වෛද්‍ය වර්ජනයෙන් රජයේ රෝහල් අනාථයි.. පුද්ගලික රෝහල් කල්ල මරේ… (srilanka today)

වෛද්‍ය වර්ජනයෙන් රජයේ රෝහල් අනාථයි.. පුද්ගලික රෝහල් කල්ල මරේ…



අයවැය යෝජනාවලින් නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට විරුද්දව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ රට පුරා රෝහල්වල එක්දින වැඩ වර්ජනයක් පවත්වමින් සිටී.

මේ හේතුවෙන් එම රෝහල්වල ප‍්‍රතිකාර සේවා නැවතී තිබේ.

කෙසේ වෙතත් රට පුරා බොහෝ පුද්ගලික රෝහල් මෙන්ම පුද්ගලික වෛද්‍ය වධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදුවන බවද වාර්තා වෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මව්බිම සේවකයින් සිය ගණනක් එකවර ඉල්ලා අස්වේ… ලක්‍ෂ ගණන් පඩිවලට ‘බැදුම්කර’ පත්තරේට යයි ( srilanka local news)

මව්බිම සේවකයින් සිය ගණනක් එකවර ඉල්ලා අස්වේ… ලක්‍ෂ ගණන් පඩිවලට ‘බැදුම්කර’ පත්තරේට යයි..



මව්බිම පුවත් පතේ සේවය කරන 20ක පමණ පිරිසක් අද දිනයේ ඉන් ඉල්ලා අස්වීමට තීරනය කර ඇති බව වාර්තා වෙයි.

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ආරම්බ කිරීමට නියමිත මාධ්‍ය ජාලයකට එක්වීම සදාහ මෙම පිරිස මෙසේ ඉල්ලා අස්වන බව සදහන්ය.

ඉදිරි දින කිහිපයේදීද තවත් සේවකයින් මියයක ආසන්න පිරිසක් ඉන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වෙයි.

අර්ජුන් ඇලෝසියස් විසින් ආරම්භ කිරීමට නියමිත නව මාධ්‍ය ජාලය සදහා ඉහල වැටුප් ලබා දෙන බවට පද පොරොන්දුව මත මෙම පිරිස මෙසේ ඉල්ලා අස්වී ඇතැයිද පැවසෙයි.

මේ තත්වය මත ඉදිරියේදී මව්බිම පුවත්පත පවත්වාගෙන යා නොහැකි තත්වයට පත්වනු ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘යහපාලන Top 10’ හතරවැනියා හෙලි කරන්න පෙර මහින්දානන්ද ඉදිරියේ වැද වැටේ.. (top 10)

‘යහපාලන Top 10’ හතරවැනියා හෙලි කරන්න පෙර මහින්දානන්ද ඉදිරියේ වැද වැටේ..


තමන්ගේ අමාත්‍යංශයේ කිසිම වංචාවක් දුෂණයක් නැති බවත් ඒ ගැන සොයා පලක් නැති බවත් පවසමින් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට දුරකනතයෙන් අමතා තිබේ.

‘යහපාලන ටොප් ටෙන්’ හොරු ලෙස නම් කර ඇති ලයිස්තුවේ මීලග අංකය වන අංක 04 හිමිව ඇති ඇමතිවරයා මෙසේ පින්සෙන්ඩු වන්නේ යයිද වාර්තා වෙයි.

පළමුවැනියා අගමැති රනිල්ද, දෙවැනියා මුදල් ඇමති රවි කරුණානායකද, තුන්වැනියා ඇමති මලික් සමරවික‍්‍රමද ලෙස මේ වන විටත් හෙලි කර අවසන් අතර  මීලග අංකය ඉදිරි දින කිහිපයේ හෙලි කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු පිරිස සූදාම් වෙයි.

මෙම වැඩපිලිවෙල යටතේ ප‍්‍රධානතම දස දෙනෙකුත් ඉන් පසු සෙසු සියල්ලත් සතියෙන් සතිය හෙලි කරන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

යහපාලනය නාමයෙන් අපී තමිල් ඊළාම් පිහිටුවනවා -වී.රුද්‍රකුමාරන් ( srilanka l.tt.e )

යහපාලනය නාමයෙන් අපී තමිල් ඊළාම් පිහිටුවනවා -වී.රුද්‍රකුමාරන්



දෙමළ ඊළාම් ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය දෙමළ ජනතාව සඳහා වන ස්වයං-නිර්ණ අයිතිය ඉතාමත් නුදුරේදිම ලැබෙනු ඇති බවත් දෙමළ ජනතාවගේ ආවරණය වන අප ඉදිරිපිට පවතින යහපාලනය නාමයෙන් ඒ සදහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව දෙමළ ඩයස්පෝරාවට අයත් ගෝලීය දෙමළ සංවිධානයේ ප්‍රධානී වී. රුද්‍රකුමාරන් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ගේ මහවිරු දිනයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

යහපාලන ආණ්ඩුවේ සැලැස්මට මත පදනම් වූ, ස්වයං-නිර්ණ දෙමළ ජනතාවගේ අයිතිය වෙනුවෙන් දේශපාලන විසඳුමක් පමණක් ජාත්යන්තර තමිල් ඊළාම් රජයේ අගමැති විරුවන්ගේ සිහිනය සැබෑ කරන්නට වැඩ කිරීමට ද යෙදිය හැකි බවයි ඔහු සිය නිවෙදනය හරහා අවධාරණය කර ඇත්තේ

යහපාලනය, දෙමළ ජනතාව තේරුම් ගත හැකි බව පාලනයක් බවත් දෙමළ ජනතාවට එරෙහිව විපක්ෂය මෙන්ම බෞද්ධයන් පෙනී සිටින බවත් කවුරුන් කොතරම් විරුද්ධ වුවත් දෙමළ ඊළාම්, රණවිරුවන් ඔහුන්ගේ ඉලක්ක වෙනුවෙන් සෑම විටම සටන් කරන බවද එම නිවේදනයේ දක්වා තිබේ.

ඊලාම් දෙමළ ජාතියේ සැලසුම් විනාශ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, අපේ සදාචාරාත්මක පැවැත්ම, ආරක්ෂාව පවත්වාගෙන යාම හා ආයුධයක් රැගෙන අප සටන් කිරිමට සුදානම් බවත් ඇත්ත වශයෙන්ම, අපේ රණවිරුවන් අවශ්ය අවියක් සිංහල බෞද්ධ ආගමික මූලධර්ම නායකයන් උදව් වනවා ඇති බවද එම නිවේදනයේ දක්වා තිබේ.

දෙමළ ඊළාම් විමුක්ති අරගලය සඳහා අරගලයේ විරුවන්, ජාත්යන්තර අවධානය දිනාගෙන ඇත. දෙමළ ජනතාවගේ සියලු හදවත් තුළ ඔවුන්ගේ මතකයන් දෙමළ ජනතාව මැද සදහටම පවතිනු ඇත.

දෙමළ ඊළාම් දෙමළ ඊළාම් විරු ආණ්ඩුව පිහිටුවීමට. අද වීරයෝ ඔබේ සිහින ඉටු සැමරීමට සිහි අපගේ සදාචාරය විය යුතු වේ. මෙම දිනයේ අපි නැවත පොරොන්දුව බලමු බව අවබෝධ කර ගැනීමට ද සමග වැඩ කිරීමට සුදානම් වන්න….

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කණ්නාඩි කණ්ඩායම” කැබිනට්ටුව හොලවයි…අධ්‍යාපණ,කෘෂිකර්ම,ආර්ථික තනතුරු වලට කෙලවෙන ලකුණු ( srilanka parlimant )

“කණ්නාඩි කණ්ඩායම” කැබිනට්ටුව හොලවයි…අධ්‍යාපණ,කෘෂිකර්ම,ආර්ථික තනතුරු වලට කෙලවෙන ලකුණු



නිදහස් දින සැමරුමට පෙර නියත වශයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, මෙහිදී සංශෝධනයට භාජනය විය හැකි අමාත්‍යාංශය හා අමාත්‍යවරුන් පස් දෙනෙකුට වැඩි ගණනක් පිළිබදව ද වාර්තා වෙමින් තිබේ.

කෙසේ නමුත්, මේ වන විට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රජයේ හා දේශපාලනයට සම්බන්ධ ආයතන වෙත යොමු කර ඇති බුද්ධි දූතයින් හා බුද්ධි නිළධාරීන් විසින් හදිසි විශේෂ වාර්තා සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම ‘කණ්නාඩි කණ්ඩායම‘ විසින් සකස් කරන වාර්තා ජනවාරි වන විට සාරාංශ කිරීමෙන් පසු ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යාංශ ඇතුළු දේශපාලනයට සම්බන්ධ ආයතන වල තත්වයන්, ජනතා ප්‍රසාදය, මිල මුදල් පරිපාලනය හා මහජන සබදතා පවත්වාගෙන යාම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව වාර්තා වේ. සේවයන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට නිසි පරිදි නොසැලකීම සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා වෙත ‘කණ්නාඩි කණ්ඩායමේ’ දූතයින් විසින් වාර්තා කර ඇත. දේශපාලන ලොක්කන්ගේ මැදිහත්වීමෙන් සිද්ධ වෙන ඩීල්, ගණුදෙණු, මහජන සේවය පසෙකලා සිදු කරන බිස්නස් මූලික දේශපාලන වැඩ වැනි කරුණු ගණනාවක් පිළිබදව ජනාධිපතිවරයා කෝපයට පත්ව සිටින බව ද සදහන්.

මෙම වාර්තා සදහන් කරන්නේ, කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපනයට හා ආගමට සම්බන්ධ තනතුරු තුනක්, කර්මාන්ත හා කෘෂිකර්මය සම්බන්ධ තනතුරු දෙකක්, ආර්ථිකය සම්බන්ධයෙන් තනතුරු දෙකක් ඇතුළු තනතුරු කිහිපයක් ඉදිරියේ දී වෙනස් වීමට නියමිත බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

කොටි සැමරුවත් හමුදාවට කරන්න දෙයක් නෑ.. – ආරක්‍ෂක ලේකම් ( srilanka army)

කොටි සැමරුවත් හමුදාවට කරන්න දෙයක් නෑ.. – ආරක්‍ෂක ලේකම්


උතුරේ මහ විරු සැමරුම් කලේ මියගිය කොටි සාමාජිකයින් සිහි කරමින් නම් එම කටයුත්ත නීති විරෝධී වුවත් එය ත්‍රිවිධ හමුදාවේ විෂය පතයට අයත් නොවන කාරණයක් යයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ මහවිරු දින සැමරුම් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට ගතහැකි කිසිදු ක‍්‍රියාමාර්ගයක් නැති බවත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බවත්ය.

නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කල යුත්තේ හා ඊට බලය ඇත්තේ නීතිය සහ සාමය අමාත්‍යාංශයටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් යයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

‘ආයේ ආයේ නොම ඉවසන්..’ අන්තරේ විරෝධය කදුළු ගෑස් ගසා පන්නා දමයි.. ( srilanka local news)

‘ආයේ ආයේ නොම ඉවසන්..’ අන්තරේ විරෝධය කදුළු ගෑස් ගසා පන්නා දමයි.



මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද සිදු කරන ලද විරෝධතා පා ගමනට පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබේ.

මෙම විරෝධතාවයට එරෙහිව වැලිකඩ පොලීසිය අධිකරණයෙන් ඉල්ලූ වාරණ නියෝගය ප‍්‍රතික්‍ෂෙප කරමින් අධිකරණය සදහන් කර තිබුණි

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

දෙසැම්බර් 01 වෙනිදා කෝච්චි නැහැ ( local -news)

දෙසැම්බර් 01 වෙනිදා කෝච්චි නැහැ



කරුණු හතරක්‌ මුල් කර ගනිමින් ලබන 01 දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම සඳහා ඉඩම් බැංකුවක්‌ ස්‌ථාපිත කිරීම, අවිධිමත් ලෙස සේවක බඳවා ගැනීම්, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත් කිරීමට සැලසුම් කිරීම, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් අයිතිය නැවත ලබා ගැනීම යන කරුණු මුල් කර ගනිමින් මේ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය සේවා වෘත්තීය සමිති සාමූහික සන්ධානයේ කැඳවුම්කරු ඩබ්ලිව් එම්. ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, අධීක්‍ෂණ කළමනාකරුවන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ, ශ්‍රී ලංකා දුම්රිය ස්‌ථානාධිපති සංගමය, දුම්රිය කර්මාන්තශාලා කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය, ලොකොමටිව් ඔපරේටින් ඔෆිසස්‌ සංගමය, ලංකා දුම්රිය නියාමක සංගමය, ස්‌ථිර මාර්ග සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 50 ක්‌ පමණ මෙම වර්ජනයට සහභාගි වන බවද හෙතෙම පැවසීය.

