ශ‍්‍රී ලංකා-රුසියා හොද හිත පළුදුවීමට ඉතා ආසන්නයි.. – රුසියාව ශ‍්‍රී ලංකාවට දන්වයි.. (Russian vs Srilanka )

ශ‍්‍රී ලංකා-රුසියා හොද හිත පළුදුවීමට ඉතා ආසන්නයි.. – රුසියාව ශ‍්‍රී ලංකාවට දන්වයි..



ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර ඇති හොද හිත පළුදුවීමේ ඉඩක් ඇති බව කොළඹ සිටින රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කේ. කරවිච් මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් ඇස්බැස්ටෝස් ආනයනය තහනම් කිරීම මීට හේතුව බවද පවසන ඔහු මේ පිළිබඳ නැවත සලකා බලන්නැයිද ඉතා උනන්දුවෙන් රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටී.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තම යෝජනා ඉදිරිපත් කර ඇති බවද පවසන රුසියානු තානාපතිනරයා දෙපාර්ශවයටම එකඟ විය හැකි එකඟතාවකට පැමිණීම අවශ්‍ය බවද සදහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇස්බැස්ටෝස් ආරක්‍ෂිතව භාවිතකා කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාව දැනුවත් කිරීමට රුසියානු විශේෂඥයින් යෙදවීමටද තම රජය සූදානම් බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network