බිලියන 3.5ක් ජපනා ඉවත් කර ගනී.. සුහද හදක් ඇති දේශීය බැංකුව මහ පොලොවට සමතලා වෙන්න යයි.. (srilanka-politics )

බිලියන 3.5ක් ජපනා ඉවත් කර ගනී.. සුහද හදක් ඇති දේශීය බැංකුව මහ පොලොවට සමතලා වෙන්න යයි..
.
ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව අවලංගු කිරීමත් සමඟ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානම මතුව තිබෙන්නේ අදාළ කොටස් මිලදී ගත් ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා වන මොටොහිකෝ හොම්මා (Motohiko Homma) සිය ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් ඔහු සතුව සෙලාන් බැංකුවේ තැන්පත් කර තිබූ තවත් රුපියල් කෝටි 350 (අමෙරිකානු ඩොලර් මිලියන 25) කට ආසන්න තැන්පත් මුදල ඉවත් කර ගැනීමට ගෙන ඇති තීරණය නිසාය.

මේ පිළිබඳව වාර්තා කරමින් මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එකවර මෙතරම් මුදලක් සෙලාන් බැංකුව වෙතින් ඉවත් කර ගතහොත් එය බැංකුවට දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවය.

ජපන් ව්‍යාපාරික හොම්මා අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි. හොම්මා මෙම ගනුදෙනුව සඳහා ඉදිරිපත් වී ඇත්තේ සෙලාන් බැංකුවේ ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවකු වන පී. ගුණසේකර නම් මෙරට ව්‍යාපාරිකයකුගේ ඉල්ලීම පරිදිය. ගුණසේකර නම් ව්‍යාපාරිකයා හොම්මාගේව්‍යාපාරික සහකරුවකු වන අතර ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරයක් වන පැසිපික් ටර්බයින් බිස්බන් සමාගමේ 19%ක කොටස් හිමිකරුවෝ ද වෙති. ඒ අනුව සිය ව්‍යාපාරික සගයාගේ ඉල්ලීම මත මෙම කොටස් මිලදී ගැනීම සඳහා හොම්මා යොමු වී ඇත්තේ ඔහුට අයත් අසීර් ඇන්ඩ් නෙක් (පෞද්) සමාගම හරහාය. එම සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කර ඇති සමාගමකි.

අප වෙත වාර්තා වන අන්දමට ඉදිරියේදී තවත් ආයෝජන කිහිපයක් වෙනුවෙන් ද මැදිහත් වීමට අපේක්ෂා ඇතිව හොම්මා මහතා අදාළ ගනුදෙනුව සඳහා ඉදිරිපත්ව ඇති අතර ඊට අමතරව සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය ගැනීමේ පෞද්ගලික ළැදිකමක් ද ඔහුට තිබී ඇත. ගුණසේකර නම් ව්‍යාපාරිකයා ද සිය සගයාට කොටස් වෙළෙඳපොළේ ඇති ලංකා බැංකුවට අයත් 7.5% කොටස් පිළිබඳ දැනුම් දී ඇත්තේ ඒ අනුවය.

කෙසේ වුවත් මේ ගනුදෙනුව අවලංගු කරන ලෙස දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එහි දී වැඩිදුරටත් කියවුණේ ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 විකුණා දැමීමට අදාළ ගනුදෙනුවේ දී බරපතළ වංචාවක් සිදුව ඇති බවට ලැබුණු ආරංචියකට අනුව අග්‍රාමාත්‍යවරයා අදාළ තීරණය දැනුම් දුන් බවය.

එහි දී ලංකා බැංකුවේ අංක 1 ගිණුම යටතේ පැවැති සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය පසුගිය 16 දා විකුණා දමා ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවට සඳහන් කර ගනුදෙනුව නවතන ලෙසට දැනුම් දීම සිදුකර ඇත. එසේම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්පවත්වන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ද නියෝග කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ විය. ඊට අදාළ පසුබිම වාර්තා වන්නේ අදාළ කොටසක් වෙනුවෙන් අධි මිලක් ගෙවීමට ජපන් ජාතික ව්‍යාපාරිකයා කටයුතු කර ඇති නිසාය.

ජපන් ජාතික හොම්මා මෙම කොටස් මිලදී ගැනීම සිදු කරන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර එය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් වී ඇත. ඒ තුළ ලංකා බැංකුව සෙලාන් බැංකුවේ 6 වන විශාලතම කොටස් හිමිකරුවා ද විය. අදාළ මිලදී ගැනීම සිදු වන විට ඒ එක් කොටසක මිල රුපියල් 85.00ක් වන ලෙස සටහන්ව තිබී ඇත. ඒ අනුව හොම්මා මෙම මිලදී ගැනීම සිදුකර ඇත්තේ එක් කොටසක් රුපියල් 100 බැගින් වෙළෙඳපොළ ගනුදෙනු මිලට වඩා රු. 15.00 ක වැඩි මිලකටය.

ඒ අනුව එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ අතර එය මුළුමනින්ම නීත්‍යනුකූලව සිදු වූ ගනුදෙනුවක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම අනුව අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඊට පහසුකම් සපයනු ලැබූ කොටස් තැරැව්කාර සමාගමෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති අතර කොටස් වෙළෙඳපොළ නීති රීතිවලට අනුව එවැනි ඉල්ලීමක් කිරීමට කොටස් තැරැව්කාර සමාගමට අවස්ථාව ඇත. ඒ අනුව එම මැදිහත්වීම ද නීත්‍යනුකූලය. එහෙත් ගැටලු‍ව වන්නේ ඒ පසුබිමේ ඇසෙන අතුරු කතා සමඟ අදාළ ගනුදෙනුව වැළැක්වීමට ගත් පියවර කෙතරම් දියුණු තීන්දුවක්ද යන්න සැලකීමේදීය.

ඒ අනුව මෙම ගනුදෙනුව අවලංගු කරවීම සඳහා අග්‍රාමාත්‍යවරයාට කරුණු දැක්වූ පාර්ශ්ව මෙම ගනුදෙනුවේ යථා තතු ඔහුට ලබා දී නොමැති බව ද වාර්තා වෙයි. ආණ්ඩුවේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ එම ව්‍යාපාරිකයා මේ වන විටත් සෙලාන් බැංකුවේ ප්‍රබල කොටස් හිමියකුගේ ඉත්තෙක් ලෙස දක්වා අදාළ ගනුදෙනුව වැළැක්වීමට අග්‍රාමාත්‍යවරයා උනන්දු කළ පාර්ශ්ව කටයුතු කර ඇති බවය. එහි දී අදාළ ව්‍යාපාරිකයා සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු ව නැති අතර අවම වශයෙන් දෙසැම්බර් 22 සහ 23 යන දිනවල අදාළ ගනුදෙනුව ගැන පැහැදිලි කරදීමට අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හමුවීමේ අපේක්ෂාවෙන් හොම්මා නැවත ශ්‍රී ලංකාවට පැමිණියත් ඒ අවස්ථාවවත් සලසා නැත.

එසේම මෙම කොටස් ගනුදෙනුව වැළැක්වීම පිටුපස පසුගිය සමයේ මූල්‍ය සමාගම් කිහිපයක කොටස් ආන්දෝලනාත්මකව ලබා ගත් ව්‍යාපාරිකයකු සිටින බවත් ඔහු සිය දේශපාලන හිතවත්කම යොදාගෙන මෙම ගනුදෙනුව පිළිබඳ විකෘති අදහසක් අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ගවලට අනුව අදාළ ව්‍යාපාරිකයා ද මෙම කොටස් කෙරෙහි අවධානයෙන් සිට ඇති නමුත් ඔහුට එම අවස්ථාව අහිමිව ගොස් ඇත්තේ ජපන් ජාතික ව්‍යාපාරිකයා කොටසක් වෙනුවෙන් අධි මිලක් ඉදිරිපත් කළ නිසාය.

මේ අතර ජපන් ව්‍යාපාරිකයාට ඔහුගේ ව්‍යාපාරික උපදේශකයන් විසින් තවදුරටත් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු නොකරන ලෙසත් දැනට ඇති ආයෝජන ඉවත් කර ගැනීමටත් උපදෙස් ලබා දී ඇති බව ද දැනගන්නට ඇත. සෙලාන් බැංකුවේ තැන්පත් මුදල් ඉවත් කර ගන්නට හොම්මා කටයුතු තීරණය කර ඇත්තේ ද ඒ අනුවය.

කෙසේ වුවත් රජයේ මෙවැනි තීරණ හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කඩා වැටීමක් සිදු වෙමින් ඇති බවත් එසේම එන්න එන්නම විදේශීය ආයෝජනවල අඩු වීමක් මෙන්ම රජය කෙරෙහි ආයෝජකයන් විශ්වාස නොකරන තත්ත්වයකට රජය පත් වෙමින් සිටින බවත් මේ සම්බන්ධව අදහස් පළ කරන මූල්‍ය විශේෂඥයෝ පවසති.

– සංජය ලියනගේ
සත්හඬ



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රටේ බැංකු සංවර්ධනය සඳහා ජනතාවට ණය දීම නවතයි.. ඒ වෙනුවට ආණ්ඩුවට ණය දෙයි.. පොලිය එදා 6%යි.. අද ආණ්ඩුව ගන්නේ 13%ටයි ( srilanka-politics )

රටේ බැංකු සංවර්ධනය සඳහා ජනතාවට ණය දීම නවතයි.. ඒ වෙනුවට ආණ්ඩුවට ණය දෙයි.. පොලිය එදා 6%යි.. අද ආණ්ඩුව ගන්නේ 13%ටයි



අපේ රටේ බැංකු පද්ධතිය ආරම්භ කලේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට මෙන්ම ජනතාවගේ මුදල් සැකසුරුවම් පුරුදු පුහුණු කරීමටය. විශේෂයෙන්ම රටේ ගොවියා, සුලු කර්මාන්ත කරුවා, සුලු ව්‍යාපාරිකයා, ධීවරයා ඇතුළු මහා පරිමාණයේ කර්මාන්ත සහ ව්‍යවසායකයා දක්වා ඔහුනගේ ආර්ථිකය දියුණු කොට ජිවන තත්ත්වය නගා සිටුවීම අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම ශ්‍රීලංකා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන අරමුණ විය.

2015 රටේ පාලනය වෙන්ස් වූ පසු ජනතාව පැත්තෙන් ඔහුනට සහන සලසා ඔහුනගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කිසිදු සැලකිය යුතු පියවරක් බැංකු ක්ෂේත්‍රයේ ගෙන නොමැත. පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය මෙන්ම හිටපු ආර්ථික ඇමති බැසිල් රාජපක්ෂ සෑමවිටම බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානින් නිරන්තරයෙන් මුණගැසී ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය කුඩා පරිමාණයේ ණය යෝජනා ක්‍රම සඳහා අඩු පොලි අනුපාතය මෙන්ම, විශේෂයෙන්ම වාර්ෂික පොලි අනුපාතය 20% කට වඩා තිබු ප්‍රමාණය තනි ඉලක්කමේ අගයකට ගේන්න එනම් සීයයට 10% අඩු මට්ටමේ පවත්වාගෙන යන්න අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකයේ සෑම අංශයකම විශාල දියුණුවක් 2005 සිට 2014 දෙසැම්බර් දක්වා දක්නට ලැබුණු අතර රටේ සමස්ථ ප්‍රමුඛ ණය පොලි අනුපාතය Prime Lending Rate වාර්ෂිකව 6% දක්වා ගෙන ඒමට එම ක්‍රියාවලිය සමත් විය.