සිය ඉල්ලීම් සම්බන්ධව ප්‍රවාහන අමැතිවරයා යහපත් ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ගංවතුරින් හානි වු එක් පුද්ගලයකුට රුපියල් 2808යි… ජනපතිට, අගමැතිට කාර් ගන්න ඊට වැඩියි.. UN වාර්තා මෙන්න (Political )

ගංවතුරින් හානි වු එක් පුද්ගලයකුට රුපියල් 2808යි… ජනපතිට, අගමැතිට කාර් ගන්න ඊට වැඩියි.. UN වාර්තා මෙන්න



පසුගිය මැයි මස දිවයිනේ ඇති වූ ගංවතුරින් ප්‍රදේශ ගණනාවක විශාල හානි සිදු වූ විය. මේ නිසා කොලොන්නාව, කඩුවෙල, බියගම, කැළණිය, අවිස්සාවේල්ල, හෝමාගම යන ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක්ම ජන ජීවිතයට හානි විය.

එම අවස්ථාවේ ගංවතුරින් පිඩාවට පත් අසරණ ජනතාව බැලිමට රටේ බලධාරීන් තරගයට මෙන් ගියහ. රටේ ජනතාව රූපවාහිනි නාලිකාවල මග පෙන්වීම සහ දායකත්වය මත හැකි පමණින් පිඩාවට පත් අසරණ ජනතාව උදව් උපකාර කලහ.

රජය ඉල්ලා සිටියේ මෙම විශාල ගංවතුර රටේ ජනතාවගෙන් 301,602 දෙනෙකුට බලපා ඇති බවත් හැකි පමණින් විදේශ මිත්‍ර රටවලින් ආධාර ලබාදෙන ලෙසත්ය. ඒ අනුව නොයෙකුත් රටවලින් අධාර උපකාර මේ රජයට නොඅඩුව ලැබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 2016 මැයි මස 26 දින නිකුත් කල වාර්තාව අනුවද මෙය සනාථ වේ. එම වාර්තාව අනුව හාහි සිදු වූ ප්‍රමාණය 301,602ක්, 104 දෙනෙකු මියගොස් 99 දෙනෙකු අතුරුදහන් වී ඇත.

රජය විසින් පසුගිය ඔක්තෝබර් 4 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත්තේ ගංවතුරින් හානි වූ පුද්ගලයින්ට සහ දේපළ සඳහා වන්දි ගෙවිමටයි. ගංවතුර නිසා හානි වූ 301,602 දෙනෙකුට වන්දි සඳහා රුපියල් මිලියන 847 ක් අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කලහ.

ඒ අනුව මිලියන 847ක මුදල පීඩාවට පත් 301,602ක් අතර බෙදු විට එක් පුද්ගලයකු සඳහා රුපියල් 2808 කි. ඒ අනුව මෙතරම් විශාල හානියක් සිදු වී තම ගෙවල් දොරවල් විනාශ වී තම ඇදිවත පමණක් ඉතුරු වූ අසරණ ජනතාවට දින දෙකක කම්කරුවකුගේ වැටුප වැනි මුදලකින් මිලදී ගැනීමට හැකියාව ඇත්තේ සිමෙන්ති එක කොට්ටයකුත් ගඩොල් කැට දහයකුත් වැලි තාච්චියකුත් දින බාගයක් සඳහා මේසන් බාස් කෙනෙකු සඳහා වැටුප් පමණයි.

එසේ තිබියදී පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාගේ පාවිච්චියට වාහන මිලදී ගැනීමට පමණක් මේ මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කොට ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාව මෙතනින්

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු පාර වසා දමා විරෝධතා.. සරසවි සිසුනුන් විරෝධතා ( srilanka local-news )

සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු පාර වසා දමා විරෝධතා.. සරසවි සිසුනුන් විරෝධතා.



සමෘද්ධි නිලදාරීන් විසිස් පාර්ලිමේන්තු වටරවුමේ ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගය වසා දමා තිබේ.

ඔවුන් මෙසේ විරෝධතාවයේ යෙදෙන්නේ දිවිනැඟුම සංවර්ධන නිලධාරීන්ගේ අර්ථසාධක මුදල් ලබාගැනීම ඇතුළු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමිනි.

මේ අතර සරසවි සිසු සංගම් විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව ටදසට යාමට සූදානම් බව කියමින් පොලිසිය අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි කල ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

අධිකරණය දැනුම් දී ඇත්තේ පොලිිසියට අවශ්‍ය අවම බලය යොදා ඇති විය හැකි මහජන පීඩාවන් වැලැක්විය හැති බවයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

චීනයේ සිට මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක්… පරික්ෂණ පවත්වා වහාම පියවර ගන්න ( Mahinda from china )

චීනයේ සිට මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක්… පරික්ෂණ පවත්වා වහාම පියවර ගන්න



පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ බීජිං නුවර සිට ප්‍රකාශ කළේය. ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බව මෙහිදී සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කවරකු හෝ වගකීම් විරහිත අන්දමින් එවැන්නක්‌ සිදුකර තිබේ නම් කඩිනම් පරීක්‍ෂණයක්‌ මගින් ඒ සියලු තොරතුරු හෙළි කරගෙන ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා සිය චීන සංචාරය තුළදී මෙම ප්‍රකාශය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය සෙනසුරාදා (26 දා) ගාල්ලේ පැවැති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්‌වෙමින් 2015 ජනපතිවරණයට පෙර දිනයේ මහා භාණ්‌ඩාගාරය මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිල්වලා ව්‍යාපෘතියට නිකුත් කර ඇතැයි සිදු කළ අනාවරණය පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

කවරකු හෝ මෙවැන්නක්‌ කර තිබේ නම් එය කාගේ නියෝගයෙන් සිදු කළේදැයි යන්න අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක්‌ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

 පළාත් සභාවකට ඉඩම්, පොලිස් බලතල ලැබුණොත් ඒවා කෙසේ යොදා ගනීවිද?‘ (lankapolitcs)

'උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියන ජාතිවාදී නායකත්වයක් සහිත පළාත් සභාවකට ඉඩම්, පොලිස් බලතල ලැබුණොත් ඒවා කෙසේ යොදා ගනීවිද?‘
- ජානිපෙ නායක විමල් වීරවංශ


‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියා පවසන ජාතිවාදී නායකත්වයක් සහිත පළාත් සභාවකට නව ව්‍යවස්ථාවකින් ඉඩම්, පොලිස් බලතල, පූර්ණ පළාත් රාජ්‍ය සේවා කොමිසමක්, ප්‍රඥප්ති සැදීමේ බලය වෙනුවට නීති හැදීමේ බලය සමඟ පරමාධිපත්‍ය බලය ද ලබා දුන්නොත් ඒවා අනිවාර්යෙන්ම ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් යොදා ගනු ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එසේ තිබියදී නව ව්‍යවස්ථාවෙන් ඉහත බලතල ලබා දීමට අදාළ නිර්දේශ, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘මධ්‍යම - පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාවේ’ ඇතුළත් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

‘රට අනතුරේ කළ යුත්තේ කුමක්ද?’ යන මැයෙන් ඊයේ(27) හංවැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී දේශනයක් පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ අදහස් දැක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපේ මව් පොළොව ඉදිරියේ තියුණු අභියෝගයක්, අන්තරායක් මතු වන සෑම අවස්ථාවකම ඉතිහාසය විසින් මේ විදියට එකතු වන ලෙස අපට බල කරනවා. නිසි ලෙස හඳුනානොගත්තොත් අප ඉදිරියේ වන කිසිදු අභියෝගයක් පරාජයට පත්කිරීමට බැහැ.

මේ දිනවල රූපවාහිනී, පත්තර බලපුවාම මේ රට ඉදිරියේ තිබෙන බරපතළම අභියෝගය ලෙස අපට දැනෙන්නේ, හැඟෙන්නේ කුමක්ද? වාහන දඩ මුදල් වැඩි කිරීමද? අන්තර්ජාලයට පිවිසීමේදී 25%ක අමතර මුදලක් ගෙවීමට සිදුවීමද? මුදල් ඇමතිතුමානම් කියනවා මේ 25% වැඩී වීම සිදු කළේ ‘තරුණ තරුණියෝ ‘Viber’ සහ 'WhatsApp’වලින් Chat කරන නිසා කියලා.(සභාවේ සිනා) ‘ශ්‍රී පාද අඩවියේ හෝටලයක් හදනවා’ කියන කතාවද? ‘උතුරේ මිය ගිය කොටි සාමාජිකයන් යාපනය විශ්ව විද්‍යාලය තුළ පහන් පත්තු කරලා සමරනවා. මේ දිනවල වේළුපිල්ලේ පිරබාහරන්ගේ පින්තූරය සහිත පත්තර කොටහේනේ කඩවල විකුණන්න තිබෙනවා’ කියන එකද? අගමැතිවරයා මහ මොළකරු ලෙස සිදු කළ බැඳුම්කර වංචාවද? රට හමුවේ වන තියුණුම අභියෝගය හැර අනෙක් සියල්ලම අද මේ විදියට සමාජය තුළ සංවාදයට භාජනය වෙනවා. එහෙම නම් රට හමුවේ වන තියුණුම අභියෝගය කුමක්ද? ඒ තමයි, රටේ මූලික නීතිය කණපිට හැරවීමට සූදානම් වීම හෙවත් රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැටවීමට යාම.

‘රටේ මූලික නීතිය වෙනස් කිරීම’

රටක මූලික නීතියට අත තියලා හදන අවුල කිසිදාක ලෙහෙසියෙන් නිවැරදි කරන්න බැහැ. 1976 වඩුකොඩෛයි සමුළුවේදී, තිම්පු සාකච්ඡාවලදී දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කල්ලි ටික ඉල්ලපු ඉල්ලීම් ටික අපි හොඳින් දන්නවා. වේළුපිල්ලේ පිරබාහරන්ට කලින් බිහිවුණු මේ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය සැමදා ඉල්ලන්නේ උතුරු- නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ ස්වයං පාලනයක්. අද යුද්ධ කරලා ත්‍රස්තවාදීන් ඉවර කරපු නායකයාට ‘හොරා’ කියනවා. උතුරේදී ත්‍රස්තවාදියාව ‘වීරයා’ කොට සමරනවා. 2015 ජනවාරි 08 වැනිදා ලැබුණු ‘වෙනස’ එයයි. 2009 මැයි 18 වැනිදා ත්‍රස්තවාදය ඉවර කළාට දෙමළ ජාතිවාදී, බෙදුම්වාදය දේශපාලනිකව, මතවාදීව ඉවර වුණේ නැහැ. දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය විසින් අලුත් පරම්පරාවේ ඔළුවලට ඇතුළත්කර තිබූ ජාතිවාදී විස, හරණය කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු විය යුතුව තිබුණා. ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය යුද්ධයෙන් පසුව සිදු වෙමින් තිබියදී තමයි, මේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලිවල සහයෝගයෙන් රනිල් - මෛත්‍රී හවුල බලයට ආවේ. ඒ නිසා මේ පාලනය අලුත් පරම්පරාවේ ඔළුවලට ඇතුළත්කර ඇති ජාතිවාදී විස හරණය කරනවා වෙනුවට විස වර්ධනය කිරිමේ ව්‍යාපෘතියක නිරතව සිටිනවා. එහි තීරණාත්මක පියවරක් ලෙස තමන්ට බලයට එන්න උදව් කරපු දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී කල්ලි ඉල්ලන දොල පිදේනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස ගෙන එන්න තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයලා කඩිනමින් කටයුතු කරමින් ඉන්නේ.

