිහින් එතැනින් ඇමැතිකමක් නැති තැන අපේ පැත්තට ඇවිල්ලා, ආයෙමත් මහින්ද මහත්තයා ගාව ඉඳලා මෛත්‍රීපාල මහත්තයා ගාවට ගිය කෙනෙක්ට එහෙම කියන්න අයිතියක් නැහැ.
දයාසිරි ඇමැතිවරයා හැමදාම කළේ පක්ෂ සහ පැත්ත මාරු කරමින් තමන්ගේ වාසිය සලසා ගන්න එක. එතුමට දෙන ඇමැතිකම හරියට කරගන්න බැරි වුණාට පැත්ත මාරු කරන එක නම් හොඳට කරන්න පුළුවන්. අද නිදහස් පක්ෂයේ සමගිය ගැන ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙන්නේ අපේ පැත්තට උඩින් පාත්වෙච්ච පැරෂුට්කාරයන්ට තමයි.
අපිට මතකයි එතුමා ඉස්සර එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ මහින්ද මහත්තයා විවේචනය කරමින් හම්බන්තොට වරායට කියපු දේවල්. ඒක පොකුණක් කිව්වා, ඒකේ ගලක් තියෙනවා කිව්වා, ලොකු නැව්වලට එන්න බැහැ කිව්වා. අන්තිමට මොකද වුණේ? මහින්ද මහත්තයාගේ කකුල් අල්ලලා වැඳලා සමාව අරන් අපේ පැත්තට එකතු වුණා.
එකතු වෙලා කියනවා හම්බන්තොට වරාය හොඳ ව්‍යාපෘතියක්ලු. ඒ වගේ කෙනෙක් කියන කතා අපි වැඩිය ගණන් ගතයුතු නැහැ. කොහොමටත් ඔය කෑගහන අයියලාගේ දේශපාලනය ලබන මහ ඡන්දයෙන් පස්සේ ඉවරයි. මේ පාරත් පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එක දාලා පෝස්ටර් ගහපු නිසයි.
අපි නිදහස් පක්ෂයේ සමගියට බාධා කළේ නැහැ. අපි කිව්වේ අපිත් එක්ක එකතු වෙනවා නම් ඇමැතිකම් අතහැරලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා එන්න කියලයි. ආණ්ඩුවෙන් ඉවත් නොවී සන්ධානගත වෙන්න බැහැ කියලයි අපි කිව්වේ. ඒ වගේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් ගහන්න එන්න එපා කියලයි අපි එතුමලට කිව්වේ.
එයාලා කරන්නේ ඇමැතිකමෙන් අයින් නොවී අපේ ඡන්දවලින් තමන්ගේ හෙංචයියෝ ටික ප්‍රාදේශීය සභාවට පත්කර ගන්න උත්සාහ කරපු එකයි. දයාසිරි ඇමැතිවරයාට වුණත් හිතෙනවා ඇති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට එකම මන්ත්‍රී‍ කෙනෙක්වත් පත් කරගන්න බැරි වෙයි කියලා. එතුමට එහෙම බය හිතෙන එක සාධාරණයි.
හැබැයි අපි කියන්නේ සමගියට බාධා කළේ අපි නෙමෙයි. ඇමැති කටුවලට ලොල් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් ළඟ වැඳ වැටුණ අය තමයි සමගිය විනාශ කළේ. ඒ අය තමයි පක්ෂය විනාශ කළේ. එයාලට දැන් ඕනේ පක්ෂය විනාශ කරපු පාපකර්මයට අපිවත් හවුල් කරගන්නයි. ඒවට අපි ඉඩ තියන්නේ නැහැ.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි

කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..



රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ(ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ මහතා ප්‍රශ්න කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.
ඔහුගේ ෆේස්බුක් සටහන..
“Will there be a Commission to investigate the spectrum fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued to Maharaja’s by an institution under the President?”
මුහුන්දන් මහතා පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.
මුහුන්දන් මහතා වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.
එකල ඔහු පැවසුවේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා කළ දැනුම්දීමකට අනුව තමන් ඉවත් වන බවයිග
කෝටි දහසක සංඛ්‍යාත ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වෙත නිසි ක්‍රමවේදයට පිටින් ලබාදීම හරහා කෝටි 300 ක් රජයට අහිමි කර ඇතැයි දිගින් දිගටම විටින් විට චෝදනා නැගුවත් මෙලෙස සෘජුව ජනාධිපතිවරයා ඉලක්ක කර අභියෝග කිරීම සුවිශේෂී කාරණයකි
මූලාශ්‍රය මෙතැනින්