එහෙත් අද වනවිට රටේ සමස්ථ පොලී අනුපාතය පසුගිය වසර 2 ක තුල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රීලංකා මහා බැංකුවේ වාර්තාවලින් පැහැදිලිව පෙන්නුම් කරන අතර මේ වන විට රජය දේශීයව බැංකු මගින් සීයයට 13% ඉක්මවා ණය ගැනීමට පෙලබී ඇත. මේ අනුව සමාන්‍ය ජනතාව සීයයට 17-18% කට නොඅඩුව ණය ගැනීමට නොහැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ සමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ණය දීම අමතක කොට රටේ සියලුම බැංකු, මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙන්දෝ හරහා වැඩි පොලියට ආණ්ඩුවට ණය දීමට පටන්ගෙන ඇත.

මෙම ප්‍රාථමික වෙළෙන්දෝ අතර ඉහළම ප්‍රතිලාභියා බවට පත්වී ඇත්තේ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පර්චුවල් ට්‍රෙසරිස් සමාගමයි (Perpetual Treasuries Ltd) එහෙත් මේ නිසා මේ වනවිටත් අපේ රටේ අහිංසක ගොවියා, පදික වෙලෙන්දා ධීවරයා, ත්‍රිවිල් හිමියා, සුලු කර්මාන්ත කරුවා ඇතුලු සියලු ක්ෂේත්‍රයන් මෙන්ම සියලුම අංශවල ආර්ථිකය ඉතා දරුණු ලෙස කඩාවැටීමෙන් පවතින බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

ශ්‍රීලංකා මහා බැංකුවේ පොලි අනුපාතය ඉහළ යෑමේ සටහන


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විජිත රෝහණගේ අනාවැකිය හරියටම හරි (srilanka-politics )

විජිත රෝහණගේ අනාවැකිය හරියටම හරි



පසුගිය වකවානුවේ මෙරට අතිශය කතාබහට ලක්වූ පුද්ගලයා වුයේ 1987 වසරේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරටට පැමිණි එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාට උත්තමාචාර පෙළපාලියේ දී තම අත රැඳි ගිනි අවියෙන් පහර දුන් විජිත රෝහණ නම් පුද්ගලයා කෙරෙහිය. 

එයට හේතුව වූයේ ඔහු එම ගිවිසුමට එරෙහි වීම හා නිර්භයව එයට විරුද්ධව ක්‍රියාත්මක වීමට හැකිවූ නිසයි.

එයින් දශක තුනකට ආසන්න වෙමින් ඇති මොහොතක ඔහු ජෝතිර්වේදයට පිවිස පලකල දැඩි ආන්දෝලාත්මක අනාවැකි කීපයක් හේතුවෙනි. එයින් මුල්ම අනාවැකිය වූයේ අප අසල්වැසි ඉන්දීය රාජ්‍යයේ 2014 මැයි මස පැවති මහා මැතිවරණයේන් නරේන්දු මූඩී මැතිතුමා ස්ථිරවම ජය ගන්නා බවයි. එය එලෙසම සිදුවිය.

ඉන් පසුව ඔහු පල කල අනාවැකිය වූයේ සමාජවාදයේ මහා හස්තය වූ හිටපු කියුබානු නායක පිදෙල් ක්‍රස්තෝ හට දරුණු අපල කාලයක් 2016 අග බාගයේදි ඇතිවන බවත් ඇතැම් විට ඉන් දරුණු ප්‍රථිඵල වුවද අත් විඳිය හැකි බවකි. එවකට මෙය තරමක් විසුළු සහගත වූවත් එම අනාවැකියද ඉෂ්ඨ වූ බව පසුගිය මාසයේ අපට දක්නට ලැබිණි.

මින් පසුව ඔහු පල කලේ මහත් අන්දෝලනය්කට ලක් වූ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් සියලු දෙනා ජය ගනී යැයි සිතු / කිවූ හිලරි ක්ලින්ටන් පරදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනු ඇති බවයි. ඔහුගේ එම අනාවැකිය සඵල වීමෙන් පසු මෙරට බොහෝ දෙනා තම අවධානය යොමු වූයේ කලකට පෙර ඔහු සඳහන් කල අනාවැකියක් දෙසටය. 

එනම් වත්මන් ශ්‍රිලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එළැඹෙන 2017 ජනවාරි අග භාගයේ මියයන බවයි. දෙබරයට ගල් වැදුනේ ඇමරිකානු ජානාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනිමත් සමගය. 

හුදෙක්ම ප්‍රකාශයක් ලෙස නොව මෙම අනාවැකිය දෙස පුලුල්ව බැලිමේදි අපට පෙනි යන්නේ රටක් අගාධයකට යෑම එම රටේ නායකයාගේ මළගමට පාර කැපීමක් වැනිය. බදු බර අහස උසට යමින් මාධ්‍ය නිදහස් දැඩිලෙස කප්පාදු කරමින් රට බේරාගත් රණවිරුවන්ට අපහාස කර ඔවුන් දැඩිව අසරණ කරමින් ත්‍රස්තවාදී පිල්ලි යුද්ධයෙන් දීනාගැනිමට නොහැකි වූ ඊළාම් සිහිනය ඊනියා ව්‍යවස්ථා සංශෝධ හරහා රට දෙකඩ කිරීමට උත්සුක වන මේ මොහොතේ නිතැතින්ම රාජ්‍ය නායකත්වය පණ අදින තත්ත්වයක හෝ ඇතැයි බුද්ධියක් ඇති කාටත් හැඟේන දෙයකි. රාජ්‍ය නායකයාගේ මූලීක වගකීමක් වන්නේ ඔහු හෝ ඇය පාලනය කරන රට නිවහල් නිදහස් දේශයක් ලෙස ආරක්ෂා කරමින් රට වැසියාට උපරිම නිදහසක් භුක්ති විදිය හැකි පරිසරයක් නිර්මාණය කරදීමයි. 

එදා බටහිර නායකයින් මෙරට තීන්දු තීරණ වලට කෙලින්ම අත පෙවීමට මැලි කමක් දැක්වුයේ මෙරට ජාතිකත්වය තුල බිහිවූ ප්‍රබල නායකත්වයක් ඇති හෙයිනි. නමුදු අද අප රට පත් වී ඇති ශෝචනීය තත්ත්වය දෙස බැලී මෙදී විජිත රෝහණයන් කිව් දේ සත්‍ය වී ඇති බැව් මනාව පිලිඹිඹු වේ. පවුලක හෝ ගෙයක ගෘහ මූලිකයා එම නිවස කම්බස් කරමින් බඩුමුට්ටු හිතූ හිතූ ලෙසට විකුණමින්, වෙනත් පවුලක් හෝ ගෙයක පුද්ගලයින් හට යටත් වී කටයුතු කරන්නේ නම් එම ගෘහ මූලිකයා ජීවත් වූවද මිය ගියා හා සමානය. 

එනයින් බැලූ කල ස්ථාවරත්වයේ ඉණිමං නඟිමින් තිබූ අප ජාතිය උස්සා පොළවේ ගසා රට අරාජික කිරීමට ප්‍රමුඛව වගකිවයුතු රාජ්‍ය නායකත්වය පත්වී ඇති ආකාරය ඔහු මියයෑමටත් එහාය.


යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මෛත‍්‍රී ජනපති වෙලා අවුරුදු දෙකයි.. පම්පෝරිය විතරයි.. කරපු වැඩක් නෑ.. ජනපතිගේ සහෝදර සමාගම හාල් මාෆියාවේ (ස

මෛත‍්‍රී ජනපති වෙලා අවුරුදු දෙකයි.. පම්පෝරිය විතරයි.. කරපු වැඩක් නෑ.. ජනපතිගේ සහෝදර සමාගම හාල් මාෆියාවේ..

Srilanka-politics )
රටට හා ශ‍්‍රී.ල.නි.පයට එක ලෙස ආදරය කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර දෙමුහුන් ආණ්ඩුවෙන් ඉවත් වී පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුවේ සිටින ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන්ට අභියෝග කරයි.

ශ‍්‍රී.ල.නි.ප ආන්ඩුවක් හදන බවට කටින් බතල සිටුවන්නේ නැතිව එය ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට ඔවුනට තවමත් අවස්ථාව තිබෙන බවද රණතුංග මහතා තව දුරටත් පෙන්වා දෙයි.

වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීමට සඳහා මිනුවන්ගොඩ හොරම්පැල්ලේ පැවති. රැස්වීමකදි රණතුංග මහතා මේ බව සඳහන් කලේය.

එක්සත් ජාතික පක්‍ෂය ඵල නොකියා පලා බෙදත්දීත් ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන්ට කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව ඔවුන් සමග ලගින බවත් මේ තත්වය යටතේ ඉදිරි ඔනෑම මැතිවරණයකදි එකාබද්ධ විපක්‍ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බවත් පෙන්වා දුන් රණතුංග මහතා එකාබද්ධ විපක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් තරග වැදි එලබෙන ඕනෑම මැතිවරණයකදි ආණ්ඩුව ස්ථීර ලෙසම පරාජය කරන බවද අවධාරණය කලේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මෙසේද කිවේය. ආණ්ඩුවේ ලැගලා ඉන්න ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන් අද ජනතාව අතර බොරු මතයක් වපුරණවා ශ‍්‍රී.ල.නි.පයේ මහින්ද පාර්ශවයයි මෛත‍්‍රී පාර්ශවයයි ඉදිරි මැතිවරණයෙදි නැවත එකතු වෙනවා කියලා සක්කරයාගේ පුතා වයිමා කිව්වත් ශ‍්‍රී.ල.නි.පය මේ දෙමුහුන් ආණ්ඩුවේ ලැගලා ඉන්න තුරු අපි ඔවුන් සමග එකතුවෙන්නේ නැහැ. ආණ්ඩුවේ ලැගලා ඉන්න ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන් මේ විදිහට ජනතාව අතර බොරු මත වපුරන්නේ ඔවුන්ගේ දේශපාලන බංකොලොත් බාවය වසා ගන්නයි. මොලේ කලදක් තියෙන් කෙනෙකුට මේ ආණ්ඩුවට එකතු වෙනවාද? මොලේ කලදක් තියෙන් කෙනෙකුට මේ ආණ්ඩුවට උදව් කරන්න පුළුවන්ද මේක ජනතාවගේ ආණ්ඩුවක් නෙවෙයි. මේක ජනතාවට වින කරන ආණ්ඩුවක් ශ‍්‍රී.ල.නි.ප ප‍්‍රතිපත්ති රකිනවා යැයි කෑ මොර ගහන ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරු කොහොමද රෙදි ඇදගෙන මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නේ

අපිට විපක්‍ෂයේ ඉදලා පුරුදුයි. හැබැයි සමහර අයට විපක්‍ෂයේ ඉන්න බැහැ බලයට නැතිව ජීවත් වෙන්න බැහැ අද ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් දිහා බලන්න මහින්ද මහත්තයා ඉන්නකන් ‘‘මහා රාජානෝ’’ කියලා දෙපතුල් ලග වැටුන අය අද මෛත‍්‍රී මහත්තයා ලගට ගිහින් මහින්ද මහත්තයට බැන අඩගහනවා. හෙට මහින්ද මහත්තයා නැවත මේ රටේ ජනාධිපති වුනොත් අගමැති උනොත් ඔය කට්ටිය මහින්ද මහත්තයා ලගට ඇවිත් මෛත‍්‍රී මහත්තයාට බනිනවා ඒක ඉර හද වගේ විශ්වාසයි මොකද ඒ අයට ඕනෑ රටට සේවය කරන්න නෙවයි. තමන්ගේ තනතුරු වරප්ප‍්‍රසාද රැුකගන්නයි. මේ වගේ අයව අද ජනතාව හොදට අදුනගෙන ඉන්නේ.

මහින්ද යුගය තමයි මේ රටේ අපේ පක්‍ෂයේත් සුවර්ණමයි යුගය දැන් මෛත‍්‍රීපාල මහත්තයා අපේ පක්‍ෂයේ සභාපති වෙලා අවුරුදු 02 ක් වෙනවා රටේ ජනාධිපති වෙලත් අවුරුදු 02 ක් වෙනවානේ. මොනවාද පක්‍ෂයට රටට කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ගැන මහා ලොකුවට පම්පෝරි ගැහුවට කරපු දෙයක් නැහැ. කරන්නේ බටහිර රටවල හා ඩයස් පොරාව කියන විදිහට නටන එක විතරයි.

