හවුල් ආණ්ඩු දීගය අවසන්.. ශ‍්‍රිලනිප නවයක් සමග එජාප ආණ්ඩුව සූදානම් ( srilanka-politics )

හවුල් ආණ්ඩු දීගය අවසන්.. ශ‍්‍රිලනිප නවයක් සමග එජාප ආණ්ඩුව සූදානම්..



ඉදිරි දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂ රජයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ ඉතා රහසිගතව සිදු වෙමින් පවතී.

මේ සඳහා දැනට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ සිටින කතානායයක ඇතුළු මන්ත්‍රීවරුන් 106 දෙනාට අමතරව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් වී ඇමතිකම් හා නියෝජ්‍යා අමාත්‍යකම් ලබාගත් 9 දෙනෙකු සහ ඊපිඩිපි සංවිධානයේ පාර්ලිමේන්තුවට පත්වී ආ එහි නායක ඩග්ලස් දේවානන්ද ඇතුලත්ව මන්ත්‍රීවරුන් 10 දෙනෙකු එකතුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මෙයට අමතරව ලංකා කම්කරු කොන්ග්‍රසයයේ නායක ආරුමුගම් තොන්ඩාමන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාදා වෙන වෙනම ආණ්ඩුවට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග සාකච්ඡා වට කිහිපයක් මේ වනවිටත් පවත්වා ඇති බවත් වතුකරයේ තවත් පක්ෂයක් සමඟ පවතින ප්‍රායෝගික ගැටලුව නිසා එය තවදුරටත් ප්‍රමාද වෙමින් තිබු බවත් අවශ්‍ය වුවහොත් එම ගැටලු පසෙක තබා ඔහුනගේ සහයෝගය ලබාගැනීමට කටයුතු සුදානම් බැව් එම ආරංචි මාර්ගය තවදුරටත් සඳහන් කරයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network