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යහපාලනයේ අවසානය එසේ සනිටුහන් වේද? Srilanka-politics

යහපාලනයේ අවසානය එසේ සනිටුහන් වේද?
======================================

2005 ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵල නිකුත් වන මොහොතේම ඒ වනවිට මෙරට අග්‍රාමාත්‍ය හා තව ටික දිනකින් මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස දිව්රුම්දීමට සූදානමින් සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ මීලඟ ආරක්ෂක ලේකම් තනතුර සිය එක කුස උපන් මලණුවන් වූ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබාදීමට තීරණය කර තිබිණි.

එනයින් සිව්වසරක් යාමට මත්තෙන් දශක තුනක් තිස්සේ  මෙරට ජන ජීවිතයට කණකොකා හඬවමින් රටේ සංවර්ධනය මුලුමනින්ම නවතාලමින් රටම මරබියේ ගිල්වමින් තිබූ රුදුරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමක් තුලින් ලොව මුලින්ම මුලිනුපුටා දමන ලද අභීමානනීය ජාතියක් ලෙස අප ලෝක ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවිණි. මෙයට පුරෝගාමී දායකත්වක් සැපවූවන් අතර අප කතානායක හිටපු ආරක්ෂක ලේකම් හා ජනපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහළින්ම ලියැවී ඇත.

වරෙක එවකට හිටපු හමුදාපති හා වර්තමාන ෆීල්ඩ් මාර්ෂල් වත්මන් රජයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කලේ යුද්ධය සාර්ථක කර ගැනීමට එය කෙලින්ම මෙහෙයවූ එවකට ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති සොහොයුරා වීම තුල වැඩි වාසී ගණනාවක් තමන් ඇතුලු එවකට ත්‍රිවිධ හමුදා මෙන්ම පොලිසි, සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරීන් සියල්ලම විඳ ඇති බවයි. ඒ රටේ සේනාධීනායකයාට දවසේ ඕනෑම මොහොතක කෙලින්ම ඇමතිය හැකි වාතාවරණයක් හිටපු ආරක්ෂක ලේකම් හට තිබූ බවත් එවැනි සම්බන්ධතා මානුෂීය මෙහෙයුමදී හෝ යුද්ධයකදී ඉතා වැදගත් සාධනීය ලක්ෂණයන් බව හිටපු යුධ හමුදාපතිවරයා තව දුරටත් පවසා සිටියේය.

තමා එක්සත් ජනපදයේ සිට සිය සොහොයුරාගේ දැඩි ඉල්ලීම පරිදි මෙරටට පැමිණ ඔහු බාරදුන් කර්තව්‍යය අකු2රටම ඉටුකරමින් මානුෂීය මෙහෙයුම අවසානයේ තම දැණුම, මනා පරිනත කළමණාකාරීත්වය හා මනා දැක්ම තව දුරටත් මෙරටට ලබාදීමේ අරමුණෙන් තම ජනාධිපති සොයුරා ආරක්ෂක ලේකම්ධූරයට අමතරව ලබාදුන් නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් තනතුරද හුදෙක් තම රට වැසියාට අවශ්‍ය නියම වෙනස හඳුනාගනිමින් නව තාක්ෂණය, තරුණ ජවය සමග මුසු කරමින් කොළඹ නගරයෙන් ආරම්භ කල ඒ වෙනස ගම්දනව් හරහා මුලු රටටම ඇදී ගියේය. 

එතෙක් යුධ හමුදාවේ සිටි දක්ෂ නිළධාරින් මෙන්ම සෙබලුන්ගේද උපදෙස් හා සහයෝගය ලබාගනිමින් 2015/6 වසරේ ආසියාවේ අළංකාරතම නගරය කොළඹ පත්වෙත්දී ශරීර සුවතා මංතීරූ, පැරණි ගොඩනැගිලි අළංකාර ලෙස යලි නිමැවෙන විට, අති නවීන සාප්පු සංකීර්ණ, උද්‍යාන, පදික වේදීකා පමණක් නොව රටටම අවැසි ආකල්පමය වෙනසක් ද ඇති වෙමින් තිබුණි. ඒ කහ ඉරෙන් පමණක් පාර හරහා මාරුවීම, බුලත් කෙළ තැන් තැන් වල ගැසීමෙන් වැළකීම, වාහන බඳ පටි අනිවාර්යයෙන්ම පැළදීම වැනි අති සුවිශේෂී කරුණු හේතුවෙන් පෞද්ගලිකව මටද බොහෝ විදේශිකයන් පවසා ඇත්තේ සිංගප්පූරුව හා සමාන ලෙස මෙරට වටපිටාව, මහාමාර්ග පිරිසිදු බවයි. මෙම සෑම ඇගයීමකම වැඩි ගෞරවය හිටපු ආරක්ෂක ලේකම් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිතැතින්ම හිමිවිය යුතුය.

එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදී සංවිධානයේ අන්තර්ජාතික නායකයා හා එම සංවිධානයට අවි ආයුධ සැපයීම සම්බන්ධීකරණයේ මුල් පුරුක කුමරන් පත්මනාතන් හෙවත් කේ.පී වරක් පුවත්පතකට පවසා සිටියේ මලයාසියාවේදී තමා අත්අඩංගුවට පත්වූ පසු කොළඹට ගෙනයයවා යැයි තමා දැනගත්විට අතිශය බියක් තමාට දැනුනු බවත් ඒ ඔවුන් ඒවන විටත් මානූෂීය මෙහෙයුමෙන් පරාද වී තිබීබ හා ශ්‍රීලාංකිකයන්ට විශාල ජීවිත මෙන්ම දේපළද අහිමි කර තිබීම නිසා ඔවුන් වෛරයෙන් පසුවනු ඇති බවත් සිතීමයි. නමුත් ලංකාවට රැගෙන ආපසු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිළ නිවසේදී හමුවූ මොහොතේ ඔහුගේ එම බය පහව ගොස් ඇත්තේ එතුමාගේ නිවසේ තිබූ බුදු පිළිම හා ශාන්‍ත ස්වභාවත් එතුමාගේ කතා විලාශය අනුව යැයි  කේ.පී විසින්ම එම පුවත්පතට පවසා ඇත.

මත් වතුර වලින් තොරවීම, නිර්මාංශාහාර, බුදු දහමේ නිවැරැදි කෝණ නිසි ලෙස ස්පර්ශ කිරීම වැනි කරුණු කාරණා මෙන්ම යූද හමුදාවේන් ලෑබූ ශික්ෂණය, විනය, ආකල්ප වාගේම වේලාවට වැඩ කිරීම, ඕනෑම කාර්යයක් මුල සිට අවසානය දක්වා මෙහෙයවීම, මනා සැලසුම් කිරිමේ හැකියාව වැනි අති උතුම් ගති පැවතුම් වකින් හෙඹි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම පියාණන් සිහිවීම පිණිස ඉඳිකල ස්මාරකයක් ඉඳිරියට දමමින් කිසිදු පදනමකින් තොර හේතු ඉදිරිපත් කර අත්අඩංගුවට ගැණීමට පිඹුරු පත් සැකසීම හා එයින් එතුමාණන්ගේ චිත්ත පීඩාවට පත්කිරීමම යහපාලනයේ අවසානයද වනු නොඅනුමානය.

නිවන්ත ප්‍රනාන්දු



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එජාපය, JVP-TNA සමග ආන්ඩුවක් හදන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යන්න කියයි srilanka-politics

එජාපය, JVP-TNA සමග ආන්ඩුවක් හදන්න සූදානම්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවෙන් යන්න කියයි..



එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් සෑම සදහා මේ වන විට සියළු සාකච්චා කර ඇති බවත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව පළාත් පාලන මැතිවරණයට තරග වදින්න අදහසක් ඇත්තේ නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් එක්සත් ජාතික පක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දන්වා සිටී.
මේ වන විටත් ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීම සදහා දෙමල සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්චා කරමින් සිටින බවත් එජාප මන්ත‍්‍රීන් සදහන් කරති.
ඔවුන් ඇමති ධුර නොගෙන විපක්‍ෂයේ හිදිමින් ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානමින් සිටින බවත් ඔවුන් සදහන් කරති.
ඒ අනුව මහ ආණ්ඩුව රනිල් සමගත් පුංචි ආණ්ඩු මහින්ද සමගත් කරගෙන යාමට අදහසක් ඇත්තේ නම් කිසිසේතම ඊට ඉඩදිය නොහැකි බවත් එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පුංචි ආණ්ඩු 93ක් සදහා මැතිවරණය කැදවෙයි.. නාම යෝජනා බාර ගැනීම අනිද්දා සිට..කෙසේ වෙතත් ආන්ඩුට අවාසිදායක කොට්ටාශ වල මැතිවරණයට දිනයක් තවම නැත srilanka-politics