මේ ආණ්ඩුවට වැඩ බැහැ පම්පොරි විතරයි. මේ ආන්ඩුවේ මැති ඇමතිවරු අද මහා පරිමානයෙන් කොමිස් ගහනවා. හොරකම් කරනවා. මේ ආන්ඩුව බලයට ආවේ අපි හොරු කියලයි. ඒත් මේ ආණ්ඩුවේ ඉහල ඉදලා පහලටම තියෙන්නේ හොරකම විතරයි. මේ ආණ්ඩුව රටට කරන විනාශයට කවදාහරි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් වග කියන්නේ වෙනවා. ඒකයි අපි කියන්නේ කොන්දක් තියෙන්වානම් ශ‍්‍රී.ල.නි.පය දැන්වත් මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා.

ලක්‍ෂමන් යාපා ඇමතිතුමා කියලා තිබුනා අපි අසූචි වලක ලැගලා ඉන්නවා වගෙයි කියලා. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මහින්ද අගමැති කරනවා කියලා මිනිස්සුන්ගෙන් ඡුන්දය අරගෙන ජනතාවට පයින් ගහලා ආණ්ඩුවට ගිය අය ඉන්නේ අද අසූචි වලක තමයි ඕකෙන් ගොඩ ඒනන බැහැ මිනිස්සු ගොඩට එන්න දෙන්නෙත් නැහැ ඒක ඉලග ඡුන්දෙන් හොදට බලාගන්න පුළුවන්. ඒ අයට වෙන දේ.

ඊයේ පෙරේදා ඩිලාන් පෙරේරා ඇමතිවරයා කිව්වා සැප්තැම්බර් වෙද්දි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ජනාධිපතිතුමා කියනවා පළාත් පාලන මැතිවරණයෙන් මාර්තු අපේ‍්‍රල් තියෙන්වා කියලා එතකොට සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා වැඩක් තියෙන්වාද? මාර්තු අපේ‍්‍රල් ඡුන්දය තියෙන්වා. නම් ඡුන්දය තියෙන් වෙලාවෙත් ආණ්ඩුවේ කොටස් කාරයෙක් වෙලා ඉන්නවා නම් වැඩක් තියෙනවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා. මේ ආණ්ඩුවත් එක්ක ගැට ගැහිලා ඉන්නවානම් මොනවා කිව්වත් අපේ සහාය ඔවුන්ට දෙන්නේ නැහැ. ඒක ස්ථීරයි. ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරු අද ගලේ පහරපු බලලූන් ගානට වැටිලා කර කියා ගන්න දෙයක් නෑ ඒකයි මේ අය මේ වගේ කථා කියන්නේ කිය කියා ඉන්න දෙයක් නැහැ. කොන්දක් තියෙනවා නම් අද වුනත් ආන්ඩුවෙන් ඉවත් වෙන්න පුලූවන් රටට ආදරයක් තියෙන්වානම් ශ‍්‍රී.ල.නි.පය ආන්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය නම් පලාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර ආන්ඩුවෙන් ඉවත් වී පෙන්වන්නැයි මම මේ අයට අභියෝග කරනවා.

ආණ්ඩුව අද සුපිරි ඇමතිකෙනෙක් හදන්න හදන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. එක්සත් ජාතික පක්‍ෂයට ඕනෑ දේ කරන්නයි. ඇමතිවරු වැඩ කරනවානම් සුපිරි ඇමතිලා අවශ්‍ය නැහැ මේකෙන් තේරෙන්නේ ආණ්ඩුවේ ඇමතිවරු වැඩ කරන්නේ නැහැ කියන එකයි. කොහොම වුනත් අපිට ඕනෑ සුපිරි ඇමති කෙනෙක් නෙවෙයි බටහිරට කොන්ද නමන්නේ නැති ඔවුන්ගේ පදයට නටන්නේ නැති සුපිරි ජානාධිපති කෙනෙක් අපි මේ සුපිරි ඇමති හදන පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි අපි ඒකට විරුද්ධව පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටද දීත් කටයුතු කරනවා. මේ ආණ්ඩුවට ඡුන්දේ දීපු කවුරුහරි කෙනේ හම්බ වුනොත් අපට දැන් අහන්න තියෙන්නේ ‘‘ඔබට සතුටුයි දැන් කියලා’’ හාල් 95 යි හාල් මාපියාවක් රටේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ සහෝදර සමාගම මේ හාල් මාපියාවේ වී මාපියාවේ ප‍්‍රධාන පුරුකයි. ඒක ප‍්‍රසිද්ධ රහසක් ඒ අයට ඕනෑ විදිහටයි මේ රටේ වී මිලදි ගැනීම හාල් වෙලද පොලට නිකුත් කිරීම කරන්නේ. කිව්වේ නම් කොහොමද? ගෙවියවයි. පාරිබෝගිකයාවයි. දෙන්නම රකිනවා කියලයි. ඒත් මේ ආන්ඩුව ගොවියයි පාරිභෝගිකයයි දෙන්නවම ගසා කනවා. මිනිසුන්ගේ බත් පතිනුත් ගසා කන ආණ්ඩුවක් බවට මේ රනිල් මෛත‍්‍රී දෙමුහුන් ආන්ඩුව පත් වෙලා ඉවරයි. අද රටේ ජනතාවට වහා බොන්නයි වෙලා තියෙන්නේ.

අද රුපියල මස්ත බාල්දු වෙලා ආර්ථිකය කඩා වැටිලා. කිව්වේ නම් නළුවෙක් නෙවෙයි මොලයක් කියලා දැන් නම් පෙනෙන්නේ ආන්ඩුවේ ලොක්කන්ට අල ගෙඩියක් තරම්වත් මොලේ නැහැ කියලයි. රටේ හැමදේකම මිල වැඩිවෙලා ඒත් ඒ මිල වැඩි වීමට සාපෙක්ෂව පඩි වැඩි වීමක් වෙලා නැහැ ජනතාව හිගා නොකා හිගා කන තත්වයට පත් කරපු මේ ආන්ඩුව ජනතාවගේ අතේ තියෙන තුට්ටු දෙකටත් බදු ගහලා දඩ ගහලා මංකොල්ල කනවා. මේ රටේ මිනිස්සු දැන් දන්නවා ‘‘වෙනස කියලා ආණ්ඩුව ඔවුන්ව රවට්ටපු බව රටේ ජනතාව බලන් ඉන්නේ කොයි වෙලාවෙද මැතිවරණයක් තියන්නේ කියලයි. වෙන මොකටවත් නෙවෙයි. මේ ආණ්ඩුවට හොද පාඩමක් උගන්වන්න එන ඕනෑම මැතිවරණයකදි මේ ආණ්ඩුව ගෙදර යවන්න රටේ ජනතාව පෙල ගැහිලා ඉවරයි. එ ජනතාවට නැගිටීමට නායවත්වයක් දෙන්න මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුතු ජනතා බලවේගයට අපිත් ලැහැස්තියි.

ගම්පහ දිස්ත‍්‍රීක් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ඉන්ධික අනුරුද්ධ මිනුවන්ගොඩ නාගරික මන්ත‍්‍රීවරුන් වන නීල් ජයසේකර, අතුල සෙනානායක යන මහත්වරුන්ද මෙහිදි කථා කලහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රට විකුණන සිංහයා ‘වික්කම සිංහ’.. වී විකුණන ‘වී-හැරිසන්’.. රනිල් තිරුපති ගිය රහස් හේතුව – මහ සභාවක් නොනවතින සිනා සයුරේ ගිලේ ( srilanka-politics )

රට විකුණන සිංහයා ‘වික්කම සිංහ’.. වී විකුණන ‘වී-හැරිසන්’.. රනිල් තිරුපති ගිය රහස් හේතුව – මහ සභාවක් නොනවතින සිනා සයුරේ ගිලේ..





ඡන්ද නිසි කලට නොපවත්වන, රට බෙදන ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එන, රටේ සම්පත් විකුණා දමන වත්මන් ආණ්ඩුවට එරෙහිව ලක්‍ෂ ගණනින් පාරට බැස ගෙදර යන ලෙස බලකිරීමේ කාලය දැන් එළඹ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මාලඹේ සාලවනඋයන විහාරස්ථානයේදී පැවැති පාසල් දරුවන්ට පොත්පත් හා උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

“පංචායුධ පදනම වසර ගණනාවකට පෙර බිහි වූයේ මේ රටේ උපකාර ලැබිය යුතු පිරිසගේ අවශ්‍යතා ඉටුකර දීමට, අපට හැකි අයුරින් දායක වීමටයි. ආණ්ඩු බලය ඇති විට වගේම අපි ආණ්ඩු බලය නැති විටත් ඒ යුතුකම ඉටු කරනවා. ගංවතුරින් විපතට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා දීමටත් අපි ඒ මොහොතේදී විශාල දායකත්වයක් ලබා දුන්නා.

මාසික වියදම බොහොම අමාරුවෙන් දරා ගන්නා පවුලක් දෙසැම්බර් මාසයේදී මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය තමයි ‘දරුවන්ගේ පාසල් පොත් ඇතුළු අනෙක් පාසල් උපකරණවලට යන අතිරේක වියදම හොයාගන්නේ කොහොමද?’ කියන එක. මේ අතිරේක පිරිවැය සොයාගන්න බැරිව මාතර ප්‍රදේශයේ මවක් ගඟට පැනලා තිබුණා. ඒ වගේම මම සමාජජාලා වෙබ් අඩවි මගින් දුටුවා, තමන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා ගැනීමට එක්තරා දියණියකට නගරයට ඇවිත් මේ නිවාඩු කාලයේ හඳුන්කුරු විකිණිමට සිදුව ඇති බවට වූ ප්‍රවෘත්තියක්. අලුත් අවුරුද්දත් සමඟ දෙමාපියන්ට එන මේ භයානකම ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම නොවුණත් යම් පිළිතුරක් සපයන්න අපි සැමවිටම උත්සාහ කළා. ඉදිරි දිනවලදී මාලඹෙන් ඇරඹි මේ සද්කාර්යය අනෙකුත් ප්‍රදේශ කරා රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

‘වික්‍රමසිංහ දැන් වික්කමසිංහ වෙලා’

2015 ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගහපු අය හිතුවා, ‘අවුරුද්දක් විතර යනකොට අපට තිබෙන ආර්ථික ප්‍රශ්න දූරින්භූත වෙලා යයි’ කියලා. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු 02 ගතවෙන කොට 2014දී ඩොලරයට ගෙවපු රුපියල් 132 වෙනුවට ඩොලරයට රුපියල් 152ක් ගෙවන්න වෙලා. මේ ආකාරයට රුපියල අවප්‍රමාණය වනකොට පිටරටින් ගෙනෙන සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒ විතරක් නොවෙයි ගත්තු විදේශ ණය ප්‍රමාණයත් බලා සිටියදී ඉහළ යනවා. ණය බර ගැන කියලා මේ අණ්ඩුව පත්තරවල කෝටි ගණන් වියදම් කරලා දැන්වීම් දානවා. නමුත් ණය බර දිනෙන් දින ඉහළ යන එක නවත්වා ගන්න නම් රුපියල ඩොලරය ඉදිරියේ මේ විදියට වැටෙන එක නතර කරන්න ඕනෙ. මහ දවාලේ සිදු කරපු මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව, පසුගියදා පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. දැන් එතැනින් නතර නොවී එයා ඉදිරියට යනවා. රටට අහිතකර කටයුතු රැසක් කරනවා. රටේ සම්පත් විකුණාගෙන කෑමත් අරඹලා. එදා පෝට්සිටිය හදනකොට, ‘මේ රට චීන කොලනියක් බවට පත් කරනවා’ කියලා කෑගහපු රනිල් වික්‍රමසිංහ මහතා අද හම්බන්තොට වරාය චීනයට විකුණා දමා තිබෙනවා. ඒ වගේම හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. මට එක් තරුණයකු කීවා ‘දැන් නම් අගමැතිතුමාගේ නම වෙනස් කරන්න කාලය හරි’ කියලා. ‘රටේ වටිනා සම්පත් තුට්ටු දෙකට විකුණලා සිංහයකු වෙන්න හදන වික්‍රමසිංහගේ නම ‘වික්කම සිංහ’ විදියට වෙනස් වුණොත් හොඳයි’ කියලයි ඒ තරුණයා කීවේ. මම කල්පනා කළේ මේ අගමැතිවරයාට ‘වික්‍රමසිංහ’ කියනවාද, ‘වික්කමසිංහ’ කියනවාද කියලයි. (සභාවේ සිනා)