‘නව ව්‍යවස්ථාව කඩිමුඩියේ හැදෙන හැටි’

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරලා, 2017 මාර්තු මාසයට පෙර ජනමතවිචාරණයට දමලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන්න සියල්ල සූදානම්කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නිර්දේශ ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අනුකමිටු 06ක් හැදුවා. ඒ අනුකමිටු 06 පසුගියදා තමන්ගේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වාර්තා පිළිබඳව විවාද කිරීම 2017 ජනවාරි 09 වැනිදා සිට දින තුනක් ඇතුළත අවසන් කළ යුතුයි. ඊට පසුව ඒ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තිබෙන මෙහෙයුම් මණ්ඩලයට යවනවා. එතැනදී අවශ්‍ය නම් පමණක් වෙනස්කම් සිදු කරනවා. නැත්තම් ඒ අනුකමිටු වාර්තාවල ඇතුළත් නිර්දේශවලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හදලා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකට තුනෙන් දෙකක් ලැබුණා කියලා හිතමු. ඊට පසුව ඒ කෙටුම්පත, කැබිනට් අනුමැතියටත් ගිහින් අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළොත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගිහින් ආපසු අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලෙස පාර්ලිමේන්තුවට ඒවි.

‘මධ්‍යම- පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තාව’

2017 ජනවාරි 09,10 හා 11 යන තෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන්නේ ඉහත කී අනුකමිටු 06 විසින් සිය නිර්දේශ ඇතුළත්කොට සැකසූ වාර්තා 06 පිළිබඳවයි. මේ අනුකමිටු 06 අතුරින් සාමාන්‍ය පුද්ගලයකුට තේරුම්ගත නොහැකි නමක් ඇති අනුකමිටුවක් තිබෙනවා. ඒ තමයි ‘මධ්‍යම - පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාව. මේක ‘බලය බෙදීමේ නිර්දේශ ඇතුළත් අනුකමිටු වාර්තාව’ ලෙස නම් කළා නම් කාගෙත් අවධානය යොමු වෙනවා. නමුත් කොළේ වහලා ඉහත කී නම දමලා තිබෙනවා. මේ වාර්තාවේ තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර බලතල බෙදී යන ආකාරය පිළිබඳවයි. මේ වාර්තාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක වුණොත් මධ්‍යම ආණ්ඩුව වාෂ්ප වෙනවා, පළාත් සභාව පූර්ණ බලැති ආයතනයක් බවට පත් වෙනවා.

‘සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම’

චන්ද්‍රිකාගේ පැකේජය හදපු නීතිඥ ජයම්පති වික්‍රමරත්න තමයි රනිල් වික්‍රමසිංහගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ඉල්ලාගෙන ඇවිත් දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ආකාරයට මේ වාර්තාව හැදුවේ. ජයම්පති වික්‍රමරත්න කියන්නේ එන්ජීඕ කාක්කෙක්. උන්නැහේට මේ වැඬේ කරනවාට බටහිර රටවලින් මුදල් ලැබෙනවා. මේ වාර්තාවෙන් නව ව්‍යවස්ථාව සඳහා ප්‍රධාන නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කරනවා. එකක් තමයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව යන දෙකටම අයත් විෂයන් හෙවත් බලතල තමයි මෙහි අන්තර්ගත වූයේ. සමගාමී ලැයිස්තුව ඉවත් කළාම සමගාමී ලැයිස්තුවේ තිබූ විෂයන් සියල්ලම පළාත් සභාවට ලැබෙනවා. දැන් සමගාමී ලැයිස්තුවේ ඇති විෂයන්ට අදාළව පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන්. නමුත් නව ව්‍යවස්ථාවෙන් ඒ බලය පාර්ලිමේන්තුවට අහිමි වෙනවා.

‘ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම ආණ්ඩුවෙන් ඉවත් කිරීම’

ඊළඟට මේ වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා ‘මධ්‍යම ආණ්ඩුව සතු ජාතික ප්‍රතිපත්ති සෑදීමේ බලය ඉවත් කරන්න. එහෙම වුණොත් ජාතික ප්‍රතිපත්ති හදන්නේ කවුද? නව ව්‍යවස්ථාව සම්මත වුණොත් මධ්‍යම ආණ්ඩුවක් නමට තිබෙයි. නමුත් ඒකට ජාතික ප්‍රතිපත්ති හදන්න බැහැ. පළාත් ඒකක 05ක්, 07ක් හෝ 09ක් නිර්මාණය වේවි. ඒවා පළාතට අදාළව වෙන වෙනම ප්‍රතිපත්ති සකස් කරමින් එකිනෙකින් ස්වායක්තව පවතීවි.

‘පරමාධිපත්‍ය බලය බෙදීම’

මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ වශයෙන් කොටස් තුනකට බෙදා තිබෙනවා. විධායක බලය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා විසිනුත් ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා විසිනුත් අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහාත් ක්‍රියාවට නංවනවා. දැනට පවතින රටේ මූලික නීතිය අනුව ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවෙන්නේ එහෙමයි. දැන් මේ වාර්තාවෙන් නිර්දේශ කරනවා, ‘පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පමණක් නොව පළාත් සභාව හා ප්‍රාදේශීය සභාව අතර ද බෙදී යා යුතුයි’ කියලා. මේ හදන්නේ පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට පරමාධිපත්‍ය බලය දෙන්නද? නැහැ. මෙතැන තිබෙන්නේ බෙදුම්වාදී උවමනාවක්. ඉන්දුනීසියාවෙන් නැඟෙනහිර ටිමෝරය වෙන් වී ගියාට පසුව ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් පැවරුවා. නමුත් එහිදී ජාත්‍යන්තර අධිකරණය විසින් තීන්දු කළා ‘නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාව යටතේ පාලනය වන විට එයට පරමාධිපත්‍ය බලය තිබුණා. ඒ නිසා නැඟෙනහිර ටිමෝරය වෙනම රටක් ලෙස පිළි ගන්නවා’ කියලා. ඒ අනුව යමින් අනාගතයේදී පිහිටුවනු ලබන උතුරු- නැගෙනහිර පළාත් සභාවටත් පරමාධිපත්‍ය බලය දෙන්න ඕනෙ. එවිට තමයි කවදාහරි උතුරු - නැඟෙනහිර පළාත් සභාවටත් ජාත්‍යන්තර නීතිය හමුවේ අභියෝග කරලා වෙනම රටක් හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ නිර්දේශය ක්‍රියාත්මක වුවහොත් පළාත් සභාවට සහ ප්‍රාදේශීය සභාවලට පරමාධිපත්‍ය බලය ලැබෙනවා වගේම පළාත තුළ ප්‍රාදේශීය සභා, පළාත් සභාවට යටත් කෙරෙනවා.

‘දිස්ත්‍රික් ලේකම් පළාත් සභාව යටතට’

මෙතෙක් දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු වෙනත් ඉහළ පරිපාලන නිලධාරීන් කටයුතු කළේ මධ්‍යම ආණ්ඩුව යටතේයි. නමුත් ඉහත කී අනුකමිටු වාර්තාවෙන් නිර්දේශ කරනවා, මේ නිලධාරීන් පළාත් සභාව යටතට ගැනීමට. ඒ අනුව රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය මුළුමනින්ම පළාත් සභාව අතට යනවා. රාජ්‍ය සේවයේ දීපව්‍යාප්ත සේවාවන් රැසක් කපා හැරලා ඒවා පළාත් සභාවට පැවරීම, පූර්ණ බලැති පළාත් රාජ්‍ය සේවා කොමිසමක් පිහිටුවීම ආදී නිර්දේශයන් ද මෙහි අඩංගුයි.

‘ඉඩම් සියල්ල පළාත් සභාවට’

ඉඩම් සියල්ල පළාත් සභාව යටතට පත් කිරීමත් මෙහි ඇති තවත් එක් නිර්දේශයක්. නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය වැනි රජයේ ආයතන සතු ඉඩම් ද මේ අනුව පළාත් සභාවට හිමි වන බව මෙහි සඳහන්. අද උතුරේ පන්සල් ඉවත් කරන්න කතා කරන උතුරු පළාත් සභාව මේ ආකාරයට ලැබෙන ඉඩම් බලතල ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් පාවිච්චි නොකර ඉඳීවිද?

‘පොලිස් බලතලත් දෙනවා’

පළාතට අදාළ පූර්ණ පොලිස් බලතල පළාත් සභාවට ලබාදීමටත් මෙමගින් නිර්දේශ කරනවා. මහ ඇමතිවරයා විසින් තමයි පළාත් පොලිස් කොමිසමේ සාමාජිකයන් පත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ‘පළාත් පොලිස් ප්‍රධානියා හෙවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද? කියා තීරණය කරන්නෙත් මහ ඇමතිවරයා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියාත්මක කළ යුත්තේ මහ ඇමතිවරයාගේ නිර්දේශයි. එහෙම වුණාම පුංචි හොඳක් තිබෙනවා. පොලිස්පති පූජිතව වැඩක් නැති වෙනවා. මහ ඇමතිවරයාගේ නිර්දේශ අනුවනේ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු කටයුතු කරන්නේ (සභාවේ සිනා). මෙවැනි නිර්දේශ අඩංගු නව ව්‍යවස්ථාවක් ආවාම උතුරු පළාත් සභාවට ලැබෙන මේ ඉඩම්, පොලිස් බලතල හා රාජ්‍ය පරිපාලන බලය ජාතිවාදී උවමනාවන් වෙනුවෙන් යොදා නොගෙන ඉඳීවිද?

‘පළාත් සභාවට මුදල් බලතල’

පළාත් සභාවට පරමාධිපත්‍ය බලය විතරක් නොවෙයි මුදල් බලයත් ලබා දීමට මෙම අනුකමිටු වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා. විදේශ රටවල් සමඟ ණය ගනුදෙනු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෙමගින් පළාත් සභාවට හැකි වෙනවා.

‘ජාතිවාදී නායකත්වයකට මේ බලතල සියල්ල දුන්විට...’

අද යාපනය විශ්ව විද්‍යාලය තුළ සිංහල සංස්කෘතිකාංගයක් රඟ දක්වන විට සිංහල සිසුන්ට පහර දෙනවා. ඒ වගේම පහන් පත්තු කරලා වේළුපිල්ලේ පිරබාහරන් සමරනවා. ‘උතුරෙන් සිංහල ජනයා ඉවත් විය යුතුයි’ කියලා මහ ඇමති විග්නේෂ්වරන් පාරම්බානවා. එවැනි ජාතිවාදී නායකත්වයක් සහ බලවේගයක් සිටින පළාතකට පොලීසිය පාලනය කිරිමේ බලය, රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කිරිමේ බලය, පළාත් ඉඩම් පිළිබඳ තීන්දු ගැනීමේ බලය, විදේශ රටවල් සමඟ ණය ගනුදෙනු කිරිමේ බලය හා ප්‍රඥප්ති වෙනුවට නීති සැදීමේ බලය ලබා දුන්නාම කුමක් සිදු වේවිද?

රනිල් වික්‍රමසිංහට අවශ්‍ය මේ බලතල සියල්ල ඇතුළත් දොල පිදේනිය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලිවලට දීලා 2017 මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ගිහිල්ලා ‘හොඳ ළමයා වෙන්න.’ ඒකට දැන් කඩිමුඩියේ එයා සූදානම් වෙනවා. එදා මෙවැනි බෙදුම්වාදී උවමනාවන්ට විරුද්ධව රටම පෙළගැස්වූ ජනතා විමුක්ති පෙරමුණ අද මේ ගැන හීන් කෙඳිරියක්වත් නඟන්නේ නැහැ.