පුංචි ආණ්ඩු 93ක් සදහා මැතිවරණය කැදවෙයි.. නාම යෝජනා බාර ගැනීම අනිද්දා සිට..කෙසේ වෙතත් ආන්ඩුට අවාසිදායක කොට්ටාශ වල මැතිවරණයට දිනයක් තවම නැත



අධිකරණයෙන් වාරණ නියෝග නිකුත් කර නැති පළාත් පාලන ආයතන 93ක් සදහා මැතිවරණය පැවැත්වීම සදහා නාම යෝජනා කැදවීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව අනිද්දා 27 දිනයේ නාම යෝජනා කැදවීමේ දැන්වීම් ප‍්‍රසිද්ද කරන බවත් ඉන් පසු එදින සිට දින 14 ක් තුලදී නාමයෝජනා බාර ගන්නා බවත් කොමිසම සදහන් කරයි.
මැතිවණ කොමිසම විසින් අද පස්වරැුවේ පැවති විශේෂ හමුවකදී මෙම තීන්දු ගත් බව මැතිවරණ කොඹිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
අභියාචානාධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය බලපාන්නේ පළාත් පාලන ආයතන 203 කට බවත් සෙසු පළාත පාලන ආයතන 133 සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ගැසට් නිවේදනයේ ඇති මුද්‍රන දෝෂයන් හේතුවෙන් ඉන් පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීම කල් යන බවද ඔහු පැවසීය.



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

තව දුරටත් සිංහලයන් සමග එකට ඉන්න බෑ.. ජාතික කොඩිය ඔසවන්න අපට බල කරන්න එපා..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන්

තව දුරටත් සිංහලයන් සමග එකට ඉන්න බෑ.. ජාතික කොඩිය ඔසවන්න අපට බල කරන්න එපා..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන්


ජාතික ධජය ඔසවන්නැයි උතුරේ ජනතාවට බල කිරීම නුසුදුසු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ‍්‍රිධරන් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
‘සිංහල හා දෙමළ භාෂාවන් දෙකම රාජ්‍ය භාෂා වුණත් අපට ලිපි ලැබෙන්නේ සිංහලෙන්. උතුරේ සියලුම රැස්වීම් සංවිධානය කරන්නේ සිංහල භාෂාවෙන්.
මට ඊයේ ලිපියක් ලැබුණා ඒකත් සිංහලෙන් එවලා තිබුණේ.
ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යාලයක් උතුරු පළාත තුල ස්ථාපිත කරන්නැයි මම අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළා. නමුත් තවම නිසි ප්‍රතිචාරයක් නෑ.
නිදහස ලැබිලා අවුරුදු හැත්තෑවක් අප සිංහල ජනතාව සමඟ එකට සිටියත් තවත් තවත් බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා.
උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා දේශපාලඥයෙක්. ඔහු හැමවිටම පළාත් සභාවට විරුද්ධව කටයුතු කරන්නේ. ඔහු ජාතික ධජය ඔසවන්න යයි බල කරනවා. අපිට අපේ අභිමානයක් තියෙනවා. ජාති කොඩිය ඔසවන්න බල කිරීම සුදුසු න’ යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.


ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බය නැති අගමැති යයි බොරුවට පෝස්ටර් නොගසා බය නැත්නම් මැතිවරණය කැදවනු. Srilanka-politics

බය නැති අගමැති යයි බොරුවට පෝස්ටර් නොගසා බය නැත්නම් මැතිවරණය කැදවනු..