පෝට්සිටිය හැදෙනවාට විරුද්ධව කෑගහලා බලයට ආපු මේ අය අද කරන්නේ එදා කියපු දේට හාත්පසින්ම වෙනස් දෙයක්. ‘නොමිලේ වයි-ෆයි දෙනවා’ කියලා තරුණ තරුණියන් රවටපු මේ ආණ්ඩුව අද අන්තර්ජාල ගාස්තු 25%කින් වැඩි කරලා, දුරකථන ගාස්තුවලට 50%ක බද්දක් අය කරනවා. මේ රටේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේයි. ඒ වසර 10 තුළ නවීන තොරතුරු තාක්‍ෂණික පහසුකම් ගම දක්වා ගියා. ‘වෙනසක්’ ගැන ජනතාව තුළ බලාපොරොත්තු ඇති කරවලා, ඒ ආණ්ඩුව ගෙදර යවන්නත් කුමන්ත්‍රණකරුවන් ඒ පහසුකම් යොදා ගත්තා. මහින්ද රාජපක්‍ෂ පාලනයේ අඩුපාඩු නොතිබුණා නොවෙයි. ‘කටේ නරක් වුණු දතක්, දෙකක්’ තිබුණා තමයි. නමුත් 2015 ජනවාරි 08 වැනිදා කළේ ‘නරක්වුණු දතක්, දෙකක් වෙනුවට කටේ තිබුණු දත් 32ම’ ගලවලා දමපු එක. දැන් කට ‘ලොම්බක්’ කරගෙන බලා සිටින්න තමයි ජනතාවට වෙලා තිබෙන්නේ. හිතුවේ සුපිරි දත් තියෙන කටක් හැදෙයි කියලා. දැන් දත් තිස්දෙකම නැති ලොඹු කටක් හැදිලා. විටක් හපා ගන්නවත් බැරිව දැන් ඉන්නවා. ’ දෙයියනේ මේ මොකද වුණේ?” කියලා.

‘පී. හැරිසන් – වී හැරිසන් වුණු හැටි’

දැන් කොහොමද හාල් මිල? ‘හාල් මිල වැඩියි’ කියලා එදා සමහරු හංසයාට කතිරය ගැහුවා. හාල් කිලෝව රුපියල් 100 පැනලා. හාල් මිල මේ විදියට ඉහළ ගියේ මේ ආණ්ඩුවේ මෝඩ තීන්දු නිසා. පොහොර සහනාධාරය කප්පාදු කළා. වී අලෙවි මණ්ඩලය භාර ඇමති පී හැරිසන්ට දැන් මිනිස්සු කියන්නේ වී හැරිසන්. එයා ‘වී අතිරික්තයක් තිබෙනවා’ කියලා වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත්තු වී තොග කුණු කොල්ලයට සත්ව ආහාර විදියට විකුණලා දැම්මා. දැන් හාල් හිඟයක් ඇති වෙලා කියලා ඉන්දියාවෙන් හාල් ගෙන්වන්න යනවා. මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. ඇතැම් රටවල ස්වාභාවික ආපදාවන් ඇති වූ පසු අපි ලෝක ආහාර සංවිධානය මගින් එම රටවලට සහල් ප්‍රදානය කළා. නමුත් අවුරුදු 02යි ගියේ. මහ මොලකරු රනිල් වික්කමසිංහ යටතේ හාල් කිලෝව රුපියල් 100ට නැඟලා. ඒ වගේම රටේ හාල් හිඟයක් ඇති වෙලා තිබෙනවා. එදා සමාජජාලා වෙබ් අඩවි පාවිච්චි කරලා ‘මහින්ද රාජපක්‍ෂ මිත්‍යාදෘෂ්ටිකයෙක්’ කියලා මතයක් හදන්න හැදුවා. නිතර දළදා මාළිගාවට, කතරගම දේවාලයට යන එක, අතේ පිරිත් නූල් කිහිපයක් බැඳගෙන සිටීම ආදිය මේ මතය සාධාරණීකරණය කරන්න ඔවුන් පෙන්නුවා. දැන් බලන්න මේ ‘මොඩරේට් නායකයා’ රනිල් වික්කමසිංහ ඉන්නේ කොහෙද? කියලා. ඉන්දියාවේ තිරුපතිවල. එයා දැන් තිරුපතිවල ඉඳන් ‘අනේ දෙයියනේ මට මොලය පෑදේවා!’ කියලා කන්නලව් කරනවා. මේ අය කිව්වේ එකක්. අද කරන්නේ වෙන එකක්.

‘බලයට ආවේ ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරන්න’

මේ අය බලයට ආවේ ‘ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරනවා’ කියලයි. ජනාධිපතිගේ විධායක බලය අහෝසි නොකළාට පොඞ්ඩක් අඩු කළා. නමුත් දැන් ජනාධිපතිටත් වඩා බලතල තියෙන ඇමති ධුරයක් හදන්න යනවා. මේ සුපිරි ඇමති ධුරය හදන්න යන්නේ සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත නමින් පනතක් ගෙනල්ලා. ඒ පනතින් හැදෙන සුපිරි ඇමති තමයි රනිල් වික්කමසිංහ. ඒ ඇමතිවරයාට පුළුවන් රටේ ඕනෑම දේපළක් පවරා ගන්න. රටවැසියාට ඊට එරෙහිව නඩු කියන්න බැහැ. මේ ඇමතිවරයාට මුක්තිය තිබෙනවා. ‘ජනාධිපතිට මුක්තිය තිබෙන එක හරි නැහැ’ කියමින් බලයට ආපු මේ අය අද මොනවද කරන්නේ? දැන් ඇමති කෙනෙකුටත් මුක්තිය දෙන්න හදනවා. මේකද ඉටු කරනවා කියපු යුක්තිය? ඒ සුපිරි ඇමතිට සහ ඒ යටතේ හැදෙන ආයතනයේ නිලධාරීන්ට එරෙහිව යම් රටවැසියකුට නඩු කියන්න බැහැ. යම් නිලධාරියකු පහළ උසාවියක පැවරූ නඩුවක වැරදිකරුවකු වුවහොත් ඊට අදාළ වන්දිය ගෙවන්න වෙන්නේ රජයටයි. ‘සිරගතකොට සිටි ත්‍රස්තවාදියකු පැනයන විට වෙඩි තැබීමෙන් මිය ගියා’ කියන චෝදනාවට රණවිරුවකු වරදකරු කොට ඔහුට ඒ ත්‍රස්තවාදියාගේ පවුලට රුපියල් ලක්‍ෂ 20ක වන්දියක් පෞද්ගලිකව ගෙවීමට අධිකරණය පසුගියදා නියෝග කළා. ඒ මුදල ඔහුට පෞද්ගලිකව ගෙවීමට අපහසු වුණා. එවිට ඔහුට සිරගත වෙන්නයි සිදු වුණේ. පසුව ජාතික සංවිධාන එක් වී ඒ මුදල ගෙවා ඔහු නිදහස්කර ගත්තා. ත්‍රස්තවාදය පැරදවීමට යුද වැදුණු රණවිරුවකු යම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වෙලා වන්දියක් ගෙවන්න වුණාම ඔහු ඒක පෞද්ගලිකව ගෙවිය යුතුයි. නමුත් මේ සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත යටතේ හැදෙන ආයතනයේ නිලධාරියකු සිදු කරන වරදකට වන්දි ගෙවිය යුත්තේ රජයෙන්. මේ සුපිරි ඇමති යටතේ හදන ආයතනයට ඕනෑම මහජන දේපළක් පවරා ගැනීමට හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් වන්දියක් නොගෙවා සිටිය හැකියි. මහවැලි ඉඩම්, වතු ඉඩම්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්, නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ආදී රාජ්‍ය අංශය සතු සියලු ඉඩම්වල කෙරුමක්කාරයා වන්නේ මේ සුපිරි ඇමති.

“මෙත්‍රීගේ දත් ගලවද්දී – රනිල්ට අලුත් දත්’

දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තිබෙන දත් ගලවනවා, රනිල් වික්කමසිංහ අගමැතිවරයාට අලුත් දත් හයිකර ගන්නවා. මේ ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිව තවමත් ‘රාජපක්‍ෂ මුවහමට’ තඩිබාමින් සිටිනවා. දැන් තමයි මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ සියුම් ඉන්ද්‍රියන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. අවුරුදු 02කට පස්සේ ඔවුන්ට ගඳ සුවඳ දැනෙන්න පටන් අරන්. දැන් ඔවුන් කියනවා, ‘මේ ආණ්ඩුව අසුචි වලක්’ කියලා. ආණ්ඩුවේ එක කෑල්ලක් අනෙක් කෑල්ලට බැන වදින මේක විකාර ආණ්ඩුවක් කියලා අපට පෙනෙනවා. මේ රට මීට අවුරුදු 02කට කලින් 7%ක ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරියට ගිය රටක්. ‘වෙනසක්’ බලාපොරොත්තු වුණු මේ රටේ මිනිස්සු අද ඒ ආර්ථික වර්ධන වේගය 3.4%කට පහළ බස්සලා තිබෙනවා. පරදවනු ලැබූ බෙදුම්වාදය යළි හිස ඔසවමින් තිබෙනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතකට අදාළ යෝජනා ජනවාරි 09,10,11 යන දිනවල පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ යෝජනාවල තිබෙනවා ‘පළාත් සභා වෙනුවට පළාත් ආණ්ඩු හදනවා’ කියලා. පරමාධිපත්‍ය බලය, මුදල් බලය, පොලිස් බලය, ඉඩම් බලය මේ පළාත් ආණ්ඩුවලට ලබා දීමට එම යෝජනාවලින් නිර්දේශකර තිබෙනවා. පළාත් ආණ්ඩුවට පොලිස් බලය ලැබුණාම, මහ ඇමති ජාතිවාදියකු නම් ඒ පොලිස් බලය ජාතිවාදීව යොදා ගනු ලබාවි. මේ රටේ අධිකරණය විතරයි, කවදාවත් ජාතිවාදී නිර්ණායකවලට යටත් නෙවුණේ. නමුත් මේ විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ එක් යෝජනාවකින් කියැවෙනවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපණය කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් හැදිය යුතුයි. ඒකට, සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ග නියෝජනය වන පරිදි විනිසුරුවරුන් පත්කළ යුතුයි’ කියලා. මීට පෙර කිසිදාක ජාතිකත්ව පදනමින් මේ රටේ අධිකරණ ක්‍ෂේත්‍රයට විනිශ්චයකාරවරුන් පත් කළේ නැහැ. දැන් ඉන්න අගවිනිසුරුතුමා දෙමළ ජාතිකයෙක්. නමුත් අපි ඔහු දෙස දෙමළ ජාතිකයකු ලෙස ජාතිවාදී ඇසකින් බලන්නේ නැහැ. අපි ඔහු දෙස බලන්නේ මෙරට අගවිනිසුරු කියන ඇසින්. දැන් මේ ව්‍යවස්ථා පැකේජයෙන් අධිකරණ ක්‍ෂේත්‍රය ජාතිවාදී පදනමින් නිර්මාණය කරන්න හදනවා. ඒ අනුව පැහැදිලියි, මේ නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලා සිටි බෙදුම්වාදී ඉල්ලීම් සියල්ල බන්දේසියක තබලා ලබා දෙන්නයි යන්නේ කියලා. රනිල් වික්කමසිංහ මහත්තයා ටික කාලයක් මේ පුටුවේ හිටියොත් රටේ ජාතික සම්පත් සියල්ල විකුණා දමනවා පමණක් නොවෙයි, රණවිරුවන් දිවිපුදලා, ලේ හලලා බේරාගත්තු මේ මව් පොළොව අනාගත දරු පරපුරට අහිමි කරාවි.