2015 ජනවාරි 08 වැනිදා රැවටුණු ජනතාව නිහඬව බලා සිටියා දැන් හොඳටම ඇති. රට, ජාතිය බේරා ගැනීමට නම් මේ ද්‍රෝහී නඩයේ දේශපාලන ගමන නතර කළ යුතුයි. ඒ සඳහා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ජාතිය මහ පාරට බැස්සවිය යුතුයි. ජාතිය පාරට බස්සවන්නනම් මේ විපත පිළිබඳව ජනතාවට හොඳින් තේරුම්කර දිය යුතුයි. ඒ සඳහා ධෛර්යවන්තව කැපවීමට ඔබ සැමට ශක්තිය ලැබේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.11.28
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

#පරිසර_නීති_අභියෝගයට_ලක්_කරන_යහපාලන_ජනපති (prasident sirisena )

#පරිසර_නීති_අභියෝගයට_ලක්_කරන_යහපාලන_ජනපති 



පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රි පාලනයක්‌, ස්‌ථාවර රටක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කරමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිතුමන් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සොබාදහම රැක ගැනීම කොටසේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ වනාන්තර හා වන සතුන් ආරක්‌ෂා කිරීම සඳහා වන විනාශය වැළැක්‌වීම හා සංවේදී පරිසර පද්ධති රැක ගැනීම සඳහා තරාතිරම නොබලා සියලු පරිසර නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරන බවය. නමුත් අද වන විට එවන් තත්ත්වයක්‌ පෙනෙන්නට නොමැත.
වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් කොටිකන්බොක්‌ක වනාන්තරයේ සුදු තිරිවානා (ක්‌වාට්‌ස්‌) ඛනිජය කැණීම සඳහා නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීමට සූදානම් වේ. කිරිඳි ඔයේ අතු ගංගාවක්‌ වන අලිකොට ආරෙහි හා උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන අලිකොට ආර ජලාශය මායිමේ පිහිටි ප්‍රධාන ජල පෝෂක වනාන්තරය වන කොටිකන්බොක්‌ක වනාන්තරයෙන් අක්‌කර 8 ක්‌ පමණ ඉවත් කර මෙම කැණීම් කටයුතු සිදු කිරීමට සූදානම් වේ. නුගේගොඩ, ප්‍රදේශයේ පුද්ගලික සමාගමක්‌ මඟිsන් සිදු කිරීමට නියමිත මෙම මහ පරිමාණ යාන්ත්‍රික කැණීම් කටයුතු සඳහා නීති විරෝධීව අනුමැතිය ලබා දීමට භූවිද්‍යා සමීක්‌ෂණ හා පතල් කාර්යංශය දැඩි පරිශ්‍රමයක නිරත වේ. 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2016.05.10 වන දින අංක 03/02/05/23/ජී.එස්‌.එම්.බී. දරන ලිපිය භූවිද්‍යා සමීක්‌ෂණ හා පතල් කාර්යංශයේ සභාපති වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ 2016.03.31 වන දින අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්‌වීමේ දී ජනාධිපතිතුමන් මෙම කැණීම් කටයුතු සඳහා අවසර ලබා දීමට උපදෙස්‌ ලබා දී ඇති බවය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, අලි - ඇතුන්ගේ ප්‍රධාන වාසස්‌ථානයක්‌ හා ජල පෝෂක වනාන්තරයක්‌ එළි පෙහෙළි කර, උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකරන අලිකොට ආර ජලාශයේ ඉහත්තාව මායිමේ ම මෙවන් මහ පරිමාණ කැණීම් කටයුතු සඳහා අනුමැතිය ලබා දීමට නිර්දේශ කිරීමෙන් පෙනී යන්නේ ලංකාවේ පාරිසරික නීති අභියෝගයට ලක්‌ කරන බවය. 

http://www.divaina.com/2016/11/29/feature02.html
Maithripala Sirisena
Maithri Yugayak
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ආණ්ඩුවේ මැති ඇමතිලාට ගම්වැසියෝ එලව එලවා හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග‍්‍රහයක් බලෙන් භුක්ති විදිති.. [Video]

ආණ්ඩුවේ මැති ඇමතිලාට ගම්වැසියෝ එලව එලවා හූ කියා පන්නා දමති.. ඇමති ෆයිසර්ගේ භෝජන සංග‍්‍රහයක් බලෙන් භුක්ති විදිති..



මාවරමණ්ඩිය බහු කාර්ය මධ්‍යස්ථානය විවෘත කිරීමට ඊයේ දිනයේ ඇමති ෆයිසර් මුස්තාෆා විසින් විවෘත කිරීමට නියමිතව තිබුණද ඊට පෙර එම ස්ථානයට පැමිණි බියගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේගොඩ ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් එම ගොඩනැගිල්ල විවෘත කර රැස්වීම් ශාලාවේ ජනහමුවක්ද පවත්වා එහි තිබු භෝජන සංග‍්‍රහයද භුක්ති වින්දහ.

හිටපු මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්නේ එම ගොඩනැගිල්ල මහින් රාජපක්‍ෂ සමයේ ඉදි කරන ලද්දක් බවත් යහපාලනය යටතේ විවෘත විවෘත කිරීම ප‍්‍රමාද කරන ලද්දක් බවත්ය.

එම ස්ථානයට පැමිණි එජාපයේ මහර ආසන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතාට එහි සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මන්ත‍්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව යන තුරුම ජනතාව හූ කීහ.


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මිල වැඩි කිරීමෙන් පසු දුම්වැටි බදු ආදායම රුපියල් කෝටි 2,400කින් බහී ( economic )

මිල වැඩි කිරීමෙන් පසු දුම්වැටි බදු ආදායම රුපියල් කෝටි 2,400කින් බහී


ආණ්ඩුව විසින් දුම්වැටි මිල ඉහළ නැංවීම නිසා මෙතෙක් රජයට දුම්කොල සමාගමෙන් ලැබුනු මාසික බදු ආදායම රුපියල් කෝටි 200කින් පමණ අඩු වී ඇති බව මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග කියයි.

දුම්වැටි මිල ඉහල දැමමීට පෙර කෝටි 800ක පමණ මාසික බදු ආදායමක් දුම්කොල සමාගම මගින් ලැබුනද මිල ඉහළ දැමීමෙන් පසු එය කෝටි 600 දක්වා අඩුව ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව වසරකට දුම්වැටි බදු ලෙස මෙතෙක් ලැබුණු කෝටි 9600ක බදු ආදායම රුපියල් කෝටි 7200ක් දක්වා අඩුවීමට ඉඩ ඇතැයිද පැවසෙන අතර මිල ඉහළ දැමීමෙන් පසු දුම්වැටි අලෙවිය 15%කින් පමණ පහත වැටී ඇතැයිද සදහන්ය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනපති සිරිසේනට ප්‍රශ්න කීපයක් ! (ඔබ මේ රවට්ටනේ කාවද ? ) Prasident Sirisena

ජනපති සිරිසේනට ප්‍රශ්න කීපයක් !



//නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවාද? එක උදැල්ලක්‌ ගහලා වැඩ පටන් අරගෙන තියෙනවාද? වැටියක්‌ බැඳලා තියෙනවාද? මේ සල්ලි කෝ කවුද සල්ලි ගත්තේ? මේ සල්ලි කොහෙටද ගිහින් තියෙන්නේ. භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට… එතනින් පස්‌සේ චෙක්‌පතට වූ දෙයක්‌ නැහැ. මේවා ගැන පරීක්‍ෂණ කරන එක වැරදිද? මේවා මහජනතාවගේ සල්ලි යෑයිද ජනාධිපතිවරයා මෙහිදී කීය.

භාණ්‌ඩාගාරයෙන් ලිපි ගොනුවක්‌ මට ලැබුණා. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න චීන සමාගමක්‌ සමග 2012 වර්ෂයේ දී මහා භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා රුපියල් මිලියන 1000 ක චෙක්‌පතක්‌. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින එනම් 2015 වර්ෂයේ ජනවාරි 07 වැනිදා නිල්වලා ව්‍යාපෘතිය සඳහා දෙවැනි චෙක්‌පත නිකුත් කරනවා රුපියල් මිලියන 3012 ක්‌. මේ චෙක්‌පත් දෙකේ එකතුව රුපියල් මිලියන 4012 යි.// 

ජනපති සිරිසේන

අපි ජනපති සිරිසේනගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඔබ කියන ලෙස වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්ට භාණ්ඩාගාරයෙන් චෙක් පතක් දී තිබෙනවා. වාරිමාර්ග අමාත්‍යාංශය කියන්නේ වෙන කොහේවත් රටක එකක් නෙමෙයි, ලංකාවේ අමාත්‍යාංශයක්. ලේකම් කියන්නේ රජයේ නිලධාරීයෙක්. ජනපතිවරයා ලෙස ඔබ විසින් වහාම මෙම නිලධාරියා කැඳවා අදාළ මුදලට කුමක් වූයේ ද යන්න වහාම ප්‍රශ්න කළ යුතුයි. ලේකම්වරුන්ට මේ විදියට චෙක්පත් සැහැල්ලුවෙන් ගන්න බැහැ. පසුගිය දා ප්‍රසිදධ කතාවක දී මේ කාරණය කීමට පෙර ජනපති වන ඔබ මේ ප්‍රශ්නය පළමුවෙන් ම ආදාළ ලේකම්වරයාගෙන් විමසුවා ද? අපගේ ප්‍රශ්නය එයයි. ප්‍රශ්න නොකළා නම් ඒ ඇයි?

ජනපතිවරණයට පෙරදින, එනම් ජනවාරි 07 වැනි දින ද මේ සඳහා මුදල් ගෙවා ඇති බව ඔබ පවසනවා. ඒක මිලියන 3012ක් බවයි ඔබ පවසන්නේ. මේ මුදල ද ඔබ කියන පරිදි ගෙවා ඇත්තේ වාර්මාර්ග ලේකම්වරයාටයි. අප දන්නා පරිදි වාර්මාර්ග අමාත්‍යාංශය අහෝසි වී නැහැ. ඔබට පුළුවන් මේ අමාත්‍යාංශයෙන් එකී දෙවැනි චෙක් පත ගැනත් විමසීමක් කිරීමට. ඔබ ඒ  ගැන විමසීමක් හෝ විමර්ශනයක් කළා ද? ඇරත්, ජනපතිවරණයෙන් පසු, එනම් ජනවාරි 09 වැනි දා සිට බලයේ ඉන්නේ ඔබයි. ආදාළ චෙක්පත ජනවාරි 07 වැනි දා දුන්න ද එය මුදල් බවට පත් කරගන්නට ඇත්තේ අනිවාර්යෙන් ම නව රජය යටතේයි. එසේ නම් මුදල පිළිබඳ සම්පූර්ණ වගකීම ඇත්තේ ඔබගේ ආණ්ඩුවටයි. අප අසන්නේ, මයික්‍රපෝන් ඉදිරිපසට පැමිණි මේ ගැන කතා කිරීමට පෙර ඔබ මෙම මුදල් ගෙව්වේ ඇයි? මෙම චෙක්පත මාරු කළේ කවු ද ? හා ඒ කුමක් සඳහා ද යන්න සොයා බැලුවා ද?

අවසාන ප්‍රශ්නය; ඔබ මේ රවටන්නට උත්සාහ කරන්නේ කවු ද?
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මාස 09ට බිලියන 898ක් ණය අරන්.. දවසට කෝටි 330ක් ණය වෙලා.. මේ වසරේ පමණක් ණය රුපියල් ටි‍්‍රලියනය පනී.. මහ බැංකු වාර්තා මෙන්න. ( Banck of සිලෝන් )

මාස 09ට බිලියන 898ක් ණය අරන්.. දවසට කෝටි 330ක් ණය වෙලා.. මේ වසරේ පමණක් ණය රුපියල් ටි‍්‍රලියනය පනී.. මහ බැංකු වාර්තා මෙන්න..



2016 වසරේ තුන්වැනි කාර්තුව නිමවෙද්දී මෙරට සම්පුර්ණ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 9402ක් යයි ශ‍්‍රි ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික විවරණය හෙලි කරයි.

2015 වසර අවසන් වෙද්දී මෙරට සමස්ථ ණය ප‍්‍රමාණය වූයේ රුපියල් බිලියන 8503.2 කි.

එනම් 2016 වසරේ මුල් මාස 09ක කාලයේදී පමණක් රජය ගෙන ඇති ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 898.8කි. දිනකට රුපියල් බිලියන 3.3ක් (කෝටි 330ක්) පමණ ණය වී ඇත.

පවතින තත්වය මත මේ වසර අවසන් වන විට 2016 වසරේදී පමණක් ලබා ගන්නා ණය ප‍්‍රමාණය රුපියල් බිලියන දහස (රුපියල් ටි‍්‍රලියනය) ස්ථිරවම ඉක්මවා යනු ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මාධ්‍ය මට ගැහුවොත් මාත් මාධ්‍යට ගහනවා.. – අගමැති පාර්ලිමේන්තුවේදී. ( Ranil on parlimant )

මාධ්‍ය මට ගැහුවොත් මාත් මාධ්‍යට ගහනවා.. – අගමැති පාර්ලිමේන්තුවේදී.



