තන්හාය ජායතී සෝකෝ.. දුම්වැටි මිල වැඩි කිරීමෙන් තිබූ ආදායමත් නැතිවෙයි.. බිලියන 50ක බදු අලාභයක් ( srilanka-vat )

තන්හාය ජායතී සෝකෝ.. දුම්වැටි මිල වැඩි කිරීමෙන් තිබූ ආදායමත් නැතිවෙයි.. බිලියන 50ක බදු අලාභයක්



රජය විසින් මෑතකදදී දුම්වැටි මිල ගණන් වැඩි කිරීම නිසා දුම්වැටි අලෙවිය 45%කින් පහල වැටී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

සමගාම පෙන්වා දෙන්නේ පසුගිය මාසයේදී දුම්වැටි අලෙවිය මිලියන 150ක් තෙක් පහත වැටී ඇති බවයි.

මේ තත්වය මත සමාගම විසින් රජයට ගෙවනු ලැබූ මාසික බදු ආදායමද රුපියල් බිලියන 4.2 දක්වා පහත වැටී ඇති බවත් මීට පෙර මාසිකව බිලියන 08කට ආසන්න මුදලක් බදු ලෙස රජයට ගෙවූ බවත් සමාගම කියා සිටී.

මෙම බදු ආදායම් අහිමි වීම වාර්ෂිකව බිලියන 50ක් පමණ වෙයි.

මේ තත්වය මත අහිමි වූ බදු ආදායම් උපයා ගැනීමට තවත් බදු හෝ දඩ පැනවීම් කිරීමට රජය ස්ථිර වශයෙන්ම කටයුතු කරනු ඇතැයි ආර්ථික විශ්ලේඛකයින්ගේ මතයයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network