සෑර්….කියු පොලිස්පති ගොඩ යයි…සාගල දොට්ට දැමු කුජීත මෙහෙයුම පසුපස මෛත්‍රීපාල අණ්ඩයාත්(Video)

සෑර්….කියු පොලිස්පති ගොඩ යයි…සාගල දොට්ට දැමු කුජීත මෙහෙයුම පසුපස මෛත්‍රීපාල අණ්ඩයාත්(Video)


පොලිස්පති පුජිත් ජයසුන්දර මාධ්‍ය කැමරා සහ මයික්‍රපෝන ඉදිරියේම මාධ්‍යවේදීන්ට පටිගත කරගත හැකි වන ලෙස නීතිය සහ සාමය පිළිබඳව අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී සාගල රත්නායකගේ ඇමතුමට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් පිලිතුරු ලබා දි ඇත්තේ උවමනාවෙන්ම අමාත්‍යවරයා අමාරුවේ දැමිමට බවට පොලිස්පතිවරායාම කල ප්‍රකාශයක් හරහා අනාවරණය වි ඇති බවට අප කල අනාවරණය තවදුරටත් තහවුරු කරමින් එම කුමන්ත්‍රණය පසුපස සිටින තවත් කිහිප දෙනෙකුම අද අනාවරණය වි තිබේ.

ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ න්‍යායාචාරවරයා ලෙස කටයුතු කරමින් රනිල් අගමැතිකමින් එලවා දමා එජාපයේ බලය ඇල්ලිමට මාන බලමින් සිටින ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පෙනී සිටින නීතිඥ ශිරාල් ලක්තිලක හදිසියේම් කර ඇති ප්‍රකාශයෙනි. එම ප්‍රකාශයට අනුව අනිවාර්යෙන් සාගල රත්නායක එම ධුරයෙන් ඉවත් විය යුතු බවයි ශීරාල් අවධාරණය කර ඇත්තේ.

පොලිස්පති පුජිත් ජයසුන්දර ඉවත්කිරිම සදහා අවස්ථා ගණනාවක අගමැති රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක කුමන්ත්‍රණය කරමින් සිටි අතර පසුව සිරිසේන සමග සමීපව කටයුතු කල පුජිත සාගල එම අමාත්‍යාංශයේන් ඉවත් කිරිම සදහා කුමන්ත්‍රණයක් දියත් කල බව අප මිට පෙර අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.සාගලට පා පාහරක් ගැසිම් හරහා රනිල් එලවාදැමිමේ සටන වෙගවත් කල හැකි බව  ‘වොටර්ස් එජ් ටීම්’ කණ්ඩායම තිරණය කර තිබේ.

ප්‍රශ්නය – ඔබ හිතන්නේ කවුද පොලිස්පතිවරයාට ඇමතුම දුන්නේ

පිළිතුර – අනුමානය කල හැකියි ඒ නිතිය හා සාමය පිළිබද ඇමතිවරයා.පොලිස්පතිවරයා සර් කියනවා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා.නිලමේ ගැනද කියලා අහනවා.මෙහෙම ඉංග්‍රීසියෙන් කතා කරන අතලොස්සක් ඉන්නේ.අපට අනුමාන කරන්න පුළුවන් මේ නිතිය සහ සාමය පිළිබද ඇමතිවරයා.

ප්‍රශ්නය – යහපාලනය ගැන ඔබට දැන් සතුටුද

පිළිතුර -යහපාලනය ගෙනාපු අය නෙමේ දැන් මෙතන ඉන්නේ.ඒ අය හොරු එක්ක ඩිල් දානවා හම්බකරනවා.ඒ අයට යහපාලනය ගැන හැගීමක් නැ.

ප්‍රශ්නය – ඒ කියන්නේ හොරු අල්ලන්නේ නැ කියලා හිත හදාගන්නද කියන්නේ

පිළිතුර – අපි එහෙම කියන්නේ නැ.අපි ඉන්නේ ඒ දේ කොහොමත් කරන්න.දැන් රටට පැහැදිලියි මේවා සිදු නොවෙන්න ඩිල් දාන්නේ කවුද ඩිල් කාරයෝ කවුද කියල.දැන් අපිට ලේසියි දේශපාලනිකව තීන්දුවක් අරන් මේ අයව පරාජය කරලා දාන්න

ප්‍රශ්නය – ඔබතුමා හිතන විදිහට කවුද ඉල්ලා අස් වෙන්න ඕනේ

පිළිතුර – අපිට අනුමානයක් තියෙනවා මේ නිතිය සහ සාමය පිළිබද ඇමතිවරයා කතා කලේ කියල.ඔහු එසේ කරානම් අනිවාර්යෙන් ඔහු ඉල්ලා අස විය යුතුයි

ප්‍රශ්නය – පොලිස්පතිවරයා

පිළිතුර – තවම නැහැ.ඔහුට අවස්ථාවක් තිබෙනවා.අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවද නැද්ද තීරණය මත ඔහුගේ අනාගතයත් තීරණය වෙනවා.ඔහුට දැනටම අවස්ථාව තියෙනවා වැරැද්ද නිවැරදි කර ගන්න.ඒ වැරදි කරුවන් අත්අඩංගුවට ගෙන. දුරකථන ඇමතුම දුන් පුද්ගලයට කිසිම සමාවක් නැ.ඔහු ඉල්ලා අස්විය යුතුයි.

ප්‍රශ්නය – එතකොට ජනාධිපතිතුමාගේ ස්ථාවරය මොකද්ද හොරු අල්ලන එක ගැන

පිළිතුර -ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලියිනේ.මිට කලිනුත් විශේෂ ප්‍රකාශයක් කරා නිතිය හරියට ක්‍රියාත්මක නොකරන්න තියෙන බාධා ගැන.දුෂිතයන්ට දඩුවම් දීමට ජනාධිපතිතුමා පැහැදිලි ස්ථාවරයක සිටිනවා.අදාල ආයතන ක්‍රියා කරන ආකාරය ගැන ජනාධිපතිතුමා කල ප්‍රකාශය අද බොහොම පැහැදිලිව ඔප්පු වෙනවා.දුෂිතයන් රකිමින් අදාල ආයතන කටයුතු කරන විදිහ පැහැදිලිව මේ සිදුවීම් වලින් ඔප්පු වෙනවා එදා සමාජය ඉදිරිපිට ජනාධිපතිවරයා දුෂිතයන් රකින උදවිය පිළිබදව හෙළි කල කතාව ඇත්ත බව.

අදාළ සම්මුඛ සකාච්ජාවේ වීඩියෝ පටය පහතින් නැරබිය හැක



සෑර්....කියු පොලිස්පති ගොඩ යයි..... di lnwtoday
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network