මාධ්‍යය විසින් තමන්ට පහර දුනහොත් තමන්ද මාධ්‍යයට පහරදෙන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

තමන් පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බවද යයිද කී අගමැති වික‍්‍රමසිංහ එසේ වුවත් මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාද්‍යවේදීන් පැහැරගෙන යාම, මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම තමා හෝ ජනපතිවරයා නොකරන පැවසීය.

මාධ්‍ය වෙතද කිව යුතු දේ ප‍්‍රසිද්ධියේ තමා මෙන්ම ජනපතිවරයාද පවසන බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඇණ්ඩුවේ මැති ඇමතින් 35ක් මහින්දට එක්වෙන්න සූදානම් ( we are with mahinda )

ඇණ්ඩුවේ මැති ඇමතින් 35ක් මහින්දට එක්වෙන්න සූදානම්..



ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් තිස්පස් දෙනෙකු මේ වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට සාකච්ඡ සිදුකර අවසන් බව පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා දිඹුලාගල පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

‘ආණ්ඩුවේ ඒ තිස්පස් දෙනා ස්ථිර වශයෙන්ම මහින්ද මහත්තයා සමග එක් වෙන්න සූදානමින් ඉන්නවා. ඒත් මහින්ද මහත්තයා කියනවා දැන්ම එන්න එපා ඔහොම ඉන්න.

මං එන්න ඕනේ වෙලාව කියන්නම් කියලා’ වැඩිදුරටත් අදහස් පල කල මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

එජාප-ශ‍්‍රීලනිප පිපිරීමක් අත ලග.. නායකයන් රහසේ වෙනම කදවුරු බදිති.. අගමැති වහා මෛත්‍රී හිතවතකු සොයා රාත‍්‍රියේම ඔහුගේ නිල නිවසට.. (sirisena ranil)


එජාප-ශ‍්‍රීලනිප පිපිරීමක් අත ලග.. නායකයන් රහසේ වෙනම කදවුරු බදිති.. අගමැති වහා මෛත්‍රී හිතවතකු සොයා රාත‍්‍රියේම ඔහුගේ නිල නිවසට..



මතුවී එන ගැටලු හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයක් සදහන් කරයි.

ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ ඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප හෝ එජාපයෙන් අගමැති කෙනෙක් පත්කල යුතුය යන්නයි. එවිට මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇතිව තිබෙන අප‍්‍රසාදය මැඩලීමට ජනාධිපතිවරයාට පියවර ගතහැකි බවත් ඒ හරහා රජයේ අවංකභාවය රැකෙන බවත් ශ‍්‍රිලනිප මෛත‍්‍රී පාර්ශවයේ අදහසයි. එසේ වුවහොත් දැනට මහින්ද රාජපක්ෂ සමඟ සිටින පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ඒ තීරණය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සමග එකතුකර ගැනීමට ලෙහෙසියෙන් හැකි බව කන්ද උඩරට නියෝජනය කරන ඒකාබද්ද විපපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු හා මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු ඇති පිරිසකගෙන් සමන්විත කණ්ඩායමේ මතය වී ඇත. එමෙන්ම එජාපයේ සිටින මෛත්‍රී හිතවාදීන්ගේද සහයෝගය ඒ සඳහා ලබාගත හැකි බවටත් මෛත්‍රී පාර්ශවය විශ්වාස කරයි.

එහෙත් මෛත්‍රී පාර්ශ්වයේ තවත් කණ්ඩායමක කිහිපදෙනකුගේම අදහස එය හිතන තරම් පහසු කාර්යක් නොවන අතර මොනව හේතුවක් නිසාවත් මහින්ද රාජපක්ෂ අතහැර පොදු විපක්ෂයේ මන්ත්‍රීන් සියලුදෙනා පැමිණීම විශ්වාස කිරීමට අපහසු බවය.

මේ අතර මෙකී රහස් සාකච්චා ගැන ආරංචි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මේ රජය බලයට ගෙන ඒමට විශාල වැඩකොටසක් කල දේශපාලන බලවතකු මෙන්ම අමාත්‍යවරයෙකු හා මෛත්‍රී හිතවතකු මුණගැසීමට ඔහුගේ නිල නිවසට පසුගිය රාත්‍රියක ගොස් ඔහුට ආරාධනා කොට ඇත්තේ වහාම තම පක්ෂයට බැදී නායකයාට අමතරව තිබෙන ඕනම තනතුරක් ලබාගෙන එජාපයත් සහ එහි නායකත්වයත් විනාශ වීමට ගන්නා මෙම තීරණය පරාජය ඛිරීමට සහාය දෙන ලෙසයි.

එහෙත් එකී අමාත්‍යවරයාගේ මතය වී ඇත්තේ මේ අවස්ථාවේ සමහර බලවේග ජනාධිපති මෛත්‍රී නොයෙකුත් තීරණයන් සඳහා පොලොබවන බැවින් තමා අගමැතිගේ ඉල්ලීම ඉටු කිරීමට වඩා මේ අවස්ථාවේ රජය ආරක්ෂා කිරීමට නම් ජනාධිපතිවරයාගේ ලග සිටිය යුතු බවය.

එමෙන්ම ඒකාබද්ද විපක්‍ෂ පිරිසක් සමග සාකච්චා පවත්වන මෛත්‍රී පාර්ශව කණ්ඩායමේ මතය වී ඇත්තේ දිනෙන් දින කල් ගතවීමෙන් ශ‍්‍රීලනි පක්‍ෂය එකතු කර මෛත්‍රී ජනාධිපතිගේ නායකත්වය යටතේ තබාගැනීමට ගන්නා උත්සහය ඉදිරියේදී ඉතා දුෂ්කර වන බවත් වැඩිකල් මේ ආකාරයෙන් යෑමට බැරි බවත් දැනට තනතුරු ගත් සමහර ඇමතිවරුන් පවා මොනයම් අවස්ථාවක හෝ එය අතහැර මහින්ද පාර්ශවය සමඟ එකතුවීමට ඇති ඉඩ කඩ වැඩි බවත්ය.

මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් මෛත්‍රී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපේ අය ඇමතිකම් අරන් කොළඹට වී ජොලියේ ඉන්නා බවත් මේ වනවිටත් මහින්ද පාර්ශවය වෙනුවෙන් අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් ඉතා උපායශීලීව හා සාර්ථකව ගම් මට්ටමේ කරගෙන යන බවත්, මේ විදියට ගියොත් අනාගතයේදි අපේ කණ්ඩායමට මහින්දගේ ලකුණෙන් ඡන්දය ඉල්ලන්න වෙන බවත්ය. එහිදි මෛත්‍රී ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගිය අතර අවසානයේ ඔහුද ‘අපේ කට්ටිය ගමට බැහලා කිසි දෙයක් කරන්නේ නැ’ කියමින් අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පෙන්වා ඇත.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්ද නව පක්‍ෂයේ නායකයා – යෝජනාව ඒකමතිකව සම්මත කෙරේ (prasident mahinda )

මහින්ද නව පක්‍ෂයේ නායකයා – යෝජනාව ඒකමතිකව සම්මත කෙරේ.



අලූතින් පිහිටුවා ගැනුනු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බාරගත යුතු බවට වූ විශේෂ යෝජනාවක් අද (28) පැවති මිනුවන්ගොඩ එකාබද්ධ විපක්‍ෂ බල මණ්ඩලයේදි ඒකමතිකව සම්මත විය.

මෙම රැස්වීම පැවැත්වුනේ උඩුගම්පල රෙජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

මෙම එකාබද්ධ විපක්‍ෂ බල මණ්ඩලය පත් කර ගැනුනේ ප‍්‍රසන්න රණතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. එතෙක් රණතුංග මහතාගේ නායකත්වය යටතේ පැවති මිනුවන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලය එකාබද්ධ විපක්‍ෂයේ මිනුවන්ගොඩ බල මණ්ඩලය ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබුනි. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා එම බල මණ්ඩලයේ ලේකම්වරයායි. ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරු සහා මිනුවන්ගොඩ ග‍්‍රාමසේවා වසම් 121 ක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා, කාන්තා, තරුණ හා අනුබද්ධ සංවිධානවල නිලධාරීහු මෙම බලමණ්ඩලයේ සාමාජිකයෝ වෙති. අද පැවති බල මණ්ඩල රැුස්වීමටද ඔවුන් සියළු දෙනා සහභාගී විය. කුමාර අරංගල්ල මහතා සහා ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරුන් ඊට එක්ව සිටියේ ඊයේ (27) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුවය.

අදාල යෝජනවා ඉදිරිපත් කරමින් හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා සඳහන් කලේ තව දුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය කිරීමෙන් තේරුවක් නොමැති බවයි. ඉදිරි මැතිවරණයේදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන බහුතර ප‍්‍රාදේශීය සභා නගර සභා මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් වන්නේ නව දේශපාලන පක්‍ෂයෙන් බැවින් ඊට නායකත්වය ලබාදෙන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව අරංගල්ල මහතා මෙහිදි සඳහන් කලේය. ඔහු පෙන්වා දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාව සමග සිටින නායකයෙකු බැවින් ජනතාවගේ මෙම ඉල්ලීම ප‍්‍රතිශේප කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනපති ආ හෙලිකොප්ටර් බෑමෙන් සුමංගල විදුහලේ වහලට බර හානි.. සිසුන්ගේ වාර විභාග පැවත්වීමත් අවදානමේ politics

ජනපති ආ හෙලිකොප්ටර් බෑමෙන් සුමංගල විදුහලේ වහලට බර හානි.. සිසුන්ගේ වාර විභාග පැවත්වීමත් අවදානමේ.



කලුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සඳහා පානදුරයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් බෑමට යොදා තිබුණේ මේ දිනවලදී පාසල් සිසුන් වෙනුවෙන් වාර විභාග පැවත්වෙන පානදුර ශ්‍රි සුමංගල විද්‍යාලයේ ක්‍රිඩාංගනයයි.

එහිදි ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන පිරිස රැගත් හෙලිකොප්ටර් විද්‍යාලීය ක්‍රිඩාංගනයට ගොඩ බාද්දී පාසැල් දරුවන් වෙනුවෙන් මේ දිනවල වසර අවසාන වාර විභාගය පැවැත්වෙන ගොඩනැගිලිවල වහලවල්වලටද හානි සිදුව ඇත. ඒ අනුව අද දිනයේ වාර විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයකට පාසැල් බලධාරීන් පත්ව සිටින බවද වාර්තා වෙයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ඇමතිලාට වාහන ගේන්න 79 කෝටියක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්… ( srilanka parlimant )

ඇමතිලාට වාහන ගේන්න 79 කෝටියක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්…



සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල විසින් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට පරිපූරක අස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් ඇමතිවරුනට වාහන මිළදී ගැනීම හා තවත් කරුණු කිහිපයකට 79 කෝටි පහලොස් ලක්‍ෂයක මුදලක් අනුමත කරන්නැයි ඉල්ලා සිටියේය.

කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු 28 දෙනෙකුට මෙසේ වාහන මිලදී ගැනීමට මුදල් අනුමැතිය ඉල්ලා ඇත.

කැබිනට් ඇමතිවරුන් 07 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ විපක්‍ෂ නායකවරයාද මෙම පිරිසට ඇතුලත්ය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

අලූත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 09කට කැඩේ.. පළාත් පොලීසි 09ක් එයි.. ( srilanka polie)

අලූත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 09කට කැඩේ.. පළාත් පොලීසි 09ක් එයි..



යෝජිත නව ව්‍යවස්‌ථාවට ඉදිරිපත් වී ඇති පළාත් සභාවලට පොලිස්‌ බලතල ලබාදීමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි නවයකට කැඩී මුළු පොලිසියම අනතුරුදායක තත්ත්වයකට ලක්‌වන බව දේශප්‍රේමී සංවිධාන රජයට අනතුරු අඟවමින් ප්‍රකාශ කරයි.

