බැසිල් නිසා ඒකාබද්ද විපක්‍ෂයේ දෙදරීමක්..? (srilanka politics )

බැසිල් නිසා ඒකාබද්ද විපක්‍ෂයේ දෙදරීමක්..?



ආණ්ඩුවට හිතවත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිදු දෙදරීමක් නැති බවත් දෙදරීම ඇත්තේ ආණ්ඩුවේ බවත් ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිදු දෙදරීමක් නෑ. දෙදරීම ඇත්තේ ආණ්ඩුවේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරීමක් ඇතැයි පවසමින් ජනතාව නොමග යැවීම සදහා ආණ්ඩුව තමන් සතු මාධ්‍ය උපයෝගී කර ගනිමින් පුඵල් ප‍්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද(06) දිනමින පුවත් පතේ ප‍්‍රධාන පුවත ලෙස එවැනි පුවතක් පල කර ඇත. එහි සදහන් වන්නේ පසුගිය 04 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙඵම් පොකුණ මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති. ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ක‍්‍රියාමාර්ග ඵීවේචනයට ලක් වීමෙන් පසු එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බවයි.

මෙම පුවත සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා සාවද්‍ය පුවතකි. පසුගිය ඉරිදා (04) නෙඵම් මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී හෝ වෙනත් ස්ථානයකදී ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමක් නොපැවැත්වුණු බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ලෙස ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි. එමෙන්ම එදින මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සිටියේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැඩ සටහන් කිහිපයකට සම්බන්ධ වෙමිනිි. ඒ නිසා එතුමාගේ ප‍්‍රධානත්වයෙන් එවැනි රැුස්වීමක් පැවැත්වූ බවට පල කර ඇති තොරතුරුද වැරදිය.

ආණ්ඩුව මෙවැනි පුවත් මවන්නේ ඒකාබද්ධ විපක්‍ෂයට ඇති බිය නිසාය. දෙදරා යමින් ඇත්තේ. ඒකාබද්ධ විපක්‍ෂය නොවේ ආණ්ඩුවයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි එකා වන්ව ආණ්ඩු විරෝධී ක‍්‍රියාමාර්ග වල නිරතව සිටිමු. ඒකාබද්ධ විපක්‍ෂයේ අපිට ඇත්තේ එක අරමුණකි. ඒ මේ වත්මන් යම පාලන ආණ්ඩුව ගෙදර යැදීමේ අරමුණයි. ඒ පිළිබදව අපට මතබේද නැත. ඒ නිසා අපි ඒ අරගලයේ එකාවන්ව නිරතව සිටිමු.

වත්මන් යමපාලන ආණ්ඩුව ගෙදර යැවීම සදහා ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමේ සාකච්ඡ අප දැනටමත් ආරම්භ කර තිබේ. විවිධ හේතු මත කලකිරී සිටින ආණ්ඩුවේ ඇතමුන්සමග අප පවත්වමින් සිටින සාකච්ඡ ඉතා සාර්ථක බවත්, සුදුසුම මොහොතේදි ඔවුන් අපට එක් වීමට කැමැත්තෙන් සිටින බව පමණක් මෙහිදී අවධාරණය කරමි.

දිනෙන් දින ආණ්ඩුවට එරෙහිව රට තුල පැතිරෙමින් තිබෙන ජනතා විරෝධය නිසාත්, ඒකාබද්ධ විපක්‍ෂයට ලැබෙන ජනතා ප‍්‍රසාදය නිසාත් කලබලයට පත්ව සිටින ආණ්ඩුවෙන් ගැත්තෝ උත්සාහ දරන්නේ. බොරු ගොතමින් ජනතාව අතර, අප පිළිබද ඇති මතවාදයන් වෙනස් කිරීමටය. බොරු ප‍්‍රවෘත්ති මැවීම එහි එක් උප්පරවැට්ටියකි. මෙවැනි උප්පරවැට්ටි වලින් ආණ්ඩුව රැුකගත නොහැකි බවත්, මෙවැනි උප්පරවැට්ටි වලට තවදුරටත් ජනතාව රැුවටිය නොහැකි බවත්, දැඩි ලෙස අවධාරණය කරමි.

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)
ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network