ඇමති මහින්ද සමරසිංහගේ ලේකම් රජයේ වාහනයක් හොරකම් කර විකුණයි.. අධිකරණයෙන් විසි ලක්‍ෂයක් දඩ ගහයි.. සිර දඬුවම් නියමයි. ( srilanka-politics )

ඇමති මහින්ද සමරසිංහගේ ලේකම් රජයේ වාහනයක් හොරකම් කර විකුණයි.. අධිකරණයෙන් විසි ලක්‍ෂයක් දඩ ගහයි.. සිර දඬුවම් නියමයි..



2004 මාර්තු මස 31 දා හිටපු ව්දේශ සේවා කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බධිකරන ලේකම් ලෙස කටයුතු කල නවීන්ද කාරියවසම් නැමැත්තා විසින් ව්දේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් 250-7681 දරන නිල් පැහැති ඩබල් කැබි රථය ඔහු නිවසට යමින් සිටියදි සුදු පැහැති වෑන් රථයයක් මග හරස් කොට එයින් බැස ගත් ආයුධ සංන්නද්ධ සිව් දෙනෙකු විසින් මංකොල්ල කෑ බවට බොරු පැමිණිල්ලක් පොලිසියට කොට තිබුනි.

වසරකට පමණ පසු 252-4600 ලෙස අංක තහඩුව වෙනස් කොට නිල් පාට වෙනුවට රතු පැහය යොදා එම රථය විකිණීමට යෑමේදී පොලිසිය විසින් එම වාහනය අත් අඩංගුවට ගෙන තිබුනි බව නඩු ගොනුවේ තවදුරටත් සඳහන් වේ.

විත්තිකරු වන අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බධිකරන ලේකම් ලෙස කටයුතු කල නවීන්ද කාරියවසම් නැමැත්තා හොර රහසේ විදේශ ගතවීමට උත්සහ කිරීමේදි අත් අඩංගුවට ගෙන තිබු අතර පසුව එම සම්බධිකරන ලේකම් විසින් ඔහු මානසික රෝගයකින් පෙලෙන බවට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් තිබු අතර එම වෛද්‍ය වාර්තාව ද ව්‍යාජ එකක් බව හෙලි වී ඇත.

එසේ තිබියදි චෝදනා ලැබු අමාත්‍ය සම්බධිකරන ලේකම් ලෙස කටයුතු කල නවීන්ද කාරියවසම් චෝදනාවන්ට වරද පිලිගන්නා බව විත්තිකාර වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අධිකරණය නියෝග කරනු ලැබුවේ වසර 10කට අත් හිටවූ වසරක සිර දඩුවමක් හා මුදලින් රුපියල් ලක්‍ෂ 20ක දඩයක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් වසර පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කලේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network