මේ නිසා රහස්‌ පොලිසිය, ත්‍රස්‌ත මර්දන ඒකකය, ජාතික බුද්ධි බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය යන ආයතනවලට අවිනිශ්චිත තත්ත්වයක්‌ උදාවේ.

උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල ලැබුණොත් රහස්‌ පොලිසියට හා ත්‍රස්‌ත මර්දන ඒකකයට මෙන්ම බුද්ධි සේවාවන්ටද පලාලි ගුවන්තොටුපළින් පිටතට ගොස්‌ පරීක්‍ෂණ කිරීම ද වැළකෙන බව එම සංවිධාන සඳහන් කර ඇත.

පොලිස්‌ බලතල දීමෙන් උතුරු මහ ඇමැතිගේ අවසර රහිතව උතුරට යැමට පොලිසියට හැකිවන්නේ නැතැයි ද එම සංවිධාන වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙයට පෙර බස්‌නාහිර මහ ඇමැතිනිව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පොලිස්‌ බලතල ඉල්ලූ විට එවකට ජනාධිපති වූ ඩී. බී. විඡේතුංග මහතා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ අතර පොලිස්‌ බලතල ලැබීමටත් පෙර උතුරේ නීති අංශ ආවා ගෲප් කල්ලියේ සැකකරුවන්ව කොළඹ අධිකරණය වෙත ගෙනයැම ගැන විරෝධය දක්‌වා ඇත.

– දිවයින

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

ජනමත විචාරණයට පෙර විපක්‍ෂයේ නායකයන් සිරගත කරන්න සියල්ල සූදානම් ekabadda wipakshaya

ජනමත විචාරණයට පෙර විපක්‍ෂයේ නායකයන් සිරගත කරන්න සියල්ල සූදානම්..



පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානෙනයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

කළු සල්ලි සොයා ගන්න රු5,000/- නෝට්ටු තහනම් කරන්න

මේ ආණ්ඩුව සොරකම් කරන ලද රාජ්‍ය දේපල සෙවීමට නීතිඥ ජේ සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා.  ලෝකය පුරා සංචාරය කරමින් මහජන මුදල් කෝටි ගණනින් වැය කළත් පසුගිය මාස 22ට එක රුපියලක් සොයා ගෙන නෑ.  මම මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇහුව්වාම පරීක්ෂණ වලට බාධා වෙනවා කියමින් අගමැතිතුමා ප්‍රශ්නය මග හැරියා.  දැනට කාර්ය සාධක බලකාය වෙනුවෙන් කීයක් වියදම් කළා ද බලකාය විසින් රුපියල් කීයක සොරකම් කරන ලද රාජ්‍ය දේපල සොයා ගත්තා ද කියන ප්‍රශ්නයට පිලිතුරු දුන්නාම පරීක්ෂණ වලට බලපාන්නේ කොහොමද?

දූෂණ, නීති විරෝධි ව්‍යාපාර සහ බදු පැහැර හැරීම තමයි කළු සල්ලි උපයන ප්‍රධාන මාධ්‍යයන් තුන.  මේ කළු සල්ලි ප්‍රසිද්ධ කරන්න බැරි නිසා බොහෝ විට තිබෙන්නේ මුදල් නෝට්ටු විදියට.  නැතිනම් රත්රන්, මැණික් සහ දියමන්ති විධියට.  මේ කළු සල්ලි මුදල් පද්ධතියට ගෙන ඒමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අපූරු උපායක් යෙදුවා.  මීට සති දෙකකට පෙර ඔහු ඉන්දියාවේ සංසරණයේ පවතින රු500/- සහ රු 1000/- නෝට්ටු තහනම් කළා.  දැන් පෙට්ටිගමේ සඟවා තිබෙන කෝටි ගණන් මුදල් නෝට්ටු බැංකුවට භාර දී අළුත් නෝට්ටු ගත යුතුයි.

ලංකාවේ කළු සල්ලි තිබෙන්නේ රාජපක්ෂවරු ගාව ද නැතිනම් මහ බැංකු හොරු ගාව ද කියා සොයා ගන්න ලංකාවේ රු5,000/- නෝට්ටුව තහනම් කළ යුතුයි අපි යෝජනා කරනවා.  එවිට කළු සල්ලි වගේම ඒවායේ අයිතිකාරයෝත් රටටම හඳුනා ගන්න පුළුවන්.  මේක ලංකාවට අළුත් අත්දැකීමක් නොවේ.  1973 දී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන් එම් පෙරේරා ඒ යුගයේ තිබුණු ඉහළම මුදල් නෝට්ටුව වූ රු100/- තහනම් කළා.  එයින් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුණා.  නමුත් බොහෝ විට කළු සල්ලි ඉතිරි කර තිබෙන්නේ මැණික්, රත්රන් සහ දියමන්ති විධියටයි.  ඒ නිසා අඩුම ගණනේ රුපියල් ලක්ෂ 10ට වැඩි රන්, මුතු, මැණික් සහ දියමන්ති මිළ දී ගැනීම් පිලිබඳ විකුණන අය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු යවන ක්‍රමයක් සැකසිය යුතුයි.  මේ කිසිවක් සොරකම් කළ රාජ්‍ය දේපල අත්පත් කර ගැනීමේ කාර්ය සාධක බලකාය කරන්නේ නෑ.  ඒ අය කිඹුලාට කසාද යෝජනා ගෙන එමින් අලි කුණ කෑමට ගඟෙන් එගොඩ වුණු නරියා වගේ සොරකම් කළ වත්කම් ගැන කියමින් ලෝකය පුරා සංචාරය කරනවා.

අයිසිස් ත්‍රස්තයින් පිලිබඳ තොරතුරු හෙලි කරනු

විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අයිසිස් ත්‍රස්තයින්ට සම්බන්ධ මුස්ලිම් ලාංකිකයින් පිලිබඳ තොරතුරු හෙලි කලාම මුස්ලිම් නායකයින්ට කේන්ති ගිහින් එතුමාට බනිනවා.  ඇත්තෙන්ම වෙන්න ඕනෑ ඒක නොවේ.  තම සමාජය පිලිබඳ හෙලි කළ තොරතුරට ස්තූතිවන්ත වෙලා තම සමාජය පිලිබඳ විමසිල්ලෙන් සිටීමයි.  මුස්ලිම් සමාජය තුලට රිංගා ගෙන පිලිකාවක් මෙන් වැඩෙන අන්තවාදය තුරන් කිරීමට නායකත්වය දීමයි.

මුස්ලිම් නායකයින් අන්තවාදය සහ ත්‍රස්තවාදය රකින්න පෙරට ආවොත් එයින් හානියක් වෙන්නේ මුස්ලිම් සමාජයටමයි.  දෙමළ නායකයින් හැත්තෑවේ දශකයේ දී ඔය වැරැද්දම කළා.  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් තමයි හැත්තෑවේ දශකයේ දී කොටි පැටවුන්ට කිරි පෙව්වේ.  නමුත් කොටි පැටියා කොටියෙකු වුණාම මුලින්ම මරා කෑවේ ඒ අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයින්.  නායකයින් විසින් කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ වරදට මුළු දෙමළ සමාජයම දඬුවම් වින්ඳා.  අහිංසක දෙමළ සමාජය කුරිරු වුණා.  සංස්කෘතිය බිඳ වැටුණා.  ඓතිහාසික උරුමයන් විනාශ වුණා.  ලක්ෂ ගණනින් රට හැර ගියා.  දහස් ගණනින් ආබාධිත වුණා.  වැන්දඹුවන් වුණා.  මුස්ලිම් නායකයින් දෙමළ අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගෙන මේ අන්තවාදය දල්ලෙන් කඩා දැමිය යුතුයි.

මුස්ලිම් නායකයින්ට කේන්ති ගියාට අයිසිස් ත්‍රස්තයින් අතර ලාංකික මුසල්මානුවන් සිටින බවට මීට පෙර අවස්ථා ගණනක දී ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා.  ඒ වගේම මද්රාසා කියන ආගමික පාසල් වල අන්තවාදි වාහබ්වාදය උගන්වන බවට තොරතුරු තිබෙනවා.  විදේශිකයින් සංචාරක වීසා මත ඇවිත් මද්රාසා වල ඉගැන්වීමේ යෙදී සිටිය දී ලංකාවෙන් පිට මං කළ අවස්ථා තිබෙනවා.

වත්මන් ආණ්ඩුව මුස්ලිම් අන්තවාදය පිම්මේ වැඩෙන්න ඉඩ සලසා අඳ ගොළු බිහිරි රංගනයක යෙදෙන අවස්ථාවේ විජේදාස ඇමතිතුමාගේ ප්‍රකාශය අපි අගය කරනවා.  තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රසීක් බුදුන් වහන්සේට අපහාස කළා. ධර්මයට අපහාස කළා.  මහ සංඝරත්නයට අපහාස කළා.  නීතිය ක්‍රියාත්මක වුණේ නෑ.  ඔහුට නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබඳ ප්‍රශ්න කරපු බෞද්ධයෙකු වුණු ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව පුදුම කාර්යක්ෂමතාවයකින් නීතිය ක්‍රියාත්මක වුණා.  අවසානයේ දී භික්ෂුන් වහන්සේලාට තරුණ තරුණියන් සමග පාරට බහින්න සිදු වුණා.  එහි ප්‍රතිඵලයක් විධියටයි රසීක්ව අත්අඩංගුවට ගත්තේ.  “පෙවූ කිරි වැන්න විස ගොර සප්“ කියන පැරණි කවි පදය සිහිපත් කර මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ආණ්ඩුවේ නායකයින්ට අපි අනතුරු අඟවනවා.

මුස්ලිම් සමාජයේ බහුතරය විශේෂයෙන් උගත් පිරිස සහජීවනයට සාමයට කැමති පිරිසක්.  නමුත් අන්තවාදින්ට මුස්ලිම් සමාජය පාලනය කරන්න ඉඩ දීලා සාමකාමි උගතුන් නිහඬ වුණොත් සමස්ත මුස්ලිම් සමාජයම අන්තවාදයට ගොදුරු වෙලා මේ රටම විනාශ වෙන එක කාටවත් නවත්වන්න බෑ.

විපක්ෂයේ නායකයින් සිරගතකර ආණ්ඩුව සැරසෙන්නේ කුමකට ද?

මීට පෙර මා අනාවැකි පල කළ අයුරින්ම නව ව්‍යවස්ථාව ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවටත් පෙබරවාරි මාසයේ දී ජනමත විචාරණයටත් ඉදිරිපත් කිරීමට නියමිත බව අගමැතිතුමා ප්‍රකාශ කළා.  ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වුණු දවසේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් මටත් ඉතා වැදගත් දෙයක් කිව්වා.  “අපට දැවැන්ත බලය බෙදීමක් අවශ්‍ය වී තිබෙනවා.  නමුත් ඒක පිටුපස දොරෙන් ලබා ගන්න අපට කිසිම උවමනාවක් නෑ.  ආණ්ඩුවේ සමහරු ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියනවා.  නමුත් අපේ ස්ථාවරය තමයි බලය බෙදන ව්‍යවස්ථාවට අනිවාර්රයෙන් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතුයි“ කියලා.  හැමදාමත් දෙමළ සංධානය විවේචනය කරන අපට ඔවුන්ගේ පුංචි හරි හොඳක් දැක්කාම අගය කරන්න ඕනෑ.  නැතිනම් ඒක කුහක කමක්.  පෝස්ටර් අලවන්නේ නැතුව මනාප පොරයක් නැතුව උතුරු පලාත් සභා මැතිවරණ සටන කිරීමට දෙමළ සංධානය තීරණය කළාම අපි ඒක ප්‍රසිද්ධියේ අගය කළා.  ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණය අපි අගය කරනවා.

නමුත් අපට තිබෙන තොරතුරු අනුව ආණ්ඩුව ජනමත විචාරණය කරන්න ලැහැස්ති වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව නොවේ.  ලාම්පු කළ – ගෙඩි සෙල්ලම නමින් හඳුන්වන 1982 ජනමත විචාරණය විධියටමයි.  එදා විපක්ෂයේ ක්‍රියාකාරි නායකයින් වන විජය ඔසී ඇතුළු පිරිසක් නැක්සලයිට් කුමන්ත්‍රණයක් සිදු කිරීමට උත්සාහ කළා කියන පදනම් විරහිත චෝදනාව යටතේ සිර ගත කරලායි ජනමත විචාරණය පැවැත්වූයේ.  විපක්ෂ නායකයින් හිරේ දාලා, විපක්ෂය බෙලහීන කරලා බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවලා තමයි ඒ ජනමත විචාරණය ජේ ආර් ජනාධිපතිතුමා දින්නේ.

තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියලා කතාවක් තිබෙනවා.  ඒ වගේම “මාමා කළ දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ බෑනා“ කියලා කතාවක් මම නම් අහලා නෑ.  නමුත් අගමැති රනිල් යන්නේ ජනපති ජේ ආර්ගේ අඩි පාරේ බව නම් පැහැදිලියි.  සිංහල – මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා එහි වරද ඒකාබද්ධ විපක්ෂය මත පටවලා නායකයින් සිර ගත කිරීමේ සැලැස්මක් තිබෙන බවට අපට තොරතුරු තිබෙනවා.  අපව සිර ගත කළත් අපේ සටන සිර කරන්න බෑ කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

ජනපති මහින්දට කඩුවෙන් කෙටූ වඳුරා කවුද?

මා මගේ කතාවේදී ජනපතිතුමන්ට පුංචි අනතුරු ඇගවීමක් කලාම ජනපතිතුමනි ඔබතුමන් ලග ඉන්න මෝඩ නිලධාරීන් හැසිරෙන්නේ හරියට රජතුමන්ගේ ඇගේ මැස්සෙක් වසා ඉදිද්දි එම මැස්සා මරන්න කඩුවෙන් කොටල රජතුමන් මරා දැමු මෝඩ වදුරා විදිහටයි කියල. පාර්ලිමේන්තුවේදී මම කතා කලාට පස්සේ කතා කල මගේ හිතවත් විජිතමුනිද සොයිසා ඇමතිතුමන් කියනවා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් වටේත් මෝඩ වදුරන් හිටියා එහෙම හිටිය වදුරෙක් බේරුවල කලබල සිද්ධින් ඇති කලාය කියල.

අපි දන්නව එතුමන් ඒ මෝඩ වදුරා කියා අපහාස කල කෙනත් දැන් ඉන්නේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේමයි.  බේරුවල සිද්ධියට වෙන අපි දන්න කෙනෙක් නම් සම්බන්ද වුනේ නෑ.

අපි සොයිස ඇමතිතුමන්ට කියනවා මහින්ද  රාජපක්ෂ ජනපතිතුමන් ගාව මෝඩ වදුරන් හිටිය තමයි. මහින්ද ජනපතිතුමන්ගේ ඇගේ මැස්සෙක් වැහුවම මේ මෝඩ වදුරා කඩුවෙන් කෙටුව. කඩුවන්  කෙටුවම රජතුමන්ට තුවාල වෙලා ලේ ගලනව . එසේ ලේ ගලනව සිහිසන් වෙනව දැක්ක විතරයි අප්පච් මලෝ කියාගෙන ඒ වදුර සතුරු පිලට එක් වුනා.

ඒ ගමන අපිට සිද්ධවුනා ලේ ගලමින් සිටිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සුවපත් කරගෙන යලි ජනතාව ඉදිරියට ගේන්න. එදා මහින්ද ජනපතිතුමන්ට කඩුවෙන් කෙටු වදුරෝ දැන් එතුමන් ලග නැතය දැන් එතුමන් ලග ඉන්නේ සිහි නුවනින් කටයුතු කරන පිරිසක්ය කියල අපි විජිතමුනිද සොයිසා ඇමතිතුමන්ට කියන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

 පොරොන්දු බිඳිමින් සිටින යහපාලන රජය මාධ්‍ය නිදහසටත් වැට බදින්න යයි (midia )

 පොරොන්දු බිඳිමින් සිටින යහපාලන රජය මාධ්‍ය නිදහසටත් වැට බදින්න යයි



මාධ්‍ය නිදහස, නිදහස් අදහස් දැරීමට හා ක්‍රියාත්මක වීමට තිබු නිදහස මේ වන විට ක්‍රමික අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

එය පහත පරිදි වෙයි,

ජනමාධ්‍ය සම්බන්ධයෙන් මෑතක දී ජනාධිපති, අගමැති හා අධිකරණ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් හඳුන්වා දී තිබුණේ ‘ටොයිලට් පේපර්ස්‘ ලෙසිනි.  දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත.  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කරනු ලැබීය. 

චීවරධාරී ගලබොඩ අත්තේ ඥානසාර විසින් ජාතික රූපවාහිනියට එරෙහිව වෛර ප්‍රකාශයක් සිදු කරනු ලැබ ඇත.  කල්ලි කිහිපයක් විසින් සමාජ ජාලා භාවිත කරමින් ආගමික වියරුව පතුරුවන අසත්‍ය තොරතුරු, වෛර භාෂාව යොදාගනිමින් ප්‍රචාරය කරමින් සිටී.  පිළියන්දල පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් ඇගළුම් ගබඩාවත් තුල ගින්නක් හටගෙන ඇති අතර ජාතිවාදී බලවේග එම සිදුවීම පිටුපස ඇති බවට දැඩි සැකයක් මතුව තිබේ.

යහපාලන රජය විසින් දුෂණ විරෝධී බලවේගය මේ වන විට ලැජ්ජා සහගත පාවාදීමකට ලක් කොට ඇත. හොරු ඇල්ලීම වෙනුවට වත්මන් රජය පසුගිය රජය තරමටම බැදුම්කර වංචාව, ගල් අගුරු වංචාව මගින් දුෂිතව සිටී.

කැෆේ සංවිධානයත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයත් මතුවෙමින් පවත්නා තත්වය පිළිබද දැඩි අවධානය යොමු කරයි.  නැවත වරක් රටේ මාධ්‍ය මර්ධනයක් සදහා මාවත විවර නොකරන ලෙස යහපාලන රජයෙන් ඉල්ලා සිටින අප ජාතිවාදී බලවේග විසින් සිදු කරමින් සිටින ජනතාව උසිගැන්වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින්  දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවෙන් එලියට පනී (usa vs srilanka )

මහින්දගේ ආණ්ඩුව පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 585ක් දුන් බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවෙන් එලියට පනී.



පසුගිය වසරේ පමණක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හරහා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව නයිජීරියාව බුරුමය ඇතුළු විදේශ රටවල් කිහිපයකට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට කිරීමට යන මාතෘකාව යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 585ක් එනම් රුපියල් බිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදුන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්ෂික මුල්‍ය වාර්තාවේ සදහන් කොට ඇත.

එහෙත් එම වාර්තාවේ මෙසා අති විශාල මුදලක් ලබාදුන් පුද්ගලයින් හෝ සංවිධාන ගැන කිසිම සඳහනක් කොට නොමැති බව එම වාර්තාවේ සඳහන් වන බව රුසියානු රූපවාහිනි සේවය වාර්තා කරයි. නමුත් සමස්ථයක් හැටියට එම මුදල් ලාබදුන් පාර්ශවය හැටියට සඳහන් කොට ඇත්තේ ඇමරිකාවට විශ්වාස හා සම්බන්ධතා ඇතික් එම රටවල නායකයින් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයෝ අලුත් වෙනස්කම් ඇතිකරන්නෝ සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන්නෝ ලෙසයි.

එමෙන්ම මෙ මුදල් ලබාදීම හරහා එම රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් බිහිකිරීමන් ඇමරිකාවට මෙන්ම මිතුරු රටවලට ඇතිකරන තර්ජන අඩුකිරිමක් සඳහා මෙම මුදල් යොදවා ඇති බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එම වාර්තාව සඳහන් කොට ඇති බැව් රුසියානු රූපවාහිනි සේවය සඳහන් කරයි.

වැඩිදුරටත් රාජ්‍ය ලේකම්ගේ මූල්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ‘මෙම මුදල් ලබාදීම හරහා එම රටවල ක්‍රියාකාරින් විසින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා සෑම දෙනාගෙම අභිලාෂයන් ආරක්ෂිත කිරීම සඳහා මෙම මුදල් යොදවා ඇත’ යනුවෙනි.

රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ආකාරයෙන්ම ඇමරිකාව රුසියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලබාදීමට කටයුතු කල අතර රුසියානු ආණ්ඩුව පසුගිය ජූනි මස සිට එසේ මුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් රුසියාව තුල ක්‍රියාත්මක වීම වහාම තහනම් කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

මං ක‍්‍රිකට් ගහන්නේ සල්ලි වෙනුවෙන්.. රට වෙනුවෙන් කියන්නේ බොරු.. – ලසිත් මාලිංග (cricket .. sri lanka )

මං ක‍්‍රිකට් ගහන්නේ සල්ලි වෙනුවෙන්.. රට වෙනුවෙන් කියන්නේ බොරු.. – ලසිත් මාලිංග



ඔහු හිතුවක්කාර යෙක්. ඒ වගේම ජේත්තුකාරයෙක්. කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්.මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත් ඔහු ඔහුමය. ඔහු ලසිත් මාලිංග. යෝකරයක් වගේම කෙළින් බඩුවක්.