දරුවන්ට පොත් ටිකක් පමණක් ලබාදීලා ඔවුන්ගේ අනාගතය හදන්න බැහැ. අපි දෙමාපියන් හැටියට ඔවුන්ට මේ රට රැකලා දෙන්න ඕනෙ. අද ඡන්ද තියන්නේ නැහැ. අනාගත පරපුර සතු වටිනාම සම්පතක් වුණු හම්බන්තොට වරාය කුණුකොල්ලයට විකුණා දමන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න හදනවා. අපි මේවා දිහා නිහඬව බලා ඉදලා හරි යන්නේ නැහැ. ඒ නිසා මේ රටේ දෙමාපියන්ට, වැඩිහිටි දරුවන්ට වගකීමක් තිබෙනවා, ලක්‍ෂ ගණනින් පාරට බැහැලා මේ ආණ්ඩුවට කියන්න ‘දැන් ඉතිං ගෙදර පලයල්ලා’ කියලා. දකුණු කොරියාවේ ජනාධිපතිවරිය දුෂණ චෝදනා සම්බන්ධයෙන් ගෙදර යැව්වේ ඒ රටේ ජනතාව ලක්‍ෂ ගණනින් පාරට බැහැලා. රනිල් වික්කමසිංහ මහත්තයා කෝට් බෑය දෙපැත්තට අදිමින් ‘ඔරලෝසු බට්ටා’ වගේ එහෙට – මෙහෙට පැද්දි පැද්දි කථා කරන විදිය තමුන්නාන්සේලා දැකලා ඇතිනේ. එයා හිතාගෙන ඉන්නේ එයාට අගමැතිකම ලැබුණාට පස්සේ මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. ‘ඒක මුලාවක්’ කියලා අපි ලක්‍ෂ ගණනින් පාරට බැහැලා ඒ අයට පෙන්වා දන්න ඕනෙ. එයයි රට වෙනුවෙන් මේ මොහොතේ අප වෙත පැවරිලා තිබෙන වගකීම”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යහපාලන ඇමති නවින්ගේ අඹ යාලුවා බිලියන 7.5ට වැඩි මුදල් වංචාවක් ගැන වොෂින්ටනයේ අධිකරණනේ නඩු ( international robbery )

යහපාලන ඇමති නවින්ගේ අඹ යාලුවා බිලියන 7.5ට වැඩි මුදල් වංචාවක් ගැන වොෂින්ටනයේ අධිකරණනේ නඩු..


යහපාලන රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායකගේ ඉතා හිතවත් මෙන්ම එම පවුලේ කිට්ටු මිත්‍රයෙකු වූ රියන්සි එඩ්වර්ඩ්ස් නැමත්තාට මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කොට මේ වනවිට ඇමරිකාවේ වොසින්ටන් අධිකරණය මගින් මේ මස එනම් දෙසැම්බර් 12 දින නඩු පවරා ඇතැයි කොලොම්බු ටෙලිග‍්‍රාප් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඩොලර් මිලියන 50 එනම් රුපියල් මිලියන 7500 ක් පමණ මොහු විසින් වංචා කොට ඇති අතර මේ සැකකරු සම්බන්ධයෙන් නඩුව ඇමරිකාවේ වොෂින්ටන් අධිකරණය මේ මස 20 දින විභාග වීමට නියමිතව තිබුනි.

2015 නවින් දිසානායක ක්‍රීඩා හා සංචාරක කටයුතු ඇමති ලෙස කටයුතු කිරීමේදි මෙම සැකකරු නුවරඑළියේ තුරඟතරග සමාජය සමඟ එහි ප්‍රවර්ධන කටයුතුවල යෙදුණු අතර ශ්‍රී ලංකාවේ අාශා හොස්පිටල්ස් ඇතුළු බුටික් හෝටල් කිහිපයක්ම ඔහුගේ බිරිඳ හරහා මෑතකදී මිලදී ගෙන ඇතැයිද වාර්තාවේ සදහන්ය.

එමෙන්ම මෙම සැකකාර රියන්සි එඩ්වර්ඩ්ස් නැමත්තා ඇමරිකා වොෂින්ටනයේ අධිකරණයෙන් වැරදි කරු වුවහොත් මීට පෙර ශ්‍රි ලාංකිකයකු වූ රාජ් රාජරත්නම් නැමැත්තාට මෙන් වසර 10 නොඅඩු හිර දඩුවම් විදීමට වන බව අදාළ වෙබ් අඩවියේ සඳහන් වේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඒකාබද්ධ විපක්ෂය හා නිදහස් පක්ෂය වෙනවෙනම සටනක ( srilanka-politics )

ඒකාබද්ධ විපක්ෂය හා නිදහස් පක්ෂය වෙනවෙනම සටනක 



ඒකාබද්ධ විපක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී වෙන වෙනම තරග කර බලය උරගා බැලීමට සැරසෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනා ගැනීමේ සටන මෙහෙයවයි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ඇතිව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන, එම පක්‍ෂයට වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් දිනා ගැනීමේ සටන මෙහෙයවන බව පැවැසේ. ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මේ ඡන්දයට තරග වදිනවාද යන්න පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමට අපේක්‍ෂා කරන බවත් ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකාන්තයෙන්ම දෙකඩ වන බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයද ඒ අනුව දෙකඩ වීම නොවැළැක්විය හැකි බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඉකුත් මාස කිහිපයේදී ආසන සංවිධායකවරු පත්කර, එම පෙරමුණට සාමාජිකයන් බඳවා ගැනීම දීපව්‍යාප්තව සිදුකරමින් ඉදිරි පළාත් පාලන ඡන්දයට මුහුණදීමට සූදානම් විය. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පවත්වාගෙන යන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කාර්යාලයට පෙරේදා (23දා) කැඳවූ රාජපක්‍ෂ මහතා මෙතෙක් සිදුකළ දේශපාලන කටයුතුවල හා නව පක්‍ෂයේ ප්‍රගතිය විමසා බලා ඇත. මේ හමුවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයන් හා විපක්‍ෂ මන්ත්‍රිවරු පිරිසක්ද සහභාගි වී ඇත. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලනිපය ජයග්‍රහණය කරා මෙහෙයවීම තමා විසින් සිදුකරන බව ඉකුත් 20දා පදනම් ආයතනයේ පැවැති පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත. උතුරු නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ආසන සංවිධායකවරු පත්කිරීමට අපේක්‍ෂා කරන බවත් දැනට සිදු කෙරෙමින් පවතින ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු ලබන සති අන්තය වනවිට අවසන් කරන බවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ශ්‍රී ලනිපය සහ ඒකාබද්ධ විපක්‍ෂය දෙකට බෙදී පළාත් පාලන ඡන්දයට මුහුණදීමෙන් වැඩි වාසි එක්සත් ජාතික පක්‍ෂයට ලබාගෙන වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් එම පක්‍ෂයට හිමිකරගෙන රජයේ බලය තහවුරු කර ගැනීමට එජාප නායකත්වය ක්‍රියා කරගෙන යයි


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පේෂල මනෝජ් ලිංගික සංක‍්‍රාන්තිකයෙක් වෙයි.. ‘දෙරණ ස්ටාර් සිටි’ තක්බීර් වෙයි.. [Video]

පේෂල මනෝජ් ලිංගික සංක‍්‍රාන්තිකයෙක් වෙයි.. ‘දෙරණ ස්ටාර් සිටි’ තක්බීර් වෙයි.. [Video]


මෙරට ප‍්‍රසිද්ද මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරනෙක් වන පේශල මනෝජ් මෑතකදී පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී ලිංගික සංක්‍රාන්තිකයෙකු ලෙස ඉදිරිපත් කල රංගනයට විනිශ්චය මණ්ඩලයෙන් ඉහල ප‍්‍රතිචාර ලැබී ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වැට් නිසා උද්ධමනය ඉහළට ( vat )


වැට් නිසා උද්ධමනය ඉහළට 



2016 නොවැම්බර් මාසය තුළ දී එකතු කළ අගය මත පනවන ලද බදු අනුපාතයන්ගේ නව හඳුන්වා දීම හේතුවෙන් මද්‍යසාර පාන සහ දුම්කොළ, සෞඛ්‍ය සහ සන්නිවේදන උප කාණ්ඩවල මිල ඉහළ යාම් දක්නට ලැබුණු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

මෙහිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ සියයට 5.0 සිට නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගොස් තිබෙන අතර මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ දර්ශක අංග 114.47 සිට 2016 නොවැම්බර් මාසයේ දී දර්ශක 116.6 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මාසික ඉහළ යාම සඳහා ආහාර නොවන අයිතම කාණ්ඩයේ රෙදිපිලි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික හා විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන් හි මිල ගණන් ඉහළ ගොස් ඇත.

තවද ප්‍රවාහන සහ ආපන ශාලා සහ හෝටල් උප කාණ්ඩවල මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගිය අතර අධ්‍යාපන උප කාණ්ඩයේ මිල ගණන් නොවෙනස්ව පැවතුණි. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, එළවළු, දෙහි සහ අර්තාපල් මිල ගණන් නොවැම්බර් මාසය තුළ දී වැඩි වී ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර හොරු සියත TV සහ සියත Radio MAX Tv නාලිකා මිළට ගනී…පවු සේදිමේ මාධ්‍ය මෙහෙයුම ජනවාරියේ

බැදුම්කර හොරු සියත TV සහ සියත Radio MAX Tv නාලිකා මිළට ගනී…පවු සේදිමේ මාධ්‍ය මෙහෙයුම ජනවාරියේ



