එක්‌ දිනකට උපයන ආදායම රුපියල් එක්‌කෝටි අසූලක්‍ෂයක්‌ බවට ගණන් බල ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. road srilanka

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන වලින් එක්‌ දිනකට උපයන ආදායම රුපියල් එක්‌කෝටි අසූලක්‍ෂයක්‌ බවට ගණන් බල ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාර්ග දෙකේ දෛනිකව වාහන 67,000 ක්‌ පමණ ධාවනය වන බවද එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා පවසයි.

#ගිය වසරට සාපේක්‌ෂව දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය 10,000 කින් පමණ #වැඩිවී ඇතැයි ද හෙතෙම කීය.

සති අන්ත දිනයන්හිදී මෙම මාර්ගයේ දෛනික වාහන ධාවනය 50,000 ඉක්‌මවන බව ද හෙළිවී ඇත.

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ දිනකට සාමාන්‍ය වශයෙන් වාහන 43,000 ක්‌ද කටුනායක අධිවේගී මාර්ගයේ දිනකට වාහන 24,000 ක්‌ද ධාවනය කෙරේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network