රත්ගම කිව්වාම සමහරුන්ගේ මුහුණු හැකිළෙනවා. රත්ගම ඉපදුණු ඔබට රත්ගම දැනෙන්නේ කොහොමද?
රත්ගම ඉපදුණු හැම කෙනාටම වගේම මටත් තියෙන්නේ ආඩම්බරයක්. කොහේ ඉපදුණත් ඒ හැඟීම ඇති. හැබැයි රත්ගම ඉපදීම ගැන ආඩම්බර වෙන්නේ කෙළින් කතා කරන්න, ඇත්ත කතා කරන්න පුංචි කාලේදීම සමාජය තේරුම් ගන්න මට මගේ ගම පාසලක් වුණා. රත්ගම කිව්වාම හැකිළෙන්නේ රත්ගමට උපන් චණ්ඩිකමක් තියෙන නිසා. අපේ ගමේ ඉන්නේ ඇත්තම කතා කරන, ඇත්ත වෙනුවෙන් මැරෙන්න හරි පුළුවන් මිනිස්සු. ඒ ගමේ ගති මටත් තියෙනවා. කවුරු සතුටු වුණත් නැතත් කාට රිදුණත් නැතත් මම කියන දේ කෙළින් කියනවා. ඇත්ත කියන දේ හරි ලස්සනට කියන්න අමාරුයි. බොරු කියන දේ හොඳට කැටයම් දාලා කියන්න පුළුවන්. ඒ නිසා ඇත්ත කියන කොට ගොඩාක් අය බයයි. ඒ අයට රිදෙනවා කරන්න දෙයක් නෑ. ගමේ ගති. ඒ ගැන මම ආඩම්බරයි.ලසිත් මාලිංගට ක්‍රිකට් ගහන ඇල්ම ඇති වෙන්නේ කොහොමද?
බලා ඉඳලා. ලොකු අය සෙල්ලම් කරනවා බලා ඉඳලා ශිෂ්‍යත්ව කරන කාලේම පටන් ගත්තා. මේ ජාතික කණ්ඩායමට එන්න නෙමෙයි. සැහැල්ලුවට සැහැල්ලු පන්දු ගැහැව්වේ. ඒත් මගේ පන්දු යැවීමේ රටාව මේකම තමයි. ඉතින් පුංචි කාලේම පුංචි වීරයෙක් බෝල ගහනකොට.එතකොට ‘ලෙදර්’ ක්‍රිකට්වලට එන්නේ.
අහම්බෙන්. අවුරුදු දාහතත් පහුවෙලා මම ලෙදර් ගහන්න ගත්තේ. මම හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ‘ඩී’ අටම ගත්තා. උසස්පෙළට ගණිතය කළේ. විද්‍යාලෝක විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ගහන්න ගියත් මාව තෝරාගත්තේ නෑ. ලෙදර් නොගැහැව්වාට පුටුවක් විකට් එක කරගෙන ටෙනිස් ගැහැව්වා විවේක කාලයේදී. ඉතින් විකට් ගන්න මැෂිමක් මං ඒ කාලෙත්. ඔහෝම ඉන්නකොට දවසක් මගේ පන්තියට ආපු ක්‍රිකට්භාර ගුරුවරයා කිව්වා, අවුරුදු 17න් පහළ පාසල් තරගයට යන්න එක ළමයෙක් අඩුයි, ඇවිල්ලා නෑ, මං දැකලා තියෙනවා ඔයා ටෙනිස් බෝල කරනවා හොඳට, යමුද කියලා. මම ඒ වෙනකොට ලෙදර් බෝලය අල්ලලාවත් නෑ. ඉතින් මමත් ගියා. මම ඒ තරගයෙන් කඩුලු 14ක් ගත්තා. ඒ තරගයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පුහුණුකරු කීර්ති වර්ණප්‍රිය මහත්තයා. ඔහු අපේ සර් කෙනකුට පණිවුඩයක් එවලා තිබුණා. මට හොඳ අනාගතයක් තියෙනවා. එයා කැමතියි මහින්ද විද්‍යාලයට ගන්න කියලා. එදා රෑම ඔය යෝජනාව අපේ ගෙදරටත් ආවා. අම්මලා කැමති වුණා මහින්දෙට දාන්න. මම ඉන්නේත් ජාතික පාසලක නිසා ගණිතය විෂයන් දෙකම තියෙන නිසා ජාතික පාසලකින් තව ජාතික පාසලකට යන්න තියෙන අපහසුව නිසා මම අකමැත්තෙන් ගණිතය අංශය අතඇරලා ඇග්‍රිකල්චර් තෝරා ගත්තා. මම මහින්දෙට ගියා. ඒ ක්‍රිකට් වෙනුවෙන් ඉතින් ක්‍රිකට් වෙනුවෙන්. මට අධ්‍යාපනය නතර කරන්න වුණා. අදත් ඒ ගැන දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. හැබැයි ඉගෙන ගත්තා නම් ඉගෙනීමෙනුත් ඉහළට යන්න පුළුවන් ඔලුවක් මට තිබුණා.ගාල්ලෙන් කොළඹට එන ගමන හැදෙන්නේ ඉන් අනතුරුව.
ඔව් මහින්දෙට ගිහින් මාස අටක් යනකොට කොළඹට ආවා. මම වේගයෙන් වර්ධනය වුණා. ක්‍රීඩකයෙක් ලෙදර් බෝලය අල්ලලාවත් නැති තරගයකට ගිය මම බලා ඉද්දී දක්‍ෂයෙක් වුණා. කොළඹට ආවාට දහනවයෙන් පහළ ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ නෑ. ක්ලබ් තරග ගැහැව්වා. මම ගහපු හැම තරගයකම කඩුලු ගත්තා. ඔය අතරේ ක්ලබ් ගහනකොට චම්පක රාමනායක හමුවුණා. ඔහු ඔහුගේ තැන මට දුන්නා. මම හොඳට විකට් ගන්නකොට ඔහු ක්ලබ් පිලේ ඔහුට හිමි තැන මට දීලා අයින් වුණා. ඔහු නොවෙන්න අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. පසුව මගේ පුහුණුකරු වුණේත් ඔහුමයි.ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක ලේසිද මාලිංග?
ලේසියි. හැබැයි ජාතික කණ්ඩායමට එන්න අමාරුයි.ජාතික කණ්ඩායමට එන්න ඕනෑ දක්‍ෂතාව විතරමද?
හොඳ ප්‍රශ්නයක්. ජාතික කණ්ඩායමේ ඉන්න නිසා උත්තර නොදී ඉන්නම්. වෙන දෙයක් කියන්නම් ජාතික කණ්ඩායමට ආවාට රැඳෙන්න නම් දක්‍ෂයෙක් වෙන්නම ඕනෑ.ඔබ දක්‍ෂතාවෙන්ම ආ ගමනක්ද මේ?
ඔව්. ක්ලබ් තරග ගහනකොට මම හොඳට කඩුලු ගත්තා. ඒ නිසා මට ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණා. ඒ හැම තරගයකින්මත් මම හොඳට කඩුලු ගත්තා. මට කළ හැකි උපරිමය මම රට වෙනුවෙන් කළා. මට තරගයක් තනිව හරි දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන විශ්වාසය මට තියෙනවා. මම ඒක ඔප්පු කරලා තියෙනවා.හැබැයි ඔබ කණ්ඩායම ඇතුළේ හුදෙකලා සලකුණක් නේද?
එහෙම පේනවාද? (හිනා) මට මගේ උපරිමය කරනවා. තනිව හරි තරගය ජයගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ලණුව පැනලා පිටියට ගියාම අපිට වෙනස් මත නෑ. තරගය දිනන මතය හැර. ඒ තැන මාත් ඉන්නවා.මාලිංග දිගට හරහට විවේචනය කළා ඒ ඇයි?
ඒ අය (මාධ්‍ය) බලාපොරොත්තුවන කෙනෙක් බවට මට පත් වෙන්න බැරි වුණ හින්දයි එහෙම වුණේ. මාධ්‍ය බලාපොරොත්තු වෙනවා හැමෝම ඒ අය කියන විදියට, ඒ අය හිතන විදියට ඉන්න ඕනෑ කියලා. ඒ ඉරෙන් පනිනවා නම් පන්න පන්නා ගහනවා. මට වුණේත් ඒක. එහෙම ගහන ගමන් මට කිව්වා, මාව හැදුවේ මාධ්‍ය කියලා. මම කිව්වා, අපරාදෙනේ මාව විතරක් හැදුවේ, තව මම වගේ දහයක් හැදුවා නම් ගොඩ නේ කියලා. ඔන්න ඉතින් පරල වුණා. මම කියන දේ කියනවා. මාධ්‍යයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදන්න බෑ. හැදුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව උඩ දාලා ඒ අයටත් බැබලෙන්න පුළුවන්. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ මගේ දක්‍ෂතාවට. මම විකට් ගත්තේ මගේ හැකියාවට. ඉතින් මාධ්‍ය තමයි මාව හැදුවේ කිව්වාම මම මොනවද නොකියා ඉන්න ඕනෑ.මාලිංගට වැරදුණේ කොතැනද?
සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙනම් හරි ෂෝක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.ඔබ විතරයි, ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ.
ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්. ඉන්නකම් හොඳට රස්සාව කරනවා. එක අවංකව කරනවා. මේකෙන් අයින් වුණාම අපිට පැන්ෂන් නෑ. තව කට්ටියක් මේ රස්සාව කරයි. ඉතින් අපි ඊළඟට ජීවත් වෙන්න සෙල්ලම් කරන කාලේ හොඳට හම්බ කරගන්න ඕනෑ. එක එක ලකුණකට මෙච්චරයි කියලා කාමරවල ඉඳලා ගණන් හදන්න නරකයි. ඔය එක ලකුණ ගන්න අවුරුදු ගාණක් දාඩිය වගුරලා පුහුණු වෙලා තියෙනවා. පවුල් ජිවිත අතඇරලා කැප වෙලා තියෙනවා. මේක මම වගේ හැමෝම ඇත්ත කතා කළා නම් අද මේක වෘත්තියක් විදියට මීට වඩා සාර්ථකයි. මම අද කියන ඒවා ඉදිරියේදී ඇත්ත වෙයි.ඔබ මෝස්තරකාරයෙක්.
ඔව්! හැබැයි බාහිරින් විතරයි. මමත් පාසල් යනකම් තෙල් ගාලා කොණ්ඬේ පැත්තට පීරුවා. පාසලින් අයින් වුණාම තරුණයෙක් විදියට මට හිතුණා කාටවත් කරදයක් නොවන විදියට මෝස්තර කරන්න. මම කළා. එහෙම කොණ්ඩය පාට කරලා කරාබු දාලා බටහිර ඉන්දීය සංචාරයට ගියාම ඔවුන් මාව ඒ අයගේ කෙනෙක් වගේ බාර ගත්තා. හැබැයි මම හොඳට විකට් ගත්තා. ඒත් මෙහේ ගොඩාක් අය මගේ කොණ්ඬේ එල්ලුණා. මම කියන්නේ මම දක්‍ෂද නැද්ද බලන්න, මගේ කොණ්ඩය ගැන හොයන්න එපා. කොණ්ඬේ වවාගෙන පාට කරලා කරාබු දාලා ක්‍රිකට් ගහන්න බෑ කියලා කෙහේවත් නෑ. ඒ වගේම එහෙම කළා කියලා විකට් ගන්න පුළුවන් කමකුත් නෑ. මුලින් කිව්වා මගේ මම මෝස්තර කරනවා. ඒක කාටවත් හානියක් නෑ. ඒකෙන් රටේ සංස්කෘතිය විනාශ වෙනවා කියනවා නම් මම දන්නේ නෑ මේ රටේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. කොහොම වුණත් මම බාහිරින් මෝස්තර කළාට ඇඟ ඇතුළෙන් බොරුවට එළියට පෙන්නන මෝස්තරකාරයෙක් නෙමෙයි. මගේ මෝස්තරය කියන්නේත් මටම තමයි.මාලිංගට අනුව මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ මොකකටද?
මම දන්න, මට තේරෙන විදියට මහත්වරුන්ගේ ක්‍රීඩාව කියන්නේ පිටිය තුළ විනයක් ඇතිව ක්‍රීඩා කිරීමයි. මගේ ක්‍රිකට් දිවිය තුළ අදටත් මම අයි.සී.සී එකේ චෝදනාවකට ලක් වෙලා නෑ නීති විරෝධි කටයුත්තක් කළා කියලා. එහෙනම් මම ක්‍රිකට් මහත්තයෙක් නෙවෙයිද? ක්‍රීඩාව තුළ විනය රැක ගැනීමයි මහත්මා ගතිය. මම ඒක රැකලා තියෙනවා. රකිනවා. එහෙම නැතිව මහත්මයෙක් වගේ බොරු රඟපෑම් කරන්නේ නෑ. මේ හැම දේම දේවල් නොදැන ලියන මාධ්‍ය මහත්වරු හින්දා ඇති වේච්ච දේවල්.ඔබ මාධ්‍ය එක්ක තරහද?
තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි. විස්සයි විස්ස ලෝක ශූරතාව දිනන්න නායකත්වය දැරුවේ මම. එක්දින කඩුලු 397ක් ලබාගෙන තියෙනවා. ටෙස්වල කඩුලු සියයක් ලබාගත්ත හතර දෙනාගෙන් කෙනෙක් මම. විස්සයි විස්ස ලෝක වාර්තා හතරක් මගේ නමට තියෙනවා. ඒ මේ රට ජයග්‍රහණය කළ තරගවලදී ගත්ත ඒවා. මම අදටත් අයිපීඑල්වල එකම කණ්ඩායම නියෝජනය කරන එකම කෙනා. බිග් බෑෂ් ගියත්, බංග්ලාදේශ ගියත් මාව ගන්නවා. ඒ හැම තැනම එක විදියට මට සාධාරණය කරනවා. කාට සෙල්ලම් කළත් එතැනදී මම අවංකයි. සමහරු කියනවා ‘මම අයිපීඑල් හොඳට ගහනවා’ වගේ කතා. මේ කතා ඇහුවාම මට හිනා යනවා. රටට හොඳට සෙල්ලම් කළ නිසා තමයි මේ හැමෝම මාව ගන්නේ.මාලිංග දැන් සල්ලිකාරයෙක්ද?
ඔව් සල්ලිකාරයෙක්.ක්‍රිකට් නැති වුණාට පස්සේ?
ඒත් ඔලුව කෙළින් කරගෙන ඉන්න පුළුවන් පදනම මට තියෙනවා.ක්‍රීඩකයෝ සුරා සූදුවෙන් තොරද?
අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?ක්‍ෂේත්‍රයේ කතාවක් තියෙනවා, ඔබ මාපියන්වත් විදෙස් සංචාරවලට රැගෙන යනවා කියලා.
ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය.මොනවා හරි කියන්න කිව්වොත් ඔබ දෙන උපදෙස මොකක්ද කාට හරි.
අනෙක් අයගේ දියුණුව සතුට බලලා සතුටු වෙන්න කිව්වාට එක කරන්න අමාරු දෙයක්. මම කියන්නේ ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. අන් අයට ඉරිසියා නොකර අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න කියලායි. එකම ලොකු සේවයක්.

ටිරන් කුමාර බංගගමආරච්චි
– රාවය

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network