බැදුම්කර හොරුන්ගේ පවු සේදිම සදහා “ස්වර්ණවාහිනී” රූපවාහිනි නාලිකාව මිලට ගත් මහා බැදුම්කර වංචාව හරහා ජනතා මුදල් බිලියන ගණනින් ගිලදැමු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මග යන්න පනනැති සියත TV සහ සියත ගුවන් විදුලිය මෙන්ම විකාශනය නතරවි තිබේන MAX Tv නාලිකා සියල්ලද මිලට ගැනිමට කටයුතු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
සියත නාලිකා ප්‍රධානී රොෂාන්ත කාරියප්පෙරුම අවස්ථා ගණනාවක සිය නාලිකා විකිණීම සදහා විවිධ පාර්ශ්වයන් සමග ගණුදෙනු වලට එලබියද පසුව ඒම ගණුදෙනු විවිධ හේතු ඉදිරිපත් කරමින් අවලංගු කිරිමට කටයුතු කල අතර පසුව ගෙවිගිය වසර දෙක කාලය තුල සියත නාලිකා අනන්තයටම කඩා වැටුනු අතර එම නාලිකා සහ රොෂාන්තගේ විවිධ ව්‍යාපාර කඩාවැටීමෙන් ඔහු අඩික ලෙස ණය කන්දකට යටව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඒ අනුව එ අනුව සියලුම ණය පියවිම සහ ඉදිරියේදි ඔහුගේ ව්‍යාපාර සාර්ථක කිරිම සදහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම යටතේ ප්‍රතිපාදන සැපයිමේ කොන්දේසි මත සියත නාලිකා විකිණීමට එකඟත්වය ඇතිකරගෙන ඇති අතර නාලිකාවේ දැනට සේවය කරන සේවකයින් භාර නොගැනිමටද එකඟතාව් පලකර තිබේ.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ කුප්‍රකට ඩීල් කරුවන් දෙදෙනෙකු වන ප්‍රියන්ත කාරියප්පෙරුම හා රොෂාන්ත කාරියප්පෙරුම 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග හිදිමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට යටින් උදව් කොට මාට්ටු වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් කාරියප්පෙරුම දෙබෑයන් එලවා දැමු අතර යහපාලනය උදාවිමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ බඩගා සෙට් එන්නට උත්සහ ගත් අතර එය අසාර්ථක විමෙන් පසුව සිරිසේනගේ කේලාම් බට්ටා ලෙස රජගෙදරට සෙට් විමට ප්‍රියන්ත කාරියප්පෙරුමට හැකි වු නමුත් තවමත් නිශ්චිත තනතුරක් ගැනිමට හැකියාව ලැබුනේ නෑ.
මැක්‌ස්‌ ටී.වී. හිමිකරු කූප්‍රකට හොරෙක් වන ජනක රාමනායක සමගද වැඩ නොකරන MAX Tv සදහා ගණුදෙනුවක් අර්ජුන් ඇලෝසියස්ගේ මාධ්‍ය භාරව සිටින එජාපයේ න්‍යාචාරවරයෙකුව සිටි රුපවාහිණි නාලිකා සදහා වෙළඳ දැන්විම් බෙදාහරින අයෙකු සමග සාකච්ඡා සිදුව ඇති අතර අර්ජුන් ඇලෝසියස්ගේ පවු සේදිමේ විද්යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීයා ලෙස කටයුතු කරනු ලබන්නේ අදාළ න්‍යාචාරවරයා වන අතර ඔහු උග්‍ර මහාරාජා විරෝධියෙකුද වේ.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යහපාලනයේ වැරදි හොයන අපිට ෆෙස්බුක් තහනම් ? (Srilanka-politics )

යහපාලනයේ වැරදි හොයන අපිට ෆෙස්බුක් තහනම් ? 




සැමවිටම දේශපාලනයේ සත්‍ය තොරතුරු ඔබට සැමට කලින් ගෙන ආ....  130000 පමන සාමාජිකයන් සිටි 5000000 ක් පමන රිච් තිබු ශ්‍රී Av Tv network අපගේ ෆෙස්බුක් පිටුව විශාල ලෙස මුදල් ගෙවා යහපාලන රජයේ  මුදල් වලින් යැපෙන ෆෙස්බුක් කන්ඩායමේ රිපොට් කිරිම් නිසා අක්‍රිය වි ඇත එම හෙතුවෙන් නැවතන් අපි පහත සදහන් මෙමෙ ෆෙස්බුක් ලිපිනයෙන් ඔබ වෙත සත්‍ය තොරතුරු ගෙන එන්නෙමූ....

මෙන්න අපේ ෆෙස්බුක් ලිපිනය





මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න



ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්.. ( srilanka-politics )

ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්.

..
ත‍්‍රිකුණාමල චීන වරායේ ඇති තෙල් ටැංකි 84ක් බදු ගෙන ඇති ඉන්දීය තෙල් සමාගම විසින් එම භූමියට ශ‍්‍රී ලංකා රජයේ කිසිවෙකුට ඇතුළු වීම තහනම් කරමින් තහනම් කලාපයක් බවට පත්කර ඇති බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරයි.

සංගමයේ සභාපති අශෝක රන්වල පෙන්වා දෙන්නේ ඉන්දීය සමාගම සමග 2003 වසරේ එළැඹි ගිවිසුම අනුව මාස 06කදී ක‍්‍රියාත්මක කිරීමට තිබූ බදු ගිවිසුම ක‍්‍රියාත්මක නොවූයෙන් ඉන්දීය සමාගමට කිසිදු තෙල් ටැංකියක් බාවිත කල නොහැකි බවයි.

එසේ වුවද ඔවුන් නීති විරෝධීව තෙල් ටැංකි භාවිතර කරමින් තවත් තෙල් ටැංකි 16ක් භාවිත කිරීමට කැබිනට් පත‍්‍රිකාවක්ද අනුමත කරගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

මෑතකදී එම පරිශ‍්‍රයට ඇතුළු වීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරි පිරිසකට ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් ඉන්දීය රජයේ නියෝගයක් නැතිව ඇතුවීමට ඉඩ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි
ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්..
ත‍්‍රිකුණාමල චීන වරායේ ඇති තෙල් ටැංකි 84ක් බදු ගෙන ඇති ඉන්දීය තෙල් සමාගම විසින් එම භූමියට ශ‍්‍රී ලංකා රජයේ කිසිවෙකුට ඇතුළු වීම තහනම් කරමින් තහනම් කලාපයක් බවට පත්කර ඇති බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරයි.

සංගමයේ සභාපති අශෝක රන්වල පෙන්වා දෙන්නේ ඉන්දීය සමාගම සමග 2003 වසරේ එළැඹි ගිවිසුම අනුව මාස 06කදී ක‍්‍රියාත්මක කිරීමට තිබූ බදු ගිවිසුම ක‍්‍රියාත්මක නොවූයෙන් ඉන්දීය සමාගමට කිසිදු තෙල් ටැංකියක් බාවිත කල නොහැකි බවයි.

එසේ වුවද ඔවුන් නීති විරෝධීව තෙල් ටැංකි භාවිතර කරමින් තවත් තෙල් ටැංකි 16ක් භාවිත කිරීමට කැබිනට් පත‍්‍රිකාවක්ද අනුමත කරගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

මෑතකදී එම පරිශ‍්‍රයට ඇතුළු වීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරි පිරිසකට ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් ඉන්දීය රජයේ නියෝගයක් නැතිව ඇතුවීමට ඉඩ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අපි ඡන්දෙට සූදානම්.. ඡන්දෙ ගන්න රට පුරාම තෑගි දෙනව, පාර්සල් දෙනව, බෑග් දෙනවා, පොත් බෙදනවා.. – ජෝන්

අපි ඡන්දෙට සූදානම්.. ඡන්දෙ ගන්න රට පුරාම තෑගි දෙනව, පාර්සල් දෙනව, බෑග් දෙනවා, පොත් බෙදනවා.. – ජෝන්


ඉදිරි පළාත් මැතිවරණයට මුහුණ දීම සදහා එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

‘අපේ පක්‍ෂ ශාකා අපි ලියාපදිංචි කරගෙන යනව. අපේ ආසනවල ඉන්න ලමයින් ගෙනැල්ල තෑගි දෙනව.. පාර්සල් දෙනව.. බෑග් දෙනවා.. පොත් බෙදනව මුළු ආසනේ පුරාම. මිනිස්සුන්ට සැලකුවෙ නැත්නම් ඡන්දෙ දෙනවද’
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සුපිරි අගමැතිලා වැඩක් නෑ.. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් ඕනෑ. ( srilanka-politics )

සුපිරි අගමැතිලා වැඩක් නෑ.. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් ඕනෑ..


අද රටට අවශ්‍යව ඇත්තේ සුපිරි ඇමැතිවරයකු නොව විදේශිකයන්ට කොන්ද නොනමන, රටේ සම්පත් ආරක්ෂා කරන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින සුපිරි ජනාධිපතිවරයකු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එක් එක් අයට අවශ්‍ය ආකාරයට රට පාලනය කෙරුමට ඉඩ දී ලෝ වටා සවාරි යන ජනාධිපතිවරයකුගෙන් රටට ඵලක් නැති බව පැවසූ රණතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා වැනි එඩිතර නායකයකුගේ අවශ්‍යතාව ජනතාවට එදාටත් වඩා අද දැනෙමින් තිබෙන බවත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ වැල්හේන ප්‍රදේශයේ දී පැවැති ජනහමුවක් අමතමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු පක්ෂයක්. අද ඒ වැදගත් පක්ෂය අලියගේ නැට්ටේ එල්ලපු පක්ෂ සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්‍ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ගේ රෙදි හෝදන තැනට වට්ටලා ඉවරයි. අද එ. ජා. ප ඇමැතිවරුන් අපේ අයට සලකන්නේ අත පල්ලෙන් වැටුණු ගාණට.

කුණුහරුපෙන් බනින ඒවා අහගෙන තනතුරුවලට ලෝභකමේ එ. ජා. ප නැට්ටේ එල්ලිලා ඉන්න ඇමැතිවරුන් ලැජ්ජා වෙන්න ඕනේ. ගමේ ජනතාව ඒ අයට ඡන්දෙ දුන්නේ අපේ ආණ්ඩුවක් හදන්න මිසක් එ. ජා. ප යේ කකුල් ලෙවකන්න නෙමෙයි. එළිවෙච්ච වෙලාවේ ඉඳලා නින්දට යනකම්ම පක්ෂය ආරක්ෂා කරනවා කියන මන්තරය ජප කරන සභාපතිවරයයි ඇමැතිවරුනුයි ඇත්තටම කරන්නේ පක්ෂය විනාශ කරන එකයි.

එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ රට විනාශ කරපු, රට පාවා දීපූ ඉතිහාසයක්. භීෂණ කාලේ තරුණයන් මැරුවේ එ. ජා. පය. කොටියට ආයුධ දීලා ශක්තිමත් කළේ එ. ජා. පය. සටන් විරාම ගිවිසුම් ගහලා රට පාවා දුන්නේ එ. ජා. පය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම චෝදනා නැහැ. හැබැයි අද රට විනාශ කරන හවුලට එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයේ දී එවැනි චෝදනා එල්ල වෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරපු ගෞරවණීය පක්ෂය අද සිරිකොතේ පිළිකන්නේ ලැ‍ගගෙන කටු කන තත්ත්වයට ඇදලා දාපු පක්ෂ සභාපතිවරයා ඇතුළු ඇමැතිවරුන් නිදහස් පාක්ෂිකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. බණ්ඩාරනායක මහත්තයා හිටියා නම් පක්ෂයට වෙලා තියෙන වින්නැහිය දැකලා පපුව පැලිලා මැරෙයි.

මම අපේ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා හිටිනවා දැන්වත් ඔය හීනෙන් ඇහැරිලා ඇත්ත තේරුම් ගන්න කියලා. තමුන්නාන්සේලා අද ජොලියේ ඉන්නේ අපායේ ඉන්ටවල් එකේ කියලා මතක තියාගන්න. ඉන්ටවල් එක ඉවර වුණාම අශූචි ‍ගොඩේ ඔලුවෙන් හිටගන්න වෙනවමයි. ඊට ඉස්සර තීන්දුවක් ගන්න. රට පාවා දෙන අයගේ පැත්තේ නොව රට රකින අයගේ පැත්තට ඇවිත් හිටගන්න.

පසුගිය මහ මැතිවරණයේ දී නිදහස් පාක්ෂිකයන් පක්ෂය පාවා දෙන අයට හොඳ පාඩමක් ඉගැන්නුවා. ඒත් සභාපතිවරයා ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනත් ජනතාවට කොකා පෙන්නුවා. ඊළඟ පාර ජනතාව පාඩම උගන්වන්නේ තමන්ට කොකා පෙන්නපු අයටත් එක්කම බව මතක තියා ගන්න ඕනේ.