බය නැති අගමැති යයි රට පුරා බොරැවට පෝස්ටර් නොගසා බය නැත්නම් චන්ද තියන්නයි ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.
මේ බව සදහන් කරමින් ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
බය නැත්නම් චන්ද තියන්නයි අප ආණ්ඩුවට අභියෝග කරනවා.
බය නැති අගමැති යැයි රට පුරා පෝස්ටර් ඇලෙව්වාට ආණ්ඩුව ජනතාවට කොතරම් බයදැයි පළාත් පාලන චන්දය කල්දමාගනීමට කරන උප්පරවැට්ටි දකින විට ඉතා පැහැදිලිය.මේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට දහසක් පොරොන්දු දෙමිනි.එලෙස පැමිණි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය කරමින් සිටිනවා විනා එහි චිරස්ථිතිය සඳහා කර ඇත්තේ කුමක්ද?පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති අයෙකු අගමැති ධූරයට පත්කරමින් ආරම්භ කළ මේ දූෂණ ක්‍රියාව දැන් එහි උපරිම අවස්ථාවට පැමිණ තිබේ.ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කිරීම තරම් තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් නැත.ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන්නේ ඒ හරහා බැවිනි.ප්‍රජාතන්ත්‍රවාදයේ කෙළවර යනු එකාධිපතිත්වයේ ,ආරම්භයයි.
ආණ්ඩුව මාධ්‍ය හමුවේ කුමන වහසි බස් දෙඩුවද අද ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී හමාරය.ඇත්ත වශයෙම්න්ම ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන්නට පටන් ගත්තේ 2015 ජනවාරි 09 දාය.මේ රටේ බහුතරය එදා සිට සිටින්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඊකාබද්ධ විපක්ෂය සමගය.ආණ්ඩුවා නොයෙකුත් හේතු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමමින් සිටින්නේ ඊට මුහුණ දීගත නොහැකිවය.මෙහිදීද ආණ්ඩුව කරමින් සිටින්නේ තම බලය හා වරප්ප්‍රසාද  රැක ගැනීම සඳහා පොඩි මිනුසුන් කඩේ යැවීමය.යම් හෙයකින් ඡන්ඳය පවත් වුවහොත් ඉන් ලබන පරාජය තම තමන්ගේ තනතුරු ,වරප්ප්‍රසාද හා සැප සම්පත් අහිමි කිරීමේ පළමු පියවර වන බව ආණ්ඩුවේ නායක කාරකාදීහු ඉතා හොඳින් අවබෝද කරගන ඇත.එනිසා ඔවුන් පුංචි මිනිහාට ජනතා නායකයන් වීම මෙන්ම ඔවුන් තෝරා යැවීමට ජනතාවට ඇති අයිතිය බර පතල ලෙස උල්ලංගනය කරමින් සිටී.
මෙහි ඇති ලොකුමබොරුව වන්නේ ඡන්ද කල් දැමීමට සියලු දෙනා විරුද්ධ බව පෙන්වීමය.චාන්ද කල් දැමීමට මුලදී එළිපිට ආණ්ඩුව සමග සිට ගත් ජනතා විමුක්ති පෙරමුණ ද දැන් චන්ද කල් දැමීමට විරුද්ධය.එජාපය හා ශ්‍රිලනිපයද එකිනෙකා හා චෝදනා එල්ල කර ගනිති.දන්වන විට ආණ්ඩුව පෙන්වීමට උත්සාහ කරම්න් සිටින්නේ චන්ද කල් යන්නේ අධිකරණය නිසා බවය.එහෙත් ජනතාවට බොරු කිරීමට ආණ්ඩුවට  නොහැකිය.
ලොව කුප්‍රකට ඒකාධිපතියෙකු වූ හිට්ලර් ද බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයකිනි.මේ ආණ්ඩුවද දැන් යමින් සිටින්නේ එවැනි ගමනකදයි අපට සාධාරණ සැකයක් තිබේ.මන්ද යත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලන්ගනය කරමින් සිටින්නේ පරජාතන්ත්‍රවාදයේම අංග ලක්ෂණ උපයෝගීකර ගනිමින් බැවිනි..පළාත් පාලන චන්ද විමසීම තබා ගත නොහැකි ආණ්ඩුව පළාත් සභා හෝ මහා මැතිවරණ පවත්වනු ඇතයි අපට කිසිදු විස්වාශයක් නොමැත.එය එසේ නොවන්නේනම් අප ආණ්ඩුවට අභියෝග කර සිටින්නේ නීතියට හෝ වෙනත් කරුණුවලට  මුවා නොවී හැකිනම් පලාත්පාලන චන්දය පවත්වන ලෙසය.කෙසේවෙටත් මෙලෙස දිගින් දිගටම ජනතාවගේ චන්ද අයිතිය උදුරා ගැනීමට එකාබද්ධ විපක්ෂයේ අප ඉඩ නොතබන බව අවධාරණය කර සිටින අතර ජනතාවට මතක් කර සිටින්නේ ඔබේ අයිතිය වෙනුවෙන් මේ දූෂිත ආණ්ඩුව පලවා හැරීමට පෙළ ගැසෙන ලෙසය.
ප්‍රසන්න රණතුංග
කැදවුම්කරු
ඒකාබද්ධ විපක්ෂය



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network