සිරිසේනගේ මැර පුතාගේ ප්‍රහාරයෙන් තරුණයාට අසාධ්‍යයි -PSD දැඩි සත්කාරය වටලයි

සිරිසේනගේ මැර පුතාගේ ප්‍රහාරයෙන් තරුණයාට අසාධ්‍යයි -PSD දැඩි සත්කාරය වටලයි



මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සැප සංචාරයක නිරතව සිටින අවස්ථාවේ අද අලුයම කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන මල් පෝච්චියකින්  සිදුකල පහරදිමෙන් බලපතල තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන පහර කැමට ලක්වු එම සමාජ ශාලාවේ සේවකයෙකු වන ජිවන් ප්‍රේමදාස මේ වන විට ශරිරයේ එක් ප්‍රදේශයක් සම්පූර්ණයෙන් අප්‍රාණික තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
මේ වනවිට ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන් 10 දෙනෙකු ආයුධ ද සන්නද්ධව ජාතික රෝහලේ  දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන පහර කැමට ලක්වු  ජිවන් ප්‍රේමදාස වටා යොදවා ඇති අතර වෛද්‍යවරුන් හැර වෙනත් කිසිවෙකුටත් ඇතුල් විමට ඉඩ ලබා නොදේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.
desaමිට අමතරව ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් දර්ශණ සහ ප්‍රකාශයන් කිහිපයක් අඩංගු කැසට් පට සියල්ලම අදාළ වාර්තාකරුගෙන් ලබාගෙන ඇති අතර අදාළ සිදුවිම පිළිබඳව පුවත් විකාශය නොකරන ලෙසට ප්‍රවෘත්ති අංශ ප්‍රධානින්ට නියෝගයක්ද කර තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරේන පොලිස් පරික්ෂණ සම්බන්ධයෙන් විමසිම සදහා කොම්පඤ්ඤ වීදිය පොලිස්  ස්ථානයෙන් විමසිමට අප වාර්තාකරු ගත් සියලුම උත්සහයන් මේ වනවිට අසාර්ථක වි ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳව කිසිම දෙයක් පැවසිම පොලිස්පතිවරයා විසින් තහනම් කර තිබේන බවද සදහන් කර තිබේ.

di
දිමිත්‍ර ජයසුරිය Dmitri Jayasuriya
මිට අමතර අද උදෑසන සිට  කොම්පඤ්ඤ වීදිය පොලිසසියේ යැයි කියාගත් සිවිල් පිරිසක් Clique Club ආසන්නයේ සියලුම් නිවාස හා ව්‍යාපාරික ස්ථානවල CCTV දර්ශණ බලහත්කාරයෙන් බලා ඇති අතර පටිගත ව තිබු  ඇතැම් CCTV දර්ශණ සම්පූර්ණයෙන් මකා දමාගොස් තිබේ.
මේ අතර Clique Club හිමිකරුවන් තිදෙනාගේ එක් අයෙකු වන දිමිත්‍ර ජයසුරිය Dmitri Jayasuriya නැමැත්තාට ජනාධිපති පුත්‍රයාගෙන් බලපෑම් එල්ල වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊයේ අලුයම සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පොලිස් පරික්ෂණ කිරිමට අනවශ්‍ය බව පොලිසියට පවසන ලෙසට එම බලපෑම එල්ල වෙමින් තිබේ.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network