අවුරුදු දෙකක් ගත වෙලත් අලුතෙන් පාරක් කොන්ක්‍රීට් කර ගන්න බැරි වෙච්ච හවුල් ආණ්ඩුව සුපිරි ඇමැතිවරයෙක් ගෙනල්ලා සුපිරි සංවර්ධනයක් කරන්න කතා කරනවා. මේවා තමයි නියම විහිලු. වැඩකරන මිනිහට සුපිරි ඇමැතිකම් ඕනෑ නෑ. මං අහන්න කැමැතියි රනිල් මහත්තයා සුපිරි ඇමැති කෙනෙක් වෙන්න යන්නේ රටේ ඉතුරු සම්පත් ටිකත් තුට්ටු දෙකට පිටරටට විකුණලා දාන්නද කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ඉඳන්ම බලයට එන්න හීන දැක්කා. හොඳින් හෝ නරකින් බලය ලබා ගැනීම එතුමාගේ ප්‍රතිපත්තියයි. දැන් සුපිරි ඇමැති‍ කෙනෙක් වෙන්න හීන දකිනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා සුපිරි අගමැති වෙනකම්වත් ඉවසගන්න බැරිව ජනාධිපතිටත් උඩින් ඉන්න සුපිරි ඇමැතිවරයෙක් හදන්න යද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තවම නින්දෙන් ඇවිදිනවා.

ඒකාබද්ධ විපක්ෂයේ අපි අගමැතිවරයාගේ හීනය සැබෑ වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ රටට ඕනෑ සුපිරි ඇමැතිවරයෙක් නෙමේ. රටට දැන් ඕනෑ විදේශිකයන්ට කොන්ද නොනමන, රටේ සම්පත් ආරක්ෂා කරන, ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න සුපිරි ජනාධිපතිවරයෙක්. එක එක්කෙනාට ඕනෑ විදියට රට කරගන්න ඉඩ දීලා ලෝකේ වටේ සවාරි යමින් ඉන්න ජනාධිපතිවරයෙකුගෙන් අපට වැඩක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

දැඩි තීරණයක් ගන්න මහ ඇමතිවරු රැස්වෙයි ( srilanka-politics )

දැඩි තීරණයක් ගන්න මහ ඇමතිවරු රැස්වෙයි



සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රධාන අමාත්‍යවරුන් අද රැස්වනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කිරීමක් වන බවයි.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත කැබිනට් අනුමැතියෙන් පසු පසුගිය නොවැම්බර් මස 25 වනදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එය පළාත් සභාවල අනුමැතිය සඳහා මේ වන විට ආණ්ඩුකාරවරුන් හරහා ඉදිරිපත් කර තිඛෙනවා.

මෙරට කඩිනම් ආර්ථික සංවර්ධනය ඇතුළු සියලු විෂයන් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අදාළ පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිඛෙනවා.

ඒ අනුව තීරණ ගැනිමේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් පිහිටුවීමට පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇති අතර එම පනත යටතේ මණ්ඩල කිහිපයක් සහ නියෝජිත ආයතන පත් කිරීමට ද නියමිතයි.

පනත් කෙටුම්පතේ 51 වන වගන්තියෙන් දක්වා ඇත්තේ පනත යටතේ පිහිටුවන ආයතනයක හෝ මණ්ඩලයක සද්භාවී ක්‍රියාවකට එරෙහිව කිසිඳු සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරිය නොහැකි බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි ( srilanka-politics )

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි



නව ව්‍යවස්ථාවෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ විධායක බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කර, ආණ්ඩුකාරවරයා නාමිත තනතුරක් බවට පත්කල යුතු බව උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය රජයට යෝජනා කර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මහජන අදහස් කැදවූ අවස්ථාවේදීද දෙමළ ජාතික සන්ධානය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. මේ පිළිබදව අදහස් දක්වමින් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සදහන් කර ඇත්තේ, ආණ්ඩුකාරයා යන වචනයෙහි පවා අසීමිත බලයක් අඩංගු වන බැවින් ඔහුගේ අවසරයකින් තොරව පළාත්සභාවල සෙසු නියෝජිතන්ට කිසිවක් කළ නොහැකි තත්ත්වයත් උද්ගතව ඇති බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

උතුරු පළාත්සභාවේ යෝජනාව මෙසේ වුවද සෙසු පළාත් සභා යෝජනා කර තිබෙන්නේ වර්තමාන ව්‍යවස්‌ථාවේ ප්‍රකාරව පළාත් ආණ්‌ඩුකාරවරයාගේ බලතල ක්‍රියාත්මක විය යුතු බවය. වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පළාත් සභාවට පැනවිය හැකි ප්‍රඥප්ති පිළිබඳ කරුණුවලට පමණක්‌ ආණ්‌ඩුකාරවරයාගේ විධායක බලතල සීමාවේ. පළාත් ඇමැති මණ්‌ඩලයේ උපදෙස්‌ මත සහ ආණ්‌ඩුකාරවරයාගේ අභිමතය ඇතිනම් පමණක් විධායක බලතල ක්‍රියාත්මක කිරීමේ හැකියාව දැනට ඇත.

මේ අතර නව ව්‍යස්ථාවක් සැකසීම සදහා අගමැතිවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාවෙන්ද උතුරු පළාත්සභාවේ ඉහත ඉල්ලීම ලබා දීමට යෝජනා කර ඇත. විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පළාත් ආණ්ඩුකාර තනතුර නාමික තනතුරක් බවට පත්කර විධායක බලතල හැසිරවීමේ බලය පළාත්සභාවලට ලබා දීමට එමගින් යෝජනා කර ඇත.

අනු කමිටු වාර්තාව –  පිටුව 14


මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, පළාත් සභා සදහා විධායකයට සහ මධ්‍යම රජයට මැදිහත්වීමේ අවස්ථාව ගිලිහී යනු ඇති අතර පළාත් සභාවලට සිය අභිමතය අනුව ස්වාධීන තීරණ ගැනීමේ බලය ලැබෙන ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රාජපක්ෂලාට බැන්නට වැඩක් නෑ.. අපේ වියදම අඩු කරන්න ඕනෑ.. – දයා ගමගේ ( srilanka-politics )

රාජපක්ෂලාට බැන්නට වැඩක් නෑ.. අපේ වියදම අඩු කරන්න ඕනෑ.. – දයා ගමගේ



ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ විදේශීය කුරුදු ‘ශ්‍රී ලංකා කුරුදු‘ නමින් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම නැවැත්වීමට තමා විසින් කටයුතු කරනු ලැබූ බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, මෙම ජාවාරම තුළින් දේශීය වගාකරුවන්ගේ වෙළදපොළ මෙන්ම ශ්‍රී ලංකාවේ කුරුදුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීමට විශාල තර්ජනයක් එල්ල වූ බවයි.

තමන් විසින් අමාත්‍යමණ්ඩලය වෙත යොමු කළ ඉල්ලීමක් අනුව, මෙලෙස මැඩගස්කරය වැනි රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් අඩු කුරුදු ශ්‍රී ලංකාවට ආනයනය කර, පසුව ඒවා ශ්‍රී ලංකාවේ කුරුදු යන නාමය යටතේ වෙනත් රටවලට අපනයනය කිරීම මෙන්ම සමස්ත කුරුදු ආනයනය නැවැත්වීමට හැකි වූ බව දයා ගමගේ මහතා කියා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික් කුරුදු වගාකරුවන්ගේ සංගමය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව වාර්ෂිකව සංවිධාන කරන ‘නැවුම් කුරුදු මංගල්ලය‘ සදහා සහභාගී වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙම උත්සවය පසුගිය සෙනසුරාදා (17) ගාල්ල සීනිගම දේවාල භූමියේ දී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ ද සදහන් කළේය…

“මට අවශ්‍ය කරනවා අපේ රටේ පුළුවන් තරම් කුරුදු වැඩිපුර වවන්න. හැබැයි අපි වෙළදපොළ ආරක්ෂා කරගන්න අවශ්‍යයි. දැන් පහුගිය දවස් වල සිදු වුණු මැඩගස්කර කුරුදු ලංකාවට ගෙනත් ලංකාවේ කුරුදු කියලා අපනයනය කිරීමේ ජාවාරම අපි නැවැත්තුවා. මම කැබිනට් මණ්ඩලයට යෝජනාවක් යොමු කරලා, මොනම විදිහකින්වත් කුරුදු ආනයනය කරන්න බෑ කියලා තීරණයක් ගත්තා. මොකද, චීනය වගේ රටවල් වල තියනවා කුරුදු වගේ සමාන පෙණුමක් තියන ඒ සුවද තියන කැසියා. ඒවා මොනම විදිහකින්වත් ගුණාත්මකභාවයෙන් අපේ කුරුදු වලට සමාන කරන්න බෑ. අපේ කුරුදු වලින් අපිට පුළුවන් දියවැඩියාවට පිළියම් දෙන්න. ඒ ඖෂධීය ගුණය තියෙන්නේ කුරුදු වල විතරයි.

ඒ විතරක් නෙවෙයි, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් අපි බලාපොරොත්තු වෙනවා කුරුදු, ගම්මිරිසි සහ තුනපහ – කුළුබඩු වර්ග වල වගාවන් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මීට සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා අඹ, අන්නාසි වගේ වගාවන් ව්‍යාප්ත කරන්න.

මගේ අමාත්‍යාංශය යටතේ කෘෂි අධිකලාප 23ක් ඇති කරන්න කටයුතු කරනවා. ඒකෙන් එකක් ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කරනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම, ධීවර අධිකලාප දහයක් ඇති කරන්න කටයුතු කරනවා. ඒකෙනුත් එක ධීවර අධිකලාපයක් අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට අපි කුරුදු අපනයනය කරලා ගන්නේ මිලියන 250ක් විතර. මට අවශ්‍ය කරනවා මේ ප්‍රමාණය ඩොලර් මිලියන දහසක් වෙනකල් වැඩි කරන්න. විශේෂයෙන්ම අපේ බලාපොරොත්තුව තමයි කුරුදු වලින් ඉහළ ආදායමක් ලබා ගන්න එක.“

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා, කුරුදු මංගල්ලය පෙරහැර ඉදිරියේ දී සංවිධාන කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

“මේ නැවුම් කුරුදු මංගල්ලය විශාල පෙරහැරකුත් එක්ක අපි ලබන අවුරුද්දේ සංවිධාන කරන්න ඕනි. මේක වෙළදපොළට යම් කිසි වටිනාකමක් ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ පළාතේ ඉන්න සංචාරකයින් මේ පෙරහැරට සම්බන්ධකරගෙන නුවර පෙරහැර වගේ අලංකාරවත් විදිහට මේ පෙරහැර සංවිධාන කරන්න. එතකොට ඒක තුළින් තමුන්නාන්සේලාගේ නිෂ්පාදන වලට ඉහළ වටිනාකමක් ලබා ගන්න පුළුවන්“

එසේම, තවදුරටත් අදහස් දැක්වූ ඔහු වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද මෙසේ අදහස් දක්වා සිටියේය.

“අපේ අයවැයෙන් 72.5%ක් අපි වෙන් කරලා තියෙන්නේ ගිය ආණ්ඩුව ගත්ත ණයවල පොළියටයි රජයේ සේවකයින්ගේ පඩියටයි. එතකොට බිලියන 700ක් අනෙක් වෙන් කරපු මුදල් වලින් තමයි අපේ දරුවන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොහොර සහනාධාරයට, සමෘද්ධි වගේ හැම සහනාධාරයක්ම ඇතුළුව සංවර්ධන වැඩවලට වෙන් කරන්න තියෙන්නේ.

එතකොට අපි මේ අවුරුද්දේ වැට් වලිනුයි වෙන බදුයි දාලා එකතු කරගන්න මුදල් වලින් සියයට අනූ හතක්ම වෙන් කරන්නේ පරණ ගත්ත ණය-පොලී ගෙවන්න. එතකොට අපි තව බිලියන 1500ක් විතර ණය ගන්න ඕනි ඉතුරු වැඩ ටික කරන්න. එතකොට මේ ගන්න ණය වල පොළිය ලබන අවුරුද්දේ අයවැයට එකතු වෙනවා.

