අගමැති රනිල් තුම්මුල්ලෙ පද්මෙ වගේ තගෙක් වෙලා.. වරාය සේවකයින්ට සහය දෙමින් ඒකාබද්ද විපක්‍ෂය කළු වෙයි.

අගමැති රනිල් තුම්මුල්ලෙ පද්මෙ වගේ තගෙක් වෙලා.. වරාය සේවකයින්ට සහය දෙමින් ඒකාබද්ද විපක්‍ෂය කළු වෙයි..



හම්බන්තොටදී මාධ්‍යවේදීන්ට සහ වරාය සේවකයින්ට පහර දීමට එරෙහිව කළු පටි පැලද විරෝධතාවයක නිරත වීමට තීරණය කර ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම් කරු ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව ඉදිරි දිනවලදී රූපවාහිනි වැඩසටහන් වලට සහභාගී වන එකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කළු පටි පැලද එම වැඩසටහන් වලට සහභාගී වනු ඇති බවයි.

නාවික හමුදාපති වරයා මාධ්‍යවෙදීන්ට පහරදීම සිද්ධිය එකාබද්ධ විපක්‍ෂය දැඩි ලෙස හෙලා දකින බව පවසන රණතුංග මහතා මෙම පහරදීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කිව යුතු යැයිද අවධාරණය කරයි.  පසුගිය කාලයේදි ජනාධිපතිවරයා හා අගමැති වරයා තරගයට මාධ්‍ය විවේචනය කළ අතර ඇතැම් අවස්ථාවලදි මාධ්‍යයට තර්ජනය කිරීමටද කටයුතු කර තිබුනි. විශේෂයෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමෙන්තුවේදි මාධ්‍යයට බැන වදිමින් හැසිරුනේ තුම්මුල්ලේ පද්මේ නැමති පාතාල නායකයා ලෙසය. මාධ්‍ය නිදහස තහවුරු කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි සහ පාලන ආන්ඩුව අද ඒ පොරොන්දුව මහ දවල් කඩ කරන බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

යහ පාලන ආණ්ඩුව බලයට පත්වීමේදි ප‍්‍රධාන පොරොන්දුවක් වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එහෙත් අද ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලගනය කරති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ උල්ලගනය කිරිමෙන් නොනැවති එය සාදාරණීකරනය කර ගැනීමට ගොස් හත් පොලේ ගා ගනිති. හම්බන්තොට වරායේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ එය බව රණතුංග මහතාගේ අදහසයි.

හම්බන්තොට වරායේ සේවකයින්ගේ සාදාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම ආණ්ඩුවේ යුතුකමක් සහා වගකීමකි. එහෙත් ආණ්ඩුව හිතා මතාම එකි යුතුකම සහ වගකීම අමතක කොට එහි වගකීමද සුපුරුදු පරිදි මහින්ද රාජපක්‍ෂ රජයට බැර කීමට කටයුතු කරමින් සිටියි. ආණ්ඩුවට ඇත්තේ මහින්ද ෆෝබියාව මිස අන් කිසිවක් නොවන බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

වෙනත් අයට චෝදනා කරමින් නොසිට හම්බන්තොට වරාය සේවකයින්ට වහා සාධාරණය ඉටු කරන ලෙසත් මාධ්‍යවේදීයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා සාදාරණ පරික්‍ෂණයක් පවත්වා වගකිව යුත්තන්ට දඩුවම් දෙන ලෙසත් රණතුංග මහතා රජයට අවධාරණය කරයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network