එතකොට මේකෙන් කොහොමද ගොඩ එන්නේ. මේකට රාජපක්ෂලාට බැන්නට වැඩක් නෑ. ඒක නිසා තමයි තමුන්නාන්සේලා අපිව පත් කළේ. එක විදිහයි තියෙන්නේ. අපි අපේ රටේ ආදායම වැඩි කරන්න ඕනි. වියදම අඩු කරන්න ඕනි. මෙ විතරයි මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන්.“

– භාරත තෙන්නකෝන්

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

රනිල්ගේ සුපිරි ඇමතිකම් ගැන කියා බැසිල්ට පහර ගහන්න ගිය ඩිලාන් පෙරේරා සහෝදර කැබිනට් ඇමතිගෙන් ඉල්ලන් කයි (srilanka-politics )

රනිල්ගේ සුපිරි ඇමතිකම් ගැන කියා බැසිල්ට පහර ගහන්න ගිය ඩිලාන් පෙරේරා සහෝදර කැබිනට් ඇමතිගෙන් ඉල්ලන් කයි



ඩීලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවමින් නිරන්තරයෙන්ම රජයට සම්බන්ධ නැති පාර්ශවයන්ට රජය සමඟ ඩීල් ඇතයි චෝදනා කරමින් අමුතුම දේශපාලන ගමනක් යෑමට පටන් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් කාලයක් එම රජයේ අනිකුත් පාර්ශවය නිහඬව සිටියත් එන්න එන්නම රජය අපහසුතාවයට පත්කරමින් සියලුම රජයේ ප්‍රතිලාභ ලබමින් එසේ ක්‍රියා කිරීමට විරෝධය පලකිරීමට රජයේ අගමැතිවරයාගේ පාර්ශ්වය පිලිතුරු දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.

අගමැතිවරයාගේ සුපිරි අමාත්‍ය ධූරය ගැන කියමින් මහින්ද රාජපක්ෂ යුගයේ සිදු කල සංවර්ධන වැඩසටහන් අවමානයටත් අවප්‍රමාණයටත් ලක් කිරීමටත්, එම රජයේ ආර්ථික සංවර්ධන කටයුතු භාර හිටපු අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂට ඒ හරහා අවලාද නැගිමත් සිදු කරයි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ යෝජිත සුපිරි ආර්ථික අමාත්‍ය ධූරය ද විවේචනයට ලක් කිරීමටත් ඒ හරහා තමන් රජයේ කොටස් කරුවකු නොවන බව ජනතාව හැගවීමට ගත් උත්සහය ලත් තැනම ලොප් කිරීමට ආණ්ඩුවේ ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වහාම කටයුතු ආරම්භ කොට ඇත.

ඩීලාන් රාජ්‍ය අමාත්‍යවරයාගේ සුපිරි ඇමති කතාවට පිලිතුරු දෙමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රීලංකාව දියුණු කිරීමට නම් එවැනි සුපිරි ඇමතිවරයකු අත්‍යවශ්‍ය බවයි. එක පැත්තකින් රට සිංගප්පූරුවක් මැලේසියාව කරන්න කතාකරන ගමන් එම රටවල් එසේ දියුණුව ලගා කර ගත්ත ආකාරය සහ ඒ වෙනුවෙන් භාවිතා කල සුපිරි බලතල ගැන කතා නොකිකිරීම විහිලුවක් බවත් රට සංවර්ධනය කිරීමට අවශ්‍යයි නම් ඊටත් වඩා බලතල ආර්ථික සංවර්ධනය කටයුතු සඳහා ලබාදිය යුතු බව ඔහු පවසයි. ඒ සුපිරි බලතල ලබාදීමට අවශ්‍ය කටයුතු පාර්ලිමේන්තුව හරහා කිසිම පැකිලීමකින් තොරව ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීට පෙර යූ එන් පී එකේ පසුපෙල මන්ත්‍රීවරුන් තිදෙනෙකු හරහා ඩීලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ ඉන්න බැරි නම් එලියට යන්න ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවේ සියලු වරප්‍රසාද සහ පහසුකම් ලබමින් ආණ්ඩුව විවේචනය කරන්න එන්න එපා යයි දැඩි විවේචනාත්මක ප්‍රහාරයක් එල්ල කොට එය පහව යන්න පෙර රනිල් වික්‍රමසිංහ රජයේ ජේෂඨ අමාත්‍යවරයකු මෙසේ පැවසීම තුල තවදුරටත් ඩිලාන් පෙරේරාට රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීමට නොහැකි වනු ඇතැයි විචාරක මතයයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්



වර්තමානයේ කරළියට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුගේ මෙගා ඩීල් සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්වීමේදී කථාබහක් ඇතිවිය.

කොළඹ වරාය සම්බන්ධ ගැටලුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියා ඇත්තේ ‘කනවානම් එකතු වෙලා කමු. ඕගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බැහැ‘ යනුවෙනි.

ඔහු ව්‍යංගයෙන් කියා ඇත්තේ රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ දූෂණ වංචා පිළිබඳව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)


බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පක රණවකට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් පිළිබදව Slvlog වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස කරුණු හෙළිකර තිබෙනවා



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බැදුම්කර මාධ්‍ය ජාලයක් එයි.. ටීවී තුනක්.. රේඩියෝ හයක්.. පත්තර හයක්.. වෙබ් අඩවි තොගයක්.. ( lanka-banck )

බැදුම්කර මාධ්‍ය ජාලයක් එයි.. ටීවී තුනක්.. රේඩියෝ හයක්.. පත්තර හයක්.. වෙබ් අඩවි තොගයක්..



මහ බැංකුවේ බැදුම්කර වංචාවට සෘජුව චෝදනා එල්ල වී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණ වන පර්පෙච්චුවල් ටෙ‍්‍රෂරීස් සභාපති අර්ජුන් ඇලෝසියස් විසින් එන අවුරුද්දේ මුල සිට දැවැන්ත මාධය ජාලයක් ආරම්බ කිරීමේ කටයුතු සියල්ල සූදානම්ව ඇත.

වාර්තා වන තොරතුරු අනුව රූපවාහිනී නාලිකා තුනක්, ගුවන් විදුලි නාලිකා තුනක්, වෙබ් අඩවි ගණනාවක්, පුවත් පත් හයකින් ආරම්භ කිරීමට නියමිතය.

පළමුව සිංහල පුවත්පත් මෙම මාධ්‍ය ජාලය විසින් අරඹණ අතර ඉන් පසු ඉංග‍්‍රිසි හා දෙමල පුවත්පත්ද විද්‍යුත් මාධ්‍ය ඉන් පසුවද ආරම්භ කිරීමට නියමිතය.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියා Face Book පාලනයට නව නීති ගෙනේ

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියා Face Book පාලනයට නව නීති ගෙනේ.



ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ලෙස ක‍්‍රියාත්මක වන සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට රජය තීරණය කර ඇත.

මෙතෙක් අන්තර්ජාලයේ වෙබ් අඩවි සම්බන්ධයෙන් නීති මෙතෙක් මෙරට නොතිබුණ අතර නව නීති නව පනතක් මගින් ගෙන ඒමට රජයෙ බලාපොරොත්තු වෙයි.

මෙරට දුරකථන සමාගම හරහා මෙම නීති අනුව අදාල ගිණුම් සම්බන්දයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට යෝජිතය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ. (srilanka-politics )

වරාය විකිණීමට ජනපති විරුද්ද වේ.. රනිල්ට-මලික්ට තනි තීරණ ගන්න දෙන්න බෑ..- දේශපාලනය ගිනියම් වේ.



හම්බන්තොට වරාට චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී ඔහු මෙසේ කියා සිටියේය.

තමන් මෙන්ම වරාය ඇමති අර්ජුන රණතුංගද දැඩි විරෝධය පල කර තිබියදී මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සමරවික‍්‍රම විසින් බවද ඔහු එහිදී පැවසීය.

ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.



මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

බොරු ස්වාධීන කතා නිමයි.. සමන් රත්නප‍්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. (srilanka-politics )

බොරු ස්වාධීන කතා නිමයි.. සමන් රත්නප‍්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට



ලබන වසරේ දී පාර්ලිමේන්තුවට අලුත් මුහුණු පහක් හඳුන්වා දීමට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි සිවිල් සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ එජාපයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉවත් කර ඒ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයන් අතරින් විෂය දැනුමක් සහිත ප්‍රබල ක්‍රියාකාරිකයන් පස්දෙනකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිතය.

නව නියෝජිතයන් පත් කිරීමත් සමඟ ඉවත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සඳහා තානාපති ධුර හෝ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත තනතුරු ලබා දීමට ද සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ නම ද යෝජනා කෙරී ඇති අතර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඔහුට සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය පිරිනැමෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයකු පැවසීය. ජනාධිපතිවරයා යෝජනා කර ඇති සෙසු පුද්ගලයන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් හෙළිදරව් වී නැත.

එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ප්‍රකට ලේඛකයකු වන ගාමිණී වියන්ගොඩ මහතාගේත් වෘත්තීය සමිති නියෝජිතයකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සමන් රත්නප්‍රිය මහතාගේත් නම් යෝජනා කෙරී ඇත. ජාතික ලැයිස්තු නව නියෝජිතයන් පත් කිරීමත් සමඟ අමාත්‍ය ධුර කිහිපයක් ද සංශෝධනය කෙරෙනු ඇත.

ජාතික ලැයිස්තු නියෝජිතයකු ලෙස තමාට අමාත්‍ය ධුරයක් භාරගන්නැයි ජනාධිපතිවරයා යෝජනා කළේදැයි ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ “අමාත්‍ය ධුරයක් පිරිනමන බවක් එතුමා කිව්වේ නැහැ. හැබැයි සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ දැනට පවතින අඩුපාඩු පිළිබඳ එතුමා එක්ක මම සාකච්ඡා කළා. ඒ වෙලාවේ කිව්වා ධර්මේ ප්‍රශ්න තියෙනවනම් කලාකරුවන් එක්ක සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න මැදිහත් වෙන්න කියලා.

දැනට නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටලුත් සංස්කෘතික ක්ෂේත්‍රයේ පවතින ගැටලුත් මම එතුමා එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේක මගේ විෂයනේ. ඉතින් එතුමා කිව්වේ මේ වැඩේට මැදිහත් වෙන්න කියලා. කොහොම වුණත් මගේ ක්ෂේත්‍රයේ වැඩක් කරන්න අවස්ථාව ලැබෙනව නම් මම ඒක භාරගන්නවා. ජනාධිපතිතුමා මා එක්ක මේ ගැන සාකච්ඡා කළේ එක්සත් ජාතීන්ගේ සමුළුවට යන වෙලාවේ. මමත් ඒ ගමනට නියෝජිතයෙක් විදිහට සහභාගි වුණා. කොහොම වුණත් එවැනි තනතුරක් ලැබුණොත් භාරගන්නවා. වැඩෙත් කරනවා” කියාය.

දයා නෙත්තසිංහ
– sathhanda.lk

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සිපෙට්කෝ බාල පෙට‍්‍රල් බෙදයි.. තැන තැන පොම්පත් කැඬේ. ( srilanka news )

සිපෙට්කෝ බාල පෙට‍්‍රල් බෙදයි.. තැන තැන පොම්පත් කැඬේ.



තෙල් සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සිදුව ඇති දෝෂයක් හේතුවෙන් ප‍්‍රමිතියෙන් තොර වූ පෙට‍්‍රල් බෙදා හැරීමක් නිසා ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල්වල පොම්ප අක‍්‍රිය වී ඇති බව වාර්තා වෙයි.

මෙම ප‍්‍රමිතයෙන් තොර ඉන්ධන මෝටර් රථවලට යෙදුවහොත් එන්ජිමේ කාර්යක්ෂමතාවය ගැටළුකාරී තත්වයට පත්වන බවද සදහන්ය.

තෙල් පිරිපහදුවේ පිරිපහදු ක‍්‍රියාවලිය ඇණහිටීම සිදුව ඇත්තේ කැට්ලිස් නමැති උත්පේරකය විනාශ වී යාමක් නිසා බවද හෙලිව ඇත.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network